ධර්ම නිධාන

Archive for the ‘අභිධර්මානුකූල පැහැදිළි කිරීම්’ Category

<<සබ්බේ සංස්කාරා අනිච්චා!

 

“සබ්බේ සංස්කාරා අනිච්චා!” බව අභිධර්මානුකූලව තේරුම් ගත යුතු ආකාරය අපගේ කලින් ලිපියේ සවිස්තරව පෙන්වා දුන්නෙමු, එය අතපසු වූවෝ  මුලින්ම එය බලත්වා!

ත්‍රී ලක්ෂණයේ ඊලඟට ඇත්තේ දුක් ස්වභාවයයි. එය අභිධර්මානුකූලව තේරුම් ගත යුත්තේ කෙසේද? මෙම උත්සාහය පිළිගත් භාවනා වාක්‍යක් දක්වා එය තේරුම් කර ගැනීමයි.

අපට පෙනෙන පහසුවෙන් තේරුම්යන දේ කුමක් වුවත් ලොව පරමාර්ථ ධර්ම 82ක් ඇති බව දැන් අපි දනිමු. ඒවායින් සසර සිරවූ සියළු සත්වයාගේ පරාසය පරමාර්ථ ධර්ම 81කි. එනම් අසංඛත වූ නිවන හැර සියල්ලයි. අප විසින් තේරුම් ගත යුත්තේ මේ 81 දුක් සහිතද නැතිද යන්නයි. කලිනුත් පෙන්වා දී ඇති පරිදි මේ 81 අයත් වන්නේ

  1. චිත්ත
  2. චෛතිසික
  3. රූප

සේ වර්ගකල හැකි ගොඩවල් තුනකටය, මේවායින් පිට සසරක් නැත. එබැවින් අපි මේවා එක එකෙහි දුක්ඛ ස්වභාවය දත යුතුය. එවිට මුළු සසරම දුක්ඛ වන අයුරු අපිට පැහැදිළි විය යුතුය.

මෙලොව වසන කාගේත් සියළු ආකාර දුක් වර්ග දෙකකි,

  1. කායික දුක්
  2. මානසික දුක්

මේම දුක් උපරිම ලෙස ප්‍රසාරණය කල විට පද දොලහකට බෙදා දැකිවිය හැක. මේවා දොලහට අයත් නොවූ දුකක් ලොව නැත. මේවාට දොළොස් පද දුක්ඛ කියා ද කියයි.

  1. ජාති -කායික දුකකි
  2. ජරා -කායික දුකකි
  3. ව්‍යාධි -කායික දුකකි
  4. මරණ -කායික දුකකි
  5. දුක්ඛ -කායික දුකකි
  6. දෝමනස්ස -මානසික දුකකි
  7. ශෝක -මානසික දුකකි
  8. පරිදේව -මානසික දුකකි
  9. උපායාස -මානසික දුකකි
  10. අප්‍රියෙහි සම්ප්‍රයෝග -මානසික දුකකි
  11. ප්‍රියෙහි විප්‍රයෝග -මානසික දුකකි
  12. පංච උපාදාන ස්කන්ධය – තනි පුද්ගලයෙකුට අයත් ඔහු/ඇය ගේ සසරම ඇතුලත් අනන්ත කායික හා මානසික සම්පූර්ණ විශ්වය.

ඉහත වර්ග කිරීමේ ඇති කායික දුක් සියල්ල සිදු වන්නේ කයින් හෙවත් රූපයෙනි, මානසික දුක් සියල්ල සිදුවන්නේ චිත්ත හා චෛතිසික වලිනි. කොටින්ම කියන්නේ නම් පරමාර්ථ ධර්ම 81නි. එනම් අපි පරමාර්ථ ධර්ම 81 පරාසය තුල සිරවී සිටින තාක් කල්, ලැබූ භවය අනුව ඉහත 12 පද දුක්ඛයන් විඳිය යුතුමය. ඕපාතික වූ දේව ප්‍රතිසන්ධි ගැනීමේදී ජාති දුක්ඛය තාවකාලිකව මගහැරිය හැක. ඔවුන් අප මෙන් මාස ගණනක් මව්කුස සිරවී අපා දුක් නොවිඳින බැවිනි. එනමුත්  එකොළොස් ගින්න දෙව් මිනිස් සියල්ලෝම දැවෙමින් පැසෙන ගින්නකි. තරාතිරම නොබලා අප සැම දවමින් නගින ගින්නකි. එකොළොස් ගින්න සවිස්තරව අපගේ කලින් ලිපියකින් පැහැදිළි කලෙමු. එය කියවා බලත්වා. දෙළොස් පද දුක්ඛයන්ගේ නෝතේරෙන පද පවා එහි විස්තර කර ඇත.

පුද්ගලයෙකුගේ ආයු කාලය සලකූ විට, කොතරම් ඉහල තරාතිරමක වූ අයෙක් වුවත්, කොතරම් අකමැති වුවත් වැඩිපුරම අත්විඳිය යුතු වන්නේ දොළොස්පද දුක්ඛයමය. සමස්ත දුකට සාපේක්ෂව සලකූ විට ඉතා කලාතුරකින් සැප යයි සම්මත වූ මායාවන් රස විඳින නමුත් පරමාර්ථ ලෙස ඒවාද දුක් සහිත බව නුවනැත්තා වටහාගනී.

පරමාර්ථ ධර්ම 81 දුක් සහිත බව පැහැදිළි කිරීම අනිත්‍ය ලක්ෂණය තරම් සංකීර්ණ නොවේ. හොඳින් සිතා බලන්න ඉහත ඕනෑම් දුකක් අපට අතිවූයේ තත්පරයෙන් දහසෙන් පංගුවකදී පමණක් නම් එය අප කාටවත් අඩු තරමින් මතකයේ හෝ නොරැඳෙන සේ මඟ හැරෙනවා නොවේද? එසේනම් අප පෙලන දුකේ ඇත්ත ම හේතුව කුමක්ද?

