ධර්ම නිධාන

Archive for ජනවාරි 2012

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අභිධර්මයේ සඳහන් කල්ප විභාගයට අනුව අප මේ ජීවත් වන්නේ, අනන්තයක් 31 භූමි තල වලින් අප අයත් 31 භූමි තලය සෑදී පවතින කාලය තුලයි. එහි නම සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය වේ. මහා කල්පයක් මෙවන් අසංඛ්‍ය කල්ප 4 කින් යුතු වේ. එම එක් අසංඛ්‍ය කල්පයක් අන්තඃ කල්ප 20ක් දිගු වේ. ඒ අනුව මහා කල්පයක දිග අන්තඃ කල්ප  80 (4X20) කි. සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය තුල අපි මේ ගෙවමින් සිටින්නේ 16 වෙනි අන්තඃ කල්පයයි. සස්ත්‍ර අන්තඃ කල්පය යනුවෙන්ද මෙය නම් කෙරේ. දෙව්ලොව මෙන් කිසි කලෙකත් පරමායුෂ දිග නියතයක් නොවන මිනිස්ලොව ජීවීන් සිය පරමායුෂ දස වර්ෂයට පිරිහෙන තෙක් මේ අන්තඃ කල්පය පවතී.

දල වශයෙන් අපිට මේ ආයුෂ පිරිහීමේ වේගය සොයා ගත හැක. මීට වසර 2600 කට පෙර බුදුන් දවස මිනිස් ලොව පරමායුෂ වසර 100 ක් විය. සිතේ අකුසල් වැඩීම හරහා මේ වනවිට සිය පරමායුෂ වසර 75-74 ක් පමණ දක්වා අඩු කරගැනීමට මිනිසුන් සමත්ව තිබේ.  ඒ අනුව වසර 100 ට එක් අවුරුද්ද බැගින් පරමායුෂ අඩු කර ගන්නා තරමට මිනිසුන් සිත දූෂණය කර ගන්නා බව පෙනේ. මෙම වේගය නියතව පැවතුනහොත්, මිනිස්ලොවෙ පරමායුෂ දස වර්ෂය වීමට සිත දූෂණය කර ගැනීම තුලින් මිනිසා තව අඩුකරගත යුත්තේ වසර 64 පමණි, එයට ගතවන කාලය වසර 64×100 = 6400 කි.  (මේ අනුව ලෝක හෝ සත්ව විනාශය  බටහිරයන් කියන සේ 2012 හෝ ලඟ අනාගතයක දී නොවන බව දත යුතුය).

ඉන් පසු සත්ව විනාශයේ එක් ලකුණක් ලෙස විපත්තිකර “මහා මේඝයක්” ලොවට පතිත වීමට පටන්ගනී. එයට හසුවන හසුවන සියළු සත්වයින් ගේ ඒ වන විටත් දූෂිත සිත තව දුරටත් විකල් වී, දකින දකින පුද්ගලයා කපා කොටා මරා දැමීමට තරම් වියරු වැටී මහා සත්ව විනාශය සිදු වීමට පටන් ගනී.   “මහා මේඝය” ට හසු නොවී සැඟවී දිවි ගලවාගන්නා මිනිස් ලොව  වාසනාවන්ත කීපදෙනෙක් හැර සියල්ලෝ මින් විනාශයට පත්වේ. මේ සත්ව විනාශය සිදුවන එක ආකාරයක් පමණි. අකුසල් මූල තුන වන ලෝභ, ද්වේෂ, මෝහ අතරින් ද්වේෂය ඔස්සේ සිත දූෂණය කරගත් විට සත්ව විනාශය මේ ආකාරයට අවි ආයුධ වලින් සිදු වේ. ලෝභය වැඩුවේ නම් ආහාර හිඟ වී දුර්භික්ෂ වලින් සත්ව විනාශයත්, මෝහය වැඩුවේ නම් ලෙඩ රෝග වසංගත වලින් සත්ව විනාශයත් සිදුවන බව බුද්ධ දේශනාවයි.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

