ධර්ම නිධාන

Archive for the ‘බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන’ Category

අප රටේ සිංහල ජනගහන අර්බුදයේ බරපතල කම වගකිවයුතු සියළු පාර්ශවයන් විසින් නොසලකා හරින්නේ හරියටම විය යුත්තක් සිදු වෙමින් පවත්නා ගානටය. 2013 වසරේදී අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ දිවයින පුවතක් මගින් මෙහි අති භයංකාර භාවය පෙන්වා දෙන ලදි. පහත දැක්වෙන්නේ එම ලිපියයි. ඉතා දීර්ඝ නොවෙන එය මුලුමනින් කියවා බලන්න

 


බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා තියෙන
සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක්‌ වෙලා

පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි

මාතර – චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

බරපතළ ප්‍රශ්නයකට සිංහල ජාතිය මුහුණ පා තිබෙන යුගයක්‌ තවත් වසර තිහක්‌ හතළිහක්‌ යන කොට ඔබට එය තේරෙයි. සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක්‌ බවට පත්වෙලා තිබෙනවා යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි මාතරදී පැවැසූහ.

මාතර සමාධි ප්‍රජා සංවර්ධන පදනමේ දහතුන් වැනි ශිෂ්‍ය කණ්‌ඩායමේ සිසුන් දහසක්‌ වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි. මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ආරාධනාවෙන් උන්වහන්සේ මෙම උත්සවයට සහභාගී වූහ.

උන්වහන්සේ මෙසේද කීහ.

මේ කතාව කිව්වට සමහරු කියයි මම ජාතිවාදී කතාවක්‌ කරනවා කියලා. එහෙම නැහැ. මම කියන ගාන හදලා බලන්න සිංහල මිනිස්‌සු තව කොපමණ කාලයක්‌ද මේ රටේ ජීවත් වෙන්නේ කියලා.

මෙම වතාවේ ජන සංගණනය එක්‌ක ගත්තාම අපට දැක ගන්නට ලැබුණා සිංහල මිනිස්‌සු එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ මේ රටේ ඉන්නවා කියලා. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයෙන් සියයට හැටක්‌ ඒ කියන්නේ ලක්‍ෂ 80 ක්‌ ඉන්නේ වයස අවුරුදු 40 පැනපු අය. කාන්තාවෝ ගත්තොත් දරුවන් නහදන සහ නොහැදෙන අය ලෝක ධර්මතාවය මත තව වසර 40 ක්‌ ඇතුළත ලක්‍ෂ 80 ක්‌ මියයා යුතුයි. ඉතුරුවන්නේ ලක්‍ෂ පනහයි. මෙම ලක්‍ෂ පනහ අතරේ සිටින අවුරුදු 39 කෙනෙක්‌ට තවත් වසර 40 කින් අවුරුදු හැත්තෑනවයක්‌ වෙනවා. මෙම ලක්‍ෂ පනහෙන් භාගයක්‌ ඉන්නේ පිරිමි කියලා හිතුවොත් කාන්තාවන් ඉන්නේ ලක්‍ෂ 25 යි. ඒ ලක්‍ෂ විසිපහෙනුත් ලක්‍ෂ පහක්‌ විතර මේ වන විට වඳ සැත්කම් කරගෙන. රටේ නීතිය මත වයස අවුරුදු 26 ක්‌ ඉහළ විවාහක කාන්තාවන්ට එල්. ආර්. ටී. සැත්කම කරන්න පුලුවන්. ඒ කියන්නේ ලක්‍ෂ විස්‌සයි කාන්තාවන් ඉන්නේ.

කාන්තාවන් ලක්‍ෂ විස්‌සෙනුත් ලක්‍ෂ දහයක්‌ ඉන්නේ අවුරුදු 20 ට අඩු අය ඒ කියන්නේ විස්‌සට වැඩි අය ඉන්නේ ලක්‍ෂ දහයයි. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ සිංහල මිනිසුන්ගෙන් ලක්‍ෂ දහයයි දරුවන් හදන්න පුලුවන් මට්‌ටමේ සිටින කාන්තාවන් ඉන්නේ. ඔය ලක්‍ෂ දහයෙන් කී දෙනෙකුටද දරුවෝ ලැබෙන්නේ. දරුවන් හදා ගන්න දවසට කාන්තාවන් කීදෙනෙක්‌ චැනල් කරනවද? ඒත් දරුවන් නැහැ. එතකොට දරු ඵලදාව තිබෙන අය ඉන්නේ ලක්‍ෂ 8 යි. ඒ විදියට ගත්තම වසර හතළිහක්‌ තුළ ලක්‍ෂ අසූවක්‌ මැරෙන්න ඉන්නවා. එතකොට එක කාන්තාවක්‌ දරුවන් දහයක්‌ බිහිකළොත් පමණයි යන්තම් සිංහල ජාතිය දැන් සිටින ගාන පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නේ.

ලක්‍ෂ අටක්‌ දරුවන් හදන්න පුලුවන් කියන යථාර්ථයක්‌ එක්‌ක හෙට දවසේ ලක්‍ෂ අසූවක්‌ මැරෙනකොට ලක්‍ෂ පනහක්‌ නාකිවෙලා ඉන්න කොට එක්‌කෙනා දරුමල්ලන් පස්‌දෙනා ගානේ හැදුවත් ලක්‍ෂ හතළිහයි හදන්න පුලුවන් වන්නේ. ඒ කියන්නේ මියගිය ලක්‍ෂ අසූවෙනුත් භාගයයි උපදින්නේ. මේ නිසා සිංහල ජාතියට ඉදිරියේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මෙය වහාම තේරුම්ගත යුතුයි.

src: http://www.divaina.com/2013/05/30/news28.html

1977 න් පසු මුස්ලිම් ලේ නෑකම් සහිතව ජනපති වූ ජේ. ආර්. ජයවර්ධන නම් පාලකයා මේ හෙළ බොදු රටේ චීවරයට ඇති පිළිගැනීම වහා නැසිය යුතුය යන ආකල්පයෙන් ක්‍රියා කල අයෙකි. අදටත් පවතින විනය වර්ධන නම් පවිටු ගිහි පැවිදි එකමුතුව ඔහුගේ සංකල්පයකි. ආරම්භයේදී ගිහියන් විසින් පූජණීය භික්ෂූන් වහන්සේගේ ශීලයේ අඩු පාඩු සොයමින් ගැරහීමත් ඒවා ප්‍රසිද්ධ කිරීමත් යහමින් සිදුවිය. උපසපන් භික්ෂූන් වහන්සේට කෝටියක් සංවර ශීලය රැක ගැනීමට නොහැකි වූයේ නම් විපාක එන්නේ එතුමන්ටය. පංච ශීලයවත් නොරකින, සසුනට ඇතුලත් නොවූ ගිහියන්ට පැවිදි උතුමන් ශීලය සඳහා විවේචනය කිරීම කොතරම් සුදුසුද යන්න පැහැදිලි කරගත යුතු කාරණයකි.

සසුනේ අවසානය වසර පන්දහසකින් සිදුවන බව ප්‍රකටය. එවක් වනවිට භික්ෂූන් වහන්සේ කෙසේද යත් ගිහියන්ගෙන් වෙන්කොට හැඳිනීමට පළදින්නේ අතේ කහ නූලක් පමණි. දරු පවුල් රකින රැකියා කරන නමුත් සම්මුති මහා සංඝරත්නයට එතුමන් ඇතුලත් බව ඔබ දැන සිටියාද? බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශණයට අනුව, එම කසාකණ්ඨක භික්ෂූන් වහන්සේ නමකට සැදැහැ සිතින් දෙන දානයත්, බුදුන් දවස අගසව් සැරියුත් මහ රහතන් වහන්සේට දෙන දානයත් එකම ඵල එකම ආනිසංශ වේ. භික්ෂූන් වහන්සේ සසුන අවසන් වනතෙක්ම උපාසක උපාසිකාවන්ට පින්කෙත වන්නේ මේ අයුරිනි. වෙන කිසිම දානයකින් එවන් ආනිසංස නොලැබෙන බව නොකිව මනාය.

සසුන විනය රැකීම අතින් පිරිහීම බුදුන් විසින් පවා දුටු සත්‍යයකි. බුදු දහම හා සසුන වැනසීමට කුමන්ත්‍රණ කරන්නවුන්ට එය ආවුධයක් කර ගැනීමට බොදුනුවන් කිසිසේත් ඉඩ නොදිය යුතුය. කෙසේ නමුත් විනය රකින්නන් සේ රඟ පාමින් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට වින කරන අසපු ගාමී කල්ලි (රටපුරා මහමෙව්නා හා බෙල්ලන්තොට හන්දියේ සමන්තභද්‍ර) බිහිවන විට ඒවාට එරෙහිවීමට නම් සිව්වනක් පිරිස නොපැකිලව ඉදිරිපත් විය යුතු බව අපි නොයෙක් වර පෙන්වා දුන්නෙමු.

මීට අමතරව හෙළයාගේ ජාති මාමක්ත්වයට හේතු සොය බැලූ එම පාලකයා ,වීර හෙළ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නරපතියන් හේතුව බව දැක, ඉතිහාසය මුළුමනින්ම වලලා දැමීම පිණිස පාසැල් විෂය ධාරාවෙන් එය ඉවත් කරන ලදි. වීර දුටු ගැමුණු රජු ගේ ශ්‍රේෂ්ඨත්වය විශේෂයෙන් සඟවා දමන ලදි.

ඡේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථික යුගය තුල රටේ සිටි වඩාත්ම ජනප්‍රිය බෞද්ධ භික්‍ෂුව පමණක්‌ නොව වඩාත්ම ජනප්‍රිය චරිතය වූයේද අති පූජණීය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ බෝධි පූජා පිංකම් පිළිබඳවත් ප්‍රවෘත්ති කිසි විටෙකත් පුවත්පත්වල පළ නොකරන ලදී. ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය නොකරන ලදී. කියවන්න එම ශ්‍රේෂ්ඨ චරිතයේ වීරකම් හා අභිරහස් අපවත් වීම .

http://www.divaina.com/2016/05/22/feature01.html
“නහී වේරේන වේරානි” ආදි වශයෙන් තම දිළිසීම උදෙසා බෞද්ධ ඉගන්වීම් ලොවටම කියාපාමින් ඡේ. ආර්. ජයවර්ධන නම් මුස්ලිම් එකාධිපතියා බුදු දහමට කළගුණ සැලකූවේ ඒ අයුරිනි.