ඕනෑම දුකක් අපව පෙලන්නෙ අනිත්‍ය ලක්ෂණයට අනුව බිඳී යාමෙන් පරම්පරාව අවසන් නොවන නිසාය. නැවත නැවත ඉපදෙන නිසාය. මෙය සැබෑවක් දැයි 12 පදයෙන් කීපයක් ගෙන විමසා බලමු

  1. ජාතිය නම් මිනිස් , දෙව්, අපා හෝ ඕනම් භවයක රූප පරම්පරාවේ පළමු පහල වීමයි. හේතුව කලින් භවයේ අප චුත වන විට තිබූ භව තෘෂ්ණාවයි. මව්කුස පිළිසිඳ ගැනීමේ පටන් අප 12 පද දුක්ඛයේ ගොදුරු බවට පත්වන්නෙමු. එබැවින් දුක ගෙනාවේ රූප පරම්පරාවේ අභිනව උපතමය.
  2. ජරාව නම් මහළු වීමයි. මෙය කායික දුකකි. තරුණ වියට පත් කිසිවෙකුත් මහළු වීමට අකමැතිය. නමුත් එය නිරායාසයෙන් සිදුවන්නේ කෙසේද? අප සිරුරේ තරුණ රූප කලාප චිත්තක්ෂණ 17කට වරක් නිරුද්ධ වී, වඩා මහළු රූප කලාපයක් ඒ වෙනුවට ඉපදීම සිදුවේ. මේ අනුවද අප පෙළීම සිදු කලේ මහලු වූ රූප කලාපයන්ගේ ඉපදීමමය.
  3. ව්‍යාධි නම් රෝග පීඩායි, ශාරීරික රෝග පවතින තාක් රෝගී රූප කලාප ශරීරයේ නැවත නැවත ඉපදෙමින් අප පෙළීම සිදු කරයි. මානසික ලෙඩෙක් නම් චිත්ත වීථි අපිළිවෙලට නැවත නැවත ඉපදීමෙන් පෙළීම සිදු කරන බව තේරුම් ගත හැක. ව්‍යාධිය දුකක් වූයේ එම ඉපදීම් නිසාය
  4. මරණය නම් නිරුද්ධයයි, එය දුකක් වන්නේ කෙසේද? දිවි නසාගන්නා අය එසේ කරන්නේ එය සැපක් යැයි සිතාගෙනය. ඇත්තෙන්ම අප මුහුන දෙන මරණය සම්මුති මරණයක් පමණි. සැබැවින්ම නම් අපි චිත්තක්ෂණ වේගයෙන් සිතෙන් මරණයට පත්වෙමින් උපදින්නෙමු, ගතින් චිත්තක්ෂණ 17කට වරක් මරණයට පත්වෙමින් උපදිමින් ජීවත් වන්නෙමු. මේවා ක්ෂණික මරණ සේ හැඳින්වේ. පරමාර්ථ ලෙස සිදුවන බැවින් සැබෑම මරණ මේවායි. ඊට අමතරව මේ භවයේ අවසන් සිත චුති සිතයි, පෙර පසු වීමක්, කිසිදු ප්‍රමාදයක් නැතිව ඊලඟ භවයේ ප්‍රතිසන්ධි සිත ක්ෂනිකව කර්මානුකූලව අහිනව භවයේ පහල වේ. ගන්ධබ්බයින් කියා මිත්‍යාවන්ට කිසිදු ඉඩක් එහි නැත.තෝරා ගැනීමේ පහසුකම කිසිවෙකුටත් ඉතිරි නොවේ. මිනිසෙක් ලෙස චුත වන්නෙක් සුගතියක පත් වීම ඉතාම විරලය. වීමට වඩා කෝටි ප්‍රකෝටි ගුණයෙන් නොවීමට ඉඩ ඇති දෙයකි. මරණයට පෙර පවා එයට බියවීම සිහිමුලා අයගේ ප්‍රකට ලකුණකි. මරණයට පෙර එයට බියවන සිත් ඉපදීම නිසාද මරණින් මතු නොනවතින රූප පරම්පරාවේ ඉපදීම නිසාද අප පෙලීමට ගොදුරු වන්නෙමු. පෘතග්ජනයාගේ මරණය අවමගුලක් වීමට හේතුව ඉන් පසු ඉතිරිව ඇති උපතයි. අරහත් උතුමාගේ පිරිනිවීම මගුලක් වන්නේ ඉතිරි නොවූ තෘෂ්ණාවේ බලයෙන් ක්ෂය කල උපතයි. උපත නිසා යම්තාක් දුක් වලට අපි ගොදුරු වේද, පිරිනිවීම නිසා ලබන සැපය ඒ සියල්ලෙන්ම නිදහස් වූ එකකි. අනන්ත දුක් ඇති සසරෙන් එපිට පමණක් අනන්ත සැපය පිහිටයි.
  5. දුක්ඛ යටතට අයත් දරුණු කැපුම් තුවාලයක දැඩි වේදනාවක් උපදී, අභිධර්මාණුකූලව එය සිදු වන්නේ පංච ඉන්ද්‍රියන්ගෙන් ශරීරය, සම පුරා ඇති කාය ප්‍රසාදයට කැපුම අරමුණු වී දුක්ඛ සහගත කාය විඥාන සිත පහල වීමෙනි. එම සිතේ ආයු කාලය චිත්තක්ෂණ එකකි. තත්පරයෙන් අනන්තයෙන් එකකි. එම සිත එපමණකින් නිරුද්ධ වූවා නම් අපට කිසිම වේදනාවක් ඇති නොවේ. නමුත් කාය ප්‍රසාදයට කැපුම අරමුණු වන තාක් නැවත නැවත එළඹෙන චිත්ත වීථි වල එම සිතම උපදී, සුවවනතාක් එම සිත අඩුවන තීව්‍රතාවයක් සහිතව නැවත නැවත උපදී. වේදනාව අපට දැනෙමින් අප පෙළන්නේ මේ නැවත ඉපදීම නිසාය. එය කායික දුක මානසික සම්බන්ධතාවයත් ඇතුව පැහැදිළි කිරීමකි.
  6. දෝමනස්ස හෙවත් මානසික දුක්ද
  7. ශෝක හෙවත් සිතේ හැඬීම
  8. පරිදේව හෙවත් කඳුළු සලමින් හැඬීම
  9. උපායාස හෙවත් දුකටම එක්වර මියයාම

