ධර්ම නිධාන

Archive for නොවැම්බර් 2012

කන්න දුන් අත සපා කන සුළු ආගමිකයන්ගෙ නොයෙකුත් බාහිර කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස සිංහල බෞද්ධයා වඳවෙමින් යන ගොඩට තල්ලු වෙමින් සිටියද, අදටත් ඉතිරි බෞද්ධ ජනතාව සිය අති ශ්‍රේෂ්ඨ බවේ සංකේතය පිරිසිඳු ථේරවාදී බුදු දහම බව හොඳින් දනී. කුමන්ත්‍රණ කිරීමේ අරමුණින් සසුනට ඇතුල් වූ කඳ පණුවන්ද මෙය හොඳින් තේරුම් ගත් සත්‍යයකි. එසේ නම් පහර ගැසිය යුතු තැන මිතුරු වෙසින් සිටින සතුරා අවබෝධ කරගෙන අවසානය. ප්‍රතිඵලයක් ලෙස දෙව් මිනිස් සුගතියට මහා මෙව්නා නම් නිඝන්ඨ අසපුව බිහිකර දෙන්නේ කුඩාකල කතෝලික ආගමේ බොළඳ ආභාෂය ලබා පසුව ජාතියේ අවාසනාවට සසුනට ඇතුලත් වූ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

හෙළ බුදු සසුනේ වදන් වල තේරුම් ගැන හෝ අති ඝාම්භීර අභිධර්මය ගැන හාංකවිංසියක් නොදත් මෙතුමා පන්සල නැසීමට නිඝන්ඨයන් භාවිත කල අසපු බිහි කලේය. ඉන් නොනැවතී බුද්ධ ශ්‍රාවකයා නැසීමට මහාමේඝ පතනය කරමින් සිටින්නේ එම වදන් ව්‍යංගයෙන් උන් වහන්සේගේ පවිටු චේතනා උගත් බෞද්ධ ජනතාවට පහදා දෙද්දී බව සමහර විට අදටත් උන්වහන්සේ නොදන්නවා වෙන්නට පුළුවන.

පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ වදන් අතිශය බොළඳය, අන්තර්ගතයේ ඇතැම්විට සිත්සේ අර්ථකථනය කරන සුළු ධර්මයක් දැකගත හැක. කිරි බිංදුවක් හා ගොම කලයක් මෙන් එම දහමේ වටිනාකම නසා දැමීමටදෝ සම්ප්‍රප්‍රලාප සාගරයක් නිතරම ඇතුලත් කිරීමට නොපැකිලේ. හරියටම පැය ගානක් පල්ලියක දේවගැති වරයෙකුගේ දේශණයකට සවන් දුන්නත් ගත හැකි වැදගත් කිසිවක් නැතිවාක් මෙන්මය. විනාඩි පහකින් කිව හැකි ධර්ම කරුණු කීමට මෙතුමාට හා ගෝලයන්ට දවසකුත් මදි වන්නේ මේ හේතුව නිසාය. ඥානය නොමේරූ අභිධර්මය නොඇසූ අසරණ බෞද්ධ ජනතාව මුන් වහන්සේගේ වාණිජ්‍ය ඉලක්කයයි. පරම ඝාම්භීර නියම බුදුදහම පාසැල් විෂය නිර්දේෂයෙන් පවා බෞද්ධයාට අහිමි කර තිබීම මුන් වහන්සේගේ පහර දීමේ ඉහලම වාසියයි.

වසර 2600ක් පුරා බුදු දහමට එරෙහි අනේක කුමණ්ත්‍රණ දියත් විය. ඒවා සියල්ල කලේ බාහිර වෛරී ආගමිකයන්ගේ මුදල් යොදමිනි. එම මුදල් අවසන් වනවිට වෙච්ච දෙයකුත් නැත. කරබාගෙන ඉවත්වීම හැර විකල්පයක් ඔවුනට නොවීය. මේ කලියුගයේ සසුනේ පරම සතුරන් බොහෝ දුර සිතා බලුවේය,  බාහිර මුදල් වෙනුවට බෞද්ධයාගේම මුදල් යොදා සසුන දියකර හැරිය යුතු බව තීරණය කලේය. කතෝලික දරුවෙක් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නමින් සසුනට ඇතුල් වූයේ ඒ ආකාරයෙනි.

එතුමාගේ ආගමනයේ සිට මේ දක්වා සිදුකලේ සාසන විනාශ පමණි. පංච විධ අන්තරාවෙන් බහුතරයකට හසුවී තමන්ට සෝවාන් වීමට වත් වාසනාව අහිමි කර ගත්තද, බුදුන් වහන්සේටත් වඩා තමන් ඉස්මතු වීමේ බොළඳ ආශාවක් මෙතුමා පෙන්වන බවද  රහසක් නොවේ. දහම් දේශනා අතර සියුම්ව බුද්ධ රත්නයට දෙන ප්‍රහාර වලට අමතරව  මෙයත් බුද්ධ රත්නයට එරෙහි ප්‍රහාරයකි.  අති ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් වූ පරම පූජණීය රේරුකානේ හිමි ගේ අසහාය කෘති එතුමාට හා අන්ධ ශ්‍රාවකයන්ට තහනම් වූ කෘතීන්ය. එය ධර්ම රත්නයට දෙන ප්‍රහාරයයි. බණ දෙසද්දී අඬවා, කෙලෙස් වඩවා ක්ෂණිකව පැවිද්දට ඇතුල් කරගන්නා තරුණ තරුණියන් පැවිද්දේ බරක් පතලක් නොදැන ආ බැවින් ඉක්මනින් පැවිද්ද ගැනද කලකිරේ. වැරදි භාවනා කමටහන් නිසා උමතුභාවයට පත්වූ තරුණ භික්ෂු ජීවිත ගණන ඇස්තමේන්තු කර නැතත් විශාල බව තෙරුම් යන කටුක සත්‍යයයි. එය සංඝ රත්නයට දෙන ප්‍රහාරයයි.  මේවා එතුමා ත්‍රිවිධ රත්නයටම එරෙහිව කල ප්‍රහාර කීපයක් පමණි.

