ධර්ම නිධාන

Posts Tagged ‘අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

 

ඉහල ජාතික සේවයක් කරමින් සිටින http://www.lankacnews.com/ අඩවිය පලකල අගනා ලිපියක් අප වෙත ලැබී තිබේ. එම අඩවියේ සොයාබැලීමේ පහසුකම සපයා නැති බැවින් අපට යොමුව (URL) සොයා ගැනීමේ අපහසුතාවක් ඇතිවිය. කෙසේ නමුත් සියල්ලන් එක්වී කරන සාසන විනාශය ගැන බුදු වදන ඉතා පැහැදිළිව එහි විස්තර කර තිබේ. (එහි සඳහන් කොසොළ් රජු දුටු අපගේ ඉරණම අප අඩවියේ සම්පූර්ණයෙන්  නිරූපණය කර ඇත. ) මෙ එම ලිපියේ පිටපතකි.ශක්ති පමණින් බෙදා හරින්න.

වඩ වඩා විශාල වීම සඳහා පණිවුඩය මත නැවත නැවත Click කරන්න

බුදු පියාණන්ගේ අනාගතය දැකීමේ ඥාණය මොන තරම් අසිරිමත්ද? උන් වහන්සේගේ සර්වඥ බවට තවත් සාධක කුමටද? ධර්ම සංවේගය ඇති අපි හදවතින් හඬා වට්ටවන්නට එය සමත් වී නැතිද? මේ වන විටත් අඩු වැඩි වශයෙන් ප්‍රතිවේධ හා ප්‍රතිපත්ති අන්තර්ධානය සිදු වෙමින් පවතී. හොඳින් විමසා බලන්න. පය්ර්‍ප්ති අනතර්ධානය යටතේ මුලින්ම අභිධර්මය අන්තර්ධාන වන බව බුද්ධ වචනයයි. මෙය එළිපිටම සිදු කරන්නේ කවුද? අන් කිසිවෙකුත් නොව චීවරයක් පවා දරණා පූජ්‍ය කිරිබත්ගොඩ හිමිපාණන් නොවේද? සැදැහැවත් බෞද්ධයා තව දුරටත් මේ සත්‍ය වන, අප හඬවන  බුදු වදන් හමුවේ නිහඬ වෙනවාද? නැතිනම් එම හිමිනම හා කල්ලිය මෙත් සිතින් යුතුව සහමුලින් ප්‍රතික්ෂේප කරනවාද? වහාම සිතා බලා ක්‍රියාත්මක විය යුතුයි නේද?

නොවරදින බුදු වදනට අනුව, යහපත් චේතනාවෙන් ධර්මසංවේගයෙන් යුතුව කරන මේ ප්‍රතික්ෂේපය එකාන්තයෙන්ම මහා ආනිසංස දෙන කුසල් බව අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. බුදුන් වැඩ සිටි කලම ඇතිවූ සංඝ කෝලාහලයක් විසඳීමට බුදු පියාණෝ දුන් අවවාද දිගින් දිගටම එම අසමගි වූ සංඝයා වහන්සේ දෙපිරිස නොපිළිගත් බැවින් උන් වහන්සේ පාරිලෙයිය වනයට තනිවම වැඩම කළහ. එම කාලය තුල පාරිලෙයිය ඇත් රජා පමණක් උන් වහන්සේට අතවැසි වූහ. මෙයින් කලකිරීමට පත් දායකයෝ සංඝයා වහන්සේ සහමුලින් ප්‍රතික්ෂේප කලහ. එය ඉවසා ගැනීමට නොහැකි වූ කල පමණක් සංඝයා වහන්සේ නැවත බුදුන් කල එළඹ සමාව ගෙන සමගියේ පිහිටියහ. බලන්න බුද්ධ ශ්‍රාවකයා සංඝ සාමග්‍රිය වෙනුවෙන් සිය දායකත්වය එදා ලබා දුන් ආකාරය. අතුරුදන් වන සසුන වෙනුවෙන් එම උපකාරය බුදු සසුනට කිරීමට සැදැහැවත් ඔබ අකමැතිද? පැකිලෙනවාද?

පූජනීය හිමිනමක් විසින් ඉරිදා පුවත්පතක පලකල ලිපියකි මේ. එම ලිපියේද ඉහත කල්ලිය ගැන පැහැදිලි ඉඟි ඇතුලත් වේ.

වඩ වඩා විශාල වීම සඳහා පණිවුඩය මත නැවත නැවත Click කරන්න

අද දවසේ සිදුවන රත්නත්‍ර සංහාර ගැන  නිවැරදි අවබෝධයක් සියල්ලෝ මේ පුවත් තුලින් ලබා ගනිත්වා. සසුන 5000 ට 10,000 ක් කල පවතිනසේ අපිට කල හැකි සියල්ල වෙනුවෙන් කැපවීමට සිතට ගනිත්වා!

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

(The E-Book Link available in this post does not work, download PDF from above link and follow the E-book link in it)

(හඳුනා නොගත් හේතුවක් නිසා  මෙම ලිපියේ E-book  යොමුව අක්‍රීයයි, කරුණාකර ඉහත PDF ගොනුවේ ඇතුලත් E-book යොමුවෙන් පොත ලබා ගන්න. සියල්ලන්ට බෙදා හරින්න.)

