ධර්ම නිධාන

Archive for the ‘නිරූපන’ Category

කවි නිර්මාණයක උසස් බව එහි පේලියෙන් පේලිය අගට එකම වචනය එන පරිදි නිමැවීමෙන් හා අරුත්බර වීමෙන් සම්පූර්ණ වේ. කවිය අලංකාර කරන එයට එළිවැට කියා කියයි. කවි නිර්මාණ කරුවාට මෙය ඉතා ඉහල අභියෝගයකි. බලන්න රත්නමාළී ගාථා තුන. එහි පේළියේ අග පමණක් නොව මුළට පවා එළිවැට පිහිටා ඇත.

Expalin0
මෙය පෘතග්ජන කවි නිර්මාන කරුවෙකුට නම් කිසිසේත් ලඟා විය නොහැකි ඉලක්කයක් බව එම එළිවැට දෙකත් සමඟ පවා ඉතා උතුම් අරුතක් එයට තිබීමෙන් සිතා ගත හැක. සිංහල තේරුම තුලින් එහි අරුතේ උතුම් බව පැහැදිළි වේ.

gaathaa with meaning
එයින් නොනැවතී චිත්‍ර කලාව හා කවිය සංකලනය කර ඇති අයුරු විශ්මය ජනක නොවේද? රමණීය රතු බෝල නෙළුම් මලක පෙති මත මනහර රටාවකට අක්ෂර පිහිටන සේ රත්නත්‍ර වන්දනා ගාථා තුන අනන්ත ලෙස ඇතුලත් කර ඇත්තේ කවියේ සෑම පේලියක්ම් මලේ මැදින් පටන්ගෙන, පළමු පෙති වලල්ල පසුකරන් , අවසන් පෙත්ත වටේ ගොස්, මැදි පෙති නැවතත් විරුද්ධ අතට පසුකරන්  මැදට පැමිණෙන විට සම්පූර්ණ වන සේය. පහත නිල් හී සලකුණ මෙය නිරූපනය කරයි.
Expalin2

මැද පෙති වලල්ලේ අක්ෂර ඉදිරියට හා පසුපසට යන දිශා දෙකටම වෙනස් අරුත් ඇති වචන සාදන අන්දම සිතා ගැනීමටවත් නොහැකි දස්කමකි. පහත නිරූපණයේ ඉහත අක්ෂර දෙකද අතුළුව එසේ ඉදිරි හා පසුපස දිශාවන්ට අක්ෂර භාවිතා වී ඇති අන්දම වෙනස් වර්ණයන්ගෙන් ඉදිරිපත් කර ඇත.
Expalin3

කවි පේළියේ දෙවරක් යෙදෙන එළිවැට රූපය තුල එක් වරක් පමණක් සිටින සේ යොදා ඇත්තේ නිර්මාණයේ ඔපය ඉහලම තත්වයට ඔසවමිනි. සකල කලා වල්ලභ ආර්‍ය උත්තමයන් වහන්සේ නමක් මෙය නිමවන්නට ඇතැයි සිතිය හැක්කේ මේ නිසාය. අනුරපුර යුගයේ ගැමි කතකට මිරිස් වේලීමට නොහැකි තරම් හෙවනැලි වැටෙන සේ රහතන් වහන්සේ අහසින් වැඩි බව සත්‍යයකි. දන්නෝ බුදුන්ගේ ගීතය මෙය ඉතා අලංකාරව ඉදිරිපත් කරයි. මෙසේ සිරිලක හිඟ නොවූ උතුම් රහතන් වහන්සේ නමක් මෙම අසමසම කලා නිර්මාණය කලා වන්නට පුළුවන.

Video

ඔබගේ නිවසේ, ජංගම දුරකථනයේ, රථයේ, ව්‍යාපාරික ස්ථානයේ වාදනය කිරීමට වඩා සුමිහිරි ගායනාවක් ලෙස පහත යොමුවලින් ලබාගෙන උපරිම ඵල ලබන්න. බෙදා හැර කුසල් රැස් කර ගන්න.
.MP3 Fromat (3.65MB)

සුමිහිරි රත්නමලා ගාථා  සජ්ඣායනා.MP3
.Wav Format (87.59MB)

සුමිහිරි රත්නමලා ගාථා සජ්ඣායනා.Wav

 

මුද්‍රණය කර බෙදා හැර කුසල් රැස් කර ගැනීමට රත්නමාලී යන්ත්‍ර රාජයා

පෝස්ටර් ප්‍රමාණය තෙක් විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

පෝස්ටර් ප්‍රමාණය තෙක් විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න

පස් පවින් වැළකි පිරිසිදු වී උදේ සවස බුදුන් වැඳීමෙන් පසුව රත්නමලා ගාථා හත් වර බැගින් සජ්ඣායනා කරන්න. මෙයින් සෙත සැලසෙන්නේ කිසිදු නොදන්නා බලයකින් නොවේ. මේ ගාථා හරහා ඔබ වන්දනාවට ලක් කරන රත්නත්‍රයේ සූවිසි මහා ගුණ බලයෙනි. එම බලයෙන් ඔබට මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපද්‍රවයන්ද ඉවත් වී මෙලොව ජිවිතය නිරෝගීව වාසනාවන්තව ගතකිරීමට ඉඩ සැලසේ. තවද වන්දනාව/ධර්ම දානය තුලින් ඔබ රැස් කරන සියළු සම්පත් ලබාදෙන්නා වූ කුසල් බලයෙන් ඔබට, ඔබේ පවුලට, නිවසට, ව්‍යාපාරයට කර්මාන්තශාලාවට ඒකාන්ත දියුණුව හා ආරක්ෂාව සැලසේ.

සත් සතිය බොදු දරුවන් විසින් හොඳින් මතකයේ තබා ගත යුතු බුද්ධ චරිතයේ වැදගත්ම කොටසකි. අති පූජණීය තිලිකඩ ධම්මිස්සර හිමිපාණන් ගේ සුමිහිරි සජ්ඣායනාවක් ලෙස සපයා ඇති මෙම පාලි ගාථා රත්නය, සත් සතිය ඉතා කෙටියෙන් හා පහසුවෙන් මතකයේ රඳවා ගැනීමට උපකාරී  වේ. තේරුමට සරිලන සේ නිරූපන පෙළ ගස්සවා ඇත. අපගේ බුද්ධ චරිත නිරූපන මාලාවේ පස් වන කොටස යටතේ සවිස්තරව සත් සතිය ඉදිරිපත් කලෙමු. එය කියවා ශ්‍රද්ධාව වඩාගැනීම කාටත් උතුම් කුසලයකි. මෙම ගාථා ශ්‍රවණය හා පුහුණුව, කරන කාහට වුවත් උතුම් කුසල් පුරා ගැනීමට හේතු වනවා ඇත.

sath sathi thumb

Sath Sathi Vandhanaa Gaathaa

කොසොල් රජු දුටු සිහින 16

විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න

kosol heena thumb


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