Author Archive
අපායේ උපදින අකුසල් මොනවාද?
Posted ජනවාරි 18, 2021
on:තෝරාගත් සදහම් ගැටළුවකට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තෝරාගත් සදහම් ගැටළුවකට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තෝරාගත් සදහම් ගැටළුවකට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තොරාගත් සදහම් ගැටළු වලට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් ඉහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
තොරාගත් සදහම් ගැටළු වලට අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ විසඳුම් අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට මෙම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!
- In: අති පූජණීය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේ | අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ | අසාද් සාලි | කාලීන ලිපි | ඡේ. ආර්. ජයවර්ධන | දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ | නම් නොකල ජාතික වීරවරයෝ | පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි | පූජ්‍ය පරවාහැර චන්ද්‍රරතන හිමි | බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන | බොදුබල සේනා | මුස්ලිම් කෲරකම් | වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය
- 6 Comments
අප රටේ සිංහල ජනගහන අර්බුදයේ බරපතල කම වගකිවයුතු සියළු පාර්ශවයන් විසින් නොසලකා හරින්නේ හරියටම විය යුත්තක් සිදු වෙමින් පවත්නා ගානටය. 2013 වසරේදී අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ දිවයින පුවතක් මගින් මෙහි අති භයංකාර භාවය පෙන්වා දෙන ලදි. පහත දැක්වෙන්නේ එම ලිපියයි. ඉතා දීර්ඝ නොවෙන එය මුලුමනින් කියවා බලන්න
බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා තියෙන
සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක් වෙලා
පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි
මාතර – චන්ද්‍රදාස කොඩිතුවක්කු
බරපතළ ප්‍රශ්නයකට සිංහල ජාතිය මුහුණ පා තිබෙන යුගයක් තවත් වසර තිහක් හතළිහක් යන කොට ඔබට එය තේරෙයි. සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක් බවට පත්වෙලා තිබෙනවා යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්ස නාහිමි මාතරදී පැවැසූහ.
මාතර සමාධි ප්‍රජා සංවර්ධන පදනමේ දහතුන් වැනි ශිෂ්‍ය කණ්ඩායමේ සිසුන් දහසක් වෙනුවෙන් සහතික පත්‍ර ප්රදානය කිරීමේ උත්සවය අමතමිනි. මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ආරාධනාවෙන් උන්වහන්සේ මෙම උත්සවයට සහභාගී වූහ.
උන්වහන්සේ මෙසේද කීහ.
මේ කතාව කිව්වට සමහරු කියයි මම ජාතිවාදී කතාවක් කරනවා කියලා. එහෙම නැහැ. මම කියන ගාන හදලා බලන්න සිංහල මිනිස්සු තව කොපමණ කාලයක්ද මේ රටේ ජීවත් වෙන්නේ කියලා.
මෙම වතාවේ ජන සංගණනය එක්ක ගත්තාම අපට දැක ගන්නට ලැබුණා සිංහල මිනිස්සු එක්කෝටි තිස් ලක්ෂයක් මේ රටේ ඉන්නවා කියලා. එක්කෝටි තිස් ලක්ෂයෙන් සියයට හැටක් ඒ කියන්නේ ලක්ෂ 80 ක් ඉන්නේ වයස අවුරුදු 40 පැනපු අය. කාන්තාවෝ ගත්තොත් දරුවන් නහදන සහ නොහැදෙන අය ලෝක ධර්මතාවය මත තව වසර 40 ක් ඇතුළත ලක්ෂ 80 ක් මියයා යුතුයි. ඉතුරුවන්නේ ලක්ෂ පනහයි. මෙම ලක්ෂ පනහ අතරේ සිටින අවුරුදු 39 කෙනෙක්ට තවත් වසර 40 කින් අවුරුදු හැත්තෑනවයක් වෙනවා. මෙම ලක්ෂ පනහෙන් භාගයක් ඉන්නේ පිරිමි කියලා හිතුවොත් කාන්තාවන් ඉන්නේ ලක්ෂ 25 යි. ඒ ලක්ෂ විසිපහෙනුත් ලක්ෂ පහක් විතර මේ වන විට වඳ සැත්කම් කරගෙන. රටේ නීතිය මත වයස අවුරුදු 26 ක් ඉහළ විවාහක කාන්තාවන්ට එල්. ආර්. ටී. සැත්කම කරන්න පුලුවන්. ඒ කියන්නේ ලක්ෂ විස්සයි කාන්තාවන් ඉන්නේ.
කාන්තාවන් ලක්ෂ විස්සෙනුත් ලක්ෂ දහයක් ඉන්නේ අවුරුදු 20 ට අඩු අය ඒ කියන්නේ විස්සට වැඩි අය ඉන්නේ ලක්ෂ දහයයි. එක්කෝටි තිස් ලක්ෂයක් සිංහල මිනිසුන්ගෙන් ලක්ෂ දහයයි දරුවන් හදන්න පුලුවන් මට්ටමේ සිටින කාන්තාවන් ඉන්නේ. ඔය ලක්ෂ දහයෙන් කී දෙනෙකුටද දරුවෝ ලැබෙන්නේ. දරුවන් හදා ගන්න දවසට කාන්තාවන් කීදෙනෙක් චැනල් කරනවද? ඒත් දරුවන් නැහැ. එතකොට දරු ඵලදාව තිබෙන අය ඉන්නේ ලක්ෂ 8 යි. ඒ විදියට ගත්තම වසර හතළිහක් තුළ ලක්ෂ අසූවක් මැරෙන්න ඉන්නවා. එතකොට එක කාන්තාවක් දරුවන් දහයක් බිහිකළොත් පමණයි යන්තම් සිංහල ජාතිය දැන් සිටින ගාන පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නේ.
