ධර්ම නිධාන

Archive for නොවැම්බර් 2011

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

පහත දැක්වෙන්නේ අප අඩවියේ රසිකයෙක් විසින් නගන ලද දහම් පැණයකි. එම උපාසක තුමා අපෙන් ඉල්ලා සිටියේ පිළිපැදීම සඳහා මෙහි සඳහන් තද අකුරු වදන් පැහැදිළි කර දෙන ලෙසය. පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීනද්‍රයන් වහන්සේ සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය පොත් වහන්සේ අනුගමනය කිරීමේදී, තමාගේ ආරක්ෂාව සලසාගන්නා අයුරු එහි සඳන්ව ඇත්තේ මෙසේයි.  පිළිතුරු අන් අයටද ප්‍රයෝජන විය හැකි බැවින් අඩවියේ පල කිරීමට අදහස් කලෙමු.

මේවා සියල්ල ලෞකික සරණගමනයේ ප්‍රභේද ලෙස හැඳින්වේ. පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීනද්‍රයන් වහන්සේ සම්පාදිත, බෞද්ධයාගේ අත්පොත, දහනම වන මුද්‍රණයේ පිටු අංක 29 හි, මේවා එකින් එක විස්තර කර ඇත්තේ මෙසේයි.

ඔබට හැකියාව හා පහසුකම් ඇතිනම්, ධර්ම පුස්තක සංරක්ෂණය සලකා එම මණ්ඩලයට (T.P. 034-2263958, Fax: 034-2265251) උපකාර වශයෙන් මේ වටිනා පොත් වහන්සේ මිළදීගන්න. ධර්ම දාන වශයෙන් මුද්‍රණ කටයුතු සඳහා හැකි උපරිමයෙන් ආධාර කරන්න. ධර්ම රත්නය අපි විසින්ම රැක ගත යුතු හෙයිනි. පරම පූජනීය රේරුකානේ චන්දවිමල උත්තමයාණන් වහන්සේගේ සියලු පොත් වහන්සේලා පරිහරණය කරමින් ඵල ලබන්න.

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

පහත දැක්වෙන්නේ දිවයින පුවත් පතේ පළවූ හද කකියන පුවතකි. මේ පින්බිමේ අග නගරය මෙසේ යැයි අදහාගැනීමට හැකිද? විහාර ආරාම කරවීම අටමහා කුසළයන්ගෙන් එකකි. මෙය ඔබට අට මහා කුසලයන්ගෙන් එකක් සිදු කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් හා ආරාධනයකි. අපගේ කලින් ලිපියක සපයා ඇති ධර්ම පත්‍රිකාව අට මහා කුසල් යනු මොනවාදැයි විස්තර කරයි.

http://www.divaina.com/2011/11/13/feature19.html


දුප්පතාගේ පන්සලත් වඳිමුද?

අතොරක්‌ නැතිව එක දිගට පැතිරී ගිය අහසේ වළාකුළුවලින් නොවැසුණු තැන් අන්ධකාරයෙන් වැසුණු පතුලක්‌ නැති අගාධ මෙන් ඈතට දිස්‌වී පෙනුණේය. එවන් අඳුරු තැනෙක වරින්වර කුඩා වැහි වළාවක්‌ හෝ දෙකක්‌ දක්‌නට ලැබිණ.

“මේක හුඟාක්‌ දුප්පත් තැනක තියෙන පන්සලක්‌. මේ වැඩ ඉන්නෙ මගේ ගුරු හාමුදුරුවො. උන්වහන්සේට දැන් වයස අවුරුදු අසූවකට වැඩියි. මේ වැහි දවස්‌වල පන්සලේ ඉන්න හිටින්න තැනක්‌ නෑ. හීන් පොද වැස්‌සක්‌ වැස්‌සත් මහ ගඟ මහ වතුරක්‌ වාගෙ පාරේ එකතු වෙන වතුර පාර දොරේ ගලාගෙන ලැගුම් ගෙට එනව.”

