ධර්ම නිධාන

Archive for පෙබරවාරි 2015

මෙම ධර්ම දේශනයේ 04:11 මොහොතේ සිට දුටු ගැමුණු කුමරාගේ මව්කුස පිළිසිඳ ගැනීම පිළිබඳ විස්තර කර ඇත්තේ මෙසේයි.

මහරජ ගැමුණු චිත්‍රපටිය ආරම්භයේ පෙන්වන සේ තනිව නොව කාවන් තිස්ස රජ තුමාද සමඟ විහාරමහාදේවිය සිතුල්පව් වෙහෙරට සැපත් විය. දෙමළ ජාතිය රටත් පුණ්‍ය භූමිත් වනසාගෙන රට ආක්‍රමණය කරමින් එන අතර එම යුවල කල්පනා කලේ අපගේ රට ජාතිය බේරා ගැනීමට දරුවෙක් නෑ ඒ නිසා අපි පින් කරමින් ප්‍රාර්ථනා කරමු යන්නයි. සිතුල්පව් වෙහෙරේ වැඩහුන් මහරහතන් වහන්සේට දැහැත් වට්ටියක් පූජා කර පිළිසඳරේ යෙදෙන අතර එම යුවල උන් වහන්සේට තම අදහස් කියා සිටියා. මහරහතන් වහන්සේ තම නුවණ මෙහෙයවා බලා, සුදුස්සා දැක ගිලන් හලේ වැඩ සිටි ස්වාමීන් වහන්සේට දැහැත් වට්ටිය පිරිනමා ආරාධනා කරන සේ යුවලට දන්වා සිටියා.

 

එය ගෞරවයෙන් පිළිගත් රාජකීය යුවල ගිලන්ව සිටි ස්වාමීන් වහන්සේ බැහැදැක තුන් වතාවක් කුසට වඩින සේ ආරාධනා කලා, බොධි සත්ව උතුමෝ රජ සැප උතුම් කොට නොසලකන බැවින් තුන් වතාවම ඉල්ලීම ප්‍රතික්ෂේප විය, කෙසේ හෝ සතරවන වතාවේ උන් වහන්සේගේ සිත නැමී ආරාධනාව පිළිගත්තා. රාජකීය යුවල සතුටු සිතින් මාලිගාවට පිටත් වී ස්වල්ප වේලාවකින් ගිලන් හිමිනම අපවත් වුනා. උන්වහන්සේගේ ප්‍රතිසන්ධිය විහාරමහාදේවී මව් කුස තුල ඊලඟ ක්ෂණයේ පහල වූ ආෂ්චර්‍යේන් අශ්ව කරත්තය මහපොළොවේ එරී ගියා. ආපසු හැරුණු රාජකීය යුවල ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු වලට සහභාගී වී පසුව සිය මාලිගයට ගියා.

 

කෙසේ නමුත්, බෝධිසත්ව ගැමුණු නරේන්ද්‍රයාගේ ශ්‍රේෂ්ඨත්වයට හානි නොවන සේ ජයන්ත චන්ද්‍රසිරි සිය සිනමා සිත්තම කිරීමට සමත් වීම ජාතියේ වාසනාවකි. එය හෙළයන් හැමෝම ඒකාන්තයෙන් නරඹා තම මුතුන් මිත්තන්ගේ උතුම් බව ගැන අංශුමාත්‍ර හෝ අවබෝධයක් ලැබිය යුතුය. මේ ධර්ම දේශණය ඇසුරෙන්ම අප ඉදිරිපත් කල පෙර ලිපියේ ඇති අනතුරු සියල්ල වඩා වර්ධනය වන මේ සමයේ ජාතියෙ දෙමව්පියන් සියල්ල ගැමුණු කුමාරවරුන්ම පතමින් පින් කිරීම ද නොවලහා කල යුතුය.