හා ඉතිරි සියළු දුක්ද අප පෙලන්නේ ඉහත ආකාරයෙන්ම ඒ ඒ නාම රූප ධර්මයන්ගේ ඉපදීම නිසා බව විමසා තේරුම් කර ගැනීමට ඔබට හැකි විය යුතුය.

කායික මානසික වූ සැප යැයි සිතාගත් අරමුණු ඉපදීම දුකක් විය හැකිද? එය වන්නේ එම සැප යැයි සිතාගත් නාම /රූප ධර්ම නැවත ඉපදීම ක්‍රමයෙන් අඩුවන තීව්‍රතාවයෙන් සිදුවීම නිසාය. එයට අපට කල හැකි කිසිවක් නොමැත. එබැවින් එවන් ඉපදීමක්ද දුකකි.

එබැවින් සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ස්වභාවය අපි මෙනෙහි කල යුත්තේ මෙසේය

“ගංගා ජලයක් සේද, ප්‍රදීපාලෝකයක් සේද, වැල නොකැඩී පරම්පරා වශයෙන් බිඳෙමින්, ඉපදෙමින් අප රිදවන බැවින් නාම/රූප ධර්මයෝ දුක්ඛයෝය”

යනුවෙන් ඇස ගැටෙන , මනසේ ගැටෙන විශ්වයේ ඇති නිවන හැර අනික් පරමාර්ථ ධර්ම 81ම දුක්ඛයට නැගිය හැක.
අද පටන් උත්සාහ කර බලන්න. සංඛත වූ පරමාර්ථ ධර්මයන්ගේ අනාත්ම ලක්ෂණ‍ය, අපි විසින් මතු ලිපියකින් පැහැදිළි කරනතෙක් අනිත්‍ය හා දුක්ඛ ලක්ෂණ දෙකම කරමින් පුහුණුවන්න. ත්‍රී ලක්ෂණය අවබෝධයෙන් කිරීම නිවන් පතන බොදුනුවෙක් ඒකාන්තයෙන්ම කල යුත්තකි එය මේ ආකාරයෙන් අනිත්‍ය හා දුක්ඛ ලක්ෂණයන්ගෙන් අරඹා බලන්න.

 

<<සබ්බේ සංස්කාරා අනිච්චා!- 

අපගේ පළමු අභිධර්ම පාඩම ඔස්සේ මුළු විශ්වයේම සංයුතිය පැහැදිළි කලෙමු. අභිධර්මයේ නියම වටිනාකම තේරුම් ගැනීමට නම්, එය යොදා අපට අවැසි පැහැදිළි කිරීම් කරගත යුතුය.

විශ්වයේ සංයුතිය යටතේ පෙන්වා දුන් වටිනාම පරමාර්ථ ධර්මය නිවනයි. බුදුවරු පහල නොවන කල්පවල ජනයාට මෙම වචනය ඇසීමේ භාග්‍ය පවා උදානොවේ. එවන් කල්ප “ශුන්‍ය කල්ප” සේ හැඳින්වේ. අද දිනයේ හෙළ බිම ජීවත් වන සිංහල බොදු අපි  සිටින්නේ නැවත පැමිණීමට පවා ඉඩක් නැති අති දුර්ලභ මහා භද්‍ර කල්පයක අවසන් ඉම තුලය. නිවන ගැන අසනවා පමණක් නොව, ශ්‍රාවක බෝධියෙන් නිවන් දැකීමට පතනවා නම් සුවසේ එය ලබා ගත හැකි අරිය අට මග පවා පිරිසිඳුව දැන ගැනීමේ භාග්‍ය ඇතිව මනුෂ්‍ය භව ලැබුවෝ වෙමු.

ත්‍රී ලක්ෂණය, නිවන් පතන, එය ලබන ප්‍රතිපදාවේ යෙදෙන බොදුනුවා විසින් ඒකාන්තයෙන්ම නිවැරදිව තේරුම් ගත යුතුම දෙයකි. එයින් අනිත්‍ය ලක්ෂණය පැහැදිළි කිරීමට පෙර අද ලක්බිම නිවන් මගේ යන්නා නොදැකීමට ඉඩ ඇති පැහැදිළිව තේරුම්ගත යුතු අති බියකරු වටපිටාවක් ඇත.

හෙළබිම සෙවන ලබන අනෙක් ආගම් කිසිවක් මෙවන් හරයක් අති ඒවාදැයි යන්තම් ඒවා විමසා බලන්නෙකුට තේරුම්ගත හැක. ඒවායින් බුදු සමය හා නයි වෛර බැඳගත් ඇදහීම පැහැදිළිවම නබිව ඇදහීම හෙවත් ඉස්ලාමය බව මේ වනවිට සක්සුදක් සේ ඔවුන් විසින්ම අපට පැහැදිළිව පෙන්වා දී ඇත.

