ධර්ම නිධාන

Archive for the ‘අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන්’ Category


‘අගමැති අයුතු ලෙස මුදල් හම්බ කිරීමට උත්සාහ කළ අයෙක්‌ නොව’
අස්‌ගිරි මහනාහිමි පැවසූ බවට අමාත්‍යංශයෙන් නිවේදනයක්‌

අගමැති දි.මු. ජයරත්න මහතා අයුතු ලෙස මුදල් හම්බ කිරීමට උත්සාහ කළ අයකු නොවන අතර ඔහුට එල්ලවන චෝදනා මහපොළොව නුහුලන අපරාධයක්‌ යෑයි අස්‌ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම බුද්ධරක්‌ත හිමිපාණන් ප්‍රකාශ කළ බව බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්‌වේ.

උඩුනුවර හා උඩපළාත ප්‍රාදේශීය නාහිමිවරුන් ඇතුළු භික්‍ෂුන් වහන්සේලාගේ හමුවකදී මහනාහිමියෝ මේ බව පැවැසූ බව එම නිවේදනයේ සඳහන් වේ. එහි තවදුරටත් මෙසේද දැක්‌වේ.

අගමැතිතුමා මගේ දායකයෙක්‌. එතුමාගේ දිගු දේශපාලන ජීවිතයේ කිසිදෙනක මෙවැනි චෝදනාවලට ලක්‌වෙලා නෑ. එතුමාට හම්බකර ගන්න ඕනේ නම් ඒ සඳහා එතුමාට ඕනෑ තරම් අවස්‌ථා තිබුණා. අපි දන්නා තරමට එතුම දේශපාලනය තුළින් හම්බ කරලා නෑ. ජීවිතයේ අවසන් කාල පරිච්ඡේදයේ මෙවැනි චෝදනා වලට ලක්‌ වන්නට තරම් එතුමා වරදක්‌ කළා කියලා අපිට විශ්වාස කර ගන්න පුළුවන් කමක්‌ නැතැයිද නාහිමියෝ ප්‍රකාශ කළහ.

“ජනාධිපතිතුමා, අගමැතිතුමා, විපක්‍ෂ නායකතුමා ඔය කොයි කවුරුත් මගේ දායකයෝ. අගමැතිතුමා ගැන මම බොහෝ කල් ඉඳලා තොරතුරු දන්නවා. එතුමා දේශපාලනය වෙනුවෙන් විශාල කැප කිරීම් කළ අයෙක්‌. එතුමාට පක්‍ෂයෙන් අභියෝග ආවත් පැනලා ගියේ නෑ. එතුමා මුදල් හම්බ කරන්න උත්සාහ කළ අයෙක්‌ නොවෙයි. එහෙම ඕනෑකමක්‌ තිබුණා නම් මීට කලින් ඒක හොඳට කරගන්න තිබුණා. කවුරුහරි උදව්වක්‌ ඉල්ලගෙන ආවම අපේ ළඟ ඉන්න අයත් උදව් කරනවා. අගමැතිතුමාගේ ලේකම්වරයාත් ලිපියක්‌ දීලා තියෙන්නේ උදව්වක්‌ කිරීමේ ෙච්තනාවෙන් කියලයි දැනට තිබෙන තොරතුරු අනුව පෙනී යන්නේ. කෙනෙකුට චෝදනාවක්‌ එල්ල කරන කොට අපි හොඳට හොයලා බලලා එහෙම කරන්න ඕනේ. එහෙම නැතුව පෞද්ගලිකව හානි කිරීමේ ෙච්තනාවෙන් කරන චෝදනා පිළිගන්න බෑ.

ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපාන ප්‍රේමසිරි නාහිමියෝද මේ සම්බන්aධයෙන් අදහස්‌ දක්‌වමින් මෙසේ සඳහන් කළහ.

“අපේ අගමැතිතුමා විවිධ අමාත්‍ය තනතුරු දරපු දුරදිග බලා කටයුතු කරන ගුණ ගරුක මහත්මයෙක්‌. එතුමා කිසිවිටෙක මේ රටට ජාතියට අයහපතක්‌ වන දෙයක්‌ කරන්නේ නෑ. ඒ ගැන අපට බලවත් විශ්වාසයක්‌ තියෙනවා. එතුමාට අපවාද චෝදනා එල්ල වුණත් ඒවා ඔප්පු කරලා නෑනේ. ඒ නිසා අගමැතිතුමා ඒ සියලු දේවල් ආශිර්වාදයන් සේ සලකා තව තවත් ධෛර්යයෙන් කැපවීමෙන් කටයුතු කළ යුතු යෑයි උන්වහන්සේ සඳහන් කළහ.

http://www.divaina.com/2013/12/26/provin09.html

 

 

ත්‍රෛ නායක මහනාහිමිවරු වන්දනාවට නුසුදුසු පිරිස් දූෂකයන් වී සිටින අයුරු අපි නොයෙක් වර පෙන්වා දුන්නෙමු. ඉස්ලාමිකයන් ලෝක බෞද්ධයන්ට මෙරට බෞද්ධයන්ට කරන කෙණෙහිලිකම් කිසිදා නිම නොවේ. එය කුරාණයේම කොටසකි. ද්‍රවිඩයන් ගේ සාසන/ජාතික විරෝධය සෑම විටම පල්ලියට මුවා වෙමින් සිදුවේ. දහම් දැනුම අබ ඇටයක් හෝ නොමැතිව ඇබිත්ත කමින්ම සිය තනතුරට පත් මේ පිරිස් දූෂක නාහිමිවරුට රත්නත්‍රය ගැන අබමල් රේණුවක කැක්කුමක් නැති බවට හොඳම ඔප්පුව බෞද්ධයාගේ නිවට මාරයන් වන අන්තවාදී ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය එම දූෂකයන් වහන්සේලාගේ ද්‍රෝහීකම් අගයා යවා ඇති ලිපියයි. බෞද්ධයිනී අපට අපගේ උතුම් රත්නත්‍රයට දැන් කාගේ නම් පිහිටක්ද?

ඔබත් රටට රත්නත්‍රයට හෙණ ගැසුවත් මගේ නිවන සුරක්ෂිතයිනේ කියා සිතන අයෙක් නම්, කිසිදා නිවන් හිමි නැති අවාසනාවන්ත අකෘතඥ ඔබත් කියවන්න, අපගේම ඉස්ලාමීය, කතෝලික අනාගත දූ දරු පරපුර වෙනුවෙන් පහන් සංවේගය ඇති කර ගන්න.

මට පෙර රත්නත්‍රය සේ අදහන දුටු ගැමුණු පරපුරේ වීර හෙළ බෞද්ධයෙක්නම් මේ සම්බන්ධව ඔබට හැකි සෑම ආකාරයෙන්ම අන් අය දැනුවත් කරන්න. රත්නත්‍රය උදෙසා දිවි හිමියෙන් සටන් වදින්න.  අට තිසක් මංගල කරුණු අදහන කළගුණදත් උතුමෙක් සේ නිවන් මගේ නොබියව ඉදිරියට යන්න.

ධර්ම ද්වීප ඉරණම අප සහෝදර වෙබ් අඩවිය කලියුගයේ මහ නාහිමි වරුන් ලෙස අස්ගිරි – මල්වතු මහ නාහිමිවරුන් හඳුන්වා දී තිබුණි. මෙම මහ නාහිමි වරුන් විසින් දේශිත කිසිදු වටිනා දහමක් ගැන අපි ද මෙතෙක් අසා නැත්තෙමු. මහා පුදුමයකි මේ හිමිවරුන් දෙදෙනා කිසිසේත් නියෝජනය නොකරන ප්‍රධාන දේ 3ක් ඇත. ඒවා නම් හෙළ ද්වීපය, හෙළ ජාතිය , හෙළ ආගම යන තුනයි. මුන් වහන්සේලා නොයෙක් ප්‍රවෘති ප්‍රකාශ නිකුත් කලත් රට-දැය-සමය එකක වත් අභිවෘධියට නිකුත් කල එකදු ප්‍රකාශයක් සොයා ගැනීමට නැත. කරන තාක් ප්‍රකාශ රට-දැය-සමය වනසා දැමීමේ මාවත ඔස්සේම වීම තව දුරටත් අහම්බයන් සේ පිළිගැනීමට තරම් අපි අඥාණයන් නොවිය යුතුය.

අද පටන් වත් මුන් වහන්සේලාගේ ප්‍රකාශ හා මුන් වහන්සේලා වැල නොකැඩී බැහැ දකින්නන් ගැන ප්‍රවේශමෙන් සිතා බලන මෙන් අපි ලක් වැසි සියළු සැදැහැවත් බෞද්ධයන්ගෙන් සාසන සංවේගයෙන් යුතුව ඉල්ලා සිටිමු.

වරෙක මධ්‍ය කඳුකරයේ ජාතිවාදය අවුස්සන සුළු ජාතික නායකයන් මෙතුමන්ලා හමුවේ. එවිට එම සුළු ජාතිකයන් ගෙනා යම්තම් පිරිකර බලමින්දෝ ඔවුන්ගේ කිසිසේත් නැති ගුණ වර්ණනා කරන්නේ අති ගුජුප්සාජනක හා සාසන විරෝධී ආකාරයෙනි. තවත් වරෙක සර්වාගම් අගමැති දී.මූ. හමුවේ පවසන්නේ බෞද්ධයන් වශයෙන් අපිට උසස්ම ශුභ ආරම්මණය වන බුදු පිළිම අඩු කල යුතු බවයි. පාරම්පරික බෞද්ධ උරුමයන් සුළු ජාතික ආක්‍රමණිකයන් ගිල ගන්නාවිට මුන් වහන්සේලා එක වචනයක් හෝ ඒවාට එරෙහිව පිට නොකරයි. ඒවා තමන්ට අදාල විෂයන් නොවන බව පැහැදිළිව පෙන්වමින් සිටී. එක්සත් ජාතික පක්ෂය අන්ත සාසන විරෝධී කොටි හිතවාදය පවා එළිපිට පෙන්වන පක්ෂයක් වන නමුත් එම පක්ෂයේ නායකයන් ට සමගි වී බලවත් වන සේ අනුශාසනා කරයි. ඉතාම මෑතක ලංකා කතෝලික පල්ලිය විසින් මුදල් යොදවමින් දියත්කල විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ අසාර්ථක කුමණ්ත්‍රණයේ ඉත්තන් බවටද මේ දෙනම ස්වේච්ඡාවෙන් පත් වූ බවක් පෙන්වීය. කොතරම් මුදල් පිරිකර මත මෙම උවමනාව උපදින්නට ඇතිදැයි ශාසන ආලය ඇති කවුරු කවුරුත් සිතා බැලිය යුතුය.

කරූ ජයසූරිය යනු අති ප්‍රසිද්ධ මිසදිටුවෙකි. බෞද්ධයෙක් වශයෙන් වංඡනිකව පෙනීසිටිමින් මහ ජනතාව නොමග යවන පුද්ගලයෙකි. සායි බාබා අනුගාමිකයෙකි. මේ වංඡනිකයා “ජාතික භික්‍ෂු පෙරමුණ” නමින් සිවුරු දරණා කඳ පණු පරපුරක් බිහිකරගෙන හමාරය. සිංහල බෞද්ධයා ගේ අතිශය අප්‍රසාදයට සිය දේශපාලනය හරහා පත්වෙන අතර භික්ෂු වේශදාරී කඳ පණුවන් යොදමින් දේශපාලනය කිරීමට තරම් සිය ලැජ්ජා බිය සුන් කර ගැනීමට මොහු සමත් වී ඇත.

අරමුණ ඉතා පැහැදිළිය, සර්වඥ ධාතූන් වන්දනාවේ පැමිණ සිටි සැදැහැවතුන් ප්‍රමාණයෙන් මොවුන් යම් ඇස්තමේන්තුවක් කර ගත්තාට සැක නැත. ඒ අනුව සැදැහැවත් බෞද්ධයා සිය දුගඳ හමන පර ජාතිවාදී දේශපාලනයට සහභාගි කර ගැනීමට උපක්‍රමයක් යොදාගෙන ඇත.  අති වියරු හිටපු හමුදා පාලකයෙක්, අසාර්ථක දේශපාලකයෙක් යන අය විසින් ඔවුන් පිහිනන දෙමළ කොටි ඩයස්පෝරා මුදල් වලින් නඩත්තු වන මේ “ජාතික භික්‍ෂු පෙරමුණ”  කඳ පණුවන් සිවුර දරමින් රට-දැය-සමය නැසීමට පෙල ගැසී සිටී. කලින් කතා කරගත් පරිදි, මහා ජාතික කැක්කුමකින් ඔවුන් විසින්ම පවත්වන දෙයක් සේ දේශපාලන පෙළපාලි මවා පායි. ඔවුන්ව රූකඩ සේ මෙහෙයවන අයට ආරාධනා කර ඇති සේ පෙන්වා බෞද්ධයා මෝඩයෙක් කිරීමට ක්‍රියා කරයි.

ඉහත පෙන්වා දුන් කරූ ජයසූරියට හිස අත ගාමින් සම්ප්‍රප්‍රලාප අනුශාසනා කරන මේ කලියුගයේ අස්ගිරි-මල්වතු හිමිවරු කිසිදු සැකයකින් තොරව අපි හැම විසින් මෛත්‍රීසහගතව සහමුලින් ප්‍රතික්ෂේප කල යුතුය. සාසන ආලයෙන් එසේ කරමින් පින් රැස් කර ගත යුතුය. ඒ කෙසේද? කඳ පණු මුන් වහන්සේලාට ඔබ කිසිම දානයක් නොදෙන්න. වන්දනා නොකරන්න. පෙර ගමන් නොකරන්න. අසුනෙන් නැගී සිට ගෞරව නොකරන්න. පරිභව නොකිරීමට පමණක් ප්‍රවේශම් වන්න.

මහනායක වරුන්ට කිසිසේත් තරම් නොවන,  පෘතග්ජන ජාතිමාමකයන්ට කඳුළු උපදවන එම පුවත් ප්‍රකාශ මෙසේ අපි පල කරන්නෙමු.


රැස්‌වීමකට සහභාගි වීමේ පුද්ගල අයිතියට විරුද්ධ වීමට කිසිම පක්‌ෂයකට පුළුවන් කමක්‌ නෑ
අස්‌ගිරි මහ නාහිමි

දේශපාලනඥයන් හා පක්‌ෂ නායකයන් දෙන පොරොන්දු බලයට ආවිට ක්‍රියාත්මක කරන්නේ නැහැ
මල්වතු මහ නාහිමි

පොදු විපක්‍ෂයේ රැස්‌වීමට පෙර මහ නාහිවරුන්ගෙන් උපදෙස්‌ පතනවා
කරු ජයසූරිය

කුමන පක්‌ෂයක හෝ කාගේ හෝ වුවත් රැස්‌වීමක්‌ අහන්ට බලන්ට යැමේ අයිතියක්‌ තිබෙනවා. මේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබෙනවා”යි අස්‌ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ එක්‌සත් ජාතික පක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා තමන් වහන්සේ බැහැදුටු අවස්‌ථාවේ ඊයේ (17 දා) පැවැසූහ.

එසේ ඕනෑම රැස්‌වීමකට යැමේ අයිතිය ඔබටත් තිබේ යෑයි අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ කරු ජයසූරිය මහතාට පැවසූහ.

අස්‌ගිරි මහානායක ස්‌වාමීන්ද්‍රයන් අස්‌ගිරි මහා විහාරයේදී බැහැදකිමින් එක්‌සත් භික්‌ෂු පෙරමුණ සංවිධානය කළ කොළඹ හයිඩ්පිටියේ රැස්‌වීමට සහභාගි වීමට පෙර අනුශාසනාවක්‌ ලබා ගැනීමට පැමිණි බව කරු ජයසූරිය මහතා පැවැසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ එවැනි රැස්‌වීමකට කෙනකු සහභාගිවීම විරුද්ධවීමට කිසිම පක්‌ෂයකට හෝ පක්‌ෂ නායකයකුට පුළුවන්කමක්‌ නැතැයි පැවැසූහ.

දේශපාලන පාක්‌ෂිකයකුට විලංගු දමා තියා ගැනීමට කිසිවකුට පුළුවන්කමක්‌ නැතැයිද මහා නාහිමිපාණෝ පැවැසූහ.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ මහා නායක ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ, කැත්තට පොල්ල වගේ සිට කටයුතු කිරීමට පුළුවන්කමක්‌ නැතැයිද පැවැසූහ.

මහානාහිමිපාණෝ මෙසේ ද පැවැසූහ. ඔබ රජයට එකතුවුණා. තවදුරටත් ඒ විදියට හිටියා නම් අද හොඳ තැනක ඉන්ට තිබුණා. නමුත් ආපසු ඔබේ පක්‌ෂයට ගියා. අද ඔබ එලවා දැමීම සුදුසු නැහැ. මට පක්‌ෂයක්‌ දේශපාලනයක්‌ නැහැ. කියයුතු දේ කියනවා.

මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන්වහන්සේ අදහස්‌ දක්‌වමින් දේශපාලනඥයන් හා පක්‌ෂ නායකයන් මැතිවරණ කාලයේ පොරොන්දු වන දේ බලයට පැමිණි විට ක්‍රියාත්මක නොකරන බව පැවසූහ.

නමුත් රටක්‌ වශයෙන් දියුණු වීමට නම් කවුරුත් එකමුතු විය යුතු බව උන්වහන්සේ පැවැසූහ.

ජනාධිපති ක්‍රමයත් මනාප ක්‍රමයත් සුදුසු නැති බව එක්‌සත් ජාතික පක්‌ෂයත් මීට වසර කීපයකට පෙරදී කියා තිබෙන බවද මහානායක හිමිපාණෝ පැවැසූහ.

දේශපාලන පක්‌ෂ සංඛ්‍යාව වැඩි වූ පමණින් රටේ ප්‍රශ්න නොවිසඳෙන බව පැවසූ අති පූජ්‍ය මහානායක හිමිපාණෝ සමගියෙන් කටයුතු කිරීම අවශ්‍ය බව පැවසූහ.

කරු ජයසූරිය මහතා අදහස්‌ දක්‌වමින් එක්‌සත් භික්‌ෂු පෙරමුණ සංවිධානය කළ රැස්‌වීමට සහභාගි වුවහොත් පක්‌ෂයෙන් අස්‌කර දමන බව එක්‌සත් ජාතික පක්‌ෂ නායකත්වය පවසන නිසා එම රැස්‌වීමට සහභාගි වීමට පෙර මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ උපදෙස්‌ ලබා ගැනීමට පැමිණි බව කීවේය.

සෙසු ආගමික නායකයන්ගේත් හිතවතුන්ගේත් අදහස්‌ විමසන බවද ජයසූරිය මහතා මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලාට පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීන් වූ රංගේ බණ්‌ඩාර සහ අශෝක අබේසිංහ යන මහත්වරුද තල්පත ධම්මජෝති ස්‌වාමීන්වහන්සේද සහභාගි වුණු මෙම අවස්‌ථාවට හරීන්ද්‍ර දුනුවිල සහ පාලිත ඇල්කඩුව යන මහත්වරුද සහභාගි වූහ.

සිරිල් විමලසුරේන්ද්‍ර

http://www.divaina.com/2012/10/18/news35.html

 

වටිනාම පුවත ඉහත එකක්වත් නොවේ, මහ නාහිමි කඳ පණුවන් තම අල්ලේ නටවා මුළුරටටම උන් වහන්සේලාගෙ සැබෑව හෙළි කල නිවට මිසදිටු කරූ එම නාහිමි උපදෙස්සියල්ල පසෙක ලා, ජාතික භික්‍ෂු පෙරමුණ කඳ පණුවන්ටද  පිටුපා ගෙදරට වී සැඟවීඇති අයුරු ඔබ විශ්වාස කරනවාද? නැතිනම් කියවා බලන්න.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,890 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