ධර්ම නිධාන

Archive for මැයි 2014

alt
අගමැතිගේ ගමේ බෞද්ධයන් අනාරක්‍ෂිතයි..

බිය වැද්දීම් නතර කර ගම්පොල බෞද්ධයන්ගේ ආරක්‍ෂාව තහවුරු කල යුතු යයි ජාතික හෙළ උරුමය පවසයි.

මේ බව සඳහන් කරමින් එම පක්‍ෂය විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය මෙසේය.

බියවැද්දීම් නතර කරනු..! ගම්පොළ බෞද්ධයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරනු..!!

පසුගිය 13 වන දින ගම්පොළ නගර මධ්‍යයේ සිදුකළ සාමකාමී උද්ඝෝෂණයට ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරියෙන් බාධා සිදු කළ බව දැකගන්නටත්, දැනගන්නටත් හැකිවිය. එම උද් ඝෝෂණය සිදුකිරීමට පාදක වී තිබුණේ ගම්පොළ සහීරා මීශ‍්‍ර පාසලේ සිංහල මාධ්‍ය අංශයේ ප‍්‍රාථමික ශ්‍රේණීවල ළමුන්, ගුරුවරුන් හා දෙමාපියන් එක්ව වෙසක් දිනය නිමිත්තෙන් සිදුකළ වෙසක් සැරසිළිය. එම විදු හලේ විදුහල්පති අත්තනෝමතිකව පාසල තුළ ආගමික සහජීවනය බිඳදමමින් බෞද්ධ විරෝධී ලෙසත් අන්තවාදි ලෙසත් කටයුතු කරමින් එම වෙසක් සැරසිලි ඉවත් කර ඇති හෙයින් මේ සම්බන්ධව පාසල් දරුවන්ගෙන් ලැබුණු දුක්ගැනවිලි මත ප‍්‍රදේශවාසීන් විරෝධය පළ කර ඇත. විරෝධය පළකිරීම සඳහා ගම්පොළ කලාප කාර්යාලය අසළ සිට ගම්පොළ පොලීසිය දක්වා සාමාකාමී පාගමනකින් ගොස් ගම්පොළ පොලීසිය වෙත සංදේශයක් භාරදීමට කටයුතු කළ අවස්ථාවේ දී ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය ඊට මැදිහත් වෙමින් ඉතා නින්දිත ලෙස එම පාගමනට බාධාකර ඇත. එපමණක් නොව එම දේශපාලන අධිකාරිය තම සහචරයින් සහ ප‍්‍රභූ ආරක්‍ෂක නිලධාරින් යොදාගනිමින් පාගමනට සම්බන්ධවූවන්ට හා එයට නායකත්වය දුන් අයට තර්ජනය කරමින් එය නවතා දමන ලෙස බලපෑම් කර ඇත. එම අවස්ථාවේ දේශපාලන අධිකාරිය විසින්ද මෙම සාමකාමී විරෝධතා ව්‍යාපාරයට එරෙහිව සුඵ පිරිසක් සමග තවත් පාගමනක් සංවිධානය කර ඇති අතර එමගින් ප‍්‍රදේශයේ නොසන් සුන්තාවයක් ඇති කිරීමට හේතු වී ඇත. එම නොසන්සුන්තාවය ඇති කිරීමට වගකිවයුතු වන්නේ එම දේශපාලන අධිකාරිය හා පො ලීසිය බව පැහැදිලිය. පොලීසිය සාමකාමී විරෝධතාවයට බාධා කරමින් එය නතර කරලීමට දේශපාලන අධිකාරියේ වුවමනාව මත කටයුතු කර ඇත. වෙසක් සමයේ සියලූම පාසල් වල වෙසක් සැමරුම සිදු කරන ලෙස රජයෙන් නිකුත් කරන ලද චක‍්‍රලේඛනය උල්ලංඝනය කරමින් අත්තනෝමතිකව කටයුතු කළ ගම්පොළ සහීරා විද්‍යාල යේ විදුහල්පතිට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක නොකර මේවන විට ඔහුගේ එම කි‍්‍රයාවට විරෝධතාවය සංවිධානය කළ පිරිස බියවද්දමින් හා මරණ තර්ජනයන් එල්ලකරමින් ඇත.

සාමකාමීව විරෝධතා දැක්වීම, යම් අසාධාරණයන්ට එරෙහිව හඩ නැගීම සමාජය සතු මූලික මානවjhu-new-logo හිමිකමකි. යම් හෙයකින් මේ උද්ඝෝෂණය සංවිධානය කළ පාර්ශවයට එයට මූලික වූ අයට මතු අනාගතයේ දී යම් අනතුරක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය භාරගත යුතුය. තවද මෙම කාරණය සම්බන්ධව ගම්පොළ පොලීසියේ හැසිරීම ද ඉතා පිළිකුල් සහගතය එම විරෝධතා දැක්වු පිරිස් වෙත බොරු චෝදනා එල්ල කර මින් අත්අඩංගුවටත් ඔවුන්ට එරෙහිව නීතිය අනිසි ලෙස බලගැන්වීමටත් කටයුතු කරන ආකාරයක් පෙනෙන්නට ඇත. ප‍්‍රදේශයේ දේශ පාලන අධිකාරිය සහ ඔහුගේ සහචරයන් ප‍්‍රදේශයේ භික්‍ෂූන්වහන්සේලා හා බෞද්ධ ජනතාව බියවද්දමින් කරගෙන නින්දිත කි‍්‍රයාකපිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මේ සම්බන්ධව අපක්‍ෂපාති පර් යේෂණයක් සිදුකළ යුතු බවත් බෞද්ධ විරෝධතාකරුවන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසත් ගම්පොළ බෞද්ධ ජනතාව බියවැද්දීම නතර කරන ලෙසත් අප බලධාරින් ගේන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ
මාධ්‍ය ලේකම්
ජාතික හෙළ උරුමය

