ධර්ම නිධාන

Archive for the ‘සිංහල රාවය පූජණීය හිමිවරු’ Category

මඩකලපුව දිස්‌ත්‍රික්‌කය වූ කලී මීට දශක 03 කට ඉහතදී සිංහලයන් තිස්‌ හතළිස්‌ දාහකින් පිරී ගිය පුරවරයකි. විවිධ ව්‍යාපාරවල නියෑළෙමින් ඔවුන් දෙමළ සහ මුස්‌ලිම් ජනයා සමගින් සහජීවනයෙන් කල් ගත කරන ලදී. නමුත් සැකය වෛරය අවුලවමින් ඇතිවූ යුද්ධය නිසා පසුගිය කාල සිමාව තුළ මරණයේ දේශයක්‌ව පැවතිණි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් කෙවිලියාමඩුව ගම්මානයේ යුද්ධයට පෙර ගම්වාසින් ජීවත්වූවේ දහසක්‌ වූ බාධක මැදය. නමුත් අවට ගම්වල ජනයා ලේ පිපාසිත මිනිමරු කොටි රකුසාට ගොදුරු වෙද්දී මෙම කෙවිලියාමඩුව අහිංසක ගම්වැස්‌සෝද තම පණ නළ බේරා ගැනීම සඳහා තම ඉඩ කඩම් අතහැර යන්නට පු`ඵ පු`ඵවන් තැන්වලට පලා යන්නට වූහ. නමුත් 2004 වසරේ සාම ගිවිසුම් කාල සීමාවේදී මෙම ගම්වැස්‌සෝ තමන්ගේ පරණ පුරුදු ඉඩ කඩම් සොයා පැමිණියේ තමන් හට පුංචි අතු පැලක හෝ නිදහසේ ජීවත්වන්නට උවමනාව නිසාය.

එදා පටන් මේ දක්‌වාම දහසක්‌ බාධක හමුවේ මෙම ජනයා අනන්ත අප්‍රමාණ දුක්‌ ගැහැට විඳිමින් මෙම කෙවිලියාමඩුව ගම්මානයේ ජීවත්වන්නට වූවේ මහා යස ඉසුරෙන් පිරි දිවි පෙවතක්‌ නොව මහා කටුක දුක්‌ත දිවි පෙවතකි. 2008 සිට මේ දක්‌වාම රජයෙන් ලැබෙන සමෘද්ධි කූපන්පත පවා අහිමිව අඩුම තරමේ පදිංචිය සනාථ කිරීමේ ලිපියක්‌වත් ගැනීමට නොහැකිව මෙම ජනයා ගෙවන ජීවිතයේ වේදනාවේ හඬ බලධාරීන්ගේ බිහිරිවී ගිය කන් අඩිවලට නො ඇසුණේ ඔවුන් තව තවත් අන්ත අසරණ කරලමිනි.

ඡන්දය දමන්නටවත් ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනීමට නොහැකිව මෙම ජනයා පිට සක්‌වළ ජීවීන් මෙන් කිසිම වරප්‍රසාදායක්‌ නොමැතිව මෙම ගම්මානයේම වාසය කරන්නට වූහ

මේ කෙවිලියාමඩුව ගම්මානයේ පදිංචි ධම්ම්කා කුමාරිගේ සංවේදී කථාවයි.

මම කෙවිලියාමඩුවට ඇවිල්aලා අවුරුදු 08 ක්‌ වෙනවා. මම යුද්ධයටත් කලින් පදිංචි වෙලා හිටියා. අපේ අම්මලා 1973 ඉඳලා තමා කෙවිලියාමඩුවේ පදිංචි වෙලා හිටියේ. මම ඉපදුණේ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ. නමුත් මට තවම හැඳුනුම්පතක්‌ නැහැ. තවම අපිට ඡන්ද නාම ලේඛනයේ නම ලියාපදිංචි කරගන්න බැරි වුණා. නම දාලා අයදුම්පතක්‌ පුරවලා දුන්නත් අපිව අනවසර පදිංචිකරුවෝ කියලා ලියාපදිංචි කළේ නැහැ. මට ළමයි තුන් දෙනෙක්‌ සිටිනවා. මහත්තයාටත් ස්‌ථිර රැකියාවක්‌ නැහැ. බොහෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක හින්දා මම මොකක්‌හරි රැකියාවක්‌ කරන්න කියලා ග්‍රාමසේවා සහතිකයක්‌ ගන්න ගියා. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය අපිට ග්‍රාමසේවක සහතිකය දුන්නේ නැහැ. මම 2012 වසරේ උප්පැන්නයත් සමග හැදුනුම්පත් හදනන් අදාළ ලිපි ලේඛණ ගාර දුන්නා. තවමත් මට හැදුනුම්පත ලැබුණේ නැහැ. මම පස්‌සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට කථා කළා. එතකොට එහෙන් කීවා එහෙම හැඳුනුම්පතක්‌ සකස්‌ කරන්න එවල නැහැ කියලා. මම පස්‌සේ පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්තුමියට මේ ගැන කීවාම ඈ දිගින් දිගටම බැන වැදුනා. ඔයාල අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නේ අපි ඔයාලට කිසිම දෙයක්‌ දෙන්නේ නැහැ. දිගින් දිගටම මේවා ඉල්ලන්න ආවොත් මම රාජකාරියට බාධා කළා කියලා පොලිසියට කියලා කූඩුවට දානවා. මම කිසිම කෙනකුට ලියුමක්‌ දෙන්නේ නැහැ.මම කිසිම කෙනෙක්‌ කියන දේ කරන්නෙත් නැහැ. මම නූගත් ඔයාලට වැඩ කරන්නෙත් නැහැ කියලා අපට බැන වැදුනා. අපි ඊට පස්‌සේ කොක්‌අඩිචෝලේ පොලිසියට ගිහින් මේ පිළිබඳව පැමිණිල්ලක්‌ දැම්මා. අපිට මෙහෙම කරන්නේ මඩකලපුවේ සිංහලයෙක්‌ වෙලා ඉපදුණ කරුමයටද යනුවෙන් ධම්මිකා කුමාරි ඉරිදා දිවයිනට අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

