ධර්ම නිධාන

Archive for the ‘පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි’ Category

අප රටේ සිංහල ජනගහන අර්බුදයේ බරපතල කම වගකිවයුතු සියළු පාර්ශවයන් විසින් නොසලකා හරින්නේ හරියටම විය යුත්තක් සිදු වෙමින් පවත්නා ගානටය. 2013 වසරේදී අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ දිවයින පුවතක් මගින් මෙහි අති භයංකාර භාවය පෙන්වා දෙන ලදි. පහත දැක්වෙන්නේ එම ලිපියයි. ඉතා දීර්ඝ නොවෙන එය මුලුමනින් කියවා බලන්න

 


බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා තියෙන
සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක්‌ වෙලා

පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි

මාතර – චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

බරපතළ ප්‍රශ්නයකට සිංහල ජාතිය මුහුණ පා තිබෙන යුගයක්‌ තවත් වසර තිහක්‌ හතළිහක්‌ යන කොට ඔබට එය තේරෙයි. සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක්‌ බවට පත්වෙලා තිබෙනවා යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි මාතරදී පැවැසූහ.

මාතර සමාධි ප්‍රජා සංවර්ධන පදනමේ දහතුන් වැනි ශිෂ්‍ය කණ්‌ඩායමේ සිසුන් දහසක්‌ වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි. මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ආරාධනාවෙන් උන්වහන්සේ මෙම උත්සවයට සහභාගී වූහ.

උන්වහන්සේ මෙසේද කීහ.

මේ කතාව කිව්වට සමහරු කියයි මම ජාතිවාදී කතාවක්‌ කරනවා කියලා. එහෙම නැහැ. මම කියන ගාන හදලා බලන්න සිංහල මිනිස්‌සු තව කොපමණ කාලයක්‌ද මේ රටේ ජීවත් වෙන්නේ කියලා.

මෙම වතාවේ ජන සංගණනය එක්‌ක ගත්තාම අපට දැක ගන්නට ලැබුණා සිංහල මිනිස්‌සු එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ මේ රටේ ඉන්නවා කියලා. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයෙන් සියයට හැටක්‌ ඒ කියන්නේ ලක්‍ෂ 80 ක්‌ ඉන්නේ වයස අවුරුදු 40 පැනපු අය. කාන්තාවෝ ගත්තොත් දරුවන් නහදන සහ නොහැදෙන අය ලෝක ධර්මතාවය මත තව වසර 40 ක්‌ ඇතුළත ලක්‍ෂ 80 ක්‌ මියයා යුතුයි. ඉතුරුවන්නේ ලක්‍ෂ පනහයි. මෙම ලක්‍ෂ පනහ අතරේ සිටින අවුරුදු 39 කෙනෙක්‌ට තවත් වසර 40 කින් අවුරුදු හැත්තෑනවයක්‌ වෙනවා. මෙම ලක්‍ෂ පනහෙන් භාගයක්‌ ඉන්නේ පිරිමි කියලා හිතුවොත් කාන්තාවන් ඉන්නේ ලක්‍ෂ 25 යි. ඒ ලක්‍ෂ විසිපහෙනුත් ලක්‍ෂ පහක්‌ විතර මේ වන විට වඳ සැත්කම් කරගෙන. රටේ නීතිය මත වයස අවුරුදු 26 ක්‌ ඉහළ විවාහක කාන්තාවන්ට එල්. ආර්. ටී. සැත්කම කරන්න පුලුවන්. ඒ කියන්නේ ලක්‍ෂ විස්‌සයි කාන්තාවන් ඉන්නේ.

කාන්තාවන් ලක්‍ෂ විස්‌සෙනුත් ලක්‍ෂ දහයක්‌ ඉන්නේ අවුරුදු 20 ට අඩු අය ඒ කියන්නේ විස්‌සට වැඩි අය ඉන්නේ ලක්‍ෂ දහයයි. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ සිංහල මිනිසුන්ගෙන් ලක්‍ෂ දහයයි දරුවන් හදන්න පුලුවන් මට්‌ටමේ සිටින කාන්තාවන් ඉන්නේ. ඔය ලක්‍ෂ දහයෙන් කී දෙනෙකුටද දරුවෝ ලැබෙන්නේ. දරුවන් හදා ගන්න දවසට කාන්තාවන් කීදෙනෙක්‌ චැනල් කරනවද? ඒත් දරුවන් නැහැ. එතකොට දරු ඵලදාව තිබෙන අය ඉන්නේ ලක්‍ෂ 8 යි. ඒ විදියට ගත්තම වසර හතළිහක්‌ තුළ ලක්‍ෂ අසූවක්‌ මැරෙන්න ඉන්නවා. එතකොට එක කාන්තාවක්‌ දරුවන් දහයක්‌ බිහිකළොත් පමණයි යන්තම් සිංහල ජාතිය දැන් සිටින ගාන පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නේ.

ලක්‍ෂ අටක්‌ දරුවන් හදන්න පුලුවන් කියන යථාර්ථයක්‌ එක්‌ක හෙට දවසේ ලක්‍ෂ අසූවක්‌ මැරෙනකොට ලක්‍ෂ පනහක්‌ නාකිවෙලා ඉන්න කොට එක්‌කෙනා දරුමල්ලන් පස්‌දෙනා ගානේ හැදුවත් ලක්‍ෂ හතළිහයි හදන්න පුලුවන් වන්නේ. ඒ කියන්නේ මියගිය ලක්‍ෂ අසූවෙනුත් භාගයයි උපදින්නේ. මේ නිසා සිංහල ජාතියට ඉදිරියේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මෙය වහාම තේරුම්ගත යුතුයි.

src: http://www.divaina.com/2013/05/30/news28.html

1977 න් පසු මුස්ලිම් ලේ නෑකම් සහිතව ජනපති වූ ජේ. ආර්. ජයවර්ධන නම් පාලකයා මේ හෙළ බොදු රටේ චීවරයට ඇති පිළිගැනීම වහා නැසිය යුතුය යන ආකල්පයෙන් ක්‍රියා කල අයෙකි. අදටත් පවතින විනය වර්ධන නම් පවිටු ගිහි පැවිදි එකමුතුව ඔහුගේ සංකල්පයකි. ආරම්භයේදී ගිහියන් විසින් පූජණීය භික්ෂූන් වහන්සේගේ ශීලයේ අඩු පාඩු සොයමින් ගැරහීමත් ඒවා ප්‍රසිද්ධ කිරීමත් යහමින් සිදුවිය. උපසපන් භික්ෂූන් වහන්සේට කෝටියක් සංවර ශීලය රැක ගැනීමට නොහැකි වූයේ නම් විපාක එන්නේ එතුමන්ටය. පංච ශීලයවත් නොරකින, සසුනට ඇතුලත් නොවූ ගිහියන්ට පැවිදි උතුමන් ශීලය සඳහා විවේචනය කිරීම කොතරම් සුදුසුද යන්න පැහැදිලි කරගත යුතු කාරණයකි.

සසුනේ අවසානය වසර පන්දහසකින් සිදුවන බව ප්‍රකටය. එවක් වනවිට භික්ෂූන් වහන්සේ කෙසේද යත් ගිහියන්ගෙන් වෙන්කොට හැඳිනීමට පළදින්නේ අතේ කහ නූලක් පමණි. දරු පවුල් රකින රැකියා කරන නමුත් සම්මුති මහා සංඝරත්නයට එතුමන් ඇතුලත් බව ඔබ දැන සිටියාද? බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශණයට අනුව, එම කසාකණ්ඨක භික්ෂූන් වහන්සේ නමකට සැදැහැ සිතින් දෙන දානයත්, බුදුන් දවස අගසව් සැරියුත් මහ රහතන් වහන්සේට දෙන දානයත් එකම ඵල එකම ආනිසංශ වේ. භික්ෂූන් වහන්සේ සසුන අවසන් වනතෙක්ම උපාසක උපාසිකාවන්ට පින්කෙත වන්නේ මේ අයුරිනි. වෙන කිසිම දානයකින් එවන් ආනිසංස නොලැබෙන බව නොකිව මනාය.

සසුන විනය රැකීම අතින් පිරිහීම බුදුන් විසින් පවා දුටු සත්‍යයකි. බුදු දහම හා සසුන වැනසීමට කුමන්ත්‍රණ කරන්නවුන්ට එය ආවුධයක් කර ගැනීමට බොදුනුවන් කිසිසේත් ඉඩ නොදිය යුතුය. කෙසේ නමුත් විනය රකින්නන් සේ රඟ පාමින් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට වින කරන අසපු ගාමී කල්ලි (රටපුරා මහමෙව්නා හා බෙල්ලන්තොට හන්දියේ සමන්තභද්‍ර) බිහිවන විට ඒවාට එරෙහිවීමට නම් සිව්වනක් පිරිස නොපැකිලව ඉදිරිපත් විය යුතු බව අපි නොයෙක් වර පෙන්වා දුන්නෙමු.

මීට අමතරව හෙළයාගේ ජාති මාමක්ත්වයට හේතු සොය බැලූ එම පාලකයා ,වීර හෙළ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නරපතියන් හේතුව බව දැක, ඉතිහාසය මුළුමනින්ම වලලා දැමීම පිණිස පාසැල් විෂය ධාරාවෙන් එය ඉවත් කරන ලදි. වීර දුටු ගැමුණු රජු ගේ ශ්‍රේෂ්ඨත්වය විශේෂයෙන් සඟවා දමන ලදි.

ඡේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථික යුගය තුල රටේ සිටි වඩාත්ම ජනප්‍රිය බෞද්ධ භික්‍ෂුව පමණක්‌ නොව වඩාත්ම ජනප්‍රිය චරිතය වූයේද අති පූජණීය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ බෝධි පූජා පිංකම් පිළිබඳවත් ප්‍රවෘත්ති කිසි විටෙකත් පුවත්පත්වල පළ නොකරන ලදී. ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය නොකරන ලදී. කියවන්න එම ශ්‍රේෂ්ඨ චරිතයේ වීරකම් හා අභිරහස් අපවත් වීම .

http://www.divaina.com/2016/05/22/feature01.html
“නහී වේරේන වේරානි” ආදි වශයෙන් තම දිළිසීම උදෙසා බෞද්ධ ඉගන්වීම් ලොවටම කියාපාමින් ඡේ. ආර්. ජයවර්ධන නම් මුස්ලිම් එකාධිපතියා බුදු දහමට කළගුණ සැලකූවේ ඒ අයුරිනි.

එම පාලකයා හෙළයට කල හානි එය පමණක් නොවේ. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් මේ රටේ ජන පදනම විකෘති කිරීමට අඩිතාලම දැම්මේද ඔහුමය. මැදපෙරදිග රටවල් ලොවම ඉස්ලාම් කිරීමේ සිහිනයෙන් මත්ව පවුල් සැලසුම් සිය ආගමිකයන්ට තහනම් කිරීමත් අනෙක් ආගම් හා ජාතීන්ට තම වියදමින් නොමිළේ කරදීමත් එකල ආරම්භ කල ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි. තම මැදපෙරදිග නෑසියන්ගේ එම කුමණ්ත්‍රණයේ මෙරට හවුල්කරු වූයේ ජේ. ආර්. ජයවර්ධන නම් පාලකයායි. “පුංචි පවුල රත්තරං!” යන්න ඔහුගේ හෙළය නැසීමේ ව්‍යාපාරයයි. අද වනවිට අප එහි ගොදුරක් වී හමාර බව ඉහත අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ගේ ලිපියෙන් මොනවට පැහැදිළි නොවන්නේද?