ලක්ෂ අටක් දරුවන් හදන්න පුලුවන් කියන යථාර්ථයක් එක්ක හෙට දවසේ ලක්ෂ අසූවක් මැරෙනකොට ලක්ෂ පනහක් නාකිවෙලා ඉන්න කොට එක්කෙනා දරුමල්ලන් පස්දෙනා ගානේ හැදුවත් ලක්ෂ හතළිහයි හදන්න පුලුවන් වන්නේ. ඒ කියන්නේ මියගිය ලක්ෂ අසූවෙනුත් භාගයයි උපදින්නේ. මේ නිසා සිංහල ජාතියට ඉදිරියේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මෙය වහාම තේරුම්ගත යුතුයි.
src: http://www.divaina.com/2013/05/30/news28.html
1977 න් පසු මුස්ලිම් ලේ නෑකම් සහිතව ජනපති වූ ජේ. ආර්. ජයවර්ධන නම් පාලකයා මේ හෙළ බොදු රටේ චීවරයට ඇති පිළිගැනීම වහා නැසිය යුතුය යන ආකල්පයෙන් ක්‍රියා කල අයෙකි. අදටත් පවතින විනය වර්ධන නම් පවිටු ගිහි පැවිදි එකමුතුව ඔහුගේ සංකල්පයකි. ආරම්භයේදී ගිහියන් විසින් පූජණීය භික්ෂූන් වහන්සේගේ ශීලයේ අඩු පාඩු සොයමින් ගැරහීමත් ඒවා ප්‍රසිද්ධ කිරීමත් යහමින් සිදුවිය. උපසපන් භික්ෂූන් වහන්සේට කෝටියක් සංවර ශීලය රැක ගැනීමට නොහැකි වූයේ නම් විපාක එන්නේ එතුමන්ටය. පංච ශීලයවත් නොරකින, සසුනට ඇතුලත් නොවූ ගිහියන්ට පැවිදි උතුමන් ශීලය සඳහා විවේචනය කිරීම කොතරම් සුදුසුද යන්න පැහැදිලි කරගත යුතු කාරණයකි.
සසුනේ අවසානය වසර පන්දහසකින් සිදුවන බව ප්රකටය. එවක් වනවිට භික්ෂූන් වහන්සේ කෙසේද යත් ගිහියන්ගෙන් වෙන්කොට හැඳිනීමට පළදින්නේ අතේ කහ නූලක් පමණි. දරු පවුල් රකින රැකියා කරන නමුත් සම්මුති මහා සංඝරත්නයට එතුමන් ඇතුලත් බව ඔබ දැන සිටියාද? බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශණයට අනුව, එම කසාකණ්ඨක භික්ෂූන් වහන්සේ නමකට සැදැහැ සිතින් දෙන දානයත්, බුදුන් දවස අගසව් සැරියුත් මහ රහතන් වහන්සේට දෙන දානයත් එකම ඵල එකම ආනිසංශ වේ. භික්ෂූන් වහන්සේ සසුන අවසන් වනතෙක්ම උපාසක උපාසිකාවන්ට පින්කෙත වන්නේ මේ අයුරිනි. වෙන කිසිම දානයකින් එවන් ආනිසංස නොලැබෙන බව නොකිව මනාය.
සසුන විනය රැකීම අතින් පිරිහීම බුදුන් විසින් පවා දුටු සත්‍යයකි. බුදු දහම හා සසුන වැනසීමට කුමන්ත්‍රණ කරන්නවුන්ට එය ආවුධයක් කර ගැනීමට බොදුනුවන් කිසිසේත් ඉඩ නොදිය යුතුය. කෙසේ නමුත් විනය රකින්නන් සේ රඟ පාමින් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට වින කරන අසපු ගාමී කල්ලි (රටපුරා මහමෙව්නා හා බෙල්ලන්තොට හන්දියේ සමන්තභද්‍ර) බිහිවන විට ඒවාට එරෙහිවීමට නම් සිව්වනක් පිරිස නොපැකිලව ඉදිරිපත් විය යුතු බව අපි නොයෙක් වර පෙන්වා දුන්නෙමු.
මීට අමතරව හෙළයාගේ ජාති මාමක්ත්වයට හේතු සොය බැලූ එම පාලකයා ,වීර හෙළ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නරපතියන් හේතුව බව දැක, ඉතිහාසය මුළුමනින්ම වලලා දැමීම පිණිස පාසැල් විෂය ධාරාවෙන් එය ඉවත් කරන ලදි. වීර දුටු ගැමුණු රජු ගේ ශ්‍රේෂ්ඨත්වය විශේෂයෙන් සඟවා දමන ලදි.
ඡේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථික යුගය තුල රටේ සිටි වඩාත්ම ජනප්‍රිය බෞද්ධ භික්ෂුව පමණක් නොව වඩාත්ම ජනප්‍රිය චරිතය වූයේද අති පූජණීය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ බෝධි පූජා පිංකම් පිළිබඳවත් ප්රවෘත්ති කිසි විටෙකත් පුවත්පත්වල පළ නොකරන ලදී. ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය නොකරන ලදී. කියවන්න එම ශ්‍රේෂ්ඨ චරිතයේ වීරකම් හා අභිරහස් අපවත් වීම .
http://www.divaina.com/2016/05/22/feature01.html
“නහී වේරේන වේරානි” ආදි වශයෙන් තම දිළිසීම උදෙසා බෞද්ධ ඉගන්වීම් ලොවටම කියාපාමින් ඡේ. ආර්. ජයවර්ධන නම් මුස්ලිම් එකාධිපතියා බුදු දහමට කළගුණ සැලකූවේ ඒ අයුරිනි.
