ධර්ම නිධාන

Archive for the ‘සත්වයා දවන 11 ගින්න’ Category

එම කණගාටුදායක පුවත මෙසේයි

 


සැමියාට වූ අනතුර දැකීමෙන් පසු
මියගිය කාන්තාවගේ මරණ පරීක්‌ෂණය

අයියා රෝහලට ගෙන ගොස්‌ ටික වේලාවකින්
අක්‌කාට අසනීප වූණා පසුව ඇය මියගියා

සොහොයුරිය සාක්‌ෂිදෙයි

දෙබරවැව – ඒ. ඒ. පේමසිරි

මී ගවයකු ඇනීමෙන් තුවාල ලැබූ අයියා ත්‍රීවීල් රථයකින් රෝහලට රැගෙන ගොස්‌ ටික වේලාවකින් සිහිසුන්ව බිම ඇද වැටෙන්න ගිය අක්‌කා කිසිවක්‌ කථා කළේ නැතැයි…” මී ගවයකු තම සැමියාට ඇන තුවාල සිදුකිරීම් දැක කම්පනයට පත්ව මියගිය එක්‌ දරු මවගේ මරණය සම්බන්ධයෙන් තිස්‌සමහාරාම මූලික රෝහලෙහි පැවැති හදිසි මරණ පරීක්‌ෂණයේදී තිහව වලකඩ නැගෙනහිර හදිසි මරණ පරීක්‌ෂක කේ. ජී. සී. නිරංජන් මහතා ඉදිරියේ සාක්‍ෂි දෙමින් මියගිය කාන්තාවගේ සහෝදරියක්‌ වූ පතිරණගේ දොන් සුසීමා (28) මහත්මිය පැවසුවාය.

මෙසේ මියගොස්‌ ඇත්තේ තිස්‌සමහාරාම යෝධකණ්‌ඩිය වැලිපොතේවෙල සූරියඉඩමේ පදිංචිව සිටි පතිරණගේ දොන් තුෂාරි නිල්මිණි නමැති තිස්‌ දෙහැවිරිදි එක්‌දරු මවකි.

මෙහිදී හදිසි මරණ පරීක්‍ෂකවරයා ඉදිරියේ තව දුරටත් සාක්‍ෂි දුන් සුසීමා මහත්මිය මෙසේද කීවාය.

මියගොස්‌ සිටින්නේ මගේ අක්‌කා. මෙම සිද්ධිය වන අවස්‌ථාවෙහි මම සිටියේ අක්‌කලැයි ගෙදර. එදා උදේ පාන්දර 5.30 ට විතර අක්‌කලගෙ ගෙදරට කෝල් එකක්‌ ආවා. එම කෝල්එක ආවේ සුරංග අයියාගෙන්. වෙළට හරක්‌ ඇවිල්ලා එළවන්න කියලයි එම දුරකථන ඇමතුමෙන් කියලා තියෙන්නේ.

ඒ අනුව හරක්‌ එළවන්න කියල අයියයි අක්‌කයි දෙන්නම වෙළට ගියා. එහෙම ගිහිල්ලා ටික වෙලාවකින් අයියා සුරංග අයියාගේ යතුරුපැදියෙන් ආපසු ගෙදර ආවා. ඒ යතුරුපැදිය පිටුපස්‌සෙන් අක්‌කත් ගෙදර දුවගෙන ආවා. ඒ ඇවිල්ලා අක්‌කා කිව්වා අයියට හරකෙක්‌ ඇන්න කියලා.

ඊට පස්‌සේ සුරංග අයියා අය්යගේ ඇඟේaa තුවාලවල තිබූ මඩ සහ ලේ සේදුවා. අක්‌කා ගෙට ගිහින් සරමක්‌ සහ කමිසයක්‌ ගෙනල්ල අයියට ඇන්දුවා. සුරංග අයියත් ඇඳුම් අන්දන්න උදව් කළා.

ඉන් පස්‌සේ ත්‍රීවීල් රථයක්‌ ගෙනැල්ලා සුරංග අයියයි අසල්වැසි අයියා කෙනකුයි එකතුවෙලා අයිය දෙබරවැව රෝහලට රැගෙන ගියා.

අයියා රෝහලට රැගෙනගොස්‌ ටික වෙලාවකට පසු මිදුලේ සිටි අක්‌කා වැටෙන්න ගියා. එවිට මමත් ඒ අසල සිටි සුදු ආක්‌කාත් පැනලා අක්‌ක අල්ලගත්ත. අපි අක්‌කා එතැනම මිදුලේ බිම හාන්සි කළා. වතුර ගෙනැල්ලා අක්‌කගේ මුහුණේ සහ කකුල්වල ගෑවා. ඇය මොනවද කථා කරන්න වගේ දෙතුන්වර කට ඇරියා. නමුත් මොකවත් කථා කළේ නැහැ.

අපි ඉස්‌සරහ ගෙදර ත්‍රීවීල් එක ගෙන්වලා අක්‌කා රෝහලට පිටත්කර ඇරියා. මම ගෙදර හිටියා. අක්‌කා රෝහලට රැගෙන ගොස්‌ පැයකින් විතර ඇය මියගිය බව දැනගත්තා.

මෙම මරණය ගැන මට කිසිම සැකයක්‌ හෝ අවිශ්වාසයක්‌ නැහැ. මම හිතන්නේ අක්‌කාට හදිසියේ ලෙඩක්‌ හැදිලා මැරෙන්න ඇති කියලා.

මෙහිදී මියගිය අයගේ සැමියා වන පරණ ලියනගේ ගුණරත්න නිමල් රෝහණ (48) යන අයද සාක්‍ෂි දෙමින් මෙසේ කීය.

zzමම ඒ අසල සිටි සුරංග මල්ලිත් එක්‌ක එකතුවෙලා කුඹුරට පැනලා හිටිය මී හරක්‌ එළවන්න පටන්ගත්තා. මම ලියද්ද ඇතුළේ ටිකක්‌ දුර යනවිට මී හරකකු එකවරම මා ඉදිරියට ඇවිත් මට ඇන්නා. මම බිම ඇද වැටුණා. ඊට පස්‌සේ දෙවරක්‌ හරකා මට ඇන්නා. මම බිම වැටිලා ඉඳගෙන කෑගසමින් අතට අහුවුණු මැටි ගුලියකින් හරකට ගැහුවා. ඊට පස්‌සේ හරක ආපස්‌සට හැරී ගියා.

ඉන් පස්‌සේ තුවාල ලැබූ මා සුරංග මල්ලි එයාගේ යතුරුපැදියේ තියාගෙන ගෙදරට එක්‌ක ගියා. මගේ බිරිඳ මගේ තුවාලවල ඇති මඩ සෝදලා කමිසයකුත් සරමකුත් අන්දලා සුරංග මල්ලිත් එක්‌ක එකතුවෙලා රෝහලට ගෙනියන්න සූදානම් කළා.

ඊට පස්‌සේ මොනව වුණාද කියලා මට මතක නැහැ. මම හිටියේ තිස්‌සමහාරාම රෝහලෙයි. සිහිය එනවිට වෛද්‍යවරු මට ප්‍රතිකාර කරනවා දැක්‌කා.

ඉන් ටික වේලාවකට පස්‌සේ මහදෙහිරේ ධර්aමේ අයියා ඇවිත් මට කිව්වා මගේ බිරිඳ අසනීප වෙලා රෝහලට ගෙනාවා එහිදී ඇය මියගියා කියලා.

මෙහිදී මියගිය තුෂාරි නිල්මිණිගේ මෘතදේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය තිස්‌සමහාරාම මූලික රෝහලෙහි දිස්‌ත්‍රික්‌ වෛද්‍ය නිලධාරි එම්. එන්. එම්. ක්‍රිෂාන්ත මහතා විසින් පවත්වා හෘද අභ්‍යන්තරයේ හෘද පේශිවල හටගත් තිව්‍ර හෘද අකර්මන්‍යතාවය නිසා සිsදුවූ හදිසි මරණයක්‌ බවට නිගමනය කෙරිණි.

ඒ අනුව ලබාගත් සාක්‍ෂි සහ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‌ෂක . කේ. ජී. සී. නිරංජන් මහතා කම්පනය මත ඇතිවූ හෘද අකර්මන්‍යතාවය නිසා සිදුවූ හදිසි මරණයක්‌ බවට තීරණය කළේය.

සාක්‍ෂි මෙහෙයවීම තිස්‌සමහාරාම පොලිසියේ කොස්‌තාපල් (7816) රෝහිත මහතා සිදු කළේය.

http://www.divaina.com/2012/10/30/news35.html

මෝහය නිසා නොපෙනෙන නමුත් නිරන්තරයෙන් පෘතග්ජන අප දවමින් අප වටා ඇවිලෙන ගිනි එකොලහක් තතාගත ශ්‍රී සද්ධර්මයේ සඳහන් වෙයි. ඒවා නම්

