Archive for පෙබරවාරි 2011
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
පසුගිය කාලෙ..දැනට වසර ගනනාවකට පෙර…. දනව්කන්ද වස් පින්කමට පැමිණි වෙලාවෙ තරුණ මහත්තයෙක් ආව ඉගෙන ගන්න. කොළඹ විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න මහත්තයෙක්. මේ දරුව මට විවේක වෙලාවෙ ඇවිල්ල වැඳල කිව්වා “ස්වාමීනි මම ඉගෙන ගන්න ශිෂ්‍යයෙක්, ස්වාමීනි මම මේ ආවෙ මෛත්‍රී භාවනාව ගැන තව ටිකක් කරුණු ඉගෙන ගන්න. මම මෛත්‍රී භාවනාව ස්වල්ප වශයෙන් වඩනව, ඒක මේ කොළඹ ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් අහගෙන කරන්නෙ. ස්වාමීනි මම මෛත්‍රී වඩන්න ඉස්සර කාලේ මගෙ ශරීරය දුර්වර්ණයි, අප්‍රසන්නයි, දකින්නන්ට අප්‍රසන්නයි.
ස්වාමීනී මම මෛත්‍රී වැඩීම නිසා මගේ දැන් ශරීරය ඉස්සරට වඩා පාටයි. ස්වාමීනී මුල් කාලයේ මගේ දෙමව්පියෝ මාව ගනන් ගන් නෑ, මා බොහෝම අහක දාපු පුතෙක් හැටියටයි හිටියෙ. දැන් මගේ දෙමව්පියෝ මට හරීම ප්‍රියයි මනාපයි. බොහෝම කරුණාවෙන් මට උපකාර වෙනව. මගේ ගුරුවරු, ඒ වගේම මගේ සහෝදර ශිෂ්‍ය පිරිස කවදාවත් මීට ඉස්සර මං ගැන අනුකම්පාවක් නෑ. නමුත් දැන් හැම දෙනාම මං ගැන අනුකම්පාවෙන් මාගේ කටයුතු දියුණුවට අත දෙනව. අනේ ස්වාමීනී මට ඕනෑ මේ මෛත්‍රීය තව දියුණු කරගෙන මීටත් වඩා අනුසස් විඳින්න….”
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…හැකි තරම් බෙදා හරින්න
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!
මෙම පූජනීය ස්වාමීන් වහන්සේගේම මෙම දේශනයද ඇතුළු තවත් මෛත්‍රී භාවනා උපදෙස්, කමටහන් දේශනා රාශියක් මෙතැනින් බාගත කර ගත හැක
පහත ධර්ම පත්‍රිකාව, එකොළොස් මෙත්තානිසංස සැකෙවින් දක්වයි. හැකි තරම් බෙදා හැර නිවන් පතා කුසල් රැස් කර ගන්න.
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
රහතන් වහන්සේ අහසේ වැඩ ඉඳගෙනයි කමටහන් දෙන්නෙ, ඉතින් මේ ආජීවක තුමා අහුවා, “ස්වාමීනී මේ සත්තු මොන සත්තුද මම දැකල නෑ සමහර සත්තු” ඉතින් මේ රහතන් වහන්සේ පෙර ජාතිය ගැනත් සොයා බලා මොහු දාර පිඹුරා කාලෙ ඇසූ බණ පදයක් ඉදිරිපත් කලා. “ඇවැත්නී ඔය තමයි පංචස්කන්ධය කියන්නෙ, ඔය තමයි දොලොස් ආයතන කියන්නෙ, ඔය තමයි අටලොස් ධාතු කියන්නෙ, ඔය තමයි ද්වාදශාංග පටිච්ච සමුප්පාද කියන්නෙ”. ….