එම පාලකයා හෙළයට කල හානි එය පමණක් නොවේ. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් මේ රටේ ජන පදනම විකෘති කිරීමට අඩිතාලම දැම්මේද ඔහුමය. මැදපෙරදිග රටවල් ලොවම ඉස්ලාම් කිරීමේ සිහිනයෙන් මත්ව පවුල් සැලසුම් සිය ආගමිකයන්ට තහනම් කිරීමත් අනෙක් ආගම් හා ජාතීන්ට තම වියදමින් නොමිළේ කරදීමත් එකල ආරම්භ කල ජාත්‍යන්තර කුමන්ත්රණයකි. තම මැදපෙරදිග නෑසියන්ගේ එම කුමණ්ත්‍රණයේ මෙරට හවුල්කරු වූයේ ජේ. ආර්. ජයවර්ධන නම් පාලකයායි. “පුංචි පවුල රත්තරං!” යන්න ඔහුගේ හෙළය නැසීමේ ව්‍යාපාරයයි. අද වනවිට අප එහි ගොදුරක් වී හමාර බව ඉහත අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ගේ ලිපියෙන් මොනවට පැහැදිළි නොවන්නේද?
කල මෝඩකම් මොනවා වුවත්, ලිඳේ වැටුනු මිනිහා ළිං කටින්ම ගොඩ විය යුතුය. වර්ථමානයේ විවාහ දිවියට පත්වන සිංහල යුවලවල් අතර දරු උපත් ඉතා විරල බවට පත්වී ඇත. ඒ අතරම ආර්ථික අපහසුකම් ඇති පවුල් අතර සමහර අවස්ථාවල දරුවන් 7 පවා දැකීමටද ඇත. මෙසේ ජාතියට සිංහල බොදු දරුවන් පුදන පවුල් ජාතියක් වශයෙන් එක්ව අප රැකිය යුතුය. ඔවුනට උපරිමයෙන් අත දී දිරිමත් කල යුතුය. දරුවන් රහිත යුවලවල් මෙය තමාගේ විශේෂ වගකීමක් කරගත යුතු වන්නේ තමාට කල නොහැකි වූ ජාතික සේවය එම පවුල් විසින් ඉටු කරන බැවිනි. හෙළ ජාතිය වඳ වූ දාට කිසිවෙකුගේ ජීවිතය සුන්දර නොවනු ඇත. කර්කෂ ඉස්ලාම් නීති මනුෂ්‍යත්වය සහමුලින් අකාමකා මිහිමත අපාය මනුලොව බිහි කරනු ඇත. එම ගෝත්රිකවාදයේ වර්ථමාන නිදසුන් ISIS ම්ලේච්ඡත්වය තුලින් අප දකිනවා නොවේද? බොදු දහමේ කරුණාවෙන්ම රැකෙමින් එය අගය කරනවා වෙනුවට අපගේ පූජණීය උතුමන් මරාගෙන මැරීමට උවමනාව ඇත්තේ ඉස්ලාම් ආගමිකයන්ට පමණි. එම ගෝත්‍රිකයන් මහියන්ංගනයේදී බෞද්ධ කොඩි පිළිස්සුවේ ගෙරි මස් නොකෑම පිළිබඳ බණට එරෙහිවය. මාධ්‍ය වාරණ තුලින් ජනතාවෙන් වසන්කල එම අපරාධ මේ ලිපියෙන් හෙළිවන අයුරු බලන්න. ඉස්ලාම් වටපිටාවේ අපි කෙසේ නම් විසිය යුතු වෙයිද?
http://www.divaina.com/2016/07/08/news26.html
එමනිසා සැදැහැවත් බෞද්ධ ඔබගේ නොමසුරු මාසික ආධාරය මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීමට හැකි පමණින් දායක කරන්න. රු 10, 20 වේවා 500, 1000 වේවා පස්වී දිරි දරු අඩවියේ සඳහන් ගිණුමට බැර කිරීමෙන් උපරිම ආත්ම තෘප්තියක් ලැබෙන සාසන මාමක ව්‍යාපාරයක හවුල් කරුවකු වන්න. වඳ වීම ආරම්භ වී ඇති අපගේ සිංහල ජාතිය වෙනුවෙන් ඔබගේ යුතුකම් කොටස ඉටු කරන්න. ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න, දැනටම ප්රතිලාභ ලබන පවුල් බලා සිත් පහදවා ගන්න.
http://pasawi.com/index.html
https://www.facebook.com/PASAWI/
මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළියේ සිටින නොමේරූ දරුවන් හා වැඩිහිටි අපි අතර කුමන නම් වෙනසක්ද?
Posted පෙබරවාරි 21, 2016
on:වැළි සෙල්ලමේ යෙදී සිටින කුඩා දරුවන් සමූහයක් කිසිවෙකුට සිතා ගැනිමට අපහසු අවස්ථාවක් නොවේ. අප බොහෝ දෙනෙක් කුඩා කල වැළි සෙල්ලම් කර තිබීමට පිළිවන, නැතිනම් අඩු තරමින් එය කරන ආකාරය රූපවාහිනියෙන් දැක ඇතිවාට කිසිදු සැකයක් නැත.
