ධර්ම නිධාන

Archive for the ‘ගාථා රත්නයෝ’ Category

කවි නිර්මාණයක උසස් බව එහි පේලියෙන් පේලිය අගට එකම වචනය එන පරිදි නිමැවීමෙන් හා අරුත්බර වීමෙන් සම්පූර්ණ වේ. කවිය අලංකාර කරන එයට එළිවැට කියා කියයි. කවි නිර්මාණ කරුවාට මෙය ඉතා ඉහල අභියෝගයකි. බලන්න රත්නමාළී ගාථා තුන. එහි පේළියේ අග පමණක් නොව මුළට පවා එළිවැට පිහිටා ඇත.

Expalin0
මෙය පෘතග්ජන කවි නිර්මාන කරුවෙකුට නම් කිසිසේත් ලඟා විය නොහැකි ඉලක්කයක් බව එම එළිවැට දෙකත් සමඟ පවා ඉතා උතුම් අරුතක් එයට තිබීමෙන් සිතා ගත හැක. සිංහල තේරුම තුලින් එහි අරුතේ උතුම් බව පැහැදිළි වේ.

gaathaa with meaning
එයින් නොනැවතී චිත්‍ර කලාව හා කවිය සංකලනය කර ඇති අයුරු විශ්මය ජනක නොවේද? රමණීය රතු බෝල නෙළුම් මලක පෙති මත මනහර රටාවකට අක්ෂර පිහිටන සේ රත්නත්‍ර වන්දනා ගාථා තුන අනන්ත ලෙස ඇතුලත් කර ඇත්තේ කවියේ සෑම පේලියක්ම් මලේ මැදින් පටන්ගෙන, පළමු පෙති වලල්ල පසුකරන් , අවසන් පෙත්ත වටේ ගොස්, මැදි පෙති නැවතත් විරුද්ධ අතට පසුකරන්  මැදට පැමිණෙන විට සම්පූර්ණ වන සේය. පහත නිල් හී සලකුණ මෙය නිරූපනය කරයි.
Expalin2

මැද පෙති වලල්ලේ අක්ෂර ඉදිරියට හා පසුපසට යන දිශා දෙකටම වෙනස් අරුත් ඇති වචන සාදන අන්දම සිතා ගැනීමටවත් නොහැකි දස්කමකි. පහත නිරූපණයේ ඉහත අක්ෂර දෙකද අතුළුව එසේ ඉදිරි හා පසුපස දිශාවන්ට අක්ෂර භාවිතා වී ඇති අන්දම වෙනස් වර්ණයන්ගෙන් ඉදිරිපත් කර ඇත.
Expalin3

කවි පේළියේ දෙවරක් යෙදෙන එළිවැට රූපය තුල එක් වරක් පමණක් සිටින සේ යොදා ඇත්තේ නිර්මාණයේ ඔපය ඉහලම තත්වයට ඔසවමිනි. සකල කලා වල්ලභ ආර්‍ය උත්තමයන් වහන්සේ නමක් මෙය නිමවන්නට ඇතැයි සිතිය හැක්කේ මේ නිසාය. අනුරපුර යුගයේ ගැමි කතකට මිරිස් වේලීමට නොහැකි තරම් හෙවනැලි වැටෙන සේ රහතන් වහන්සේ අහසින් වැඩි බව සත්‍යයකි. දන්නෝ බුදුන්ගේ ගීතය මෙය ඉතා අලංකාරව ඉදිරිපත් කරයි. මෙසේ සිරිලක හිඟ නොවූ උතුම් රහතන් වහන්සේ නමක් මෙම අසමසම කලා නිර්මාණය කලා වන්නට පුළුවන.

Video

ඔබගේ නිවසේ, ජංගම දුරකථනයේ, රථයේ, ව්‍යාපාරික ස්ථානයේ වාදනය කිරීමට වඩා සුමිහිරි ගායනාවක් ලෙස පහත යොමුවලින් ලබාගෙන උපරිම ඵල ලබන්න. බෙදා හැර කුසල් රැස් කර ගන්න.
.MP3 Fromat (3.65MB)

සුමිහිරි රත්නමලා ගාථා  සජ්ඣායනා.MP3
.Wav Format (87.59MB)

සුමිහිරි රත්නමලා ගාථා සජ්ඣායනා.Wav

 

මුද්‍රණය කර බෙදා හැර කුසල් රැස් කර ගැනීමට රත්නමාලී යන්ත්‍ර රාජයා

පෝස්ටර් ප්‍රමාණය තෙක් විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

පෝස්ටර් ප්‍රමාණය තෙක් විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

පස් පවින් වැළකි පිරිසිදු වී උදේ සවස බුදුන් වැඳීමෙන් පසුව රත්නමලා ගාථා හත් වර බැගින් සජ්ඣායනා කරන්න. මෙයින් සෙත සැලසෙන්නේ කිසිදු නොදන්නා බලයකින් නොවේ. මේ ගාථා හරහා ඔබ වන්දනාවට ලක් කරන රත්නත්‍රයේ සූවිසි මහා ගුණ බලයෙනි. එම බලයෙන් ඔබට මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපද්‍රවයන්ද ඉවත් වී මෙලොව ජිවිතය නිරෝගීව වාසනාවන්තව ගතකිරීමට ඉඩ සැලසේ. තවද වන්දනාව/ධර්ම දානය තුලින් ඔබ රැස් කරන සියළු සම්පත් ලබාදෙන්නා වූ කුසල් බලයෙන් ඔබට, ඔබේ පවුලට, නිවසට, ව්‍යාපාරයට කර්මාන්තශාලාවට ඒකාන්ත දියුණුව හා ආරක්ෂාව සැලසේ.

සත් සතිය බොදු දරුවන් විසින් හොඳින් මතකයේ තබා ගත යුතු බුද්ධ චරිතයේ වැදගත්ම කොටසකි. අති පූජණීය තිලිකඩ ධම්මිස්සර හිමිපාණන් ගේ සුමිහිරි සජ්ඣායනාවක් ලෙස සපයා ඇති මෙම පාලි ගාථා රත්නය, සත් සතිය ඉතා කෙටියෙන් හා පහසුවෙන් මතකයේ රඳවා ගැනීමට උපකාරී  වේ. තේරුමට සරිලන සේ නිරූපන පෙළ ගස්සවා ඇත. අපගේ බුද්ධ චරිත නිරූපන මාලාවේ පස් වන කොටස යටතේ සවිස්තරව සත් සතිය ඉදිරිපත් කලෙමු. එය කියවා ශ්‍රද්ධාව වඩාගැනීම කාටත් උතුම් කුසලයකි. මෙම ගාථා ශ්‍රවණය හා පුහුණුව, කරන කාහට වුවත් උතුම් කුසල් පුරා ගැනීමට හේතු වනවා ඇත.

sath sathi thumb

Sath Sathi Vandhanaa Gaathaa

අති පූජ්‍ය නාඋයන උතුමන් විසින් සම්පාදිත රෝගීන්ට සුවය ලැබීමට රත්නත්‍ර ගුණ බල කැටි කල බොදු සෙත් කවි ධර්ම පත්‍රිකාවේ ආරම්භක බොදු ගාථා පෙල, විවිධ සෙත් පිරිත් ඇසුරෙන් සැකසුන, බහුල භාවිතයට ඉතා සුදුසු ගාථා පෙලකි. දිනපතා බුද්ධ වන්දනාව හරහා වන්දනා කරන්නන්ට පරිත්‍රාණ ධර්මයේ ආරක්ෂක බලය ලබා ගැනීමට කදිම මගකි. එම සම්පූර්ණ ගාථා පෙළ මෙම නව පත්‍රිකාවේ අඩංඟු වේ.

 

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

සැ:යු: මෙම ධර්ම පත්‍රිකා වල වර්ණය කළු සුදු මුද්‍රණයට සුදුසු නොවේ (අපට ලැබුණ ආකාරය මෙයයි). පාඨක ඔබට කාලය හා හැකියාව ඇතිනම් මෙම ගාථා කළු-සුදු ආකාරයට සකස් කර අප හරහා ධර්ම දානය කර ගත හැක. අදාල ධර්ම පත්‍රිකා ලිපි වලම අමතර යොමුවක් සේ ඒවා පල කල හැකිය. හැකියාවක් ඇතිනම් dharmachareepirisa@gmail.com ලිපිණය ඔස්සේ එවන්න.