480047_565622313455356_1487559135_n

කල මෝඩකම් මොනවා වුවත්, ලිඳේ වැටුනු මිනිහා ළිං කටින්ම ගොඩ විය යුතුය. වර්ථමානයේ විවාහ දිවියට පත්වන සිංහල යුවලවල් අතර දරු උපත් ඉතා විරල බවට පත්වී ඇත. ඒ අතරම ආර්ථික අපහසුකම් ඇති පවුල් අතර සමහර අවස්ථාවල දරුවන් 7 පවා දැකීමටද ඇත. මෙසේ ජාතියට සිංහල බොදු දරුවන් පුදන පවුල් ජාතියක් වශයෙන් එක්ව අප රැකිය යුතුය. ඔවුනට උපරිමයෙන් අත දී දිරිමත් කල යුතුය. දරුවන් රහිත යුවලවල් මෙය තමාගේ විශේෂ වගකීමක් කරගත යුතු වන්නේ තමාට කල නොහැකි වූ ජාතික සේවය එම පවුල් විසින් ඉටු කරන බැවිනි. හෙළ ජාතිය වඳ වූ දාට කිසිවෙකුගේ ජීවිතය සුන්දර නොවනු ඇත. කර්කෂ ඉස්ලාම් නීති මනුෂ්‍යත්වය සහමුලින් අකාමකා මිහිමත අපාය මනුලොව බිහි කරනු ඇත. එම ගෝත්‍රිකවාදයේ වර්ථමාන නිදසුන් ISIS ම්ලේච්ඡත්වය තුලින් අප දකිනවා නොවේද? බොදු දහමේ කරුණාවෙන්ම රැකෙමින් එය අගය කරනවා වෙනුවට අපගේ පූජණීය උතුමන් මරාගෙන මැරීමට උවමනාව ඇත්තේ ඉස්ලාම් ආගමිකයන්ට පමණි. එම ගෝත්‍රිකයන් මහියන්ංගනයේදී බෞද්ධ කොඩි පිළිස්සුවේ ගෙරි මස් නොකෑම පිළිබඳ බණට එරෙහිවය. මාධ්‍ය වාරණ තුලින් ජනතාවෙන් වසන්කල එම අපරාධ මේ ලිපියෙන් හෙළිවන අයුරු බලන්න. ඉස්ලාම් වටපිටාවේ අපි කෙසේ නම් විසිය යුතු වෙයිද?

http://www.divaina.com/2016/07/08/news26.html

එමනිසා සැදැහැවත් බෞද්ධ ඔබගේ නොමසුරු මාසික ආධාරය මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීමට හැකි පමණින් දායක කරන්න. රු 10, 20 වේවා 500, 1000 වේවා පස්වී දිරි දරු අඩවියේ සඳහන් ගිණුමට බැර කිරීමෙන් උපරිම ආත්ම තෘප්තියක් ලැබෙන සාසන මාමක ව්‍යාපාරයක හවුල් කරුවකු වන්න. වඳ වීම ආරම්භ වී ඇති අපගේ සිංහල ජාතිය වෙනුවෙන් ඔබගේ යුතුකම් කොටස ඉටු කරන්න. ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න, දැනටම ප්‍රතිලාභ ලබන පවුල් බලා සිත් පහදවා ගන්න.

facebook අඩවිය

1003671_493928130690013_1351357862_n

http://pasawi.com/index.html
https://www.facebook.com/PASAWI/

රට එක්සේසත් කල මේ පින්බිමේ උදාරම නරපතියා වන දුටුගැමුණු මහ රජාණන් වහන්සේගේ ගේ අති සාර්ථක රාජ්‍ය පාලනයේ රහස වූයේ එතුමාගේ පුරෝහිත මණ්ඩලය සිසාරා වැඩහුන් අසේක වූ මහරහත් උතුමන්ය. ඡන්ද-ද්වේෂ-භය-මෝහ යන සතර අගතියෙන්ම පරතෙරට පත් මෙතෙක් දේශපාලනයේ යෙදුනු රට උලා කෑ සියළු  ගිහි/පැවිදි පවිටුන් මෙන් නොව, අතට පත් නිවන පසෙක තබා කුළුදුලේ දේශපාලනයට  වඩින ජාතික කැක්කුම ඇති  බොදු ජන පෙරමුණ සම්මුති භික්ෂුවද දේශපාලන වශයෙන් අනාථ අසරණ බොදු අප හට මහා භාග්‍යයකි. රට දැය සමය රැකීමේ නාග රාජ සංකේතයෙන් අරාජික රටේ බොදු අප වෙනුවෙන් ඉදිරිපත් වන මේ උතුමන් සියල්ල ඉහළම ඡන්දයෙන් තෝරා ගනිමු. ඒ වෙනුවෙන් කැපවී සියල්ලන් දැනුවත් කරමු. ඉහලම පුටුවල වැජඹෙන නින්දිත දේශපාලුවන් නිවැරදි කර රට සුළු ජාතික අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට අපේ යුතුකම අඩු නැතිවම ඉටු කරමු.

 

bjp

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ද මෙවර මහ මැතිවරණයට බොදු ජන පෙරමුණෙන් තරග වදින අතර උන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ 16 නමක් එම පෙරමුණෙන් පළමුවරට ඡන්ද සටනට පැමිණ සිටිති.

බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවෙන් හිමිවරුන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර කොළඹ කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන්ද කළුතර කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ ගම්පහ කණ්ඩායම් නායක ලෙස ඩිලන්ත විතානගේ මහතා නාමයෝජනා ලබාදී ඇත.

එම භික්ෂුන් වහන්සේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කළ බැඳිවැව දියසේන හිමියෝද වෙති.

නිවට රජයක් සමඟ ප්‍රපාතයට ඇදෙන රටක බුදු දහමේ විනාශය පුවත් හරහා හෙළි වූයේ මෙසේයි.

බෞද්ධයන්ගෙන් මුස්‌ලිම් ජනතාවට බලපෑමක්‌
වී ඇත්නම් ඒ ගැන සොයන්න කොමිසමක්‌ පත්කරන්න

සිරිමන්ත රත්නසේකර

මුස්‌ලිම් ජනතාවට පසුගිය දෙවසර තුළ බොදු බල සේනා සංවිධානයෙන් බෞද්ධ ජනතාවගෙන් යම් බලපෑමක්‌ සිදුව ඇත්නම් ඒ ගැන සොයා බැලීම සඳහා කොමිසමක්‌ පත් කරන මෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (10 වැනිදා) රජයෙන් ඉල්ලා සිටියහ.

එවැනි කොමිසමකට දිය හැකි සම්පූර්ණ සහයෝගය ලබාදීමට සිය සංවිධානය කටයුතු කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

එසේ නොකර බෞද්ධයන්ගෙන් මුස්‌ලිම් ජනතාවට ප්‍රශ්න වුණා යෑයි සඳහන් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සිය සංවිධානය සෑම විටම එරෙහි වූයේ සම්ප්‍රදායක මුස්‌ලිම්වරුන්ට නොව අන්තවාදයට බවත් සඳහන් කළහ.

http://www.divaina.com/2015/02/11/news41.html

 

අසාද් සාලි බෞද්ධයන් ප්‍රකෝප කරනවා
බෞද්ධ කොඩි අත දැරීම ජාතිවාදී වන්නේ කෙසේද?

– ඥනසාර හිමියෝ අසාද් සාලිගෙන් ප්‍රශ්න කරති

සිරිමන්ත රත්නසේකර

බෞද්ධ කොඩි අත දැරීම ජාතිවාදී කටයුත්තක්‌ වන්නේ කෙසේදැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කළහ.

මේ බෞද්ධ රාජ්‍යයේ බෞද්ධ කොඩි අත දැරීමට කිසිවකුගෙන් අවසර ගත යුතු නැති බවත් කී උන්වහන්සේ තමන් කුමන රටක සිටීදැයි සිහි එළවා ගන්නා මෙන් ඒ මහතාට කියා සිටියහ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (19 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඥනසාර හිමියෝ මෙසේ පැවැසූහ.

අසාද් සාලි මේ රට, පරිසරය, මිනිස්‌සුන්ගේ හැඟීම් කුමක්‌ද හඳුනාගෙන නැහැ. හඳුනාගත්තත් අමතක කර දමා තිබෙනවා.

ඔහු සිංහල ජාතිය, බෞද්ධයා, බෞද්ධ තරුණයන් ප්‍රකෝප කරමින් සිටිනවා. ඔහු මෙසේ කළේ එක වරක්‌ දෙවරක්‌ නොමෙයි. ඔහු අවස්‌ථා ගණනකදීම මෙසේ කටයුතු කර තිබෙනවා. අපට අන්තවාදීන් යෑයි කියමින් අන්තවාදය දැඩි ලෙස වපුරවමින් සිටිනවා.

නුගේගොඩ රැස්‌වීම සංවිධානය කළ නායකකාරකාදීන්ට එය සාර්ථකව පැවැත්වීම පිළිබඳව අප පුණ්‍යානුමෝදනා කරනවා. එය මහ ජන ගඟක්‌. එම රැලිය ඓතිහාසික රැලියක්‌. එය අවඥවට ලක්‌ කරන්න අසාද් සාලි කටයුතු කළා. ඔහු සිංහලයන් කවුරුන් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. ඔහු නිසා තමයි සිංහලයන් නැගිටින්නේ.

මුස්‌ලිම් නායකයන් වන µවුසි, කබීර් හෂීම්, ඉමිටියාස්‌ බාකිර් මාකර් සහ මුස්‌ලිම් නායකයන් කෙතරම් හොඳට සිංහලයාට බෞද්ධයාට ගරු කරනවාද. ඔවුන් අප රට සෙවණේ හැදෙමින් අපූරුවට කටයුතු කළා. නමුත් මෙම සාලි වැනි අන්තවාදීන් ජාතීන් අතර සමගිය විනාශ කරනවා.

අසාද් සාලිට දැන් ඇඳුමක්‌ ඇඳගෙන පාරේ යන්න බැහැ. දැන් ඔහු දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. අප කියන්නේ අප සටනට නොකැඳවන ලෙසයි. තමන් අභියෝගයෙන් පරාජය වී ඇති බව මතක තබා ගත යුතුයි. ඔහුට දැන් අභියෝගයෙන් ගැලවී යන්න බැහැ. බෞද්ධ කොඩි රැගෙන මිනිසුන් නුගේගොඩ රැලියට ආවේ නැහැ. එය ජාතිවාදී රැස්‌වීමක්‌ නොවෙයි. බෞද්ධ කොඩි ගෙන ආවත් එම කොඩි රැගෙන ඒමට කිසි බාධාවක්‌ නැහැ. බෞද්ධ කොඩි තිබීම ජාතිවාදී වන්නේ කෙසේද යන්න අප විමසා සිටිනවා.

අන්තවාදීන් හිතනවනම් නව රජය සෙවණේ අන්තවාදය වැපිරිය හැකියි කියා එය හඳේ තමයි. අප අපගේ අරමුණු කිසිදා පසුපසට ගෙන නැහැ. අප එදා මෙන්ම අදත් එසේම හෙටත් රට ජාතිය, ආගම වෙනුවෙන් සටන් කරනවා.

අප යහපාලන ආණ්‌ඩුවේ නායකයන්ට කියන්නේ සිංහලයන්ගේ හඬට කන්දෙන ලෙසයි. හේතුව නොනසා ඵලය නසන්න නොහැකියි. ඉදිරි මහා විනාශයක පෙරනිමිති රට තුළ පහළ වෙලා. අප පෙන්වා දෙන්නේ එයයි. අප ඉදිරිපත් කරන කරුණු ගැන ආණ්‌ඩුව බුද්ධිමත්ව හා විඥනිකව නොසිතන බව පැහැදිලියි.

අන්තවාදීන්ගේ මෙම නැගීම තුළ රටට ලොකු අනතුරක්‌ තිබෙනවා. යහ පාලනයේ මැති ඇමැතිවරුන්ට අප කියන්නේ අප කටයුතු කරන්නේ එළිපිට බවයි. අප පල්ලිවල කරනවා වගේ රහසිගත වැඩ කරන්නේ නැහැ. මේ යන විදිහට ගියහොත් රට ලේ විලක්‌ වීම නොවැළැක්‌විය හැකියි. අන්තවාදී කල්ලි කණ්‌ඩායම් රට තුළ දලුලා වැඩෙනවා. පෙර රජය තුළදී එය යම් දුරකට පාලනය කළත් වත්මන් රජය රට අනතුරක හෙළා තිබෙනවා.

ආණ්‌ඩු දිනාවි, පරදීවි නමුත් ජාතික ආරක්‍ෂාව අනතුරට හෙළිය යුතු නැහැ. පෙර රජය යටතේ උතුරු නැගෙනහිර සිංහල ජාතික මුල් පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලයක්‌ පැවතියා. එය දැන් අවසන්ව තිබෙනවා. එම කටයුතු කළ නිලධාරීන් කොළඹට කැඳවා තිබෙනවා. එම නිලධාරීන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම ආණ්‌ඩුවේ වගකීමක්‌. ජාතියේ කොඳු නාරටිය නොකඩන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටිනවා.

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතාද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

මෙම අවස්‌ථාවට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝද එක්‌වූහ.

http://www.divaina.com/2015/02/20/news26.html

 

මුස්‌ලිම් ආගමට නිග්‍රහ කළැයි
ගලගොඩඅත්තේ හිමිගෙන් පොලිසිය ප්‍රකාශයක්‌ ගනී

චතුර පමුණුව

මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ සිදුකළ පැමිණිල්ලක්‌ පදනම් කරගෙන බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනුබද්ධ ආගමික පොලිසිය මගින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් ප්‍රකාශයක්‌ සටහන් කරගෙන ඇත.

පෙබරවාරි 19 වැනිදා බොදුබල සේනා සංවිධානය පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී මුස්‌ලිම් ආගමට නිග්‍රහ වී ඇති බව කියමින් මුස්‌ලිම් ජාතිකයන් හයදෙනකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. ඊයේ සවස පොලිසිය මගින් සිදුකළ දැනුම්දීමකට අනුව ඥනසාර හිමියෝ ආගමික පොලිසිය වෙත ගොස්‌ සිය ප්‍රකාශය ලබා දී ඇත.

http://www.divaina.com/2015/04/01/news30.html

අලුත් ආණ්‌ඩුවේ යහපාලනයට මුවාවී අන්තවාදීන් හිස ඔසවනවා
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

අලුත් ආණ්‌ඩුවේ යහ පාලනයට මුවා වී අන්තවාදී කල්ලි කණ්‌ඩායම් පෙරටත් වඩා පෝෂණය වී වර්ධනය වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය උත්තේජන ද පෙරට වඩා ලැබෙමින් තිබෙන බවත් උන්වහන්සේ චෝදනා කළහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (10 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවැසූහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ශාසනයට කළ හැකි උපරිම අවමානය නිග්‍රහය පසුගියදා සිදු කළා.