බොදුනුවාට එරෙහි කපටි අසත්පුරුෂයන් විසින් තවදුරටත් බොදු ඡන්ද කොල්ල කා ගැනීම වැළකීම පිනිස ඔවුන් ගේ සැබෑ රූපය බුදුන් දුටු ආකාරය අපගේ බුද්ධ නීති ඡන්ද වලට ඇතුලත් කොට ඇත. ද්විතීයක ශතකය 100. වන බුද්ධ නීතිය ඔවුන් සම්බන්ධයෙනි. ඔබගේ ඡන්දයත් භාවිතා කරන්න.


බොදු උරුමය සුරකිමු

අසිංහල අබෞද්ධ අයගෙන් බෞද්ධ සංස්‌කෘතියට සිදුවන හානිය ගැන අප වඩාත් සැලකිලිමත් විය යුතුව ඇත.

බුද්ධ ශාසන අමාත්‍යාංශය ජනාධිපතිතුමා යටතට පත්කරගෙන වැඩිදියුණු කරන ලෙසටත් සම්බුද්ධ ශාසනය ආරක්‍ෂා කරගන්නා ලෙසටත් ඉල්ලීමක්‌ පසුගියදා ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිනිමල නාහිමියන් වහන්සේ මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක්‌ කර ඇත.

ගැටඹේ විහාරයට කටුකම්බි ගැසූ ඡේ. ආර්. ගේ පාලන කාලයේදීවත් ශ්‍රී ලංකාවේ බුදුදහමට අන්‍ය ලබ්ධිකයන්ගෙන් මේ තරම් හානියක්‌ නොවීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගම බුද්ධාගම යෑයි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන්ම සහතික කර ඇත. බුද්ධාගමට අපහාස උපහාස කරන්නට ඉඩදිය නොහැකියි. රාජ්‍යාගම ලෙස සලකන බුදු දහම සුරැකීමට බෞද්ධ භික්‌ෂූන් වහන්සේලා දිවි හිමියෙන් කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ අන් කවර කලකටත් වඩා සංවර්ධන කාර්යයන් මේ යුගයේ ඇතිවේ. රටේ අති විශාල සංවර්ධනයක්‌ සිදු කළත් අධ්‍යාත්මික පරිහානියක්‌ දැකිය හැකිය.

පන්සිල් රකින ජන සමාජයක්‌ ඇතිකරන්නට බැරිවී තිබේ. ගුණධර්ම පිරිහී ඇත. මත්කුඩු, මැත්පැන් භාවිතය වැඩි වී තිබේ. අපරාධ වැඩි වී ඇත. දැහැමි සමාජයක්‌ නැත.

ගුණධර්ම පිරිහීම ගැන කොතෙකුත් කතා කරති. සෑම පසළොස්‌වක පොහෝ දිනයකම රජගෙදර ධර්ම දේශනා කර ජනාධිපති ඇතුළු පාලක පිරිස දහමින් පෝෂණය කරති. පන්සල්වල ආගමික උත්සවවලට රාජ්‍ය නායකතුමන් සහභාගි වෙයි. සංඝයා වහන්සේලා ආගමික ප්‍රබෝධයක්‌ ඇතිකරවීමට නොයකුත් කටයුතු කෙරෙති. මේ සියල්ල මේ අන්දමට සිදුවෙද්දී අපට අසන්නට දකින්නට ලැබෙන්නේ අන් කවරදාවත් නොදුටු දර්ශනය.

ත්‍රස්‌තවාදීන් අතින් බෞද්ධ විහාරස්‌ථාන විනාශ විය. ඉතිරි වී තිබෙන බෞද්ධ පුරාවස්‌තු රැකගැනීමට ඒ ප්‍රදේශවල භික්‌ෂූන් වහන්සේලා අපමණ වූ වෙහෙසක්‌ ගනිති.

යාපනය, මඩකලපුව, ත්‍රිකුණාමලය, දිගාමඬුල්ල ආදී ප්‍රදේශවල පදිංචිව සිටි සිංහල ජනයා එදා ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාර නිසා ඒ ප්‍රදේශවලින් ඉවත් විය. උතුරු නැගෙනහිර මායිම් ගම්මානවල වැසියන් ද මරා දැම්මේය. ත්‍රස්‌තවාදයෙන් රට මුදාගෙන ඇති මෙවන් යුගයක රට තුළ සංචාරය කරන විට ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමය විනාශ වී ඇති අයුරු මොනවට පැහැදිලි වේ. විනාශ වී ඇති බෞද්ධ සිද්ධස්‌ථාන සංවර්ධනය කිරීම පිළිබඳව විමසන විට ඒ කරුණ මෙතෙක්‌ ඉටුවී නොමැතිව ඇති බව කිව යුතුව ඇත.

පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍යපාද එල්ලාවල මේධානන්ද හිමිපාණන් වහන්සේ මේ පුරාවස්‌තු විනාශය ගැන කොතෙකුත් කතා කළහ. ඒවා මතුකර පෙන්වීය. දැන් උන්වහන්සේ ද නිහඬය. අපේ සංස්‌කෘතික උරුමයන් ආරක්‍ෂා කරන්නට අමාත්‍යාංශයක්‌ ද ඇත. පළාත් සභා මට්‌ටමින්ද තිබේ. නමුත් පුරාවස්‌තු රැකගැනීමට ගෙන ඇති උත්සාහයන් ගැන පැහැදීමක්‌ නැත.