මේ පද්මිණි පියදර්ශනිගේ කථාවයි.

මගේ මහත්තයා කරන්නේ කුලීවැඩ. මගේ දුව 2011 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්. නමුත් අපේ ආදායම සහතික කරලා දෙන්නේ නැති නිසා තවමත් ශිෂ්‍යාධාර ලබා ගන්න බැරි වුණා. මම දිගින් දිගටම පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්තුමිය මුණ ගැසෙන්නට ගියා. නමුත් වැඩක්‌ වුණේ නැහැ. මගේ පුතා පොලිසියට යැමට සම්මුඛ පරීක්‌ෂණ 04 කට ගියා. 5 වන සම්මුඛ පරීක්‌ෂණයට යන්න ග්‍රාම සේවක සහතිකයක්‌ අවශ්‍ය වුණා. මම පසුගිය 26 වැනිදා එම වැඩ දෙකම කරගන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. එතකොට ප්‍රාදේශීය ලේකම්තුමිය කීවා මම ඔයාලට කිසිම වැඩක්‌ කරලා දෙන්නේ නැහැ.ඔයාලා ගිහින් මඩකලපුව හාමුදුරුවන්ට කියලා මේ වැඩ කරගන්න කියලා. ඊට පස්‌සේ මම ගියා මඩකලපුව මහ දිසාපතිතුමිය මුණගැසන්න. එතුමිය ලියුමක සටහනක්‌ දාල දුන්නා මේක ගිහින් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරියට දෙන්න කියලා. නමුත් ඒක ගිහින් දුන්නමත් එම වැඩය කරලා දුන්නේ නැහැ. ඒක අරන් පැත්තකට විසි කරලා දැම්මා. මම මේක කරලා දෙන්නේ නැහැ. මම කවුරු කීවත් මෙම වැඩය කරලා දෙන්නේ නැහැ කියලා බැන වැදුනා. පස්‌සේ නැවතත් 04 වැනිදා මඩකලපුවේ පංසලේ ඉඳන් දිසාපති කාර්යාලයට විරෝධතා පා ගමනක්‌ ඇවිල්ලා දිසාපතිතුමියත් සමග සාකාච්ඡා කළාට පස්‌සේයි මගේ දුවට ශිෂ්‍යාධාර ගන්න ආදායම් සහතික කර ගන්න පු`ඵවන් වුණේ. අවුරුදු දෙකක්‌ මම මෙම ආදායම් වාර්තාව ගන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්‌ කථා කරා. නමුත් ඒ එක අවස්‌ථාවකවත් ප්‍රාදේශීය ලේකම්තුමිය අපට අදාළ සහතික කිරීම් කරලා දුන්නේ නැහැ. අපි දුප්පත් ජනතාව. අපි රජයෙන් ඉර හඳ ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ අපිට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය දේවල් කරලා දෙන්න කියලයි යනුවෙන් පත්මිණී ප්‍රියදර්ශනි වසර ගණනාවක්‌ තිස්‌සේ තමන් අත්විඳ දුක්‌ ගැහැට පිළිබඳව අදහස්‌ දක්‌වන්නට වූවාය.