මේ කියනකොට මේ මනුෂ්‍යයාගේ අර පූර්ව චරිතය අනුව දහම් පද සිහි වුනා, එහේම වාඩි වෙලා කිව්වා, “අනේ ස්වාමීනී මට දැන් තේරුනා, ස්වාමීනී මං මහණ කර ගනු මැනව, මට භාවනා කමටහන් දෙනු මැනව”කියල. ඒ මොහොතේ මහණ වුනා, ඒ මොහොතේ භාවනාවක් ලබා ගෙන ගහක් මුලට ගිහිං වාඩි වුනා. පුදුමෙයි කියන්නේ, එදා දාර පිඹුරා වෙලා ඇසූ, දහම් පද කෙරේ චිත්ත ප්‍රසාදයෙන් පසුව ඇති කර ගත් ඥාන සම්ප්‍රයුක්ත ( ත්‍රිහේතුක ) ප්‍රතිසන්ධිය නිසා, එකම ආසනයේදී, ත්‍රී විද්‍යා, සත් අභිඤ්ඤා, සිව් පිළිසිඹියා ඥාන සහිතව ( සියළු යට මාර්ග ඵල අනුපිළිවෙලින් පසුකරමින් ගොස්) අරහත්වය ශාක්ෂාත් කලා
ආශ්චර්යයි නේද?..ඒ නිසා අපි සෑම දෙනාම, ලොකු කුඩා සියළුම දෙනෙකුට, මේ අභිධර්මය පිළිබඳ පුලුවන් තරම් දැනුම ලබා දීම වැදගත්. සෑම ගෙදරකම අභිධර්මය විනාඩි 15 හරි කථා කරන්ඩ පුරුදු වෙන්නට ඕනෙ.
බුරුම රටේ නම් කුඩා දරුවෝ පවා අභිධර්මය පිළිබඳව දැනුම තේරුම ඇති කරගෙනයි යන්නෙ. භික්ෂූන් වහන්සේලා ඒ රටේ අභිධර්ම පිටකයම කටපාඩම් කරනව……….අපි පහුගිය කාලේ 1991, බුරුම රටේ වන්දනාවකට ගියා, ඒ වෙලාවේදී අපි එන්ඩ කිට්ටුව, “මන්ඩලේ” නුවර මහා විශුද්ධාරාම වාසී, ගරු කටයුතු “අග්ගී” කියන ස්වාමීන් වහන්සේ අපිව යොමු කලා සැදැහැවත් බෞද්ධ ගෙදරකට. ඒ ඇත්තන්ට පිරිත් අහන්ඩ ඕනෙ සිංහල හාමුදුරුවන් ගෙන් කියල. ඉතින් අපේ සිංහල ස්වාමීන් වහන්සේලා 4 නමකුයි, අපේ සියාඩෝ ස්වාමීන් වහන්සේයි පස් නම වඩම්ම ගෙන, කළින් සූදානම් කරගත් මල් පූජාවක් කලා. ඊලඟට අපි නිවසට වඩම්මලා අපිට ආසන පනවලා අනික් පිරිස ඔක්කොම බිම වාඩි වුනා. ඉතින් පැයක පිරිත් දේශනයක් පැවැත්වුවා
ඔය අතරේ මව් කෙනෙක් වයස අවුරුදු තුනේ, හතරේ , පහේ කුඩා දරුවෝ දහ පාළොස් දෙනෙක් ඉස්සරහ ගෙනල්ල වාඩි කොරෝල වැන්දෙව්වා. ඔවුන්ට වැඳීමේ වාක්‍ය කියන්න කිව්වා…ලස්සනට කිව්ව. ඊ ලඟට ඒ අම්ම කිව්ව එක දරුවෙකුට “දරුව පට්ඨානය කියන්න” කියල. මේ වයස තුනක තරම් කුඩා දරුවෙක්, අපි මේ ආගන්තුක සංඝයා කියල කිසීම වෙනසක් නෑ, බොහෝම ලස්සනට සන්සුන්ව වැඳගෙන “හේතු පෙස්සියෝ, ආරම්මණ පෙස්සියෝ කිය කිය කියන්න පටන් ගත්තා විසි හතරම. මං හොඳට කන් දිහාන හිටියෙ එක අකුරක් හරි එක වචනයක් හරි මාරු වෙයිද කියල. මොනවක්වත් නෑ බොහෝම ලස්සනට කිව්වා…
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න…
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද මෙම කාලීන ධර්ම දේශනාවට සියල්ලෝ සවන් දෙත්වා! අසා පිලිපැද, මෙලොව පරලොව දෙකම ජය ගනිත්වා! අති උතුම් නිර්වාන සැප පිණිස උපකාරී කර ගනිත්වා!