ව්‍යවස්‌ථාව කියන්නේ කුමක්‌ද යන්න අර්ථ නිරූපණය කරනවා සේම බුද්ධාගම කියන්නේ කුමක්‌ද යන්න නිර්වචන කරන්න කියා අප රජයෙන් ඉල්ලා සිටිනවා. බොදු බල සේනා සංවිධානය කියන්නේ මාගේ හෝ නන්ද හිමියන්ගේ සංවිධානයක්‌ නොවෙයි. එය සිවුවනක්‌ පිරිසකගේ සංවිධානයක්‌.

වත්මන් රජය මාසයක්‌ ඇතුළත පුරා විද්‍යා ආඥ පනත නිසිලෙස ක්‍රියාත්මක නොකළොත් අප ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. ඉවසුවා දැන් හොඳටම ඇති. පසුගිය ආණ්‌ඩුත් මේ දේවල් මඟ හැරියා මේ ආණ්‌ඩුවත් එලෙසම කරන්න දෙන්න බැහැ.

අපි ආපසු අපගේ කටයුතු කූරගලින් ළඟදීම ආරම්භ කරනවා මේවා ජාතිය සතු සම්පත්. ඒවා රැක ගන්න අප වහා කටයුතු කළ යුතුයි. අප කූරගල ගඩොලින් ගඩොල ගලවනවා යහ පාලන ආණ්‌ඩුව අපට බම්බු ගහයි. කූරගල බෞද්ධ අයිතියක්‌a එය රැක ගැනීමේදී අපට අන්තවාදීන් කීවට කමක්‌ නැහැ.

මුළු ලෝකයම මුස්‌ලිම් අන්තවාදයට එරෙහිව යුද වදින විට ඊට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගනිද්දී අපගේ නායකයන් ඇස්‌ කන් පියාගෙන සිටිනවා.

ඉදිරියේදී දේශපාලනික වශයෙන් කුමක්‌ කරන්නේද යන්න අප තීරණය කර නැහැ. අප අපගේ ජාතික කාර්යයන් ඉදිරියට එලෙසම කරගෙන යනවා. අද රට විශාල ප්‍රශ්න රැසකට මුහුණදී තිබෙනවා. එදා අප කිවූ දේ අද සැබෑවෙමින් තිබෙනවා. යහපාලන සංදර්ශනය තුළ සැබෑ සත්‍යය එළියට පැමිණ නැහැ. උතුරු නැගෙනහිර නුදුරේදීම නැවත එක්‌වීමේ අවදානම තිබෙනවා. එම වැඩපිළිවෙළ ලස්‌සනට ක්‍රියාත්මක වෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා මෙසේ පැවසීය.

මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුµa හකීම් මහතා අල් ඛයිඩා සංවිධානයට සෘජුවම හා වක්‍රව සහාය ලබා දෙනවා. චම්පික රණවක මහතා අල් ඛයිඩා සංවිධානය ගැන පොතක්‌ රචනා කළ විට හකීම් මහතා ඒ ගැන ජිනීවාවලට පැමිණිලි කරනවා. ඔහුගේ මෙම ක්‍රියාවලිය ගැන වහා විමර්ශනය කළ යුතුයි.

ඒ වාගේම ශූර කවුන්සිලය, හලාල් පිළිබඳව, මුස්‌ලිම් කලාප ගැන රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය විමර්ශන කළ යුතුයි. මුස්‌ලිම් කාන්තාවන් මුහුණ වසාගෙන සිටීම තහනම් කළ යුතුයි.

මෙම අවස්‌ථාවට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝද එක්‌වූහ.

http://www.divaina.com/2015/02/11/news40.html

සිංහල බෞද්ධ හෙවණක
මේ රටේ හැම ජාතියකම රැකවරණය සහතිකයි

මෙරට දේශපාලනය තුළ බොදු බල සේනාවේ ක්‍රියාකාරිත්වයේa යම් බලපෑමක්‌ තිබෙන බව නොරහසකි. එහෙත් ඉකුත් සමයේ ඔවුන් වෙතින් එතරම් සක්‍රීය බවක්‌ නොපෙනුණි. ඒ අතර මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීම සම්බන්ධයෙන්ද බොදු බල සේනාව දෙසට ඇඟිලි දිගු නොවනවා නොවේ. මේ සියල්ල විමසීම පිණිස අප බොදු බල සේනාවේ ‘හඬ’ හෙවත් එහි ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි මුණගැසුණෙමු.

ප්‍රශ්නයඃ-ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වීමට බොදු බල සේනාව වගකිව යුතුයි කියලා ඇතැම් පාර්ශ්වයන් චෝදනා කරනවා…?

පිළිතුරඃ-පරාජයකදී එකිනෙකා දෙසට ඇඟිලි දිග වීම සාමාන්‍ය ස්‌වභාවයක්‌. අපිට එල්ල කරන චෝදනාව තමයි මුස්‌ලිම් ජන්ද ටික අනික්‌ පැත්තට ගියේ අපි නිසා කියන එක. පැහැදිලිව කියන්න ඕනේ අපි එරෙහි වුණේ මුස්‌ලිම් අන්තවාදයට මිසක්‌ සමස්‌ත මුස්‌ලිම්වරුන්ට නොවන වග. එතකොට තව මට අහන්න තියෙන්නේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තය අනිත් පැත්තට ගියේ අපි නිසාද? චම්පික රණවක මහත්තයලා අනිත් පැත්තට ගියෙත් අපි නිසාද? උතුරේ ජන්ද ටික නොදුන්නෙත් අපි නිසාද? ඒත් අපට ගණන් හදලා පෙන්වන්න පුලුවන් වෙනදා නොතිබුණු තරම් බෞද්ධ ජන්ද සංඛ්‍යාවක්‌ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ශුද්ධ ලෙස ලබාගැනීමට හැකිවුණාය කියන එක. ඇත්තටම මේ පරාජයට වගකියන්න ඕනේ, වැඩක්‌ නොකරපු ආසන සංවිධායකවරු. මොකද පිටින් වගේම පක්‍ෂ අභ්‍යන්තරයෙත් කුමන්ත්‍රණයක්‌ තිබුණා කියන එක පැහැදිලියි. ආසන සංවිධායකවරු හිටියේ මඩේ හිටවපු ඉනි වගේ. ජන්දයෙන් පසුව අද වෙන දෙයින් එය ප්‍රත්‍යක්‍ෂ වෙනවා. නමුත් අපි ඇත්තටම කල්පනා කරන්නේ රටක්‌ හැටියට. ජාතියක්‌ හැටියට. මේ සිංහල නායකයෝ කල්ලි වශයෙන්, පක්‍ෂ වශයෙන් බෙදී වෙන්ව සිටීම නිසා රටක්‌ වශයෙන්, ජාතියක්‌ වශයෙන් විනාශයට පත්වන්නේ අපමයි. අපේ ඒ බෙදී යැමෙන් උපරිම ප්‍රයෝජනයක්‌ ගන්න සුළු ජාතීන්ට හැකියාව ලැබිලා තිබෙනවා. ඇත්තටම අවසානයේ කවුද දිනුවේ. අපි සිංහල දේශපාලනඥයන්ගෙන් මේ වෙලාඟෙ කාරුණිකව ඉල්ලා සිටින්නේ කඳවුරු වශයෙන් බෙදී ඉන්නේ නැතිව එක්‌කාසු වෙන්න කියන එක. මොකද වෙන් වෙන් වශයෙන් කඳවුරු බැඳගෙන සිංහල දේශපාලනඥයන් මේ කරගන්නා වූ අපරාධයට අනාගතයේ දවසක කාට කාටත් වන්දි ගෙවන්න වෙයි.

ප්‍රශ්නය-ඃ- සමාජ වෙබ් අඩවිවල පළවුණා මේ පරාජයෙන් පසුව, ඔබවහන්සේලාගේ සංවිධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්‌වුණා කියලා…

පිළිතුරඃ- අවසාන මොහොතේ දේශපාලන වටපිටාව හැසිරෙන අකාරය දැකලා, අපි අපේ හෘද සාක්‍ෂියට අනුව තීරණයක්‌ ගත්තා මේ රට අද භුක්‌තිවිඳින යුද්ධයෙන් තොර නිදහස දිනා දීපු නායකයා වශයෙන් අපි එතුමාට කොන්දේසි විරහිතව අපේ සහයෝගය දිය යුතුයි කියලා. මැතිවරණයට පෙර එතුමා අපව මුණගැසුණෙත් නැහැ. මැතිවරණයෙන් පසුව මුණගැසුණෙත් නැහැ. යමෙකුට, යම් සංවිධානයකට පහර දෙන්න ඕනේ නම් අන්තර්ජාලය තුළ කැමැති කැමැති දේ ගොතලා දානවා. කිසිදු වගකීමක්‌ නැති, කිසිම පදනමක්‌ නැති හිතලුවලින් දැන් මේ සයිබර් අවකාශය පිරිලා. ඇත්තටම ඒවා බලන මිනිස්‌සු නිකං ඔළුව විකාර කරගන්න එක විතරයි කරගන්නේ.

ප්‍රශ්නයඃ- තවත් වසර 2ක්‌ කල් තිබියදී ජනපතිවරණය කැඳවීම ගැන ඔබ වහන්සේ මොකද හිතන්නේ.

පිළිතුරඃ- ‘බහු බුද්ධීං මරණං භවේ’ කියලා කියනවා. ඒ කියන්නේ බහු බුද්ධිය මරණයට හේතුවක්‌ කියලා. මහින්ද මහත්තයා වටේ හිටිය තුච්ජ ජ්‍යෙdතිර්වේදීන් ඇතුළු නා නා ප්‍රකාර උපදේශකයන්ගේ බහු බුද්ධිය තමයි මේ තීන්දු තීරණ සහ විනාශයන්ට හේතු වුණේ.

ප්‍රශ්නයඃ- ජාතික හෙළ උරුමයේ භූමිකාව ගැන ඔබවහන්සේගේ අදහස?

පිළිතුරඃ-හෙළ උරුමයට තිබුණු ගෞරවයේ වෙනසක්‌ නැහැ. ඔවුන් 2005 දී රාජපක්‍ෂ මහතාව බලයට ගෙනාවා. 2009 දීත් ඒ අය තමන්ගේ යුතුකම කළා. ඒත් මෙවර මැතිවරණයේදී ඔවුන්ගේ හඬට කන්නොදීමත් රාජපක්‍ෂ මහතාගේ පරාජයට හේතුවක්‌ හැටියට මම දකිනවා

ප්‍රශ්නයඃ- හදවතින්ම උත්තරයක්‌ අවශ්‍යයි. ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කරන්නට ඉදිරිපත් වීම, ඔවුන් පිහිටා සිටි ස්‌ථාවරයත් සමග සැසඳුවහම මූණ එක්‌ක තරහට නහය කපාගැනීමක්‌ නොවෙයිද?

පිළිතුරඃ- ඒකට කාලය විසින් උත්තරයක්‌ දෙයි.

ප්‍රශ්නයඃ- ‘ආගම් වාදී, ජාතීවාදී’ කියන ලේබලය තවදුරටත් ඔබ සංවිධානය මත අලවනවා. නමුත් ඔබ වහන්සේ එය භාරගන්න ලැහැස්‌ති නැහැ. එසේ නම් සියල්ලට පෙර ‘බොදු බල සේනාව’ කියන සංවිධානයේ සැබෑ ස්‌වරූපය, අරමුණ සමාජයට පැහැදිලිව කියා සිටියොත් හොඳයි නේද?

පිළිතුරඃ- අපි ජාතිය ගැන කතා කිරීම තමයි මේ ජාතිවාදය කියන්නේ. අපි උපන් රට, අපේ උතුම් ආගම වෙනුවෙන් කතා කිරීම ජාතිවාදය කියනවා නම් ඒක වැරදියි. අපට බණින මංගලලාවත්, අපව විවේචනය කරන ජනතා විමුක්‌ති පෙරමුණේ සහෝදරයොවත් සිංහලයන් වශයෙන් අපට සිදුවන අසාධාරණය, බෞද්ධයන්ට එරෙහිව සිදුවන සංස්‌කෘතික ආක්‍රමණය ගැන කතාකරන්නේ නැහැ. නමුත් අපි කතා කළහම වැරදියි. මේක ජාතියේ පුදුම අවාසනාවක්‌. පහුගිය රාජපක්‍ෂ ජනාධිපති ආණ්‌ඩු කාලෙවත් අපට අපේ සැබෑ මතය කියන්න කිසිම විද්යුත් මාධ්‍යයක ප්‍රමාණවත් අවස්‌ථාව දුන්නේ නැහැ. දුන්නා නම් ඒ මුද්‍රිත මාධ්‍ය විතරයි. ඇත්තටම අපිට මාධ්‍ය හරහා අපේ සැබෑ ක්‍රියාකාරිත්වය, අරමුණ ඉදිරිපත් කරන්න අවස්‌ථාව දුන්නා නම් රටට මෙයට වඩා විශාල සෙතක්‌ වෙන්න තිබුණා. අපිට අර කියපු ලේබලය ගහලා පැත්තකින් තැබුවා මිසක්‌ මේ කියන දේ වටිනාකම ලෝකයට තේරුම් ගන්න සැබෑ අවස්‌ථාවක්‌ දුන්නේ නැහැ. අපි කියන්නේ සිංහල බෞද්ධ සෙවණක මේ රට තිබෙන්න ඕනෑය කියන කාරණයයි. සිංහල බෞද්ධයා අන්‍යයන් තලාපෙලන ජාතියක්‌ නෙවෙයි. සිංහල බෞද්ධ සෙවණක මේ රටේ අන් සියලු ජාතීන්, ආගම් සුරක්‍ෂිතයි.