හිස් පොල්කටු රැසක් පිළිවෙළකට තබා ඒවා සියල්ලට වැළි පුරවා මේක බත්, මේක පරිප්පු, මේක මැල්ලුම්, මේක අල යනාදී වශයෙන් දරුවන් සියල්ල යම් සම්මුතියකට එළැඹේ. මදකට සිතා බලමු, තමාත් මේ අයුරින්ම සෙල්ලම් කලා නේද යන්න අමතක වූ තරමක් වැඩිහිටි දරුවෙක් මෙය දෙස බලා, මේ නම් මොන තරම් මෝඩ සෙල්ලමක්ද සිතමින් අනේ අපොයි ඔතන මොන බත් ද? මොන මාලු ද? ඔක්කොම වැලිනේ කියා විහිළු කලේ නම් තත්වය කුමක්ද?
ආශාවෙන් වැලි සෙල්ලම් කල දරුවන් ඉතාම කෝපයට පත්වනු ඇත. හැකිනම් සියල්ල එක් වී වැඩිහිටි දරුවාට පහර දීමට සූදානම් වනු ඇත, නැතිනම් කෑ ගසා වැඩිහිටි දරුවා එළවා දමනු ඇත. එසේත් නැතිනම් ඒ සඳහා මව්පියන්ගේ උදව් ඉල්ලා සිටිනු ඇත. කිසිවක් කරගත නොහැකි නම් හඬා වැටෙනු ඇත.
දැන් අපි මේ තත්වය අපිට ආදේශ කර බලමු. එවිට විද්‍යාඥ වරුන්, මහාචාර්ය වරුන් , ආචාර්ය වරුන්, දොස්තරවරුන් , ඉංජිනේරුවරුන් ආදී එකී මෙකී නොකී සියළු ගිහි සමාජයේ සියලුම දෙනා මේ කුඩා දරුවන්ගේ තත්වයේම සිටින්නන් මිස අන් කිසිවෙක් නොවෙන බව වැටහෙනු ඇත. අපගේ උපමාවේ සිටි වැඩිහිටි දරුවා ලොව ඇත්ත ඇති සැටියෙන් දකින ආර්ය මාර්ගයේ ගමන් කරන විදර්ශනා ඥාන ලාභී උතුමෙක් ට සමාන වෙන බවත් වැටහෙනු ඇත. අරුමයකි …ඒ කෙසේද?
මොනතරම් ලෞකික දැනුම් සම්භාර ලැබුවත් විදර්ශනා ඥාන රහිත අපි ලෝකයේ පරමාර්ථ හෙවත් සැබැවින්ම ඇති කිසිම දෙයක් ඇති හැටියෙන් නොදකින්නෝය. ඇස ගැටෙන සමහර චලනය වන වස්තු අපට සත්තුය, පුද්ගලයෝය, මමය, නුඹය, නෝනාය, මහත්තයාය, රාළහාමිය, අප්පුහාමිය. හරියටම පොල්කටු වලට පිරවූ එකම වැලි වලට බත්ය, පරිප්පුය, මැල්ලුම්ය, අලය කියා කිවාක් සේය.
නමුත් වැලි වැලි ලෙසම දැක්ක වැඩිහිටි දරුවා මෙන්, විදර්ශනා ඥාන ලාභී උතුමා එම විවිධ නම් ලත් වස්තු සියල්ලම දකින්නේ හුදෙක් නාම හා රූප පරම්පරා වල පැවැත්මක් ලෙස පමණි. එම උතුමාට සත්තුය, පුද්ගලයෝය, මමය, නුඹය, නෝනාය, මහත්තයාය, රාළහාමිය, අප්පුහාමිය යනු හුදෙක් නාම පද සමූහයක් පමණි. මෝහාන්ධකාරයෙන් වැසුනු මුලු ලොවක් මුලා කරන සම්මුතීන් පමණි.
විදර්ශනා ඥාන ලාභී වීමේන් තමාටම ප්රත්යක්ෂ වශයෙන් දැකිය හැකි, එසේ නොහැකිනම් කියවා තේරුම්ගත හැකි පරමාර්ථ ධර්ම 82ක් අපි කලින් පැහැදිළි කර ඇත්තෙමු. එයින් නිවන හැර අන් සියල්ල නාම -රූප ධර්ම වශයෙන් ලොව එහි වෙසෙන ජීවීන් හා අනන්ත විශ්වය ලෙස අපේ නෙත ගැටේ. පරම පූජණීය රේරුකානේ චන්දවිමල මාහිමි සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය නම් පොත් වහන්සේ තුල අන්තර්ගත නාම-රූප මිශ්‍රක භාවනා ක්‍රමය පිටු අංක 87 – 88 හී දැකිය හැක. එහි ඇතුලත් අනෙකුත් භාවනා වාක්‍ය පහත සඳහන් වේ, ඇත්ත ඇති සැටියෙන් දැකිමට කැමති, විදර්ශනා ඥාන ලාභී වී නිවන් දැකීමේ උවමනාවෙන් ආර්ය මාර්ගයේ ගමන් කරන බොදු ඔබත් නාම යනු සිත ලෙසත්, රූප යනු කය ලෙසත් සරලව යොදා මේවායේ තේරුම් සලකා බලන්න.
- බදාම, ගඩොල්, ලී, උළු එක්තරා ආකාරයකට සිටි කල්හී ගෙයය යන සම්මුතිය ඇති වන්නා සෙම නාම-රූප ඇති කල්හීසත්ව, පුද්ගල, ආත්ම, මමය, නුඹය, නෝනාය, මහත්තයාය, රාළහාමිය, අප්පුහාමිය ආදී නොයෙකුත් සම්මුතීන් පවත්නාහ.
- නාමය පමණක් ඇතිවිට (අරූප තලයේ බ්‍රහ්මයන් මෙන්) චලනය කිරීමට ශරීරයක් නොමැති බැවින් ගමනාදී සකල ක්‍රියා නොකල හැකිය. රූපය හෙවත් සිරුර පමණක් ඇතිවිට (අසංඥසත්ත තලයේ බ්‍රහ්මයන් මෙන්) ක්‍රියා සිදු කිරීමේ චේතනා බලය ඇති කරන සිතක් නැති බැවින් ගමනාදී සකල ක්‍රියා නොකල හැකිය.