මොවුන්ගේ අරමුණ ඉතා පැහැදිළිය. බුදුවරුන් පස් නමක් පහල වන මේ මහා භද්‍ර කල්පයෙහි (බලන්න 25 වන බුදුවරයාගෙන් පටන්ගත් අප වෙසෙන කප) අවසන් මෛත්‍රී බුදුන්  බුදුවන අන්ත:කල්පයට පෙර උදාවන සත්ව විනාශයට බොහෝ පෙර, ශුන්‍ය කල්පයක් බවට බලෙන් පත්කොට හෙළ බොදුනුවා උපක්‍රමයෙන් අතුරුදන් කොට නිවන සදා සඟවා දැමීමය.

ඔවුන් ලොව බොදුනුවාට එය සිදු කර අපරාධය සඟවා බොහෝ කල්ය. එයින් ජවය ලබා අවසන් බොදු ශිෂ්ඨාචාරයට  සාර්ථකව අත තබමින් සිටින්නේ හෙළ ද්‍රෝහීන්ගේ සහය පමණක් නොව ධර්මයේ කොටස් පවා තම වාසියට යොදා වැරදි අර්ථ දෙමින්ය. මෙවන් ව්‍යසන වලට අපට මුහුණදිය හැක්කේ බූද්ධ නීති තේරුම් ගැනීමෙන් පමණි.

ලොව බුදුවරුන් පහල වීම ආරම්භ වන්නේ නිවන් පෙනි පෙනී එය අත් හැර අසරණ ලෝක ජනයා වෙනුවෙන් අසංඛ්‍ය ගණනින් කල්ප පෙරුම් පිරීමට නිර්භය වීර උතුමන් විසිනි. බලන්න සූවිසි විවරණ . එවන් වීරයන් ගේ ශ්‍රාවකයන් වන අපට අපගේ මතු පරපුර වෙනුවෙන් නිවන උපරිම කාලයක් සුරක්ෂිත කර දීමට නොහැකි නම්, කුමන හේතුවකට හෝ එයට අපි පැකිළේ නම්, අපි මොන තරම් එම උතුම් නිර්වාණ ධාතුවට උරුමකරුවෝද?

එබැවින් නිවන් උරුම බොදුනුවන් වශයෙන් අපගේ පළමු ඉලක්කය විය යුත්තේ වීර දුටු ගැමුණු නරේන්ද්‍රයා ආදර්ශයට ගැනීමයි. මහමෙව්නාවේ කිරිබත්ගොඩ ඥානානන්ද හිමි,මාදුළුවාවේ සෝභිත හිමි, බෙල්ලන්විල විමලරත්න හිමි, ආදී අභ්‍යන්තර වේවා, පක්ෂ/විපක්ෂ ද්‍රේහීන් ගේත්, ඉස්ලාම්/කතෝලික ආදී බාහිර වේවා රහසිගත කුමණ්ත්‍රණ ලෙසින් දියත්වන සාසන විලෝපන වලට දි හිමියෙන් එරෙහි වී සටන් වැදීමයි. මතවාදයෙන් මර්ධනය කල යුත්තා නිවැරදි දැනුමෙන් සන්නද්ධ වී මර්ධනය කිරීමෙනි. පරාක්‍රමයෙන් මර්ධනය කල යුත්තා නොපැකිල පරාක්‍රමයෙන්ම මර්ධනය කිරීමෙනි. හුදෙක් වෙන විකල්ප නොමැති බැවිනි. එම පරාක්‍රමය පෑම සසුන රැකීමේ පරම පවිත්‍ර කුසල් චේතනාවෙන් යුතුව කල විට ද්වේශය නම් අකුසල් මූලය රහිතව අපට එම අපහසු කාර්‍ය ජයගත හැකි විය යුතුය. “චේතනාහං භික්කවේ කම්මං වදාමී!” – චේතනාවම කර්මය වන බව නොවරදින බුදු වදනයි

සාසන ආරක්ෂාව වෙනුවෙන් දිවි පරදුවට තබා පරාක්‍රමය පා අද අප අත් විඳින පිරිසිඳු සසුන සුරක්ෂාවට මිසදිටු හැඩි දෙමළුන් පෙති ගැසූ වීර දුටු ගැමුණු රාජෝත්තමයා අද දවසේ තුසිත දෙව්ලොව දෙව්සැප විඳිමින්, අනාගත මෙතේ බුදුන්ගේ අගසව් වීමට සුදුසුකම් ලැබුවේ එවන් කුසල් බලයකිනි.