මේ විස්තර සියල්ල අප සොයා ගත්තේ අභිධර්මධර අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ විචිත්‍ර හා ඝාම්භීර දේශනා වලට පින් සිදු වන්නටය. අභිධර්මය නොදරනතාක් භික්ෂූන් වහන්සේ නමකට විචිත්‍ර ධර්ම කථිකයෙක් විය නොහැකි බව ඇස් පනාපිට පෙනෙන සත්‍යයයි. මේ විස්තර ඔබ හා බෙදා ගත්තේ තවත් කාලීන ව්‍යසනයක් ගැන ඔබ දැනුවත් කිරීමටය.

භික්ෂූන් වහන්සේ තුන් වර්ගයක් මහා සංඝ රත්නයට ඇතුලත් වේ.

1. සම්මුති – හුදෙක් සිවුර පැළදි, ශීලය ගැන වෙහෙස වීමට අවකාශ හෝ ශක්තිය නැති පූජනීය ස්වාමීන් වහන්සේලා
2. සේක – සෝවාන්, සකෘදගාමී, අනාගාමී ආර්‍ය උතුමන් වහන්සේලා
3. අසේක – මහ රහත් උත්තමයන් වහන්සේලා

ඉහත සියළුම භික්ෂූන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර භාවයට, තමන්ට ශක්ති පමණින් එළබුණු උතුමන් බව ගිහි අප කවුරුත් ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු කාරණයයි. මේ තුන් වර්ගයේ භික්ෂූන්ම සංඝ රත්නයට දිය හැකි උතුම්ම දානාදියට ඉහලින්ම සුදුස්සෝ වෙති.

එනමුත් පුතුන් ලෙස සසුනට ඇතුල් වී ඉන්පසු සිය පියාණන්ට ආඛ්‍යානය (දෝෂාරෝපනය ) කරන භික්ෂූන් වහන්සේ ගැන තත්වය කුමක්ද? මහා කාරුණික, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේට පවා සැදැහැවත් ශ්‍රාවකයන් විසින් පරිභව නොකල යුතු බව දේශනා කොට තිබේ. මේ බුද්ධ වචනය අපි ගරු කරන්නෙමු. ලක් බුදු සසුනේ මහත්ම අවාසනාවට පූජනීය කිරිබත්ගොඩ හිමි පාණන් මේ වර්ගයටඇතුලත් වන බව සැකයෙන් තොරවම ඔප්පු කර තිබේ. තමන් වහන්සේ විසින් කරන ලද ධර්ම සංහාර කිසිවකුත් වෙනුවෙන් උන්වහන්සේ මේ දක්වා රත්නත්‍රයෙන් සමාව ගත් බවක් අපි නම් නොදනිමු.

ඒ වෙනුවට සිදුව ඇත්තේ, අභිධර්මය අබුද්ධ දේශිතයැයි කියමින්, ශ්‍රේෂ්ඨ මහරහතන්වහන්සේලාගේ චරිත ඝාතනය කරමින්, තමන් අනුබුදු යැයි අතවැසියන් ලවා කියවාගනිමින්, නිඝංඨ අසපු සසුනට හඳුන්වා දීමෙන් , දෙව්දත් තෙරටත් වඩා දරුණු අන්දමින් තමාට පමණක් වහල් භික්ෂු කල්ලියක් බිහිකරගනිමින් , එම පිරිසෙන් මත්වෙමින්, තමන් ආර්‍ය බව ඉඟි කරමින්, බණ අසන්නන් අඬවමින්, පිරිසිඳු රන් මෙන් නිර්මළ බුදු දහම, ලෝකඩ නොව, මලකන ලෝහයක් බවටම පහත් කිරීමට හැකි සියළු වෙර යොදා ක්‍රියාත්මක වීමයි.