තම ගුරු හාමුදුරුවන් මෙන්ම තමන්ද වැඩ වාසය කරන දෙමටගොඩ සිරි අරියවංශාරාමයේ විහාරාරාංග ලැගුම් හා ගැඟුම් ගෙය ඉදිකර ගැනීමට කිසිවකුගේත් සුළු යම් උපකාරයක්‌ හෝ නැතිව මහත් සේ අසරණ බවට පත්වී සිටිමින් පූජ්‍ය ඇල්පිටියේ චන්දරතන හිමියෝ දිවයින නිම්නය හමුවේ ඒ හඬ අවදි කළේ අප ඒ පින්බිමට ගොඩවැදුණු එදින සන්ධ්‍යා භාගයේදීය. දෙමටගොඩ දුම්රිය පළ පසුකර මීටර් පහක්‌ හයක්‌ දුරට ගොස්‌ වමට හැරී ගමන්ගත් පසු හමුවූ ආරාමය පෙදෙසෙහි උන්වහන්සේ වැඩ වාසය කළ මේ දිළිඳු පින්බිම පිහිටා තිබුණේය. අපි අතු පතර විහිද ගිය බෝ රදුන් අසල ගල් තලාව මත වාඩිවීමු. මඳ අඳුර ගලාගෙන එන්නට ඔන්න මෙන්නව තිබූ ඒ වෙලාවේ සිය අසරණ කමෙහි දිගත් පළලත් කොතෙක්‌දැයි කී චන්දරතන හාමුදුරුවන්ගේ පින්බර නෙත් කෙවෙණි තුළින් කඳුළු බිඳු ගලා හැළුණේ නැත. එහෙත් කඳුළකින් පිළිබිඹු කළ හැකි දුෂ්කරතාවන්ගේ වේදනා කැටියකින්ම එහිමි හද ගැබ පිරී ඉතිරී තිබුණු බව නම් මට ඉඳුරා පසක්‌කර ගත හැකි විය.

පන්සලෙහි හැමතැනෙකම අපි ඇවිද ගියෙමු. චන්දරතන හාමුදුරුවන්ගේ කඳුළු කතාවෙහි හැබෑව කොතරම්දැයි පළ කළ බොහෝ අන්ධකාර වූත්, හද කකියවන වූත් දසුන් ගණනාවක්‌ම අප දුටුවේ හෙමි හෙමින් එහි හැම තැනෙක කළ මේ පියවර චාරිකාවේදීය. මහ ගඟ මහ වතුරක්‌ සේ සිව් පසය ගලා ආ අනෙකුත් බොහෝ පුද බිම්වලට මෙන් මේ පුංචි පන්සලට කාගෙන්වත් කිසිදු උපකාරයක්‌ ලැබී නොතිබුණේය. එනිසාම එක්‌දහස්‌ නවසිය පනස්‌ හය තරම් වූ දුර ඈත අතීතයක ඉදිකර තිබූ එහි ලැගුම් ගෙයි බිත්තිවල ඇතැම් තැන් පුපුරා ගොස්‌ තිබෙනුද අපට පෙනිණ. අන්තර් ගර්භාගාර (කාමර) කිසිවක්‌ නොවූ එහිම දන්ගෙය ද පිහිටා තිබුණේය. හෙමි හෙමින් ගලා ගිය කාලයට තෙමි තෙමී ජරාවාසව ගිය එහි වහළය පසක්‌කර දුන්නේ කාලයට කෙතරම් දේ වෙනස්‌ කළ හැකිද යන සනාථන සත්‍යය පමණක්‌ නොවේ. මිදුලේ එකතුවන වැහි වතුර කඳ ලැගුම් ගෙට කඩා වැදුණු පසු දිරාපත් එම වහළයෙන් ගිලිහුණු වැහි දිය වැටුණේද එම වතුරටමය.

මෙම විහාරස්‌ථානයේ නිරතුරුව වැඩවසන පූජ්‍ය වයස්‌ ගත තලගස්‌පේ පියරතන හිමියන් මෙබඳු දවසින් වැඩි කොටසක්‌ ගත කළේ ඇඟ ලොමු ඩැහැගන්වන සීතලයෙන්ය. ඒ හැර පිළිවෙළක්‌ ඇති ඉතාම කඩා හෝ ලැගුම් ගෙයක්‌ වද ඉදිකර දෙන්නැයි ඉල්ලා සිටින්නට කිසිවෙකුත් උන්වහන්සේට සිටියේ නැත.

