ධර්ම නිධාන

Archive for the ‘ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය’ Category

mahamevnaa kalliya

පිවිසෙන්න මේ video යොමුවට, බලන්න කරන ධර්ම සංහාරයේ තරම

https://www.facebook.com/photo.php?v=10201076300896233

මෙම ප්‍රබන්ධ ධර්ම දේශණය දෙසන පිරිස් දූෂකයන් වහන්සේ දහම ඇතුලතින් කිළිටි කිරීමේ පුරෝගාමීන් වන කුප්‍රකට මහමෙව්නා කල්ලියේ අළුදෙනියේ සුබෝධි නම් අයෙක් බව ප්‍රතිචාර වලින් හෙළිවේ. ධර්ම දේශණය ආරම්භයේදීම මහමෙව්නා ධර්ම සංහාර ගැන පොඩි ඉඟියක් දීමට එම වහන්සේට සිදුවී තිබීම යහපතකි.

බළලා මල්ලෙන් එලියට පැන්නේ : “ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පවසන ධර්ම කාරණා පිළිබඳ යම් යම් මතබේද තිබුණත්…”යන ප්‍රකාශයෙනි. ඉන්පසු කිසිම පිළිකුලක් නොමැතිව කිසිසේත් සත්‍ය විය නොහැකි ප්‍රබන්ධය දෙසීමට පටන් ගන්නේ වසර තිස් දහසක් අතීතය දැකීමට තරම් තමාට හමුවූවා වූ අර මන:කල්පිත භික්ෂුවට හැකියාව ඇති බව කියා පාමිනි. ආර්‍ය මාර්ගයෙහි ගමන් ගන්නා උතුමන් කිසිසේත් තමා ලබන ලෞකික ධ්‍යාන දකින දකින අයට කියමින් ප්‍රමාද වන්නේ නැත. සම සතලිස් කර්මස්ථාන නියම අයුරින් පිළිපදින්නාට ලෞකික ධ්‍යාන වලට වෙහෙසීමට පෙර එය මග හරිමින් චතු සත්‍ය අවබෝධය පිණිස කල යුතු බොහෝ දේ තිබේ. ඒවා යන්තමින් හෝ ලඟා වූවෙක් නොදෙසන මුසාවාද මේ මන:කල්පිත ධ්‍යාන ලාභී භික්ෂුව විසින් දෙසීම හාස්‍යජනකය.

වසර තිස් දහසක් අතීතයෙන් මේ භික්ෂුව ඉතා සවිස්තරව පෙන්වා දෙන්නේ වසර 2550 “ගණනකට” පෙර සත් හැවිරිදි වියේ දරුවෙක් දකිනා ලද සිද්ධියකි. ඔතරම් විස්තර කියන එතුමාට වසර ගැන නිෂ්චිත විය නොහැක්කේ මන්ද? හුදු ප්‍රබන්ධයක් නිසාම පමණි. අතීතය දැකීමට නම් මේ මොහොතින් පටන්ගෙන චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සිය නාම පරම්පරාව පසුපසට බලමින් යා යුතුය. මේ භවයේ ප්‍රතිසන්ධි සිත ආ විට පෙර භවයේ චුති සිතට පිවිසෙමින් භවයෙන් භවය පසු පසට ගමන් කල යුතුය.එසේ යන කල වසර ගැන අවිනිෂ්චිත භාවයක් නොපැමිණේ. මේ මනෝ භික්ෂුව එය නොදත් බැවින් 2550 “ගණනක්” වී ඇත. සිය ප්‍රලාපයට පසුබිම සකසාගැනීම එහි එකම අරමුණ බව මෙයින් තහවුරු වේ.

එම ස්වාමීන් වහන්සේ බොදු ඉතිහාසයේ වැනසීමට කුරුමානම් අල්ලන යුගයේ කිසිම යුද්ධයක් සිරිලක තිබුනේ නැත. නාග ගෝත්‍රිකයන් සිටි බවට සඳහනක් නැත. කියන වර්ගයේ ජනගහන, ඉඩකඩ ප්‍රශ්නයක් තිබුනේද නැත. අප ලොව්තුරු බුදු පියාණන්ගේ ප්‍රථම ලංකාගමනය වූ මොහොතේ මුළු සිරිලකම අරක්ගෙන සිටියේ යක්ෂයන් පමණි. යක්ෂ ගෝත්‍රිකයන් නොවේ.

කෙසේ නමුත් දිවයිනේ මධ්‍ය භාගයේ මහවැ‍ලි ගං ඉවුරෙයි තුන් යොදුනක් දිග හා තුන් යෙදුනක් පළල ඇති “මහානාග” වන නම් උයනෙහි සමිති භූමියෙහි පැවැ‍ත්වෙන මහානිසාචර සමාගමයෙක් විය. යක්ෂයන් ගෝත්‍රිකයන් වීමටත් උයනේ නම යොදා නාග ගෝත්‍රියන් මැවීමටත් මේ පිරිස් දූෂකයන් වහන්සේ නිර්ලජ්ජී වී ඇති තරම කෙතරම් ඛේදජනකද?

නැනපහන් බ්ලොග් අඩවිය බොහෝ දුරට විස්තර සහිතව පෙන්වා ඇති පරිදි සැබෑ පුවත ඔබට බලාගත හැක.

එයද කියවා මේ ප්‍රලාප දේශණයේ ඇති අනෙක් නිර්ලජ්ජී බොරු විචාර නුවනින් සැලකීමට සත් හැවිරිදි දරුවෙකුට වුව අපහසු නොවන බව අපගේ අදහසයි.