හොඳින් තේරුම් ගන්න, දේවදත්ත තෙරුන් මෙතරම් විනාශයක් සසුනට කලේ නැත. ආනන්තරීය පාප කර්ම කරගනිමින් බුද්ධ රත්නයට පහර දුන් බව සැබවි. එහෙත් බුදුන් දෙසූ ධර්ම ස්කන්ධයෙන් අංශු මාත්‍රයන් නොදෙසුවා කියමින් ධර්ම රත්නයට පහර දුන්නේ නැත.  උන් වහන්සේ සසුනෙන් සොරා ගත් පෘතග්ජන භික්ෂූන් 500න් කිසිවෙකුට මානසික ආබාධ ඇතිවනසේ, තමා නොදත් කමටහන් දෙන්නට ගොස් සංඝරත්නයට හානි කලේ නැත. දෙව්දත් තෙර උත්සාහ කලේ මාංශ අනුභවය සහමුලින් තහනම් කරවීමට මිස කිරිබත්ගොඩ හිමි මෙන් එය සාධාරණීකරණය කිරීමට නොවේ. එබැවින් කිරිබත්ගොඩ හිමිට දෙව්දත් වත පිළිපදිනවා කීවොත් එය දෙව්දත් තෙරට කරන ලොකුම අපහාසයයි. අවසානයේ අවීචියට ඇදෙන මොහොතේ, සිය වරද අවබෝධ කරගෙන බුදුන් සරණ ගිය බැවින් කල්ප ගානක් එහි සිර නොවී මේ කල්පාන්තයේදී දෙව්දත් තෙර අවීචියෙන් නිදහස් වේ. ඉන් පසු කාලයක එතුමා පසේ බුදු වීමට තරම් පාරමිතා පුරා ඇති වාසනාවන්ත උතුමෙක් බව ඔබ දන්නවාද?

පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ ප්‍රහාර එතනින් අවසන් නොවේ, ශ්‍රාවක බෞද්ධයාට ප්‍රහාර දෙන්නේ ඔවුන්ට සිය විකෘති බොළඳ දහම අති අසාධාරණ අධික මිළ ගණන් යටතේ විකිණීම හරහාය. සිය දහම් ප්‍රකාශන වලට කිසි සංයමයක් නොමැතිව රාග නිශ්‍රිත කාන්තා රූප යොදා ගැනීම මෙහි එක් උපක්‍රමයකි. මෙතුමා විසින් ලියන ලද මහමෙව්නා ප්‍රකාශණ වල පිටකවර ගැන සොයා බලන්න. උපයන ලාභය තව තවත් ත්‍රිවිධ රත්නය කා දැමීමට, සරුව පිත්තල නිඝන්ඨ අසපු වපුරා පන්සල්, බෞද්ධ ගම්මාන නැසීමට යොදා ගනී. සසුනට, ජාතියට එරෙහි තවත් අන්ත දරුණු ප්‍රහාර ගැන දැන ගැනීමට නම් එතුමාගේ සිත කියවිය යුතුය.  තමාගේ පිරිනිවීම ගැන නන් දොඩවන පූජ්‍ය කිරිබත්ගොඩ හිමි සුවාසු දහසක් බුදු වරුන්ට සම ධර්මස්කන්ධයෙන්, අභිධර්ම ප්‍රතික්ෂේපය හරහා සතලිස් දෙදාහක් බුදුවරු අපවත් කිරීමට කුමණ්ත්‍රණය කිරීමේ පවට අවීචි ගත වූ විට කල්ප ශත සහශ්‍රයකින් හෝ එයින් නොගැලවෙන බව ඔබට පැහැදිළියි නේද? එවන් අවාසනාවන්ත හිමි නමකගේ අනුගාමික වීමට ඔබ මොන තරම් නම් බිය විය යුතුද?

ගම රැකගෙන පන්සල් වල වෙසෙන අති උතුම් භික්ෂූන් වහන්සේලා හා අනෙක් ත්‍රිපිටකධාරී උතුමන් මේ විනාශය හොඳින් දකී. නමුත් එරෙහිව කතා කල සැනින් එය සංඝ භේදයක් සේ පෙන්වීමට සැදී පැහැදී සිටින බෞද්ධ / අබෞද්ධ පවිටු ජනතාව නිසා කර කියාගත හැකි දෙයක් නොමැතිව සිටී. බෞද්ධයන් වශයෙන් අපි ත්‍රිවිධ රත්නය දිවි හිමියෙන් සරණ ගොස් ඇතිනම් මේ විනාශයේදී කරබාගෙන නොසිටිය යුතුයි. මහමෙව්නා, මහාමේඝ හා සකල සාසන කඳ පණු සංහතියම මෛත්‍රියෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීම තුලින් මෙයට වහාම විසඳුම් සෙවිය යුතුය. නැතිනම් අන් බාහිර කුමන්ත්‍රණ සියල්ලට කලින් වියරු වැටුනු සසුනේ කඳ පණුවන් සසුන අතුරුදන් කර දමනු ඇත.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

බුද්ධප්‍රමුඛ මහාසංඝරත්නයට “හලාල්” පූජා කිරීම බෞද්ධයන්ට අකැපයි…

ලෝක ව්‍යාප්ත ඉස්ලාම්කරණ වැඩපිළිවෙල හමුවේ මේවනවිට ලංකාව තුළත් “හලාල් වසංගතය උඩුදුවා ඇති බවත්, මේ සඳහා බලධාරීන් මැදිහත්ව ඉක්මනින් පිළියමක් නොයෙදුවහොත් නොබෝ කලකින්ම හෙළදිව ධර්මද්වීපය වෙනුවට හලාල් දේශයක් බිහිකිරීමට සිදු වනු ඇති බවත් බොදු බල සේනා ජාලය පවසයි. “හලාල් ආහාර හා ද්‍රව්‍යය වර්ජනය කරම

