Posts Tagged ‘අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස’
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
ඔබට අවැසි පිරිසිඳු දහමේ ඇති නියම නිවන් රසය නම්, බුදු සසුන, ධර්මය තුල වැඩ සිටිනා බුදු වරුන් වැනසීමට ඔබ අනුබල නොදෙනවානම්, අපි ඔබෙන් පැහැදිලිවම ධර්ම සංවේගයෙන් යුතුව ඉල්ලීමක් කලෙමු. එනම් බුදුන් දෙසූ ලෙස කරුණා විහරණයෙන් ද යුතුව මහමෙව්නාව ප්රතික්ෂෙප කරන්න, එහි සියළු ප්‍රකාශන කියවීමෙන් වලකින්න. එම වෙබ් අඩවි වලට නොපිවිසෙන්න යන්නයි . මතුපිටින් පිරිසිඳු නමුත් කිලිටි සඟවා ගත් දහමක් අසනවාට වඩා එය නො අසා සිටීම ඔබව මොළ සේදීමෙන් වළකා ලනු ඇත. පිරිසිඳු දහමින් ප්‍රයෝජන ලැබුමට ඔබට වඩා හොඳ අවස්ථාවක් ඉතිරි කර දෙනු ඇත.
එසේ නම් ඔබට පිරිසිඳු දහම ලබා ගත හැකි විකල්පයක්ද අප විසින් සැපයිය යුතුව ඇත. අප විසින් මෙම අඩවියට මුල පිරීමට අවැසි දැනුම සරල සිංහලෙන් ලබා ගත්තේ පහත සපයා ඇති ලැයිස්තුවේ පොත් වහන්සේලා පරිශීලණය කිරීමෙනි. එය ඔබට අපගේ ලිපි වල නොයෙක් තැන සඳහන් පොත් වහන්සේලාගේ නම් හා පිටු අංක වලින් මොනවට පැහැදිළි වන්නට ඇත. එම පොත් සම්බන්ධ විමසීම් සඳහා දුරකථන අංක 3 වන පිටුවේ අග සඳහන් වේ.
දිනෙන් දින බල සම්පන්න වන මහමෙව්නා සුනාමිය හමුවේ, නොසෙල්වෙන පොල් ගසක් සේ එයට මුහුණ දෙමින් සසුනත් බේරා ගනිමින්, සුපිරිසිඳු නිවන් මගෙත් පියමන් කිරීමට ඔබට මෙම පොත් වහන්සේලා ගුරු දේවයන් වහන්සේලා සේ උපකාරී වනු ඇත. හුදෙක් මවා පෑම් හා රඟ පෑම් තුලින් ආර්ය භාවය ඉඟි කරන පංච විධ අන්තරාවෙන් බහුතරයකටම අවාසනාවන්ත ලෙස හසු වී කිසිම මාර්ග ඵලයකට සුදුසුකම් නොලබා සිටින අසරණ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේත්, උන් වහන්සේගෙ අමුතුම සංස්කෘතියේත් ගොදුරු නොවීමට ඔබගේ ආරක්ෂාව ධර්ම දැනුම තුලින් මහ පවුරක් සේ ගොඩ නගන්න.
පූජ්‍ය කිරිබත්ගොඩ හිමි, මාර්ග අධිගමයට අන්තරායකර පහත කාරණා සියල්ලට හසු වී ඇති බව කිසිදු සැකයකින් තොරව ඕනෑම අයෙකුට තේරුම් ගත හැක.
2. ක්ලේශාන්තරාය – “අභිධර්මය අබුද්ධ දේශිතයකැ”යි යන මිථ්‍යාදෘෂ්ටිය
4. උපවාද අන්තරාය – අංගුත්තර නිකායේ දුක නිපාතයහි ශ්‍රී සම්බුද්ධ වචනයට අනුව, ඉහත මතය දරන්නා බුදුන්ට දෝෂාරෝපනය කරන්නෙකි.
5. ආඥාව්‍යාතික්‍රමණාන්තරාය – විනය නීති කැඩීම තුළින් ශ්‍රී සම්බුද්ධ ආඥාවට විරුද්ධ වීම. මහමෙව්නාවේ අදායම් ගැන පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේම වචන අපි කලින් ලිපියක පෙන්වා දුන්නෙමු.
එතුමා යටතේ මාර්ග ඵල ලැබීම හා සුගති ගාමී වීම ගැන කවර නම් කථාද? 2600 සම්බුද්ධත්ව ජයන්තිය ලඟ ලඟ එන මේ දිනවල අපි නියම විචාර බුද්ධියෙන් යුතුව, ශ්‍රී සම්බුදු පියාණන්ට කල හැකි උසස්ම පූජාව, එනම් ධර්මයේ හැසිරීම සඳහා, හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ, සුපිරිඳු ධර්මය පමණක් පිළිගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.
ඔබට ධර්ම දේශනා ඇසීමේ පහසුකම් ඇතිනම්, අප අඩවිය තුල සපයන අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් ගේ සුමධුර ගාම්භීර ධර්ම දේශනා එකක් වත් අත් නොහැර සවන් දෙන්න. ගීත ශ්‍රවණය තුලින් අපා මාර්ගය විවර කර ගන්නවා වෙනුවට, ධර්ම ශ්‍රවණයෙන් සුගති හෝ පරම ශාන්ත නිවන විවර කර ගන්න. ඔබ වාහන පදවන වා නම් එම සියළු වේලාව ඔබට මේ සඳහා යොදා ගත හැක. නැති නම්, ජංගම දුරකථනය, iPod හෝ මෙම ධර්ම දේශනා ශ්‍රවණය පිණිස යොදා ගත හැක. මෙය ඔබගේ අවසාන සුගති භවයද, නැතිනම් ආරම්භක සුගති භවයද යන්න තීරණය කරන්නේ අන් කවරෙක්වත් නොව ඔබමයි.
නොයෙක් විට අපි ඔය තරම් ධර්මය දන්නේ නැතැයි යනුවෙන් කිසිවිට කීමට සිදු නොවනු ඇත. අභිධර්මයත් ඉගෙනිය හැකි නම්, ගුවන් යානා ඉංජිනේරුවා ගුවන් යානය ගැන දන්නෙ යම් සේද ඒ තරමට ඔබට ඔනෑම ධර්ම ගැටළුවක් තනිව විසඳා ගැනීම දක්වා පවා ගමන් කල හැක. මහාචාර්ය පරම පූජනීය රේරුකානේ චන්දවිමල හිමි ගේ උපමාවකට අනුව, අභිධර්මය නොදැන ධර්මය පිළිබඳ ලබන දැනුම සමාන වන්නේ, ගුවන් යානයක් ඈත අහසේ යනවා දකින ගැමියෙක් ඒ පිළිබඳ ලබා ගන්නා අවබෝධයට සමාන අවබෝධයක් පමණි. ඔබ කැමති ගැමියා වීමටද? නැතිනම් ගුවන් යානා ඉංජිනේරුවා වීමටද? තීරණය ඔබ අතෙයි.
ඔබ මතක තබා ගත යුතු වන්නේ, ඉහත 12, 13 පොත් වලට අමතරව අපගේ රූපමය නිරූපන උපකාරයත් ගන්නේ නම්, එම ඉංජිනේරු උපාධිය ඔබ සිතනා තරම් ලැබීමට අපහසු එකක් නොවන බවයි. එය අපි අත් දැකීමෙන් දනිමු. ඒ නිසා ඔබට විශ්වාසයෙන් කියමු.
නවතම ප්‍රතිචාර