පොතුවිල් මුහුදු මහා විහාරය ඓතිහාසික වටිනාකමක්‌ ඇති තැනකි. කැලණිතිස්‌ස මහා රජුගේ දියණිය දේවි කුමරිය මුහුදු ගොඩගලනා විට නැවක නංවා පාකර යවන ලද තැන යයි කියති. මේ මුහුදු මහා විහාරවාසී භික්‍ෂූන් වහන්සේ කියන අන්දමට දිගාමඩුල්ලේ සිංහල හා බෞද්ධ උරුමය රැකගැනීමටත් නටබුන් ආරක්‍ෂාකර ගැනීමටත් විශේෂ වැඩසටහනක්‌ කළ යුතුයි. මුස්‌ලිම් ජාතික අය පුදබිමට අයත් ඉඩම් කොල්ලකාගෙන තිබෙන අන්දම ගැන කියති.

බෞද්ධ විහාරස්‌ථාන සතු ඉඩකඩම් ආරක්‍ෂාකර දීම රජය සතු වගකීමකි. බෞද්ධයන්ගේ ආධාර උපකාර ඇතිව වන්දනාමාන කිරීමට එන අයගේ සම්මාදමෙන් මේ තැන් යම් තරමකට හෝ සංවර්ධනය කෙරේ. විශේෂයෙන් සිංහල ජනතාව පදිංචි නැති පළාත්වල ඇති පෞරාණික වැදගත්කමක්‌ ඇති පූජාභූමි සංවර්ධනය කිරීම සහ ඒවා ආරක්‍ෂාකර ගැනීමට රාජ්‍ය මැදිහත්වීමෙන් කඩිනම් වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. විල්පත්තුව වනාන්තර ප්‍රදේශය ද හෙළි පෙහෙළි කර මුස්‌ලිම් ජනාවාස ඇති කරන බවද කියති. වන සම්පතද සුරැකිය යුතුව ඇත.

යාපනයේ නාගදීපය වැඳපුදා ගැනීමට දඹකොළ පටුන දැකබලා ගන්නටත් විශාල සිංහල බෞද්ධ ජනතාවක්‌ මේ වන විට ඒ ප්‍රදේශවලට ගොස්‌ ඇත. සිංහල ජනතාව විශාල වශයෙන් ජීවත් වූ යාපනය ප්‍රදේශයේ උතුරු පළාත් සභාවක්‌ ද පිහිටුවා ඇත. ඒ අය කටයුතු කරන්නේ සිංහල බෞද්ධ ජනතාවක්‌ ගැන තැකීමක්‌ නොමැතිවය. අඩු වශයෙන් නාගදීපය දඹකොළ පටුන ඇතුළු බෞද්ධ සිද්ධස්‌ථානවල පැවැත්ම ගැනවත් තැකීමක්‌ නැත. විශාල වශයෙන් බෞද්ධ සිද්ධස්‌ථානවල නටබුන් තිබේ. ඒවා සංරක්‍ෂණය කළ යුතුව ඇත. නැගෙනහිර පළාතේ මෙන්ම උතුරු පළාතේ ද සිංහල බෞද්ධ උරුමයන් රැකගැනීම සඳහා පළාත් සභාව ක්‍රියා නොකරන්නේ නම් රටේ සංස්‌කෘතික හෝ බෞද්ධ කටයුතු අමාත්‍යාංශය හෝ පියවර ගත යුතුව ඇත.

ඇතැම් බුද්ධිමත් භික්‌ෂූන් වහන්සේලා රටේ දැවෙන ප්‍රශ්න ගැන ආවේගශීලීව කතා කරති. උන්වහන්සේලා කියන්නේ කුමක්‌ද යන්න පිළිබඳව අසා බලා තේරුම් ගත යුතුව ඇත. එසේ නොමැතිව රාජ්‍ය බලය පාවිච්චි කර මර්දනය කිරීමෙන් රටේ ජනමතය කුමක්‌ද යන්න පිළිබඳව ද ආණ්‌ඩුවකට වටහා ගැනීමක්‌ ලබාගත නොහැකියි. සිංහල බෞද්ධ ජනතාව භෙදභින්න කරන දේශපාලන බලවේග ගැන ද විමසිලිමත් විය යුතුව ඇත. 1971 – 1987 – 1988 යන වර්ෂවල රටේ ඇතිවූ භීෂණකාරී තත්ත්වය යළි ඇති නොවීමට වගබලා ගත යුතුව ඇත.

අක්‌මීමන – කේ. මතිලාල්

 

http://www.divaina.com/2014/05/13/feature03.html

ගම්පොල සහිරා විදුහලේ බෞද්ධ සිසුන් බුදු තෙමඟුල සැමරීමට සකස් කල සියළු සැරසිලි මුස්ලිම් අන්තවාදී විදුහල්පති නියමයෙන් ඉවත්වීම මේ දහම්දිවයිනේ  සියලු ජාතීන් එක්‌ව සාමකාමීව සිටින ආකාරය බව අගමැතිගේ අදහස වී ඇත. මුස්ලිම් එක් සිසුවියක් වෙනුවෙන් කලාක් මෙන් ලමුන් රාශියකට එරෙහිව කඩකල මූලික මිනිස් ආයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට බෞද්ධ රට තුල කිසිවෙකුත් නැත. එබැවින් එයට කිසිම විරෝධතාවක් දැක්වීම සුදුසු නැත. මෙවන් නින්දිතයෙක් තව දුරටත් රටේ අගමැති පුටුව කෙලසීම කෙතරම් සුදුසුද?