මෙම පූජනීය ස්වාමීන් වහන්සේගේම අභිධර්ම දේශනා රාශියක් මෙතැනින් බාගත කර ගත හැක
බෞද්ධයන් විසින් දැනගැනීමට ඉතා වටිනා, අනන්ත විශ්වයම අතැඹුලක් සේ දැනගන්න – ලොවේ එකම ඉගැන්වීම – අභිධර්මය ඉතා රසවත් ආකාරයන්ගෙන්, වර්ණ නිරූපන ආකාරයට සකසා. මොළයේ ධාරණ ශක්තියට උපකාරී වනසේ සියළු පාඩම් රූපානුසාරයෙන් ඉදිරිපත් කිරීමට අපි නව පිටුවක් ඇරඹුවෙමු. අභිධර්මයට පමණක් නොව ශ්‍රි ලාංකික බුද්ධ සාශනයටම කණ කොකා හඬන මේ කාලයේ, සාශනයේත්, ධර්මයේත් චිර පැවැත්ම උදෙසා ඔබගේ මෙහෙය ඉටු කරන්න. ශක්ති පමණින් මෙම දුර්ලභ නිරූපන සියල්ල වර්ණ මුද්‍රණය කර ඔබ යන එන පන්සලට, පිරිවෙනට, දහම් පාසලට, එක කට්ටලය බැගින්, සියල්ලන්ට පෙනෙන ස්ථානයක් තෝරා ප්‍රදර්ශනය කරවන්න. සැදැහැවත් ඔබ සමූහයක් එක්වී හෝ මෙම පුණ්‍ය කර්මය සිදු කර ගන්න. ඔබ පූජනීය ස්වාමීන් වහන්සේ නමක් නම් දායකයන් උනන්දු කරවා මෙය සිදු කර ගන්න. මේවා බැලීමෙන් අභිධර්මය ඉගෙනීමට උනන්දු වන සැදැහැවතුන් විසින් අපිට ශාසන ආරක්ෂාව සලසා ගැනීමට අවැසි පිරිස් බලය, ඥාන බලය ගොඩ නැගෙනු ඇත.
මාර්ගය හෙළි කර දුන් ඔබටත්, ඉගෙනගත් එම සැදැහැවතුන්ටත්, නිසැකවම, අනන්ත ලෙස ප්‍රනීත වූද, ශාන්ත වූද, ගෙවී අවසන් නොවන්නා වූද නිර්වාන ධාතුව සුවසේ ලඟා වේවි.
- In: තිසරණය | පින්කම්
- 10 Comments
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
කලින් ලිපියේදී ලොව්තුරා බුදු පියාණන් වහන්සේ කෙරේ ඔබගේ ශ්‍රද්ධාව දියුණු කර ගැනීම පිණිස නමස්කාරය ඉදිරිපත් කලෙමු. අන්‍යාගම් හා බුද්ධාගම අතර ඇති අහසට පොළොව මෙන් වෙනස් කම් වලින් ප්‍රධානම වෙනස් කමක් නම් යමෙක් හුදෙක් බෞද්ධ දෙමව්පියන්ට දාව උපන් පමණින්ම බෞද්ධයෙක් නොවීමයි. එබැවින් මෙම පියවර අතිශයින්ම වැදගත් පියවරක් ලෙස පිළිගත යුතුය. සෑම දිනයකම ආරම්භයේදී යමෙක්ට තමා බෞද්ධයෙක්ද නැතිද යන බව සහතික විය හැක්කේ මෙම පියවර අනුගමනය කරනවාද නැද්ද යන්න මතයි.