මේ සියල්ලට අමතරව පූජනීය කිරිබත්ගොඩ හිමිපාණන් ශාසන විනාශයටත් පදනම බෞද්ධ මුදල්ම යොදා සකසමින් සිටීම බෞද්ධයාගේ මහාම අවාසනාවයි. තමාගේ බෞද්ධ කල්ලිවාදයේ “අසපු” නම උන්වහන්සේගේ සිතට එන්නට ඇත්තේ හාස්කමකින් වන්නට ඇතැයි අපි කීවෙමු. මේ අපි දක්වන්නේ දෙවන හාස්කමයි. අපගේ පූර්විකාවේ සඳහන්  “මහාමේඝ”ය,  පූජනීය කිරිබත්ගොඩ හිමිඋන්වහන්සේගේ විසින් පතනය කිරීමට පටන්ගෙන තිබේ. ස්වභාවිකව විපත්තිකර මහා මේඝයට වසර 6400 කට කලින් එවන්ම විනාශයක් ශාසනයට කරන උන් වහන්සේගේ මේ සංකල්පනාව සිය බියකරු කර්මය හා නැවතත් ඉතා හොඳින් ගැලපෙන හැටි බලන්න.

සිය අන්ධ අතවැසියන් යොදමින්, දහමින් අහුලාගත් වචන අරුතක් නොමැති ලෙස හෝ යොදමින්, තමන් වහන්සේම පිළිපදින දෙව්දත් වතට පරිභව කරමින්. සිය ශාසන විනාශයේ “මහාමේඝ”ය ශ්‍රාවක අනුකම්පාව දිනා ගැනීම පිණිසද යොදා ගන්නා බව පෙනේ.

අනේ කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ, අති උතුම් රත්නත්‍රයේ නාමයෙන් අපි ඉල්ලා සිටින්නේ තම වැරැද්ද පිළිගෙන, සසුන විනාශ කිරීමට ඔබවහන්සේ යොදන උපක්‍රම සියල්ල නවතා රත්නත්‍රයෙන් සමාව ගෙන නැවත ආයත සංවරයේ පිහිටා පිරිසිඳුව මහණදම් පුරන ලෙසයි. එතෙක් ධර්මචාරී අපි නම් අපගේ ශාස්තෲ අමා මෑණී බුදු පියාණන් දෙසූ ලෙසම ඔබ වහන්සේට හා අනුගාමික භික්ෂූන්ට දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් අපේ නොසතුට දක්වන්නෙමු. පරිභව නම් නොකරන්නෙමු!

අඩුම තරමින් ඔබ වහන්සේ, ධර්ම රත්නය සංහාරය නොකර සම්මුති භික්ෂූන් වහන්සේ බවට හෝ තම තත්වය උසස් කර ගන්නේනම් අපි නොපැකිලව ඔබ වහන්සේට සියළු ගරු බුහුමන් ලබා දෙන්නෙමු.  එතෙක් අපි ඔබ වහන්සේගේ “මහාමේඝ”යට හසු නොවන සේ පිළිපදින්නෙමු. අසරණ බෞද්ධ ශ්‍රාවකයාටද එයින් ගැලවී පණ බේරාගන්නා ලෙස ශාසනාලයෙන් අවවාද කරන්නෙමු!

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අති පූජනීය නාඋයනේ අරියධම්ම මාහිමි පාණන් නායකත්වය දෙන කළ්‍යාණිධම්ම ආශ්‍රමයේ ස්ථානයක් වන ඉඳුරුව ආසන්නයේ කොස්ගොඩ දිවියාගල ආරණ්‍ය සුන්දර වන අරණකි. විශාල ලෙස දියුණු වූ ස්ථානයක් නොවූ මෙහි භාවනානුයෝගී සංඝරත්නය වැඩ සිටී. ස්ථානය භාර පූජනීය නායක ස්වාමීන් වහන්සේ අපට දන්වා සිටියේ භාවනාවට ඉතාම වැදගත් නමුත් සොයා ගැනීමට අති දුෂ්කර වූ අඩුපාඩුවක් පිළිබඳවයි. වැඩුණු පුද්ගලයෙකුගේ සවිකරනලද අංගසම්පූර්ණ හා ස්වභාවික මිනිස් ඇට සැකිල්ලක් අට්ඨික භාවනාවට මහත්ම පිටිවහලකි. තම සිරුර මෙන්ම කලින් පැවති සිරුරක සජීවී අස්ථි සැකිල්ලක් දෙස නෙත් යොමාගෙන කරන අට්ඨික භාවනාව එයට උනන්දු උතුමන්ට ඉක්මන් ප්‍රතිඵල ලබා දෙන්නක් වේ.

