ධර්ම නිධාන

Archive for the ‘අභිසම්භිදාන පිරිත’ Category

සර්වඥ වූ, අමාමෑණී ලොව්තුරා බුදු පියාණන් වහන්සේ නොයෙක්වර සිය ශ්‍රී මුඛ දේශනා වලින්ම පෙන්වා දුන් සේ තාරකා වලට අප මත පෑ හැකි බලයක් ඇතැයි අප විශ්වාස කිරීම සම්බුද්ධ දේශණයට පිටුපෑමක් සේ අපි දකිමු. අප හට හානි කල හැකි යමක් ඇත්නම් එය ඇත්තේ අප තුලම පමණි. රෝගයකට, කුමණ හෝ දෝෂයක් යයි විශ්වාසකරන දෙයකට, අනතුරකට අප පත්වේනම් එය ඒකාන්තයෙන්ම, අතීත වර්ථමාන අනාගත කාල තුල අපගේ සිත කය වචනය යන තුන් දොර අප පවත්වාගන්නා ආකාරය මතම පමණක් රඳා පවතින බව තේරුම් ගත යුතුය. මේ අනුව නවග්‍රග දෝෂ, අපල යන ව්‍යවහාරික නම් වලින් හැඳින්වෙන සියල්ලේ සැබෑ අරුත අපගේම කර්මය මිස අන් යමක් නොවන බවද විචාර බුද්ධිය ඇති ඕනෑම අයෙක්ට තේරුම් යා යුතුය.

මිථ්‍යා දහම වෙළඳාම් කරමින් අඳුරේ ගල් ගසන සටකපට කපුවන්ගේ ගොදුරු බවට අධික මිළ ගෙවා උපාසකයන්/උපාසිකාවන් පත්වන්නේ මේවා සිහි නුවණින් තේරුම් කර නොගන්නා නිසාය. මෙය සඳහා ඔබ 10,000/= 15,000/= 20,000/= 60,000/= ආදී වශයෙන් කපුවාගේ ඒ මොහොතේ දිවගට එන අහඹු ගානක් ගෙවිය යුතු නොවේ. කෝටියක් ගෙවාවත් කරගත නොහැකි ප්‍රතිකර්ම තමාටම සදහම් බලයෙන් නොමිළේම කරගත හැක.

අපගේ උතුම්ම ලාභය වන නීරෝගී සම්පත අපට උදාකරගත හැක්කේ අපගේ කර්මයේ අඩුපාඩු ඇත්නම් ඒවාට ප්‍රතිකාර කර ගැනීමෙන් පමණි. යාග හෝම බලි තොවිල්, නක්ෂශ්ත්‍ර කිසිවක් නොව, ප්‍රයෝග සම්පත්තිය හෙවත් වැඩි වැඩියෙන් දස කුශල ධර්මයේ තුන් දොර යෙදවීමෙනි.

එවිට අපගේ දුෂ්ඨ විපාක ඇති පෙර කර්ම වල විපාක බලය කුසල කර්ම වල විපාක බලයෙන් අවම කර ගැනීමේ හැකියාව අපට ලැබේ. මේ අංශයෙන් නිවන් දොරටු සේ සැලකෙන ධර්ම සජ්ඣායනා හා ධර්ම ශ්‍රවණ දෙකටම අයත් පිරිත් ධර්මය භාවිතය තුලින් ඔබට ලබාගත හැකි පිහිට අනන්තය, අප්‍රමාණය.

අභිසම්භිදාන පිරිත අප දන්නා පිරිත් ධර්මය පත්‍රිකාවේ  පවා සඳහන් නොවන පසු කාලීනව සොයාගන්නා ලද පිරිතක් බව පැහැදිළිය. මෙහි විවිධාකාර සංස්කරණ අන්තර්ජාලයේ විසිරී ඇතත් වචනයෙන් වචනය හෙළ බසින් තේරුම් සහිතව පැහැදිළිකිරීමක්ද සොයා ගැනීමට නොමැත.

කෙසේ නමුත් වසර 2500ක් පුරා රැකුණු අපගේ දහමේ වටිනාකම වැඩිකල යමක් වේ නම් එය අප රැක ගැනීමේ වරදක් නැත. නීරෝගී සම්පත ලබා ගැනීමට සත්‍යක්‍රියා නිවැරදි විය යුතුය. ඒ අනුව බුදුසසුනේ තානාන්තර ලාභීත්වය  නිවැරදිව සඳහන් කරමින් අභිසම්භිදාන පිරිත සංස්කරණය කිරීමට අපට සිදුවිය. පහත සඳහන් වන්නේ එසේ අප දන්නා තරමින් නිවැරදි කල පිරිතයි. එයට පහත තානාන්තරලාභී බුද්ධ පුත්‍ර උත්තමයන්ගේ තානාන්තර ඇතුලත් කර ඇත.