අසම සම බලයෙන් යුතු රත්නත්‍රය සත්වයන්ට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම රත්නත්‍රය උතුම් පිහිටක් යැයි පිළි නොගනිති, රත්නත්‍රය සරණ නොයති, බුද්ධ රත්නයේ ශ්‍රාවකයෝ නොවෙති, ධර්මයට අනුව නොපිළිපදිති, සංඝ රත්නයේ ශ්‍රාවකයෝ නොවෙති. මෙසේ වීමට හේතු වන්නේ ඔවුන්ගේ සිත් මිථ්‍යාදෘෂ්ටි පටලයෙන් වැසී යාම නිසයි. එවිට ඔවුන්ගේ අවාසනාව ඉස්මතු වේ, රත්නත්‍රය සුළු කොට තකයි. නා නා ප්‍රකාර මිථ්‍යාදෘෂ්ටීන් හිස් මුදුනින් පිළිගනී. සත්‍ය ලෙස කිසිම උපකාරයක් ප්‍රධානය කිරීමට නොහැකි මනකල්පිත (එනම් සර්ව බලධාරී ඕනෑම දෙවියෙක්) හෝ විසිය හැකි දෙවි වරුන් (ශක්‍ර දෙවි, මහා බ්‍රහ්ම ආදී සුගති ලෝක වාසීන්) ගේ පිහිට සොයයි. දෝරේ ගලන තණ්හාවෙන් අන්ධ වී සරුව පිත්තල ප්ලස්ටික් කැබලි, සත්ව, වාමන රූප, (Feng Shui) හා ඒවා විකුණන වංචනිකයන්ගේ ගොදුරු බවට පත්වේ. නා නා ප්‍රකාර විෂ්ව ශක්ති දේවාල, වංචනිකයන්, කාමුකයන්, සාස්තර, ගුරුකම්, මලයාලි ගුරුකම්, බලි තොවිල්, යාග හෝම, වශී, විශ්වාස කරයි. කිසිම තේරුමක් නැති සායි බාබා වැන්නවුන් අදහයි. මෙකල තමා බුදු වූවේ යැයි කියන කෝළම් කාරයන් පිළිගන්නා තත්වයට වැටේ.
සමාජය වේගයෙන් පරිහානියට යාමේ හේතුවෙන්, භික්ෂු සමාජය තුලද පූජාවන්ට ගෞරවයන්ට නුසුදුසු භික්ෂූන් වහන්සේලා බිහිවෙමින් පවතී. මේ යටතේ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක.
එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත, 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි.
ඒ අනුව සර්වාගම් වංචාවෙන් ධර්මය, සම්බුද්ධ සාශනය නැසීමට උත්සාහ කරන, එතුලින් ගිහියන්ට මුළු සසර පුරාම අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට මුළු සසර පුරාම අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ උත්තරීතර ස්ථානය ලාබ ප්‍රයෝජන තකා මිසදිටුවන්ට විකුණා දමන යම් භික්ෂුවක් හෝ භික්ෂු සමූහයක් සිටීද ඔවුන්වද ඉහත ආකාරයෙන් වර්ජනය කළ යුතු (අප්‍රසාදය දැක්විය යුතු ) වන්නේය.
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද සපයා ඇති ධර්ම දේශනාව හි අඩංගු කරුණු කීපයක් පහත දැක්වේ
අංගුත්තර නිකායේ, චතුස්ස නිපාතයේ යමෙක් චිත්ත ප්‍රසාදය ඇති කරගත යුතු අග්‍ර වස්තු හතරක් බුදු පියාණන් විසින් දේශනා කොට වදාලා.
1. ලොව වසන තාක් සියලු සත්ව ප්‍රජාවගෙන් සම්මා සම්බුදුන් වහන්සේ අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.
2. ලොව යම්තාක් ධර්ම ඇතොත් ඉන් විරාග නිරෝධ සංඛ්‍යාත නිර්වානයම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.
3. ලොව යම්තාක් සමූහ සංඝ ඇතොත්, ඉන් තථාගත ශ්‍රාවක ආර්ය සංඝයාම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.
4. ලොව යම්තාක් ප්‍රතිපදා ඇතොත් ඉන් තථාගතයන් වහන්සේ දේශනා කල ආර්ය අෂ්ටාංගික මාර්ගයම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.
සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න..