මෙහි යුධ භූමිය ගැන ප්‍රලාපය ඉතාම විහිළු සහගතය. උන් වහන්සේට අනුව සිරිලක සිටියේ යක්ෂ හා නාග ගෝත්‍රිකයන්ය නමුත් ඔවුන් අතර යුද්ධය නැරඹීමට තුන්වන පාර්ශවයක්ද නොපෙනෙන තරම් උස මහා කන්දක් උඩ බලා සිටින බව කියවේ. ඔවුන්ට යක්ෂ හෝ නාග කියන්නේ නැත. ඔවුන් “සාමාන්‍ය ජනතාවය”. දෙසන තරම් උස හෙළක් පහල සිදුවන යුද්ධයක් තබා අඩු තරමින් විසාල වස්තුවක් වත් පැහැදිළිව දැකීමට මේ “සාමාන්‍ය ජනතාවට” හැකි වූයේ කෙසේද? එවන් නරඹුම් ස්ථානයක් තොරා ගත්තේ බොරු ධ්‍යානලාභී උන්මත්තක වහන්සේ විසිනි. කිසිවිට ප්‍රායෝගික ජනතාවක් එවන් බොරු වැඩ නොකරයි. මහා හෙළක් උනබම්බු අට්ටාල වලින් ආවරණය කිරීම කොතරම් ප්‍රායෝගිකද? උණ බම්බු සෝපාන මහා විශාල ප්‍රවාහන පද්ධති , හුදු යුද්ධයක් වෙනුවෙන්ම කොතරම් ප්‍රායෝගිකද? යුද්ධය පසෙක තබා කොපමණ කාලයක් කොතරම් ජනතාවක් මෙය කල යුතුද? එය කලේ යක්ෂ ගෝත්‍රිකයෝද?, නාග ගෝත්‍රිකයෝද? “සාමාන්‍ය ජනතාවද”? එවා කිසිවක් නොදෙසයි.

යක්ෂ ගෝත්‍රික වේවා, නාග ගෝත්‍රික වේවා තුවාල කරුවන් වෙනසක් නැතිව බලා ගැනීමට මේ කන්ද උඩ “සාමාන්‍ය ජනතාව” සැදී පැහැදී සිටින්නේ කුමණ හේතුවක් නිසාදැයි දෙසන්නේ නැත. තුවාල කරුවන් ඉහලට ගැනීමේ මහන්සිය දරන්නේ කවුරුන්දැයි දෙසන්නේ නැත.

සාමාන්‍ය ජනතාව අතර යක්ෂ ගෝත්‍රික දරුවා හා මව බලා සිටිනබව දෙසයි. කන්ද උඩ නාග ගෝත්‍රික මව්වරු හා දරුවෝ ගැන කිසිවක් නොදෙසයි. එසේත් නැතිනම් ඉතා සහයෝගයෙන් ක්‍රීඩා උත්සවයක් නරඹීමට මෙන් යුද්ධය නැරඹීමට එක් වී ඇති බව මේ වහන්සේ ඉඟි කරයි.ඒ අය “සාමාන්‍ය ජනතාව” බව මෙයින් තේරුම් යයි. අනික් විහිළුව නම් යුද්ධය ඇරඹීමට මොහොතකට පෙර දරුවාගේ අයියල දෙන්නා සෙන්පතියන් වීත් ඉතා දුර බැහැරක සේනාව අහුලා ගැනීමට ගොස් සිටීමය. යුද්ධ අවසන් වූ පසු මල කඳන් ඇහිඳීමට සේනාව සොයන්නේදැයි පැහැදිළි නැත. ප්‍රලාපයේ සීමා මායිම් නැති තරම්ය. යුද්දෙට නැති කඩුව මෙන් මේ සෙන්පතියන් 2 සේනාවට ඉතාම අවශ්‍ය මොහොතේ මිහින්තලේ ගොස් සිටි බව මොනතරම් විහිළුවක්ද?

එතනින් එහාට ඇති ප්‍රලාප සඳහන් කිරීම පවා පිළිකුල් සහගතය.

තවද සමන්තකූට පර්වත වාසී මහාසුමන දිව්‍යරාජයා සුමන ගොකැස් නම් රජෙක් බවට මේ දූෂකයන් වහන්සේ පත්කර තිබේ. මේ කියන සුමන ගොකැස් නායක වූයේ යක්ෂයන්ටද? නාගයන්ටද? දෙගොල්ලොටමද? සටන පටන්ගැනීමට පෙර නොසිටි රජෙක් එක්වරම බුදුන් වහන්සේ වැඩි පසු පහල වූයේ කෙසේද? තමාගේ ප්‍රදේශයේ තමා නොදැන කොහෙවත් ඉන්නා ගෝත්‍රිකයන් සටන් කරන විට රජෙක් බලා සිටීද? රජාගේ සේනාව කොහේද? කිසිවක් නොදෙසයි.

සත්‍ය අමු අමුවේ වැනසූ මහමෙව්නා සුනාමියේ බියකරු බව තේරුම් ගන්න. මහමෙව්නාව සහමුලින් ප්‍රතික්ෂේප කරන්න.

කන්න දුන් අත සපා කන සුළු ආගමිකයන්ගෙ නොයෙකුත් බාහිර කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස සිංහල බෞද්ධයා වඳවෙමින් යන ගොඩට තල්ලු වෙමින් සිටියද, අදටත් ඉතිරි බෞද්ධ ජනතාව සිය අති ශ්‍රේෂ්ඨ බවේ සංකේතය පිරිසිඳු ථේරවාදී බුදු දහම බව හොඳින් දනී. කුමන්ත්‍රණ කිරීමේ අරමුණින් සසුනට ඇතුල් වූ කඳ පණුවන්ද මෙය හොඳින් තේරුම් ගත් සත්‍යයකි. එසේ නම් පහර ගැසිය යුතු තැන මිතුරු වෙසින් සිටින සතුරා අවබෝධ කරගෙන අවසානය. ප්‍රතිඵලයක් ලෙස දෙව් මිනිස් සුගතියට මහා මෙව්නා නම් නිඝන්ඨ අසපුව බිහිකර දෙන්නේ කුඩාකල කතෝලික ආගමේ බොළඳ ආභාෂය ලබා පසුව ජාතියේ අවාසනාවට සසුනට ඇතුලත් වූ පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ විසිනි.

හෙළ බුදු සසුනේ වදන් වල තේරුම් ගැන හෝ අති ඝාම්භීර අභිධර්මය ගැන හාංකවිංසියක් නොදත් මෙතුමා පන්සල නැසීමට නිඝන්ඨයන් භාවිත කල අසපු බිහි කලේය. ඉන් නොනැවතී බුද්ධ ශ්‍රාවකයා නැසීමට මහාමේඝ පතනය කරමින් සිටින්නේ එම වදන් ව්‍යංගයෙන් උන් වහන්සේගේ පවිටු චේතනා උගත් බෞද්ධ ජනතාවට පහදා දෙද්දී බව සමහර විට අදටත් උන්වහන්සේ නොදන්නවා වෙන්නට පුළුවන.

පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ වදන් අතිශය බොළඳය, අන්තර්ගතයේ ඇතැම්විට සිත්සේ අර්ථකථනය කරන සුළු ධර්මයක් දැකගත හැක. කිරි බිංදුවක් හා ගොම කලයක් මෙන් එම දහමේ වටිනාකම නසා දැමීමටදෝ සම්ප්‍රප්‍රලාප සාගරයක් නිතරම ඇතුලත් කිරීමට නොපැකිලේ. හරියටම පැය ගානක් පල්ලියක දේවගැති වරයෙකුගේ දේශණයකට සවන් දුන්නත් ගත හැකි වැදගත් කිසිවක් නැතිවාක් මෙන්මය. විනාඩි පහකින් කිව හැකි ධර්ම කරුණු කීමට මෙතුමාට හා ගෝලයන්ට දවසකුත් මදි වන්නේ මේ හේතුව නිසාය. ඥානය නොමේරූ අභිධර්මය නොඇසූ අසරණ බෞද්ධ ජනතාව මුන් වහන්සේගේ වාණිජ්‍ය ඉලක්කයයි. පරම ඝාම්භීර නියම බුදුදහම පාසැල් විෂය නිර්දේෂයෙන් පවා බෞද්ධයාට අහිමි කර තිබීම මුන් වහන්සේගේ පහර දීමේ ඉහලම වාසියයි.

වසර 2600ක් පුරා බුදු දහමට එරෙහි අනේක කුමණ්ත්‍රණ දියත් විය. ඒවා සියල්ල කලේ බාහිර වෛරී ආගමිකයන්ගේ මුදල් යොදමිනි. එම මුදල් අවසන් වනවිට වෙච්ච දෙයකුත් නැත. කරබාගෙන ඉවත්වීම හැර විකල්පයක් ඔවුනට නොවීය. මේ කලියුගයේ සසුනේ පරම සතුරන් බොහෝ දුර සිතා බලුවේය,  බාහිර මුදල් වෙනුවට බෞද්ධයාගේම මුදල් යොදා සසුන දියකර හැරිය යුතු බව තීරණය කලේය. කතෝලික දරුවෙක් පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද නමින් සසුනට ඇතුල් වූයේ ඒ ආකාරයෙනි.

එතුමාගේ ආගමනයේ සිට මේ දක්වා සිදුකලේ සාසන විනාශ පමණි. පංච විධ අන්තරාවෙන් බහුතරයකට හසුවී තමන්ට සෝවාන් වීමට වත් වාසනාව අහිමි කර ගත්තද, බුදුන් වහන්සේටත් වඩා තමන් ඉස්මතු වීමේ බොළඳ ආශාවක් මෙතුමා පෙන්වන බවද  රහසක් නොවේ. දහම් දේශනා අතර සියුම්ව බුද්ධ රත්නයට දෙන ප්‍රහාර වලට අමතරව  මෙයත් බුද්ධ රත්නයට එරෙහි ප්‍රහාරයකි.  අති ශ්‍රේෂ්ඨ යුග පුරුෂයෙක් වූ පරම පූජණීය රේරුකානේ හිමි ගේ අසහාය කෘති එතුමාට හා අන්ධ ශ්‍රාවකයන්ට තහනම් වූ කෘතීන්ය. එය ධර්ම රත්නයට දෙන ප්‍රහාරයයි. බණ දෙසද්දී අඬවා, කෙලෙස් වඩවා ක්ෂණිකව පැවිද්දට ඇතුල් කරගන්නා තරුණ තරුණියන් පැවිද්දේ බරක් පතලක් නොදැන ආ බැවින් ඉක්මනින් පැවිද්ද ගැනද කලකිරේ. වැරදි භාවනා කමටහන් නිසා උමතුභාවයට පත්වූ තරුණ භික්ෂු ජීවිත ගණන ඇස්තමේන්තු කර නැතත් විශාල බව තෙරුම් යන කටුක සත්‍යයයි. එය සංඝ රත්නයට දෙන ප්‍රහාරයයි.  මේවා එතුමා ත්‍රිවිධ රත්නයටම එරෙහිව කල ප්‍රහාර කීපයක් පමණි.

හොඳින් තේරුම් ගන්න, දේවදත්ත තෙරුන් මෙතරම් විනාශයක් සසුනට කලේ නැත. ආනන්තරීය පාප කර්ම කරගනිමින් බුද්ධ රත්නයට පහර දුන් බව සැබවි. එහෙත් බුදුන් දෙසූ ධර්ම ස්කන්ධයෙන් අංශු මාත්‍රයන් නොදෙසුවා කියමින් ධර්ම රත්නයට පහර දුන්නේ නැත.  උන් වහන්සේ සසුනෙන් සොරා ගත් පෘතග්ජන භික්ෂූන් 500න් කිසිවෙකුට මානසික ආබාධ ඇතිවනසේ, තමා නොදත් කමටහන් දෙන්නට ගොස් සංඝරත්නයට හානි කලේ නැත. දෙව්දත් තෙර උත්සාහ කලේ මාංශ අනුභවය සහමුලින් තහනම් කරවීමට මිස කිරිබත්ගොඩ හිමි මෙන් එය සාධාරණීකරණය කිරීමට නොවේ. එබැවින් කිරිබත්ගොඩ හිමිට දෙව්දත් වත පිළිපදිනවා කීවොත් එය දෙව්දත් තෙරට කරන ලොකුම අපහාසයයි. අවසානයේ අවීචියට ඇදෙන මොහොතේ, සිය වරද අවබෝධ කරගෙන බුදුන් සරණ ගිය බැවින් කල්ප ගානක් එහි සිර නොවී මේ කල්පාන්තයේදී දෙව්දත් තෙර අවීචියෙන් නිදහස් වේ. ඉන් පසු කාලයක එතුමා පසේ බුදු වීමට තරම් පාරමිතා පුරා ඇති වාසනාවන්ත උතුමෙක් බව ඔබ දන්නවාද?

පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේ ප්‍රහාර එතනින් අවසන් නොවේ, ශ්‍රාවක බෞද්ධයාට ප්‍රහාර දෙන්නේ ඔවුන්ට සිය විකෘති බොළඳ දහම අති අසාධාරණ අධික මිළ ගණන් යටතේ විකිණීම හරහාය. සිය දහම් ප්‍රකාශන වලට කිසි සංයමයක් නොමැතිව රාග නිශ්‍රිත කාන්තා රූප යොදා ගැනීම මෙහි එක් උපක්‍රමයකි. මෙතුමා විසින් ලියන ලද මහමෙව්නා ප්‍රකාශණ වල පිටකවර ගැන සොයා බලන්න. උපයන ලාභය තව තවත් ත්‍රිවිධ රත්නය කා දැමීමට, සරුව පිත්තල නිඝන්ඨ අසපු වපුරා පන්සල්, බෞද්ධ ගම්මාන නැසීමට යොදා ගනී. සසුනට, ජාතියට එරෙහි තවත් අන්ත දරුණු ප්‍රහාර ගැන දැන ගැනීමට නම් එතුමාගේ සිත කියවිය යුතුය.  තමාගේ පිරිනිවීම ගැන නන් දොඩවන පූජ්‍ය කිරිබත්ගොඩ හිමි සුවාසු දහසක් බුදු වරුන්ට සම ධර්මස්කන්ධයෙන්, අභිධර්ම ප්‍රතික්ෂේපය හරහා සතලිස් දෙදාහක් බුදුවරු අපවත් කිරීමට කුමණ්ත්‍රණය කිරීමේ පවට අවීචි ගත වූ විට කල්ප ශත සහශ්‍රයකින් හෝ එයින් නොගැලවෙන බව ඔබට පැහැදිළියි නේද? එවන් අවාසනාවන්ත හිමි නමකගේ අනුගාමික වීමට ඔබ මොන තරම් නම් බිය විය යුතුද?

ගම රැකගෙන පන්සල් වල වෙසෙන අති උතුම් භික්ෂූන් වහන්සේලා හා අනෙක් ත්‍රිපිටකධාරී උතුමන් මේ විනාශය හොඳින් දකී. නමුත් එරෙහිව කතා කල සැනින් එය සංඝ භේදයක් සේ පෙන්වීමට සැදී පැහැදී සිටින බෞද්ධ / අබෞද්ධ පවිටු ජනතාව නිසා කර කියාගත හැකි දෙයක් නොමැතිව සිටී. බෞද්ධයන් වශයෙන් අපි ත්‍රිවිධ රත්නය දිවි හිමියෙන් සරණ ගොස් ඇතිනම් මේ විනාශයේදී කරබාගෙන නොසිටිය යුතුයි. මහමෙව්නා, මහාමේඝ හා සකල සාසන කඳ පණු සංහතියම මෛත්‍රියෙන් යුතුව ප්‍රතික්ෂේප කිරීම තුලින් මෙයට වහාම විසඳුම් සෙවිය යුතුය. නැතිනම් අන් බාහිර කුමන්ත්‍රණ සියල්ලට කලින් වියරු වැටුනු සසුනේ කඳ පණුවන් සසුන අතුරුදන් කර දමනු ඇත.

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

සිංහල බෞද්ධයාට, පිරිසිඳු බුදු දහමට එරෙහිව අද දිනයේ සිදුකරණුලබන සංහාර වලට සූදානම් විද්‍යුත් මාධ්‍ය ඕනෑ තරම් තිබේ. YA TV නම් මෙම රූපවාහිනී නාලිකාව සුළු ජාතික අයිතීන් පමණක් නියෝජනය කරන එකකි. දහම ගැන පැහැදිළි අවබෝධයක් නැති නම් විකාශය කරන්නන්ගේ පසුබිමින් හෝ මොවුන් ගේ කුමන්ත්‍රණ ගැන සිතා ගැනීමට තරම් බෞද්ධයා ප්‍රවේශම් විය යුතුය. අපි දැන් මේ ස්වාමීන් වහන්සේ දහම විකෘති කරමින් මේ රටේ සිංහල බෞද්ධයාට එරෙහිව කල හපන්කම විමසා බලමු. පුද්ගලික ලාබ සත්කාර වෙනුවෙන් සිය සසරම විනාශකරගන්නා මේ භික්ෂූන් වහන්සේ ගේ ක්‍රියාකලාපය නිසා එතුමා සමඟ වෛර නොබඳින ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටින්නෙමු. කල යුත්තේ මෙතුමා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කිරීමයි. නුසුදුසු භික්ෂූන් වහන්සේ කෙරේ අපි පිළිපැදිය යුතු ආකාරය අප තිලෝගුරු බුදුපියාණන් අපිට පැහැදිළිව දේශනා කර ඇත. ඒ අනුව පමණක් පිළිපැදීමට අපි ප්‍රවේශම් විය යුතුය.

http://youtu.be/aVPn-RJPFmA

පූජ්‍ය දඹර අමිල හිමි සිය ධර්ම සංහාරය පටන් ගන්නේ මුලින්ම අති උතුම් බුද්ධ රත්නයට අති දරුණු පහරක් දීගෙනය, බුදුන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම්පුරා තනිව අවබෝධකරගත් අති ඝාම්භීර අනන්ත සර්වඥතා ඥාණය, මෙතුමාට අනුව හුදෙක් ඉන්දියාව තුල කලින් පැවති මිසදිටු දහම් සියල්ල ඇසුරෙන් හොඳම එක ගලපා සකසාගත් ‘ක්‍රීම්’ එකක් පමණි. මෙය මෙතුමන් භාග‍යවත් වූ අරහත් වූ අප සම්බුදුසමිදානන්ට කල දරුණු අපවාදයකි. සම්මා සම්බුද්ධත්වය ප්‍රතික්ෂේප කිරීමකි. ඒකාන්තයෙන්ම මේ තුලින් පූජ්‍ය දඹර අමිල හිමි නිවන් වලකන උපවාදාන්තරාවට හසුවෙන බව පැහැදිළිය.

ධර්මයේ අපරිමිත ගුණ 6ක් බුදුන්වහන්සේ විසින් දේශනාකරනලදි. පූජ්‍ය දඹර අමිල හිමිට අනුව ධර්මයට ඇත්තේ ‘ඒහිපස්සිකෝ’ පටන් ඇති ගුණ තුනක් පමණි. එතුනත් එතුමා පැහැදිළි කරන්නේ එකක් වශයෙනි.  එතනින් එහාට කිසිවක් නැතැයිද කියයි.