බුදු දහමට එරෙහි හිමිවරුන් සහමුලින් ප්‍රතික්ෂේප කිරීම බුදුන් දෙසූ බණයි. එය කිරීමට බෞද්ධයා පැකිලේ නම් අනාගතයට සසුනක් ඉතිරි නොවනු ඇත. තවද එම පසුබෑම නම් බුදු වදනට එරෙහි වීමයි. නිවන් පතන ඔබ බුදු වදනට එරෙහි වීමට කැමතිද?

වසර 2600ක් බුදු සමය සැදැහැවත් බෞද්ධයාගේ ආරක්ෂාවේ පැවතුනද, වර්තමානයේ අති සියුම් උපක්‍රම යොදමින්, සිංහල බෞද්ධයාගේම මුදල් හරහා සාශන විනාශය සිදුකරන චීවර ධාරීන්ද, ගිහි කෝලමුන්ද දිනෙන් දින බලවත් වේ. ඒවා ඉතා හොඳින් හෙළි කරමින් ලියූ  මේ පොතේ, කිරිබත්ගොඩ හිමියෝ විසින් නොමඟ යැවූ අවාසනාවන්ත අසරණයන් නොදත් එතුමාගේ “විශිෂ්ඨත්වය” සවිස්තරව හෙළි වී තිබේ.

පොත ලිවීමෙන් ජාතිය ආගම දෙකම බේරා ගැනීමට උත්සාහ ගත් අති පූජනීය බෙංගමුවේ නාලක හිමිපානන්ට අපගේ උත්තමාංග නමස්කාරය.  බුදු සමය සියළු කඳ පණුවන්ගෙන් බේරා ගැනීමට තව තවත් ශක්තිය බලය ලැබේවා!. මේ පින් බලෙන්ම ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් සුවසේ චතු සත්‍ය අවබෝධ කරත්වා!

සැදැහැවත් සියල්ලෝ, තම තමාගෙන් තමා ඵල ලබනබුදු සමයට විය යුතු සේවය ඉටු කරත්වා! හැකි සියල්ලෝම පොත මිළදී ගෙන සියල්ලන්ටම බෙදාධර්ම දානය කර ගනිත්වා!  ශාසනය කඳ පණුවන්ගෙන් රැක ගැනීමට උපරිමයෙන් උර දෙත්වා!

පහත යොමුවෙන් සම්පූර්ණ පොත බාගත කරගත හැක

බුදු සසුන වනසන කඳ පණුවෝ E-Book

http://www.mediafire.com/?w468lik7e71csoc

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

දුඹුරු පැහැ සිවුරක් පැළඳි පමණින්  වත්, බුද්ධ පුත්‍රයෙක් සේ මවා පෑ පමණින් වත් කිසිවෙකුටත් බුදු දහමේ පරම ගාම්භීරත්වය වන ත්‍රිපිටකයේ අංශුමාත්‍රයකුදු ප්‍රතික්ෂේප කිරීමට බලපත්‍රයක් අමා මෑණී බුදු පියාණන් වහන්සේ විසින් සිය පුත්‍රයන් වහන්සේලාට දී නොමැත. බුද්ධ දේශනය නම් එවන් කුමණ්ත්‍රණකාරී භික්ෂූන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයන් විසින් ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරමින් සසරේ සිය ආරක්ෂාව සලසාගත යුතු බවයි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ,  පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් (හෙවත් සෝවාන් වීම පිණිස අපවත් වී  අළුතින් ඉපදුන සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ) , තවත් කෝලම්කාර භික්ෂූන් වහන්සේලා මේ කියනලද ප්‍රතික්ෂේප කලයුතු වර්ගයේ අති භයංකාර භික්ෂූන් වහන්සේ නමවල් වන ආකාරය හා විවිධ විද්‍යුත් මාධ්‍ය අප බුදුදහමට කරන විනාශ, කුමණ්ත්‍රන පූජ්‍ය හෑගොඩ විපස්සී හිමිපාණන් කරන විග්‍රහයන් බෞද්ධ අපි සැවොම නරඹා වහාම දැනුවත් විය යුතුම කාලයකි මේ.

වගකිවයුතු, මහානායක ආදී විවිධ තානාන්තර ලැබූ භික්ෂූන් වහන්සේලා කිසිවෙකුවත් කිරීමට නිර්භය නොවන, අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර පර්යේෂණ තුලින් සොයා අපිට හෙළි කරන, මෑත කාලයේ සෝම හිමිපාණන් කෙනෙක් මෙන් වූ මේ උතුමානන් වහන්සේට අපට හැකි සියළු උපකාරයන් කරමු. රත්මලාන ධර්ම පර්යේෂණාල වාසී පූජ්‍ය හෑගොඩ විපස්සී හිමිපාණන් සියළු පහසු විහරණයන් සලසා රැක ගනිමු.

ධර්මය විකෘති කිරීම 01  – පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ නිර්ලජ්ජී ධර්ම සංහාර

ධර්මය විකෘති කිරීම් 02 –   තමාම අනුබුදු යැයි කියාගන්නා, තමන් රහත් ‍යැයි සිතා ගත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ මිහිදු මහ රහතන් වහන්සේ සංහාරය.  නිවන්පුරයේ සිට අද දිනත් පෙම් පත් ලියන නිවන් නොලැබූ අරුම පුදුම රහතන් වහන්සේලා.

http://youtu.be/NCDQdDH7rKs

ධර්මය විකෘති කිරීම් 03 – පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන්, තවත් කෝලම්කාර භික්ෂූන් වහන්සේලා, විවිධ විද්‍යුත් මාධ්‍ය අප බුදුදහමට කරන විනාශ, කුමන්ත්‍රණ
 
http://youtu.be/IivjAMxdUHM


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