 

මව් කුස ප්‍රතිසංධි ගැනීම හා මව්-පිය එක්වීම ගැන බුදු සමය අනුව පැහැදිළි කිරීම

බුදු දහම අනුව මවකගේ ඩිම්බ කෝෂයක් හා පියෙකුගේ ශුක්‍රාණුවක් එක් වීමෙන් තැනෙන යුක්තාණුව පැය දෙකක් පුරා ප්‍රතිසංධි විඥානයක් සම්බන්ධ වීමට සුදුසු තත්වයේ පවතී. තවද ගිලන් ස්වාමීන් වහන්සේගේ චුති සිතට පසු ප්‍රතිසන්ධිය ලැබීමට නම් එතුමියගේ ගර්භය සුදුසු තත්වයේ එම මොහොතේ තිබිය යුතුයි. පසුව කැමති විටෙක ප්‍රතිසංධි ගැනීමක් බුදු දහම අනුව සිදු නොවේ. අන්තරාභව මිත්‍යාව, ගන්ධබ්බ විකාර බුදු දහමේ ඇති දේ නොවේ. මේ අනුව මහරජ ගැමුණු ප්‍රතිසන්ධියේ කිසිදු නොවියහැක්කක් සිදු වී නැත. විහාරයට පිටත් වීමට පෙර මව් පිය එක්වීම සිදුවී තිබීම ප්‍රමාණවත්බව දත යුතුය. නොමනා ප්‍රතිචාර හරහා මෙය පිළිබඳ පැහැදිළි කිරීම් සොයන නින්දිත වසලයෙක් ගේ ප්‍රතිචාර වලින් අඩවිය කිළිටි කල නොහැකි බැවින් ඒවා ඉවත් කල බව එම වසලයා දැන ගනිත්වා!

අලුත් ආණ්‌ඩුවේ යහපාලනයට මුවාවී අන්තවාදීන් හිස ඔසවනවා
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

අලුත් ආණ්‌ඩුවේ යහ පාලනයට මුවා වී අන්තවාදී කල්ලි කණ්‌ඩායම් පෙරටත් වඩා පෝෂණය වී වර්ධනය වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය උත්තේජන ද පෙරට වඩා ලැබෙමින් තිබෙන බවත් උන්වහන්සේ චෝදනා කළහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (10 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවැසූහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ශාසනයට කළ හැකි උපරිම අවමානය නිග්‍රහය පසුගියදා සිදු කළා.

ව්‍යවස්‌ථාව කියන්නේ කුමක්‌ද යන්න අර්ථ නිරූපණය කරනවා සේම බුද්ධාගම කියන්නේ කුමක්‌ද යන්න නිර්වචන කරන්න කියා අප රජයෙන් ඉල්ලා සිටිනවා. බොදු බල සේනා සංවිධානය කියන්නේ මාගේ හෝ නන්ද හිමියන්ගේ සංවිධානයක්‌ නොවෙයි. එය සිවුවනක්‌ පිරිසකගේ සංවිධානයක්‌.

වත්මන් රජය මාසයක්‌ ඇතුළත පුරා විද්‍යා ආඥ පනත නිසිලෙස ක්‍රියාත්මක නොකළොත් අප ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. ඉවසුවා දැන් හොඳටම ඇති. පසුගිය ආණ්‌ඩුත් මේ දේවල් මඟ හැරියා මේ ආණ්‌ඩුවත් එලෙසම කරන්න දෙන්න බැහැ.

අපි ආපසු අපගේ කටයුතු කූරගලින් ළඟදීම ආරම්භ කරනවා මේවා ජාතිය සතු සම්පත්. ඒවා රැක ගන්න අප වහා කටයුතු කළ යුතුයි. අප කූරගල ගඩොලින් ගඩොල ගලවනවා යහ පාලන ආණ්‌ඩුව අපට බම්බු ගහයි. කූරගල බෞද්ධ අයිතියක්‌a එය රැක ගැනීමේදී අපට අන්තවාදීන් කීවට කමක්‌ නැහැ.