ඉන්පසු හීන්සීරුවේ මෙතුමා පිවිසෙන්නේ කාලාම සූත්‍රය හරහා කරන ධර්ම සංහාරයටයි. එම සූත්‍රය දහම සංහාරය කිරීම සඳහා යොදාගත හැකි ආකාරය අපගේ කලින් ලිපියෙන් සවිස්තරව පෙන්වා දී ඇත්තේ පූජ්‍යපාද පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි උතුමාණන්ට පින්සිදු වන්නටය. සියළු බෞද්ධයෝ  එම ලිපිය ඉතා හොඳින් කියවා මේ ස්වාමීන් වහන්සේගේ දහම් සංහාර චේතනාවේ බරපතලකම තේරුම්ගත යුතුය.

බුද්ධිය සිත ආශ්‍රිත දෙයකි. බුදුදහමට අනුව සිත සම්බන්ධව පවතින්නේ මොළයට නොවන බව ඔබ දන්නවාද? සිත සම්බන්ධවන්නේ අභිධර්මයේ පරමාර්ථ ධර්ම 28න් වස්තු රූපය නම් ශූක්ෂම රූපයකටයි. මෙම රූපය පවතින්නේ හෘදය වස්තුවේ අඩපතක් පමණ වන පිරිසිඳු ලේ ආශ්‍රිතවය, මෙතුමා ඒ මූලික කරුණ හෝ නොදැන මොළයක් ගැන දේශනා කරන්නේ සියල්ල දන්නා බවක් මවා පාමිනි. එය තවත් ධර්ම සංහාරයකි.

එතනින් එහාට ඇත්තේ නිවේදකයාට වුවමනා පිළිතුරු ගැනීම පිණිස මෙතුමා හා කරන සම්ප්‍රපලාප සමූහයකි. බුදුපිළිම වලින් රැස් විහිදීම ධර්ම නියාමයට අනුව සිදු වූවක් මිස එයට එරෙහි තර්ක කිසිවකින් විස්තර වන දෙයක් නොවේ. මාවිල් ආරු සටන අවසාන වීමට ආසන්නයේ සිරිලක පුරා බුදුපිළිම රැස් විහිදවීම මේ පින්බිමේ අනාගත ජය සංකේතවත් කල සිදුවීමකි. එය හුදෙක් බුදුපිළිම වල කහ හා තැඹිළි වර්ණ සංකලනයෙන් වූවානම් අදත් සිදුවිය යුතුය, ඊට පෙරත් සිදුවිය යුතුය. මේ දේඅකාරයෙන්ම සිදුනොවූ බව රහසක් නොවේ. එපමණක් නොව, කහ හෝ තැඹිළි වර්ණ කිසිවක්ම නැති සුදු බුදු පිළිමද අඩු නැතිවම මේ රැස් විහිදීම සිදු කලහ.

තුන්කාලයටම සිය බල පරාක්‍රමය විහිදන බුදුවරුන්ගේ අධිෂ්ඨාන බලයන් නිසා සිදුවියහැකි ප්‍රාතිහාර්‍ය කිසි ජගතෙකුට විස්තර කල හැකි නොවේ. ධාතු පරිනිර්වානයේදී වීමට නියමිත ප්‍රාතිහාර්ය තවම සිදු වී හෝ නොමැත. සුනාමි ව්‍යසනයේදී මැටි, සිමෙන්ති ලෙස මේ හිමියන්ගේ අපහාසයට ලක්වන අපගේ අති පූජණීය උද්දේශික චෛත්‍යයෝ මහ රළපහරින් කිසිදු උපද්‍රවයක් නොමැතිව තනි කණුවක් මත පවා වැඩ උන්නේ බුදුගෙය පිහිටා තිබූ සමස්ථ නිවාසයම පොළොවටම සමතලාවී ඇති තැන් වලය. මේ විද්‍යාත්මක හේතු සොයන්නන් ඒවා ගැන සඳහනක් හෝ නොකරන්නේ මන්ද? මදකට සිතා බලන්න. අන් ආගමකට සම්බන්ධ මෙවන් දෙයක් වූවා නම් ඒ වෙනුවෙන් වෙනම වැඩසටහන් සති පුරා විකාශනය කරනු ඇත. සිංහල බෞද්ධයා අවාසනාවන්ත ලෙස සිය දහමේ ප්‍රාතිහාර්යම නොසලකා හරිමින් ඒවා යේ වටිනාකම නසා දැමීමට පවා ඉදිරිපත් වේ.

මේ හිමිනම ගේ මෙහෙයවීමෙන් නිවේදකයා බෞද්ධයාට බොරු චෝදනා පවා කරන්නේ බුදුන්වහන්සේගෙන් පිහිට අපි යදිමින් යාඥා කරනවා නිරූපනය කරමිනි. ඔහුට ‘යාඥා’ වචනය පිටවී නැවත ගිලගන්නේ තමා බොරුවක් කියන බව තමාම දන්නා නිසා නොවේද? ඒ වෙනුවට ඔහු සිය දෙ අත් යාචකයෙක් සේ අල්ලාගෙන රඟපෑමක් කරයි. බෞද්ධ ගාථා වල එකදු යාඥා ගාථාවක් ඇත්නම් පෙන්වා දෙන සේ අපි මේ හිමිනමගෙන් හා නිවේදකයාගෙන් ඉල්ලා සිටින්නෙමු. මෙය බොරු හා ද්වේෂසහගත බෞද්ධ සමාජීය ප්‍රහාරයක් විනා අන්කිසිවක් නොවේ. කිසිදු බෞද්ධයෙක් පන්සලට ගොස් යාඥා නොකරයි. තෙරුවන් සරණ යෑම හා එසේ සරණ යන්නාට තෙරුවන් පිහිටවීම නොවැරදීම සිදුවන්නේ තෙරුවන්ගේ ඇති සූවිසි මහා අනන්ත ගුණ බලය නිසාමය. යාඥා යනු මේ නිවේදකයාගේ ලබ්ධියේ හා ඔහුත් හිමිනමත් එක්වී රට දැය සමය පාවාදීමට කුමණ්ත්‍රණය කරන ලබ්ධීන්වල ඒකාන්ත ලක්ෂණ පමණි. එනිසා එයට සමච්චල් කිරීමෙන් මේ නිවේදකයා කර ගත්තේ උඩබලාගෙන කෙළගසා ගැනීමකි. එය මේ මහා මෙහෙයුම වෙනුවෙන් තමාට මුදල් ගෙවන්නාටද කල සමච්චලයකි.