 

 


අන්තවාදී ක්‍රියා හෙළා දකිමු පෙළපාලියට
විරෝධය පා අගමැති පාරට බසියි
ත්‍රිරෝද රථයක නැග පාසල් සිසුන් දැනුවත් කරයි

ගම්පොළ – සුරංග දිල්හාන්

බෞද්ධ විරෝධී අන්තවාදී ක්‍රියා හෙළා දකිමුයි පවසමින් ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය අසලින් ආරම්භ කළ විරෝධතා පෙළපාලියක්‌ පෙරේදා සවස (13දා) නගරය දෙසට යද්දී එය නීති විරෝධී ක්‍රියාවකයි පවසමින් අග්‍රාමාත්‍යවරයා එම උද්ඝෝෂණ පෙළපාලිය නතර කිරීමට උත්සාහ ගැනීම නිසා මහත් නොසන්සුන්කාරී තත්ත්වයක්‌ ඇති විය.

වෙසක්‌ සතිය තුළ පාසලක ක්‍රියාත්මක කිරීමට සූදානම් කළ බෞද්ධ වැඩ සටහන්වලට ගම්පොල නගරයේ පිහිටි එම පාසලේ විදුහල්පතිවරයා බාධා එල්ල කළැයි පවසා එයට විරෝධය දක්‌වා භික්‌ෂූන්වහන්සේ හා ප්‍රදේශවාසීහු මෙම විරෝධතා පෙළපාලිය සූදානම් කොට තිබිණි.

ඔවුන් විරෝධතා පාඨ කියමින් ඉදිරියට එන විට ගම්පොල පාලම අසලදී එම ස්‌ථානයට පැමිණ අගමැති දි මු. ජයරත්න මහතා ගම්පොල සියලු ජාතීන් එක්‌ව සාමකාමීව සිටියදී මෙවැනි පෙළපාලි මගින් එම ජාතීන් අතර බෙදීමක්‌ ඇති වී අසමගිය ඇති වන බව පවසමින් පෙළපාලිය නවතන ලෙස දැන්වීය.

උද්ඝෝෂකයන් මෙහිදී බෞද්ධ විරෝධී ක්‍රියා නැවතීමට කිසිවකු ඉදිරිපත් නොවන නිසා මෙවැනි ක්‍රියා ගැනීමට සිදු වී ඇතැයි පවසමින් එම බාධා කිරීම් නොසලකා ඉදිරියට ගිය අතර ගම්පොල නගරය තුළින් ඔවුන් උද්ඝෝෂණය කරමින් ඉදිරියට යද්දී පොලිසියද මැදිහත් වී එය නැවතීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා දුරකථනය මගින් පොලිස්‌පතිවරයා හා නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් අමතා පවසා සිටියේ වෙසන් සතිය පැමිණි මෙවැනි උතුම් දිනක මෙවැනි පෙළපාලි මගින් ආගම්වාදයක්‌ හා ජාතිවාදයක්‌ ඇති විය හැකි හෙයින් මෙම පෙළපාලිය වහාම නැවතීමට ක්‍රියා කරන ලෙසය.

අනතුරුව විරෝධතාකරුවන් ආගම්වාදී අන්තවාදී ක්‍රියා අපට එපා යෑයි පවසමින් ඉදිරියෙන් පෙළපාලි යද්දී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිස ඔවුන් පසුපසින් ජාතිවාදී ආගම්වාද භේද එපා. එකම ජාතියක්‌ ලෙස ජීවත් වෙමු යෑයි පවසමින් උද්ඝෝෂණ පෙළපාලියක්‌ ලෙස පසු පසින් ගමන් කළේය.

පාසල් නිම වී නිවෙස්‌වලට යැමට නගරයේ සිටි සිසු දරුවන් හා නගරවැසියන්, අමතා මෙවැනි ක්‍රියාවලට අහුවෙන්න එපා යෑයි ඔවුන් දැනුවත් කිරීම්ද සිදු කළ අග්‍රාමාත්‍යවරයා පසුව ත්‍රිරෝද රථයක නැගී ශබ්ද විකාශන යන්ත්‍ර මගින් නගරවැසියන් දැනුවත් කරමින් මෙවැනි ක්‍රියාවලට කලබල නොවන ලෙස ඉල්ලමින් නගරය පුරා සැරි සැරීය.

මේ අතර මුලින් ගිය පෙළපාලිකරුවන් ගම්පොල අඹගමුව මාර්ගයේ ගමන් කරද්දී පොලිසිය මගින් ගම්පොල කීරපන රේල් ගේට්‌ටුව අසලින් මග හරස්‌ කර එම පෙළපාලිය නවතා දැමීමට උත්සාහ කළ අතර පෙළපාලිකරුවන් ඒ අසල ඇති කීරපන විහාරස්‌ථානය වෙත ගොස්‌ එහිදී දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ ඇරඹීය.

මෙහිදී මෙම පෙළපාලියේ කැඳවුම්කරු ලෙස කටයුතු කළ සමීර චන්ද්‍රසිරි මහතා මෙසේ සඳහන් කළේය.