ඉහත සඳන් වූ ලෙස යමෙක් රත්නත්‍රය උතුම් පිහිටක් යැයි පිළි ගනියි ද, රත්නත්‍රය සරණ යයි ද, බුද්ධ රත්නයේ ශ්‍රාවක වෙයි ද, ධර්මයට අනුව පිළි පදියි ද, සංඝ රත්නයේ ශ්‍රාවක වෙයි ද ඒ තැනැත්තාට පමණක් උපාසක යන නම යෙදේ. බෞද්ධයා යනුද ඔහුට නමකි. මේ අනුව අද දින වෙසෙන අපි බහුතරයක් බෞද්ධයන් දැයි අපි අපිම විමසා බැලිය යුත්තක් නොවේද?
සරණ ගමනයේ විවිධ ප්‍රභේද ගණනාවක් ඉහත පොතේම පිටු අංක 28 සිට 30 දක්වා ඉතා සරලව විස්තර කර ඇත. උනන්දු වන්නෝ කියවා බලත්වා!
දැන් අපි නිවැරදිව, ඉහත කාරණා සියල්ල සම්පූර්ණ වන සේ තිසරණය යා හැකි ක්‍රමයක් ඇත්දැයි බලමු. අපි දකින ආකාරයට නම්, මුලින් සිංහල තේරුම එක් එක් සරණ ගමනය වෙනුවෙන් කියා ඉහත වැදගත් කරුණු සියල්ල තමාට මව් බසින් සපථ කර ගත යුතුයි. ඉන් පසු සුපුරුදු පාලි වාක්‍ය කියා සම්පූර්ණ කිරීම කල හැක. පහත සිංහල තේරුම් හොඳින් මතකයට ගන්න. බලාගෙන කියා හෝ මතක සිටින තෙක් පුරුදු වීමෙන් ඉතා උසස් ශ්‍රද්ධාවක් ගොඩ නැගේ.
1. බුදුන් සරණ යෑම ( සිංහල )
දත යුතු සියළු ධර්මයන් අවබෝධ කලාවූද, අනුනටද එය අවබෝධ කරවන්නා වූද, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ,
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි!
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ඒ බැව් පිළිගන්නා සේක්වා!
දෙවනුවද තුන්වනුවද, උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි ! ශ්‍රාවකයෙක් වෙමි!, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ඒ බැව් පිළිගන්නා සේක්වා!
2. දහම් සරණ යෑම ( සිංහල )
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින්, අවබෝධ කොට වදාලා වූද, සපරියාප්තික (පිළිපැදිය යුතු ) වූද, නවලෝකෝත්තර ( නව ආකාරයකින් නිවන් සළසා දෙන්නා ) වූද, ශ්‍රී සද්ධර්ම රත්නය,
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ ශ්‍රී සද්ධර්ම රත්නය ට අනුව හැසිරෙන්නෙක් වෙමි!
දෙවනුවද තුන්වනුවද, උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි ! ශ්‍රී සද්ධර්ම රත්නය ට අනුව හැසිරෙන්නෙක් වෙමි!
2. සඟුන් සරණ යෑම ( සිංහල )
ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර භාවයට පැමිණියා වූද, අෂ්ටාර්ය පුද්ගල වූද, මහා සංඝ රත්නය
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ මහා සංඝ රත්නයේ, ශ්‍රාවකයෙක් වෙමි!
මහා සංඝ රත්නය ඒ බැව් පිළිගන්නා සේක්වා!
දෙවනුවද තුන්වනුවද, උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි ! ශ්‍රාවකයෙක් වෙමි!, මහා සංඝ රත්නය ඒ බැව් පිළිගන්නා සේක්වා!
පහත පරිදි ඔබට සුපුරුදු පාලි වාක්‍ය කියා තිසරණය සම්පූර්ණ කරන්න
බුද්ධං සරණං ගච්ඡාමී
ධම්මං සරණං ගච්ඡාමී
සංඝං සරණං ගච්ඡාමී
දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමී
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමී
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමී
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමී
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමී
තතියම්පි සංඝං සරණං ගච්ඡාමී
නවතම ප්‍රතිචාර