රැකවරණය සහිතයි. මෙයයි අපට කියන්නට අවශ්‍ය. මෙයයි අපේ අරමුණ. අද මෙයින් බැහැරවූ ලෝකයේ අනිත් රටවලට වෙලා තිබෙන දේ සමග සන්සන්දනාත්මකව හිතුවොත් ඔබට පෙනෙයි, සිංහල බෞද්ධ සෙවණක අන්‍ය ජාති ආගම්වලට තිබෙන සැනසිල්ල කොපමණද කියලා. අවාසනාවකට අපි මේ මුස්‌ලිම් මිනිස්‌සුන්ව මරන් කන්න ආපු සංවිධානයක්‌ විදිහට පෙන්නලා අපට පහර ගහනවා. මේ යහපාලනයක්‌ ගේන්න කියලා ආපු ආණ්‌ඩුවත් දැන් අපටමයි ගහන්නේ. මේ රටේ සැබෑ සැනසිල්ල, රැකවරණය ගැන අපි මේ කියන අදහස මොකද්ද කියල තේරුම්ගත්තොත් එතැන තමයි යහපාලනය තිබෙන්නෙත්.

ප්‍රශ්නයඃ- නව පාලනය යටතේ දූෂණ, අක්‍රමිකතා විමර්ශනය කරන්න යනවා. ඔබ වහන්සේලාගේ සංවිධානයත් පහුගිය කාලයේ ඉකුත් රජයේ සමහරක්‌ ඇමැතිවරුන්ට දූෂණ චෝදනා එල්ල කළා. දැන් ඔවුන් මේ රජයේත් බලවන්තයින්. ඔන්න දැන් ඒ µයිල් ඉදිරිපත් කරන්නත්, මේ රජයේ විමර්ශනයේ සාධාරණ බව විමසන්නත් ඔබට අවස්‌ථාවක්‌ ඇවිත්.

පිළිතුරඃ- මේ දූෂණ විමර්ශනවලට කියන්නේ මහත්තයෝ හොරු සමග හෙළුවෙන් කියලා. අමුඩයක්‌ විතරක්‌ ඇඳගෙන ඉන්න එකා අනිත් කෙනාගෙ නිරුවත ගැන කතාකරනවා. නිරුවතින් ඉන්න කෙනා අනිත් එකා අමුඩයක්‌ විතරක්‌ ඇඳන් ඉන්න එක ගැන කථාකරනවා. අවසානයේ වැඩි හරියක්‌ සිංහලයම ලෝකය ඉස්‌සරහ රෙදි ගලවාගන්නවා. අපි කියන්නේ වංචා දූෂණ ගැන විතරක්‌ නෙමෙයි, පුළුවන්නම් මේ රටේ සිංහල බෞද්ධයාට එරෙහි කුමන්ත්‍රණ, අනෙකුත් සංස්‌කෘතික විනාශයන්, සිංහල බෞද්ධයාව අපහසුතාවට පත්කරපු සැබෑ අන්තවාදී හැසිරීම් ගැන සොයන්නත් ස්‌වාධීන කොමිසම් පත්කරන්න කියලා.අළුත්ගම බේරුවල සිදුවූ සිදුවීම් ගැන හොයන්න වහාම කොමිසමක්‌ දාන්න කියලා අපි ඉල්ලනවා.

ප්‍රශ්නයඃ- ඉකුත් ජනාධිපතිවරණයේ ජන්දය ප්‍රකාශ වූ ආකාරය ගැන බැලීමේදී පැහැදිලිවම පේනවා රටේ සුළු ජාතීන් විසින් ජාතියක්‌ ලෙස එකතුව තම ජන්දය තීරණය කළාය කියන කරුණ. ඇයි ඔබවහන්සේලාට බැරි අන්‍ය ජාති, ආගම්වලින් මේ ජාතියට එන අතුරු ආන්තරා පස්‌සේ පන්නන්නට පෙර, ජාතියක්‌ වශයෙන් එක මතයක සිට තීරණ ගන්නා තැනකට මෙය මෙහෙයවන්න.

පිළිතුරඃ- අපි ඉතා වගකීමකින් කියනවා, මේ බොදු බල සේනා සංවිධානය පිහිටු වූවේ මහින්ද රජපක්‍ෂ මහතා විසින්වත් ඒ මහතාගේ පවුලේ අය හෝ ඒ ආණ්‌ඩුව විසින්වත් නෙමෙයි. අපේ සිංහලයෝ අරමුණක්‌ නැතිව කඩාවැටෙන හැටි, නන්නත්තාර වන හැටි, නිර්වින්දනය වී සිටින හැටි අප දුටුවා. සංවිධාන රාශියක්‌ විසින් බෞද්ධයාව සංස්‌කෘතික වශයෙන් ඝාතනය කරන හැටි අප දැක්‌කා. ඒ අනුව නව බොදු පුනරුද ව්‍යාපාරයක්‌ ලෙසයි, අප මෙය ආරම්භ කළේ. මේ බෙදිලා වෙන්වෙලා ආර්ථික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් කඩාවැටිලා රෝගී බවට පත්වූ සිංහල සමාජය නිරෝගී කරන්නයි අපි කටයුතු කරන්නේ. මේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික ජාතිය ඔවුන්ට හිමිවිය යුතු නිසි තැනට ගෙනයන අපගේ ප්‍රයත්නයේදී අපි සෑහෙන්න නින්දා, අපහාස වින්දා. නමුත් අපි නවතින්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පාඩමක්‌ ලෙසට ගෙන ඉදිරියේදී මේ රටේ සිංහලයෝ පක්‍ෂ,පාට අමතක කර එකතු විය යුතුයි. මඩිහේ මහානායක හාමුදුරුවන්ගේ කාලයෙත් සිංහලයිනි, එකතු වෙයල්ලා, මේ රට ආරක්‍ෂා කරගනිල්ලා කිව්වත්, පක්‍ෂ නායකයෝ මෙය වගකට ගත්තේ නැහැ. යුද්ධයෙන් පස්‌සේ මේ පෙළගැසීම ඇතිවුණා. නමුත් බලය උදෙසා කුලල්කා ගැනීම නිසා නැවතත් දැන් එය දියාරු වෙලා. අද දෙමළ බෙදුම්වාදය ප්‍රභාකරන් හිටියට වඩා ඉතාම සූක්‍ෂ්ම විදිහට ඉදිරියට ඇවිත් තිබෙනවා. ඔවුන් ඉතාම නිරුපද්‍රිතව ඉඳිමින් එකදු උණ්‌ඩයක්‌ හෝ වැය කරන්නේ නැතිව සිංහල අපි ලවාම ඔවුන්ව පරාජය කළ නායකත්වයත් පරාජයට පත්කරලා තිබෙනවා. මෙය අපි සංවිධානය වෙලා අමුතුවෙන් කිව යුතු කාරණයක්‌ නොවෙයි. සිංහලයා දැන්වත් තේරුම්ගත යුතු තත්ත්වයක්‌.

ප්‍රශ්නයඃ- හිටපු ජනාධිපතිවරයාට සිය ධුරය අහිමි වීමෙන් පසුව මේ රටේ මිනිස්‌සු වැලනොකැඩී තංගල්ලට ගියා එතුමාව බැහැදැකලා සිය කෙළෙහිගුණය දක්‌වන්න. ඔබවහන්සේ කියනවා තවමත් ජන්දයෙන් පසුව ජනාධිපතිවරයාව මුණ නොගැසුණු වග.

පිළිතුරඃ-නෑ. ඇත්තටම අපි ගියේ නැහැ. එතුමා ජනාධිපතිවරයා වශයෙන් ඉන්දැද්දීත් අපි මුණගැහිලා තිබෙන්නේ අවස්‌ථා දෙකකදී විතරයි. ඒ අරලියගහ මන්දිරයේ සාකච්ජා සඳහා කැඳවපු අවස්‌ථාවලදී.

එතුමාට කෘතවේදීත්වය පළකරන්න ගියත් නොගියත්, රට ජාතිය ආරක්‍ෂා කර දුන් නායකයා වශයෙන්, අද වන විට මේ දෙමළ මුස්‌ලිම් මිනිසාට පවා නිදහසේ ජීවත්වීමට, මෙලෙස ජන්දය පාවිච්චි කරන්නට අවස්‌ථාව සලසාදීපු නායකයා වශයෙන් ඒ කෙළෙහිගුණය අපගේ හිතේ හැමදාම ඒ විදිහටම තිබෙනවා. නමුත් සිංහලයෙක්‌ හැටියටත්, හාමුදුරුකෙනෙකු හැටියටත් ලොකු කම්පාවක්‌ තිබෙනවා ඇයි මිනිස්‌සු මේ කෙළෙහිගුණය අමතක කළේ කියලා. අපි දන්නවා දැන් මිනිස්‌සු මේ කරගත්තු දේ ගැන බොහොම කම්පා වෙනවා කියලා. අනිත් පැත්තට ජන්දය දුන් අය පවා ඇවිත් අපි ඉදිරියේ පාපොච්චාරණය කරනවා වගේ කියනවා තමන් අතින් වුණු වැරැද්ද ගැන. නමුත් දැන් ඉතින් ඒ දේ වෙලා ඉවර නිසා ඉස්‌සරහට මොකද කරන්නේ කියන එක ගැන තමයි අපි හිතන්න ඕනේ. එතැනදි අපි විතරක්‌ නෙමෙයි මුළු සිංහල ජාතියම නැවතත්a මහින්ද රාජපක්‍ෂ මහතාව මුණගැසේවි.

ප්‍රශ්නයඃ- නියමිත මහ මැතිවරණයේදී බොදු බල සේනාව කොහොමද ක්‍රිsයාත්මක වෙන්න හිතන් ඉන්නේ?

පිළිතුරඃ- ඒ ගැන තවම හිතලා නැහැ.

ප්‍රශ්නයඃ- ඇත්තටම මේ ජනපතිවරණයේදීත් බොදුබල සේනාව ඒ හැටි ක්‍රියාත්මක වුණ බවක්‌ අප දුටුවේ නැහැ. බොදු බල සේනාවේ ක්‍රියාකාරිත්වය මෙතැනින් අහවරයිද?

පිළිතුරඃ- කොහෙත්ම නැහැ. ජනපතිවරණය ප්‍රකාශයට පත්කළාට පස්‌සේ අපි මාධ්‍ය හමුවක්‌ කැඳවලා කිව්වා, ඉතිහාසය අප ඉදිරියේ තබා ඇත්තේ තීරණාත්මක පරීක්‍ෂණයක්‌ කියලා. එහෙමයි අපි මේ ජන්දයේදී අපේ ක්‍රියාකාරිත්වය ආරම්භ කළේ. ඒ කියන්නේ 1815 සිංහලයන් විසින්ම සිංහල සෙනවියන් විසින්ම උඩරට රජතුමා ඇතුළු රාජ්‍යය ඉංග්‍රීසීන්ට පාවාදීමෙන් හරියටම වසර 200කට පසුවයි මෙදා මෙය සිදුවන්නේ. සිය යුද නායකයාව මරාදැමීමේ වෛරය දෙමළ ඩයස්‌පෝරාව මෙදා ඉතාම සූක්‍ෂ්මව පිරිමහගත්තා. මේ කුමන්ත්‍රණය ආරම්භ වුණේ මේ මාසයක දෙකක ඉඳලා නෙමෙයි. එදා 2009 දී යුද්ධය අවසන් වෙලා 2010 ජනාධිපතිවරණයේදි මහින්ද මහත්තයව තමාගේම යුද සෙනවියත් එක්‌ක හැප්පුවා. ඒත් එදා එය හරියටම සැලසුම් කරගන්න බැරිවුණා. නමුත් 2010 සිට අඛණ්‌ඩව සැලසුම් කරලා ඔවුන් අවශ්‍ය දේ කරගත්තා.අපි ජනපතිවරණයේදී සැබෑ පණිවුඩය, අනතුරු හැඟවීම දෙන්න ක්‍රියාත්මක වුණා. ඒත් ජාතියේ කරුමය අපට ඉදිරියෙන් ක්‍රියාත්මක වුණා. 1815 දී පෞද්ගලික අමනාපකම් නිසා රඡ්ජුරුවන්ගෙන් ගන්න ගියපු පළිය අවසානයේ රටම යටත් විජිතයක්‌ බවට පත්කළා. එදා රජු ගැන ඉංග්‍රීසීන්ට වැරදි කියපු රදළයොත් ඉංග්‍රීසි පාලනය යටතේ විනාශ වුණා කියන එක මහින්ද රාජපක්‍ෂ පාලනය පාවාදීපු උදවිය දැනගත යුතුයි.

මහත්තයට මම කතාකරන මේ වෙලාවෙ මට තොරතුරු ලැබෙනවා, ලබන 25ට පෙර උතුරේ හමුදා කඳවුරු 15ක්‌ ඉවත් කරගන්න කියලා දෙමළ දේශපාලනඥයො බලපෑම් කරන වග. බෝගස්‌වැව සිංහල පවුල් ඉවත්කරන්න බලපෑම් කරන බව. මුහුදු මහා විහාරය වටා තාප්පයක්‌ බැඳලා එය කොටු කරන්න යන වග. ඇතැම් අන්තවාදී කොටස්‌ අපට කතාකරලා කුණුහරුපෙන් බණිනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා පැරදුණහම ඇතැම් මුස්‌ලිම් කොටස්‌ හුරේ දාන්නේ ඇයි කියලා අපට හොඳටම පැහැදිළියි. අපි හොඳටම දන්නවා මේ රටේ මුස්‌ලිම් අන්තවාදයක්‌ තියෙනවා. ආක්‍රමණයක්‌ තිබෙනවා. හැබැයි ඒ අය හිතනවා නම් ඒ අය දිනුවා කියලා අපට කියන්න තියෙන්නේ කවුරු බලයට පත්වුණත් අපේ සටන අප ඉදිරියට ගෙන යනවා කියන එක විතරයි.

සාකච්ජාව :-ඉන්ද්‍රජිත් සුබසිංහ කැමරාවඃ- සමන් අබේසිරිවර්ධන

 

http://www.divaina.com/2015/01/18/feature01.html

මෛත්‍රිපාල විධායක ජනපතිධුරය දින සියයෙන් අහෝසි කර රනිල්ට දෙන්නේ රිටිගලකන්දට නැග බවුන් වැඩීමටද
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

“මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය දින සියයෙන් අහෝසිකර රනිල් වික්‍රමසිංහ මහතාට බලය දෙන්නේ රිටිගල කන්දට නැග බවුන් වැඩීමට” දැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඒ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල මහතාව ඉදිරියට දමා තිරය පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් උත්සාහ ගන්නේ රටට යහපතක්‌ කිරීමට නොව ඔවුන්ගේ වෛරී සිතුවිලි සාක්‍ෂාත් කර ගැනීමට පමණක්‌ බවත් උන්වහන්සේ සඳහන් කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (27 වැනිදා) එම අදහස්‌ පළ කළේ ජනාධිපතිවරණයේදී සිය සංවිධානයේ සහාය කාටද යන්න හෙළි කිරීම වෙනුවෙන් කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාම හා ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන ව්‍යාපාරවලට බොදු බල සේනාවේ කැමැත්ත නැහැ. අපේ රට පැහැදිලිව දියුණු කළ හැකි සිංහලේ බෞද්ධ රාජ්‍ය නිර්මාණය කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි සැබෑ ජාතික නායකත්වයක්‌ අප සතුව තිබෙනවා.

වසර 200 කට පෙර 1815 දී සිදු වූ කුමන්ත්‍රණවලදී සිදු වූවක්‌ මෙන් මෙම ජාතික නායකත්වය තිඹිරිගෙයිදීම විනාශ කිරීමට ඉඩ දීමට අප සූදානම් නැහැ. වසර 2 ක්‌ තුළ අප විසින් නිර්මාණය කළ නව ජාතික පුනරුද ව්‍යාපාරය විනාශ කිරීමට සතුරාට ඉඩ දීමට අප ඉක්‌මන් නොවිය යුතුයි.

බොදු බල සේනාව බහුතර ජනතාවගේ අපේක්‍ෂාවක්‌ වෙමින් පවතින මොහොතක සිදුවන මෙම මැතිවරණය නිසා නිර්මාණය වී ඇති “බොරු වළේ” වැටී විනාශ වීමට ඇති ඉඩකඩ පිළිබඳව තේරුම් ගැනීමට බොදුබල සේනා පැහැදිලිව පරිණත වී ඇති බව කිවයුතුයි. සිංහලේ බෞද්ධ රාජ්‍යය බිහි කිරීම උදෙසා වු පදනම ආරක්‍ෂා කිරීම අපගේ පරම යුතුකම හා වගකීමයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද හේතුවෙන් රටේ ඓතිහාසික ජාතියට තිබිය යුතු එහෙත් අහිමි කරනු ලැබූ එහෙත් සුළු ජනවර්ග විසින් වරප්‍රසාදයක්‌ කරගෙන භූක්‌ති විඳින “රජුන් තැනීමේ” බලය රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට හිමි වෙමින් පවතින මොහොතක, බෙදී වෙන් වී ඇති සිංහල බෞද්ධයන් එක්‌සත් විමේ විභවය නිර්මාණය වී ඇති මොහොතක අප සියලු දෙනා කටයුතු කළ යුතු වන්නේ ඉතාමත් තාර්කිකව විචාරශීලීව, බුද්ධිමත්වයි.

2009 දී කුරිරු ත්‍රස්‌තවාදය අවසන් වුවද එහි දේශපාලන පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ පරාජය කිරීමට රජය අපොහොසත් වූවා පමණක්‌ නොව බලය උදෙසා, රට ජාතිය හා ආගම පාවා දිය හැකි, උකස්‌ කළ හැකි අපගේම ලෙස පෙනෙන විජාතික බලවේග සමග එක්‌ව එය ශක්‌තිමත් කිරීමට ගනු ලැබූ උත්සාහයන් හඳුනා නොගැනීමට තරම් අප්‍රවේසම් දුර්වල වී ඒ නිසා සිංහල බෞද්ධ රාජ්‍ය නැවත දිනාගැනීම වෙනුවෙන් වූ අරගලයට අප නායකත්වය දෙමින් සිටිනවා.

2015 ජනාධිපතිවරණය පිළිබඳව බොදු බල සේනාව සිය සංවිධායකයන් හා ප්‍රධාන දායකයන් සමග ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ගැඹුරු ලෙස සාකච්ඡා කළා. අපගේ “ජාතික බුද්ධි සභාවේ” විමසුමටද ලක්‌ කළා. අනතුරුව බොදු බල සේනාවේ දේශපාලන මණ්‌ඩලයේ නිර්දේශ මත එහි “විධායක කමිටුව” මෙම තීන්දුවට එළඹීමට කටයුතු කළා.

2015 ජනාධිපතිවරණය යනු සිංහලයාගේ, බෞද්ධයාගේ පමණක්‌ නොව සමස්‌ත රට වැසියාගේම පැවැත්මට බලපෑම් ඇති කළ හැකි විශේෂයෙන් සැමට සෙත සැලසිය හැකි සිංහල බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීමේ පදනම විනාශ කිරීම කෙරෙහි තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ හැකි සංධිස්‌ථානයක්‌ ලෙස සැලකිය යුතුය. අපගේ උතුම් අරමුණ ජයග්‍රහණය කිරීම උදෙසා පදනමක්‌ වී ඇති සාමකාමී පරිසරය විනාශ කොට “ජාතිභේදවාදී ත්‍රස්‌තවාදය” හා “ආගමික ත්‍රස්‌තවාදය” හිස එසවීමට ඉඩ දෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි වේදිකාවක්‌ ලෙස මෙම ජනාධිපතිවරණය දකින බැවින් මෙම ක්‍රමන්ත්‍රණය හෙළිදරව් කිරීමටත්, එම කුමන්ත්‍රණය පරාජය කිරීමටත් එම අරමුණු උදෙසා බොදු බල සේනා සතු සමාජ ප්‍රාග්ධනය ඇතුළු සියලු විභවයන් මුදා හැරීමටත්, ඒ තුළින් සැමට සෙත සැලසිය හැකි සිංහලේ බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීම උදෙසා වූ අරගලය ශක්‌තිමත් කිරීමට උදාවන සෑම තත්ත්පරයක්‌ම යොදා ගත යුතුයි. ඒ සඳහා යෝග්‍ය සියලු බලවේග ඒකරාශී කිරීමටත් කටයුතු කළ යුතුයි. මෙම ජාතික බුද්ධි මෙහෙවර උදෙසා රටේ ඇති සියලු භික්‍ෂුන් වහන්සේලා හා සියලු බෞද්ධ විහාරස්‌ථාන කේන්ද්‍ර කොටගත් සිංහල බෞද්ධ රාජ්‍යය දිනවීමේ සටන තුළින් 2015 ජනවාරි මස 8 වැනි දින පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණයේදී මෙම විජාතික කුමන්ත්‍රණය පැරදවීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී වූ ජන අරගලයක්‌ කරමින් මේ රටේ රජුන් තැනීමේ නායකත්වය භික්‍ෂුන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට උරුම කර දීමට බොදු බල සේනා පෙරමුණ ගත යුතුය යන්න අපගේ තීන්දුවයි.

මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි පිරිසක්‌ එක්‌වූහ.

 

http://www.divaina.com/2014/11/28/news19.html

ජනපති සමඟ  පුද්ගලික තරහක් වැනි යමක්  නිසා එක්වරම ජාති ද්‍රෝහී වූ රතන හිමිගේ “පිවිතුරු හෙට” බෞද්ධයාට ඇති කිසිම වැදගත්කමක් අදාලත්වයක් නැති කෝඳුරුතෙල් හිඳීමේ උත්සාහයකි. උගත් මහත්මා දේශපාලකයන් බහුතරයක් සමඟ ඉතා උසස් දේශපාලන ගමනක් යමින් සිටි හෙළ උරුමය එක් වරම සිහිවිකල් ප්‍රතිපත්තියකට වැටී අනාථවෙමින් සිටී. කිසිසේත් පිළිගැනීමට නුසුදුසුය. මාදුළුවාවේ සෝභිත පිරිස් දූෂකයන් වහන්සේ බුදු සමය පාගා දමීමේ කොන්ත්‍රාත්තුව අතට ගත් N.G.O. /කතෝලික රූකඩයකි.  දේශපාලන වශයෙන් බෙලහීන  කළු සුද්දන්ගේ U.N.P. ය හෙළ රට-දැය-සමය තුනේම පරම සතුරෝය. J.V.P. යනු ඉස්ලාම් මුදලින් ඡන්ද ප්‍රචාරයේ යෙදෙමින් බෞද්ධයාට එරෙහි වන මනු ප්‍රේතයින් රැලකි. විමල් ගේ ජාතික නිදහස් පෙරමුණ ජනපතිගේ සෙරප්පු ලෙවකන මුසම්මිල් කෙනෙක් මාධ්‍ය ප්‍රකාශක  කරගෙන ඉස්ලාම් මෲගකම  පිළිබඳ ඇත්ත ගල් පැලෙන බොරු කියමින් යට ගසන ඉස්ලාම් මුදලින් දුවන රූකඩයකි. එය බොදු බල සේනාවට බොරු චෝදනා කිරීමට තරම් නිහීන වූයේ මේ ඉස්ලාම් මුදල් සම්බන්ධය නිසා විය යුතුය. සියළු සමසමාජ පක්ෂ ආගමක් දහමක් නැති නිවට මනු ප්‍රේතයන්ය.

 

වර්තමාන ජනපති පවා බොදුනුවාට හානි වන විට නිහඬ වීමේ අවාසනාවන්ත ප්‍රතිපත්තියක් පෙන්වමින් සිටී. ඔහුගේ පක්ෂය තුල අති විශාල සංඛ්‍යාවක් සුනඛ දේශපාලකයන් ලැග සිටී. මේ අනුව බොදුනුවාට මේරටේ දේශපාලන වශයෙන් කිසිම පිහිටක් නැත.  කල හැක්කේ යක්කුන් රැලක් අතරින් හොඳම යකෙක් තෝරා ගැනීම පමණි. අනික් පක්ෂ, ප්‍රතිපත්ති සියල්ල සැලකූ විට කිසිවෙකුත් පරාජය කිරීමට තබා සිතීමටත් බිය වූ දෙමළ බෙදුම්වාදය පැරදුවා සේම මහින්ද ජනපති හෙළ බොදු බලයකට අනාගතයේ හෝ හිස නැවීමට හොඳින්ම ඉඩ කඩ ඇති නායකයායි. අනෙක් කිසිම පුද්ගලයෙක් හෝ පක්ෂයක් හෙළ බොදුනුවාගේ පරම හතුරෙක් මිස පිහිටක් නම් නොවන්නේය. “රට-දැය-සමය නසන්න අපිට බලය දියව්” යන්න ඔවුන් සියල්ල නොකියා කියන මන්තරයයි.

 

බෞද්ධ බංග්ලාදේශයේ අවසානයේ ආරම්භය සිදුවූයේ 70 දශකයේය . මෙරට බාගෙට ඉස්ලාම් J.R. මෙන් නොව 100% ඉස්ලාම් පාලකයෙක් මුල්ම වරට එරට බලය ලබා ගත්තේ එතෙක් සියළු ඉස්ලාම් කපටි නිවටකම් බහුතර බොදු ජනතාවට පා ඔවුන් රැවටීමෙනි.  එදා මෙදා තුර ඉස්ලාම් දහමට අනුව සමූහ බෞද්ධ ජන ඝාතන, පලවා හැරීම්, රාජ්‍ය  හමුදා බලය යොදා බහුතර බොදු ජනතා මර්ධනය කිරීම් රාජ්‍ය බලයට මුවා වෙමින් මාධ්‍ය වාරණය තුලින් ලොවෙන්ම වසන් කරමින් ජයටම කලහ. අද වන විට අතලොස්සක් වූ ලොවෙන්ම තනිකර දැමූ බෞද්ධයන් පිරිසක් චිතගොං නම් කඳුකර පලාතේ වරින්වර ඉස්ලාම්  ජනතාවගේ, රජයේ,  ප්‍රහාරයට ලක්වෙමින් අපා දුක් විඳිමින් වෙසෙයි. මහින්ද හැර අන් සියළුම දේශපාලන සුනඛයන් සමඟ ශ්‍රී ලංකාවේ බියකරු අනාගතයත් මෙයම බව සක්සුදක් සේ පැහැදිළිය. දැන හෝ නොදැන කවුරු කවුරුත් කෑ ගසන්නේ මෙම තත්වයට බොදුනුවා ඇද දැමීමට බව පෙනේ.

 

බොදු බල සේනාව දේශපාලන පෙරමුණක් නොවේ. දැනට හොඳම විචාර බුද්ධියකින් ජාතික ප්‍රශ්ණ පිළිබඳ ක්‍රියාත්මක වන්නේ ඔවුන් පමණි. හෙළ උරුමය ඇතුළු සියළු දෙනා කෝලම්කාරයන් වී ඇත. මෙවර ජනපතිවරණය වෙනුවෙන් බොදුනුවා ගත යුතු හොඳම මග බොදුබල සේනාවේ මග බව අපිදු අදහන්නෙමු. කියවන්න.

 

 

ජනාධිපතිවරණයට පෙර බුදුදහම
සුරකින පනත් සම්මත කළ යුතුයි
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බුදුදහම හා බෞද්ධයා සුරකින පනත් කෙටුම්පත් මීළඟ ජනාධිපතිවරණයට පෙර ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් සම්මත කළ යුතුව ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (28 වැනිදා) පැවැත්වූ මාධ්‍ය හමුවකදී කීහ.

විලිලඡ්ජාවක්‌ ඇත්නම් එය එසේ කළ යුතුව ඇති බවත් කී උන්වහන්සේ නිදහසින් පසු කිසිදු පාලකයකු සැබෑ ලෙස බෞද්ධයා සුරැකීමට පියවර නොගත් බවට චෝදනා කළහ.

  1. ජනාධිපතිවරණයට පළමුව සදාචාර විරෝධී අන්‍යාගමිකරණ වැළැක්‌වීමේ පනත,
  2. ථෙරවාදී භික්‍ෂු කතිකාවන් ලියාපදිංචි කිරීමේ පනත,
  3. බෞද්ධ ප්‍රකාශන පළකිරීම නියාමනය කිරීමේ පනත,
  4. බෞද්ධ විහාර දේවාලගම් ආඥපනතේ සංශෝධනයන්,
  5. ශ්‍රී ලංකා ථෙරවාදී සම්ප්‍රදායේ දසසිල් මාතාවන් හා දසසිල් මෑණි ආරාම පිළිබඳ පනත් කෙටුම්පත් සම්මත කිරීම

 

කළ යුතුව ඇති බවත් උන්වහන්සේ කියා සිටියහ.

දහඅටවැනි ව්‍යවස්‌ථාවේ කෑලි අයින් කළත් ඉස්‌පිලි පාපිලි හැදුවත් නව සංශෝධන ගෙන ආවත් කුණුගොඩ පරණ කුණුගොඩම බව කී ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මේ කිසිවකින් රටට හෝ බෞද්ධයාට වැඩක්‌ නැති බවත් සඳහන් කළහ.

http://www.divaina.com/2014/10/29/news18.html

 

සියළු බොදු ජනතාව බොදු බල සේනාව වටා රොක් වේවා. ඔවුන්ගේ මග පෙන්වීම යටතේ අපගේ අයිතීන් දිනා ගැනීමට ක්‍රියා කරත්වා. ජනපති හරි මගට ගැනීමට බොදුනුවාට වැදගත්, දිනාගැනීමට යම්කිසි හෝ ඉඩක් ඇති මෙවන් කොන්දේසි පමණක් රජයට බල කරත්වා! බෞද්ධයාගේ ඉල්ලීම්වල ප්‍රමුඛතා නොදන්නා දේශපාලක මෝඩයන් තනිකර දමත්වා! රටේ හතුරන් කිසිවෙකුගේ උගුලේ හෙළයා නොවැටේවා!  බුදු සමය හෙළයේ සදා ඉහලින්ම බැබලේවා!

අපි මුගලන් පරම්පරාවේ හාමුදුරුවරු
– ගලගොඩඅත්තේ ඥානසාර හිමි


සතියක්‌ ගෙවුණි. රට කැළඹුණි. ගිණි ඇවිලුණි. ලේ වැගිරිණි. මුස්‌ලිම් – සිංහල කෝලාහලයක්‌ ගැටුqණි. අලුත්ගම, දර්ගා නගරය, වැලිපැන්න යන නම් කරළියට නැගුණි. මේ සමගින්ම බොදුබල සේනාව ගැනද කථා බහ ඇතිවුණි. මේ නිසාම අපට ගලගොඩඅත්තේ ඥානසාර හිමි බැහැදැකීමට සිදුවුණි. නිමිත්තෙන් ඔබ්බට ගොස්‌ කථාව මෙසේ ඇරඹුණි.

ප්‍රශ්නය/ ඔබ වහන්සේ සසුනට දායාද වෙන්නේ කොහොමද?

පිළිතුර/ මම පැවිදිවෙන්නේ අවුරුදු 14න් වතුරුවිල ආරණ්‍ය සේනාසනයේ. පසුව කෝට්‌ටේ පාර්ශ්වයට එකතුවෙලා කෝට්‌ටේ සංඝ සභාවේ භික්‍ෂුවක්‌ බවට පත්වෙනවා. විෙද්‍යාaදය අවසන් කරලා. ප්‍රාචීන පණ්‌ඩිත උපාධිය සමත් කරලා, පශ්චාත් අධ්‍යාපන කටයුතු සිද්ධ කරලා, කලපලුවාව භික්‍ෂු පුහුණු මධ්‍යස්‌ථානයේ පරිවෙනාධිපති හැටියට කටයුතු කරනවා. උපගුරුවරයෙක්‌ හැටියටත් කලක්‌ සේවය කරනවා. ඒ සියල්ල පැත්තකට දාලා 2003 දී පූර්ණ කාලීනව මේ ජාතික ව්‍යාපාරයට එකතුව වුණා. දැන් මට අවුරුදු 39ක්‌. යමක්‌ කමක්‌ තේරෙන කාලෙ ඉඳලම මුළු ජීවිතයම කැපකළේ මේ ජාතික ව්‍යාපාරයට.

ප්‍රශ්නය/ ඔබ වහන්සේ පැවිද්ද තෝරාගන්නේ කුමන අරමුණකින්ද?

පිළිතුර/ අපි අවුරුදු හතේ අටේ ඉඳලම පන්සලත් එක්‌ක හැදුණු අය. අපේ ගමේ නායක හාමුදුරුවෝ, දොඩංගොඩ අස්‌සජී හාමුදුරුවෝ හැම මාසෙම අන්තිම ඉරිදට ශීල ව්‍යාපාරයක්‌ කරනවා. නිවන ගැන හැඟීමක්‌ නැතත් ශාසනය ගැන ආශාවක්‌ හිතේ තිබුණා. අපේ තාත්තා තමයි ශීල භාවනා සමිතියේ සභාපති. අපි පවුල පිටින්ම එදා සිල්ගත්තා. අනුරාධපුර මහමෙවුනාවට ඇවිත් අපි සිල්ගන්නවා. අවුරුදු 14 කියන වයසින් පැවිදි වෙන්නේ නිවන ගැන දැනගෙන නෙමෙයි. නමුත් මේ පැවිද්ද හැමෝටම ලබන්න බෑ. පැවිද්ද හැමෝටම පිහිටන්නේ නැහැ. අපිට පෙර පිං ඇති. සංසාරයේ පූර්ව අභ්‍යාසයක්‌ අවශ්‍යයි මේ පැවිද්දට.

ප්‍රශ්නය/ එහෙව් පැවිද්දේ ස්‌වභාවය ගැන බුදුරජාණන්වහන්සේ දේශනාකරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ භික්‍ෂුවගේ හැසිරීම, නොපැහැදුන්ගේ පැහැදීම පිණිසත්, පැහැදුණන්ගේ වැඩි දියුණුව පිණිසත් විය යුතුයි කියලා. මෙතැන නොපැහැදුණන් කියන්නේ මිත්‍යාදෘෂ්ඨික පිරිස්‌. අන්‍යාගමික පිරිස්‌. ඔබ වහන්සේගේ රිද්මයත්, බුදුරජාණන්වහන්සේගේ ඒ බුද්ධපුත්‍රයාගේ හැසිරීමත් අතර වෙනසක්‌ තිබෙනවා නේද? ඔබ වහන්සේ හිතනවද ඔය හැසිරීමට නොපැහැදුණන් පහදන්න පුළුවන් කියලා?

පිළිතුර/ යමෙක්‌ හිතනවා නම් භික්‍ෂුව කියන්නේ වියදණ්‌ඩක්‌ පමණ ඉදිරිය පෙනෙන ලෙස බිම බලාගෙන, බෙල්ලට පොරවෙන් කෙටුවත් ඉවසගෙන සිටිය යුතු කෙනෙක්‌ කියලා ඒක මුලාවක්‌ මහත්තයෝ. එදා දෙසැටක්‌ මිත්‍යාදෘෂ්ඨිs ඒ කියන්නේ ආගම් 62ක්‌ තිබුණු ඉන්දියාවේ මේ දේවල් අභිබවා බුද්ධ ධර්මය නැගී සිටින විට මොන තරම් අභියෝග එන්න ඇතිද කියලා හිතන්න. ඒ හැම අභියෝගයක්‌ම බුදුන් ප්‍රමුඛ ශ්‍රාවක සංඝයා ජයගත්තේ හිස පහත් කරගෙන ඉඳලද? නැහැ. වාද කළ යුතු තැන වාද කළා. දමනය කළ යුතු තැන දමනය කළා. බුදුහාමුදුරුවො දෙපස සැරියුත්, මුගලන් රහත් දෙනමක්‌ හිටියා. සැරියුත් ශ්‍රාවක පරම්පරාවක්‌ වගේම මුගලන් ශ්‍රාවක පරම්පරාවත් අදටත් වැඩ ඉන්නවා. මුගලන් හාමුදුරුවෝ මොන තරම් අභියෝග ඉදිරියට ගියාද. අපිත් ඒ මුගලන් පරම්පරාවේ හාමුදුරුවරු මහත්තයෝ. සිංහල අපි ඉතිහාසෙ ඉඳලම මාඝ, චෝල, පාණ්‌ඩ්‍ය වගේ ආක්‍රමණවලට එරෙහිව යුද වැදුණු ජාතියක්‌. අවුරුදු 500ක්‌ පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වගේ ජාතින් එක්‌ක යුද වැදුණු ජාතියක්‌. එහෙම කරලයි අවුරුදු 2300ක්‌ මේ ආගම රැක ගත්තේ. බුදුදහම බිහිවුණු ඉන්දියාවටවත් ඒ දේ කරගන්න බැරිවුණා. අපේ මිනිස්‌සු මේ වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් වැදිලා මේ බිමේම ඉපිද ඉපිද මැරි මැරී කලින් කලට මේ ආගම ඔසවා තබනවා. සුරක්‍ෂිත කරනවා. මේ සිද්ධවෙන්නෙත් ඒකයි. එදා ආක්‍රමණිකයාට ඉඩ දීලා හිස පහත්කරගෙන හිටියානම් කෝ අපිට අද බුද්ධාගමක්‌. කෝ අපිට සිංහල ජාතියක්‌. කෝ අපිට රටක්‌. වැදගත් වෙන්නේ ඇයි ඝන්ඨාරේ මේ විදිහට ගහන්නේ කියන එක නෙමෙයි. ඝන්ඨාරේ හයියෙන් ගහන්න හේතුවයි. ඒකෙන් දෙන පණිවුඩයයි.

ප්‍රශ්නය/ හැමවිටම අපි මාධ්‍යවලින් දකින්නේ බොහොම සැර ඝාන්ඨාර නාදයක්‌? වෙනත් නිවුණු ස්‌වරයක්‌ ඇත්තේම නැද්ද කියලත් හිතෙන තරම් අපේ හාමුදුරුවනේ.

පිළිතුර/ මහත්තයො මටත් හොඳට කවි බණ කියන්න පුළුවන්. හොඳට බුදු ගුණ දේශනා කරන්න පුළුවන්. ඒ දවස්‌වල මම තරම් හොඳට බෝධි පූජා තබන හාමුදුරු කෙනෙක්‌ ඒ පළාතේ හිටියේ නැහැ. මට හොඳට භාවනාව දෙන්නත් පුළුවන්. මිනිස්‌සු නිවන්න පුළුවන් කටහඬකුත් මට තියෙනවා. මටත් තිබුණා මහත්තයො ලස්‌සන පන්සලක්‌ හදාගෙන, දේශපාලකයන්ට ආවඩාගෙන, නිදහසේ සුවපහසුවෙන් ජීවත්වෙන්න. නමුත් අපි මේ හැමදේම ජාතික, ආගමික ව්‍යාපාරයට කැපකළා. ඒක දුෂ්කර බව දන්නවා. ඒකට මල් මාලා එන්නෙ නෑ කියලා දන්නවා. ඒකට ජීවිත අවදානමක්‌ තිබෙනවා කියලා දන්නවා. අද මම තරම් බැනුම් අහන, තව කෙනෙක්‌ නැතිව ඇති. අපේ ජාතිය, ආගම වෙනුවෙන්ම පෙනී ඉඳලා අපේ ජාතියෙන්ම මොන තරම් බැනුම් අහන්න වෙනවද? අපි කව්රු වෙනුවෙන්ද මේ දේවල් කරන්නේ. කෙනෙකුට උසුලන්න බැරිතරම් නින්දා විඳින්නේ ඇයි? මොනව හම්බ කරන්නද? මට රැකගන්න දරුපවුලක්‌ ඉන්නවද? නැහැ මහත්තයෝ. මට රකින්න තියෙන්නේ ජාතියයි, ආගමයි විතරයි. මං ඒ වෙනුවෙන් මගේ අවංක හැඟීම් එළියට දානකොට මගේ ස්‌වරය එහෙම වෙන්න පුළුවන්. මොනව කරන්නද මහත්තයෝ ඔය හැම කෙනෙක්‌ වගේම මමත් මේ උපතින් ගෙනාපු ස්‌වභාවයක්‌.

ප්‍රශ්නය/ ඒ ස්‌වභාවය අතරේ ඔබ වහන්සේලා නීතිය අතටගෙන ක්‍රියාකරනවා කියන චෝදනාව තරමක්‌ බරපතලයි?

පිළිතුර – මේ රටේ ක්‍රිස්‌තියානි මූලධර්මවාදී නිකායන් 400ක්‌ ක්‍රියාත්මක වෙනවා. මුස්‌ලිම් අන්තවාදී කණ්‌ඩායම් රාශියක්‌ බරපතළ විදිහට ක්‍රියාත්මක වෙනවා. රටේ වීසා නීති කවුලු අතරින් රිංගලා මේ අය රොතු බුරුතු පිටින් ලංකාවට එනවා. අපි මේ ගැන බලධාරීන් දැනුවත් කළා. නිකම් නෙමෙයි. සාක්‍ෂි, සාධක සහිතව. අන්‍යාගමීකරණ විරෝධී පනත ගේන්න කියලා ගිවිස ගත්තා. කෝ මොකුත් වුනාද? කිසිම දෙයක්‌ වුණේ නැහැ. ඒත් මේ ජාතියට වන අසාධාරණය, ආගමට වන හානිය අපට තව තවත් බලාගෙන ඉන්න පුළුවන්ද? එහෙම වුණහම අපිට ඒ ඒ වගකිවයුතු තැන්වලට දැනෙන්න ඝන්ඨාරෙ ටිකක්‌ හයියෙන් ගහන්න වෙනවා. ඒතැනදි කිසිම නීතියක්‌ කැඩිලා නැහැ. නීතිය අතටගැනීමක්‌ වෙලා නැහැ. කොටින්ම අතට ගන්න තරම් නීතියක්‌ මේ රටේ නැහැ. එහෙම තිබුණානම් මේවා මෙහෙම වෙන්නේ නැහැ.

ප්‍රශ්නය/ නමුත් පහුගිය සතියේ නොවෙන්න ඕනා දේවල් සියල්ලම වගේ වුණා. ඔබ හන්සේලා දන්නවා, විරුද්ධවාදීන් අපිව මානව හිමිකම් දැලක පටලවන්න වලිකන මොහොතකයි අපි මේ ඉන්නේ කියලා. අලුත්ගම දර්ගා නගරයේ ඇතිවී තිබූ සහ ඇතිවෙන්නට තිබූ තත්ත්වයත් ඔබ වහන්සේ හොඳින්ම දැන සිටියා. එසේ තිබියදී ඔබ වහන්සේලා එදා අලුත්ගමට ගියේ අඬන්න ඉන්න ඇහැට ඇඟිල්ලකින් ඇනගන්නද? නැතිනම් අඬන්න ඉන්න ඇහැකට ඇඟිsල්ලෙන් අනින්නද?

පිළිතුර/ මෙය තරමක්‌ දීර්ඝ පිළිතුරක්‌ දිය යුතු ප්‍රශ්නයක්‌. මේ දක්‌වා සැබෑ කථාව එළියට නොගිය සිදුවීමක්‌. මම ආරාධනා කරනවා රට ගැන හිතන, රටට ආදරය කරන පත්තරයක්‌ විදිහට zදිවයිනZවත් මේ ඇත්ත ලියන්න කියලා.

පොසොන් පොහොය දවසේ දර්ගා නගරය අසළ කාර්දියවත්ත ප්‍රදේශයේ පන්සලක අහිංසක ස්‌වාමීන්වහන්සේ නමක්‌ තවත් පන්සලක බණකට වඩිනවා. ඒ යන පාර හරස්‌කරගෙන මුස්‌ලිම් තරුණයෝ තුන්දෙනෙක්‌ ඉන්නවා. හාමුදුරුවෝ වාහනේ ඇතුළෙ ඉඳගෙන මේ අයට කියනවා පාරේ ඉඩදෙන්න මට බණට වඩින්න අවශ්‍යයි කියලා. ඒ වෙලාවේ මේ තරුණයෝ කියන්නේ zමේවා අපේ ගම්. අපිට හෝන් ගහන්න එන්න එපා, කියලා. කොහොමහරි පාරෙ ඉඩපාදගෙන මේ අය ඉදිරියට යනකොට යතුරුපැදියකින් ලුහුබැඳආපු මුස්‌ලිම් තරුණයෝ තුන්දෙනෙක්‌ වාහනය හරස්‌කරලා රියදුරුව ඇදල අරගෙන ගහනවා. එතකොට හාමුදුරුවෝ ‘ඇයි මේ පොසොන් පෝය දවසේ ගහගන්නේ’ කියලා මේ ගැටුමට මැදිහත් වෙනවා. එතැනදි අර තරුණයෝ හාමුදුරුවන්ටත් පහරදෙනවා. හාමුදුරුවො පොලිසියට යනවා. පොලිසිය මොකක්‌ද දෙන උත්තරේ. ‘අනේ හාමුදුරුවනේ ඒ අයට සමාව දෙන්න’ කියලා. මේකද නීතිය ක්‍රියාත්මක කරන තැනකින් දෙන පිළිතුර. ඔයිට කලින් අලුත්ගම ප්‍රදේශයේ සිංහල දරුවෙක්‌ට මුස්‌ලිම් ජාතිකයෙක්‌ ලිංගික හිරිහැරයක්‌ කරපු වෙලාවේ ඒ දරුවගේ අම්මට රුපියල් ලක්‍ෂයක අල්ලසක්‌ දීලා සිද්ධිය යටගහන්න හැදුවෙත් පොලිසියයි. පොලිසියෙ හැසිරීම ගැන හාමුදුරුවො විමසමින් ඉන්න අතරෙ බණ සංවිධානය කරපු තැනට සිද්ධිය ආරංචිවෙනවා.

හොඳට මතක තියාගන්න මහත්තයො, අපේ රටේ බහුතරයක්‌ බෞද්ධයො බෞද්ධ දර්ශණය කියන දේ දැනුම වශයෙන් නොදන්නවා වුණත් බුද්ධාගම වෙනුවෙන් මැරෙන්න තරම් හැඟීමක්‌ තියෙන පිරිසක්‌. බුද්ධාගම අවුරුදු 2300 ක්‌ මේ රටේ රැකෙන්න ඒ හැඟීමත් හේතුවුනා කියන එක අමතක කරන්න එපා. මේ බෞද්ධ රටේ බුද්ධ පුත්‍රයකුට අත තියනවා කියන්නේ ඉතාම සංවේදී කාරණාවක්‌. එදා ඒ සිද්ධිය සැලවීමත් සමගින් ගැටුම්කාරී තත්ත්වයක්‌ ඇති වෙනවා. කඩ කිහිපයකට පහරදෙනවා. පොලිසියටවත්, දේශපාලන බලඅධිකාරියටවත් මේක පාලනය කරගන්න බැරිව ඉන්දැද්දි අපේ ජාතික සංවිධායක හාමුදුරුවො තමයි ගිහින් ආවේගශීලී තරුණ කොටස්‌වල ආවේගය නිමා දමලා මේක පාලනය කරන්නේ. කිසිවක්‌ නොදැන අපිව විවේචනය කරන උදවිය ඒවා ගැන කියන්නේ නැහැ?

මේ සිද්ධිය එතැනින් අහවර වුණත් දෙපිරිසම ගැටුමකට සූදානම් වෙනවා කියලා ප්‍රදේශයේ මහා සංඝරත්නයට දිගින් දිගටම ආරංචි ලැබෙනවා. ඒ හාමුදුරුවරු අපට ආරාධනා කරනවා ඇවිත් මේ තත්ත්වය සංසිඳවන්න කියලා. මෙවැනි අවස්‌ථාවලට මැදිහත්වෙලා අපට තිබෙන අත්දැකීම්වලින් උපකාරයක්‌ කරන්න කියලා. අපි ගිහින් එදා පැය ගණනක්‌ මේ ගැන සාකච්ජා කරනවා. අවසානයේ අපි බොදු සමුළුවක්‌ පවත්වන්න තීරණය කරනවා. එහි ප්‍රධාන දේශනය කරන්නේ මම. එදා මම කරපු දේශනය ගැන අද බොහොම විවේචන තියෙනවා. මම ආරාධනා කරනවා ඒ විවේචනය කරපු අයට තැනින් තැනින් කොටස්‌ අරගෙන විකාශය කරන දේවල් නොගෙන මම එදා කරපු සම්පුර්ණ දේශනය අහන්න කියලා. එදා මම වැඩිමනත් විවේචනය කළේ පොලිසියයි, දේශපාලනයයි. මම කිව්වා අපේ මිනිස්‌සු මුස්‌ලිම් කඩ වර්ජනය කළොත් ඒ අයගේ පැවැත්මට මොකද වෙන්නේ කියලා. නැතිව කඩ කඩන්න කියලා අපේ මිනිස්‌සුන්ට කීවේ නැහැ. මහත්තයො මුස්‌ලිම් පල්ලි ඇතුලෙ හංගගෙන කරන දේශන වගේ නෙමෙයි අපේ දේශන. අපේ වැඩ එළිපිට. අපිට දේශපාලකයෝ වගේ පිටින් එකයි, ඇතුළෙ එකයි කියලා න්‍යාය පත්‍ර දෙකක්‌ නැහැ. කියන්න අවශ්‍ය දේ සෘජුවම කියනවා. ඒකයි අපේ කථාව මේ තරම් ආවේගශීලී. මිනිස්‌සුන්ට පිටකරගන්න බැරිව කැකෑරෙමින් තිබුණු ආවේගය මම මගේ කරගෙන වචනවලින් මුදාහැරියා. මිනිස්‌සු සැහැල්ලු වුණා. අවසානයේ අපි අවධාරණයෙන් කිව්වා අපේ සිංහල උදවිය කිසිම විටෙක ගැටුමකට යන්න එපා කියලා. සමුළුව අපි අවසන් කළේ ගාථා කියලා. සුළු වේලාවක්‌ භාවානාත් කළා. කිසිදු කලබලයක්‌ නැතිව අපේ පිරිස යන්න පිටත්වුනා. මේ සමුළුවට සහභාගීවෙලා ආපසු යමින් සිටි පිරිසකට දර්ගා නගරයේ පල්ලියක්‌ ඇතුළෙන් ගල් ප්‍රහාරයක්‌ එල්ල වුනා. අපි නිවලා යවපු මිනිස්‌සුන්ව ඇවිලුවේ එහෙමයි. පිට පිටම ප්‍රහාර දෙකක්‌ එල්ලවෙනකොට රටක බහුතර ජනකොටස එය ඉවසනවද? මේ සිද්ධියෙදි සිංහලයව ප්‍රකෝපකරගන්නේ කව්ද?

ප්‍රශ්නය/ නමුත් එදා ඔබ වහන්සේ කරපු දේශනය ගැටුමකට උත්තේජනය ලබාදුන්නා කියන විවේචනය බැහැර කරන්නේ කොහොමද?

පිළිතුර/ මහත්තයො අපි බොදු සමුළුවක්‌ තියපු පළමු තැන ඔතැන නෙමෙයි. අපි මහනුවර, මහියංගනේ, කෑගල්ල, බදුල්ල, පන්නල, මහරගම…. මේ හැම තැනකම අපි බොදු සමුළු තිබ්බා. මම ඔයිටත් වැඩි සැර කථා පැවැත්වුවා. දහස්‌ ගණන් මිනිස්‌සු රැස්‌වුණා. කෝ එක ගල් කැටයක්‌ අපෙන් කාටවත් එල්ලවුණාද? අපි හලාල් ප්‍රශ්නනෙදි කාටවත් ගැහුවද? බුදුරජාණන් වහන්සේ මිනී මස්‌ කනවා. ත්‍රිවිධ රත්නය කියන්නේ මැණික්‌ගල් 3 ක්‌. මැණික්‌ගල් වලට වඳින්නේ මෝඩයොයි කියලා මේ රටේ 70%ක්‌ පමණ වන බෞද්ධයන්ට මුස්‌ලිම් අන්තවා”න් අපහාස කරද්දී. අවුරුද්දක්‌ තිස්‌සේ අන්තර්ජාලයේ මේවා ප්‍රචාරය වෙද්දී, ගම්වල සී.ඩී බෙදද්දී, පල්ලිවල දේශන පවත්වද්දී අපි ගිහින් කොහේවත් ගහලා තියෙනවාද? වෙන මොකුත් අවශ්‍ය නැහැ. ඒ ගැන හිතන්න. ඒ ඇති.

ප්‍රශ්නය/අපිට මේ මානව හිමිකම් චෝදනා එල්ලවෙනකොට අපේ පැත්ත ගත්තේ බහුතරයක්‌ මුස්‌ලිම් රටවල්. මේ දේවල් නිසා අපට මුස්‌ලිම් රටවල සහයෝගයත් අහිමිවෙලා අපි තවත් හුදෙකලාවෙයි කියලා දේශපාලන විචාරකයෝ කියනවා.

පිළිතුර/ රටේ වැරදි විදේශ ප්‍රතිපත්තිය මහත්තයෝ. මම ජනාධිපති නම් මම අනිවාර්යෙන් එකතුවෙන්නේ බටහිර බලවේගයත් එක්‌ක. මොකද මුස්‌ලිම් අන්තවාදය යටතේ තව අවුරුදු 15කින් විතර අපට ඇතිවිය හැකි අවදානම අපි පැහැදිලිව දකින නිසයි එහෙම කියන්නේ.

ප්‍රශ්නය/ ඒ කියන්නේ ඔබ වහන්සේලා නෝර්වේ වැඩිය කාරණාව සම්බන්ධයෙන් එල්ලවන විවේචනවල යම් නිවැරදි බවක්‌ තිබෙනවා කියන එකද?

පිළිතුර/ අපි එහේ ගියේ නෝර්වේ එක්‌ක එකතුවෙන්න නෙමෙයි. අපි ගියේ එහේ ඉන්න එල්.ටී.ටී.ඊ හිතවාදීන් නොවන දෙමළ ප්‍රජාව මුණගැහිලා අද මේ රටේ දමිල ජනතාව මූලධර්මවාදී නිකායන්වල ගොදුරු බවට පත්වීම වැළැක්‌වීම සඳහා වන වැඩපිළිවෙලක්‌ සකසන්නයි අපි ගියේ. එමගින් මූලධර්මවාදයට වැට බඳින්නත්, ආගමික සහජීවනයක්‌ ඇතිකරන්නත් තමයි අපට අවශ්‍ය වුනේ. අවාසනාවකට වගේ ඒ එකඟත්වය ක්‍රියාත්මක වුණේ නැහැ.

ප්‍රශ්නය/ මේ රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂවල නායකත්වය සම්බන්ධයෙන් සහ මුස්‌ලිම් ප්‍රජාවේ නායකත්වය සම්බන්ධයෙන් ඔබ වහන්සේගේ මතය?

පිළිතුර/ මේ කිසිම දේශපාලන පක්‍ෂයක්‌ මේ රටට ආදරය නැහැ. ඒ හැම කෙනෙක්‌ටම අවශ්‍ය බලය. මුස්‌ලිම් ජනතාවට නිසි නායකත්වයක්‌ නැහැ. ඒ නිසයි එක එක නිකායන්a, අන්තවාදීන් මේ විදිහට නටන්නේ. අද මේ ප්‍රශ්නය දිහා ඉතාම මධ්‍යස්‌ථව බලමින් අපේ කාර්යය සාධාරණීකරනය කරන මුස්‌ලිම් ප්‍රජාවක්‌ සිටිනවා. නමුත් ඔවුන් ඉදිරියට ඇවිත් කථාකරන්න බයයි. හැබැයි අපිට තොරතුරු ලැබෙනවා. නමුත් නීතියක්‌ පොදුව ක්‍රියාත්මක කරගන්න බැරි රටක පරිපාලනය අපි ලබාදෙන ඒ තොරතුරුවලින් ප්‍රයෝජනයක්‌ ගන්නේ නැහැ. අවසානයේ ප්‍රශ්න ඇතිවුණහම ඒකත් අපේ පිටේ දානවා. ඒත් මහත්තයෝ අපි කවදහරි දවසක මේ රටේ සියලු බෞද්ධයන් ඒකරාශීකරගෙන ඒ බලවේගය දිනවනවා.

ප්‍රශ්නය/ ඔබ සංවිධානයේ නායකත්වය ගැන යමක්‌ කියනවානම්

පිළිතුර/ අප නායකත්වයේ තබාගෙන සිටින්නේ බුදුරජාණන් වහන්සේවයි. ඒ තමයි අපේ එකම නායකත්වය

ඡයාරූපය – කමල් බෝගොඩ
අදහස්‌ විමසුම ඉන්ද්‍රජිත් සුබසිංහ

http://www.divaina.com/2014/06/22/feature17.html

 

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණ පරදමින් ද්‍රෝහී සිංහල දේශපාලකයන්ගෙනුත්, චීවරදරීන්ගෙනුත් රට දැය සමය රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ ඔවුන් එක හඬින් ප්‍රතික්ෂෙප කිරීමටත්, ජාති ආගම් මාමක හෙල උරුමය, බොදු බල සේනා ආදී සංවිධාන අතලොස්ස වටා එක්සත් වීමටත් පරයන් නිසා  මූලික මිනිස් අයිතීන් පවා අහිමිකරගනිමින් සිටින සිංහල බොදු ජනතාව ගොඩ ගැනීමටත් සියල්ලෝ සිතට ගනිත්වා!  සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!

බොදු බලය දිළෙන විට එය කිසිසේත් නොඉවසූ වංචනික පිළිකුල් කිළිටෙකි විමල් වීරවංශ. සසුනට, රටේ බොදු ජනතාවට මේ නීචයා කල හානිය අබමල් රොනකින් තේරුම් නොගත්, රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු කිසිම ආකාරයකින් නොගැලපෙන, මහ සඟ රුවනේ ගෞරවය තමා විසින්ම කෙළසාගන්නා වැරද්දක් කර ගත්හ. එය නම් මේ රටේ මහජනතාවටම එරෙහි ද්‍රෝහී කිලිට්ටාට දුන් “ජනහිතකාමී දේශහිතෛෂී ශ්‍රී ලංකා පුත්‍ර” නාමයයි.

ලැබූ එම නාමය හා මේ පවිටු ගිහියා රට ජාතිය ආගම වෙනුවෙන් වෙහෙසෙන බොදුනුවාගේ එකම පිහිට වන බොදු බල සේනාවට එරෙහිව කල ගල් පැලෙන බොරු චෝදනා සමඟ කෙතරම් දුරට ගැලපේද? ඔබම තීරණය කරන්න.

 

 

බොදුනුවාට එරෙහි කපටි අසත්පුරුෂයන් විසින් තවදුරටත් බොදු ඡන්ද කොල්ල කා ගැනීම වැළකීම පිනිස ඔවුන් ගේ සැබෑ රූපය බුදුන් දුටු ආකාරය අපගේ බුද්ධ නීති ඡන්ද වලට ඇතුලත් කොට ඇත. ද්විතීයක ශතකය 100. වන බුද්ධ නීතිය ඔවුන් සම්බන්ධයෙනි. ඔබගේ ඡන්දයත් භාවිතා කරන්න.

 


රටත්, සිංහල බෞද්ධයාත් වනසන
බලවේග ගැන ළඟදී හෙළි කරනවා
ගලගොඩඅත්තේ හිමියෝ කියති

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අදහස්‌ පළ කළ අයුරු. බොදුබල සේනා සංවිධානයේ අධ්‍යයනය හා පර්යේෂණ අංශයේ ප්‍රධානී චමිල ලියනගේ, ප්‍රධාන වැඩසටහන් සම්බන්ධීකාරක දිලන්ත විතානගේ යන මහත්වරුද මෙහි වෙති.ඡායාරූපය – සුජාතා ජයරත්න

රනිල් ධර්මසේන

රටත් සිංහලයාත් බෞද්ධයාත් විනාශ කිරීමට කරමින් ඇති කුමන්ත්‍රණ හා ඒ පිටුපස ඇති බලවේග සියල්ල ළඟදීම රටට හෙළිදරව් කරන බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවැසූහ. සත්‍ය හෙළිදරව් කරද්දී අපේ චරිත ඝාතනය කරයි. අපව ඝාතනය කරයි. ඒත් අපි ඒවාට බය නෑ. ඊට පෙර රට වෙනුවෙන් හෙළි කළ යුතු සෑම කරුණක්‌ම හෙළි කරනවා යෑයි ද ඊයේ (16 දා) කිරුළපන බොදු බල සේනා සංවිධාන මූලස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී උන්වහන්සේ පැවැසුහ.

“සමහර මැති ඇමැතිවරුන්, ලොක්‌කන් තමන්ගේ තත්ත්වය නිසා පවතින විනාශය හමුවේ කටවහගෙන සිටිනවා. තවත් සමහරු ඡන්ද ගොඩ රැකගන්න විනාශය දැක දැකත් නිහඬ වී සිටිනවා.

අපි පෙරදාටත් වඩා අද සංවිධානශීලීව විනයවත්ව මේ තත්ත්වය හමුවේ රට වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කරනවා. සිංහලයා ආරක්‍ෂා කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි. පාලකයන් මෙය තේරුම් ගත යුතුයි.

ලබන සතියේ සිට අපි ජාතිය හමුවේ ඇති සියලු කුමන්ත්‍රණ රටට හෙළිදරව් කරනවා. පාලකයන් සුදුසු ලෙස වෙනස්‌ නොවුණහොත් මේ තත්ත්වය තවත් ඉදිරියට ගොස්‌ රට වෙනුවෙන් අවශ්‍ය පියවරයන්ට එළඹෙනවා” යෑයි ද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

http://www.divaina.com/2014/04/17/news02.html

චීවරදාරී වටරැක විජිත සම්බන්ද බල සේනාව ඉස්ලාම් එකක් බව එම පුවතින් පැහැදිළි වූයේ නැත. පසුව කුමන්ත්‍රණකාරීන් සමඟ එය ලොවටම හෙළිවිය. ලොව පුරා සාමයේ පළමු සතුරා සාමයේ ආගම නම් බැටළු හම පොරවාගත් හයිනෙක් වන් ඉස්ලාමයයි. එය ලොවපුරා රටින් රට ගිලගනිමින් සිටී. අපත් එයට බිලි වෙනවාද? බුදු උපදෙස් අනුව ගැලවෙනවාද? ඔබ සාසන මාමක බොදුනුවෙක් නම් කිසිදු ඉස්ලාම් භක්තිකයෙක් සමඟ ගනුදෙනු නොකරන්න (NO LIMIT, GLITZ, FASHION BUG, CARGILLS ආදී මෙකී නොකී සියළු ඉස්ලාම් අන්තවාදී ව්‍යාපාර සොය සොයා වර්ජනය කරන්න, අදටත් හලාල් ඉවත් නොකල MUNCHEE, MALIBAN වැනි මිච්ඡා ආජීවයේ යෙදෙන ද්‍රෝහී නිෂ්පාදනත් අත් හරින්න).ඉස්ලාම් ව්‍යාප්තවාදය සිදුකරන හලාල් බුර්කා කුරාන් සියල්ලට එරෙහි ශක්ති පමණින් සටන් කරන්න. ස්වයං වාරණයෙන් ඉස්ලාම් විරෝධය පෙන්වන්න. නොමිළේ දුන්නත් වස විසක් මිස කිසිදු යහපතක් ඉස්ලාමය මනුෂ්‍ය ප්‍රජාවට මෙතෙක් කර නැති බව වගකීමෙන් තේරුම් ගන්න.

අතීත පරම්පරාවෙන් අපිට ලැබුන මේ දහම් රසය මතු පරපුරට තෑගි කිරීමට පසුබිම රැකගැනීම පරම යුතුකම සේ සලකන්න. එසේ කිරීමට සිත නොනැමේ නම් මක්ඛය හෙවත් ගුණමකු කම රහත් බවත් වලකන ක්ළේශයක් බව සිහි තබා ගන්න.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,890 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