අනුලෝම ප්‍රතිලෝම වශයෙන් කරන සරල අට්ඨික භාවනාවක භාවිත වන වචන පහත නිරූපනය වේ.

වඩ වඩා විශාල වීම සඳහා පින්තූර මත නැවත නැවත Click කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

සතිපට්ඨාන ධාතුමනසිකාර භාවනා E-Book – අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්

කෘත්‍රිම ආකාර වලින් නිපදවූ ඇට සැකිළි මිළට ගැනීමට ඇති නමුත් ඒවා භාවනාවට සුදුසු නොවන බව උන් වහන්සේගේ අදහසයි. අපි විසින් සොයා බැලූ කල දැනගන්නට ලැබුනේ මිනිස් ඇට සැකිළි ප්‍රවාහනයට පවා නීතිමය බාධක ඇති බවයි. මෙම පින්කම කර ගැනීම දුෂ්කර එකක් වන්නේ ඒ නිසාමය. කෙසේ නමුත් වෛද්‍ය ක්ෂේත්‍රයේ නියුතු පින්වතුන් හා නීති ක්ෂේත්‍රයේ පින්වතුන් එක්වියහැකි නම් මේ උතුම් පින්බිම තුල සංඝ රත්නයට අත්‍යවශ්‍ය කාරණයක් සපුරා දීමට අපහසු විය නොහැකි බව අපගේ අදහසයි. මෙය අපගේ රටේ ඇති ඕනෑම ආරණ්‍යයක මෙතෙක් හෙළි නොවූ අවශ්‍යතාවයක් විය හැකි බවද කරුණාවෙන් සිතට ගන්න.

ඔබගේ චතු සත්‍ය අවබෝධයට උපකාරී පිණිස මෙසේ ආර්ය මාර්ගයේ වඩින අති උතුම් සංඝ රත්නයට එම උපකාරය කල හැකි වාසනාවන්ත බෞද්ධ පින්වතා හෝ පින්වතුන් ඔබ නම් ආරණ්‍යයේ නායක හිමිපාණන් ඔබට  071 2 376 708  දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත හැක. භාවනානුයෝගී මේ උතුමන් ඔබට සම්බන්ධ කර ගත හැක්කේ රාත්‍රී 9 සිට 9.30 දක්වා සීමිත කාලයකට පමණක් බවද කරුණාවෙන් සිහි තබා ගන්න.

මීට අමතරව, පාරමිතා පුරන බෞද්ධයන්ට, පොළොවට පස් වීමට හෝ ආදාහනය වීමට නියමිත සිය ඇට පද්ධතිය සිය අන්තිම කැමැත්ත තුලින්  නිවන් පතාගෙන භාවනානුයෝගී මහා සංඝ රත්නයේ මතු ප්‍රයෝජනය පිණිස වෙන්කර තැබීමද ඒකාන්තයෙන්ම මහා ආනිසංස සහිත හරවත් පින්කමක් වනු ඇත. මෙම රූපමය නිරූපනය හා භාවනා වාක්‍ය විශාල ප්‍රමාණයෙන් වර්ණ මුද්‍රණය කර පන්සල්, ආරණ්‍ය, පිරිවෙන් ආදී බෞද්ධයා ගැවසෙන තැන් වල ප්‍රදර්ශණය කිරීමද, ඔබට කරගතහැකි ඉහලම කුසළ කර්මයකි.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