Archive for the ‘සිරිමාවෝ බණ්ඩාරනායක’ Category
කාන්තා දේශපාලනය කෙතරම් බෞද්ධාගමිකද?
Posted මැයි 13, 2014
on:- In: අනුලා බිසව | ඇස්පනාපිට පෙනෙන බුදුවදන් | කමලා රණතුංග | කාන්තා දේශපාලනය | කාලීන ලිපි | චන්ද්‍රිකා බණ්ඩාරණායක | දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ | නින්දිත කාන්තා දේශපාලනය | නිළි අනර්කලී ආකාර්ෂා | නිළි උපේක්ෂා ස්වර්ණ මාලි | නිළි ගීතා කුමාරසිංහ | නිළි නදීශා හේමමාලී | නිළි මාලණී ෆොන්සේකා | පවිත්‍රාදේවී වන්නිආරච්චි | සියළු කාන්තා දේශපාලිකාවන් | සිරිමාවෝ බණ්ඩාරනායක
- 1 Comment
බුදු දහම තුල උතුම්ම රත්නය බුද්ධ රත්නයයි. ගෙදර බුදුන් යන නාමයෙන් අභිශේක ලැබුවේ කරුණාවන්ත හෙළ මව මිස පියා නොවේ. බඹ ලොවට කෙටි මග වූ සතර බඹ විහරණ ධර්ම දේශණයේ, මවකට සුවිශේෂී හා ස්වභාවික වූ එම ගුණාංග ඇයව ගෙදර බුදුන් තත්වයට උසස් කිරීමට සත්‍යවාදී බුදු සමය කිසිසේත් පැකිලුනේ නැත.
මේ අනුව කාන්තාව එම උතුම් තත්වය කරා ලඟා වීමට ඇය කරුණාබර මවක් විය යුතුමය. බුදු පියාණන්ට අමා මෑණී යන නම භාවිත කරන්නේ දරුවන්ට තම මව තුලින් බුදු පියාණන් ගේ අපිරිමිත කරුණාව ගැන යම් අවබෝධයක් ලබා ගැනීමට පහසු නිසා යැයි සිතිය හැක. කර්මානුකූලව අතිශය දුබල පිරිමියෙක්ගේ කාය ශක්තිය පවා අහිමිව කාන්තාව උපදී. නමුත් එයට හිලව්වීමට මෙන් ධර්මානුකූල ප්‍රතිපදාව තුල යෝධ බල යෝධ ශක්තිය ඇති පුරුෂයෙකුට ලංවිය නොහැකි තැනකට උසස් වීමට ඇයට හැකියාව ඇත.
ගෙදර බුදුන් වීමට දරුවන් පිළිකුල් කරන කාන්තාවකට කිසිදා නොහැකිය. දරුවන්ට ඉතා ප්‍රිය නමුත් දරු සම්පත් නැති ධර්මය දත් කාන්තාවකට, තාපසයන් බඹ ලොව සම්පත් වෙනුවෙන් ඒවා උපදවා ගන්නා සේම සිව් බඹ විහරණ උත්සාහයෙන් උපදවා ගැනීමේ කිසිදු බාදාවක් නැත. දරුවන් ලැබුවද සිව් බඹ විහරණ ගැන හසරක් නැති සංකර කාන්තාවකට කිසිදා ගෙදර බුදුන් වීමට නොහැකිය. මිසදිටු කාන්තාවකට එම අවස්ථාව අතිශය විරළ වන්නේ ඇයට හරි මග ගැන කිසිදු හෝඩුවාවක් නැති නිසාය.
තම කර්ම ශක්තියෙන් උතුම්ම මව් පදවිය ගෙන ගෙදර බුදුන් වී පිරිමින් ඉක්මවා යෑමට මේ අනුව කාන්තාවකට හැකිය. එය පසෙක තබා කර්ම ශක්තියට එරෙහි වෙමින් කාය බලය හෝ නොමැතිව පිරිමින් හා සම අයිතීන් හෝ ඉන් එහා ගිය දේශපාලන අයිතීන් ලබා ගැනීමට යාම තරම් කාන්තාවට මෙලොව පරලොව පිරිහීමක් තවත් නැත.
ආර්ය අෂ්ඨාංගික මගේ දෙවන අංගය සම්මා සංකප්පයයි. සම්මා සංකප්පය අනු කොටස් තුනකින් සමන්විත වේ. නෙක්කම්ම සංකප්ප (කම් සැප අත් හැරීමේ යහ කල්පනාව ) , අව්‍යාපාද සංකප්ප (මෛත්‍රි යහ කල්පනාව ), අවිහිංසා සංකප්ප (අන්‍යන්ට වද නොදීමේ යහ කල්පනාව ) යන්නයි. මේවා යේ ප්‍රතිවිරුද්ධ දේ විතර්ක සේ සැලකේ. ඒවා පිළිවෙලින් කාමච්ඡන්ද විතර්ක, ව්‍යාපාද විතර්ක හා විහිංසා විතර්ක වේ. කාන්තා නායිකාවෝ මෙම විතර්ක වල පහසු ගොදුරු බවට පත්වී ඇති බව ඉතිහාසය බලන විට පෙනී යයි.