මෙම පාසලේ විදුහල්පතිවරයා සිදුකළ ක්‍රියාව නිසා බෞද්ධ ළමයින්ගේ හා ගුරුවරුන්ගේ අයිතිය අහිමි වීම හා සියලු ජාතීන් ජීවත් වන ගම්පොල නගරය තුළ එවැනි ක්‍රියා සිදු නොකර එකම ජාතියක්‌ ලෙස සමගියෙන් සිටීමට අවශ්‍ය වාතාවරණය සකස්‌ කර දෙන ලෙස ඉල්ලමින් ගම්පොල පොලිසිය වෙත ලිපියක්‌ භාරදීමට මෙලෙස පෙළපාලියකින් යන විටත් මෙම බාධා කිරීම්වලට ලක්‌වීමට සිදු වූ බවයි.

http://www.divaina.com/2014/05/15/news29.html

බොදුනුවාට එරෙහි කපටි අසත්පුරුෂයන් විසින් තවදුරටත් බොදු ඡන්ද කොල්ල කා ගැනීම වැළකීම පිනිස ඔවුන් ගේ සැබෑ රූපය බුදුන් දුටු ආකාරය අපගේ බුද්ධ නීති ඡන්ද වලට ඇතුලත් කොට ඇත. ද්විතීයක ශතකය 100. වන බුද්ධ නීතිය ඔවුන් සම්බන්ධයෙනි. ඔබගේ ඡන්දයත් භාවිතා කරන්න.

බුදු දහම තුල උතුම්ම රත්නය බුද්ධ රත්නයයි. ගෙදර බුදුන් යන නාමයෙන් අභිශේක ලැබුවේ කරුණාවන්ත හෙළ මව මිස පියා නොවේ. බඹ ලොවට කෙටි මග වූ සතර බඹ විහරණ ධර්ම දේශණයේ, මවකට සුවිශේෂී හා ස්වභාවික වූ එම ගුණාංග ඇයව ගෙදර බුදුන් තත්වයට උසස් කිරීමට සත්‍යවාදී බුදු සමය කිසිසේත් පැකිලුනේ නැත.

මේ අනුව කාන්තාව එම උතුම් තත්වය කරා ලඟා වීමට ඇය කරුණාබර මවක් විය යුතුමය. බුදු පියාණන්ට අමා මෑණී යන නම භාවිත කරන්නේ දරුවන්ට තම මව තුලින් බුදු පියාණන් ගේ අපිරිමිත කරුණාව ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට පහසු නිසා යැයි සිතිය හැක. කර්මානුකූලව අතිශය දුබල පිරිමියෙක්ගේ කාය ශක්තිය පවා අහිමිව කාන්තාව උපදී. නමුත් එයට හිලව්වීමට මෙන් ධර්මානුකූල ප්‍රතිපදාව තුල යෝධ බල යෝධ ශක්තිය ඇති පුරුෂයෙකුට ලංවිය නොහැකි තැනකට උසස් වීමට ඇයට හැකියාව ඇත.

ගෙදර බුදුන් වීමට දරුවන් පිළිකුල් කරන කාන්තාවකට කිසිදා නොහැකිය. දරුවන්ට ඉතා ප්‍රිය නමුත් දරු සම්පත් නැති ධර්මය දත් කාන්තාවකට, තාපසයන් බඹ ලොව සම්පත් වෙනුවෙන් ඒවා උපදවා ගන්නා සේම සිව් බඹ විහරණ උත්සාහයෙන් උපදවා ගැනීමේ කිසිදු බාදාවක් නැත. දරුවන් ලැබුවද සිව් බඹ විහරණ ගැන හසරක් නැති සංකර කාන්තාවකට කිසිදා ගෙදර බුදුන් වීමට නොහැකිය. මිසදිටු කාන්තාවකට එම අවස්ථාව අතිශය විරළ වන්නේ ඇයට හරි මග ගැන කිසිදු හෝඩුවාවක් නැති නිසාය.

තම කර්ම ශක්තියෙන් උතුම්ම මව් පදවිය ගෙන ගෙදර බුදුන් වී පිරිමින් ඉක්මවා යෑමට මේ අනුව කාන්තාවකට හැකිය. එය පසෙක තබා කර්ම ශක්තියට එරෙහි වෙමින් කාය බලය හෝ නොමැතිව පිරිමින් හා සම අයිතීන් හෝ ඉන් එහා ගිය දේශපාලන අයිතීන් ලබා ගැනීමට යාම තරම් කාන්තාවට මෙලොව පරලොව පිරිහීමක් තවත් නැත.

ආර්ය අෂ්ඨාංගික මගේ දෙවන අංගය සම්මා සංකප්පයයි. සම්මා සංකප්පය අනු කොටස් තුනකින් සමන්විත වේ. නෙක්කම්ම සංකප්ප (කම් සැප අත් හැරීමේ යහ කල්පනාව ) , අව්‍යාපාද සංකප්ප (මෛත්‍රි යහ කල්පනාව ), අවිහිංසා සංකප්ප (අන්‍යන්ට වද නොදීමේ යහ කල්පනාව ) යන්නයි. මේවා යේ ප්‍රතිවිරුද්ධ දේ විතර්ක සේ සැලකේ. ඒවා පිළිවෙලින් කාමච්ඡන්ද විතර්ක, ව්‍යාපාද විතර්ක හා විහිංසා විතර්ක වේ. කාන්තා නායිකාවෝ මෙම විතර්ක වල පහසු ගොදුරු බවට පත්වී ඇති බව ඉතිහාසය බලන විට පෙනී යයි.

අනේක උප්පත්ති ලබමින් මේ ඝෝර සසරෙහි සැරි සරන කල අප ගෞතම බුදු පියාණන් කාන්තා දේශපාලනයේ නපුර හොඳින් අවබෝධ කර ගත්හ. එය මේ බුද්ධ නීතිය මොනවට පෙන්වා දෙයි. බුදුන් දවස කාන්තාවක් රජකල දේශයක් ගැන හෝ ඔබ අසා ඇතිද?

පරම පූජණීය රේරුකානේ චන්ද විමල මාහිමි සම්පාදිත බුද්ධ නීති සංග්‍රහය පොත් වහන්සේ තුල අඩංගු 

බුද්ධ නීති

බුද්ධ නීති සංග්‍රහය එකොළොස්වන මුද්‍රණය -2012

පඤ්චම  ශතකය

74. හුල් වූ හීය තදින් විදින්නා වූ පුරුෂයා හට නින්දා වේවා! යම් ජනපදයක ස්ත්‍රිය කටයුතු විධානය කරන්නීද ඒ ජනපදයට ද නින්දා වේවා! යම් සත්ත්ව කෙනෙක් ස්ත්‍රීන්ගේ වසයට පැමිණියාහුද ඒ සත්වයෝ ද නින්දිතය හ. (පිටුව 152).

 

මේ බුද්ධ නීතිය ඇස් පනාපිට පෙනීමට පටන්ගත්තේ රජ දවස පටන්මය. ලක් ඉතිහාසයේ අතිශය කාමුක රැජිණක් වූ අනුලා බිසව ඉතිහාසය තුල සඳහන් කිරීමට පවා පිළිකුල් ගති ඇති ගැහැණියක් වූවාය. කාමච්ඡන්ද විතර්කය විසින් ඇය අන්ධ ගැහැණියක් බවට පත්කර තිබුණි. ලොව ප්‍රථම කාන්තා අගමැතිණිය සිරිලක බිහිවිය අතිශය දුෂ්කර ආර්ථික වටපිටාවක පාලනය ගෙනගිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 71 වසරේ කැරැල්ල අති ම්ලේච්ච ආකාරයට හෙළ තරුණ සමූලඝාතනයක් තුලින් මැඩපැවත්වීය. ව්‍යාපාද විතර්කය විසින් ඇය අන්ධ ගැහැණියක් බවට පත්කර තිබුණි. ඉන්පසු කාලයක බලයට පැමිණි අයගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මිය අවිචාරවත් දිවියකට ඇබ්බැහි වූ සුරාවෙන්, දූෂණයෙන් මත් වූ මිසදිටු කාන්තා නායිකාවක් විය. කාමච්ඡන්ද විතර්කය විසින් ඇයද අන්ධ ගැහැණියක් බවට පත්කර තිබුණි. නොදැන කල අනුවන කම් නැවත බොදුනුවන් කිසිවිට නොකල යුතුය. යම් තාක් ලොව කොයි දෙස ඇති කාන්තා නායිකාවක් දෙස විමසිල්ලෙන් බැලුවත් ඔවන් සියල්ල අසාර්ථක වී හෝ දැනටත් වෙමින් හෝ ඇති බව පැහැදිළිව පෙනී යන සත්‍යයකි.

අද දිනයේ දේශපාලනයේ යෙදෙන කාන්තාවන් දෙස බැලූවිට තත්වය අතිශය භයංකාර බව පෙනේ. පවිත්‍රාදේවී වන්නිආරච්චි සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති කාලයේ නැගෙනහිර පොතුවිල් මුහුදු මහා විහාරය ඇයගේ අනුදනුම මත මුස්ලිම් බුල්ඩෝසර් වලට යටකර අපායට පාර තමා විසින්ම සකසා ගත්තාය. දැන් ඇය විදුලිබලය රටට ශාපයක් කිරීමට සැදී පැහැදී කටයුතු කරමින් සිය නුසුදුසුකම පෙන්වමින් සිටී.

මොළය කලඳක් නැති නිළි කාන්තා වෙසඟනන් අද දේශපාලනයට පිවිස තිබේ. පිවිසීමට අර අදිමින් සිටී. නිළි ගීතා කුමාරසිංහ, නිළි උපේක්ෂා ස්වර්ණ මාලි, නිළි මාලණී ෆොන්සේකා, නිළි අනර්කලී ආකාර්ෂා, නිළි නදීශා හේමමාලී හා නොයෙකුත් නම් කරළියට පැමිණ සමහරු හැලී ගිය අතර සමහරු ඉතිරිවිය. සමහරු ඒමට සිහින මවමින් සිටී. මේ අතර කිසිදු ඡන්දයින් බලයක් නොලැබ ආරාධනයෙන් මන්ත්‍රී වූ කාන්තාවක්ද පසුගියදා බුද්ධ නීතිය නැවත වරක් තහවුරු කලේ තම පොලිස් ආරක්ෂකයින්ට ශාරිරික හා මානසික වද උපරිමයට දී (විහිංසා විතර්ක) අවසානයේ තමාට ලැබීමට නියමිත පොලිස් ආරක්ෂක සේවයම අහිමි කර ගැනීමෙනි. ඇය කමලා රණතුංග බව දැන් රටට රහසක් නොවේ.