මේ අයුරින් වසර 06 ක කාලයක්‌ තිස්‌සේ මෙම කෙවිලියාමඩුව ජනතාව විඳින්නෙ අනන්ත අප්‍රමාණ දුක්‌ කරදරයකි. පවුල් 106 ක්‌ පමණ මෙම ස්‌ථානයේ පදිංචිව සිටින්නේ තමනට යන්න එන්නට අන් පිළිසරණක්‌ නැති නිසාමය. බොන්නට ජල බිඳක්‌ සොයා සැතපුම් ගණන් නියං සමයේදී යා යුතුව ඇත. රෑ පුරා එම ප්‍රදේශයේ නිරන්තරයෙන් සරනා වන අලි සේනාවෙන් ගෙනෙනා කරදරය නිමක්‌ නැත. ගමේ පාසල් නැති කම නිසා පාසලකට යැමට කිලෝ මීටර්10 කට ආසන්න දුරක පිහිටි මංගල ගම විද්‍යාලයට යා යුතුව ඇත. එදා වේල යාන්තමින් සරි කරගැනීමට වෙහෙසෙන මේ ජනයාට තම දරුවන්ද දිනපතාම වාගේ පාසලට යෑවීමට වත්කමක්‌ නොමැතිව ළතවෙමින්a සිටින්නේ ස්‌ථිර ආදායම් මාර්ගයක්‌ මෙම ගම්වාසීන්ට නොමැති නිසාවෙනි. නමුත් තවමත් ඉඩමට බලපත්‍රයක්‌ ලබා ගැනීමට නොහැකිවන්නට හේතුව මෙම ජනයා සිංහල රටේ සිංහල වී ඉපදීම දැයි පට්‌ටිපොළ ප්‍රදේශීය ලේකම්වරිය ඇතු`ඵ අදාළ බලධාරීන්ගෙන් ඇසීමට සිදුව තිබේ.

මහත්තයෝ අපි උපන් බිමේ කල්ලතෝනියෝ වෙලා. ඉඩමට බලපත්‍රයක්‌ දෙන්නේ නැහැ. ග්‍රාමසේවක සහතිකයක්‌ උප්පැන්න සහතිකයක්‌ මරණ සහතිකයක්‌ ලබා ගන්න බැරි වෙලා තියෙනවා. අපිට ඡන්දයක්‌ දාන්න බැරිවෙලා තියෙනවා. දුප්පත් අපිට සමෘද්ධිය ලබා ගැනීමට තිබෙන අයිතියත් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය අපෙන් උදුරාගෙන තිබෙනවා. ජනතාවගේ බදු මුදලින් යෑපෙන මෙම නිsලධාරීන් අපි අන්ත අසරණ කරලා අපිව තලා පෙළා දානවා. අපිට මේ වන තෙක්‌ රජයෙන් ලැබෙන කිසිම දෙයක්‌ ලැබිලා නැහැ. මඩකලපුව හාමුදුරුවෝ තමයි දෙවියෙක්‌ වාගේ අපි ගැන නිතරම සොයා බලා කටයුතු කරන්නේ. අපේ ළමයින්ට පොතක්‌ පැනක්‌ දීලා පාසල් යවන්න. බඩගින්නේ ඉන්න වෙලාවට කුස පුරවා ගන්නට හාල් මිටක්‌ ලබා දෙන්නේ උන්වහන්සේ මැදිහත්වීමෙන් හැබැයි අපේ ගම ආසන්නයේ කොහොඹගස්‌තලාව ගම්මානයේ දෙමළ ජනතාව පදිsංචිකරලා සිටිනවා.

එම ජනතාවට කිසිම ගැටලුවක්‌ නැහැ. රජයෙන් නිවාස සාදන්න රුපියල් ලක්‌ෂ 05 ක නිවාස ආධාරත් දීලා තියෙනවා. ඒ අයට රජයෙන් ලැබෙනා සියලුදේ ලැබෙනවා. නමුත් අපට තමයි ඒ කිසිවක්‌ ලැබෙන්නේ නැත්තේ. ඇයි අපි සිංහලයෝ නිසාද අපිට මේ තරම් කෙනහිලි කම් කරන්නේ. දෙමළ ජනතාවට වැඩ කරලා දෙනවාට අපේ කිසිම අකැමැත්තක්‌ නැහැ. නමුත් තිබෙන ගැටලුව වන්නේ අපි අන්ත අසරණ කිරීමයි යනුවෙන් කෙවිලියාමඩුව පදිංචි ඩබ්. එම් ජයතිලක පවසන්නට විය.