සියළු කෙලෙස් හා කර්ම ප්‍රහාණය කිරීමෙන් අති ඝාම්භීර ලෙස පිරිණිවන් පෑවා වූ බුදුන් වහන්සේ ‘මලා’ ‘මියගියා’ , ‘මිනිහෙක්’ යනුවෙන් මේ හිමිනම නැවත නැවත කියමින් අප බුදුපියාණන්ට පෘතග්ජන මරණයක් ලබා දීමට පවා වෙහෙසෙන්නේ මොන තරම් ද්වේශයක් බුදුසමිදාණන් හා සිතේ දරාගෙනද? ඒ හිමිනම ඉන්පසු යොදා ගන්නා වචන අතිශයින් නින්දාසහගතය. මේ අපහාසය වෙනුවෙන් බරපැන සැපයූ අන්‍යාගමිකයන් සතුටින් පිනායැවීමට මේ ටිකම ප්‍රමාණවත් වන්නට ඇත.

මේ වහන්සේට අනුව “උඹ” “උඹලා” “අදුරගනින්” සුමිහිරි වචන භාවිතය නිසාම සුගත වූ මහාකාරුණික බුදුන්වහන්සේගේ වචන වේ. මේවා යොදා ගනිමින් පැහැදිළි කරන බණද සහමුලින් බුදුන්වහන්සේට කල දෝෂාරෝපනම බව දුක නිපාතය අනුව තේරුම්ගත යුතුය.

බුද්ධ දේශිත දුක නිපාතයේ පහත දේශනය ඇතුලත් වේ.

 දුක නිපාතය

බුදු සමය නසන සියළු ජාතීන් ආදරයෙන් වැළඳගැනීම නම් ධර්මය පිළිපැදීමයි. යන්තම හෝ දහමේ ගුණක් කියයි නම් ඒ බෞද්ධයා අන්‍යාගමික මර උගුල දෙසට තල්ලු කිරීමටම පමණි.  බුදුන් වහන්සේ “කට්ට කෑවා” කියාද කිසිම බරක් පතලක් නැතිව කියා දමයි. මෙය අසමසම බුද්ධ රත්නයට එරෙහි වචී දුෂ්චරිතයයි. මේවා අසමින් නිවේදකයා සතුටින් ඉපිල යන ආකාරය බලා සිංහල බෞද්ධ අපි හඬමුද? සිනාසෙමුද?

මේ හිමිනමට අනුව දඹුල්ල අනවසර මුස්ලිම් පල්ලිය සිංහල බෞද්ධ මහජනතාවගේ ප්‍රශ්නයක් නොවේමය.  මුස්ලිම් පල්ලිය  විසින් විහාරයේ ඉඩම් අල්ලාගැනීමට එරෙහිව කල නුසුදුසු විරෝධයකි. දේශපාලන ප්‍රයෝගයකි. තමන් කියන්නේ කුමක්දැයි කියාවත් හරියට සිතාගැනීමට නොහැකිව, තමන්ට මුදල් ගෙවූ අන්තවාදීන්ගේ උපක්‍රමම හෙළිවනසේ පිළිතුරු දීමේදී නිවේදකයා අප්‍රසන්න භාවයක් ඇතිව බලා සිටින්නේ මේ හිමිනම කෙරෙහිද නැතිනම් සිංහල බෞද්ධ අපි කෙරෙහිද යන්න පැහැදිළි නැත.

හොඳම අනුරාධපුර පාළකයා එළාර බව මේ හිමිනමගේ මතයයි. මෛත්‍රී බුදුහිමිගේ අගසව් වීමට පෙරුම්පුරන  දුටුගැමුණු උතුමාටත් වඩා එළාර උසස් බව කියයි. වීර පරාක්‍රමබාහු හෙළ රජ උතුමාටත් වඩා උසස් බවද කියයි. එය සිංහල බෞද්ධ  ඔබ පිළිගන්න සූදානම්ද? මේ හිමිනමගේ මතයට අනුව අට්ටකථා සියල්ල ලියා ඇත්තේ දෙමළ හිමිවරුන් විසිනි, බුදු පුතුන් ලෙස ආර්‍ය වංශයට ඇතුලත් වූ පසු ජාතිය කිසිකලෙකත් උපන් ජාතිය නොවේ. එය ආර්‍ය වංශයයි.එතුමන්ගේ නම් පවා අති පිරිසිඳු ආර්ය නම් නොවේද?  එවිට එම හිමිවරුන්ට දෙමළ යැයි කීම කිසිසේත් සුදුසු නොවේ. මෙය අප සසුනට අදටත් එරෙහි දෙමළ ජාතියට නුසුදුසු තැනත් උපයා දීමට මේ හිමිනම කරන ප්‍රයෝගයක් බව අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආගම රැකීම අන්තිම වැරදි වැඩක් බව මේ හිමිනම කියා සිටියි. එය මේ රටේ ශිෂ්ඨාචාරය ගොඩ නැගූ මහජනතාවගේ දෙයක් නෙවෙයි, පෞද්ගලික කාරණයකි. රජයට අදාල දෙයක් නෙවෙයි. ජාතිවාදය සියළු සුළු ජාතීන්ට හිතුමතේ සිය අරමුණු කරා යන්න තියෙන දෙයක් මිසක් මහ ජාතියට සුදුසු දෙයක් නෙවෙයි. මහ ජාතියෙ ජාති/ආගම්වාදය ඉතා අශිෂ්ඨ දෙයක්  බවත් එතුමාගේ අදහසයි.

එම හිමිනම මේ වෙනුවෙන් කුමණ ප්‍රමාණයක ගෙවීමක් ලැබුවත් අවීචිගත වීමට තරම් පාපකර්ම කරගනිමින්, මෙතේබුදුන් කිසිකලෙකත් නොදැකීමට තරම් අවාසනාවන්ත වෙමින් සංසාරයේ තමා ලත් පරාජයේ තරමත් එයින්ම තීරණය වන බව දත යුතුය. සිංහල බෞද්ධයන් වශයෙන් අපි,  පිරිසිඳු බුදු දහමට අනුව පූජ්‍ය දඹර අමිල හිමි ගේ නිවන් නොදකින අති බිහිසුණු අනාගත ඉරණම ගැන අනුකම්පාවෙන් යුතුව බලා සිටින්නෙමු!  සතුරෙකුටවත් එවන් දුකක් නොමවේවා යැයි පතමු!