මුළු ලෝකයම මුස්‌ලිම් අන්තවාදයට එරෙහිව යුද වදින විට ඊට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගනිද්දී අපගේ නායකයන් ඇස්‌ කන් පියාගෙන සිටිනවා.

ඉදිරියේදී දේශපාලනික වශයෙන් කුමක්‌ කරන්නේද යන්න අප තීරණය කර නැහැ. අප අපගේ ජාතික කාර්යයන් ඉදිරියට එලෙසම කරගෙන යනවා. අද රට විශාල ප්‍රශ්න රැසකට මුහුණදී තිබෙනවා. එදා අප කිවූ දේ අද සැබෑවෙමින් තිබෙනවා. යහපාලන සංදර්ශනය තුළ සැබෑ සත්‍යය එළියට පැමිණ නැහැ. උතුරු නැගෙනහිර නුදුරේදීම නැවත එක්‌වීමේ අවදානම තිබෙනවා. එම වැඩපිළිවෙළ ලස්‌සනට ක්‍රියාත්මක වෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා මෙසේ පැවසීය.

මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුµa හකීම් මහතා අල් ඛයිඩා සංවිධානයට සෘජුවම හා වක්‍රව සහාය ලබා දෙනවා. චම්පික රණවක මහතා අල් ඛයිඩා සංවිධානය ගැන පොතක්‌ රචනා කළ විට හකීම් මහතා ඒ ගැන ජිනීවාවලට පැමිණිලි කරනවා. ඔහුගේ මෙම ක්‍රියාවලිය ගැන වහා විමර්ශනය කළ යුතුයි.

ඒ වාගේම ශූර කවුන්සිලය, හලාල් පිළිබඳව, මුස්‌ලිම් කලාප ගැන රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය විමර්ශන කළ යුතුයි. මුස්‌ලිම් කාන්තාවන් මුහුණ වසාගෙන සිටීම තහනම් කළ යුතුයි.

මෙම අවස්‌ථාවට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝද එක්‌වූහ.

http://www.divaina.com/2015/02/11/news40.html

දිනෙන් දින දහම් දිවයින තුල බොදුනුවාට එරෙහි ක්‍රියාකාරකම් කිසිකලෙකත් නොවූ විරූ ලෙස නැග එන බව පෙනී යයි. බලධාරීන් “අපි නෙවේ” කියමින් කර අරිනවා මිස ඒවා වගකීමෙන් සොයා නොබැලීම තුල සංවේදී බොදු හදවත් පෙරදින කුරගල ඛේදවාචකය සේම නැවතත් සංවේගයට පත් කර ඇත. වත්මන් රජය දින 100 තුල බොදු සමය සුණු විසුණු කිරීමත් මේ ආකාරයෙන්  කරයිද? 50% ක් බොදු ජනතා ඡන්ද යහපාලනය නමින් ලබා ගත්තේ මෙයටද? හෙළය තුල හෙළයාම අසරණ වී නැතිද?

දළදා මාලිගාව ඉදිරිපිට පාර අරින්න ගත් තැත වරදී

සිරිල් විමලසුරේන්ද්‍ර

මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට වසා තිබෙන මහා මාර්ගය ඊයේ (8 වැනිදා) උදැසන විවෘත කිරීමට පිරිසක්‌ විසින් ගන්නා ලද උත්සාහයක්‌ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ විරෝධයෙන් ව්‍යර්ථ වී ගොස්‌ තිබේ.

වසා තිබෙන මාර්ගය විවෘත කිරීමට ඊයේ (8 වැනිදා) උදැසන පියවර ගන්නා බව මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පොලිසියෙන් දැනුම් දීමක්‌ කර තිබේ.

