Archive for the ‘බොදු ජන පෙරමුණ’ Category
නත්ථි වෝ සරණං අඤ්ඤං සංඝෝ වෝ සරණං වරං – බොදු ජන පෙරමුණ මහා සංඝරත්නයේ සරණ මෙන් අන් සරණක් අප සැමට අද ඉතිරි වී නැත.
Posted ජූලි 16, 2015
on:රට එක්සේසත් කල මේ පින්බිමේ උදාරම නරපතියා වන දුටුගැමුණු මහ රජාණන් වහන්සේගේ ගේ අති සාර්ථක රාජ්‍ය පාලනයේ රහස වූයේ එතුමාගේ පුරෝහිත මණ්ඩලය සිසාරා වැඩහුන් අසේක වූ මහරහත් උතුමන්ය. ඡන්ද-ද්වේෂ-භය-මෝහ යන සතර අගතියෙන්ම පරතෙරට පත් මෙතෙක් දේශපාලනයේ යෙදුනු රට උලා කෑ සියළු ගිහි/පැවිදි පවිටුන් මෙන් නොව, අතට පත් නිවන පසෙක තබා කුළුදුලේ දේශපාලනයට වඩින ජාතික කැක්කුම ඇති බොදු ජන පෙරමුණ සම්මුති භික්ෂුවද දේශපාලන වශයෙන් අනාථ අසරණ බොදු අප හට මහා භාග්‍යයකි. රට දැය සමය රැකීමේ නාග රාජ සංකේතයෙන් අරාජික රටේ බොදු අප වෙනුවෙන් ඉදිරිපත් වන මේ උතුමන් සියල්ල ඉහළම ඡන්දයෙන් තෝරා ගනිමු. ඒ වෙනුවෙන් කැපවී සියල්ලන් දැනුවත් කරමු. ඉහලම පුටුවල වැජඹෙන නින්දිත දේශපාලුවන් නිවැරදි කර රට සුළු ජාතික අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට අපේ යුතුකම අඩු නැතිවම ඉටු කරමු.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ද මෙවර මහ මැතිවරණයට බොදු ජන පෙරමුණෙන් තරග වදින අතර උන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ 16 නමක් එම පෙරමුණෙන් පළමුවරට ඡන්ද සටනට පැමිණ සිටිති.
බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවෙන් හිමිවරුන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර කොළඹ කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන්ද කළුතර කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ ගම්පහ කණ්ඩායම් නායක ලෙස ඩිලන්ත විතානගේ මහතා නාමයෝජනා ලබාදී ඇත.
එම භික්ෂුන් වහන්සේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කළ බැඳිවැව දියසේන හිමියෝද වෙති.
නවතම ප්‍රතිචාර