- මිනිසුන් විසින් සාගරයේ නෞකාව මෙහෙයවන්නා සේම නාමය විසින් රූප කය මෙහෙයවන්නේය. නෞකාවේ ආධාරයෙන් මිනිසුන් සයුර තරණය කරන්නා සේම රූප කය ආධාරයෙන් නාමය පවත්නේය.
- රූපය නිසා නාමයත්, නාමය නිසා රූපයත් පවත්නෝය. එකිනෙකට හේත්තු කරන ලද්දා වූ දර මිටි දෙකකින් එකක් ඇද වැටුන කලිහී, අනික ඉබේම ඇද වැටෙන්නා සේම, නාම රූප දෙකින් එකක් වැටුණ කලිහී අනික ඉබේම වැටෙන්නේය.
- නාම රූප කිසිවකින් එකකටවත් ඉපදීමට හෝ පැවැත්මට ශක්තියන් නැත. ඒවා අන්‍ය ධර්මයන්ගේ බලයෙන්ම ඉපිද, අන්‍ය ධර්මයන්ගේ බලයෙන්ම පවත්නාහ. (හේතු ප්‍රත්‍යයන් යනු එම අන්‍ය ධර්මයෝය ). හේතු ප්‍රත්‍යයන් මත යැපෙන්නා වූ නාම රූපයෝ අති දුර්වලයෝය.
මෙම ලිපියේ ඇතුලත් පින්තූර සියල්ලට අදාල වාක්‍ය කටපාඩම් කර නිතර නිතර මෙනෙහි කරන්න. රාත්‍රී නින්දට පෙර එක් වරක් කර බලන්න. කිසිදු සිහිනයක් නොදුටු ජීවිතයේ ඔබගේ සුවදායකම පළමු නින්ද අත් දකිනු ඇත. බොදු භාවනා වල ප්රතිලාභ අත් දැකීම තුලින් අගය කරන තවත් එක් බොදුනුවෙක් ඔබ තුලින් බිහි වනු ඇත. සොය සොය භාවනා කරන නිවන ප්රායෝගිකවම සොයන තවත් බොදු උතුමෙක් බවට ඔබත් පත් වනු ඇත.
මඩකලපුව මංගලාරාමය – පූජණීය අම්පිටියේ සුමනරතන හිමියන් විසින් ගොඩ නැගු අපේ උරුමය
Posted අගෝස්තු 16, 2015
on:බෝම්බ පහරවල් මැද යළි ඉදිවුන
මඩකලපුව මංගලාරාමය
හමා එන සිහිල් මඳ සුළඟට මඩකලපුව බෝ සමිඳුන්ගේ බෝපත් සෙමින් සැලෙන්නට වුහ. දායකයන් නැති පංසලේ දායකයන්ගේ අඩුව පුරවමින් වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසක් බෝ සමිඳුන් වැඳ පුදා ගනිමින් සිටින ලදී. පරිසරයේ නිහඬ බව බිඳිමින් සාධූ නාදය දසත පැතිරෙන්නට වුහ.
මහා දුක් ගැහැට සමුදායක් විඳගනිමින් එදා කොටින්ගේ පොරෝ පහරට සහ බෝම්බ පහරට නතුව විනාශ වු බෝ සමිඳුන් මෙදා මහා අභිමානයෙන් නැගී සිටින්නට වුහ. බෝම්බ පහරවල් නිසා මහා විනාශයක් සිදුවූ බුද්ධ මන්දිරයද දුටුවන්ගේ නෙත් සිත් පහන් කරමින් නැවතත් නිමවී ඇත්තේ තව දුරටත් මඩකලපුවේ බෞද්ධ උරුමය සනිටුහන් කරළමිනි.
එදා සිත්පිත් නැති තිරිසන් කොටි ත්රස්තයෝ නැගෙනහිර මඩකලපුව පළාතේ වෙහෙර විහාර ඇතුළු ආගමික සිද්ධස්ථාන බෝම්බ ගසමින් ගිනි තියමින් විනාශ කරද්දී මඩකලපුව නගර මධ්‍යයේ පිහිටා තිබුණු එකම බෞද්ධ සිද්ධස්ථානය වන මංගලාරාමයේ බෝ සමිඳුන්ද කපා කොටා දැමුහ. බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ආවාස ගෙය ඇතුළු මුළු විහාරස්ථානයම බෝම්බ ගසා විනාශ කර ගිනි තැබුහ. 1921 සිට දඹගස්ආරේ සුමේධාලංකාර හිමියන් ඇතුළු මහා ස`ගරුවන මෙම විහරස්ථානය ආරම්භ කරමින් ඇති කළ ශාසනික මෙහෙවර උන්වහන්සේගෙන් පසුවත් මෙම පින් බිමේ සිටි මහා ස`ගරුවන නොපිරිහෙලා ඉටු කරද්දී මේ ආකාරයෙන් මෙම පුදබිම කොටි විසින් මුළුමනින්ම විනාශ කර දමන්නට වුහ.
මඩකලපුවෙහි එදා තිස් දහසකට අධික සිංහල ජනයා දමිළ, මුස්ලිම් ජනයා සමගින් සාමකාමි අයුරින් වාසය කළහ. මරණයට, ම`ගුලට සහභාගි වෙමින් එදා ජාති බේදයෙන් තොරව සහජීවනයෙන් ඔවුන් කටයුතු කරන්නට විය. නමුත් කොටි ඒ සියල්ල වෙනස් කරන්නට විය.