මාර්ගය නැවත විවෘත කිරීම කෙරෙහි දිගින් දිගටම විරුද්ධත්වය පළකරමින් සිටින අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මෙම උත්සාහයටද දැඩිසේ විරුද්ධත්වය පළකර තිබේ.

ඊයේ (08 වැනිදා) පෙරවරුවේ තමන් වහන්සේ බැහැදැකීමට ගිය ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී. බස්‌නායක මහතාට පොලිසිය පාර විවෘත කිරීම සම්බන්ධයෙන් කළ දැනුම්දීම ගැනද මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ සඳහන් කර ඇත.

තමන් වහන්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන්ද ඒ පිළිබඳව විමසීමක්‌ කළ විට ජනාධිපතිවරයා එවැනි පාර විවෘත කිරීමකට අවසර දී නොමැති බව දැනගන්නට ලැබුණු බවද මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පවසා ඇත.

මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රකාශය සම්බන්ධයන් අදහස්‌ පළ කළ ආරක්‍ෂක ලේකම් බී. එම්. යූ. ඩී.බස්‌නායක මහතා කියා සිටියේද පාර විවෘත කිරීමකට තම අමාත්‍යාංශය අවසර දී නොමැති බවයි.

http://www.divaina.com/2015/02/09/news05.html

බෞද්ධයන්ගේ සිත් රිදවූ යහපාලන වාරණය

මේ වන විට නව රජයක්‌ බලයට පත්ව ඇත. ගතවූ කාලය මාසයකටත් අඩු නමුත් සැලකිය යුතු වෙනස්‌කම් කීපයක්‌ ඉටුකරන්නට සමත්ව ඇත. ගෙවී ඇති යන්ත්‍ර කොටස්‌ නැවත අළුතින් පුරුද්දා නව සායම් වලින් ඔපවත් කරන ලද වාහනයක්‌ ලෙසට මේ නව රාජ්‍ය වාහනය පාරට දමා ඇත. එහෙත් මේ වාහනය යන්නේ කොතනටදැයි කිසිවෙක්‌ ප්‍රශ්න නොකරන්නේය. එයට හේතුව නව වාහනයකින් නව ගමනක්‌ යැම ආශ්වාද ජනක සිදු වීමක්‌ බැවිනි. යන්නේ යහ පාලනය නමැති අරමුණකින් බැවින් එය තවත්ආශ්වාද ජනකය. කෙසේ වෙතත් මේ යහ පාලනය තුළ සිදු නොවිය යුතු බොහෝ දේ සිදු වෙමින් තිබේ. එකක්‌ නම් මුස්‌ලිම් මූලධර්මවාදීන්ගේ යළි නැගිටීමයි. මේ සඳහා ආසන්නතම උදාහරණය වාර්තා වන්නේ කූරගලිනි. එම ඓතිහාසික සිද්ධස්‌ථානයට ප්‍රවිශ්ට වීම තහනම් කරමින් භික්‌ෂූන් වහන්සේ නමකට හා උන්වහන්සේගේ අනුගාමිකයන්ට විරුද්ධව උසාවි වාරණයක්‌ ගැනීම එම සිද්ධියයි.

