Archive for මාර්තු 2011
වසර 2600 ක් ඉදිරි අනාගතය (අපගේ අද දින ) හා ඉන් එපිට සිහිනෙන් දුටු බුදුන් දවස කොසොල් රජු.
Posted මාර්තු 28, 2011
on:- In: නිරූපන | මහා සුපින ජාතකය
- 4 Comments
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
පුදුම හාස්කම් මේ රතන සූත්ර දේශනාවෙ තියෙනව. මීට අවුරුදු 15 කට පමණ පෙර ගාල්ලේ කච්චේරියෙ සේවය කරන මහත්තයෙක් අපි ලඟට ඇවිල්ල කිව්ව “ස්වාමීන් වහන්ස රතන සූත්රයේ පුදුම බලයක් මම දැක්කා“…….. එතුමාගේ පදිංචි නිවසට සමීප එතුමාගේම ඉඩමක එතුමාගේ වටිනා නිවසක් බදු දීල තිබුනා….බද්දට ඉඳල තියෙන්නෙ අබෞද්ධ පිරිසක්. ඒ ඇත්තෝ එළුවන් මරාගෙන, කුකුළන් මරාගෙන අපිරිසිදුව ඉන්නව, බදු ගෙවන්නෙත් නෑ, ගේ අස් කරගෙන යන්නෙත් නෑ. එතුමා බොහෝම ධාර්මික කෙනෙක්, කෙනෙකුගේ හිත රිදෙන වචනයක් වත් කියන්නේ නැති හරීම ශාන්ත කෙනෙක්.
එතුමා දිනක් ඇල්පිටියේ කරුණාරත්න මෑණියන්ගේ ගෙදර ගිහින් තියෙනව වෙන කෙනෙකුගේ අවශ්යතාවයකට….. මිදුලෙ ඉන්නකොට අහන්න ලැබුනා මේ රතන සූත්රාන්ත දේශනාවෙන් දහස් වරක් පිරිත් කීමෙන් මෙන්න මේ වාගෙ ප්රතිඵල ලැබෙනව කියල. …එතුමා ගියේ සාස්තර අහන්ඩ නෙවෙයි,….. ඒක අහගෙන ඉඳල හිතුව මමත් එහෙනම් මගේ ගෙදර සඳහා මේක කරන්නෙමි කියල, …..ගෙදර ඇවිල්ලා,…. අර බදු ගෙය අරමුණු කරගෙන හැමදාම හැන්දෑවට, තමන්ගේ රාජකාරි වලින් නිදහස් වෙලා ආහම දවසට හත් අට සැරයක් බැගින්, රතන සූත්රය කියල, මගේ ගේ නිදහස් කර ගන්ඩ ලැබේවා කියල.
දහස් වරක් වුනත් මම කියන්නෙමි කියලයි හිතාගෙන පටන් ගත්තෙ. සැබැවින්ම, මාසයක් දෙකක් වගේ යනකොට, 200 ක් තරම් කියන කොට,….. ……මේ බද්දට හිටිය පුද්ගලයෝ, රාත්රී කාලයේ අස්වෙලා ගිහින්ද?, දවල් කාලෙ අස්වෙලා ගිහින්ද? කියල දන්නේ නෑ, සියළුම ඒ ඇත්තන්ගේ දේවල් අරගෙන අස්වෙලා ගිහිල්ල. ඉතින් ඒ මහත්තය කියනව, “ස්වාමීන් වහන්ස, වචන මාත්රයක් වත් නොදොඩා, ……නඩු පවරන්නෙත් නැතුව,…… හිත නරක් කර ගන්නෙත් නැතුව,….. මේ රතන සූත්රාන්ත දේශනාවෙන් මට ගේ නිදහස් කර ගන්න ලැබුනනෙ”
ඔය වගේ එකක් නෙවෙයි, බොහෝ දෙවල් අපට අත්දැකීම් ලැබිල තියෙනව….ඉතින් මේ අනුව සලකා බැලීමේදී රතන සූත්ර දේශනාවෙන් එදාට නෙවෙයි, අදටත් මේකෙ පුදුම ආනිසංස නෙලා ගන්න පුළුවන්.
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
068.Rathana Suthra.mp3
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!
මෙම පූජනීය ස්වාමීන් වහන්සේගේම තවත් පිරිත් අනුහස් සහිත දේශනා (MP3) මෙතැනින් බාගත කර ගත හැක
පිරිත් අනුහස් සහිත දේශනා (MP3)
සියළු පිරිත් හා ඒ සම්බන්ධ ධර්ම කරුණු, අපගේ පහත සඳහන් නවතම පිටුව ඔස්සේ ඔබට ලබා ගත හැක.
නවතම ප්රතිචාර