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

 

ඉහල ජාතික සේවයක් කරමින් සිටින http://www.lankacnews.com/ අඩවිය පලකල අගනා ලිපියක් අප වෙත ලැබී තිබේ. එම අඩවියේ සොයාබැලීමේ පහසුකම සපයා නැති බැවින් අපට යොමුව (URL) සොයා ගැනීමේ අපහසුතාවක් ඇතිවිය. කෙසේ නමුත් සියල්ලන් එක්වී කරන සාසන විනාශය ගැන බුදු වදන ඉතා පැහැදිළිව එහි විස්තර කර තිබේ. (එහි සඳහන් කොසොළ් රජු දුටු අපගේ ඉරණම අප අඩවියේ සම්පූර්ණයෙන්  නිරූපණය කර ඇත. ) මෙ එම ලිපියේ පිටපතකි.ශක්ති පමණින් බෙදා හරින්න.

වඩ වඩා විශාල වීම සඳහා පණිවුඩය මත නැවත නැවත Click කරන්න

බුදු පියාණන්ගේ අනාගතය දැකීමේ ඥාණය මොන තරම් අසිරිමත්ද? උන් වහන්සේගේ සර්වඥ බවට තවත් සාධක කුමටද? ධර්ම සංවේගය ඇති අපි හදවතින් හඬා වට්ටවන්නට එය සමත් වී නැතිද? මේ වන විටත් අඩු වැඩි වශයෙන් ප්‍රතිවේධ හා ප්‍රතිපත්ති අන්තර්ධානය සිදු වෙමින් පවතී. හොඳින් විමසා බලන්න. පය්ර්‍ප්ති අනතර්ධානය යටතේ මුලින්ම අභිධර්මය අන්තර්ධාන වන බව බුද්ධ වචනයයි. මෙය එළිපිටම සිදු කරන්නේ කවුද? අන් කිසිවෙකුත් නොව චීවරයක් පවා දරණා පූජ්‍ය කිරිබත්ගොඩ හිමිපාණන් නොවේද? සැදැහැවත් බෞද්ධයා තව දුරටත් මේ සත්‍ය වන, අප හඬවන  බුදු වදන් හමුවේ නිහඬ වෙනවාද? නැතිනම් එම හිමිනම හා කල්ලිය මෙත් සිතින් යුතුව සහමුලින් ප්‍රතික්ෂේප කරනවාද? වහාම සිතා බලා ක්‍රියාත්මක විය යුතුයි නේද?

නොවරදින බුදු වදනට අනුව, යහපත් චේතනාවෙන් ධර්මසංවේගයෙන් යුතුව කරන මේ ප්‍රතික්ෂේපය එකාන්තයෙන්ම මහා ආනිසංස දෙන කුසල් බව අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. බුදුන් වැඩ සිටි කලම ඇතිවූ සංඝ කෝලාහලයක් විසඳීමට බුදු පියාණෝ දුන් අවවාද දිගින් දිගටම එම අසමගි වූ සංඝයා වහන්සේ දෙපිරිස නොපිළිගත් බැවින් උන් වහන්සේ පාරිලෙයිය වනයට තනිවම වැඩම කළහ. එම කාලය තුල පාරිලෙයිය ඇත් රජා පමණක් උන් වහන්සේට අතවැසි වූහ. මෙයින් කලකිරීමට පත් දායකයෝ සංඝයා වහන්සේ සහමුලින් ප්‍රතික්ෂේප කලහ. එය ඉවසා ගැනීමට නොහැකි වූ කල පමණක් සංඝයා වහන්සේ නැවත බුදුන් කල එළඹ සමාව ගෙන සමගියේ පිහිටියහ. බලන්න බුද්ධ ශ්‍රාවකයා සංඝ සාමග්‍රිය වෙනුවෙන් සිය දායකත්වය එදා ලබා දුන් ආකාරය. අතුරුදන් වන සසුන වෙනුවෙන් එම උපකාරය බුදු සසුනට කිරීමට සැදැහැවත් ඔබ අකමැතිද? පැකිලෙනවාද?

පූජනීය හිමිනමක් විසින් ඉරිදා පුවත්පතක පලකල ලිපියකි මේ. එම ලිපියේද ඉහත කල්ලිය ගැන පැහැදිලි ඉඟි ඇතුලත් වේ.

වඩ වඩා විශාල වීම සඳහා පණිවුඩය මත නැවත නැවත Click කරන්න

අද දවසේ සිදුවන රත්නත්‍ර සංහාර ගැන  නිවැරදි අවබෝධයක් සියල්ලෝ මේ පුවත් තුලින් ලබා ගනිත්වා. සසුන 5000 ට 10,000 ක් කල පවතිනසේ අපිට කල හැකි සියල්ල වෙනුවෙන් කැපවීමට සිතට ගනිත්වා!

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න

ඔබට අවැසි පිරිසිඳු දහමේ ඇති නියම නිවන් රසය නම්, බුදු සසුන,  ධර්මය තුල වැඩ සිටිනා බුදු වරුන් වැනසීමට ඔබ අනුබල නොදෙනවානම්, අපි ඔබෙන් පැහැදිලිවම ධර්ම සංවේගයෙන් යුතුව ඉල්ලීමක් කලෙමු. එනම් බුදුන් දෙසූ ලෙස කරුණා විහරණයෙන් ද යුතුව මහමෙව්නාව ප්‍රතික්ෂෙප කරන්න,  එහි සියළු ප්‍රකාශන කියවීමෙන් වලකින්න. එම වෙබ් අඩවි වලට නොපිවිසෙන්න යන්නයි . මතුපිටින් පිරිසිඳු නමුත් කිලිටි සඟවා ගත් දහමක් අසනවාට වඩා එය නො අසා සිටීම ඔබව මොළ සේදීමෙන් වළකා ලනු ඇත. පිරිසිඳු දහමින් ප්‍රයෝජන ලැබුමට ඔබට වඩා හොඳ අවස්ථාවක් ඉතිරි කර දෙනු ඇත.

එසේ නම් ඔබට පිරිසිඳු දහම ලබා ගත හැකි විකල්පයක්ද අප විසින් සැපයිය යුතුව ඇත. අප විසින් මෙම අඩවියට මුල පිරීමට අවැසි දැනුම සරල සිංහලෙන් ලබා ගත්තේ පහත සපයා ඇති ලැයිස්තුවේ පොත් වහන්සේලා පරිශීලණය කිරීමෙනි. එය ඔබට අපගේ ලිපි වල නොයෙක් තැන සඳහන් පොත් වහන්සේලාගේ නම් හා පිටු අංක වලින් මොනවට පැහැදිළි වන්නට ඇත. එම පොත් සම්බන්ධ විමසීම් සඳහා දුරකථන අංක 3 වන පිටුවේ අග සඳහන් වේ.

පොත් අංක 1 සිට 12

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

පොත් අංක 13 සිට 26

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

අගය කිරීම්

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

දිනෙන් දින බල සම්පන්න වන මහමෙව්නා සුනාමිය හමුවේ, නොසෙල්වෙන පොල් ගසක් සේ එයට මුහුණ දෙමින් සසුනත් බේරා ගනිමින්, සුපිරිසිඳු නිවන් මගෙත් පියමන් කිරීමට ඔබට මෙම පොත් වහන්සේලා ගුරු දේවයන් වහන්සේලා සේ උපකාරී වනු ඇත. හුදෙක් මවා පෑම් හා රඟ පෑම් තුලින් ආර්ය භාවය ඉඟි කරන පංච විධ අන්තරාවෙන් බහුතරයකටම අවාසනාවන්ත ලෙස හසු වී කිසිම මාර්ග ඵලයකට සුදුසුකම් නොලබා සිටින අසරණ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේත්, උන් වහන්සේගෙ අමුතුම සංස්කෘතියේත් ගොදුරු නොවීමට ඔබගේ ආරක්ෂාව ධර්ම දැනුම තුලින් මහ පවුරක් සේ ගොඩ නගන්න.

පූජ්‍ය කිරිබත්ගොඩ හිමි, මාර්ග අධිගමයට අන්තරායකර පහත කාරණා සියල්ලට හසු වී ඇති බව කිසිදු සැකයකින් තොරව ඕනෑම අයෙකුට තේරුම් ගත හැක.
2. ක්ලේශාන්තරාය – “අභිධර්මය අබුද්ධ දේශිතයකැ”යි යන මිථ්‍යාදෘෂ්ටිය
4. උපවාද අන්තරාය – අංගුත්තර නිකායේ දුක නිපාතයහි ශ්‍රී සම්බුද්ධ වචනයට අනුව, ඉහත මතය දරන්නා බුදුන්ට දෝෂාරෝපනය කරන්නෙකි.
5. ආඥාව්‍යාතික්‍රමණාන්තරාය – විනය නීති කැඩීම තුළින් ශ්‍රී සම්බුද්ධ ආඥාවට විරුද්ධ වීම. මහමෙව්නාවේ අදායම් ගැන පූජ්‍ය කිරිබත්ගොඩ හිමිගේම වචන අපි කලින් ලිපියක පෙන්වා දුන්නෙමු.

එතුමා යටතේ මාර්ග ඵල ලැබීම හා සුගති ගාමී වීම ගැන කවර නම් කථාද? 2600 සම්බුද්ධත්ව ජයන්තිය ලඟ ලඟ එන මේ දිනවල අපි නියම විචාර බුද්ධියෙන් යුතුව, ශ්‍රී සම්බුදු පියාණන්ට කල හැකි උසස්ම පූජාව, එනම් ධර්මයේ හැසිරීම සඳහා, හංසයා දියෙන් කිරි වෙන් කර ගන්නා සේ, සුපිරිඳු ධර්මය පමණක් පිළිගැනීමට අධිෂ්ඨාන කර ගනිමු.

ඔබට ධර්ම දේශනා ඇසීමේ පහසුකම් ඇතිනම්, අප අඩවිය තුල සපයන අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් ගේ සුමධුර ගාම්භීර ධර්ම දේශනා එකක් වත් අත් නොහැර සවන් දෙන්න. ගීත ශ්‍රවණය තුලින් අපා මාර්ගය විවර කර ගන්නවා වෙනුවට, ධර්ම ශ්‍රවණයෙන් සුගති හෝ පරම ශාන්ත නිවන විවර කර ගන්න. ඔබ වාහන පදවන වා නම් එම සියළු වේලාව ඔබට මේ සඳහා යොදා ගත හැක. නැති නම්, ජංගම දුරකථනය, iPod හෝ මෙම ධර්ම දේශනා ශ්‍රවණය පිණිස යොදා ගත හැක. මෙය ඔබගේ අවසාන සුගති භවයද, නැතිනම් ආරම්භක සුගති භවයද යන්න තීරණය කරන්නේ අන් කවරෙක්වත් නොව ඔබමයි.

නොයෙක් විට අපි ඔය තරම් ධර්මය දන්නේ නැතැයි යනුවෙන් කිසිවිට කීමට සිදු නොවනු ඇත. අභිධර්මයත් ඉගෙනිය හැකි නම්, ගුවන් යානා ඉංජිනේරුවා ගුවන් යානය ගැන දන්නෙ යම් සේද ඒ තරමට ඔබට ඔනෑම ධර්ම ගැටළුවක් තනිව විසඳා ගැනීම දක්වා පවා ගමන් කල හැක. මහාචාර්ය පරම පූජනීය රේරුකානේ චන්දවිමල හිමි ගේ උපමාවකට අනුව, අභිධර්මය නොදැන ධර්මය පිළිබඳ ලබන දැනුම සමාන වන්නේ, ගුවන් යානයක් ඈත අහසේ යනවා දකින ගැමියෙක් ඒ පිළිබඳ ලබා ගන්නා අවබෝධයට සමාන අවබෝධයක් පමණි. ඔබ කැමති ගැමියා වීමටද? නැතිනම් ගුවන් යානා ඉංජිනේරුවා වීමටද? තීරණය ඔබ අතෙයි.

ඔබ මතක තබා ගත යුතු වන්නේ, ඉහත 12, 13 පොත් වලට අමතරව අපගේ රූපමය නිරූපන උපකාරයත් ගන්නේ නම්, එම ඉංජිනේරු උපාධිය ඔබ සිතනා තරම් ලැබීමට අපහසු එකක් නොවන බවයි. එය අපි අත් දැකීමෙන් දනිමු. ඒ නිසා ඔබට විශ්වාසයෙන් කියමු.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,893 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