ධාරණ-ස්මෘතීන්ගෙන්/වීර්‍යවතුන්ගෙන් අග්‍ර – ආනන්ද තෙරණුවෝ
මහා ප්‍රාඥයන්ගෙන් අග්‍ර සාරිපුත්ත තෙරණුවෝ, ඍධිමතුන්ගෙන් අග්‍ර මොග්ගල්ලාන තෙරණුවෝ,
නීරෝගීයන්ගෙන් අග්‍ර බක්කුල තෙරණුවෝ,
ලාභීන් අතරින් අග්‍ර සීවලී තෙරණුවෝ,
අධික ශ්‍රද්ධා ඇත්තවුන්ගෙන් අග්‍ර වක්කලී තෙරණුවෝ,
ඉංද්‍රිය සංවරයන්ගෙන් අග්‍ර නන්ද තෙරණුවෝ,
ශික්ෂාකාමීන්ගෙන් අග්‍ර රාහුල තෙරණුවෝ

මෙය සජ්ඣායනා කිරීමෙන් එම තානාන්තර මතක තබාගැනීමේ පහසුව සැලසෙනවා පමණක් නොව සත්‍යක්‍රියා නිවැරදි බැවින් නොවරදින ප්‍රතිඵලද අත්හදා බැලිය හැකි වෙනවා ඇත.

අපගේ සංස්කරණයම නොවුනත් අති රමණීය ලෙස මෙම පිරිත සජ්ඣායනා කරන අයුරු ඔබට පහතයොමුවෙන් ශ්‍රවනය කල හැක. එම උතුම් සවාමීන් වහන්සේට හා විකාශය කල ලක් හඬ නාලිකාවට අපගේ ගෞරවණීය නමස්කාර පූර්වක ප්‍රණාමය!

අභිසම්භිදාන පිරිත් සජ්ඣායනාව.

අපගේ ප්‍රාර්ථනාව නම් ශ්‍රී ලක් මාතාවගේ පාලනය මෙවකට අරක්ගත් කොටස් අපගේ මව් රට, ජාතිය හා ආගම, ඊළම් වාදයෙ/ ඉස්ලාම්කරණයෙ සිතැඟි පරිදි රාජ්‍ය පාලන අංශයෙන් මරණීය ලෙස රෝගී කරන කුමණ්ත්‍රණය මේ පිරිතේ බලයෙනුත් වහා දුරු වේවා යන්නයි! ඒ අනුව පිරිත ලක් මාතාවට සෙත් පතා මෙසේ ලිපියට අතුලත් කලෙමු. රට දැය සමයට හිතැති ඔබ රට වෙනුවෙන් මේ ආකාරයෙන් හිතින් සජ්ඣායනා කරන්න.

  1. නමෝ අභිසම්භිදානේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ:
  2. නමෝ සම්මා සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ:
  3. නමෝ පච්චේක සම්බුද්ධේ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ:
  4. නමෝ ආනන්ද මහා ථෙරෝ මහා ධාරණෝ මහා වීරෝ, යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ:
  5. නමෝ සාරිපුත්ත මොග්ගල්ලානේ මහා ප්‍රාඥෝ, මහා ඍධිමතෝ, යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ:
  6. නමෝ බක්කුල මහා ථෙරෝ මහා නීරෝගෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ:
  7. නමෝ සීවලී මහා ථෙරෝ මහා ලාභී යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ:
  8. නමෝ වක්කලී මහා ථෙරෝ මහා ශ්‍රද්ධා යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ:
  9. නමෝ නන්ද මහා ථෙරෝ මහා ඉංද්‍රිය සංවරෝ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ:
  10. නමෝ රාහුල මහා ථෙරෝ මහා ශික්ෂාකාමී යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ:
  11. නමෝ සප්තතිංස බෝධි පක්ඛියා ධම්මා, චත්තාරෝ සතිපට්ඨානා, චත්තාරෝ ඉද්ධි පාදා, චත්තාරෝ සම්මප්පදානා, චත්තාරි අරිය සච්චානි, පංචීන්ද්‍රියානි / පංචබලානි, සප්ත බොජ්ජංගානි, අරිය අට්ඨංගිකෝ මග්ගො බුද්ධ මන්තංච මන්තං, ධම්ම මන්තංච මන්තං, සංඝ මන්තංච මන්තං,
  • ශ්‍රී ලංකා මාතා නාමිකාය

සබ්බ රෝග/සබ්බ දෝෂ/සබ්බන්තරායා විනස්සන්තු යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේස්වාහ:

එතෙන සච්ච වච්චෙන සොත්ති තේ හෝතු සබ්බදා!