ු” මැයෙන් 2012 නොවැම්බර් 19 වැනි දින තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා ජාතික මූලස්ථානයේදි පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි බොදු බල සේනා ජාලය අවධාරණය කොට සිටියේ “ෂරීයා නීතියට අනුගත වෙමින් ඉස්ලාමයේ අල්ලාහ් දෙවියන් උදෙසා, ඒ දෙවියන්ගේ නාමයෙන් මුලින් කැපකැන ලද හලාල් ආහාර හා ද්‍රව්‍යය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, ආර්ය මහා සංඝරත්නය උදෙසාත් යළිත් වරක් පූජා කිරීම මෙලොව වශයෙනුත්, පරලොව වශයෙනුත් බෞද්ධයනට මහත් අනර්ථකාරී බව”යි. මෙහිදී අදහස් දක්වමින් බොදු බල සේනා ජාලයේ මහලේකම්, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ පවසා සිටියහ.“ඉස්ලාම් ෂරියා නීතියට අනුව භාවිත කිරීමට හෝ සම්බන්ධ වීමට සුදුසු යැයි සලකන ඕනෑම භාණ්ඩයක් හෝ ක්‍රියාවක් “හලාල්” ලෙසින් සලකනු ලබනවා. ඒ අනුව හලාල් කියන්නේ මුස්ලිම් ඉස්ලාම් නීතිරිතිවලට අනුව සකස්කරන ආහාර හා ද්‍රව්‍යයි. මේ රටේ සියයට අනූවක්ම ජීවත්වන්නේ ඉස්ලාම් නොවන ජනතාවයි. ඒත් මේ වෙනකොටත් මේ රටේ සෑම නිෂ්පාදනයක් සඳහාම, සෑම අලෙවි භාණ්ඩයක් සඳහාම “හලාල්” සහතිකය – නිර්දේශය – ලාංඡනය අනිවාර්ය කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් වෙනවා. හලාල් පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය අපිට ගැටලුවක් නෑ. මුස්ලිම්වරු ඉලක්ක කොට ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳපළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෑ. ඒත් කුමන්ත්‍රණකාරී ලෙස, සදාචාරාත්මක නොවන පරිද්දෙන් ඔවුන්ගේ දෙවියන් උදෙසා කැපකරපු හලාල් ඉස්ලාමය ගරු නොකරන මේ රටේ බහුතරය පිට පැටවීම වැරදියි. මුස්ලිම් ජනතාවට හලාල් නැතුව කන්න බැරි නම්, භාණ්ඩ පරිහරණය කරන්න බැරි නම් වෙළඳපොළෙන් මිලදී ගත්තාට පස්සේ දෙවියන් උදෙසා කැපකරගෙන කන්න බොන්න පරිහරණය කරගන්න පුළුවන්. ඒත් මෙතන ගැටලුව තියෙන්නේ වෙළඳට පළට නිකුත් කිරීමේ සිටම හලාල් නිර්දේශ කොට තිබීමයි. විශේෂයෙන් බෞද්ධ පාරිභෝග ජනතාව කවුරැවත් වෙනුවෙන් කැපකරපු “පිළුණු ආහාර හා ද්‍රව්‍යය” පරිභෝජනය කරන්නේ නෑ. බෞද්ධ ගොවියෝ තමන් ලබන අස්වැන්නෙන් පවා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, මහසඟරැවන උදෙසාත් පූජා කරන්නේ “අග්‍ර කොටස”යි. ඒ නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත්, දන්තධාතූන් වහන්සේ උදෙසාත් භූමිය පූජා කරපු බෞද්ධ රටක් වශයෙන් හලාල් සංකල්පය කොහොමත්ම අපේ රටට ගැළපෙන්නේ නෑ.” වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ:“මුස්ලිම් ජනතාවගේ හලාල් බෞද්ධ – හින්දු – ක්‍රිස්තියානි ජනතාවගේ කරපිට මෙලෙස බලහත්කාරයෙන් පැටවීමෙන් අන්‍යාකාරයෙන් ඔවුන්වද ඉස්ලාම් නීතියට යටත් කරවීමක් සිද්ධ වෙනවා. මෙය අපේ රටට බලහත්කාරයෙන් මුස්ලිම් නීතිය කරමත පැටවීමක්. බුදුරජාණන් වහන්සේට, මහාසංඝරත්නයට පූජා කෙරෙන දානයට හලාල් දීම කියන්නේ අල්ලා දෙවියන්ට මුලින් පූජා කරපු, ඉස්ලාම් නීතියට යටත් වූ දානයක්. බුද්ධ පූජාවට හලාල් තිබ්බොත් එය පිළුණු ආහාරයක් – පූජා ද්‍රව්‍යයක් වශයෙන් සලකන්න සිද්ධ වෙනවා.ඒත් ගැටලුවක් තියෙනවා. මුස්ලිම් ජනතාව හලාල් භාවිත කරන්නේ තමන්ට නිදහසේ ආගම ඇදහීම සඳහා පමණක්ද? නිදහසේ ආගම අදහන්න ඕනෑ නම් මෙහෙම අනිත් ආගමිකයන්ගේ කරමතත් හලාල් පටවන්න තරම් රුදාවක් ඇතිවෙන්න විදිහක් නෑ. කොහොම වුණත් මේ ගැන ඇත්ත තත්ත්වය පහදලා දීලා සුවිශේෂී විවරණයක් සිදුකර තිබෙනවා ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචනා කරපු Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් කෘතියේදී… ඊට අනුව:

“මුස්ලිම් ජනගහණය 5% ඉක්මවන විට ඔවුන් තම ජනගහණයට සමානුපාතික ව රජයට හා අන්‍ය ප්‍රජාවට තම අයිතිවාසිකම් තහවුරැව වෙනුවෙන් අධිකතර බලපෑම් එල්ල කරනවා. හලාල් ආහාර තම රට තුළ ඇති වෙළඳසැල් සඳහා හඳුන්වාදීමට බලපෑම් කරනවා. එතුළින් මුස්ලිම් ආහාර සැකසීම සඳහා එම ආයතන තුළ රැකියා ලබාගත හැකි මට්ටමට ඔවුහු ක්‍රියාත්මක වෙනවා. මෙය බොහෝ විට මුදල් යෙදවීමෙන් වගේම තර්ජන, ගර්ජන එල්ල කිරීමෙන් ද සිදුවිය හැකි යි. මේ තත්ත්වයට පත්වුණාට පස්සේ ෂරීයා ඉස්ලාමීය නීතිය අනුව තමන් ව පාලනය කිරීම සඳහා පාලක රජයන් සමඟ සාමූහික ව එක් ව කටයුතු කරනවා. එතුළින් තම ආගමික නීති ශාලා ඉදි කිරීම සඳහා පාලක රජයෙන් ප්‍රතිපාදන වෙන් කරවා ගන්නවා. මේ විදිහට ක්‍රමානුකූලව හලාල් ඔස්සේ ලැබෙන ලාබය තුළින් සිය පල්ලි ඉදිකර ගැනීමටත්, අවසානයේදී ආගමික නීති ශාලා ඉදිකර ගැනීමටත් මුස්ලිම්වරු ක්‍රියාත්මක වෙනවා. මොවුන්ගේ අවසාන අරමුණ වෙන්නේ මුළු ලෝකය පුරාම ෂරීයා නීතිය ක්‍රියාත්මක කරවීමයි. හලාල් කියන්නේ ඒ දක්වා යන ගමන්නේ ඔවුනගේ පෝෂණය සපයන මූල්‍ය හා සමාජ බලවේගයයි.”