  1. ජරා
  2. ව්‍යාධි
  3. මරණ
  4. දුක්ඛ – ශාරීරික දුක් – කැපීම්, කෙටීම්, තැලීම්, ඇනීම් ආදී
  5. දෝමනස්ස –  මානසික දුක් – දරුවන් අකීකරු වීම, දරුවන් නොසැලකීම, භාර්‍යාව පර පුරුෂයන් පැතීම, තමා අවමානයට ලක්වීම, දරුවන් දුක් විඳිනු දැකීම, විභාග අසමත් වීම, රූපවත් නොවීම, කටහඬ විරූපී වීම, දිළිඳු වීම ආදී දහස් ගනනක් වූ මානසික දුක්
  6. ශෝක – සිතේ දරුණු දැවීම – හෙවත් කඳුළු පිට නොවන සේ මානසික හැඬීම. මෙය දරා ගැනීමට නොහැකි වූ කල සිය දිවි හානි කර ගැනීමටද ඉඩ තිබේ. නැතිනම් උණු ලේ වමනය, ලේ විරේචනය, උමතු වීම ආදී දරුණු තත්ව ඇතිවිය හැක.
  7. පරිදේව – හැඬීම – කඳුළු සලමින් අමිහිරි හඬ පිටකරමින්, සොටු කෙල පෙරමින් කරන හැඬීම
  8. උපායාස – කම්පනයෙන් මිය යාම – දුකට කඳුළු සැලීමකට හෝ ඉඩක් නොලබා කම්පනයෙන් මිය යාම, හදවත පැලීයාම ලෙස මෙය ධර්මයේ සඳහන් වේ
  9. ලෝභ
  10. ද්වේශ
  11. මෝහ

(පද අර්ථයන් පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත විචිත්‍ර වූ “චතුරා‍ය්‍ය සත්‍යය” පොත් වහන්සේගෙනි.)

ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු කීපය පමණක් මෙහි තේරුම් කර ඇත. අති ඝාම්භීර සද්ධර්මය තුල “ජාති” මේ ගිනි එකොසලසට ඇතුල් කර නැත්තේ සකලාංග ප්‍රත්‍යව ඕපපාතික දෙව්ලොව සිදුවන උපත ගින්නක් මෙන් අපහසු නොවන නිසා විය හැක. මනුෂ්‍ය ආත්ම භාවය අතිශයින් දුර්ලභය. ගණිතානුකූලව නම් සම්භාවිතාව බින්දුව වූ සිදුවීමකි. එය අපි කෙසේ හෝ ලබා ඇති නමුත්, මීලඟ ආත්ම භාවය කුමක් විය හැකිදැයි ආර්‍ය තත්වයට පත් නොවූ කිසිවෙකුටත් සහතික විය නොහැක. අඩු තරමින් සෝවාන් වූයේ නම් නියත ගති ඇති තත්වය යැයි කියනු ලැබේ. සිහිනෙකින්වත් සතර අපායේ නොවැටේ. අන් අප සියල්ලගේ සසරේ මහ ගෙදර සතර අපායයි.

උපායාස ගින්නෙන් මියගිය මේ බිරිය දෙස බලා අපිට එසේ නොවෙතැයි කිසිවෙකුටත් කිව නොහැක. ප්‍රවේශමෙන් ධර්ම අධ්‍යයනය කලේ නම්, අනන්ත වූ සසරේ මේ ලියන අපිත්, කියවන ඔබත් අතරින් එක් අයෙක් පමණක් සලකූවේ නම්, එම පුද්ගලයා උපායාස ගින්නෙන් මියගිය සියළු අවස්ථාවල ඇටකටු නොදිරා එකතු වූයේ නම් එය වේපුල්ල පර්වතයට වඩා උස් විය හැකි බව තේරුම් යනු ඇත.

මෙවන් අවාසනාවන්ත මරණ වැලකීමට පිළියම ඇත්තේත් බුදු සමය තුලම පමණි. එම බිරිය ප්‍රමාණවත් ලෙස අනිත්‍ය සංඥාව වඩා තිබුණි නම් මෙසේ විය හැකිද? තව දුරටත් සිත ශක්තිමත් වීමට මරණයට ස්ථාන නියමයක් – කාල නියමයක් – දින නියමයක්- අවස්ථා නියමයක් – වයස් නියමයක් – හෝරා නියමයක් නැති බව සිතට හොඳින් පැහැදිලි වනසේ මරණානුස්මෘතිය වඩා තිබුනේ නම් සැමියාගේ දුක්ඛ ගින්න ඇයට උපයාස ගින්නක් වෙයිද?

අනන්ත වූ ඉදිරි සසරේ හෝ ඔබත් මේ උපායාස ගින්නෙන් දැවී මියයාමට අකමැති නම් අදම සිත ශක්තිමත් කර ගැනීම අරඹන්න.  භාවනා වාක්‍ය පාඩම් කිරීම ඔබට අපහසු දෙයක් නම්, අපගේ භාවනා සජ්ඣායනා බාගත කර සවන් දීමට ක්‍රමයක් යොදාගත හැක. ඔබට මේ භාවනා කුසල් මතු භවයක හෝ චතු සත්‍ය සුවසේ අවබෝධ කරගැනීමට ඒකාන්තයෙන් හේතු වාසනා වනු ඇත.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,891 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