දායක පින්වතුන් හතළිහක්‌ පනහක්‌ පන්සල වට පිටාවේත්, ඇතැම් විට පන්සලේත් සිටින බව සැබෑය. එහෙත් ඔවුන්ගේ ජීවිත කතාව මේ දෙමටගොඩ සිරි අරියවංශාරාමයෙහි කඳුළු කතාවටත් වඩා කඳුළිනුත්, වේදනාවන්ගෙනුත් අතුරු සිදුරු නැතිව පිරී ඉතිරී ගිය එකක්‌ වී තිබුණේය. කෑමක්‌ බීමක්‌ නැතත් හාමතේ හෝ වැටී නිදා ගැන්මට කියා ඉහට හෙවණක්‌වත් ඔවුන්ට ඇත්තේම නැති තරම්ය. ඔවුන්ගේ ඒ ඇතැම් ගෙවල් දුටු අපට එකවර සිහිවූයේ අප පුංචි කාලයේ වැලිබත් උයන්නට ඉදි කළ කුඩා සෙල්ලම් ගෙවල්ය. දෙමටගොඩ සිරි අරියවංශාරාමය අවට වට පිටාවෙහි එක රොත්තට පිහිටි මේ ගෙවල බොහොමයකම තුන්වේලම ඉදුනේ වී නම් ඒ ඉදෙන්නට ඇත්තේ කලාතුරෙකින් බව අපට සිතිණි. ඒ තරමටම එම ගෙවල ළමයින්ගෙන් පවා දිස්‌වී පෙනුණේ මහා හාමතක තරම කියා පෑ මන්දපෝෂණයකද ස්‌වභාවයක්‌ වැන්න. ඒ පුංචි දරු පැටවුන්ට හරිහැටි ඇඳ ගන්නට ඇඳුමක්‌ කැඩුමක්‌ පවා තිබෙනු පෙනුණේ නැත. අරියවංශාරාමයෙහි දායක පවුල්වල ජීවන පසුබිම මෙවැන්නක්‌ විය. එබඳු පසු බිමක්‌ තුළ ලැගුම් ගෙයත්, කඩා හැළුණු බෝධි ප්‍රාකාරයත්, අඩක්‌ නිමකර තිබූ විහාර මන්දිරයත් ගොඩ නඟා ගැනීම තලගස්‌පේ පියරතන ලොකු හාමුදුරුවන්ටත්, ඇල්පිටියේ චන්දරතන හාමුදුරුවන්ටත් සිහිනයක්‌ම පමණක්‌ වී දුප්පත්කමෙහි චණ්‌ඩ මාරුතයට හසුවුණු ඒ සිහින සියල්ලම දිනෙන් දිනම වැටුණේ කවදාවත් නාරින පෙට්‌ටගමකටය. එහෙත් මේ දායකයෝ සිය දුප්පත් කම නිසාම පන්සල අත් නොහළහ. හිමිවරුන්ගෙන්ද දුරස්‌වී නොගියහ. අරියවංශාරාමය මෙන්ම එහි වැඩ වාසය කරන කුළුණුබර හිමිවරුන් පිළිබඳවද අපමණ ගෞරවාදරයක්‌ ඇති කරවන අනෙක්‌ කතාව මිනිස්‌ කමින් නම් කෙතරම් පිරී ඉතිරී ගිය එකක්‌ද?

අපේ රටේ අනෙකුත් සුව පහසු පෙදෙස්‌වල පිහිටි පන්සල්වලට මෙන් මේ පන්සලට දානයක්‌ ලැබෙන්නේ කලාතුරෙකින්ය. දායකයන්ගේ ජීවිතය එපමණටම නැති බැරිකම් කෙරෙන් කේඩෑරිවී ගොසිනි. එවැනි හැම විටෙකම උදේ දානයත්, දහවල් දානයත් සොයා සපයා ගන්නට උන්වහන්සේලා දෙමටගොඩින් ඈත බොරැල්ල නගරයට පිඬු සිඟා වැඩියහ. තොරතෝංචියක්‌ නැතිව එහෙ මෙහෙ දුවන රථ වාහනවලත්, මිනිසුන්ගේත් ඝෝෂාවට වඩා එහිදී මේ හිමිවරුනට අකාරුණිකයකු මෙන් පොළොවට රවන හිරුගේ රැස්‌ ඉවසිය නොහැකි තරමින් දැඩිවිය. සියොළඟින් දහදිය ගලා හැළුණේය. එහෙත් මේ සම්මා සම්බුදු කිසය එය කෙතරම් සුන්දර වූත් පරමාදර්ශී වූත් ජීවන ප්‍රයත්නයක්‌ද? කවදාවත් කිසිම පිනක්‌ කර ගැනීමට නොපිළිවන් වූවනට පවා එයින් උදාවන භාග්‍යය සුළු පටු වූවක්‌ නොවේ. නගරවල පිඬු පිණිස හැසිරෙන ගමන මොනතරම් දුෂ්කර වූවත් මේ පිනැති සිතිවිලි දහරින් සිත පිබිදෙත්ම එහිලා දුබල වුවද උන්වහන්සේලාගේ ගත දෑ පිබිදුණේය.

නැතක්‌ දුක්‌ වේදනා විඳ දරා ගනිමින් පිණ්‌ඩපාතය රැස්‌කරගෙන ආවද බොහෝ විට ඒවායින් කොටසක්‌ හෝ දායකයන්ටද බෙදන්නට මෙහිමිවරුනට සිදුවූයේ ඔවුන් දුප්පත්කම දැක වෙන කරන්නට යමක්‌ නොතිබූ නිසා පමණක්‌ නොවේ. සිය හද ගැබ කෙරෙන් වැගිර ගලා ගිය අපරිමිත කරුණාබර සිතිවිලි පැන් පිරී ගිය පොකුණකින් මතුව සුපුෂ්පිත වූ නෙළුම් මෙන්ම පිබිදුණු හෙයිනි. “අනේ මේ මිනිසුන්ට පන්සලේ ලැගුම් ගෙය විහාරය අප වෙනුවෙන් ගොඩනඟල දෙන්න කොහෙත්ම ශක්‌තියක්‌ නෑ. කුසගින්නත්, දිළිඳුකමත් මේ මිනිසුන්ගෙ ජීවිත වෙලාගෙන. මම ඊයේත් පිණ්‌ඩපාතෙන් බොහෝ දේවල් දුන්නේ මේ අසරණයන්ට. එයින් කුසගිනි නිවෙනවට වඩා ලොකු සැනසීමක්‌ මගේ හිතට ලැබෙනව. චන්දරතන හිමියන්ගේ හදවතින්ම උපන් ඒ කතා අසා සිටි අපගේ හදවත්ද සසලවී පරිසරය පුරාවෙහිම වූයේ මුළු ලෝකයම ගැඹුරු නිසසල බවක ගිලී ගිය සැටියකි. ඒ අතරින් දෙමටගොඩ සිරි අරියවංශාරාමයේ අබලන් ලැගුම් ගෙයත්, අඩක්‌ නිමවූ නටඹුන් වූ විහාර ගෙය හා ගරා වැටුණු බෝධි ප්‍රාකාරයන් දුටු මසිතට ගලා ආවේ පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් විසින් ලියනු ලැබූ ගීතයක පද කිහිපයකි.