කලින් ඉදිරිපත් කල ඇනවුම් පිරිත හා මෙම මහා ජය මංගල  ගාථා භාවිත කල යුත්තේ සියළු යහපත් කටයුතු අවසානයේ දේශනා කිරීම සඳහායි. ඉන්පසු දෙවියන්ට පින් දීම කල යුතුය.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

පිරිත් ධර්මයේ ආරක්ෂාවෙන් ගොඩ නැගුණ අපගේ සිංහල ජාතිය අද දිනයේ කපටි ඉස්ලාම් ව්‍යාප්තවාදයෙන් ගැලවීමටත් පිරිතම ඉවහල් වේවා! ද්‍රවිඩ ආදී පර සතුරනුත්, සසුනට එරෙහි සියළු අභ්‍යන්තර/බාහිර බලවේගත් නිවාරණය වීමට පිරිතම ඉවහල් වේවා! හෙළ උරුමය, බොදුබල සේනා, සිංහල රාවය ජාති-සාසන මාමක සංවිධාන තව තවත් ශක්තිමත් වී කපටි පරයන්ගෙන් හෙළ බොදුනුවන් බේරා ගැනීමට තරම් බලවත් වීමටත් පිරිත ඉවහල් වේවා!

 

අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න

ලක් බුදු සසුනේ යුග පුරුෂයෙක් වූ අති පූජණීය සෝම හිමි දෙසූ ලෙසම දෙවි වරුන් බහුතරයක් සිය සැප විපාක ලබමින් මනුෂ්‍යයාට පිහිටක් වීමට විරාමයක් හෝ අවකාශයක් නොමැතිව වෙසෙන ජීවී කොට්ඨාශයකි. තවද මිනිස් ගඳ යොදුන් සියයක් දුරට දැනීමට තරම් සියුම් ඝ්‍රාණ ඉන්ද්‍රිය ඇති සියුම් ශරීර ලාභී ඔවුන් සුවඳ සේ සලකන ශීල සුගන්ධය රහිත මිනිසුන් දුරින්ම දුරු කොට වෙසෙන අය ද වෙති.

බුදු පියාණන් ගේ දින චය්‍ය්ර්‍ව (පංච බුද්ධ කෘත්‍ය) අනුව මැදියම් කිස (රාත්‍රී 10.00 සිට පාන්දර 2:00 දක්වා)දී අප ගෞතම බුදුවරයා බැහැදැකීමට දේව බ්‍රහ්මයෝ මිනිස් ලොවට වැල නොකැඩී වැඩියේ උන් වහන්සේගේ ශීල සුගන්ධය තුන් ලොවටම ඉතා තදින් දැනුන නිසාය.

බ්‍රහ්ම ලෝක වාසීන් ඝ්‍රාණ ඉන්ද්‍රිය (රස දැනීම හා ස්පර්ශයද ඇතුළුව )  විරාග වශයෙන් ප්‍රහාණය කර ඇති අතර ඔවුන්ට මිනිස් ගඳ ප්‍රශ්ණයක් විය නොහැකිය. තීක්ෂණ ප්‍රඥා සහිත ඔවුන් මිනිස් ලොවට බැසීමට නම් ඔවුන්ට නොතේරෙන කාරණා දැනීමට තරම් නුවන ඇති බුදුවරයන්ම මනු ලොව වැඩ සිටිය යුතුය.

රට පුරා කෝවිල් අටවා ඇති, තිරිසන් හිස් සහිත නොපවතින  දෙවිවරුන් වන ඝණ දෙවියන්, ලේ පිපාසිත යක්ෂණියක් වන් කාලි ආදී හින්දු මනස්ගාත දෙවිවරුන් පිළිගැනීම, පිහිට පැතීම අභිඨාන 6න් දරුණුම එක වන මිත්‍යාදෘෂ්ඨියම පමණි ( ඉතිරි 5 පංචානන්තරීය කර්මයි ) .  විපාක නම් මරණයත් සමඟ ඒකාන්තයෙන්ම ගරුක කර්ම ලෙස ප්‍රතිසන්ධි ගත යුතු ඝෝර දුක්කයන්ගේ අන්තය වූ අවීචි නරකාදියයි. වෙනත් ආගම් ඕනෑම එකක නොපවතින දෙවිවරු, පිට ආගමිකයන් සතුටු කිරීමේ වංඡනික මනසින් හෝ පිළිගැනීම කොතරම් බරපතල පාපයක් දැයි තේරුම් ගැනීමට පවට බිය හා පවට ලැජ්ජා ඇති බෞද්ධයන් මේ අනුව තේරුම් ගත යුතුය.

මෙසේ නොපවතින මිසදිටු දෙවිවරු අතර, ඇත්තටම වාසය කරන, බෞද්ධයාට පිහිට ලබාගත හැකි, මහා ආනුභාව සම්පන්න සම්‍යක්දෘෂ්ඨික දෙවිවරු පිරිසක්ද සිටින බව අමතක නොකල යුතුය. ලක් බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන්ද සිය යුතුකම් ඉටු කරන මේ දෙවිවරු පළතුරු වට්ටි පූජා කිරීමෙන් හෝ වංඡනික කපු අතරමැදියන් යොදා ගැනීමෙන් කිසිසේත් පිහිට ලබා ගත හැකි අය නොවෙති. දොල පිදේනී හරහා ප්‍රේත ලෝක වල සිරවී ඇති මුග්ද නරුම ප්‍රේතයන් නම් මෙසේ දොල පිදේනී සපයන අයට ආකර්ෂණය විය හැකි බව අත්දුටු සත්‍යයයි.  මෝහයෙන් වැසුනු පුද්ගලයෝ මුදල් විසිකර කරදර ලංකරගන්නේ ඒ ලෙසිනි.

තම පෞර්ෂ වර්ධනයෙන් තම ශීල සුගන්ධය විහිදීමෙනුත්, දස කුසල් කොට එම පින් දෙවි වරුන් අරමුණු කොට අනුමෝදන් කරවීමෙනුත් පමණක් ඔවුන්ගේ ආකර්ෂණය සිව්වනක් පිරිසට ලබා ගත හැකිය.

බුද්ධ දේශිත පෙර/පසු බුදුවරුන් සියල්ලම සැලකූවත්, ඉතාම අඩු මිනිස් ආයුෂ ඇති අප කාලය සිය පහලවීම පිණිස තෝරාගත් මහා කාරුණික අප ගෞතම බුදු පියාණෝ, සිය බුද්ධත්වෙන් පසු පිරිනිවීම තෙක් 45 වසරක් තුල සූත්‍ර 24ක් දේශනා කරන ලදි. සෑම සූත්‍රයක් අවසානයේම පහල වූ සතර මාර්ගඵලලාභීන් මෙතෙක් මෙතෙක් යැයි කියාද දේශනා වී ඇත. ඔවුන් සියල්ල එක් කල විට සූවිසි අසංඛෙයිය නවකෝටි හැටලක්ෂයක් බව විශ්වාස කෙරේ. මොවුන්ගෙන් ආයු අවසන් වී අනුපාදිශේෂ නිර්වාණයට පත්වූයේ මිනිස්ලොව සිටිමින් රහත්භාවය ලත් උත්තමයෝ පමණි. මේ අනුව ඉතිරි සියළු නිවන් ලාභී උතුමන්ගෙන් ආයු අවසන් නොවූ අසංඛෙයිය ගණන් දේව බ්‍රහ්මයෝ සිය භූමි තලවල අදටත් අමෘත වූ නිවන් සැප විඳිමින් විසිය යුතුය.

රතන සූත්‍රයේ සංයුතියේ ඇති පළමු ගාථා දෙක එම දේව බ්‍රහ්ම ආර්‍ය උතුමන් සියල්ලට ඉතාම ආකර්ශණීය ඒවා බව අමුතුවෙන් තේරුම ගත යුතු නොවේ.  එපමණක්ද නොවේ ඉතාම වැඩි ආර්‍ය උතුමන් පිරිසක් බිහි වුයේ සෝවාන් උතුමන් ලෙසිනි, රතන සූත්‍රයේ ගාථා වලින් 8 වෙනි ගාථාවේ සිට 11 වෙනි ගාථාව තෙක් ගාථා හතරක්ම එම උතුමන්ගේ ඒකාන්ත ගුණ අලලා කල සත්‍යක්‍රියා ගාථා වේ. පිළිවෙලින් 8. අචල ශ්‍රධාව, 9. හතක් වූ උපරිම ආත්මභාව සංඛ්‍යාව 10. ප්‍රහාණය කල සංයෝජන, 11. පව් නොසඟවන බව. මෙම සෝවාන් ආර්ය ගුණයෝ වෙති.