එම පාලකයා හෙළයට කල හානි එය පමණක් නොවේ. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් මේ රටේ ජන පදනම විකෘති කිරීමට අඩිතාලම දැම්මේද ඔහුමය. මැදපෙරදිග රටවල් ලොවම ඉස්ලාම් කිරීමේ සිහිනයෙන් මත්ව පවුල් සැලසුම් සිය ආගමිකයන්ට තහනම් කිරීමත් අනෙක් ආගම් හා ජාතීන්ට තම වියදමින් නොමිළේ කරදීමත් එකල ආරම්භ කල ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි. තම මැදපෙරදිග නෑසියන්ගේ එම කුමණ්ත්‍රණයේ මෙරට හවුල්කරු වූයේ ජේ. ආර්. ජයවර්ධන නම් පාලකයායි. “පුංචි පවුල රත්තරං!” යන්න ඔහුගේ හෙළය නැසීමේ ව්‍යාපාරයයි. අද වනවිට අප එහි ගොදුරක් වී හමාර බව ඉහත අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ගේ ලිපියෙන් මොනවට පැහැදිළි නොවන්නේද?

480047_565622313455356_1487559135_n

කල මෝඩකම් මොනවා වුවත්, ලිඳේ වැටුනු මිනිහා ළිං කටින්ම ගොඩ විය යුතුය. වර්ථමානයේ විවාහ දිවියට පත්වන සිංහල යුවලවල් අතර දරු උපත් ඉතා විරල බවට පත්වී ඇත. ඒ අතරම ආර්ථික අපහසුකම් ඇති පවුල් අතර සමහර අවස්ථාවල දරුවන් 7 පවා දැකීමටද ඇත. මෙසේ ජාතියට සිංහල බොදු දරුවන් පුදන පවුල් ජාතියක් වශයෙන් එක්ව අප රැකිය යුතුය. ඔවුනට උපරිමයෙන් අත දී දිරිමත් කල යුතුය. දරුවන් රහිත යුවලවල් මෙය තමාගේ විශේෂ වගකීමක් කරගත යුතු වන්නේ තමාට කල නොහැකි වූ ජාතික සේවය එම පවුල් විසින් ඉටු කරන බැවිනි. හෙළ ජාතිය වඳ වූ දාට කිසිවෙකුගේ ජීවිතය සුන්දර නොවනු ඇත. කර්කෂ ඉස්ලාම් නීති මනුෂ්‍යත්වය සහමුලින් අකාමකා මිහිමත අපාය මනුලොව බිහි කරනු ඇත. එම ගෝත්‍රිකවාදයේ වර්ථමාන නිදසුන් ISIS ම්ලේච්ඡත්වය තුලින් අප දකිනවා නොවේද? බොදු දහමේ කරුණාවෙන්ම රැකෙමින් එය අගය කරනවා වෙනුවට අපගේ පූජණීය උතුමන් මරාගෙන මැරීමට උවමනාව ඇත්තේ ඉස්ලාම් ආගමිකයන්ට පමණි. එම ගෝත්‍රිකයන් මහියන්ංගනයේදී බෞද්ධ කොඩි පිළිස්සුවේ ගෙරි මස් නොකෑම පිළිබඳ බණට එරෙහිවය. මාධ්‍ය වාරණ තුලින් ජනතාවෙන් වසන්කල එම අපරාධ මේ ලිපියෙන් හෙළිවන අයුරු බලන්න. ඉස්ලාම් වටපිටාවේ අපි කෙසේ නම් විසිය යුතු වෙයිද?

http://www.divaina.com/2016/07/08/news26.html

එමනිසා සැදැහැවත් බෞද්ධ ඔබගේ නොමසුරු මාසික ආධාරය මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීමට හැකි පමණින් දායක කරන්න. රු 10, 20 වේවා 500, 1000 වේවා පස්වී දිරි දරු අඩවියේ සඳහන් ගිණුමට බැර කිරීමෙන් උපරිම ආත්ම තෘප්තියක් ලැබෙන සාසන මාමක ව්‍යාපාරයක හවුල් කරුවකු වන්න. වඳ වීම ආරම්භ වී ඇති අපගේ සිංහල ජාතිය වෙනුවෙන් ඔබගේ යුතුකම් කොටස ඉටු කරන්න. ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න, දැනටම ප්‍රතිලාභ ලබන පවුල් බලා සිත් පහදවා ගන්න.

facebook අඩවිය

1003671_493928130690013_1351357862_n

http://pasawi.com/index.html
https://www.facebook.com/PASAWI/

රට එක්සේසත් කල මේ පින්බිමේ උදාරම නරපතියා වන දුටුගැමුණු මහ රජාණන් වහන්සේගේ ගේ අති සාර්ථක රාජ්‍ය පාලනයේ රහස වූයේ එතුමාගේ පුරෝහිත මණ්ඩලය සිසාරා වැඩහුන් අසේක වූ මහරහත් උතුමන්ය. ඡන්ද-ද්වේෂ-භය-මෝහ යන සතර අගතියෙන්ම පරතෙරට පත් මෙතෙක් දේශපාලනයේ යෙදුනු රට උලා කෑ සියළු  ගිහි/පැවිදි පවිටුන් මෙන් නොව, අතට පත් නිවන පසෙක තබා කුළුදුලේ දේශපාලනයට  වඩින ජාතික කැක්කුම ඇති  බොදු ජන පෙරමුණ සම්මුති භික්ෂුවද දේශපාලන වශයෙන් අනාථ අසරණ බොදු අප හට මහා භාග්‍යයකි. රට දැය සමය රැකීමේ නාග රාජ සංකේතයෙන් අරාජික රටේ බොදු අප වෙනුවෙන් ඉදිරිපත් වන මේ උතුමන් සියල්ල ඉහළම ඡන්දයෙන් තෝරා ගනිමු. ඒ වෙනුවෙන් කැපවී සියල්ලන් දැනුවත් කරමු. ඉහලම පුටුවල වැජඹෙන නින්දිත දේශපාලුවන් නිවැරදි කර රට සුළු ජාතික අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට අපේ යුතුකම අඩු නැතිවම ඉටු කරමු.

 

bjp

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ද මෙවර මහ මැතිවරණයට බොදු ජන පෙරමුණෙන් තරග වදින අතර උන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ 16 නමක් එම පෙරමුණෙන් පළමුවරට ඡන්ද සටනට පැමිණ සිටිති.

බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවෙන් හිමිවරුන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර කොළඹ කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන්ද කළුතර කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ ගම්පහ කණ්ඩායම් නායක ලෙස ඩිලන්ත විතානගේ මහතා නාමයෝජනා ලබාදී ඇත.

එම භික්ෂුන් වහන්සේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කළ බැඳිවැව දියසේන හිමියෝද වෙති.

ජාතික සේවයක් ඉටු කරන නෙත් FM කුරගල සම්බන්ධ තවත් වේදනාත්මක හරයක් ඇති පුවතක් පල කරන ලදි. බලන්න.

 

සුළු ජාතිකයන්ගේ කුමණ්ත්‍රණ සියල්ලට හිස නවමින් යටත් වන, හෙළයේ අවසානය ඉක්මන් කිරීමට කැපවූ බව දින 100ක් තුල ඔප්පු කල, දෙමළෙන් ජාතික ගීය ආදී නිවැරදි කිරීමට නොහැකි තරම් ජාතික අපරාධ වලට මූලික වූ වහ පාලන ආණ්ඩුව මේ සැරසෙන්නේ බොදුනුවාගේ හිස අතගා එය දෙබෑ වී යන්නම කැති පහරක් දීමටය. බැලු බැල්මට නිර්භීත තීරණයක් සේ පෙණුනද? ස්වාමීන් වහන්සේලා විසින් කල හැකි අන් යමක් නැති කමට අගය කලද සවිස්තර පුවත අපට පසක් කරන්නේ කුමක්ද?

සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියන් කුරගල ඉරණම ගැන දුන් පලමු අදහස විමසා බලමු.

ඓතිහාසික කූරගල සිද්ධස්ථානය බුදු රජාණන් වහන්සේ වැඩි සිටි බෞද්ධ සිද්ධස්ථානයක්. දිවාගුහාව ලෙසයි මෙම ස්ථානය නම් කරන්නේ. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මෙම ස්ථානය මුස්ලිම් අන්තවාදීන් විසින් යටකරගෙන තිබුණා. මෙම ස්ථානයේ තිබෙන ඓතිහාසික පසුබිම බැලූවහම අපට යම්කිසි ආකාරයකින් බෞද්ධයන්ට ශී‍්‍ර පාදස්ථානය වටිනවාද ඒ ආකාරයෙන්ම වටිනා ස්ථානයක් තමයි කූරගල කියන්නේ. බුදුන් වහන්සේ ශී‍්‍රපාද ලාංඡනය පිහිටවීමට මත්තෙන් වැඩ සිටි ස්ථානය තමයි මෙම ස්ථානය, දිවාවිහරණය කරන ලද ස්ථානය.

ඒ සම්බන්ධ අපගේ විග්‍රහය:

අප විසින් ශ්‍රීපාදය අපේ යැයි සිතා සිටියද, එය සත්‍යක්‍රියා කර ඵල ලැබීමට තරම් ඇත්තක් වුවද, මරක්කලයන් විසින් මතවාදී වශයෙන් අප පරදවා ඇත්තේ එහි ඉංග්‍රීසි නාමය ඇඩම්ස් පීක් ලෙස නැවත නිවැරදි නොකල හැකි සේ ලියාපදිංචි කර ඇති නිසාය. පර ඉංග්‍රීසිය තොල ගානා ගව හෙළයන් පොෂ් වීමට සිතා මරක්කල උගුලේ හසු වන්නේ “ශ්‍රී පාද මෞන්ටන්” සේ ප්‍රකාශ කල යුතු එම ස්ථානයට මරක්කල කුරාණයේ මිථ්‍යාවට අනුව ආදම් පොළොවට පයගැසූ තැන සේ තමාට හිමිකර ගැනීමට සිතා යෙදූ නම වන “ඇඩම්ස් පීක්” කිසි හිරිකිතයක් නැතුව භාවිතා කිරීමෙනි. පර ඉංග්‍රීසිය උගන්වන ගව ගුරුවරුන්/ ගුරුවරියන් විසින් එම නින්දිත මිත්‍යාවම දිනෙන් දින පතුරුවන බැවිනි. වාර්ෂිකව ශ්‍රී පාදය වන්දනා කිරීමට මරක්කල නඩයක් ලෝක ඉස්ලාම් ජිහාඩය විසින් ලංකාවට එවන බව රටේ ආණ්ඩු පවා නොදනී. සර්වාගමික මතවාද ඔස්සේ උපරිම දූෂණයකට ලක්කරමින් පවතින අපගේ ශ්‍රී පාදයට එරෙහි කුමණ්ත්‍රණය මරක්කලයන් දැනටමත් දිනා ඇත. කුරගල සම්බන්ධයෙන්ද එය එසේම බව කටුක සත්‍යයයි. අනේ අපෙ හාමුදුරුවනේ එබැවින් වහපාලනයේ ඇස් බැන්දුම කිසිසේත් සතුටුවිය හැකි එකක් නොවන බව අපගේ අවංක වේදනාබර හැඟීමයි.

 

දින සීයේ මුසා පොරොන්දු තුල කොලේ වසා ගැසීමක් වූ අහසින් පාත්වූ රාජ්‍ය අමාත්‍ය ධූර වහපාලනයේ කත් ඇදපු උන්ට ජනතා මුදල් ගිලීමට දුන් අවස්ථාවක් බව දැන් ජනතාවට තේරී ඇත. එම ඇමතියෙක් වූ නන්දිමිත‍්‍ර ඒකනායක අන්ත නිවටයෙක් සේ කර ඇත්තේ කුමක්ද? මරක්කල පුදබිම් මංකොල්ල කරුවන්ගේ දෙපා ලෙවකන තරමට පින්සෙණ්ඩු වී ඇති බව පෙනේ. එයින් නොනැවතී යාබද ව ප්‍රේමදාස සමයේ අබුසාලි කොල්ලකෑ අක්කර විස්සක පුදබිම් කට්ටියේ නව ඉස්ලාම් ගෙරි මඩුවක් හෙළ බොදු අපගේ මහජන මුදල් යොදා ඉදිකර දීමට පොරොන්දු වී ඇත. මෙතෙක් කල් උසාවි නියෝගයෙන් පවා ඉවත් නොකල ලෙන් විහාර තුල ඇති ඉස්ලාම් ගෙරි මඩුව ඉවත් කිරීම නම් සිදු නොවනු ඇත. නව ගෙරි මඩුවක් අමතරව පලාත දූෂණය කිරීම අරඹනු ඇත. වසර විස්සක් පුරා නොවූ වැඩය මේ අහේතුක ප්‍රතිසන්ධි ලාභී මන්දබුද්ධික ඇමතියාට පොඩි වැඩකි. බලන්න පම්පෝරිය.

 

එය පොඩි වැඩක්… ඒක එච්චර ලොකු වැඩක් නෙවෙයි… ඒක එතැනින් ඉවත් කරලා මීට යාබදව තිබෙනවා දැනට අවුරුදු විස්සකට පමණ ඉහතදී අක්කර 20ක භූමි ප‍්‍රමාණයක් අබුසාලි හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයාගේ මැදිහත්වීම මත මෙම මුස්ලිම් පිරිස විසින් බදු ඔප්පුවකින් අරන් තිබෙනවා. එම සාකච්ඡුාවේදී අවසානයේදී තීරණය වුණා මෙම පුරා විද්‍යා භූමියේ තිබෙන මෙම පල්ලිය යැයි කියන තැන වෙනුවට එම බදු ඔප්පුවකින් ලබාගෙන තිබෙන ඉඩමේ මෙම පල්ලිය ඉදිකිරීමට. එහිදී ඉදිකිරීම්වලට යම් මූල්‍ය ප‍්‍රතිපාදනවල අපහසුතාවයක් ඇති වෙනවා නම් එය සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් දැරීමට ලේකම්තුමිය එහිදී අදහස් දක්වා තිබෙනවා.

 

අවසාන වශයෙන් නිවට නායකත්වය යටතේ වල පල්ලටම ඇදෙන අපගේ මව් රටේ සසුනේ ඉතිරි සොච්චම වත් බේරා ගැනීමට පූජ්‍ය අක්මීමණ දයාරතන හිමියන් වහපාලන ඉබි ආණ්ඩුවෙන් පිහාටු ඉල්ලා ඇත. ලැබුනේනම් ඉතා අගේ වුවද, ඔබ වහන්සේ ඉතා වේදනාවෙන් ඉල්ලන්නේ යුක්තිය වුවද, කටුක සත්‍ය නම් තරාදියේ හෙළ බොදුනුවාට වඩා මරක්කලයාගේ පැත්ත වහපාලනය අතින් ඇද හෝ බරකර පෙන්වන බවයි. එබැවින් කිසිවිට මේ රන්වන් ඉල්ලීම ඉටු නොවන බව නම් දත යුතුය. රට ජාතිය වෙනුවෙන් කැපවන හෙළ යේ දූ පුතුන්ගේ මතු දැන ගැනීම පිණිස, ඔබ වහන්සේට නමස්කාර පූර්වකව අපි එය නැවතත් මෙහි පල කරන්නෙමු.

 

රජයෙන් අපි ඉල්ලීමක් කරනවා… පුරා විද්‍යාත්මක සිද්ධස්ථාන තිබෙන ස්ථානවල අන්‍යාගාමිකයන් බලහත්කාරයෙන් අල්ලාගෙන සිටිනවා නම් ආක‍්‍රමණය කර තිබෙනවා නම් එහි සියලූ බලතල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දීලා ඔවුන්ගේ කාර්යභාරය නිසි ආකාරයෙන් කිරීමට ඉඩකඩ දුන්නොත් මෙම ඓතිහාසික සිද්ධස්ථාන කිහිපයක්  තියෙනවා දෙවනගල, කූරගල, මුහුදුමහ විහාරය ආදී සිද්ධස්ථාන මෙවැනි ආක‍්‍රමණවලට භාජනය වෙලා තියෙනවා. ඒවා ආරක්ෂා කිරීමට පුරා විiාවට බලතල පවරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. එසේම පුරා විද්‍යා කොමසාරිස්වරයාට අපි කියනවා ඔබතුමාට අසහාය බලයක් තිබෙනවා මේ පිළිබඳව කටයුතු කිරීමට. අපි කියන්නේ අන්න ඒ අසහාය බලය භාවිත කරලා නීති්‍යානුකූලව කටයුතු කරන්න කියලා.  

මෛත්‍රිපාල විධායක ජනපතිධුරය දින සියයෙන් අහෝසි කර රනිල්ට දෙන්නේ රිටිගලකන්දට නැග බවුන් වැඩීමටද
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

“මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය දින සියයෙන් අහෝසිකර රනිල් වික්‍රමසිංහ මහතාට බලය දෙන්නේ රිටිගල කන්දට නැග බවුන් වැඩීමට” දැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඒ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල මහතාව ඉදිරියට දමා තිරය පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් උත්සාහ ගන්නේ රටට යහපතක්‌ කිරීමට නොව ඔවුන්ගේ වෛරී සිතුවිලි සාක්‍ෂාත් කර ගැනීමට පමණක්‌ බවත් උන්වහන්සේ සඳහන් කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (27 වැනිදා) එම අදහස්‌ පළ කළේ ජනාධිපතිවරණයේදී සිය සංවිධානයේ සහාය කාටද යන්න හෙළි කිරීම වෙනුවෙන් කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාම හා ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන ව්‍යාපාරවලට බොදු බල සේනාවේ කැමැත්ත නැහැ. අපේ රට පැහැදිලිව දියුණු කළ හැකි සිංහලේ බෞද්ධ රාජ්‍ය නිර්මාණය කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි සැබෑ ජාතික නායකත්වයක්‌ අප සතුව තිබෙනවා.

වසර 200 කට පෙර 1815 දී සිදු වූ කුමන්ත්‍රණවලදී සිදු වූවක්‌ මෙන් මෙම ජාතික නායකත්වය තිඹිරිගෙයිදීම විනාශ කිරීමට ඉඩ දීමට අප සූදානම් නැහැ. වසර 2 ක්‌ තුළ අප විසින් නිර්මාණය කළ නව ජාතික පුනරුද ව්‍යාපාරය විනාශ කිරීමට සතුරාට ඉඩ දීමට අප ඉක්‌මන් නොවිය යුතුයි.

බොදු බල සේනාව බහුතර ජනතාවගේ අපේක්‍ෂාවක්‌ වෙමින් පවතින මොහොතක සිදුවන මෙම මැතිවරණය නිසා නිර්මාණය වී ඇති “බොරු වළේ” වැටී විනාශ වීමට ඇති ඉඩකඩ පිළිබඳව තේරුම් ගැනීමට බොදුබල සේනා පැහැදිලිව පරිණත වී ඇති බව කිවයුතුයි. සිංහලේ බෞද්ධ රාජ්‍යය බිහි කිරීම උදෙසා වු පදනම ආරක්‍ෂා කිරීම අපගේ පරම යුතුකම හා වගකීමයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද හේතුවෙන් රටේ ඓතිහාසික ජාතියට තිබිය යුතු එහෙත් අහිමි කරනු ලැබූ එහෙත් සුළු ජනවර්ග විසින් වරප්‍රසාදයක්‌ කරගෙන භූක්‌ති විඳින “රජුන් තැනීමේ” බලය රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට හිමි වෙමින් පවතින මොහොතක, බෙදී වෙන් වී ඇති සිංහල බෞද්ධයන් එක්‌සත් විමේ විභවය නිර්මාණය වී ඇති මොහොතක අප සියලු දෙනා කටයුතු කළ යුතු වන්නේ ඉතාමත් තාර්කිකව විචාරශීලීව, බුද්ධිමත්වයි.

2009 දී කුරිරු ත්‍රස්‌තවාදය අවසන් වුවද එහි දේශපාලන පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ පරාජය කිරීමට රජය අපොහොසත් වූවා පමණක්‌ නොව බලය උදෙසා, රට ජාතිය හා ආගම පාවා දිය හැකි, උකස්‌ කළ හැකි අපගේම ලෙස පෙනෙන විජාතික බලවේග සමග එක්‌ව එය ශක්‌තිමත් කිරීමට ගනු ලැබූ උත්සාහයන් හඳුනා නොගැනීමට තරම් අප්‍රවේසම් දුර්වල වී ඒ නිසා සිංහල බෞද්ධ රාජ්‍ය නැවත දිනාගැනීම වෙනුවෙන් වූ අරගලයට අප නායකත්වය දෙමින් සිටිනවා.

2015 ජනාධිපතිවරණය පිළිබඳව බොදු බල සේනාව සිය සංවිධායකයන් හා ප්‍රධාන දායකයන් සමග ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ගැඹුරු ලෙස සාකච්ඡා කළා. අපගේ “ජාතික බුද්ධි සභාවේ” විමසුමටද ලක්‌ කළා. අනතුරුව බොදු බල සේනාවේ දේශපාලන මණ්‌ඩලයේ නිර්දේශ මත එහි “විධායක කමිටුව” මෙම තීන්දුවට එළඹීමට කටයුතු කළා.

2015 ජනාධිපතිවරණය යනු සිංහලයාගේ, බෞද්ධයාගේ පමණක්‌ නොව සමස්‌ත රට වැසියාගේම පැවැත්මට බලපෑම් ඇති කළ හැකි විශේෂයෙන් සැමට සෙත සැලසිය හැකි සිංහල බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීමේ පදනම විනාශ කිරීම කෙරෙහි තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ හැකි සංධිස්‌ථානයක්‌ ලෙස සැලකිය යුතුය. අපගේ උතුම් අරමුණ ජයග්‍රහණය කිරීම උදෙසා පදනමක්‌ වී ඇති සාමකාමී පරිසරය විනාශ කොට “ජාතිභේදවාදී ත්‍රස්‌තවාදය” හා “ආගමික ත්‍රස්‌තවාදය” හිස එසවීමට ඉඩ දෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි වේදිකාවක්‌ ලෙස මෙම ජනාධිපතිවරණය දකින බැවින් මෙම ක්‍රමන්ත්‍රණය හෙළිදරව් කිරීමටත්, එම කුමන්ත්‍රණය පරාජය කිරීමටත් එම අරමුණු උදෙසා බොදු බල සේනා සතු සමාජ ප්‍රාග්ධනය ඇතුළු සියලු විභවයන් මුදා හැරීමටත්, ඒ තුළින් සැමට සෙත සැලසිය හැකි සිංහලේ බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීම උදෙසා වූ අරගලය ශක්‌තිමත් කිරීමට උදාවන සෑම තත්ත්පරයක්‌ම යොදා ගත යුතුයි. ඒ සඳහා යෝග්‍ය සියලු බලවේග ඒකරාශී කිරීමටත් කටයුතු කළ යුතුයි. මෙම ජාතික බුද්ධි මෙහෙවර උදෙසා රටේ ඇති සියලු භික්‍ෂුන් වහන්සේලා හා සියලු බෞද්ධ විහාරස්‌ථාන කේන්ද්‍ර කොටගත් සිංහල බෞද්ධ රාජ්‍යය දිනවීමේ සටන තුළින් 2015 ජනවාරි මස 8 වැනි දින පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණයේදී මෙම විජාතික කුමන්ත්‍රණය පැරදවීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී වූ ජන අරගලයක්‌ කරමින් මේ රටේ රජුන් තැනීමේ නායකත්වය භික්‍ෂුන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට උරුම කර දීමට බොදු බල සේනා පෙරමුණ ගත යුතුය යන්න අපගේ තීන්දුවයි.

මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි පිරිසක්‌ එක්‌වූහ.

 

http://www.divaina.com/2014/11/28/news19.html

මඩකලපුව දිස්‌ත්‍රික්‌කය වූ කලී මීට දශක 03 කට ඉහතදී සිංහලයන් තිස්‌ හතළිස්‌ දාහකින් පිරී ගිය පුරවරයකි. විවිධ ව්‍යාපාරවල නියෑළෙමින් ඔවුන් දෙමළ සහ මුස්‌ලිම් ජනයා සමගින් සහජීවනයෙන් කල් ගත කරන ලදී. නමුත් සැකය වෛරය අවුලවමින් ඇතිවූ යුද්ධය නිසා පසුගිය කාල සිමාව තුළ මරණයේ දේශයක්‌ව පැවතිණි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් කෙවිලියාමඩුව ගම්මානයේ යුද්ධයට පෙර ගම්වාසින් ජීවත්වූවේ දහසක්‌ වූ බාධක මැදය. නමුත් අවට ගම්වල ජනයා ලේ පිපාසිත මිනිමරු කොටි රකුසාට ගොදුරු වෙද්දී මෙම කෙවිලියාමඩුව අහිංසක ගම්වැස්‌සෝද තම පණ නළ බේරා ගැනීම සඳහා තම ඉඩ කඩම් අතහැර යන්නට පු`ඵ පු`ඵවන් තැන්වලට පලා යන්නට වූහ. නමුත් 2004 වසරේ සාම ගිවිසුම් කාල සීමාවේදී මෙම ගම්වැස්‌සෝ තමන්ගේ පරණ පුරුදු ඉඩ කඩම් සොයා පැමිණියේ තමන් හට පුංචි අතු පැලක හෝ නිදහසේ ජීවත්වන්නට උවමනාව නිසාය.

එදා පටන් මේ දක්‌වාම දහසක්‌ බාධක හමුවේ මෙම ජනයා අනන්ත අප්‍රමාණ දුක්‌ ගැහැට විඳිමින් මෙම කෙවිලියාමඩුව ගම්මානයේ ජීවත්වන්නට වූවේ මහා යස ඉසුරෙන් පිරි දිවි පෙවතක්‌ නොව මහා කටුක දුක්‌ත දිවි පෙවතකි. 2008 සිට මේ දක්‌වාම රජයෙන් ලැබෙන සමෘද්ධි කූපන්පත පවා අහිමිව අඩුම තරමේ පදිංචිය සනාථ කිරීමේ ලිපියක්‌වත් ගැනීමට නොහැකිව මෙම ජනයා ගෙවන ජීවිතයේ වේදනාවේ හඬ බලධාරීන්ගේ බිහිරිවී ගිය කන් අඩිවලට නො ඇසුණේ ඔවුන් තව තවත් අන්ත අසරණ කරලමිනි.

ඡන්දය දමන්නටවත් ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනීමට නොහැකිව මෙම ජනයා පිට සක්‌වළ ජීවීන් මෙන් කිසිම වරප්‍රසාදායක්‌ නොමැතිව මෙම ගම්මානයේම වාසය කරන්නට වූහ

මේ කෙවිලියාමඩුව ගම්මානයේ පදිංචි ධම්ම්කා කුමාරිගේ සංවේදී කථාවයි.

මම කෙවිලියාමඩුවට ඇවිල්aලා අවුරුදු 08 ක්‌ වෙනවා. මම යුද්ධයටත් කලින් පදිංචි වෙලා හිටියා. අපේ අම්මලා 1973 ඉඳලා තමා කෙවිලියාමඩුවේ පදිංචි වෙලා හිටියේ. මම ඉපදුණේ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ. නමුත් මට තවම හැඳුනුම්පතක්‌ නැහැ. තවම අපිට ඡන්ද නාම ලේඛනයේ නම ලියාපදිංචි කරගන්න බැරි වුණා. නම දාලා අයදුම්පතක්‌ පුරවලා දුන්නත් අපිව අනවසර පදිංචිකරුවෝ කියලා ලියාපදිංචි කළේ නැහැ. මට ළමයි තුන් දෙනෙක්‌ සිටිනවා. මහත්තයාටත් ස්‌ථිර රැකියාවක්‌ නැහැ. බොහෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක හින්දා මම මොකක්‌හරි රැකියාවක්‌ කරන්න කියලා ග්‍රාමසේවා සහතිකයක්‌ ගන්න ගියා. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය අපිට ග්‍රාමසේවක සහතිකය දුන්නේ නැහැ. මම 2012 වසරේ උප්පැන්නයත් සමග හැදුනුම්පත් හදනන් අදාළ ලිපි ලේඛණ ගාර දුන්නා. තවමත් මට හැදුනුම්පත ලැබුණේ නැහැ. මම පස්‌සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට කථා කළා. එතකොට එහෙන් කීවා එහෙම හැඳුනුම්පතක්‌ සකස්‌ කරන්න එවල නැහැ කියලා. මම පස්‌සේ පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්තුමියට මේ ගැන කීවාම ඈ දිගින් දිගටම බැන වැදුනා. ඔයාල අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නේ අපි ඔයාලට කිසිම දෙයක්‌ දෙන්නේ නැහැ. දිගින් දිගටම මේවා ඉල්ලන්න ආවොත් මම රාජකාරියට බාධා කළා කියලා පොලිසියට කියලා කූඩුවට දානවා. මම කිසිම කෙනකුට ලියුමක්‌ දෙන්නේ නැහැ.මම කිසිම කෙනෙක්‌ කියන දේ කරන්නෙත් නැහැ. මම නූගත් ඔයාලට වැඩ කරන්නෙත් නැහැ කියලා අපට බැන වැදුනා. අපි ඊට පස්‌සේ කොක්‌අඩිචෝලේ පොලිසියට ගිහින් මේ පිළිබඳව පැමිණිල්ලක්‌ දැම්මා. අපිට මෙහෙම කරන්නේ මඩකලපුවේ සිංහලයෙක්‌ වෙලා ඉපදුණ කරුමයටද යනුවෙන් ධම්මිකා කුමාරි ඉරිදා දිවයිනට අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

මේ පද්මිණි පියදර්ශනිගේ කථාවයි.

මගේ මහත්තයා කරන්නේ කුලීවැඩ. මගේ දුව 2011 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්. නමුත් අපේ ආදායම සහතික කරලා දෙන්නේ නැති නිසා තවමත් ශිෂ්‍යාධාර ලබා ගන්න බැරි වුණා. මම දිගින් දිගටම පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්තුමිය මුණ ගැසෙන්නට ගියා. නමුත් වැඩක්‌ වුණේ නැහැ. මගේ පුතා පොලිසියට යැමට සම්මුඛ පරීක්‌ෂණ 04 කට ගියා. 5 වන සම්මුඛ පරීක්‌ෂණයට යන්න ග්‍රාම සේවක සහතිකයක්‌ අවශ්‍ය වුණා. මම පසුගිය 26 වැනිදා එම වැඩ දෙකම කරගන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. එතකොට ප්‍රාදේශීය ලේකම්තුමිය කීවා මම ඔයාලට කිසිම වැඩක්‌ කරලා දෙන්නේ නැහැ.ඔයාලා ගිහින් මඩකලපුව හාමුදුරුවන්ට කියලා මේ වැඩ කරගන්න කියලා. ඊට පස්‌සේ මම ගියා මඩකලපුව මහ දිසාපතිතුමිය මුණගැසන්න. එතුමිය ලියුමක සටහනක්‌ දාල දුන්නා මේක ගිහින් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරියට දෙන්න කියලා. නමුත් ඒක ගිහින් දුන්නමත් එම වැඩය කරලා දුන්නේ නැහැ. ඒක අරන් පැත්තකට විසි කරලා දැම්මා. මම මේක කරලා දෙන්නේ නැහැ. මම කවුරු කීවත් මෙම වැඩය කරලා දෙන්නේ නැහැ කියලා බැන වැදුනා. පස්‌සේ නැවතත් 04 වැනිදා මඩකලපුවේ පංසලේ ඉඳන් දිසාපති කාර්යාලයට විරෝධතා පා ගමනක්‌ ඇවිල්ලා දිසාපතිතුමියත් සමග සාකාච්ඡා කළාට පස්‌සේයි මගේ දුවට ශිෂ්‍යාධාර ගන්න ආදායම් සහතික කර ගන්න පු`ඵවන් වුණේ. අවුරුදු දෙකක්‌ මම මෙම ආදායම් වාර්තාව ගන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්‌ කථා කරා. නමුත් ඒ එක අවස්‌ථාවකවත් ප්‍රාදේශීය ලේකම්තුමිය අපට අදාළ සහතික කිරීම් කරලා දුන්නේ නැහැ. අපි දුප්පත් ජනතාව. අපි රජයෙන් ඉර හඳ ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ අපිට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය දේවල් කරලා දෙන්න කියලයි යනුවෙන් පත්මිණී ප්‍රියදර්ශනි වසර ගණනාවක්‌ තිස්‌සේ තමන් අත්විඳ දුක්‌ ගැහැට පිළිබඳව අදහස්‌ දක්‌වන්නට වූවාය.

මේ අයුරින් වසර 06 ක කාලයක්‌ තිස්‌සේ මෙම කෙවිලියාමඩුව ජනතාව විඳින්නෙ අනන්ත අප්‍රමාණ දුක්‌ කරදරයකි. පවුල් 106 ක්‌ පමණ මෙම ස්‌ථානයේ පදිංචිව සිටින්නේ තමනට යන්න එන්නට අන් පිළිසරණක්‌ නැති නිසාමය. බොන්නට ජල බිඳක්‌ සොයා සැතපුම් ගණන් නියං සමයේදී යා යුතුව ඇත. රෑ පුරා එම ප්‍රදේශයේ නිරන්තරයෙන් සරනා වන අලි සේනාවෙන් ගෙනෙනා කරදරය නිමක්‌ නැත. ගමේ පාසල් නැති කම නිසා පාසලකට යැමට කිලෝ මීටර්10 කට ආසන්න දුරක පිහිටි මංගල ගම විද්‍යාලයට යා යුතුව ඇත. එදා වේල යාන්තමින් සරි කරගැනීමට වෙහෙසෙන මේ ජනයාට තම දරුවන්ද දිනපතාම වාගේ පාසලට යෑවීමට වත්කමක්‌ නොමැතිව ළතවෙමින්a සිටින්නේ ස්‌ථිර ආදායම් මාර්ගයක්‌ මෙම ගම්වාසීන්ට නොමැති නිසාවෙනි. නමුත් තවමත් ඉඩමට බලපත්‍රයක්‌ ලබා ගැනීමට නොහැකිවන්නට හේතුව මෙම ජනයා සිංහල රටේ සිංහල වී ඉපදීම දැයි පට්‌ටිපොළ ප්‍රදේශීය ලේකම්වරිය ඇතු`ඵ අදාළ බලධාරීන්ගෙන් ඇසීමට සිදුව තිබේ.

මහත්තයෝ අපි උපන් බිමේ කල්ලතෝනියෝ වෙලා. ඉඩමට බලපත්‍රයක්‌ දෙන්නේ නැහැ. ග්‍රාමසේවක සහතිකයක්‌ උප්පැන්න සහතිකයක්‌ මරණ සහතිකයක්‌ ලබා ගන්න බැරි වෙලා තියෙනවා. අපිට ඡන්දයක්‌ දාන්න බැරිවෙලා තියෙනවා. දුප්පත් අපිට සමෘද්ධිය ලබා ගැනීමට තිබෙන අයිතියත් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය අපෙන් උදුරාගෙන තිබෙනවා. ජනතාවගේ බදු මුදලින් යෑපෙන මෙම නිsලධාරීන් අපි අන්ත අසරණ කරලා අපිව තලා පෙළා දානවා. අපිට මේ වන තෙක්‌ රජයෙන් ලැබෙන කිසිම දෙයක්‌ ලැබිලා නැහැ. මඩකලපුව හාමුදුරුවෝ තමයි දෙවියෙක්‌ වාගේ අපි ගැන නිතරම සොයා බලා කටයුතු කරන්නේ. අපේ ළමයින්ට පොතක්‌ පැනක්‌ දීලා පාසල් යවන්න. බඩගින්නේ ඉන්න වෙලාවට කුස පුරවා ගන්නට හාල් මිටක්‌ ලබා දෙන්නේ උන්වහන්සේ මැදිහත්වීමෙන් හැබැයි අපේ ගම ආසන්නයේ කොහොඹගස්‌තලාව ගම්මානයේ දෙමළ ජනතාව පදිsංචිකරලා සිටිනවා.

එම ජනතාවට කිසිම ගැටලුවක්‌ නැහැ. රජයෙන් නිවාස සාදන්න රුපියල් ලක්‌ෂ 05 ක නිවාස ආධාරත් දීලා තියෙනවා. ඒ අයට රජයෙන් ලැබෙනා සියලුදේ ලැබෙනවා. නමුත් අපට තමයි ඒ කිසිවක්‌ ලැබෙන්නේ නැත්තේ. ඇයි අපි සිංහලයෝ නිසාද අපිට මේ තරම් කෙනහිලි කම් කරන්නේ. දෙමළ ජනතාවට වැඩ කරලා දෙනවාට අපේ කිසිම අකැමැත්තක්‌ නැහැ. නමුත් තිබෙන ගැටලුව වන්නේ අපි අන්ත අසරණ කිරීමයි යනුවෙන් කෙවිලියාමඩුව පදිංචි ඩබ්. එම් ජයතිලක පවසන්නට විය.

වෙලෙස කෙවිලියාමඩුව ගම්මානයේ ජනතාවට දිගින් දිගටම සිදුවන අසාධාරණකම්වලට එරෙහිව එම ගම්මානවල ජනතාව හාරසීයකට අධික පිරිසක්‌ සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති පුලියද්දේ සුධම්ම හිමි සහ මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව මංගලාරාම විහරස්‌ථානයේ සිට මඩකලපුව දිසාපති කාර්යාලය තෙක්‌ විරෝධතා පාගමනක්‌ පසුගිය 04 වනදා පවත්වන ලදී. ඔවුන් මඩකලපුව කච්ෙච්රි භුමියට ගොස්‌ විරෝධතාවයේ නියළෙද්දී මඩකලපුව සහකාර පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර සහ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක ගුණසේකර යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව මහ දිසාපතිනිය වන පී. එස්‌. එම්. චාල්ස්‌ මහත්මිය අදාළ භික්‌ෂූන් වහන්සේලා සහ ගම්වාසීන් කිහිප දෙනකු සමගින් මෙම ගැටලුව පිළිබඳව සාකාච්ඡාවක්‌ සිදු කරන ලදී. එම අවස්‌ථාවේදී පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් එස්‌. විල්වරත්නම් මහත්මිය ද ගෙන්වා අදාළ කරුණු විමසීමක්‌ සිදු කරන ලදී. එහිදී දිගින් දිගටම කෙවිලියාමඩුව සිංහල ගම්මානයේ ජනතාවට සිදුවන අසාධාරණකම් සහ මූලික අයිතිවාසිකම් අහිමිවීම් ආදිය පිළිබඳව සිංහල රාවය සංවිධානයේ භික්‌ෂූන් වහන්සේලා සහ අම්පිටියේ සුමනරතන හිමියන් දිගින් දිගටම අදහස්‌ දක්‌වන ලදී. එම අවස්‌ථාවේදී මහ දිසාපතිවරිය අදාළ ප්‍රාදේශීය ලේකම්වරියගේ ඇතැම් ක්‍රියා කලාපයන් සඳහා සිය එකඟතාව පළ නොකළ අතර එම අවස්‌ථාවේදීම අදාළ සහතික පත් ලබා ගැනීමට නොහැකිවුණ අයහට අදාළ සහතික පත් ලබා දීමට කටයුතු කරන ලදී. ඉදිරියේදී ජනාධිපතිතුමා සමග සාකාච්ඡා කර මෙම ගැටලුව විසඳන තෙක්‌ රාජකාරි කටයුතු සඳහා පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නොගොස්‌ මහා දිසාපති කාර්යාලය වෙත පැමිණ සිය අවශ්‍යතාවන් ඉටු කරගන්නා ලෙසත් ඒ සඳහා ලිත පොරොන්දුවක්‌ ද අම්පිටියේ සුමනරතන හිමියන් වෙත භාර දෙන ලදී.

කෙවිලියාමඩුව ගම්මානයේ ජනතාවගේ අසාධාරණකම්වලට නිරන්තරයෙන් නැගී සිටින එම ජනතාවගේ එකම ගැලවුම්කරුවා වෙමින් කටයුතු කරන මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙසේ අදහස්‌ දක්‌වන ලදී.

කෙවිලියාමඩුව ගම්මානයේ අහිංසක සිංහල ජනතාවට කලක සිටම දැඩි අසාධාරණයක්‌ සිදුවෙමින් තිබෙනවා. එදා කපනවාට කොටනවාට බයේ සියලු ඉඩකඩම් අතහැර ගිය ජනතාවගේ සියලුදේ අපි ඉල්ලා සිටින්නේ නැහැ. නමුත් අපි ඉල්ලා සිටින්නේ කෙවිලියාමඩුව, සිප්පිමඩුව, සින්නවත්ත, පු`ඵකුණාව, කොස්‌ගොල්ල, එරාවුර් ආදී ප්‍රදේශවල ජීවත්වන අතළොස්‌සක්‌ වූ සිංහල ජනතාවට අවම වශයෙන් මරණ සහතිකයවත් ලබා ගැනීමේ අයිතිය තහවුරු කරලා දෙන ලෙසටයි. මම මේ ජනතාව වෙනුවෙන් කථා කරන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම එම කාර්යාලයේ බඩු මුට්‌ටු එයාලා පොළොවේ ගහලා මම ඒ දේ කළා කියලා මට විරුද්ධව අධිකරණයේ නඩුවක්‌ පවා දමලා තිබෙනවා. නමුත් මහ දිසාපතිතුමිය හමුවේදී පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරියට තමන් අහිංසක ජනතාවට එරෙහිව කළ වැරදි පිළිගැනීමට සිදුවූවා.

මඩකලපුවේ සිංහලයකු වීම කරුමයක්‌ බවට පත්ව ඇති මෙම උපන් බිමේ අසරණයන්ට දැන්වත් සාධාරණයක්‌ ලැබෙනු ඇතැයිද එම ජනතාව බලාපොරොත්තු සහගතව බලා සිටිති.

සුසන්ත අමර බන්දු

http://www.divaina.com/2014/03/16/nimna01.html

ජාතික හෙළ උරුමයේ පීළි පැනීම ආරම්භයේ සිටම අපි එය හුවා දැක්වූයේ එය බොදුනුවාගේ එකම පිහිට බව ක්‍රියාවෙන් එතෙක් පෙන්වමින් සිටි නිසාය. කෙසේ හෝ කල්ලතෝනි බෞද්ධ වීරෝධී දේශපාලන බලවේග වල ඔඩොක්කුවේ සුරතල් වෙමින් දෙමළ බෙදුම්වාදය පැරදවූ රජය ට අභියෝග කිරීමට තරම් ජාති සාසන ද්‍රෝහී වීමට තරම් හිරි ඔතප් එම පක්ෂයට නැති වූයේ පෞද්ගලික කෝන්තර මත බව පෙනී යයි. එවන් පටු අරමුණු මත ජාතියක් අසරණ කිරීමට තරම් මුග්ධ භාවයක් හෙළ උරුමය තුලින් කිසිවෙකුත් කිසිදිනකත් බලාපොරොත්තු නොවීය. කෙසේ හෝ නොවිය හැක්කම සිදුවී තිබේ. මෙතැන් පටන් හෙළ උරුමය බොදු සාසන විරෝධී කල්ලියක් ලෙස පමණක් බොදුනුවන් විසින් සිතට ගැනීම වඩා නිවැරදි තීරණයයි. එයට දුන් වැරදි පිළිගැනීම ගැන අප ඉතාම කණගාටු වන්නෙමු. අප අඩවියේ හෙළ උරුමය පිළිබඳ නිවැරදි කිරීම් අපි කරන්නෙමු.  එම පක්ෂයේ හිමි වරුන් රට දැය සමය කෙරේ හැඟීමක් නැති අය සේ පිළිගැනීමට අපට සිදුවී ඇත.

 

ඔබ රට දැය සමයට හිතැති බොදුනුවෙක් නම් හෙළ උරුමය පිළිකුලෙන් යුතුව බැහැර කරන්න. අපගේ වාසනාවට බොදු බල සේනාව අපට ඉතිරිව ඇත. රජයේ යම් තාක් දුර්වලතා සියල්ල එය හරහා නිවැරදි කර ගැනීමට අපට තවමත් අවස්ථාව ඇත. රට දැය සමය කෙරේ නියම හැඟීම එම පෙරමුණේ ඇති බව ලොවට රහසක් නොවේ. බොදුනුවාගේ එකමුතුව විවිධ පාට පක්ෂ වලට නොබෙදා බොදු බල සේනාවේ බොදු ආගමික හඬ ඔස්සේ මේ රටේ අපේ නියම අයිතිය සොයා යෑමට අදිටන් කර ගනිමු.

 


පාඨලී උදය ඇමතිවරු අස්‌වෙති
ඉදිරියේදී රජයේ නියෝග හෙළ උරුමයට අදාළ නොවේ

සිරිමන්ත රත්නසේකර

තාක්‌ෂණ පර්යේෂණ හා පරමාණු බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක සහ බස්‌නාහිර පළාත් පරිසර හා කෘෂිකර්ම ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරු ඊයේ (18 දා) සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වූහ.

ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ වන ජාතික හෙළ උරුමය ඇමැති තනතුරුවලින් සහ අනෙකුත් සියලුම තනතුරුවලින් අස්‌වීමට ගනු ලැබූ තීන්දුව ඔව්හු ඊයේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවා ප්‍රකාශ කළහ.

ඒ අනුව පාඨලී චම්පික රණවක මහතා සිය අස්‌වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙතද ප්‍ර්‍රභාත් උදය ගම්මන්පිල මහතා සිය අස්‌වීමේ ලිපිය බස්‌නාහිර පළාතේ ආණ්‌ඩුකාර අලෙවි මවුලානා මහතා වෙතද යොමු කර තිබේ.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව, නායකත්ව මණ්‌ඩලය, උත්තරීතර සභාව, ගිහි උපදේශක සභාව, මහජන නියෝජිතයන්, දිස්‌ත්‍රික්‌ හා ආසන සංවිධායකවරුන් ඒකාබද්ධව ගත් ඒකමතික තීරණයකට අනුව මෙම තීරණය ගත් බව එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්‌වෙමින් පැවසීය.

ඒ අනුව මින් ඉදිරියට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයේ නියෝග සිය පක්‍ෂයට අදාළ නොවන බවත් පක්‍ෂය කටයුතු කරන්නේ පක්‍ෂයේ මතය අනුව පමණක්‌ බවත් හෙතෙම පැවසීය.

සන්ධානය තුළ දැරූ තනතුරුවලින් ඉවත්ව ගියද රටට හිතැති පොදු වැඩපිළිවෙළකදී ආණ්‌ඩුවට සහාය දීමට කටයුතු කරන බව පැවසූ පාඨලී චම්පික රණවක මහතා මෙම ඉවත්වීම සතුරු හමුදාවක්‌ ආණ්‌ඩුවට කරන අභියෝගයක්‌ නොව හිතමිතුරු පිරිසක්‌ විසින් කරන කාරුණික මඟපෙන්වීමක්‌ බවත් කියා සිටියේය.

බොල් පිළිම හා ගල් පිළිම අතර වෙනසක්‌ ඇති බව කී හෙතෙම දැන් පවතිනුයේ බොල් සහ ගල් පිළිම අතර සටනක්‌ බවත් කියා සිටියේය.

මෙම ඉවත්වීම තුළ ඉදිරියේදී සිය පක්‍ෂයට සහ පක්‍ෂ නායකයන්ට නොයෙක්‌ අපවාද අවලාද, චෝදනා, ගැරහුම්, තර්ජන, ගර්ජන එල්ලවිය හැකි බව සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව අවධාරණය කළේය.

ජාතික හෙළ උරුමයේ යෝජනාවලට ආණ්‌ඩුවෙන් යහපත් ප්‍රතිචාර නොලැබීම මෙම ඉවත්වීමට හේතුව බවත් දියුණු දේශපාලනයක අවශ්‍යතාව රටට මේ මොහොතේ අවශ්‍යවී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

තනතුරු තාන්න මාන්නවලින් ඇති ඵලක්‌ නැතැයි කී හෙතෙම පක්‍ෂයට අවශ්‍ය ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීම පමණක්‌ බවත් සඳහන් කළේය.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (18 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ පිහිටි ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ජාතික හෙළ උරුමයේ මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර ඊට එම පක්‍ෂයේ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු ප්‍රධාන පෙළේ ගිහි පැවිදි නායකයෝ එක්‌ව සිටියහ.

 

http://www.divaina.com/2014/11/19/news01.html


මුස්‌ලිම් අන්තවාදයට එරෙහිව රජය වහා නැගී සිටිය යුතුයි
ජාතික සංඝ සම්මේලනය

සිරිමන්ත රන්තසේකර

මුස්‌ලිම් ජනතාව සඳහා නැගෙනහිර වෙනම පරිපාලන ඒකකයක්‌ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය කර ඇති ඉල්ලීම තුළින් පැහැදිලිවම ගම්‍ය වන්නේ ඔවුන් බෙදුම්වාදී මාවතේ ගමන් කරන බවත් එහෙයින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයට නැගී සිටියා සේම මුස්‌ලිම් අන්තවාදයට එරෙහිව රජය වහා නැගී සිටිය යුතු බවත් ජාතික සංඝ සම්මේලනය ඊයේ (04 වැනිදා) අවධාරණය කර සිටියේය.

අදාල ඉල්ලීම් ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක්‌ බවත් මෙය ඔලුවිල් ප්‍රකාශය නැවත දිගහැරීමක්‌ බවත් එම සම්මේලනයේ මූල්‍ය ලේකම් හා මාධ්‍ය සම්බන්ධීකාරක පූජ්‍ය වත්තේහේනේ විජිත හිමියෝ සඳහන් කරති.

මෙරට වෙසෙන ජාතින් තම තමන්ට වෙන වෙනම පරිපාලන ඒකකයන් ලබාදෙන ලෙස ඉල්ලීම් කළහොත් රටක්‌ ඉතුරු නොවන බවත් කී උන්වහන්සේ මුස්‌ලිම් කොන්ග්‍රසය මේ සිදුකරනුයේ රට අර්බුදයකට තල්ලු කිරීමක්‌ බවත් පැවැසූහ.

මුස්‌ලිම් ජාතිකයන් මත්කුඩු හා මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ ප්‍රමුඛයන් වී ඇති බවට ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන ඇති තත්ත්වයක්‌ තුළ ඔවුන්ට වෙනම පරිපාලන ඒකකයක්‌ ලැබුණහොත් තත්ත්වය කෙබඳු වේ දැයි ප්‍රශ්න කරති.

රජය මේ පිළිබඳව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවක්‌ කී පූජ්‍ය වත්තේහේනේ විජිත හිමියෝ ආණ්‌ඩුව ජාතික බලවේගවලින් ඈත් වනවිට අන්තවාදීන්ට නැඹුරුවීමේ ඉඩකඩ ඉහළ බවත් කියා සිටියහ.

උන්වහන්සේ ඊයේ (04 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

 

http://www.divaina.com/2014/11/05/news24.html

ජනපති සමඟ  පුද්ගලික තරහක් වැනි යමක්  නිසා එක්වරම ජාති ද්‍රෝහී වූ රතන හිමිගේ “පිවිතුරු හෙට” බෞද්ධයාට ඇති කිසිම වැදගත්කමක් අදාලත්වයක් නැති කෝඳුරුතෙල් හිඳීමේ උත්සාහයකි. උගත් මහත්මා දේශපාලකයන් බහුතරයක් සමඟ ඉතා උසස් දේශපාලන ගමනක් යමින් සිටි හෙළ උරුමය එක් වරම සිහිවිකල් ප්‍රතිපත්තියකට වැටී අනාථවෙමින් සිටී. කිසිසේත් පිළිගැනීමට නුසුදුසුය. මාදුළුවාවේ සෝභිත පිරිස් දූෂකයන් වහන්සේ බුදු සමය පාගා දමීමේ කොන්ත්‍රාත්තුව අතට ගත් N.G.O. /කතෝලික රූකඩයකි.  දේශපාලන වශයෙන් බෙලහීන  කළු සුද්දන්ගේ U.N.P. ය හෙළ රට-දැය-සමය තුනේම පරම සතුරෝය. J.V.P. යනු ඉස්ලාම් මුදලින් ඡන්ද ප්‍රචාරයේ යෙදෙමින් බෞද්ධයාට එරෙහි වන මනු ප්‍රේතයින් රැලකි. විමල් ගේ ජාතික නිදහස් පෙරමුණ ජනපතිගේ සෙරප්පු ලෙවකන මුසම්මිල් කෙනෙක් මාධ්‍ය ප්‍රකාශක  කරගෙන ඉස්ලාම් මෲගකම  පිළිබඳ ඇත්ත ගල් පැලෙන බොරු කියමින් යට ගසන ඉස්ලාම් මුදලින් දුවන රූකඩයකි. එය බොදු බල සේනාවට බොරු චෝදනා කිරීමට තරම් නිහීන වූයේ මේ ඉස්ලාම් මුදල් සම්බන්ධය නිසා විය යුතුය. සියළු සමසමාජ පක්ෂ ආගමක් දහමක් නැති නිවට මනු ප්‍රේතයන්ය.

 

වර්තමාන ජනපති පවා බොදුනුවාට හානි වන විට නිහඬ වීමේ අවාසනාවන්ත ප්‍රතිපත්තියක් පෙන්වමින් සිටී. ඔහුගේ පක්ෂය තුල අති විශාල සංඛ්‍යාවක් සුනඛ දේශපාලකයන් ලැග සිටී. මේ අනුව බොදුනුවාට මේරටේ දේශපාලන වශයෙන් කිසිම පිහිටක් නැත.  කල හැක්කේ යක්කුන් රැලක් අතරින් හොඳම යකෙක් තෝරා ගැනීම පමණි. අනික් පක්ෂ, ප්‍රතිපත්ති සියල්ල සැලකූ විට කිසිවෙකුත් පරාජය කිරීමට තබා සිතීමටත් බිය වූ දෙමළ බෙදුම්වාදය පැරදුවා සේම මහින්ද ජනපති හෙළ බොදු බලයකට අනාගතයේ හෝ හිස නැවීමට හොඳින්ම ඉඩ කඩ ඇති නායකයායි. අනෙක් කිසිම පුද්ගලයෙක් හෝ පක්ෂයක් හෙළ බොදුනුවාගේ පරම හතුරෙක් මිස පිහිටක් නම් නොවන්නේය. “රට-දැය-සමය නසන්න අපිට බලය දියව්” යන්න ඔවුන් සියල්ල නොකියා කියන මන්තරයයි.

 

බෞද්ධ බංග්ලාදේශයේ අවසානයේ ආරම්භය සිදුවූයේ 70 දශකයේය . මෙරට බාගෙට ඉස්ලාම් J.R. මෙන් නොව 100% ඉස්ලාම් පාලකයෙක් මුල්ම වරට එරට බලය ලබා ගත්තේ එතෙක් සියළු ඉස්ලාම් කපටි නිවටකම් බහුතර බොදු ජනතාවට පා ඔවුන් රැවටීමෙනි.  එදා මෙදා තුර ඉස්ලාම් දහමට අනුව සමූහ බෞද්ධ ජන ඝාතන, පලවා හැරීම්, රාජ්‍ය  හමුදා බලය යොදා බහුතර බොදු ජනතා මර්ධනය කිරීම් රාජ්‍ය බලයට මුවා වෙමින් මාධ්‍ය වාරණය තුලින් ලොවෙන්ම වසන් කරමින් ජයටම කලහ. අද වන විට අතලොස්සක් වූ ලොවෙන්ම තනිකර දැමූ බෞද්ධයන් පිරිසක් චිතගොං නම් කඳුකර පලාතේ වරින්වර ඉස්ලාම්  ජනතාවගේ, රජයේ,  ප්‍රහාරයට ලක්වෙමින් අපා දුක් විඳිමින් වෙසෙයි. මහින්ද හැර අන් සියළුම දේශපාලන සුනඛයන් සමඟ ශ්‍රී ලංකාවේ බියකරු අනාගතයත් මෙයම බව සක්සුදක් සේ පැහැදිළිය. දැන හෝ නොදැන කවුරු කවුරුත් කෑ ගසන්නේ මෙම තත්වයට බොදුනුවා ඇද දැමීමට බව පෙනේ.

 

බොදු බල සේනාව දේශපාලන පෙරමුණක් නොවේ. දැනට හොඳම විචාර බුද්ධියකින් ජාතික ප්‍රශ්ණ පිළිබඳ ක්‍රියාත්මක වන්නේ ඔවුන් පමණි. හෙළ උරුමය ඇතුළු සියළු දෙනා කෝලම්කාරයන් වී ඇත. මෙවර ජනපතිවරණය වෙනුවෙන් බොදුනුවා ගත යුතු හොඳම මග බොදුබල සේනාවේ මග බව අපිදු අදහන්නෙමු. කියවන්න.

 

 

ජනාධිපතිවරණයට පෙර බුදුදහම
සුරකින පනත් සම්මත කළ යුතුයි
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බුදුදහම හා බෞද්ධයා සුරකින පනත් කෙටුම්පත් මීළඟ ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සම්මත කළ යුතුව ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (28 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කීහ.

විලිලඡ්ජාවක්‌ ඇත්නම් එය එසේ කළ යුතුව ඇති බවත් කී උන්වහන්සේ නිදහසින් පසු කිසිදු පාලකයකු සැබෑ ලෙස බෞද්ධයා සුරැකීමට පියවර නොගත් බවට චෝදනා කළහ.

  1. ජනාධිපතිවරණයට පළමුව සදාචාර විරෝධී අන්‍යාගමිකරණ වැළැක්‌වීමේ පනත,
  2. ථෙරවාදී භික්‍ෂු කතිකාවන් ලියාපදිංචි කිරීමේ පනත,
  3. බෞද්ධ ප්‍රකාශන පළකිරීම නියාමනය කිරීමේ පනත,
  4. බෞද්ධ විහාර දේවාලගම් ආඥපනතේ සංශෝධනයන්,
  5. ශ්‍රී ලංකා ථෙරවාදී සම්ප්‍රදායේ දසසිල් මාතාවන් හා දසසිල් මෑණි ආරාම පිළිබඳ පනත් කෙටුම්පත් සම්මත කිරීම

 

කළ යුතුව ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

දහඅටවැනි ව්‍යවස්‌ථාවේ කෑලි අයින් කළත් ඉස්‌පිලි පාපිලි හැදුවත් නව සංශෝධන ගෙන ආවත් කුණුගොඩ පරණ කුණුගොඩම බව කී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මේ කිසිවකින් රටට හෝ බෞද්ධයාට වැඩක්‌ නැති බවත් සඳහන් කළහ.

http://www.divaina.com/2014/10/29/news18.html

 

සියළු බොදු ජනතාව බොදු බල සේනාව වටා රොක් වේවා. ඔවුන්ගේ මග පෙන්වීම යටතේ අපගේ අයිතීන් දිනා ගැනීමට ක්‍රියා කරත්වා. ජනපති හරි මගට ගැනීමට බොදුනුවාට වැදගත්, දිනාගැනීමට යම්කිසි හෝ ඉඩක් ඇති මෙවන් කොන්දේසි පමණක් රජයට බල කරත්වා! බෞද්ධයාගේ ඉල්ලීම්වල ප්‍රමුඛතා නොදන්නා දේශපාලක මෝඩයන් තනිකර දමත්වා! රටේ හතුරන් කිසිවෙකුගේ උගුලේ හෙළයා නොවැටේවා!  බුදු සමය හෙළයේ සදා ඉහලින්ම බැබලේවා!

 

සිංහල ජනතාව බහුතරය ලෙස
ජීවත්වන අවසන් සියවස මෙයයි
– ඇමැති පාඨලී චම්පික රණවක

ප්‍රභාත් විතාන

වසර දස දහස්‌ ගණනක ඉතිහාසය ගැන කතාකරන, ලෙයින්, රනින්, යකඩින් හා ගලින් කරපු ඉතිහාසයක්‌ ගැන ආඩම්බර වෙන අපේ ජාතියේ මේ ගෙවෙන්නේ අන්තිම සියවස යෑයි තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

රටේ ජනගහණය පිළිබඳ ගැටලු මතුවී තිබෙනවා. අද මේ රට වේගයෙන් වියපත් වන රටක්‌ බවට පත්වෙලා. රටේ දරුවන්ගේ ජනගහණය ක්‍රමයෙන් අඩුවෙමින් යන අතර රටේ ජනගහණය සමස්‌ථයක්‌ ලෙස වර්ධනය වීම 1% ටත් අඩු තත්ත්වයට පත්ව තිබෙනවා. සිංහල ජනතාවගේ ජනගහණ වර්ධනය 0.74 %යි. මේ ආකාරයට සිංහල ජනගහණය දෙගුණයක්‌ වීමට වසර 160ක්‌ ගත වන අතර මේ රටේ සිංහල ජනතාව බහුතරයක්‌ ලෙස ජිවත්වන අවසන් සියවස ලෙස මෙය හඳුන්වාදිය හැකි යෑයිද රණවක මහතා කියා සිටියේය.

බෙදුම්වාදය අද මේ රටේ හැමතැනම දක්‌නට ලැබෙනවා. ඇඳුමෙන්, පැළඳුමෙන්, කෑමෙන්, බීමෙන්, බැංකු කටයුතුවලින්, ආර්ථිකයෙන් ආදී සෑම තැනකදීම මේ සංස්‌කෘතික බෙදුම්වාදය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ රටේ මාධ්‍ය, සමාජය, දේශපාලනය පවා අද මේ අන්තවාදී, සමාජ බෙදුම්වාදී කල්ලි කණ්‌ඩායම්වල ගොදුරු බවට පත්ව තිබෙනවා. තවත් දශක කිහිපයකින් අපටත් අද සිරියාවේ ඉරාකයේ ඇµaඝනිස්‌ථානයේ ඇසෙන අඳෝනාවන්ගේ හ`ඩ අසන්නට සිදුවීම පුදුමයක්‌ නොවනු ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ පසුගියදා පැවති ප්‍රංශයේ ශ්‍රී ලංකා අධ්‍යාපනික, සංස්‌කෘතික හා සමාජයීය සංවිධානය මෙහෙයවූ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති චම්පික රණවක මහතා:

අප අවට කලාපයේ රටවල් ගණනාවක කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථාව අහිමිකොට තිබේ. පකිස්‌ථානයේ කාන්තා පාසල් වසා දැමීමට අන්තවාදීන් ක්‍රියාකරන විට එය නොතැකූ මලාලා වැනි දියණියන්ට වෙඩි තැබූ අතර කාන්තාවන්ට අධ්‍යාපනය අහිමි කළා. අද බොහෝ රටවල ඇතැම් ආගමික ආයතනවල 7 හා 8 වන සියවස්‌වල ලියෑවී තිබෙන සම්ප්‍රදායික පොත් පත්වල තියෙන ආකාරයට නීති ක්‍රියාත්මක කිරීමට යාමෙන් කාන්තාවන්ට අධ්‍යාපනය අහිමිකොට තිබෙනවා.

නමුත් අද අපේ රට ගැන අපට ඉතාමත් ආඩම්බර විය හැකියි. මන්ද අද අපේ රටේ දැරිවියන්, කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉහළින්ම සිටිනාවා. විශ්වවිද්‍යාලවල, වෛද්‍ය, නීතීඥ, අධිකරණ සේවාවල, පරිපාලන නිලධාරි, ග්‍රාම නිලධාරි, අමාත්‍යාංශ ලේකම්වරු දක්‌වා අද බහුතරයක්‌ කාන්තාවන් නියෝජනය කරති. මේ රටේ අධ්‍යපනය ගැන සෑම දර්ශකයකින්ම බැලූවිට අපට ආඩම්බර විය හැකියි. අද සෑම තැනකම විදුලිය, දුරකතන, අධ්‍යාපන හා සෞඛ්‍ය වැනි පහසුකම් ඉහළ නැංවී තිබෙනවා. කෙසේ වුවද මේ රටතුළ අධ්‍යාපනයේ විවිධ විෂම ක්‍රියාදාමයන්, ක්‍රියාකලාපයන් ක්‍රියාත්මක වෙනවා. රජය අධ්‍යාපනයට වියදම් කරන මුදල හා සමාන මුදලක්‌ අද අධ්‍යාපනය වෙනුවෙන් දෙමාපියන් ද වියදම් කරනවා.

අවාසනාවකට අද අධ්‍යාපනයේ විවිධ ප්‍රවණතාවයන් පාලනය කළ නොහැකි තත්ත්වයන්ට පත්ව තිබෙවනවා. මුළු ලෝකයේම නැති පාසල් පද්ධතියක්‌ මේ රටේ බිහිවී තිබෙන අතර ඒවා අන්තර්ජාතික පාසල් ලෙස හඳුන්වනවා. අන්තර්ජාතික පාසලක්‌ අවශ්‍ය වෙන්නේ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට, එසේ නොමැතිනම් යම් රටක විදේශිකයන් ජීවත් වන්නේනම් ඔවුන්ගේ දරු දැරියන්ගේ අධ්‍යාපනය සඳහායි. 1980 දශකයේ මුල් කාලයේ ලංකාවේ පළමු අන්තර්ජාතික පාසල ආරම්භ වුණේ ඒ වෙනුවෙනි.

අද මේ ඊනියා අන්තර්ජාතික පාසල්වල ලක්‌ෂ 04 ක්‌ දරුවන් ඉගෙන ගන්නා අතර මේ සඳහා දෙමාපියන්ගේ වියදම රටේ අධ්‍යාපන වියදමෙන් හරි අඩකි. රටේ ලක්‌ෂ 40ක්‌ දරුවන්ගේ වියදමෙන් හරි අඩක්‌ මේ ලක්‌ෂ 04ක්‌ වූ දරුවන් වැය කරනවා.

1961 මේ රටේ පාසල් ජනසතු කළ අවස්‌ථාවේ සිරිමාවෝ බණ්‌ඩාරණායක මැතිණියට මහත් පීඩනයක්‌ එල්ල වූ අතර විශාල ලේ වැගිරීමක්‌ කරන බවට ඇතැම් ආගමික සංවිධාන තර්ජනය කළා. ඒ අවස්‌ථාවේ අපේ ස්‌වාමීන් වහන්සේලා ඉදිරිපත්වී එතුමියට ඊට ශක්‌තිය ධෛර්යය ලබා දුන්හ. එදා ගෙන ආ පනතේ රජයේ අවසරය නැතිව මේ පාසල් පවත්වා ගෙන යානොහැකි බවට පැහැදිලිව සඳහන් වුණු රටේ නීතියට පිටින්, නීති විරෝධීව දරුවන් හාර ලක්‌ෂයක්‌ අධ්‍යාපනය ලබන අන්තර්ජාතික පාසල් බිහිවීම කණගාටුවට කරුණක්‌. මෙය රටේ අධ්‍යාපනයේ සිදුවූ බලගතු විලම්පනයක්‌. විද්‍යා අධ්‍යාපනය සිංහලෙන් ඉගැන්වීමට බැරි බව එදා පැවසුවත් අපේ විද්වතුන් ඉතා වෙහෙස මහන්සියෙන් ඒ කාර්යය ඉටු කරනු ලැබු අතර මේ තත්ත්වය දැන් කණපිට හැරී තිබේ. තමන්ගේ බස අතහැර ඉංග්‍රීසි බසින් අධ්‍යාපනය ලැබීමේ ප්‍රවණතාවක්‌ ඇති වී තිබෙනවා.

අද පාසලේ පළමු පන්තියේ සිටම සිංහල බස අතහැර ඉංග්‍රීසි භාෂාවට යොමුවීම ඉතාම කණගාටුදායක කරුණක්‌. එපමණක්‌ නොව, අද පෞද්ගලික අංශයේ රැකියා ලබාදීමේදී ද ඊනියා ජාත්‍යන්තර පාසල් වලට හා එම පාසල් ඇසුරෙන් ගොඩනැගී ඇති ජාත්‍යන්තර විශ්ව විද්‍යාල වලට ප්‍රමුඛතාවය ලබාදෙනවා. අද රටේ අධ්‍යාපනය ඉතාම කණගාටුදායක තත්ත්වයට, ඉතාම විකෘති සහගත තත්ත්වයකට, රටට ජාතියට ලබාගත් ජයග්‍රහණයන් ආපසු හරවන තත්ත්වයට පත්වන යුගයක්‌ උදාවී තිබෙනවා.

http://www.divaina.com/2014/08/22/news18.html

 

සිංහල ජාතියේ වර්ධන වේගය මෙතරම් අඩුවීම විවිධ පුද්ගලයන් විසින් අර්ථ දක්වන කිසිම හේතුවක් නොවේ. සහල් ඇතුලු ප්‍රධාන ආහාර වෙළඳාම සහමුලින්ම ඇත්තේ ජාතිය වඳකිරීමේ කුමන්ත්‍රණය අතට ගත් මුස්ලිම් ප්‍රජාව අතයි. එම වාසිය සිංහල ජාතිය වඳ කිරීමට ඉතා පහසුවෙන් භාවිත කිරීමට එම ජාතිය යොදා ගත්තේ අපට හොරා දශක ගණනාවක් තිස්සේමය. නව විවාහක සිංහල පවුල් ගැන සොයා බැලූ විට 90% ක් පමණ දරුවන් නොමැති පවුල් බව පෙනී යයි. අප ජාතියේ වඳ භාවය කිසිසේත් අහම්බයක් නොවන බව තේරුම් ගත යුතුය. හිටපු මුග්ධ පාලකයන් විසින් සිංහලයා පමණක් ඉලක්ක කර  ක්‍රියාත්මක කල ජාතියේ මල පුඩුව “පුංචි පවුල රත්තරං” තවත් හේතුවකි. උපක්‍රමශීලීව විද්‍යුත් නාලිකා විසින් කරන සදාචාර සංහාරය නිසා පවුලක උතුම් බව වටිනා කම තරුණ මනසින් අතුගා ඒ වෙනුවට වඳ කාමුකත්වය ආදේශකරමින් සිටී. පාසල් සිසුන් අතට පවා මන්ද මානසික දෙමව්පියන් විසින් පත්කල අධිසුඛෝපබෝගී ජංගම දුරකථන, ජංගම නිල් චිත්‍රපට ප්‍රදර්ශක බව කාටත් රහසක් නොවේ. මේවා නිසා වැනසෙන වටිනා තරුණ ජීවිත ගණනද නිමක් නැත.

 

මෙරට ඉස්ලාම් කාන්තාර සංස්කෘතිය පැලපදියම් සිහින දකින මුස්ලිම් ප්‍රජාව ඉතිහාසය පුරා කල හා අදටත් කරමින් සිටින කුමණ්ත්‍රණ ගැන ජාතියම නිද්‍රාවේ තැබීම වහාම අවසන් කල යුතුය. හැකිතරම් සිංහල බෞද්ධ ප්‍රජාව වර්ධනය කිරීමේ ව්‍යාපෘති රජය විසින් ආරම්භ කල යුතුයි. පූජණීය පරවාහැර චන්දරතන හිමි විසින් පස්වී දරු දිරි අරමුදල පිහිටවූයේ ආර්ථික වශයෙන් එම අභියෝගයට සහයක් දීමටය. එයට අපි කවුරුත් දායක විය යුතුය. ආක්‍රමණික මුස්ලිම් ජාතියේ වර්ධන වේගය නවතා දැමීමේ නීති රීති වහාම හඳුන්වා දිය යුතුයි. බුරුමයට පවා වදයක් වූ මේ ඉස්ලාම් පිළිලය තවත් ශ්‍රේෂ්ඨ ශිෂ්ඨාචාරයක් බිලිගන්නා හැටි බලා නොසිටිය යුතුයි.  සියළු ද්‍රෝහීන් පිළිකුල් කොට ජාතිය ගැන කැක්කුම ඇති දේශපාලකයන් පමණක් තෝරා ගැනීමට බෞද්ධ ජනතාව ප්‍රවේශම් විය යුතුයි.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,891 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