ලක් බුදු සසුනේ යුග පුරුෂයෙක් වූ අති පූජණීය සෝම හිමි දෙසූ ලෙසම දෙවි වරුන් බහුතරයක් සිය සැප විපාක ලබමින් මනුෂ්‍යයාට පිහිටක් වීමට විරාමයක් හෝ අවකාශයක් නොමැතිව වෙසෙන ජීවී කොට්ඨාශයකි. තවද මිනිස් ගඳ යොදුන් සියයක් දුරට දැනීමට තරම් සියුම් ඝ්‍රාණ ඉන්ද්රිය ඇති සියුම් ශරීර ලාභී ඔවුන් සුවඳ සේ සලකන ශීල සුගන්ධය රහිත මිනිසුන් දුරින්ම දුරු කොට වෙසෙන අය ද වෙති.
බුදු පියාණන් ගේ දින චය්ය්ර්ව (පංච බුද්ධ කෘත්‍ය) අනුව මැදියම් කිස (රාත්‍රී 10.00 සිට පාන්දර 2:00 දක්වා)දී අප ගෞතම බුදුවරයා බැහැදැකීමට දේව බ්‍රහ්මයෝ මිනිස් ලොවට වැල නොකැඩී වැඩියේ උන් වහන්සේගේ ශීල සුගන්ධය තුන් ලොවටම ඉතා තදින් දැනුන නිසාය.
බ්‍රහ්ම ලෝක වාසීන් ඝ්‍රාණ ඉන්ද්රිය (රස දැනීම හා ස්පර්ශයද ඇතුළුව ) විරාග වශයෙන් ප්රහාණය කර ඇති අතර ඔවුන්ට මිනිස් ගඳ ප්‍රශ්ණයක් විය නොහැකිය. තීක්ෂණ ප්‍රඥා සහිත ඔවුන් මිනිස් ලොවට බැසීමට නම් ඔවුන්ට නොතේරෙන කාරණා දැනීමට තරම් නුවන ඇති බුදුවරයන්ම මනු ලොව වැඩ සිටිය යුතුය.
රට පුරා කෝවිල් අටවා ඇති, තිරිසන් හිස් සහිත නොපවතින දෙවිවරුන් වන ඝණ දෙවියන්, ලේ පිපාසිත යක්ෂණියක් වන් කාලි ආදී හින්දු මනස්ගාත දෙවිවරුන් පිළිගැනීම, පිහිට පැතීම අභිඨාන 6න් දරුණුම එක වන මිත්‍යාදෘෂ්ඨියම පමණි ( ඉතිරි 5 පංචානන්තරීය කර්මයි ) . විපාක නම් මරණයත් සමඟ ඒකාන්තයෙන්ම ගරුක කර්ම ලෙස ප්රතිසන්ධි ගත යුතු ඝෝර දුක්කයන්ගේ අන්තය වූ අවීචි නරකාදියයි. වෙනත් ආගම් ඕනෑම එකක නොපවතින දෙවිවරු, පිට ආගමිකයන් සතුටු කිරීමේ වංඡනික මනසින් හෝ පිළිගැනීම කොතරම් බරපතල පාපයක් දැයි තේරුම් ගැනීමට පවට බිය හා පවට ලැජ්ජා ඇති බෞද්ධයන් මේ අනුව තේරුම් ගත යුතුය.
මෙසේ නොපවතින මිසදිටු දෙවිවරු අතර, ඇත්තටම වාසය කරන, බෞද්ධයාට පිහිට ලබාගත හැකි, මහා ආනුභාව සම්පන්න සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු පිරිසක්ද සිටින බව අමතක නොකල යුතුය. ලක් බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන්ද සිය යුතුකම් ඉටු කරන මේ දෙවිවරු පළතුරු වට්ටි පූජා කිරීමෙන් හෝ වංඡනික කපු අතරමැදියන් යොදා ගැනීමෙන් කිසිසේත් පිහිට ලබා ගත හැකි අය නොවෙති. දොල පිදේනී හරහා ප්‍රේත ලෝක වල සිරවී ඇති මුග්ද නරුම ප්‍රේතයන් නම් මෙසේ දොල පිදේනී සපයන අයට ආකර්ෂණය විය හැකි බව අත්දුටු සත්‍යයයි. මෝහයෙන් වැසුනු පුද්ගලයෝ මුදල් විසිකර කරදර ලංකරගන්නේ ඒ ලෙසිනි.
