Archive for දෙසැම්බර් 2010
පහත දැක්වෙන්නේ පූජනීය ස්වාමීන් වහන්සේ නමක් විසින් අප වෙත යොමු කරන ලද අට මහා කුසලයන්ගෙන් එකක් සිදු කර ගැනීම සඳහා මහඟු අවස්ථාවක් හා ආරාධනයකි. මුලින් සපයා ඇති ධර්ම පත්‍රිකාව අට මහා කුසල් යනු මොනවාදැයි විස්තර කරයි.
මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන,ශාසන සේවයකට දායක වන අතරම අති උතුම් නිර්වාණය පතමින් කුසල් රැස් කරගන්නා ලෙස අපි ඔබට ඇරයුම් කරමු.
ඉහත පිංකම් ආරාධනාව PDF ලෙස ලබා ගන්න, බෙදා හැර කුසල් රැස් කරගන්න.
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
kaayagathaasathi.mp3
මෙම ධර්ම දේශනයට අදාලව බෞද්ධයන් විසින් දැනගැනීමට ඉතා වටිනා, අප ශරීරයේ 42 ක් වූ සියලු ධාතු කොටස් සිංහල නම් හා විස්තර සහිතව වර්ණ නිරූපන මෙතැනින් බලා ගත හැක.
මෙම ස්වාමිපාදයාණන් වහන්සේ විසින්ම සම්පාදිත සතිපට්ඨාන ධාතු මනසිකාර භාවනා කමටහන් පොත් වහන්සේගේ පිටු සමූහය ඉදිරියේදී බලාපොරොත්තු වන්න.
බෞද්ධයන් වශයෙන් නිතර සලකන භාවනා කර්මස්තාන සතරක් තියෙනව සිව් බඹ විහරණ කියල…
ඒ කාරණා හතර ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ තරම් අංග සම්පූර්ණව භාවිත, බහුලීකෘත කල වෙන ශාස්තෲවරයෙක් ලෝක ධාතුවේ නෑ…
මෛත්‍රී, මුදිතා, කරුණා, උපේක්ෂා හතර තමයි සිව් බඹ විහරණ කියල හඳුන්වන්නෙ….
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!
මෙම කාරණා හතර ඤාණ වන්තයන් විසින් අනුගමනය කරනව, ඒනිසා උසස් බවටද පත්වෙනව, ප්රසංශාවටද ලක් වෙනව.
ඒ කාරණා හතර මනුෂ්‍ය ලොකයේ දක්නට නොලැබුනහොත්, දරුවන් නිසා මව් තුමියවත්, දරුවන් නිසා පිය තුමාවත් උපකාර අනුග්‍රහ නොලබන්නෝ වෙනව.
දරුවන් විසින් මව් පියන්ට කල යුතු සතර සංග්‍රහ වස්තුවක් තියෙනව, මව් පියන් විසින් දරුවන්ට කල යුතු සතර සංග්‍රහ වස්තුවකුත් තියෙනව…..
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, දරුවන්ගෙන් මෙලොව ජය ගනිත්වා! හෙළය බබලවන දරු පරපුරක් බිහි කරත්වා!
නවතම ප්‍රතිචාර