එදා වෙනදා මෙන් මඩකලපුව රාත්‍රී අන්ධකාරයෙන් වැසී යන්නට වුහ. ගොදුරු සොයා පියමන් කරන ව්යාඝයෝ රැළක් මෙන් අඳුර මැදින් මඩකලපුව නගරයට බට ත්රස්තයෝ සාහසික ප්‍රහාරයක් මඩකලපුව නගරයෙන් අරඹන්නාහ. තැන් තැන්හි බෝම්බ පහරට වෙඩි උණ්ඩයට සහ කොටින්ගේ මුව හත් කඩු පහරට ලක්ව කෙසෙල් කඳන් මෙන් සිංහලයෝ ඇද වැටෙන්නට වුවෝය. නගරයෙන් ඇරඹි ප්‍රහාරය අළුයම වන විට ජයන්තිපුර, විජයපුර ආදී ගම්මාන දක්වා පැතිර ගොස් මරණ භයින් ත්‍රස්තවූ සිංහලයන් සොය සොයා ඝාතනය කරන්නට වුහ. පසුදාට රැය පහන් වෙද්දී පෙති පෙති කැපී ගිය උණ්ඩයෙන් සිදුරුව ගිය සහ බෝම්බ පහරට නතුව මිය ගිය සියයකට අධික සිංහල පිරිසකගෙන් ගලා ගිය රුධිර ගං`ගාවෙන් මුළු මඩකලපුවම තෙත්වී රත් පැහැයට හැරී තිබුණි. අවසානයේ සියලු සිංහලයන් තමන් සන්තකයේ තිබු සබ්බ සකල මනාව අත් හැර දමා පණ බේරා මඩකලපුව අතහැර යන්නට වුහ. සිසුන් 2000 කට අධික පිරිසක් අකුරු කළ මඩකලපුව සිංහල විද්‍යාලය එනිසා වැසී යන්නට විය.
මේ ආකාරයෙන් අතීතයේ රජ දවස සිට පැවැති මඩකලපුව සිහළ උරුමය ගිලිහී යන්නට වුහ. හතර වටින් නැගෙන බෝම්බ වෙඩි හඬ මැද මරණය පෙනි පෙනී රට වෙනුවෙන් අභීතව සටන් වදින රණවිරුවන් හට චිත්ත ශක්තිය ලබා ගන්නට මඩකලපුවේ මලක් පුදන්නට බුදුන් වඳින්නට තැනක් නොමැති වන්නට වුහ. එම නිසා රණවිරුවෝ තැන් තැන්හි කඳවුරු වල කුඩා බුදු පිළිම වහන්සේලා තැන්පත් කරමින් කුඩා බුදු මැදුරු සාදා වැඳුම් පිදුම් කරන්නට විය.
රණවිරුවන්ට ශක්තියක් වීම සඳහා කොටින්ගේ බෝම්බ පහරින් විනාශව ගිය මඩකලපුව මංගලාරාමයට 94 වසරේ පැමිණෙන අම්පිටියේ සුමනරතන හිමියන් එතැන් පටන් මංගලාරාමය නැවත ගොඩනගන්නට උත්සාහ කරන්නට වුවේය. දන් වේලක් දෙන්නට එකදු සිංහල බෞද්ධයෙක් නැත. විහාරස්ථානය ගොඩනගන්නට දායක සභාවක් නැත. නමුත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්ගේ සහයෙන් නැවත ටිකෙන් ටික පංසල ගොඩ නංවන්නට වුහ. කන් බිහිරි කරවන වෙඩි හඬ මැද සැප විඳිනවා වෙනුවට දුකම විඳිමින් යළි මංගලාරාමය ගොඩනගන්නට ඇප කැප වෙන්නට වූවේය. වෙනත් කලබල නැති ප්‍රදේශයකට ගොස් සැපසේ හිඳින්නට කොතෙකුත් අවස්ථාවක් තිබුණද රණවිරුවන්ට ශක්තියක් වීම සඳහා මඩකලපුව මංගලාරාමයේ වැඩවාසය කරන්නට විය.
යුද්ධයේ ගිනි දැල් මැද ඇතැම් රණවිරුවෝ උන්වහන්සේගේ දෑත මතම රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට වූයේ කොටි ත්රස්තවාදීන්ගේ ගොදුරක් බවට පත් වෙමිනි. ඉන් නොනැවතුන කොටි ත්රස්තවාදීන්ගේ දැඩි තර්ජනයට ලක්වූ උන් වහන්සේ ඇතැම් අවස්ථාවල ත්රස්තවාදීන් විසින් පැහැර ගෙන යන්නට වූහ. දින ගණනාවක් කොටින්ගේ අත් අඩංගුවේ පත් වන්නට වුහ. ඒත් සුමනරතන හිමි මඩකලපුව අත් නොහරින ලදී.
යුද්ධය නිමාවුන පසු මඩකලපුවට අයත් කෙවිලියාමඩුව, සිප්පිමඩුව කොස්ගොල්ල වැනි ගම්මානවල යළිත් ජනයා පදිංචි වන්නට වූහ. ඒත් එම ජනතාවට ගෙවන්න සිදුවූයේ කරුමයකි. කිසිම බළධාරියෙක් එම ජනතාව ගැන සොයා බලන්නට නොවුණි. එම නිසා සමෘද්ධි සහනාධාරය, ඡන්ද දැමීමේ අයිතිය, ග්‍රාමසේවා වාර්තාවක්, ආදායම් සහතිකයක් වත් ඔවුනට ලබා ගන්නට නොහැකි වුණි. ඒ සඳහා ඇතැම් විට උද්ඝෝෂණයන් පවා කරන්නට ඔවුනට සිදුවිය. ඒ සියල්ල වෙනුවෙන් පෙනී සිටියේ සුමනරතන හිමියන්ය. හෙළ බිම සංවිධානය ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මත කෙවිලියාමඩුව වැනි ගම්මාන වල අහිංසක වැසියන්ට නිවාස තනාදී ජීවිතය ගොඩ නගන්නට සුමනරතන හිමියන් කටයුතු කරන්නට වූවේය.