තම පෞර්ෂ වර්ධනයෙන් තම ශීල සුගන්ධය විහිදීමෙනුත්, දස කුසල් කොට එම පින් දෙවි වරුන් අරමුණු කොට අනුමෝදන් කරවීමෙනුත් පමණක් ඔවුන්ගේ ආකර්ෂණය සිව්වනක් පිරිසට ලබා ගත හැකිය.
බුද්ධ දේශිත පෙර/පසු බුදුවරුන් සියල්ලම සැලකූවත්, ඉතාම අඩු මිනිස් ආයුෂ ඇති අප කාලය සිය පහලවීම පිණිස තෝරාගත් මහා කාරුණික අප ගෞතම බුදු පියාණෝ, සිය බුද්ධත්වෙන් පසු පිරිනිවීම තෙක් 45 වසරක් තුල සූත්‍ර 24ක් දේශනා කරන ලදි. සෑම සූත්‍රයක් අවසානයේම පහල වූ සතර මාර්ගඵලලාභීන් මෙතෙක් මෙතෙක් යැයි කියාද දේශනා වී ඇත. ඔවුන් සියල්ල එක් කල විට සූවිසි අසංඛෙයිය නවකෝටි හැටලක්ෂයක් බව විශ්වාස කෙරේ. මොවුන්ගෙන් ආයු අවසන් වී අනුපාදිශේෂ නිර්වාණයට පත්වූයේ මිනිස්ලොව සිටිමින් රහත්භාවය ලත් උත්තමයෝ පමණි. මේ අනුව ඉතිරි සියළු නිවන් ලාභී උතුමන්ගෙන් ආයු අවසන් නොවූ අසංඛෙයිය ගණන් දේව බ්‍රහ්මයෝ සිය භූමි තලවල අදටත් අමෘත වූ නිවන් සැප විඳිමින් විසිය යුතුය.
රතන සූත්‍රයේ සංයුතියේ ඇති පළමු ගාථා දෙක එම දේව බ්‍රහ්ම ආර්ය උතුමන් සියල්ලට ඉතාම ආකර්ශණීය ඒවා බව අමුතුවෙන් තේරුම ගත යුතු නොවේ. එපමණක්ද නොවේ ඉතාම වැඩි ආර්ය උතුමන් පිරිසක් බිහි වුයේ සෝවාන් උතුමන් ලෙසිනි, රතන සූත්‍රයේ ගාථා වලින් 8 වෙනි ගාථාවේ සිට 11 වෙනි ගාථාව තෙක් ගාථා හතරක්ම එම උතුමන්ගේ ඒකාන්ත ගුණ අලලා කල සත්‍යක්‍රියා ගාථා වේ. පිළිවෙලින් 8. අචල ශ්‍රධාව, 9. හතක් වූ උපරිම ආත්මභාව සංඛ්‍යාව 10. ප්රහාණය කල සංයෝජන, 11. පව් නොසඟවන බව. මෙම සෝවාන් ආර්ය ගුණයෝ වෙති.
තමන්ගේ ගුණ සත්‍යක්‍රියාවට ගන්නා මිනිසුන් කෙරෙහි ආර්ය දේව බ්‍රහ්මයෝ කරුණා මෛත්‍රිය පෑම කිසිසේත් අරුමයක් නොවේ. පහත දැක්වෙන්නේ ලක් බුදු සසුනේ තවත් යුග පුරුෂයෙක් වූ පරම පූජණීය රේරුකානේ චන්දවිමල මාහිමි විසින් සම්පාදිත බෝධිපූජාව පොත් වහන්සේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේ බෞද්ධ ගාථා ගැන කල සඳහන හා එම ගාථා පෙලයි.
වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න
සම්‍යක් දෘෂ්ඨික බෞද්ධ දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ඔබට අවැසිනම් , පිරිත් භාවිත කරන්න, දස කුසල කර්මයන් කොට එම පින් දෙවියන්ට නිවසේ සිට හෝ අනුමෝදන් කරන්න (ඉහත ගාථා මුද්‍රණය කොට භාවිත කරන්න, ධර්ම දානය කරගන්න) . කෝවිල් පළතුරු වට්ටි වලින් වලකින්න. අභිඨාන 6න් ගැලවීම පතා මිසදිටු පාපතර මනස්ගාත පිට ආගමික දෙවිවරු සහමුලින් ප්‍රතික්ෂේප කරන්න.
නවතම ප්‍රතිචාර