“මහ මෙවුනාවට සිල් වැහි වහිනව

හැම මාසයකම පොහෝ දිනේ

ගමේ විහාරෙට වැහි බිඳුවක්‌ නෑ

වෙනසක්‌ ඇයි බුදු පියාණනේ

ගමේ විහාරේ පුදසුන පාළුයි

දාගැබ පිළිමය ගරා වැටේ

නැතිවාවද එහි ඒ නිර්වාණය

රට වටකර වැඳ වැඳ යන්නේ

ඒ දුෂ්කර පින් බිමෙන් පමණක්‌ නොව දෙමටගොඩ ප්‍රදේශයෙන්ද නික්‌මී එන තෙක්‌ම අපට සිතුණේ මේ කියන්නේ සිරි අරියවංශාරාමය ගැනම නොවේද යන්නය. ඒ අනුව එහි නටඹුන්ව තිබෙන සියලු විහාරාරාංග සිහින සැබෑකර ගැනීමට එහි වැඩ වසන මේ හිමිවරුන්ටවත්, දායක පින්වතුන්ටවත් කොහෙත්ම ශක්‌තියක්‌ නැත. ඒ අහිංසක සිහින සියල්ල සැබෑකර දිය හැක්‌කේ ඔබටම පමණි. අනෙක්‌ කාරණය නම් මෙම භික්‍ෂූන් වහන්සේලාට මෙහි වැඩ වසමින් මෙතරම් දු(ත දුෂ්කර ජීවිතයක්‌ ගත කරන්නට වුවමනා නැත. උන්වහන්සේලාට වෙනත් පහසුකම් සපිරි පෙදෙසකට ගොස්‌ වැඩ වාසය කිරීමට පිළිවන. එතෙකුදු වුවත් උන්වහන්සේලා මෙතරම් දුකක්‌ වේදනාවක්‌ විඳ දරාගෙන මෙහි වැඩ වසන්නේ සිය සම්බුද්ධ ශාසනික මෙහෙවර එලෙසින්ම එම පෙදෙස්‌ වැසියන් වෙනුවෙන් ඉටුසිදු කිරීමට ඇති කැමැත්ත නිසාය. එහෙයින් අප රටෙහි පමණක්‌ නොව මුළු මහත් ලෝකයේම හැම මිනිසුන් මිනිස්‌ කමෙහි නාමයෙන් කිසිදු ආගම් ජාති භේදයකින් තොරව මේ දෙස නුවන් කැල්මන් විහිද විය යුතු යෑයි අපට සිතේ. මෙවැනි සද්කාර්යයක මහත් ඵලය මහානිශංසය කෙතෙක්‌දැයි දන්නා කෙනෙක්‌ එය අත් හරින්නේ හෝ මග හරින්නේ නැත. ඉදින් විශේෂයෙන්ම ලොව පුරා විසිර සිටින බෞද්ධයනි, ඔබට ඔබේම කියා අලංකෘත වූත් සුවිශාල වූත් මහා මන්දිරයක්‌ ඉදිකර ගැනීමෙන් ඇතැම් විට ගෙවල ප්‍රේතයන්ගේ ලෝකයකට පිවිස ගැනීමට පහසුවෙන්ම හැකි වනු ඇත. එහෙත් මේ දිළිඳු වෙහෙර බිම එහි ලැගුම් ගෙය විහාරය හා බෝ මළුව ගොඩනඟන්නට දායක වුවහොත් ඒකාන්ත වශයෙන්ම ඔබට අත්පත් වන්නේ ශාන්තිදායක බවක්‌මය. එබඳු තැනෙක ලබන උපතක්‌ය. එම සුවදායක බවත් ශාන්ති දායක බවත් ඔබ මේ ජීවිතය හැර ගිය පසුවද ඔබව අතහැර නොමයන සෙවණැල්ලක පරිද්දෙන්ම තනි රකිනු ඇත්තේය. එම දුලභ පුණ්‍ය මහිමය ඡේතවනාරාමය ගොඩනංවන්නට දායක වූ අනාථ පිණ්‌ඩික මහා සිටුවරයාණන්ටද මියගිය පසුව පවා නිරාමිස ප්‍රීතිය ගෙනා බව අපි පෙළ දහමින් දැක ඇත්තෙමු.

“ඉදං හිතං ඡේතවනජ ඉසිසංඝ නිවෙසිතං

ආවුත්ථං ධම්ම රාජනෙ පීති සංජනනං මම” එනම් ධර්ම රාජයන් වහන්සේගේ නිරතුරු ඇසුර ලබන ඉර්ෂි සංඝයා වහන්සේ වැඩ සිටින මේ ඡේතවනයේ දර්ශනය මට ප්‍රීතිය ගෙන දෙයි” උදන් ඇනූ අනාථ පිණ්‌ඩික සිටුතුමා මරණින් මතුව උපත ලද දේව භවයෙහිදී පවා සතුටු වූ බව පැවසේ. එහෙයින් පින්වතුනි මේ සද්ධර්ම ෙච්තනා පෙරදැරිව අඩුම තරමින් දෙමටගොඩ සිරි අරිය වංශාරාමයේ ලැගුම් ගෙය පමණක්‌වත් හරිහැටි ගොඩනඟා දෙන්නැයි අපි ඔබෙන් බැගෑපත්ව ඉල්ලා සිටිමු. “සිරි අරියවංශාරාමය, ආරාමය පෙදෙස, දෙමටගොඩ, කොළඹ 09 යනු එහි ලිපිනයයි. 0715711235, 011677686 උන්වහන්සේලා සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයයි.

සුගත් වීරසූරිය

http://youtu.be/lLDLjG5RG9U


පූජ්‍ය කුකුල්පනේ සුදස්සී මාහිමයන්ගේ දේශනා මෙතනින් ලබා ගන්න

Link 1

 

Link 2

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

(The E-Book Link available in this post does not work, download PDF from above link and follow the E-book link in it)

(හඳුනා නොගත් හේතුවක් නිසා  මෙම ලිපියේ E-book  යොමුව අක්‍රීයයි, කරුණාකර ඉහත PDF ගොනුවේ ඇතුලත් E-book යොමුවෙන් පොත ලබා ගන්න. සියල්ලන්ට බෙදා හරින්න.)