තමන්ගේ ගුණ සත්‍යක්‍රියාවට ගන්නා මිනිසුන් කෙරෙහි ආර්‍‍ය දේව බ්‍රහ්මයෝ කරුණා මෛත්‍රිය පෑම කිසිසේත් අරුමයක් නොවේ. පහත දැක්වෙන්නේ ලක් බුදු සසුනේ තවත් යුග පුරුෂයෙක් වූ පරම පූජණීය රේරුකානේ චන්දවිමල මාහිමි විසින් සම්පාදිත බෝධිපූජාව පොත් වහන්සේ දෙවියන්ට පින් අනුමෝදන් කිරීමේ බෞද්ධ ගාථා ගැන කල සඳහන හා එම ගාථා පෙලයි.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

සම්‍යක් දෘෂ්ඨික බෞද්ධ දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ඔබට අවැසිනම් , පිරිත් භාවිත කරන්න, දස කුසල කර්මයන් කොට එම පින් දෙවියන්ට නිවසේ සිට හෝ අනුමෝදන් කරන්න (ඉහත ගාථා මුද්‍රණය කොට භාවිත කරන්න, ධර්ම දානය කරගන්න) . කෝවිල් පළතුරු වට්ටි වලින් වලකින්න. අභිඨාන 6න් ගැලවීම පතා මිසදිටු පාපතර මනස්ගාත පිට ආගමික දෙවිවරු සහමුලින් ප්‍රතික්ෂේප කරන්න.

රතන සූත්‍රයේ බලය තේරුම් යන දේශනාවක් අපි කලින් පල කලෙමු. දස දහස්වර අත්දුටු, මෙම ගාථා රත්නයෝ හාත්පස ආරක්ෂාව සලසන අන්දම භාවිත කරන්නෝම පමණක් ප්‍රත්‍යක්ෂ කර ගනිති. එය ඔබ භාවිත කර නැතිනම් ඔබට මෙතෙක් අහිමි වී ඇති ආරක්ෂාව ඔබ නොදන්නවා ඇත.  ඔබ පදවන රථයක වාදනය කරවන්නේ නම් ඔබට රිය අනතුරු සියල්ල වැලකී යනු ඇත. නිවසක සජ්ජායනා කරන්නේ නම් සොර සතුරු ආදී සියළු ආකාර උපද්‍රව වැලකී යනු ඇත. නඩු හබ ඉඩම් ආරවුල් ආදිය සාධාරණ ලෙස විසඳී යනු ඇත.

අපගේ පිරිත් පිටුවට පිවිස රතන සූත්‍ර ගාථා හා තේරුම් බාගත කර ගත හැක. එම පිටුවේම ධම්ම චක්කපවත්වන සූත්‍ර ගාථා සියල්ලද සපයා ඇත. අද පටන් වත් භාවිත කරන්න , ධර්ම දානය කර ගන්න. විපුල ඵල අත් විඳින්න.

බෞද්ධයා දවස පටන්ගත යුතු ආකාරය දැක්වෙන අපගේ ලිපි මාලාවේ 6 වන පියවර යටතේ ඉදිරිපත් කල රමණීය ගාථා පෙල ඉතාම සුලබ ගාථා පෙළකි. අවාසනාවකට පාසැලෙන් හෝ පන්සලෙන් හෝ මේ ගාථාවල සවිස්තරාත්මක සිංහල තේරුම් ඉගැන්වීමක් සිදු නොවේ. ප්‍රතිඵලය අපට පෙනෙන්නට තිබේ. කෙල කෝටියකට වඩා වටිනා ගාථා භාවිතයෙන් ඈත් වෙමින් යයි. ලිපිය පල කල කාලයේ ඇතුලත් වූ විස්තර වලට වඩා සිංහල තේරුම් වැඩි දියුණු කර එම ලිපිය අප නැවත අළුත් කලෙමු. පිවිසෙන්න. මුද්‍රණය කර ගන්න. දිනපතා භාවිත කරන්න. ධර්ම දානය කර ගන්න. අපිරිමිත ලෙස කුසල් රැස් කරගෙන සියළු සම්පත් ලබා ගැනීමට මග විවර කරගන්න.

සූවිසි ගුණ හෝ වෙනයම් සිංහල තේරුමක් ගැන ඔබට තවත් දැන ගැනීමට උවමනා නම් පරම පූජණීය රේරුකානේ මාහිමි සම්පාදිත “සූවිසි මහ ගුණය” විචිත්‍ර පොත් වහන්සේ බලන්න. නොහැකි නම් ප්‍රතිචාර ඔස්සේ විමසා සිටින්න.