යුද්ධය නිමාවී ඊළාම් සිහිනය සැබෑ කරගන්නට වෙර දරන ද්‍රවිඩ සන්ධානයේ හිතවාදීන් ඇතුළු පිරිස්වල උද්ඝෝෂණවල ප්‍රතිපලයක් ලෙස අධිකරණය මඩකලපුව පොලිස් බල ප්‍රදේශයේ බුදු පිළිම තබන්නට තහනම් කළාපයක් කරන්නට විය. තැන් තැන්හි තිබුණ බුදු පිළිම වහන්සේලාගේ සිරස් කුඩුව යන්නට වූහ. ගැටලුව පොලිසිවලට යද්දී ඇ`ග බේරා ගැනීම සඳහා ඒවා අධිකරණය වෙතට පොලිසිය විසින් යොමු කරන ලදී. මේ සියල්ලට එරෙහි වීමේ ප්‍රතිපලයක් ලෙස අවසානයේදී සුමනරතන හිමියන්ට මඩකලපුව දිස්ත්‍රික්කය පුරා අධිකරණවල නඩු 44 ක් වැටෙන්නට විය. ඒ සියල්ලටම හේතුව සිංහලකම හා බුදුදහම වෙනුවෙන් පෙනී සිටින්නට සහ අහිංසක සිංහල ජනයා රැකගන්නට ගොසිනි. අහිංසකයින්ගේ බඩගින්නට අහරක් දෙන්නට ගිය නිසාවෙනි. එම නිසා අන්තවාදී දෙමළ සහ මුස්ලිම් පිරිස්ගේ සහ ඒවාට ගැතිව කටයුතු කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ කෙනහිලි කම්වලට උන්වහන්සේ නිරන්තරයෙන් ලක්වන ලදී.
1921 සෑදු බුද්ධ මන්දිරය ත්‍රස්තවාදී ප්‍රහාර මත විනාශවී යැම නිසා නිසි ප්රතිසංස්කරණයක් කිරීම පසුගිය ජනවාරි මස අරඹන්නට විය. රුපියල් එක් කෝටි විසි ලක්ෂයක වියදමක් දරා දෙස් විදෙස් සිටින ලාංකීය බෞද්ධ ජනයාගේ ආධාර උපකාරයෙන් එය මේ වන විට නිමා වෙමින් පවතී. මඩකලපුව නගරයේ සිංහල පදිංචිකරුවන් නැත. එම නිසා පංසලට දායකයින්ද නැත. දායකයින් නැති පංසලක රටපුරා පැමිණෙන බොදු බැතිමතුන්ගේ වන්දනා මානයට ලක් වන මඩකලපුව එකම බොදු පුදබිම මංගලාරාම විහරස්ථානයයි.
මේ මඩකලපුව සිංහල බොදු උරුමය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින අම්පිටියේ සුමනරතන හිමියන්ගේ අදහසයි.
එදා මඩකලපුව මරණයේ දේශයක් වෙලා තිබුණේ. මෙහෙට අයෙක් එනවා තබා එන්න හිතන්නත් බය යුගයක් තිබුණේ. හිටපු ජනාධිපතිතුමාට පින් සිදු වන්නට මේ රටට නිදහස ලැබුනා. එහෙම උනේ නැත්නම් මොනවා වෙයිද කියලා හිතා ගන්නත් බැහැ. ප්රභාකරන් නොමැති වුවත් අදටද ද්‍රවිඩ සන්ධානය ඇතුළු කොටි හිතවාදීන් ඊළාම් සිහිනය ජය ගන්න කටයුතු කරමින් සිටිනවා. අපට පෙනෙන විදිහට මේ පෙඩරල් හරහා ඊළාම් රාජ්‍ය හරහා යන වැඩපිළිවෙලකුයි සකස් වෙමින් තිබෙන්නේ. එක රටක් ලෙස මේ රටේ සිංහල, දමිළ, මුස්ලිම් ජනයා සමගියෙන් ජීවත් වුනා. අනාගතයේදීත් මේ තත්වය මෙසේ පැවතිය යුතුයි. ඊළාම් රාජ්‍යයකටත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනවාටත් අප විරුද්ධයි. අපි තමයි දෙමළ. මුස්ලිම් ජනයා සමග මෙහි වාසය කරන්නේ. සමගිය ඇතිවිය යුත්තේ කෙසේදැයි කියා අපට වැටහීමක් තිබෙනවා. අවබෝධයක් තිබෙනවා. නමුත් කිසිම බළධාරියෙක් වගකිවයුත්තෙක් ප්‍රායෝගික ලෙස ජාතික සමගිය සඳහා කළ යුත්තේ කුමක්දැයි ඒ පිළිබඳව අපෙන් එක වචනයක් හෝ විමසා නැහැ.