කූරගල ඓතිහාසික සිද්ධස්‌ථානය ප්‍රාග් මානවයාගේ විශේෂ ජනාවාසයකි. එසේම බුද්ධ කාලයේ සිට ක්‍රමිකව විකාශනය වූ බෞද්ධ ගල්ලෙන් තපෝවනයකි. මේ උතුම් භූමිය යටත් විජිත සමයේදී වනගතව තිබියදී ඒ ස්‌ථානයට ඇතුළු වී සිය මඩු කූඩාරම් ඉදි කරමින් 1923 න් පසුව මුස්‌ලිම් දේවාස්‌ථානයක්‌ ස්‌ථාපිත විය. පසුගිය වසර අනූදෙක තුළදී මේ මුස්‌ලිම් ආක්‍රමණය නිසා බෞද්ධ ආරාමයෙහි පැවති බුදු පිළිම සඳකඩ පහන් හා සිරි පතුල් පොඩිපට්‌ටම් වූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. 1971 දී මේ ස්‌ථානය පුරාවිද්‍යා රක්‌ෂිතයක්‌ ලෙසට නම් කරන ලදී. නමුත් එයට සමගාමීව මුස්‌ලිම් අනවසර ඉදි කිරීම් වර්ධනය වූයේ හිටපු බළන්ගොඩ මන්ත්‍රී අබුසාලි මහතාගේ මැදිහත් වීමෙනි. පසුගිය කාලයේදී මේ ආක්‍රමණයට එරෙහිව බෞද්ධ සංවිධාන කළ මැදිහත් වීමද නීති මාර්ගයෙන් ක්‍රියාකිරීමද නිසා අනවසර ඉදි කිරීම් 19 ක්‌ ඉවත් කල යුතු බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කරන ලදී. ඒ අනුව පසුගිය කාලයේදී එම ඉදි කිරීම් වලින් සියයට අනූපහක්‌ පමණ ඉවත් කළද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ මුස්‌ලිම් ජන ඇඟෑලිකම් නිසා ප්‍රධාන පල්ලිය සහ සොහොන් ඉවත් කිරීමට පුරාවිද්‍යාවට නොහැකි විය. කෙසේ වෙතත් නැවත බෞද්ධ වන්දනාමාන කටයුතු ආරම්භ කර ගැනීමටත් සංචාරයකයන්ට අවශ්‍ය නිස්‌කලංක පරිසරය එහි ඇති වීමත් හේතු කොට ගෙන කූරගල චිර ප්‍රසිද්ධ විය. වසර දසදහසක්‌ පැරණි මානව ඇටසැකිල්ලක්‌ මේ ස්‌ථානයෙන් හමුවීම නිසා කූරගල ජාත්‍යන්තර ලෙසටද අද ප්‍රසිද්ධියට පත්ව තිබේ.

කූරගල ඓතිහාසිකත්වය සුරක්‌ෂිත කිරීමට කැපවූ බොහෝ බෞද්ධ සංවිධාන වෙයි. ජාතික බලවේග විසින්ද මේ කාර්යයට දක්‌වන ලද දායකත්වය විශාලය. නව රජය පත්වීමත් එහි වැඩි බරක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයට හිමි වීමත් නිසා නැවතත් ඔවුන්ට හිතවත් මුස්‌ලිම් පිරිසට නව ජවයක්‌ ලැබුණා සේය. ජන අනුපාතයටත් වැඩිමනත්ව මුස්‌ලිම් ඇමැතිවරු පත්කර ගන්නා ලද්දේ එබැවින් විය හැකිය. කෙසේ වෙතත් අපගේ දැඩි අවධානයට යොමු වන්නේ නීත්‍යානුකූලව බෞද්ධයන්ට හිමිවිය යුතුව තිබෙන කූරගල ඓතිහාසික සිද්ධස්‌ථානය යළිත් මුස්‌ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට අසු කිරීම සඳහා නීතිය අවභාවිතා කළ ආකාරයයි.