අනේක උප්පත්ති ලබමින් මේ ඝෝර සසරෙහි සැරි සරන කල අප ගෞතම බුදු පියාණන් කාන්තා දේශපාලනයේ නපුර හොඳින් අවබෝධ කර ගත්හ. එය මේ බුද්ධ නීතිය මොනවට පෙන්වා දෙයි. බුදුන් දවස කාන්තාවක් රජකල දේශයක් ගැන හෝ ඔබ අසා ඇතිද?
පරම පූජණීය රේරුකානේ චන්ද විමල මාහිමි සම්පාදිත බුද්ධ නීති සංග්‍රහය පොත් වහන්සේ තුල අඩංගු
බුද්ධ නීති
බුද්ධ නීති සංග්‍රහය එකොළොස්වන මුද්‍රණය -2012
පඤ්චම ශතකය
74. හුල් වූ හීය තදින් විදින්නා වූ පුරුෂයා හට නින්දා වේවා! යම් ජනපදයක ස්ත්‍රිය කටයුතු විධානය කරන්නීද ඒ ජනපදයට ද නින්දා වේවා! යම් සත්ත්ව කෙනෙක් ස්ත්රීන්ගේ වසයට පැමිණියාහුද ඒ සත්වයෝ ද නින්දිතය හ. (පිටුව 152).
මේ බුද්ධ නීතිය ඇස් පනාපිට පෙනීමට පටන්ගත්තේ රජ දවස පටන්මය. ලක් ඉතිහාසයේ අතිශය කාමුක රැජිණක් වූ අනුලා බිසව ඉතිහාසය තුල සඳහන් කිරීමට පවා පිළිකුල් ගති ඇති ගැහැණියක් වූවාය. කාමච්ඡන්ද විතර්කය විසින් ඇය අන්ධ ගැහැණියක් බවට පත්කර තිබුණි. ලොව ප්‍රථම කාන්තා අගමැතිණිය සිරිලක බිහිවිය අතිශය දුෂ්කර ආර්ථික වටපිටාවක පාලනය ගෙනගිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය 71 වසරේ කැරැල්ල අති ම්ලේච්ච ආකාරයට හෙළ තරුණ සමූලඝාතනයක් තුලින් මැඩපැවත්වීය. ව්‍යාපාද විතර්කය විසින් ඇය අන්ධ ගැහැණියක් බවට පත්කර තිබුණි. ඉන්පසු කාලයක බලයට පැමිණි අයගේ දියණිය චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මිය අවිචාරවත් දිවියකට ඇබ්බැහි වූ සුරාවෙන්, දූෂණයෙන් මත් වූ මිසදිටු කාන්තා නායිකාවක් විය. කාමච්ඡන්ද විතර්කය විසින් ඇයද අන්ධ ගැහැණියක් බවට පත්කර තිබුණි. නොදැන කල අනුවන කම් නැවත බොදුනුවන් කිසිවිට නොකල යුතුය. යම් තාක් ලොව කොයි දෙස ඇති කාන්තා නායිකාවක් දෙස විමසිල්ලෙන් බැලුවත් ඔවන් සියල්ල අසාර්ථක වී හෝ දැනටත් වෙමින් හෝ ඇති බව පැහැදිළිව පෙනී යන සත්‍යයකි.
අද දිනයේ දේශපාලනයේ යෙදෙන කාන්තාවන් දෙස බැලූවිට තත්වය අතිශය භයංකාර බව පෙනේ. පවිත්‍රාදේවී වන්නිආරච්චි සංස්කෘතික හා ජාතික උරුමයන් පිළිබඳ ඇමති කාලයේ නැගෙනහිර පොතුවිල් මුහුදු මහා විහාරය ඇයගේ අනුදනුම මත මුස්ලිම් බුල්ඩෝසර් වලට යටකර අපායට පාර තමා විසින්ම සකසා ගත්තාය. දැන් ඇය විදුලිබලය රටට ශාපයක් කිරීමට සැදී පැහැදී කටයුතු කරමින් සිය නුසුදුසුකම පෙන්වමින් සිටී.
මොළය කලඳක් නැති නිළි කාන්තා වෙසඟනන් අද දේශපාලනයට පිවිස තිබේ. පිවිසීමට අර අදිමින් සිටී. නිළි ගීතා කුමාරසිංහ, නිළි උපේක්ෂා ස්වර්ණ මාලි, නිළි මාලණී ෆොන්සේකා, නිළි අනර්කලී ආකාර්ෂා, නිළි නදීශා හේමමාලී හා නොයෙකුත් නම් කරළියට පැමිණ සමහරු හැලී ගිය අතර සමහරු ඉතිරිවිය. සමහරු ඒමට සිහින මවමින් සිටී. මේ අතර කිසිදු ඡන්දයින් බලයක් නොලැබ ආරාධනයෙන් මන්ත්‍රී වූ කාන්තාවක්ද පසුගියදා බුද්ධ නීතිය නැවත වරක් තහවුරු කලේ තම පොලිස් ආරක්ෂකයින්ට ශාරිරික හා මානසික වද උපරිමයට දී (විහිංසා විතර්ක) අවසානයේ තමාට ලැබීමට නියමිත පොලිස් ආරක්ෂක සේවයම අහිමි කර ගැනීමෙනි. ඇය කමලා රණතුංග බව දැන් රටට රහසක් නොවේ.
නවතම ප්‍රතිචාර