එතෙන සච්ච වච්චෙන සොත්ති තේ හෝතු සබ්බදා!

එතෙන සච්ච වච්චෙන සොත්ති තේ හෝතු සබ්බදා!

කෙසේ නමුත් අපගේ පිරිත් පිටුවේ ඇති පත්‍රිකාව ඕනෑම අයෙකුට භාවිතාකල හැකි වනසේ අතුලත් කලෙමු.

ලක් මව සම්බන්ධයෙන් පූජණීය ආචාර්ය මැදගොඩ අභය තිස්‌ස හිමි දකිනා ඒ කණගාටුදායක සත්‍ය කියවන්න මේ ප්‍රවෘත්තිය තුලින්:

ජනවරමක්‌ නැති කොටස්‌ ඒකරාශී වී සියලු දේ අහිමි කර
රට දෙකඩ කිරීමේ කරුණු සම්පාදනය කරමින් සිටිනවා

පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්‌ථානාධිපති ආචාර්ය මැදගොඩ අභය තිස්‌ස හිමි

බොරලැස්‌ගමුව – ඥානතිස්‌ස ජයවර්ධන

අපේ රටේ සමහර ජාතික බලවේගවල සෘජු හා වක්‍ර සම්බන්ධතා ඇතිව සුළු ජාතීන් ප්‍රකෝපකර ඔවුන්ට වෙනම රාජ්‍යයක්‌ නිර්මාණය කර දීමට විජාතික ඔත්තු සේවා ක්‍රියාකරන බවත් නියමිත ජනවරමක්‌ නැති කොටස්‌ ඒකරාශී වී ජාතික වටිනාකමක්‌ ඇති සියලු දේ අහිමිකර රට දෙකඩ කිරීමේ කරුණු සම්පාදනය කරමින් සිටින බවත් පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙන් විහාරස්‌ථානාධිපති ආචාර්ය මැදගොඩ අභය තිස්‌ස හිමියෝ පැවසූහ.

වර්තමානයේ පවතින අවිනිශ්චිත දේශපාලන තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා ඉකුත් 31 වැනිදා එම විහාරස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී උන්වහන්සේ මේ බව අනාවරණය කළේය.

එහිදී උන්වහන්සේ මෙසේද සඳහන් කළහ.

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම උතුරේ අධි ආරක්‌ෂිත කලාප හා ජාතික වීර ස්‌මාරක ඉවත් කිරීම ජනතාව නොඉල්ලූ ව්‍යවස්‌ථා සංශෝධනය යනාදී ඉල්ලීම්වලින් පැහැදිලි වන්නේ බෙදීමක්‌ අපේක්‌ෂා කරන බවයි.

මේ වන විට සුළු ජන කොටසක්‌ තේරුම් ගෙන තිබෙනවා තම බෙදුම්වාදී අදහස්‌ ඉටුකරගන්නා හොඳම වෙලාව මෙය තමයි කියලා. ඒ නිසා ඒ අය සැඟවුණු ක්‍රමවලින් මේ බෙදුම්වාදයට ප්‍රවිෂ්ට වී තිබෙනවා.

1948 සිට පැවති සියලු ආණ්‌ඩු දෙමළ ජනතාවට හිරිහැර කළාකීම බරපතළ කාරණයක්‌, අපි දෙමළ ජනතාවට හිරිහැර කළා නම් ඔවුන් කොළඹ ජීවත් වුණේ ඉගෙන ගත්තේ රැකියා කළේ කොහොමද? ඒ අය දැන් උතුරට ගිහිල්ලා බෙදුම්වාදයට අවශ්‍ය කරුණු කාරණා සකස්‌ කරමින් සිටිනවා.

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට ඉඩ දුන්නොත් ඊට පස්‌සේ ජාතික කොඩියත් වෙනස්‌ කරාවි. සාම්පූර් හමුදා කඳවුර ඉවත් කළොත් පලාලි ගුවන් පථය සිවිල් ගුවන් පථයක්‌ බවට පත් කළොත් එය ආරක්‌ෂාවට තර්ජනයක්‌, ගාමිණී කුලරත්න හසලක වීරයාගේ ස්‌මාරකය ඉවත් කරන්න භික්‌ෂුන් වහන්සේ නමක්‌ වුවත් කියනවා නම් එය කොටින්ගේ වුවමනාවන් පිරිමැසීමක්‌, අපේ රටේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්න හදිසි ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ ඇවිත් තිබෙනවා. ඉන් පහර වදින්නේ මේ රටේ පරමාධිපත්‍යයටයි. ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ අවශ්‍ය නම් එය අනුමත කළ යුත්තේ ජනමත විචාරණයක්‌ තුළිනුයි. ධීවර සමාගම් එකතුවෙලා මුහුද බෙදාගන්න යන බවත් කියනවා. මෙම කරුණු මෝදිගේ කතාව අනුව රට බෙදීමේ අදහසක්‌ තිබෙන බව පැහැදිලිවම පෙනෙනවා.