ලංකාවේ හලාල් ක්‍රියාදාමය ගෙන යන්නේ “සමස්ත ලංකා ජමියතුල් උලමා” නම් සංස්ථාපිත රාජ්‍ය නොවන සංවිධානයක්. හලාල් සම්බන්ධයෙන් මුලදී සැඟැවී ක්‍රියා කළ මොවුන් දැන් එළිපිටම ඉස්ලාම්කරණය වෙනුවෙන් නටන්න පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන් හලාල් නිෂ්පාද සැකසීම සඳහා බෞද්ධ – ක්‍රිස්තියානි – හින්දු ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම ඔස්සේ පොළඹවමින් සිටිනවා. හලාල් සඳහා අවශ්‍යය නිර්දේශය – ලාංඡනය හා සහතිකය ලබා ගැනීම සඳහා මේ රාජ්‍ය නොවන සංවිධානයට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් ගෙවීමට සිදුවන බව අපට දැනගන්න ලැබිලා තිබෙනවා. කවුරුහරි ව්‍යාපාරිකයෙක් තමන්ගේ නිෂ්පාදනයන් සඳහා හලාල් ලබාගන්නවා නම් ඒ ව්‍යාපාරිකයා තමන්ගේ නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා යොදාගන්නා සියලුම අමුද්‍රව්‍යය ලබාගත යුත්තේත් හලාල් නිර්දේශය සහිත අමුද්‍රව්‍යය පමණයි. මේ රටටම අවශ්‍යය ජල පහසුකම් සැපැයෙන්නේ බුදුරදුන්ගේ සිරිපා සටහන පිහිටා තිබෙන සමනල කන්දෙන්. ඒත් දැන් වතුරත් හලාල් කරලා තියෙනවා. එතකොට සමනල කන්දත් හලාල්ද? සමන් දෙයියොත් හලාල්ද? මුස්ලිම් ජනතාව වගේ නෙමෙයි අපේ බෞද්ධයෝ පාරමිතාවක් වශයෙන් සිතා තමන්ගේ ශරීරයේ ලේ දන්දෙනවා. එතකොට මුස්ලිම් රෝගීන් ඒ ලේ තමන්ගේ ශරීරයට ඇතුළ් කරගන්නකොටත් ලේ හලාල් කරලා තියෙන්න ඕනෑද? මේ වෙනකොට සිංහල තරුණියන් සරණපාවා ගෙන එතුළින් මුස්ලිම්කරණය ව්‍යාප්ත කිරීම තමයි දැන් දියත්වන විශාලතම සැලසුම. ඒ කියන්නේ අද වෙද්දී මුසල්මානුවාට කුඹුර වෙලා තියෙන්නේ සිංහල තරුණියයි. එතකොට මෙච්චර කාලෙකට සිංහල තරුණියනුත් හලාල් කරලා සහේට ගත්තාදැයි අපි මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් විමසන්න ඕනෑ. එපමණක් නොවෙයි විකිණෙන සෑම හලාල් භාණ්ඩයකින්ම යම් ප්‍රතිශතයක් ඔවුන්ගේ උලමා සංවිධානයට ඇදී යනවා. මොවුන් විසින් මේ මුදල් යොදවන්නේ මේ රටේ ආගමික සහජීවනය බිඳලීම සඳහා තැනින් තැන පල්ලි ඉදිකිරීමටත්, එතුළින් සිය ඉස්ලාමය ව්‍යාප්ත කිරීමටත්. මේවාට විරුද්ධව අපේ හාමුදුරුවන් වහන්සේලා ඒකරාශි වෙද්දි ඔවුන් බොරුවට කෙඳිරි ගානවා; විදේශයන්ට පැමිණිලි කරලා ආධාර ලබනවා; ‘ලංකාවේ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් සිදුවෙනවා… ඔවුන්ට ආගමික නිදහසක් නෑ…’ කියලා. ඒ නිසා පාලකයෝ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඉතා ඉක්මනින් කඩිනම් පියවරක් අනුගමනය කරන්න ඕන.

ඒ වගේම අපි මේ රටේ සමස්ත මහා සංඝරත්නයෙන්ම ඉල්ලා සිටිනවා මේ සැබෑ තත්ත්වය තමන්වහන්සේලාගේ බණවාරයක් බණවාරයක් පාසා ප්‍රචාරය කරමින් අපේ සුපින්වත් දායකකාරකාදීන් දැනුවත් කරන ලෙසට. ඒ වගේම අපි අපේ සුපින්වත් දායකයින්ටත් විශේෂ පණිවිඩයක් ලබා දෙනවා. මින් ඉදිරියට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා අල්ලා දෙවියන් වෙනුවෙන් කැපකරපු හලාල් පූජා කරන්න එපා. හාමුදුරුවන් වහන්සේලාට හලාල්වලින් හදපු දන් පිළිගන්වන්න එපා. කඩේ මුදලාලිට කියන්න; බලකරන්න අපිට බුදුන්ට පුදන්න; දානයක් දෙන්න හලාල් නැති අපේ ආහාර ද්‍රව්‍යය ලබා දෙන්න කියලා. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවත් මතක තියාගන්න ඕනි උදේ හවස බුදුන් වැන්දත් තමන්ගේ කඩේ හලාල් තියෙනවා නම් කිසිම විදිහකින් සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඒ ව්‍යාපාරික ස්ථාන හා වෙළඳසැල්වලට නොලැබෙන බවට. හලාල් වර්ජනය කිරීම අපේ සුපින්වත් බෞද්ධ ප්‍රජාවට මෙලොව වශයෙනුත් වැඩදායකයි; පරලොව වශයෙනුත් වැඩදායකයි…” යනුවෙන් පවසා සිටියහ.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

එම කණගාටුදායක පුවත මෙසේයි

 


සැමියාට වූ අනතුර දැකීමෙන් පසු
මියගිය කාන්තාවගේ මරණ පරීක්‌ෂණය

අයියා රෝහලට ගෙන ගොස්‌ ටික වේලාවකින්
අක්‌කාට අසනීප වූණා පසුව ඇය මියගියා

සොහොයුරිය සාක්‌ෂිදෙයි

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

මී ගවයකු ඇනීමෙන් තුවාල ලැබූ අයියා ත්‍රීවීල් රථයකින් රෝහලට රැගෙන ගොස්‌ ටික වේලාවකින් සිහිසුන්ව බිම ඇද වැටෙන්න ගිය අක්‌කා කිසිවක්‌ කථා කළේ නැතැයි…” මී ගවයකු තම සැමියාට ඇන තුවාල සිදුකිරීම් දැක කම්පනයට පත්ව මියගිය එක්‌ දරු මවගේ මරණය සම්බන්ධයෙන් තිස්‌සමහාරාම මූලික රෝහලෙහි පැවැති හදිසි මරණ පරීක්‌ෂණයේදී තිහව වලකඩ නැගෙනහිර හදිසි මරණ පරීක්‌ෂක කේ. ජී. සී. නිරංජන් මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් මියගිය කාන්තාවගේ සහෝදරියක්‌ වූ පතිරණගේ දොන් සුසීමා (28) මහත්මිය පැවසුවාය.

මෙසේ මියගොස්‌ ඇත්තේ තිස්‌සමහාරාම යෝධකණ්‌ඩිය වැලිපොතේවෙල සූරියඉඩමේ පදිංචිව සිටි පතිරණගේ දොන් තුෂාරි නිල්මිණි නමැති තිස්‌ දෙහැවිරිදි එක්‌දරු මවකි.

මෙහිදී හදිසි මරණ පරීක්‍ෂකවරයා ඉදිරියේ තව දුරටත් සාක්‍ෂි දුන් සුසීමා මහත්මිය මෙසේද කීවාය.

මියගොස්‌ සිටින්නේ මගේ අක්‌කා. මෙම සිද්ධිය වන අවස්‌ථාවෙහි මම සිටියේ අක්‌කලැයි ගෙදර. එදා උදේ පාන්දර 5.30 ට විතර අක්‌කලගෙ ගෙදරට කෝල් එකක්‌ ආවා. එම කෝල්එක ආවේ සුරංග අයියාගෙන්. වෙළට හරක්‌ ඇවිල්ලා එළවන්න කියලයි එම දුරකථන ඇමතුමෙන් කියලා තියෙන්නේ.

ඒ අනුව හරක්‌ එළවන්න කියල අයියයි අක්‌කයි දෙන්නම වෙළට ගියා. එහෙම ගිහිල්ලා ටික වෙලාවකින් අයියා සුරංග අයියාගේ යතුරුපැදියෙන් ආපසු ගෙදර ආවා. ඒ යතුරුපැදිය පිටුපස්‌සෙන් අක්‌කත් ගෙදර දුවගෙන ආවා. ඒ ඇවිල්ලා අක්‌කා කිව්වා අයියට හරකෙක්‌ ඇන්න කියලා.

ඊට පස්‌සේ සුරංග අයියා අය්යගේ ඇඟේaa තුවාලවල තිබූ මඩ සහ ලේ සේදුවා. අක්‌කා ගෙට ගිහින් සරමක්‌ සහ කමිසයක්‌ ගෙනල්ල අයියට ඇන්දුවා. සුරංග අයියත් ඇඳුම් අන්දන්න උදව් කළා.

ඉන් පස්‌සේ ත්‍රීවීල් රථයක්‌ ගෙනැල්ලා සුරංග අයියයි අසල්වැසි අයියා කෙනකුයි එකතුවෙලා අයිය දෙබරවැව රෝහලට රැගෙන ගියා.

අයියා රෝහලට රැගෙනගොස්‌ ටික වෙලාවකට පසු මිදුලේ සිටි අක්‌කා වැටෙන්න ගියා. එවිට මමත් ඒ අසල සිටි සුදු ආක්‌කාත් පැනලා අක්‌ක අල්ලගත්ත. අපි අක්‌කා එතැනම මිදුලේ බිම හාන්සි කළා. වතුර ගෙනැල්ලා අක්‌කගේ මුහුණේ සහ කකුල්වල ගෑවා. ඇය මොනවද කථා කරන්න වගේ දෙතුන්වර කට ඇරියා. නමුත් මොකවත් කථා කළේ නැහැ.

අපි ඉස්‌සරහ ගෙදර ත්‍රීවීල් එක ගෙන්වලා අක්‌කා රෝහලට පිටත්කර ඇරියා. මම ගෙදර හිටියා. අක්‌කා රෝහලට රැගෙන ගොස්‌ පැයකින් විතර ඇය මියගිය බව දැනගත්තා.

මෙම මරණය ගැන මට කිසිම සැකයක්‌ හෝ අවිශ්වාසයක්‌ නැහැ. මම හිතන්නේ අක්‌කාට හදිසියේ ලෙඩක්‌ හැදිලා මැරෙන්න ඇති කියලා.

මෙහිදී මියගිය අයගේ සැමියා වන පරණ ලියනගේ ගුණරත්න නිමල් රෝහණ (48) යන අයද සාක්‍ෂි දෙමින් මෙසේ කීය.

zzමම ඒ අසල සිටි සුරංග මල්ලිත් එක්‌ක එකතුවෙලා කුඹුරට පැනලා හිටිය මී හරක්‌ එළවන්න පටන්ගත්තා. මම ලියද්ද ඇතුළේ ටිකක්‌ දුර යනවිට මී හරකකු එකවරම මා ඉදිරියට ඇවිත් මට ඇන්නා. මම බිම ඇද වැටුණා. ඊට පස්‌සේ දෙවරක්‌ හරකා මට ඇන්නා. මම බිම වැටිලා ඉඳගෙන කෑගසමින් අතට අහුවුණු මැටි ගුලියකින් හරකට ගැහුවා. ඊට පස්‌සේ හරක ආපස්‌සට හැරී ගියා.

ඉන් පස්‌සේ තුවාල ලැබූ මා සුරංග මල්ලි එයාගේ යතුරුපැදියේ තියාගෙන ගෙදරට එක්‌ක ගියා. මගේ බිරිඳ මගේ තුවාලවල ඇති මඩ සෝදලා කමිසයකුත් සරමකුත් අන්දලා සුරංග මල්ලිත් එක්‌ක එකතුවෙලා රෝහලට ගෙනියන්න සූදානම් කළා.

ඊට පස්‌සේ මොනව වුණාද කියලා මට මතක නැහැ. මම හිටියේ තිස්‌සමහාරාම රෝහලෙයි. සිහිය එනවිට වෛද්‍යවරු මට ප්‍රතිකාර කරනවා දැක්‌කා.

ඉන් ටික වේලාවකට පස්‌සේ මහදෙහිරේ ධර්aමේ අයියා ඇවිත් මට කිව්වා මගේ බිරිඳ අසනීප වෙලා රෝහලට ගෙනාවා එහිදී ඇය මියගියා කියලා.

මෙහිදී මියගිය තුෂාරි නිල්මිණිගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය තිස්‌සමහාරාම මූලික රෝහලෙහි දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි එම්. එන්. එම්. ක්‍රිෂාන්ත මහතා විසින් පවත්වා හෘද අභ්‍යන්තරයේ හෘද පේශිවල හටගත් තිව්‍ර හෘද අකර්මන්‍යතාවය නිසා සිsදුවූ හදිසි මරණයක්‌ බවට නිගමනය කෙරිණි.

ඒ අනුව ලබාගත් සාක්‍ෂි සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‌ෂක . කේ. ජී. සී. නිරංජන් මහතා කම්පනය මත ඇතිවූ හෘද අකර්මන්‍යතාවය නිසා සිදුවූ හදිසි මරණයක්‌ බවට තීරණය කළේය.

සාක්‍ෂි මෙහෙයවීම තිස්‌සමහාරාම පොලිසියේ කොස්‌තාපල් (7816) රෝහිත මහතා සිදු කළේය.

http://www.divaina.com/2012/10/30/news35.html

මෝහය නිසා නොපෙනෙන නමුත් නිරන්තරයෙන් පෘතග්ජන අප දවමින් අප වටා ඇවිලෙන ගිනි එකොලහක් තතාගත ශ්‍රී සද්ධර්මයේ සඳහන් වෙයි. ඒවා නම්

  1. ජරා
  2. ව්‍යාධි
  3. මරණ
  4. දුක්ඛ – ශාරීරික දුක් – කැපීම්, කෙටීම්, තැලීම්, ඇනීම් ආදී
  5. දෝමනස්ස –  මානසික දුක් – දරුවන් අකීකරු වීම, දරුවන් නොසැලකීම, භාර්‍යාව පර පුරුෂයන් පැතීම, තමා අවමානයට ලක්වීම, දරුවන් දුක් විඳිනු දැකීම, විභාග අසමත් වීම, රූපවත් නොවීම, කටහඬ විරූපී වීම, දිළිඳු වීම ආදී දහස් ගනනක් වූ මානසික දුක්
  6. ශෝක – සිතේ දරුණු දැවීම – හෙවත් කඳුළු පිට නොවන සේ මානසික හැඬීම. මෙය දරා ගැනීමට නොහැකි වූ කල සිය දිවි හානි කර ගැනීමටද ඉඩ තිබේ. නැතිනම් උණු ලේ වමනය, ලේ විරේචනය, උමතු වීම ආදී දරුණු තත්ව ඇතිවිය හැක.
  7. පරිදේව – හැඬීම – කඳුළු සලමින් අමිහිරි හඬ පිටකරමින්, සොටු කෙල පෙරමින් කරන හැඬීම
  8. උපායාස – කම්පනයෙන් මිය යාම – දුකට කඳුළු සැලීමකට හෝ ඉඩක් නොලබා කම්පනයෙන් මිය යාම, හදවත පැලීයාම ලෙස මෙය ධර්මයේ සඳහන් වේ
  9. ලෝභ
  10. ද්වේශ
  11. මෝහ

(පද අර්ථයන් පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත විචිත්‍ර වූ “චතුරා‍ය්‍ය සත්‍යය” පොත් වහන්සේගෙනි.)

ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු කීපය පමණක් මෙහි තේරුම් කර ඇත. අති ඝාම්භීර සද්ධර්මය තුල “ජාති” මේ ගිනි එකොසලසට ඇතුල් කර නැත්තේ සකලාංග ප්‍රත්‍යව ඕපපාතික දෙව්ලොව සිදුවන උපත ගින්නක් මෙන් අපහසු නොවන නිසා විය හැක. මනුෂ්‍ය ආත්ම භාවය අතිශයින් දුර්ලභය. ගණිතානුකූලව නම් සම්භාවිතාව බින්දුව වූ සිදුවීමකි. එය අපි කෙසේ හෝ ලබා ඇති නමුත්, මීලඟ ආත්ම භාවය කුමක් විය හැකිදැයි ආර්‍ය තත්වයට පත් නොවූ කිසිවෙකුටත් සහතික විය නොහැක. අඩු තරමින් සෝවාන් වූයේ නම් නියත ගති ඇති තත්වය යැයි කියනු ලැබේ. සිහිනෙකින්වත් සතර අපායේ නොවැටේ. අන් අප සියල්ලගේ සසරේ මහ ගෙදර සතර අපායයි.

උපායාස ගින්නෙන් මියගිය මේ බිරිය දෙස බලා අපිට එසේ නොවෙතැයි කිසිවෙකුටත් කිව නොහැක. ප්‍රවේශමෙන් ධර්ම අධ්‍යයනය කලේ නම්, අනන්ත වූ සසරේ මේ ලියන අපිත්, කියවන ඔබත් අතරින් එක් අයෙක් පමණක් සලකූවේ නම්, එම පුද්ගලයා උපායාස ගින්නෙන් මියගිය සියළු අවස්ථාවල ඇටකටු නොදිරා එකතු වූයේ නම් එය වේපුල්ල පර්වතයට වඩා උස් විය හැකි බව තේරුම් යනු ඇත.

මෙවන් අවාසනාවන්ත මරණ වැලකීමට පිළියම ඇත්තේත් බුදු සමය තුලම පමණි. එම බිරිය ප්‍රමාණවත් ලෙස අනිත්‍ය සංඥාව වඩා තිබුණි නම් මෙසේ විය හැකිද? තව දුරටත් සිත ශක්තිමත් වීමට මරණයට ස්ථාන නියමයක් – කාල නියමයක් – දින නියමයක්- අවස්ථා නියමයක් – වයස් නියමයක් – හෝරා නියමයක් නැති බව සිතට හොඳින් පැහැදිලි වනසේ මරණානුස්මෘතිය වඩා තිබුනේ නම් සැමියාගේ දුක්ඛ ගින්න ඇයට උපයාස ගින්නක් වෙයිද?

අනන්ත වූ ඉදිරි සසරේ හෝ ඔබත් මේ උපායාස ගින්නෙන් දැවී මියයාමට අකමැති නම් අදම සිත ශක්තිමත් කර ගැනීම අරඹන්න.  භාවනා වාක්‍ය පාඩම් කිරීම ඔබට අපහසු දෙයක් නම්, අපගේ භාවනා සජ්ඣායනා බාගත කර සවන් දීමට ක්‍රමයක් යොදාගත හැක. ඔබට මේ භාවනා කුසල් මතු භවයක හෝ චතු සත්‍ය සුවසේ අවබෝධ කරගැනීමට ඒකාන්තයෙන් හේතු වාසනා වනු ඇත.

චීවරයට මුවා වෙමින්, අසරණ බෞද්ධයාගේම මුදල් යොදවමින්, සසුන ඇතුලතින් කා දමන භික්ෂූ කඳ පණුවන් 100% ක් ප්‍රතික්ශේප කරන අතරම, පිරිහෙමින් යන සමාජ වටිනාකම් හමුවේ, කෝටියක් සංවර ශීලය රැකීමට අපොහොසත් නමුත් සම්මුති වශයෙන් උතුම් භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගැනීමට සාසන ලැදි ශ්‍රාවක බෞද්ධ සියල්ල ලැහැස්ති විය යුතු බව අපිදු පිළිගන්නෙමු. අනාගත සසුනේ, අඹු දරුවන් රකින, රැකීරක්ෂා කරන අතේ කහ නූලකින් පමණක් භික්ෂූත්වය ප්‍රදර්ශණය කරන (කසාකණ්ඨක) භික්ෂූන් වහන්සේත් සම්මුති මහා සංඝ රත්නය බව බුද්ධ දේශණය නම්, අද දවසේ විනය රැකීමට අපොහොසත් , කඳ පණුවන් නොවන භික්ෂූන් වහන්සේ කොතරම් උසස් දැයි අපි සිතා බැලිය යුතුය. ඒ සම්බන්ධ මේ වටිනා ලිපිය කරන පැහැදිළි කිරීම් ඉතා අගනා බව අපගේ හැඟීමයි.


සසුනේ පැවැත්ම භික්‍ෂුව සුරක්‍ෂිත කිරීමයි

පූජ්‍ය දමුණුපොළ සුමනසිරි හිමි
වේයන්ගොඩ, මගලේගොඩ පුරාණ විහාරවාසී

භික්‍ෂුන් වහන්සේ යනු බෞද්ධ සමාජය විසින් ඇති දැඩි කළද ඉහළම සමාජ වටිනාකමක්‌ සහිත ජීවමාන පූජනීය වස්‌තුවකි. බුද්ධකාලයේ පටන් අද වනතුරු සංඝ සමාජයේ පරිවර්තනීය ප්‍රගමනය විමසීමෙන් වුවද ඒ බව සනාත වේ. අන්‍යයන්ගේ උදව් උපකාර නැතුව මහණකම හා ජීවිතය පවත්වාගෙන යා හැකි වෙතත් ඒ ඉතා දුෂ්කර ගමනකි. වර්තමාන මිනිසා විසින් මෙලොවට බිහිකරන දරුවා පැවිදි වුවද පෙන්නුම් කරනු ඇත්තේ එම මව්පිය පාරම්පරික ජානවල ස්‌වභාවයන්ගෙන් සම්මිශ්‍රණය වූ ක්‍රියාකලාපයකි. රහත් බව අරමුණු කරගත් ගමනක්‌ යන්නට ඒ නිසාද වෙනත් සමාජ හේතු කාරකයන් නිසාද කැමැත්තක්‌ නොදක්‌වනු ඇත. එහෙත් උදාරවූ බෞද්ධ සමාජ සංස්‌කෘතියේ බබළන සලකුණ වනුයේද භික්‍ෂුන් වහන්සේයි.

පෘථග්ජන භික්‍ෂු සමාජයක පෞද්ගලික වූත් පොදුවූත් අවශ්‍යතාවන් හඳුනා ගැනීම පළමුවම සිදුවිය යුත්තකි. ජන සමාජයෙන් එල්ලවන දරුණු ප්‍රහාර හමුවේ නොසැලී සිටින්නට තරම් උන්වහන්සේ ධෛර්ය සම්පන්නය. පරණ ශාලා, ටකරන් උළු ශාලා බවටත් කොන්ක්‍රීට්‌ ශාලා බවටත් පත්ව තිබෙන යුගයේ විද්යුත් මාධ්‍ය පරිහරණය සීතල හා උණුසුම් කාමර පරිහරණය හා සමගාමී මානව අවශ්‍යතාවන් ඉටුකළ යුතුවන අවදියේ භාවනා යෝගී හෝ උග්‍ර සීලෝ පේත භික්‍ෂුවරයකුගේ දර්ශනය බලාපොරොත්තු වීම නිෂ්ඵල දෙයක්‌ වනු ඇත.

හතළිස්‌ දහසක්‌ පමණ වන මෙරට භික්‍ෂුන් ගෙන් වැඩිහරිය නාගරික හා ග්‍රාමීය බෞද්ධ සැදැහැවතුන්ගෙන් පෝෂණය වන බව අමුතුවෙන් කිවයුතු නොවේ. එහෙත් සියලු අවශ්‍යතා සපුරාදීමට ඔවුන්ට නොහැකිය. ප්‍රධානතම අවශ්‍යතාව වන ආහාරපාන ටික හෝ ලබාදීම මහා පින්කමකි.

ගොදුරු ගමකින් යෑපෙන විහාරස්‌ථ භික්‍ෂු ප්‍රමාණය එතරම් විශාලද නැත. දෙතුන් නමකට වඩා බොහෝ විහාරස්‌ථානවල නැත්තෝය. මේ සියලුදෙනා වහන්දැටම ගුරු වෘත්තියෙහි යෙදිය නොහැක. එහෙත් අනාගතයේ ඒ ගැන සලකා බලන්නට බෞද්ධ රාජ්‍යයන්ට සිදුවනු ඇත. සියලු දෙනා වහන්සේටම ප්‍රසිද්ධ ධර්ම කථිකයන් දක්‍ෂ බෝධි පූජා පවත්වන්නන් දක්‍ෂ කවිබණ දේශකයන් විය නොහැක. සෑම දෙනා වහන්සේටම ප්‍රමාණවත් යෑපීම් මාර්ග නැත. එසේ යෑපීම් මාර්ග ඇත්නම් සසුන හැරයන්නේද නැත යනු මගේ වැටහීමයි.

මෙබඳු තත්ත්වයන් තුළ යම් යම් විද්‍යා ශාස්‌ත්‍ර කෙරෙහි උන්වහන්සේලා ඇදී යති. එයද සමාජ මෙහෙවරක්‌ වශයෙන් සමාජය විසින්ම සලකනු ලැබේ. සියලු දෙනා රහතුන්සේ සිටිය යුතුයෑයි සිතන කියන විනයවර්ධනකාරයන්ගේ කුහක මතවලට මේ රටේ වැඩි ආයුෂ නැත. බෞද්ධයා බලාපොරොත්තු වන්නේ භික්‍ෂුවගෙන් සමාජ මෙහෙවරකි. ශාසනික මෙහෙවර උන්වහන්සේ ගෙන් නිතැතින්ම සිදු වේ. භික්‍ෂු සමාජය ලක්‌ පොළවෙන් තුරන් කරන්නට කුමන්ත්‍රණකාරීන්ට ඉඩ ලැබෙන්නේ නැත. “හිංගලයාම කවා පොවා ඇති දැඩිකරන වඳින පුදන ගිනි විහිදෙන රෙදි පොරවාගත් පිරිසක්‌ තමා ලංකාවේ පාලනය මෙහෙයවන්නේ” යනුවෙන් මෙරට පාලනය පැහැරගත් ඇතැම් විදේශිකයන් සැක බිය මුසුව ප්‍රකාශ කොට තිබිණි.

ත්‍රි පුණ්‍ය ක්‍රියාවන්ට මහජනයා නැඹුරු කිරීම හා තමන්ද විවේක ඇති සැටියෙන් එහි යෙදීම පමණක්‌ නොව භෞතික වශයෙන් සමාජයටත් භික්‍ෂු සමාජයටත් වැඩදායක වන යම් යම් ධාර්මික ව්‍යාපාර කර්මාන්ත ආදියෙහි යෙදීම ද උන්වහන්සේ සතු කාර්යභාරයටම ගැනෙයි. විශාල මුදල් උපයන මාර්ග නොවුණත් යෑපීම් සඳහා ඒවාද ප්‍රමාණවත් වේ.

දිවයිනේ බොහෝ පෙදෙස්‌වල විහාර දේවාල සතු ඉඩකඩම් මේ වන විට ඉතා සොච්චමක්‌ බවට පත්ව තිබේ. බෞද්ධ අබෞද්ධ ජනයා විසින්ම ඒවා අත්පත්කර ගෙන ඇත. සාංඝික දේපළ කොල්ලය යනුවෙන් මෙය හැඳින්වීමෙහි වරදක්‌ නැත, ඇතැම් විහාරස්‌ථානවල ඇතැම් ගම් වැසියන් තම බලහත්කාරය යොදවා දේපළ පාලනය කිරීමේ යෙදෙන පුවත්ද අසන්නට ලැබිණි. භික්‍ෂුන්ට බොරු චෝදනා එල්ලකරමින් උන්වහන්සේලා අපහසුතාවට පත්කරන අවස්‌ථාද ඇත. වැරදි කරන භික්‍ෂුන්ට දෙන දඬුවම් මොනවාද? දුටුතැන පිළිනොගැනීම, අසුන් නොපැනවීම, උන් අසුන් මතින් නොනැගිට, ගරු නොකිරීම යනාදී සංවරශීලි දඬුවම් මගින් තම විරෝධය හෝ අප්‍රසාදය පළ කළ හැකිය. වඩාත් දුරදිග යතොත් ඒ පිළිබඳ අදාළ නායක යතිවරයන් හා සාකච්ඡා කොට විනය පරීක්‍ෂණ සංඝ සභාවකින් සුදුසු දඬුවමක්‌ පැනවිය හැක. අධිකරණයෙහි හෝ පොලිසියෙහි උපහාසයට අපහාසයට චීවරධාරියකු වුවද පත්විය යුතු නැත. මෙය දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන්විය යුත්තකි.

අතීතයේ පටන් මේවනතුරු ද රාජ උදහසට ලක්‌ව භික්‍ෂුන් විශාල වශයෙන් ඝාතනයට ලක්‌ව ඇත. වධකාගාරවල රඳවා අමානුෂික වධ බන්ධනවලට ලක්‌කොට ඇත. සිරගතකොට හිරිහැර පමුණුවා ඇත. විදේශ ආක්‍රමණිකයන් විශේෂයෙන් සුදු අධිරාජ්‍යවාදී පාලකයන් අතින් භික්‍ෂුව මැරුම්කා ඇත. ඝෝර සතුරන් අතින් භික්‍ෂුව මරණයට පත්ව ඇත්තාහ. වෙනත් පෞද්ගලික කැරළි කෝළහල වෙතින් ඝාතනයවූ භික්‍ෂුන් ගැන සඳහන් වේ.

ශාසනය ශුද්ධ කරන්නට යෑයි භික්‍ෂුන්ගෙන් පළිගැනීමට මෙන් එළව එළවා පහරදීමට නිර්ලඡ්ජිත වූ පාපතරයෝද සිටිති. මිසදිටුවන් ගෙන්ද එල්ලවන්නේ අතුල් පහරවල්ය.

භික්‍ෂු පරපුරක්‌ තැනීම යනු ලෙහෙසි පහසු කාර්යයක්‌ නොවේ. භික්‍ෂුන් සඳහා වාසස්‌ථාන විහාරාරාම ඉදිකිරීම යෑපීම් මාර්ග සකසා දීම අතීතයේ සිදුවුණේ රාජ්‍ය අනුග්‍රහයෙනි. අද ඒ ගැන හරියට සොයාබලා ඉටුකරන බුද්ධ ශාසන බලධාරීහු සිටිත්ද? මේ ගැන කොතෙක්‌ කීවත් ඇඟට පතට නොගන්නා බවක්‌ පෙනී යයි. භික්‍ෂුවගේ යෑපීම් මාර්ග මතුකර දෙනවාට වඩා ඒවා අවහිර කරන බෞද්ධයෝද සිටිති.

බෞද්ධ විරෝධී මත හා රැලි මෙරට ආත්මලාභී ඇතැමුන් ලවා රහසිගතවත් ප්‍රසිද්ධියේත් ක්‍රියාවට නැංවෙන බව වටහාගත යුත්තකි. ඒවාට අවි සපයන්නට අපේම බෞද්ධයෝ සැදී පැහැදී සිටිති.

සාමාන්‍ය සිංහල බෞද්ධ ජනයාට සසුන පෝෂණය කරන්නට පවා බැරි තත්ත්වයක්‌ අද උද්ගතව ඇත. එම නිසා මෙපමණකින් හෝ ශාසනය පවත්වාගෙන යැමට බොහෝ භික්‍ෂුවරයෝ ගන්නා තැත සුළුපටු නොවේ.

බෝධි පූජා, වෙහෙර පූජා අතරට දේව පූජා, ග්‍රහ පූජා ආදියද වැටුණත් එයින් සසුනට හානියක්‌ වන්නේ නැත. ඒවාද බෞද්ධ ජන සම්මතයෙහිම කොටස්‌ බවට පත්ව තිබේ. භික්‍ෂුවගේ හා පන්සලේ පැවැත්මටද ඒවා නොකර බැරිය.

ඇතැම් ගිහි භවතුන්ගේ සුවච කීකරු අනුශාසකයන් බවට භික්‍ෂුන් පත්වේ නම් එය ශාසනයේa පරිහානියට හේතුවකි. දැන් සිදුවෙමින් පවතින්නේ එයදැයි සැක පහළ වේ.

භික්‍ෂුව බෞද්ධ සමාජ සංස්‌කෘතියේ පෙර ගමන් කරුවායි. ප්‍රතිපත්ති ශාසනය පමණක්‌ රැක ගැනීමට හැකියාවක්‌ නැත. සම්ප්‍රදාය ආමිසයට සම්බන්ධව පවතී. සම්ප්‍රදාය බෞද්ධ ජන සමාජයේ ඉහළින් පිළිගැනේ.

අලුත පැවිදිවන භික්‍ෂුවට අධ්‍යාපනය ශාසනික සම්ප්‍රදායනට අයත් බොහෝ දේ ඉගැන්විය යුතුය. පිරිවෙන් මගින් ඒවා සිදු කෙරේ.

අද වන විට සසුනෙහි කුඩා හා තරුණ භික්‍ෂුවරයන් වැඩි වශයෙන් සිටිති. උන්වහන්සේලාගේ ඕනෑ එපාකම් පිරිමසාලීමට සිදුව ඇත්තේ විහාරස්‌ථාන භාරකාර යතිවරයන්ටය. නැතහොත් උන්වහන්සේලාටම තම කාර්යයන් කරගන්නට සිදු වේ. රජයෙන් හෝ වෙනත් ආයතනවලින් කිසිදු සැලකිල්ලක්‌ නොදැක්‌වේ. එක්‌තරා කාලයක දැනට වසර කීපයකට ඉහත පිරිවෙන්වලට බෙදා දෙන්නැයි පරිත්‍යාගශීලී පැවිදි උතුමන් කීප දෙනකු විසින් තායිලන්තයේ සිට එවූ විශාල සිවුරු තොගයක්‌ හොර පාරේ සිවුරුකඩවලට විකුණා තිබුණේ එවකට රජයේ දේශපාලනඥයන් පිරිසක්‌ අතිනි. මීරිගමින් අදත් ඒ ගැන සාක්‍ෂි ඉදිරිපත් කළ හැකිය. දැනුත් රහසිගතව ඒ දේම සිදුවෙනවා ඇත.

වයසට යැමෙන් ගිලන් බවට පත්වීමෙන් දුඃත බවට පත්වන භික්‍ෂුවරයන්ට පිහිටක්‌ ඇත්තේම නැත. වැඩිහිටි නිවාසයක්‌වත් බාරගන්නේ නැත. විහාරාධිපතිකම් නොදරන එවන් භික්‍ෂුන්ට යන කල දශාව ගැන කවුරුවත් හිතන්නේ නැත. විහාරාධිපතිවරයෙක්‌ දෙස පමණක්‌ අවධානය යොමුවන සිරිත එතරම් සුබදායක නොවේ. එක දිස්‌ත්‍රික්‌කයකට එක භික්‍ෂු ගිලානෝපස්‌ථානාගාරය බැගින් ස්‌ථාපිත කරන්නට රජයට බැරිකමක්‌ නැත. කරුණාකර එම යෝජනාව ක්‍රියාත්මක කරන්න.

http://www.divaina.com/2012/10/27/feature.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,891 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