බුදු දහමට එරෙහි හිමිවරුන් සහමුලින් ප්‍රතික්ෂේප කිරීම බුදුන් දෙසූ බණයි. එය කිරීමට බෞද්ධයා පැකිලේ නම් අනාගතයට සසුනක් ඉතිරි නොවනු ඇත. තවද එම පසුබෑම නම් බුදු වදනට එරෙහි වීමයි. නිවන් පතන ඔබ බුදු වදනට එරෙහි වීමට කැමතිද?

වසර 2600ක් බුදු සමය සැදැහැවත් බෞද්ධයාගේ ආරක්ෂාවේ පැවතුනද, වර්තමානයේ අති සියුම් උපක්‍රම යොදමින්, සිංහල බෞද්ධයාගේම මුදල් හරහා සාශන විනාශය සිදුකරන චීවර ධාරීන්ද, ගිහි කෝලමුන්ද දිනෙන් දින බලවත් වේ. ඒවා ඉතා හොඳින් හෙළි කරමින් ලියූ  මේ පොතේ, කිරිබත්ගොඩ හිමියෝ විසින් නොමඟ යැවූ අවාසනාවන්ත අසරණයන් නොදත් එතුමාගේ “විශිෂ්ඨත්වය” සවිස්තරව හෙළි වී තිබේ.

පොත ලිවීමෙන් ජාතිය ආගම දෙකම බේරා ගැනීමට උත්සාහ ගත් අති පූජනීය බෙංගමුවේ නාලක හිමිපානන්ට අපගේ උත්තමාංග නමස්කාරය.  බුදු සමය සියළු කඳ පණුවන්ගෙන් බේරා ගැනීමට තව තවත් ශක්තිය බලය ලැබේවා!. මේ පින් බලෙන්ම ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් සුවසේ චතු සත්‍ය අවබෝධ කරත්වා!

සැදැහැවත් සියල්ලෝ, තම තමාගෙන් තමා ඵල ලබනබුදු සමයට විය යුතු සේවය ඉටු කරත්වා! හැකි සියල්ලෝම පොත මිළදී ගෙන සියල්ලන්ටම බෙදාධර්ම දානය කර ගනිත්වා!  ශාසනය කඳ පණුවන්ගෙන් රැක ගැනීමට උපරිමයෙන් උර දෙත්වා!

පහත යොමුවෙන් සම්පූර්ණ පොත බාගත කරගත හැක

බුදු සසුන වනසන කඳ පණුවෝ E-Book

http://www.mediafire.com/?w468lik7e71csoc

මෙහි සඳහන් වන්නේ නාමික වශයෙන් බුදුගුණ 9 සිංහල තේරුම් පමණි. ඔබට ඉතා සවිස්තරව එක එකක් බුදුගුණ භාවනා ආකාරයෙන්දැ න ගැනීමට නම් මෙම ලිපියේ ඇති වීඩියෝ යොමුවට පිවිසෙන්න. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට එම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අරහං, සම්මාසම්බුද්ධ, විජ්ජාචරණසම්පන්න, සුගත, ලෝකවිදූ

අරහං, සම්මාසම්බුද්ධ, විජ්ජාචරණසම්පන්න, සුගත, ලෝකවිදූ

අරහං බුදු ගුණය.MP3

සම්මාසම්බුද්ධ බුදු ගුණය.MP3

විජ්ජාචරණසම්පන්න බුදු ගුණය.MP3

සුගත බුදු ගුණය.MP3

ලෝකවිදූ බුදු ගුණය.MP3

අනුත්තර පුරිසදම්මසාරථී, සත්තාදේවමනුස්සානං, බුද්ධෝ, භගවා

අනුත්තර පුරිසදම්මසාරථී, සත්තාදේවමනුස්සානං, බුද්ධෝ, භගවා

අනුත්තර පුරිසදම්මසාරථී  බුදු ගුණය.MP3

සත්තාදේවමනුස්සානං  බුදු ගුණය.MP3

බුද්ධෝ  බුදු ගුණය.MP3

භගවා  බුදු ගුණය.MP3

සවන් දෙන්න, පුරුදු වන්න, නිතර නිතර මෙනෙහි කරන්න, හඳුනන සියල්ල සමඟ බෙදාගෙන නිවන් පතා කුසල් රැස් කරන්න.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