මා වත්මන් නැගෙනහිර තත්වය පිළිsබඳව මාදුළුවාවේ සෝභිත හිමියන් ගෙන් හෝ ඒ වෙනුවෙන් කථා කරන ඕනෑම අයෙකුගෙන් කුමන හෝ මාධ්‍යකින් ඒ වෙනුවෙන් සංවාදයකට එන්නයි ඇරයුම් කරනවා. අපියි දන්නේ නැගෙනහිර තත්ත්වය පිළිබඳව, අද මඩකලපුව දිස්ත්‍රික්කයේ වෙසෙන සිංහලයෙකුට මහා මැතිවරණයකට, පළාත් සභාවකට, එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවකට ඉදිරිපන් වන සිංහල අපේක්ෂකයෙකුට ඡන්දය දාන්න විදිහක් නැහැ. ඒ සිංහල අපේක්ෂකයෙකු ඉදිරිපත් නොවීම නිසා. මේ ආකාරයෙන් මම දුක් ගැහැට බොහොමයක් විඳලා තමයි මඩකලපුව විහාරස්ථානය රැක ගත්තේ. මේ ආකාරයෙන් විනාශ කළ බුද්ධ මන්දිරය නැවත ප්‍රතිසංස්කරණය කරන්න මම පුදුමාකාර වෙහෙසක් දැරුවා. ඒ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම ස්තුතිය පුද කරනවා.
අද මංගලාරාමයට එන්න ලැබෙන්නේ යුද්ධය අවසන් කරලා නිදහස ලැබුණ නිසා. අසීමානයෙන් සැම දෙනාටම ජීවත් වෙන්න ලැබුණා නිදහස රැකගෙන අනාගතයේ දිගු කාලයක් ඒ අභිමානය තියාගන්න, රැක ගන්න බුද්ධිමත්ව සහ වගකීමෙන් අප සැම දෙනා ක්‍රියා කළ යුතුයි. එසේ නොවුනහොත් එහි ප්රතිවිපාකය අප සැම දෙනාටම විඳින්නට සිදුවෙනවා. කෙසේ නමුත් අපේ රණ විරුවෝ ඇස් ඉස් මස් ලේ පුජා කර ලබා ගත් නිදහස පෙඩරල් රාජ්‍යයකට පාවා දුන්නොත් අප එදා මෙන් අදත් රට වෙනුවෙන් ඊට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. යෑයිද සුමනරතන හිමියෝ පවසා සිටියහ.
මඩකලපුව ඇතුළු නැගෙනහිර සිද්ධස්ථානයන් රැසක් වියරු කොටින් විනාශ කර ඇත. මඩකලපුවේ සිංහල ජනයා පන්නා දමා මංගලාරාමයත් මුළුමනින්ම වියරුකොටින් විනාශ කරන්නට වූහ. මෙලෙසින් නැවතත් සුමනරතන හිමියන් විසින් ගොඩ නැගුවේ ඒ අපේ උරුමයයි. එය එසේ නොවුනි නම් අදටද අභිමානයෙන් විරාජමාන වන මඩකලපුව දාගැබ් වහන්සේ ඇතුඵ මංගලාරාම පුද බිම බිමට සමතලා වී අහස උසට වෙනත් ගොඩනැඟිලිවලින් පිරී ගොස් මංගලාරාමය තිබූ තැනක්ද සොයා ගත නොහැකි වනු ඇත.
සුසන්ත අමරබන්දු
නත්ථි වෝ සරණං අඤ්ඤං සංඝෝ වෝ සරණං වරං – බොදු ජන පෙරමුණ මහා සංඝරත්නයේ සරණ මෙන් අන් සරණක් අප සැමට අද ඉතිරි වී නැත.
Posted ජූලි 16, 2015
on:රට එක්සේසත් කල මේ පින්බිමේ උදාරම නරපතියා වන දුටුගැමුණු මහ රජාණන් වහන්සේගේ ගේ අති සාර්ථක රාජ්‍ය පාලනයේ රහස වූයේ එතුමාගේ පුරෝහිත මණ්ඩලය සිසාරා වැඩහුන් අසේක වූ මහරහත් උතුමන්ය. ඡන්ද-ද්වේෂ-භය-මෝහ යන සතර අගතියෙන්ම පරතෙරට පත් මෙතෙක් දේශපාලනයේ යෙදුනු රට උලා කෑ සියළු ගිහි/පැවිදි පවිටුන් මෙන් නොව, අතට පත් නිවන පසෙක තබා කුළුදුලේ දේශපාලනයට වඩින ජාතික කැක්කුම ඇති බොදු ජන පෙරමුණ සම්මුති භික්ෂුවද දේශපාලන වශයෙන් අනාථ අසරණ බොදු අප හට මහා භාග්‍යයකි. රට දැය සමය රැකීමේ නාග රාජ සංකේතයෙන් අරාජික රටේ බොදු අප වෙනුවෙන් ඉදිරිපත් වන මේ උතුමන් සියල්ල ඉහළම ඡන්දයෙන් තෝරා ගනිමු. ඒ වෙනුවෙන් කැපවී සියල්ලන් දැනුවත් කරමු. ඉහලම පුටුවල වැජඹෙන නින්දිත දේශපාලුවන් නිවැරදි කර රට සුළු ජාතික අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට අපේ යුතුකම අඩු නැතිවම ඉටු කරමු.
බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ද මෙවර මහ මැතිවරණයට බොදු ජන පෙරමුණෙන් තරග වදින අතර උන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ 16 නමක් එම පෙරමුණෙන් පළමුවරට ඡන්ද සටනට පැමිණ සිටිති.
බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවෙන් හිමිවරුන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර කොළඹ කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන්ද කළුතර කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ ගම්පහ කණ්ඩායම් නායක ලෙස ඩිලන්ත විතානගේ මහතා නාමයෝජනා ලබාදී ඇත.
එම භික්ෂුන් වහන්සේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කළ බැඳිවැව දියසේන හිමියෝද වෙති.
නවතම ප්‍රතිචාර