වෙලෙස කෙවිලියාමඩුව ගම්මානයේ ජනතාවට දිගින් දිගටම සිදුවන අසාධාරණකම්වලට එරෙහිව එම ගම්මානවල ජනතාව හාරසීයකට අධික පිරිසක්‌ සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති පුලියද්දේ සුධම්ම හිමි සහ මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව මංගලාරාම විහරස්‌ථානයේ සිට මඩකලපුව දිසාපති කාර්යාලය තෙක්‌ විරෝධතා පාගමනක්‌ පසුගිය 04 වනදා පවත්වන ලදී. ඔවුන් මඩකලපුව කච්ෙච්රි භුමියට ගොස්‌ විරෝධතාවයේ නියළෙද්දී මඩකලපුව සහකාර පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර සහ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක ගුණසේකර යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව මහ දිසාපතිනිය වන පී. එස්‌. එම්. චාල්ස්‌ මහත්මිය අදාළ භික්‌ෂූන් වහන්සේලා සහ ගම්වාසීන් කිහිප දෙනකු සමගින් මෙම ගැටලුව පිළිබඳව සාකාච්ඡාවක්‌ සිදු කරන ලදී. එම අවස්‌ථාවේදී පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් එස්‌. විල්වරත්නම් මහත්මිය ද ගෙන්වා අදාළ කරුණු විමසීමක්‌ සිදු කරන ලදී. එහිදී දිගින් දිගටම කෙවිලියාමඩුව සිංහල ගම්මානයේ ජනතාවට සිදුවන අසාධාරණකම් සහ මූලික අයිතිවාසිකම් අහිමිවීම් ආදිය පිළිබඳව සිංහල රාවය සංවිධානයේ භික්‌ෂූන් වහන්සේලා සහ අම්පිටියේ සුමනරතන හිමියන් දිගින් දිගටම අදහස්‌ දක්‌වන ලදී. එම අවස්‌ථාවේදී මහ දිසාපතිවරිය අදාළ ප්‍රාදේශීය ලේකම්වරියගේ ඇතැම් ක්‍රියා කලාපයන් සඳහා සිය එකඟතාව පළ නොකළ අතර එම අවස්‌ථාවේදීම අදාළ සහතික පත් ලබා ගැනීමට නොහැකිවුණ අයහට අදාළ සහතික පත් ලබා දීමට කටයුතු කරන ලදී. ඉදිරියේදී ජනාධිපතිතුමා සමග සාකාච්ඡා කර මෙම ගැටලුව විසඳන තෙක්‌ රාජකාරි කටයුතු සඳහා පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නොගොස්‌ මහා දිසාපති කාර්යාලය වෙත පැමිණ සිය අවශ්‍යතාවන් ඉටු කරගන්නා ලෙසත් ඒ සඳහා ලිත පොරොන්දුවක්‌ ද අම්පිටියේ සුමනරතන හිමියන් වෙත භාර දෙන ලදී.

කෙවිලියාමඩුව ගම්මානයේ ජනතාවගේ අසාධාරණකම්වලට නිරන්තරයෙන් නැගී සිටින එම ජනතාවගේ එකම ගැලවුම්කරුවා වෙමින් කටයුතු කරන මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙසේ අදහස්‌ දක්‌වන ලදී.

කෙවිලියාමඩුව ගම්මානයේ අහිංසක සිංහල ජනතාවට කලක සිටම දැඩි අසාධාරණයක්‌ සිදුවෙමින් තිබෙනවා. එදා කපනවාට කොටනවාට බයේ සියලු ඉඩකඩම් අතහැර ගිය ජනතාවගේ සියලුදේ අපි ඉල්ලා සිටින්නේ නැහැ. නමුත් අපි ඉල්ලා සිටින්නේ කෙවිලියාමඩුව, සිප්පිමඩුව, සින්නවත්ත, පු`ඵකුණාව, කොස්‌ගොල්ල, එරාවුර් ආදී ප්‍රදේශවල ජීවත්වන අතළොස්‌සක්‌ වූ සිංහල ජනතාවට අවම වශයෙන් මරණ සහතිකයවත් ලබා ගැනීමේ අයිතිය තහවුරු කරලා දෙන ලෙසටයි. මම මේ ජනතාව වෙනුවෙන් කථා කරන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම එම කාර්යාලයේ බඩු මුට්‌ටු එයාලා පොළොවේ ගහලා මම ඒ දේ කළා කියලා මට විරුද්ධව අධිකරණයේ නඩුවක්‌ පවා දමලා තිබෙනවා. නමුත් මහ දිසාපතිතුමිය හමුවේදී පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරියට තමන් අහිංසක ජනතාවට එරෙහිව කළ වැරදි පිළිගැනීමට සිදුවූවා.

මඩකලපුවේ සිංහලයකු වීම කරුමයක්‌ බවට පත්ව ඇති මෙම උපන් බිමේ අසරණයන්ට දැන්වත් සාධාරණයක්‌ ලැබෙනු ඇතැයිද එම ජනතාව බලාපොරොත්තු සහගතව බලා සිටිති.

සුසන්ත අමර බන්දු

http://www.divaina.com/2014/03/16/nimna01.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,891 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