J.R. නම් ඉස්ලාම් සම්භවයක් ඇති පාලකයා කුමණ්ත්‍රණකාරීව වීර දුටු ගැමුණු නරේන්ද්‍රයා ලක් ඉතිහාස පාඩමෙන් ඉවත්කලේ තම වංශයේ නිවට ඉස්ලාම් මාරයන්ට රහසේ බුදු සසුන සංහාරය කිරීමේ පසුබිම සැකසීමට බව දැන් පැහැදිළිද? මීට අමතරව කහ සිවුරට ඇති ජනතා බලය සිඳීමට මහා සඟ රුවනේ ශීල අඩුපාඩු සොයා චෝදනා කරන විනය වර්ධන නම් පවිටු අවාසනාවන්ත කල්ලියට උපරිම අනුග්‍රහ දැක්වීමට J.R. නානා පසුබට නොවීය. බොදු සමාජයක් වැරදි මිම්මෙන් බුදු පුතුන් මැනීම පටන්ගත්තේ මෙයින් පසු විය යුතුය. පූජණීය භික්ෂුවක් ශීලයෙන් කෙතරම් පිරිහුනද එහි හානිය එසේ ශීලය හානි කරගත් හිමිනමට පමණි. නමුත් භික්ෂු වේශදාරීන් සේ සසුන තුල සිටිමින් බොරු සිල් පෙන්වමින් බුදු දහමට සපුරා පටහැනි තම අන්තනෝමතික අදහස් පල කරමින් දහම නසන (කිරිබත්ගොඩ ඥානානන්ද හිමි). අන් ආගමිකයන්ට සසුන පාවාදෙමින්(බෙල්ලන්විල විමලරත්න හිමි), පර ජාතීන්ට, විවිධ පක්ෂ වල ජාතී ද්‍රෝහීන්ට සසුන පාවාදෙමින් (මාදුළුවාවේ සෝභිත හිමි ) ද්‍රෝහී කම් කරන පිරිස් දූෂකයන් වනසන්නේ සමස්ත බුදු සසුනමය. එයට කිසිවෙකුත් ඉඩ නොතැබිය යුතුය.

සසුන අන්තයටම පිරිහුණ කල ඇතිවන කසාකණ්ඨක භික්ෂූන් වහන්සේට (අතේ කහනූලෙන් පමණක් භික්ෂුව සේ හඳුනන, දරු පවුල් රකින, රැකි රක්ෂා කරන, බොදු අපිට ඉතිරි වන පින්කෙතයි)  දෙන දානයත් බුදුන් දවස අගසව් සැරියත් මහ රහතන් වහන්සේට දුන් දානයත් එකම ආනිසංස දෙන්නේ එම දෙදෙනාම මහා සංඝ රත්නයට අයත් උතුමන් වන නිසා බව දහමේ පැහැදිළිව සඳහන් වන දෙයකි. නමුත් පිරිස් දූෂකයන් එසේ මහ සඟ රුවන නොවේ. ඔවුන්ට පරිභව කිරීමෙන් පමණක් වැළකී සපුරා පිටු දැකිය යුතු බවත් දහම තුලම පැහැදිළිව සඳහන් වේ. මදක් සිතා බලන්න කසාකණ්ඨක භික්ෂූන් හා සැසඳූ කල අද දවස අනේක දුෂ්කරතා මැද, කෝටියක් සංවර ශීලයට පතිඥා දුන් නමුත්, එය කරගත නොහැකිව, පන්සල් නඩත්තුව ආදී ප්‍රායෝගික දුෂ්කරතා හමුවේ මහණකම රැකගෙන සසුනට හානි  නොකිරීමට ප්‍රවේශම් වෙමින් සිටිනා දුසිල් භික්ෂුව හෝ කෙතරම් නම් උතුම්ද? ගිහි අපට එවන් ලෙසින් හෝ මහණදම් රැකීමේ ශක්තියක් ඇතිද? සසුනට වැඩක් මිස අවැඩක් නොකරන එතුමන් අපි හිස් මුදුනින් පිළිගත යුතු නොවේද? අන්තවාදී විනයවර්ධන කල්ලි පිටු දැකිය යුතු නොවේද?

නිවන් පතන බොදුනුවා තමා අවට ගොඩනැගෙන බියකරු සත්‍ය පලමුව විනිවිද දැකිය යුතුය. පසුබිමේ බාදක ඉවත් කරගත යුතුයි. පෙර වීරයන් සිවුර අතහැර සටන්කර ජය ලබා නැවත සසුන්ගත වූයේ එබැවිනි. නමුත් අද දවසේ සිවුර දරාගෙනම සටන් කිරීම හැර විකල්පයක් බොදුබල සේනාවට, ජාතික හෙළ උරුමය ආදී උතුමන්ට නොමැති වී ඇත්තේ බොදු පසුබිමට කාලයක් තිස්සේ කල හානි නිසා හුදු ශීලයෙන්ම භික්ෂූන් වහන්සේ මැනීමට තරම් බොදු ජනයා නොදැනුවත් වීම නිසාය. තම ශීලය කුමක් වුවත්, සසුනට හානි නොකරනතාක් බුදු පුතුන් වන්දනීය හා උතුම් බව බොදුනුවා තේරුම් නොගෙන සිටීම නිසාය. සිවුර නොමැතිව ජනතා ඒකරාශි කිරීමක් කල නොහැකි නිසාය. බොදුනුවා නොපමාව මෙය තේරුම් ගත යුතුය. රට දැය පමණක් නොව සසුන වෙනුවෙනුත් සිටින සීමිත පිරිසට උපරිම බලය ලබා දිය යුතුය. අන් යක්ෂයන් සියල්ල ගිරි දිවයිනට පලවා හැරිය යුතුය. බුදු පියාණන් මේ පින්බිම අපට සකස් කර දුන් ලෙසම අපි එය මතු පරපුරට සකස් කර දිය යුතුය.

දැන් අපි අනිත්‍ය ලක්ෂණය අභිධර්මානුකූලව තේරුම් ගැනීමට උත්සාහ කරමු!

පරමාර්ථ ධර්ම 82න් වටිනාම එක වන නිවනේ අති විශේෂ ලක්ෂණයක් ඇත. කිසිදු හේතු ධර්මයක් නිසා හටගත් දෙයක් නොවීමයි. බුදුවරුන් පහල වුවත්, නැතත් එය සදාකල් පවතින ධර්මතාවකි. කෙසේ නමුත් එය දැකීමට/පෙන්වාදීමට සමත්වන්නේ බුදු වරයෙක්ම පමණි. හේතුවකින් හට නොගත් නිසා එහි විනාශයක් සිදු නොවේ. මන්ද විනාශ වීම සඳහා ඉවත් කිරීමට හේතුවක් නොමැති බැවිනි. එයට බුදු දහමේ විශේෂ පදයක් භාවිත වේ. එය නම් “අසංඛත” යන්නයි. නිවනින් මෙපිට සියල්ලම “සංඛත” දේ බව මේ අනුව තේරුම් ගත යුතුයි. “සංඛත” යනු කුමක් හෝ හේතුවකින් හටගත් යන්නයි.