 

චතු සත්‍ය අවබෝධය අරමුණු කරමින් බෝධි (සෝවාන් හෝ සෙදගැමි හෝ අනාගාමී හෝ අරහත් ) ප්‍රාර්ථනා පුරණ බෞද්ධ කාන්තා ඔබ බෞද්ධාගමික නොවන දේශපාලනයට පිවිස අරිය අට මගෙන් පලා නොයත්වා! බෞද්ධ පුරුෂයන් වන ඔබ කිසිවිටෙකත් කාන්තාවකට ඡන්දය දී බෝසතානන් විසින් ඝෝර සසරෙහි දුෂ්කරව උගෙන අපිට ලබා දුන් බුද්ධ නීති වලට පිටු නොපෑමට ප්‍රවේශම් වේවා!

අති පූජ්‍ය නාඋයන උතුමන් විසින් සම්පාදිත රෝගීන්ට සුවය ලැබීමට රත්නත්‍ර ගුණ බල කැටි කල බොදු සෙත් කවි ධර්ම පත්‍රිකාවේ ආරම්භක බොදු ගාථා පෙල, විවිධ සෙත් පිරිත් ඇසුරෙන් සැකසුන, බහුල භාවිතයට ඉතා සුදුසු ගාථා පෙලකි. දිනපතා බුද්ධ වන්දනාව හරහා වන්දනා කරන්නන්ට පරිත්‍රාණ ධර්මයේ ආරක්ෂක බලය ලබා ගැනීමට කදිම මගකි. එම සම්පූර්ණ ගාථා පෙළ මෙම නව පත්‍රිකාවේ අඩංඟු වේ.

 

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

සැ:යු: මෙම ධර්ම පත්‍රිකා වල වර්ණය කළු සුදු මුද්‍රණයට සුදුසු නොවේ (අපට ලැබුණ ආකාරය මෙයයි). පාඨක ඔබට කාලය හා හැකියාව ඇතිනම් මෙම ගාථා කළු-සුදු ආකාරයට සකස් කර අප හරහා ධර්ම දානය කර ගත හැක. අදාල ධර්ම පත්‍රිකා ලිපි වලම අමතර යොමුවක් සේ ඒවා පල කල හැකිය. හැකියාවක් ඇතිනම් dharmachareepirisa@gmail.com ලිපිණය ඔස්සේ එවන්න.

පිරිසිඳු බුදු දහම කාලාන්තරයක් තිස්සේ බොදුනුවන්ගෙන් ඈත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මිථ්‍යා ධර්ම අන්ධ බොදුනුවන් මහා පරිමාණයෙන් ගොදුරු කරගන්නා බව පෙනෙයි. පුවත් පත් පිටු පුරා කෝවිල් කපුවන්, නැකැත් කරුවන්, වාලම්පුරී වෙළෙන්දන්, වාස්තු විද්‍යා කරුවන්, වශී, හදි හූණියම් කරුවන්, ෆෙං ෂුයි ප්ලාස්ටික් අපද්‍රව්‍ය කරුවන් ආදී වංචනිකයන් හතු පිපෙන්නා සේ බිහිවෙමින් යයි. මේ අන් කිසිවෙක් නොවේ තම ජීවනෝපාය කර ගැනීමට කිසිදු සාස්ත්‍රයක් කර ගැනීමට නොහැකිව අතරමං වූවන්ගේ ගැලවීමේ උපායයි. නූගතුන් රවටමින් කිසිදු අර්ථයක් ප්‍රතිපලයක් නැති බහුබූත කරමින් වංචනිකව මුදල් ගැරීමේ මාර්ගයයි. නිවනින් ඈතින් ඈතට යමින් අපායටම යොමු කරගත් ඔවුන්ගේ මිච්ඡා ආජීවයයි.

 

උදාහරනයක් ලෙස වාස්තු විද්‍යාව ගනිමු. ගෙයක් තැනීමට යාමේදී තනන්නා ගේ ඉහ මොළ රත්වන රීති ගොඩනැගිල්ලට යෙදීමට මේ උපදෙස් කරුවන් පසුබට නොවේ. සාදා නිමවූ ගොඩ නැගීමක් ඒ අනුව කඩා දැමීමට තරම් අන්ධ භක්තිකයා බියට පත්වේ. මන්ද වාස්තු විද්‍යා නීති කැඩීම මරණය පවා ගෙන දීමට සමත් යැයි පැවසීමට තරම් මේ බොරු කාරයන් පසුබට නොවීමයි. මරණය ගැන බුද්ධ දේශණය ඉතා පැහැදිළිය. පුද්ගලයෙක් මියයන හේතු ඇත්තේ 4ක් පමණි. ඒවා අතර කිසිදු වාස්තු විද්‍යා හේතුවක් ඇත්තේ නැත. තිබේ නම් සර්වඥ වූ බුදු පියාණන්ට නොපෙනීමට කිසිදු හේතුවක් නැත.

මෙය සිතා බලා තේරුම් නොකරගන්නා නිවාස හිමිකරු සුභ ඵල සොයමින් තම ආථිකය අසුභ කරගන්නේ සුලු වියදමකින් පිරිසිඳුව කරගත හැකිව තිබූ ගොඩනැගීම අනේක විධ වැල්වටාරම් කරමින් දෙගුණ තෙගුණ වියදම් වීත් අවසන් කරගත නොහැකිව ලත වීමයි. විවෘත මනසින් බැලූ විට නිවාස තනන්නාගේ ඉහලම අසුභ ලකුණ වාස්තු විද්‍යා කරුවායි. මෙසේ උපදෙස් දෙන අයගේ උපදෙස් පිළිගැනීමට පෙර ඔවුන් වෙසෙන නිවාස වලටම එම නීති යොදා බලන අයෙක්ට කැඩූ වාස්තු විද්‍යා නීති කප්පරක් සොයා ගත හැකි වනු ඇත.