ඒවාට අනුබල දෙන මොල්ලිගොඩ එක්‌නැලිගොඩ පරපුරේ අය කරන පාවාදීම් හරහා 1915 අපේ රටට වෙච්ච නස්‌පැත්තිය ඉදිරියටත් වෙන්න පුළුවන්.

උතුරු නැගෙනහිරට අවශ්‍ය පාසල් අධිවේගී මාර්ග හැදෙන විට උසස්‌ පෙළ වැඩිම ලකුණු යාපනේ ළමයි ගන්න කොට ඒවා හරියට ලෝකෙට වාර්තා කළේ නැහැ. ඒ වෙනුවට අපේ අය වෙන වෙන විකාර දේවල් කර කර හිටපු නිසා හොරුන්ගේ වංචාකාරයන්ගේ අදහස්‌වලට ඉඩ ලැබුණා. එයින් සිද්ධ වුණේ අපේ රට බෙදුම්වාදයට තල්ලු වීමයි. ඒ නිසා එදා මහ සඟරුවන රටට එරෙහිව බලවේගවලදී ජනතාව දැනුම් වත් කළ ආකාරයටම වර්තමානයේදී නිවැරදි අවබෝධයක්‌ ලබා දෙන්න අපි තීරණය කළා.

අස්‌ගිරි පාර්ශ්වයේ සංඝ සභික මැදගම ධම්මානන්ද හිමි, මහාචාර්ය මාගම්මන පඤ්Æනන්ද හිමි, දොඩම්පහල රාහුල හිමි, මහාචාර්ය ඉඳුරාගල්ලේ ධම්මරතන හිමි, මහාචාර්ය මල්වානේ චන්ද්‍රරතන හිමි, ශාස්‌ත්‍රපති ගොම්බද්දල දමිත හිමි, සහ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතාද මෙහිදී අදහස්‌ දැක්‌වූහ.

http://www.divaina.com/2015/04/04/news38.html

කුරගලදී අසරණ වූ හෙළ බොදුනුවා අපට පෙන්වා දෙන්නේ මේ යථාර්ථයම නොවේද?

කූරගල ගිය සිහළ රාවයට ජල ප්‍රහාර

චමින්ද සිල්වා

පොලිස්‌ අණ නොතකා කූරගල ඓතිහාසික භූමියට ඇතුළුවීමට උත්සාහ කිරීම නිසා සිහළ රාවය සංවිධානයට ජල ප්‍රහාරයක්‌ එල්ල කර විසුරුවා හැරීමට පොලිසිය පෙරේදා (04 වැනිදා) පියවර ගෙන ඇත.

කූරගල ඓතිහාසික භූමියේ ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කරන ලෙස බලකරමින් පෙරේදා පෙරවරුවේ සිට කූරගලට ගමන් ගන්නා මාර්ගය හරස්‌ කරමින් සිහළ රාවය සංවිධානයේ නායක අක්‌මීමන දයාරතන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ දෙසීයක පමණ ගිහි පිරිසක්‌ එක්‌ව විරෝධතාවක නිරත වී ඇත.

ඉන් අනතුරුව උද්ඝෝෂණයේ නිරත පිරිස කූරගල ඓතිහාසික භූමියට යකඩ උල්, උදලු ආදිය රැගෙන ඇතුළුවීමට උත්සාහ කළ අවස්‌ථාවේ කල්තොට පොලිසිය බලංගොඩ අධිකරණයෙන් ලබාගත් නියෝගයක්‌ පෙන්වමින් එහි ඇතුළු නොවන ලෙස කළ ඉල්ලීම ඉවත දමා ඔවුන් ඇතුළුවීමට උත්සාහ දරා ඇත. මේ නිසා ජල ප්‍රහාර එල්ල කර ඔවුන් විසුරුවාහැරිය බව උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ “දිවයින” ට පැවසීය.

සිද්ධියෙන් කිසිවකුටත් තුවාල සිදු වී හෝ අත්අඩංගුවට ගැනීමක්‌ සිදු නොවූ බව ද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

http://www.divaina.com/2015/04/06/news02.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