නිවන හැරුණු විට ඉතිරි පරමාර්ථ ධර්ම 81ම මෙසේ කුමක් හෝ හේතුවක් නිසා හටගත් ධර්මතා වෙති. නිවන සදාකාලික වන්නා සේම, එයට විරුද්ධ ලක්ෂන සහිත සංඛත වූ විශ්වයේ පවතින කිසිම දෙයක් සදාකාලික නොවේ. මන්ද පැවැත්මේ හේතුව ඉවත්වූ සැනින් එය විනාශයට යන බැවිනි.

නාම /රූප යනු නිවනින් මෙපිට ඇති සියල්ලයි. නාම ලෙස සිත හා එයට සම්බන්ධ , විද්‍යාව විසින් කිසිදා නොදකින අති විශාලම ධර්මතා සමූහය හෙවත් 53ක් නියෝජනය වන අතර රූප ලෙසින් නියෝජනව වන්නේද වර්ණ ලෙසින් පමණක් අපිට පෙනෙන මිනිසුන් සතුන් ගහ කොල ගල් කඳු ආදී භෞතික වූ, පණ ඇති හා පණ නැති සියළු දේයි. විද්‍යාවට හා අපගේ ඇසට වර්ණ යන එක රූපය පමණක් පෙනුනාට, ඇසට කිසිදා, කුමණ ක්‍රමයෙන් හෝ හසුකර ගැනීමට නොහැකි තවත් නොපෙනෙන භෞතික රූප 27ක් පරමාර්ථ වශයෙන් පවතී. නාම ධර්ම 53 හා සැලකූ කල මෙය සීමිත ප්‍රමාණයකි. එමෙන්ම භෞතික වූ මේවා සිත ඇති හා සිත නැති ධර්මතා අනුව ආකාර දෙකකට ගොඩ නැගී ඇත.

1. සිත නැති භෞතික සියල්ල – අචේතනික වස්තු

ගහ, කොළ, ගස්, වැල්, පොළොව, වාතය, කළුගල්, ගින්න, ජලය, දියමන්ති, මුතු, මැණික්, රත්තරන්, සුදු යකඩ, අභ්‍යවකාශය, ග්‍රහලෝක, හිරු සඳු, තාරකා ආදී වර්ණානුසාරයෙන් පෙනෙන දේ පමණක් නොව අප හොඳින් දන්නා ගඳ , සුවඳ, පාට, රස, ගුණ, ශබ්ධ ආදියද ඊට අමතරව දිබ්බචක්කු ඥානය (හෙවත් දිව්‍ය ඇස ) වැඩීමෙන් පමණක් දැකිය හැකි නිරයන්, අසුර ලොව, මහමෙර, දෙව්ලෝ, බඹ ලෝ, අසංඥසත්ත ආදී 31 භූමිතල  සියල්ලේ ජීවින් හැර පරිසර සියල්ල අචේතනික වස්තු ලෙස වර්ග කල හැක.

මේවා පරිසර ලෙස කුමණ ආකාර වලින් කොහේ තිබුණත්, දැකීම/පිවිසීම කෙතරම් දුෂ්කර වුවත්, සංයුතිය සජීවි ඉතාම ප්‍රාථමික සතෙක්ට වඩා සරල බව ඔබ නොදන්නවා ඇත. හුදෙක් සිත නැති සියල්ල නිර්මාණය වී ඇත්තේ සංඝටක 8ක් පමණක් එක් වීමෙනි. එය අපි මේ ලිපිය ඔස්සේ පැහැදිළි කර ඇති බැවින් නැවත නොලියන්නෙමු. තේරුම් ගත යුත්තේ භෞතික වූ පමණින් ඇසට නොපෙනෙන බවයි.

2. සිත ඇති භෞතික සියල්ල – සචේතනික වස්තු

මිනිසුන්, සියළුම සතුන් ආදී වර්ණානුසාරයෙන් පෙනෙන හා දිබ්බචක්කු ඥානය (හෙවත් දිව්‍ය ඇස ) වැඩීමෙන් පමණක් දැකිය හැකි නිරය වාසී නිරිසතුන්, අසුරයන්, දෙවිවරු, බ්‍රහ්මයෝ, අසංඥ සත්වයෝ ආදී 31 භූමි තලයේ ඉහලම බඹ ලොව 9 ක හැර සියළු විශ්ව වාසීන් මෙයට අයත් වේ.

සැ: ‍යු: ඉහලම බඹලොව 9 න් පළමු 5 වන ශුද්ධාවාස (අවිහ, අතප්ප, සුද්ස්ස, සුදස්සී, අකණිට්ඨ) පරිසරය හා එහි වසන උතුමන් දිව්‍ය ඇස ඥානය ලැබීමෙන් පමණක් දැකිය නොහැක. බුද්ධ ශ්‍රාවක වී, අනුපිළිවෙලින් මාර්ගඵල ලබා අනාගාමී ඵලස්ථයෙක් ලෙස කාලක්‍රියාකොට එම තලයේ ඒකාන්ත ලෙස ප්‍රතිසන්ධි ගැනීමෙන් පමණක් එය ඉටු කරගත යුතුය.බුදු උපතේදී මේ උතුමන් වඩින බැවින් උපන් සැනින් බෝසතුන්ට එම උතුමන් දැකීමේ හා ඔවුන් සමඟ කථා කිරීමේ වාසනාව හිමිවේ. මනුලොව තාපසව ලෞකික වූ පංචම ධ්‍යානය උපරිම ලෙස වඩා, එයින් නොපිරිහී කාලක්‍රියා කිරීමෙන් සිත මිස කය නැති තල හතරේ එකක ප්‍රතිසන්ධි ගත්තද සියලු ජීවින් හුදු නාම ධර්ම පමණක් බැවින් එම ලොව වල දැකීමට කිසි ජීවියෙක් නොමැත. කිසිදු භෞතික සිරුරක් නොමැති බැවින් නියමිත ආයු කාලය පුරාම සෙල වීමටවත් නොහැකිව පහලවූ තැනම මහා කල්ප 64 දහසක් වුව චුතවනතෙක්ම සිටිය යුතුය. එම කාලය තුල බුදුවරු දහසක් මනුලොව පහල වුවත්, ජීවීන් මහා ප්‍රඥාවන්ත වුවත් සෙලවීමට පවා නොහැකි ඔවුන් ඒ බව නොදනී. තමාට කිසිදු සෙතක් නොලැබේ. සසරේ අනාථ වේ.කෙතරම් වෙහෙස වී ලැබුවත් දුෂ්ඨක්ෂණ 8ට අයත් උපතකි. බොදුනුවෙක් කිසිදා නොපැතිය යුතු අවාසනාවන්ත තත්වයකි.

පණ ඇති සියළු දේ නිර්මාණය වී ඇත්තේ ඉතාම සංකීර්ණ නමුත් රසවත් ආකාරයකටය. අජිවී දේ තුල අඩංගු සංඝඨක 8 ට අමතර තවත් සංඝඨක 20ක් එක්වී සියල්ල රූප 28 ක් වනසේ විශ්ව වාසී අප සැම නිර්මාණය වී පවතී

අපේ එම භෞතික සංයුතිය අඩු නැතිව, විවිධ වර්ග කිරීම් සියල්ල සහිතව අභිධර්ම පාඩම් නිරූපන  වල පළමු පිටුවේ දැක්වේ. පරම පූජණීය රේරුකානේ මාහිමි සම්පාදිත පිටුවේ සඳහන් පොතේ මේ මුළු නිරූපනයම ඉතා සවිස්තරව විචිත්‍රව හා නොඅඩුව වචනයෙන් පැහැදිළි කර ඇත.

3. ඉහත සියල්ලට අමතරව සිත හා අදාල 53ක් වූ සියල්ල නාම ධර්ම ධර්ම ලෙස පවතී

දැන් අපි මේවායේ ආයු කාල සලකා බලමු. ඉහත අංක 1 හා 2 යටතේ ඇති සියල්ල රූප ලෙස සරලව වර්ග කල හැකි අතර එම සියළු රූප වල ආයු කාලය දේශනා කර ඇත්තේ කාලය මැනීමට විශ්වයේ ඇති ඉතාම කුඩා ඒකකයෙනි. බුදු වරයෙක් ගෙන් පමනක් දේශනාවන එය සිතේ ආයුකාලය ලෙසද හැඳින්වෙ. සිතක ආයුකාලය චිත්තක්ෂණයකි. 53ක් වූ නාම ධර්ම ඕනෑම එකක ආයු කාලයද මෙයම වේ. එය කුඩා ක්ෂණ තුනක් ලෙස තව දුරටත් බෙදා පැහැදිළි කර ඇත.සමාන කාල පරාස තුනක් සේ බෙදා ඇති මෙය, උපදින කාලය “උත්පාද” ලෙසද, පවතින කාලය “තිති” ලෙසද, නිරුද්ධ වන කාලය “භංග” ලෙසද හැඳින්වේ. චිත්තක්ෂණ හා සාපෙක්ෂව ඔබ දන්නා ආලෝකයේ වේගය අනන්තලෙස මන්දගාමී වේගයකි.

අපට ඉතාම කිට්ටු ක්ෂීර පථය වන ඇල්ෆා සෙන්චරි වෙත ආලෝකය ගමන් කිරීමට වසර 4.37ක් ගතවේ. එය ආලෝක වර්ෂ සේ හඳුන්වයි. අප සිටිනා 31 භූමිතලයේ මනුෂ්‍යයෙක් මරනින් මතු ඇල්ෆා සෙන්චරි තරම් දුර පිහිටන විශ්වයක 31 භූමිතල වලින් ඕනෑම එකක ප්‍රතිසන්ධි ගැනීමට නියමිත නම් එයට කිසිදු කාලයක් ගත නොවේ. මේ මනුලොවින් අවසන් චුති සිත පහල වී නිරුද්ධ වීමත් සමඟම අලෝක වර්ෂ 4.37 ක් එහා භූමිතලයක් ප්‍රතිසන්ධි සිත පහලවන්නේ ඒ සිත් දෙක අතර කිසිදු පරාසයක් ඉතිරි නොකරමිනි. සිතෙහි වේගය මේ අනුව තේරුම් ගත යුතුය. චිත්තක්ෂණ වේගය තේරුම්ගත හැකි උපමා පමණක් දහමේ සඳහන් වේ. අවශ්‍යතාවය ඇත්තෝ සොයා බලත්වා.