 

මේ ආකාරයටම දෙවියන්ගේ පිහිට කියමින් මල පෙරේතයන්ගේ පහත් පිහිට කෝවිල් පසුපස යන්නාට ලැබේ. පරිත්‍රාන බලයෙන් අනන්ත ආරක්ෂාවක් අමනුෂ්‍යයන්ගේන් නොමිළයේ ලබා ගැනීමට හැකි බව නොදත් බොදුනුවා ප්‍රේත ආවේශවීම් වලට පවා නිකරුනේ ලක්වීම සිදුවේ. බාලයා මුදල් ගෙවා කරදර ලං ගන්නේ එලෙසය. නැකැත් කරුවා සුභ වේලාවන් කියමින් යමෙක්ට ඉතාම පහසු වූ සුභ වේලාව වෙනුවට අතිශය දුෂ්කර අසුභ වේලාවන් සාදා දී මුදල් ගරයි. මිථ්‍යාවෙන් අන්ධව එම වේලාව සුභ යැයි පිළිගන්නා තැනැත්තා මනෝ දුෂ්චරිතයක් තුලින් සිත කිළිටිකරගෙන සිටින බැවින් සාදා දුන් වෙලාව බුදු දහමට අනුව නම් අසුභ වෙලාවම බව දත යුතුය.

 

කිසිදු නැකත් කරුවෙකුට මුදල් නොපුදන පිරිසිඳු බෞද්ධයා පන්සිල් සමාදන් වී, කාය වාග්, වචී දුෂ්චරිත අත්හැර සිය සුභ මොහොත තමා තුලින්ම පහසුවෙන් උපදවාගෙන සියළු යහ ප්‍රාර්ථනා එහි බලයෙන්ම ඉටු කරගනී. වාළම්පුරී කෝළම්කරුවෝ, අනේක විධ රත්න වර්ග වලින් අපල දුරු කරන්නෝ, ෆෙං ෂුයි ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් මුදල් වාසනා සොයන්නෝ, බාහිර වස්තු වලින් ලෝක පාලක නියාම ධර්ම වෙනස් කිරීමට උත්සාහ කරන්නෝය. තමාගේ කර්ම ඵල දෙනවිට ලෝකව්‍යවහාර වචනය අපල සේ සැලකිය හැක. මිලට ගත් වස්තුවක්, කොහේවත් ඇති සෙනසුරෙක්, තරුවක් පුද්ගලයන් තනි තනිව රැස්කල කර්ම අහෝසි කිරීමට සමත්නම් බුදුවරුන්ට පවා වෙනස් කල කොහැකි බුද්ධ දේශිත කර්ම නියාම ධර්මය බොරු විය යුතුය.

 

වශී හදි හූණියම් ගුප්ත විද්‍යා සේ ගැනෙන නමුත් අද දින වන විට මේවා කිසිවක් හරියට කරගැනීමට සමත් ජගතුන් නැත. ඔවුන් ගුරුමුෂ්ඨි හා සාස්ත්‍ර සමඟ අතුරුදන් වී බොහෝ කල්ය. කණින් කොනින් මේවා ගැන අසා ඇති බොරු කාරයන් මහා පරිමාණ මුදල් ගැරීම් සඳහා උපාසක චන්ඩාල පිළිකුල් කිළිටන් ගොදුරු කරගැනීම පමණක් ජයටම සිදුවේ. මෙවන් ගුරුකම් කරන කපුවන් පවා තමාගේ පුද්ගලික වශී හදි හූණියම් පාපී අවශ්‍යතාවන් වෙනුවෙන් තවත් එවන්ම බොරුකාරයන්ට මුදල් ගෙවා රහසේ සේවය ලබා ගැනීම කෙළවරක් නොමැතිව සිදු වන්නේ මේ නිසාය.

 

පිරිසිඳු බොදුනුවා කිසිවිටෙකත් රත්නත්‍රයෙන්, පරිත්‍රාන බලයෙන් පිට පිහිට ආරක්ෂාවක් නොසොයයි. එසේ සොයන්නා සමාන කල හැක්කේ හිරුගේ ආලෝකය අඳුර නැසීමට ප්‍රයෝජනයට ගැනීම ප්‍රතික්ෂේප කර කණා මැදිරියන් බෝතල් කර ආලෝකය ලැබීමට සිතන අනුවණයන්ටය. මෙවන් මිථ්‍යාවන් බුදුන් දුටු අයුරු අපි කලින් නිපාත ඔස්සේ පෙන්වා දුන්නෙමු. බුද්ධ නීති ඔස්සේත් ඒවා දහම තුල තහවුරු කර ඇත්තේ මෙසේයි.

 

පරම පූජණීය රේරුකානේ චන්ද විමල මාහිමි සම්පාදිත බුද්ධ නීති සංග්‍රහය පොත් වහන්සේ තුල අඩංගු 

බුද්ධ නීති

බුද්ධ නීති සංග්‍රහය එකොළොස්වන මුද්‍රණය -2012

සතරවන  ශතකය

11. නැකැත් බලමින් කල යුත්ත පසු කරන්නාවූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද? (පිටුව 105).

 

චතු සත්‍ය අවබෝධය අරමුණු කරමින් බෝධි  (සෝවාන් හෝ සෙදගැමි හෝ අනාගාමී හෝ අරහත් හෝ පසේ බුදු හෝ බුදු ) ප්‍රාර්ථනා පුරණ බෞද්ධ ඔබ කිසිවිටෙකත් මෙවන් වංචාවල ගොදුරක් නොවේවා! 


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 447,685 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: