ධර්ම නිධාන

2 පියවර – බෞද්ධයෙක් දවස පටන් ගත යුත්තේ කෙසේද?

Posted on: ජනවාරි 20, 2011

Click here to Read(Full screen)/Download this Sinhala article in PDF format

නිවන් වළකන ධර්ම 5 ක් ධර්මයේ සඳහන් වේ. පංච විධ අන්තරාව ලෙස හදුන්වන එයින් උපවාද අන්තරාව අපගේ කලින් ලිපියේ විස්තර කලෙමු. සියලු දෙනාගේ දැන ගැනීම පිණිස ඉතිරි අන්තරා 4, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “විදර්ශනා භාවනා ක්‍රමය” නම් ග්‍රන්ථයේ සඳහන් ආකාරයට මෙසේ සැකෙවින් දක්වන්නෙමු.

1. කර්ම අන්තරාය
පඤ්චානන්තර්ය කර්මය, භික්ෂුණී දූෂක කර්මය මෙයට ඇතුලත් වේ. මෙය පිළියම් කල නොහැකි ඝනයේ එකකි. කොතරම් හේතු සම්පත් ඇතුව සිටියත් මෙයින් යමක් කලේ නම්, එම ජාතියේදී කොතරම් වීර්ය කලද මඟ-ඵල නොලැබේ. අජාසත් රජු පිතෲ ඝාතනයෙන් පසු කලෙක, බුදු පියානණන් හමුවේ බණ ඇසූවද, එවිට සෝවාන් වීමට සියලු හේතු සම්පත් ඇතිව සිටියද එය නොලැබී ගියේ මෙම අන්තරාය නිසාය.

2. ක්ලේශාන්තරාය
මෙය නියත මිථ්‍යාදෘෂ්ටියයි, අත් හැර සම්‍යග්දෘෂ්ටිය ගන්නා තෙක් බල පැවැත්වේ. මේ හේතුව නිසා, පිරිසිඳු බුදු දහමෙන් පිට කිසි විටකත් මඟ-ඵල නොලද හැකිය. මෛත්‍රී බුදුන් තමා යයි කියා ගන්නා, මිථ්‍යාදෘෂ්ටිකයන්ට හා ඔවුන්ගේ සහචරයන්ට අධිගම කිසිවිටෙකත් නොලැබිය හැක්කේ මේ නිසායි. සම්බුද්ධ දේශිත මෛත්‍රී බුදු රජුන් ගැන කියවන්න මෙතැනින්.

3. විපාක අන්තරාය
අහේතුක හෝ ද්වී හේතුක ප්‍රතිසන්ධි මේවායි. අහේතුක ප්‍රතිසන්ධිය යනු අලෝභ, අදෝෂ, අමෝහ යන කුසල හේතු කිසිවක උපකාර නොමැතිව ගන්නා ප්‍රතිසන්ධියයි, අඳ, ගොළු, බිහිරි, උන්මත්තක, මන්ද බුද්ධික උපත් සිදු වන්නේ මේ ආකාරයටයි.  එම ජාතියේදී  මඟ-ඵල නොලද හැකිය. ඉහත කුසල හේතු දෙකක් පමණක් උපතට උපකාරී වූ විට ද්වී හේතුක ප්‍රතිසන්ධි ඇතිවේ. මෙම පුද්ගලයන්ගේ පිටතට පෙනෙන කිසිදු අඩුපාඩුවක් හෝ, විඳිනා සැපෙහි අඩුපාඩුවක් හෝ නොපෙනේ. නමුත් ඔවුන් තුල ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් කිසි විට නූපදී. එබැවින් කාමයන්හී මත් වී වාසය කරයි. ගැඹුරු ධර්මය විෂය නොවන බැවින් සසර දික් කර ගනී. එම ජාතියේදී  මඟ-ඵල නොලද හැකිය. කුසල හේතු සියල්ල සහිතව උපන් ත්‍රිහේතුක පුද්ගලයෝ පමණක් මෙම අන්තරායට හසු වූවෝ නොවෙති.

තමා ද්වී හේතුකද නැතිනම් ත්‍රිහේතුකදැයි යමෙක්ට දැන ගත හැකි වන්නේ ක්‍රමානුකූලව කලක් භාවනා කිරීමෙන් පමණි. එබැවින් විදර්ශනාවම එයට උපකාරී වේ.

4. උපවාද අන්තරාය
අපගේ කලින් ලිපිය බලන්න.

5. ආඥාව්‍යාතික්‍රමණාන්තරාය
කෝටියක් සංවර ශීලය උපසම්පදාවට අයත් වේ. සම්බුදු පියාණන් වහන්සේ විසින් අවස්ථානු කූලව, සාශනයේ චිර පැවැත්ම උදෙසා, බුද්ධ ආඥාව ලෙස මේවා පනවා තිබේ. තම තමා ලබා ගත් අධිගමයන් ගැන ස්වාමීන් වහන්සේ උතුමෙකුට කීමට අවසර දී ඇත්තේ, තමාගේ ඉතා සමීපතම උපස්ථායක ස්වාමීන් වහන්සේට, අපවත් වන මොහොතේදී පමණි. මෙය කඩ කිරීමත් මෙම අන්තරායට හසු වීමට ප්‍රමාණවත් වේ. සැබැවින් අධිගම ලාභී නම් කිසිවිට බුද්ධ ආඥාව නොකැඩෙන තරම් තියුණු ප්‍රඥාවක් ඇති හෙයින් මෙය අත් වැරදීමක් ලෙස කිසි විට සිදු විය නොහැක. මෙම අන්තරාය වළකා ගැනීම පිණිස දැන දැනම් ඕනෑකමින් වරද කිරීමෙන් බුද්ධ පුත්‍රයන් වහන්සේලාට සිදුවූ ආපත්තීහූ, ඇවැත් දෙසීම ආදියෙන් ශුද්ධියට පැමිණීමෙන්  කල හැක. එසේ නොමැති නම් උපසම්පදාවෙන් ඉවත් වන තෙක් අන්තරාය බල පවත්වයි.  සම්බුද්ධ දේශිත උපසම්පදා ශීලය හා එය පිරිසිඳු කර ගත හැකි ක්‍රම ගැන සැකෙවින් දැනගන්න මෙතැනින්.

අති උතුම් කම්මට්ඨානාචාර්ය නා උයනේ අරියධම්ම මාහිමි පාණන් ගේ දේශනා වලට අනුව, පෘතග්ජන අයෙක්  අධිගම ලාභී උතුමෙක් වන විට, සක්විති දරු ගැබක් රකින රැජිනක් මෙන් තම අධිගමය කිසිවෙකුටත් හෙළි නොකිරීමේ චිත්තයක් පහළ වන බව දැක්වේ. ඒ අනුව තමා සෝවාන් යයි කියා ගන්නා සැබෑ සෝවාන් ලාභීන්ද සිටිය නොහැක.

සසරේදී අපට මුහුණ දීමට සිදුවන සියලු භයංකාර තත්වයන් ඉහත අන්තරා පමණක් නොවේ. තවත් බොහෝ දේ ඇත. අප විසින් කරනා යම් තාක් කුසල් ප්‍රයෝජනයට ගත යුත්තේ එවායින් මිදී සුවසේ නිවන් අවබෝධ කර ගැනීම පිණිසයි. එබැවින් දවස ආරම්භයේදී සිහි කල යුතු අපගේ උතුම් ප්‍රාර්ථනාවට එම සියළු වලකා ගත යුතු ධර්ම අඩංඟු වනසේ සකස් කල ප්‍රාර්ථනා වාක්‍ය, අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් විසින් සජ්ඣායනා කරනු ඔබට අසා ගත හැක. බාගත කර සවන්දී පුහුණු වන්න.

Prarthana Waakya chanting by Most Ven. Na Uyane Ariyadhamma Maha Nahimi.mp3

නොවරදවා සෑම දිනකම ආරම්භයේදී  රත්නත්‍රය සමා කර ගැනීමෙන් පසු සිතින් කියවා දවස සුභ කර ගන්න.

මතු සම්බන්ධයි.

<<1 පියවර

3 පියවර >>

රත්නත්‍රයේ අසම සම බලයෙන් ඔබ රැකේවා!

4 Responses to "2 පියවර – බෞද්ධයෙක් දවස පටන් ගත යුත්තේ කෙසේද?"

[…] කලින් ලිපියේදී ප්‍රාර්ථනා වාක්‍ය අපි ඔබට ඉදිරිපත් කලෙමු. තුන්වන පියවර ඉදිරිපත් කිරීමට පෙර, ප්‍රාර්ථනා වාක්‍ය හි සඳහන් සියල්ල අපි තෙරුම් ගැනීමට උත්සාහ කරමු. එහිදී අපි, කුසල බලයෙන් මග හැර ගැනීමට ප්‍රර්ථනා කරන්නා වූ අනාගත සසරේ අති බියකරු කාරණා පහත පරිදි වේ. […]

[…] හා රඟ පෑම් තුලින් ආර්ය භාවය ඉඟි කරන පංච විධ අන්තරාවෙන් බහුතරයකටම අවාසනාවන්ත ලෙස හසු වී […]

ප්‍රතිචාරයක් ලබාදෙන්න

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