නාම හා රූප දෙකින් වඩා ශූක්ෂම වන්නේ වඩා වේගවත් දේයි එනම් නාමයයි.බුදුවරයෙක්ට හැර සිත පිරිසිඳ තේරුම් ගැනීමට හා තේරුම් කිරීමට නොහැක්කේ මේ නිසායි. රූපයාගේ ආයු කාලය චිත්තක්ෂණ 17 ක් හෙවත් කුඩා ක්ෂණ (17X3 ) = 51 කි

සංඛත වූ නාමයන් උපදින හේතු එකකි, එය ආරම්මණ වේ. ආරම්මණ නැති කල නාම නොඉපදේ

සංඛත වූ පණ ඇති රූපයන් උපදින හේතු හතරකි – කර්ම, චිත්ත , ඝෘතු, ආහාර යන මේවායින් එකක් හෝ කීපයක් ඒ ඒ රූපය අනුව ඉපදීමට හේතුවේ  බලන්න රූප සමුට්ඨාන පිටුව

සංඛත වූ පණ නැති රූපයන් උපදින හේතු එකකි – ඝෘතුව පමණි, ලොව සවිමත්ම දියමන්ති පවා ගින්නෙන් විනාශ කල හැක්කේ මේ නිසාය

මෙසේ හේතු ප්‍රත්‍යන්ගෙන් හටගන්නා සියල්ල එම හේතු දුර්වල වීමෙන් හා ඉවත් වීමෙන්, විකෘති වීමෙන් නැසී යාම සිදුවේ. නමුත් අනිත්‍ය ලක්ෂණය ලෙස වඩා ශූක්ෂම ලෙස අපි තේරුම් ගත යුත්තේ මේ ඕනෑම සිතක් හෝ රූපයක් පවතින ඇත්තම ආයු කාලය චිත්තක්ෂන වලින් කොතරම් කුඩාද යන්න මෙනෙහි කිරීමෙනි.

චිත්‍ර පටියක සජීවී ආකාර දර්ශන අපි දකින්නෙ ඇත්තටම මියගිය නිෂ්චල රූප 20ක් තත්පර එකක කාලයක් තුල වේගයෙන් වෙනස් කිරීමෙනි. ඒ ආකාරයෙන්ම පවතින සිතක් සේ අපි තේරුම් ගන්නේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණය මියයන සිත් පරම්පරාවක්ය. තත්පයක් තුල තනි සිත් නොව, සිත් 17 බැගින් බැඳුනු ( චිත්තක්ෂන වේගයෙන් මියයන සිත් වැල් ) හෙවත් චිත්ත වීථි අනන්තයක් අපි දල වශයෙන් එකම සිතක් සේ දකින්නෙමු. කිසිදා අපිට සිත තේරුම් නොයන්නේ මේ නිසාය.

සතර සතිපට්ඨානායේ කායානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සානාව හා චිත්තානුපස්සනාව යන 4න් සිත අරමුණු කිරීම චිත්තානුපස්සනාවෙන් සිදු කෙරේ. විවිධ සිත් මොනවාදැයි හදාරා චිත්තානුපස්සනාව සිදුකල යුතුය. අපගේ වාසනාවට නිවැරදි කමටහන් අදටත් පිරිසිඳුව පවතී.

සිත් තරම් සංකීර්ණ නොවන රූප අනිත්‍ය වන්නේ ඒවාද චිත්තක්ෂණ 17 තුල පලමු ක්ෂණයේ ඉපිද, 15ක් පැවත, අවසන් ක්ෂණයේදී නැසෙන බැවිනි. කුඩා ක්ෂණ වලින් පවසන්නේ නම් එක් උත්පාද ක්ෂණයෙන් ඉපිද, කුඩා ක්ෂණ 49ක් පැවත තවත් කුඩා භංග ක්ෂණයකින් අතුරුදන් වන බව තේරුම් ගත යුතුය.

එසේ අතුරුදන් වන්නේ නම් අප පවතින්නේ කෙසේද? ඉතා සරලය, ගෙවෙමින් යන හේතු ප්‍රත්‍යයන් ඇති තාක් අතුරුදන් වන රූපය වෙනුවට තවත් එවන්ම වූ වඩා මහලු රූපයක් උපදින බැවිනි.අනන්තයක් රූප අතරින් සියළු රූප එකවර නිරුද්ධ නොවේ. වෙනස් කාල පරාස වලින් විවිද තැන් වලින් සිදුවන නිරුද්ධය කිසි සේත් ඇසට ගෝචර නොවේ. උදාහරණයක් ලෙස අතේ මේ අකාරයට සිදුවන වෙනසක් අත දිහා බලා තේරුම් ගත නොහැක.

“මෙසේ නාම/රූප ධර්මයෝ, රත්වූ කබලක දැමූ,…. අබ ඇට පුපුරන්නා සේ…. ඒ ඒ තැනම …… ක්ෂණික ක්ෂණිකවම… සිඳි බිඳී යන්නෝය . එබැවින් නාම /රූප ධර්මයෝ අනිත්‍යයෝය” යනුවෙන් ඇස ගැටෙන , මනසේ ගැටෙන විශ්වයේ ඇති නිවන හැර අනික් පරමාර්ථ ධර්ම 81ම අනිත්‍යට නැගිය හැක.

අද පටන් උත්සාහ කර බලන්න. සංඛත වූ පරමාර්ථ ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණ‍ය, අපි විසින් මතු ලිපියකින් පැහැදිළි කරනතෙක්ම එය කරමින් පුහුණුවන්න. ත්‍රී ලක්ෂණය අවබෝධයෙන් කිරීම නිවන් පතන බොදුනුවෙක් ඒකාන්තයෙන්ම කල යුත්තකි එය මේ ආකාරයෙන් අනිත්‍ය ලක්ෂණයෙන් අරඹා බලන්න.

 

සබ්බේ සංස්කාරා දුක්ඛා! >>


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,890 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