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

සම්මුති, සේක, අසේක ආදී ඕනෑම පූජණීය ස්වාමීන් වහන්සේ නමක් විසින් සිල් දීම අවසන් කිරීමෙන් පසු “අභිවාදන ශීලිස්සනිච්චං ….” ආදී වශයෙන් සිල් ලාභීන්ට සෙත් පැතීම සාමාන්‍ය සිරිතයි. මෙහිදී සිල් ලාභීන් සිය සිය නමස්කාර ඉරියව් වෙනස් කරමින් උන්වහන්සේ ඉදිරිපිට නළල, වැලමිට දෙක හා දෙදණ යන අංග 5 පොළොවේ ස්පර්ශ කර (හෙවත් පසඟ පිහිටුවා) මෙම ගාථාවෙන් එම උත්තමයන් වහන්සේට වන්දනා කිරීම කරනු ලැබේ. නමුත් අද දවසේ බොහෝ උපාසක උපාසිකාවන් මේ උතුම් ගාථා රත්නය ගැන දැනුවත් නැත. පාඩම් ඇති අය තේරුම හරියටම දන්නවාදැයි සැක සහිතය. එබැවින් සියළු දෙනාගේ සුභ සෙත සලකා පළ කිරීමට අදහස් කලෙමු. පාඩම් කරගන්න. තේරුම්ද සලකා ශ්‍රද්ධා පෙරදැරිව වන්දනා කර අපරිමිතව කුසල් රැස් කරගන්න.

ගාථාව:

සීලවන්තං ගුණවන්තං – පුඥ්ඥං කෙත්තං අනුත්තරං
දුල්ලභේන මයා ලද්දං – පස්සිතුං වන්දිතුං වරං
සාරිපුත්තාදි ථේරානං – ආගතං පටිපාටියා
සද්ධා ශීලං දයා වාසං – බුද්ධ පුත්තං නමාමහං

තේරුම:

සිලවත් වූ ගුණවත් වූ – උත්තම පුඥ්ඥ ක්ෂේත්‍රයක් බඳු
දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයක් ලත් මාගේ – පසඟ පිහිටුවා ගෞරවණීය වැඳීමට සුදුසු වූ
සැරියුත් මහරහතන් වහන්සේ ආදී – උත්තමයන්ගෙන් පැවත එන්නාවූ
ශ්‍රද්ධාවට ශීලයට කරුණාවට වාසස්ථාන බඳු – බුද්ධ පුත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි.

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

බෞද්ධයා දවස පටන්ගත යුතු ආකාරය ලිපි මාලාවේ නමස්කාරයෙන් පටන්ගෙන තිසරණය ගොස් ඉන්පසු ශීල සමාදානය දක්වා පියවර අපි ඉදිරිපත් කලෙමු. මේ පල කරන්නේ පහසුවෙන් මතක තබාගෙන තාලයට සඣජායනා කල හැකි රමණීය ගාථා පෙලක් හා ඒවායේ තේරුම් සියල්ලයි. 6 වන පියවර ලෙස මෙය සැලකිය හැක. මේ පියවරේදී ආවරණය වන ගාථා මෙසේයි.

  1. බුද්ධ-ධම්ම-සංඝ එක එක රත්නයක ගුණ එක්කල විට සූවිසි මහ ගුණයම ආවරණය වන සේ ගාථා සියල්ල
  2. රත්නත්‍රයට ජීවිත පූජාව
  3. අතීත-අනාගත-වර්ථමාන තුන් කාලයේ රත්නත්‍රයට සදාකල් නමස්කාරය.
  4. රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍යයක් කරගන්න. සත්‍යක්‍රියා ගාථා.
  5. රත්නත්‍රයට නොදැන වූ වරදක් වේ නම් සමාව පතා කියන ගාථා.

තේරුම්ද සළකමින් මේ ගාථා රත්න හැකි උපරිමයෙන් භාවිත කරන්න. දවස පටන්ගැන්මේදී අතපසු වුවහොත් නින්දට පෙර කියන්න. උදේ හවස දෙකේම භාවිත කරන්නේ නම් ඔබට දැනෙන මානසික සුවය මෙතෙකැයි කියා සිතා ගත නොහැකි වනු ඇත.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණත් සසුනට රිංගාගත් පියතුමාලා පවත්වන මහ මෙව්නා අසපු වල ත්‍රිවිධ රත්න සංහාරත්  පරදමින් රට දැය සමයත් රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ බුදු සසුනෙන් ලබා ගත හැකි උපරිම ඵල වහ වහා ලබා ගැනීමට සියළු සාසන හිතකාමීන් උත්සුක වෙත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!

<< 5 වන පියවර

Click here to Read Full screen or Download this Sinhala

article in PDF format


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,893 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