මේ සිද්ධිය ඇරඹෙන්නේ කූරගල ජෙයිලානි පල්ලියේ මුස්‌ලිම් භාරකාරත්වය විසින් සිය වාර්ෂික වන්දනාමාන සමය වශයෙන් 2015 -01 -21 සිට 2015-2-21 කාලය ප්‍රකාශ කිරීමත් සමගය. ගිය දෙසැම්බර් මාසයේදී සිංහල රාවය විසින් සංවිධානය කරන ලද පූජ්‍ය ගංගොඩවිල සෝමහිමි පින්කම කූරගල දී පවත්වන ලද අවස්‌ථාවේදී පොලිසිය විසින් ඊට බාධා කරන ලද්දේ ඉහළ නියෝගයකින්ය. ඒ ක්‍රමයම මෙහිදී අනුගමනය කරන ලදී. පූජ්‍ය වටද්දර ඥාණිස්‌සර හිමි පුරාවිද්‍යා කාර්ය භාර නිලධාරිනිය හිටපු පුරාවිද්‍යා රැකවල් කරු හීන් මහත්මයා සහ එම්.ජී. විෙ-රත්න යන අයගෙන් ප්‍රකාශ ලබා ගත් කල්තොට පොලිසිය බළන්ගොඩ උසාවියෙන් 2015- 01- 21 දින වාරණ නියෝගයක්‌ ලබාගන්නා ලදී. ඒ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීමක්‌ මත යයි පවසති. පූජ්‍ය යක්‌කලමුල්ලේ පවර හිමි ඇතුළු සිංහල රාවය සංවිධානයේ සාමාජිකයන්ට කූරගලට ඇතුළු වීම වලක්‌වාලමින් මෙම වාරණය ගෙන තිබුණි. නමුත් සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියන්ගෙන් අප කළ විමසුමකදී පැහැදිලි වූයේ මේ ආසන්න කාලවකවානුව තුළදී කූරගල යැම සඳහා කිසිම සැලසුමක්‌ නොතිබූ බවයි. එම තොරතුර සමාජ ජාලා වෙබ් අඩවි තුළ ප්‍රචාරය වූ පුවතක්‌ පමණක්‌ බවයි. මෙයින් පැහැදිලි වන්නේ රිෂානා අබුසාලි මැතිණියගේ ඉල්ලීම මත කල්තොට පොලිසිය හිතාමතාම ස්‌වාමීන් වහන්සේලාට එරෙහිව නීතිය අතට ගත් ආකාරයයි. මෙහිදී අනාවරණය වන වැදගත්ම කාරණය වන්නේ බුදුගල පුරාවිද්‍යා සහකාර වසන්තා ඉනද්‍රානි මහත්මිය විසින් කල්තොට පොලිසියට කිසිදු ප්‍රකාශයක්‌ ලබා දී නොතිබූ බවයි. ඇය පැහැදිලි කරන පරිදි කල්තොට පොලිස්‌ ස්‌ථානාධිපති කේ.ඒ.පී. පෙරේරා දුරකතන ඇමතුමක්‌ මගින් ප්‍රකාශයක්‌ ඉල්ලා සිටි අතර පසුව පොලිස්‌ කොස්‌තාපල්වරු දෙදෙනෙක්‌ ඇය හමුවට එවා ඇත. මෙහිදී තම ආයතන ප්‍රධානියා වූ අධ්‍යක්‌ෂ ජනරාල්වරයාට කතා කළ ඇය එවැනි ප්‍රකාශයක්‌ ලබා දිය හැකි දැයි විමසා තිබේ. නමුත් එයට අවසරයක්‌ අධ්‍යක්‌ෂක ජනරාල්වරයාගෙන් ලැබී නොමැත. ඒ අනුව ප්‍රකාශයක්‌ ලබාදීම ප්‍රතික්‌ෂේප කර තිබේ. එවැනි තත්ත්වයක්‌ මත උසාවිය හමුවේ සාවද්‍ය දැනුම්දීමක්‌ සිදුව තිබේ.

කූරගල අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවට මීට පෙර පුරාවිද්‍යා අධ්‍යක්‌ෂක ජනරාල්වරයාට නියෝගයක්‌ නිකුත් කර තිබෙන්නේ එවකට සිටි බළන්ගොඩ මහෙස්‌ත්‍රාත් වරියයි. ඒ අනුව ඉදිකිරීම ඉවත් කිරීමට පියවර ගැනුණු අතර ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ මැදිහත් වීම මත 1990 දී මුස්‌ලිම් පිරිසට ලබා දුන් විකල්ප ඉඩම් වලට ඔවුන් යායුතු විය. මෙවර ඔවුන්ගේ උත්සවය වෙනුවෙන් 2015-01-12 දින අධ්‍යක්‌ෂක ජනරාල් වරයා ලබා දුන් අවසරය සහිත ලිත ලියෑවිල්ලේ මේ බව අවධාරණය කර තිබුණි. (04/කූරගල මුස්‌ලිම් දේවස්‌ථානයට විකල්ප ඉඩම් ලබාදී ඇති බැවින්ද එම විකල්ප ඉඩම් මෙම ස්‌ථානයට ආසන්නයේ පවතින බැවින්ද ලිපියේ සඳහන් අනෙකුත් අවශ්‍යතාවයන් පුරාවිද්‍යා රක්‌ෂිතය තුළ සිදු කිරීමේ අවශ්‍යතාවයක්‌ නොමැති බව පෙනේ.)

එහෙත් ඔවුන්ගේ ප්‍රධාන පල්ලිය ඉවත් නොකෙරුණු අතර එය ඉවත් කිරීම සඳහා පසුගිය කාලයේදී වෑයම් කළ නමුදු හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත අත්හිටුවා ඇත. කූරගල පුරාවිද්‍යා රක්‌ෂිතයෙන් පුරාවිද්‍යා නෂ්ඨාවශේෂ තිබෙන ගල්ලෙන ඇරුණු කොට අනෙක්‌ කොටස්‌ අස්‌ගිරි පාර්ශවයේ මහානායක ස්‌වාමීන් වහන්සේලා වෙත පවරා දී ඇත. ඒ අනුව බෞද්ධයන්ට මෙහි ඇතුල් වීමටත් වන්දනා මාන කිරීමටත් කිසිදු බාධාවක්‌ නැත. එසේ තිබියදී පොලිසිය විසින් උසාවිය ද නොමග යවමින් ගන්නා ලද වාරණය නීත්‍යානුකූල නොවේ. එය බෞද්ධයන්ගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමකි. පැහැදිලිව ප්‍රකාශ කළ යුත්තේ පොලිසිය මෙහිදී මුස්‌ලිම් පාර්ශවය වෙනුවෙන් පක්‌ෂපාතීව කටයුතු කළ ආකාරයයි. මීට ඉහත කීප වාරයකදීම බෞද්ධයන් සිය වන්දනා මානයට කූරගල තරණය කරද්දීද පොලිසි රාශියකින්ම කුළුපොළු සහිත හමුදාවන් ගෙනවුත් බියවැද්දූ ආකාරය අපට අමතක නොවේ. මෙහි යටි අරුත නම් බෞද්ධයන් ම්ලේච්ඡයන් ලෙසට ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමට මුස්‌ලිම් අයට තිබෙන වුවමනාවට පොලිසිය අනියමින් සහයෝගය දැක්‌වීමයි. එසේම ඉදිරියේදී බෞද්ධයන්ට කූරගල තරණයට එරෙහිව ස්‌ථිර වාරණයක්‌ ගැනීමේ බලාපොරොත්තුවක්‌ ද තිබිය හැකිය. දිගින් දිගටම මෙවැනි සිදු වීම් වාර්තා වීම සැබවින්ම බෞද්ධයන්ගේ සිත් රිදවන්නකි. යහපාලනයට මුවාවී යළිත් මුස්‌ලිම් අන්තවාදය හිස එසැවීමට ඉඩදුනහොත් එහි විපාක විදින්නට සිදුවන්නේ සමස්‌ත රටටයි. දේශපාලකයන් වරන් වර වෙනස්‌ වෙමින් ආවා ගියාට රටේ හොඳ නම රැක ගැනීමට නම් මෙවැනි කුමන්ත්‍රණයන් පරාජයට පත්කළ යුතුමය.

මතුගම සෙනෙවිරුවන්

http://www.divaina.com/2015/02/01/feature11.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 447,688 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: