ධර්ම නිධාන

Archive for the ‘භාවනා සජ්ඣායනා’ Category

අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ බුදුගුණ මෙනෙහි භාවනා වාක්‍ය සජ්ඣායනා අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!

අති පූජණීය නාඋයන අරියධම්ම නාහිමිපාණන් ගේ භාවනා පූර්ව කෘත්‍ය සජ්ඣායනා අඩංගු වටිනා වීඩියෝවක් පහත දැක්වේ. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!

මහා මංගල සූත්‍රයේ සාරය සිංහලෙන් ඇතුලත් භාවනා සජ්ඣායනාව ශ්‍රවණය කරන්න

භාවනා යොමුව

මහා මංගල සූත්‍රය බුදු පියාණන් විසින් දේශනා කිරීමට හේතු වූ කාරණාව හෙළි කරන ගාම්භීර දහම් දෙසුම් 3ක් ශ්‍රවණය කරන්න,

 

 ධර්ම දේශනා යොමුව 1

 ධර්ම දේශනා යොමුව 2

 ධර්ම දේශනා යොමුව 3

 

මහා මංගල පිරිත ශ්‍රවණය කරන්න

 

පිරිත් යොමුව

 

අනෙකුත් පිරිත් දේශනා සඳහා අපගේ පිරිත් පිටුවට පිවිසෙන්න

 

මෙහි සඳහන් වන්නේ නාමික වශයෙන් බුදුගුණ 9 සිංහල තේරුම් පමණි. ඔබට ඉතා සවිස්තරව එක එකක් බුදුගුණ භාවනා ආකාරයෙන්දැ න ගැනීමට නම් මෙම ලිපියේ ඇති වීඩියෝ යොමුවට පිවිසෙන්න. මෑත අතීතයේ සසුනට පහල වූ යුග පුරුෂයෙක් වූ එම හිමිපාණන්ගේ සුපිරිසිඳු දහම් දැනුම සොයන බෞද්ධයන්ට එම නාලිකාව SUBSCRIBE කිරීමට තරම් වටිනා කරුණු අඩංගු බව පෙනී යයි. ඔබත් එහි පළවන සියළු සදහම් කරුණු වලින් සුදුසු පරිදි දැනුවත් වෙත්වායි අපි පතමු!

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අරහං, සම්මාසම්බුද්ධ, විජ්ජාචරණසම්පන්න, සුගත, ලෝකවිදූ

අරහං, සම්මාසම්බුද්ධ, විජ්ජාචරණසම්පන්න, සුගත, ලෝකවිදූ

අරහං බුදු ගුණය.MP3

සම්මාසම්බුද්ධ බුදු ගුණය.MP3

විජ්ජාචරණසම්පන්න බුදු ගුණය.MP3

සුගත බුදු ගුණය.MP3

ලෝකවිදූ බුදු ගුණය.MP3

අනුත්තර පුරිසදම්මසාරථී, සත්තාදේවමනුස්සානං, බුද්ධෝ, භගවා

අනුත්තර පුරිසදම්මසාරථී, සත්තාදේවමනුස්සානං, බුද්ධෝ, භගවා

අනුත්තර පුරිසදම්මසාරථී  බුදු ගුණය.MP3

සත්තාදේවමනුස්සානං  බුදු ගුණය.MP3

බුද්ධෝ  බුදු ගුණය.MP3

භගවා  බුදු ගුණය.MP3

සවන් දෙන්න, පුරුදු වන්න, නිතර නිතර මෙනෙහි කරන්න, හඳුනන සියල්ල සමඟ බෙදාගෙන නිවන් පතා කුසල් රැස් කරන්න.

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අද අප අතර බහුලවම වෙසෙන්නේ දවස පුරා කුසල් කරමින් (අප්‍රමාදව) පින් රැස් කරගන්නා උදවිය නොවේ. මුළු ලොවම හිස මත තබාගෙන ගිනිගත් මනසින් යුතුව අකුසලයෙන්ම (ප්‍රමාදව) දවස ගෙවා දමන බහුතරයකි. මෙසේ ගත සිත වෙහෙස කර ගන්නා අය රාත්‍රියේ මැදියම පසු වී හෝ නින්දකට යාමට කිසිසේත් අමතක නොකරයි. මෙහි ප්‍රධානම අරමුණ දවසේ සියළු වෙහෙස සමනය කර ගැනීමයි. නමුත් එම කුඩා නින්ද පවා ඔබට බියකරු සිහින වලින් ගහන වුවහොත්, කිසිසේත් එම බලාපොරොත්තු වූ සහනය නම් ලබා ගත නොහැකි වේ.

දවස පුරා මනසේ ක්‍රියාකාරීත්වය රාත්‍රියේ සිහින කෙරෙහි බලපෑම අමුතු දෙයක් නොවේ. එබැවින් නින්ද අතිශයින් වුවමනා පුද්ගලයාටම එය නොලැබී යාමේ අවධානම ඉතා ඉහල බව තේරුම් ගත හැක.

සිහින පෙනෙන හේතු 4ක් ධර්මයේ සඳහන් වන අතර, අපට බහුලවම පෙනෙන සිහින අනුභූතපුබ්බ  (පෙර පුරුදු කථා, සල්ලාප, ක්‍රියා) හේතුවෙන් හටගන්නා මෙවන් සිහින වේ. චිත්ත වීථි හා සිහින අතර සම්බන්ධය අභිධර්මානුකූලව පැහැදිළි කරන ගමන් ධර්මයේ ඇති සිහින සම්බන්ධ බොහෝ රසවත් කරුණු ඔබට පහත ධර්ම පත්‍රිකාවෙන් සොයා ගත හැක.

සිහින

සිහින

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

ඒකාන්තයෙන් අසත්‍ය වෙන, බහුලවම අපට පෙනෙන මෙම සිහින හුදෙක් අපගේ සුව නින්දට බාදා කිරීම මිසක අපට කරන කිසිම යහපතක් නම් නැත. මෙවන් සිහින නිසා නිකරුනේ හෙම්බත් වූවෙක්, කිසිම සිහිනයක් නොදැක නිදා ගැනීමට ඇත්නම් යයි ප්‍රාර්ථනා කිරීම අමුතු දෙයක්ද නොවේ. අද දවසේ මනෝ වෛද්‍යවරයෙක් හට වුවද එවන් උවමනාවකට නොවරදින බාහිර,අභ්‍යන්තර බටහිර ප්‍රතිකාරයක් ඇතැයි අප කිසිසේත් විශ්වාස නොකරමු.

නමුත් අමා මෑණී ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වීමේ පිනෙන්, කිසිදු සැකයකින් තොරව, ඔබට අවැසි නම් එම සිහින නොදැක නිදා ගැනීමේ භාග්‍ය උදා කර ගැනීමේ මග, දහම තුලින්ම සොයාගැනීමේ වාසනාව අපි සමඟ ඇත. බෞද්ධයන් වශයෙන් අපි මුළු මහත් ලෝකයාටම වඩා කොතරම් වාසනාවන්තදැයි මෙයින්ම තේරුම් ගත හැක.

අති පූජනීය තෙලිකඩ ධම්මිස්සර ස්වාමීන් වහන්සේ විසින් සුමිහිරිව ගායනා ස්වරූපයෙන් පහත සපයා ඇති මහා මෛත්‍රී භාවනාව ඔබ ඔබටම අවංකව, තේරුම සලකමින්, තේරුම අධිෂ්ඨාන කරමින් නින්දට පෙර අඩු තරමින් එක්වරක් හොඳ සිහියෙන් සවන්දී හෝ තමාම සිතින් හෝ මුවින් කියා නින්දට යන්නේ නම් ඔබ කිසිදු සිහිනයක් නොදකිනවා පමණක් නොව. ඔබට සිතා ගැනීමටවත් නොහැකි 11 ක් වූ අතිශය අනර්ඝ, මෙම යොමුවේ සපයා ඇති ධර්ම පත්‍රිකාවේ සඳහන් සියළු ආනිසංස ලැබීමට සුදුස්සෙක් වනවා ඇත. මෙසේ අත්දැකීමෙන්ම පමණක් තේරුම්ගත යුතු, මහා බල සම්පන්න, මහා මෛත්‍රී භාවනාව අදම අරඹන්න . 11 ක් වූ ආනිසංස හරහා සැපත ලඟා කර ගන්න. අත්දුටුවයි, සත්තයි.

 මහා මෛත්‍රී භාවනාව 1 සිට 7

මහා මෛත්‍රී භාවනාව 1 සිට 7

 මහා මෛත්‍රී භාවනාව 8 සිට 16

මහා මෛත්‍රී භාවනාව 8 සිට 16

 මහා මෛත්‍රී පොදු භාවනා වාක්‍ය

මහා මෛත්‍රී පොදු භාවනා වාක්‍ය

01.Myhan hita Satta.MP3

02.Myhan Majjhatthika Satta.MP3

03.Myhan wayrii Satta.MP3

04.Sabbe Satta.MP3

05.Sabbe Paana.MP3

06.Sabbe Bhootha.MP3

07.Sabbe Puggala.MP3

08.Sabbe Atthabhava-pariyapanna.MP3

09.Sabba Itthiyo.MP3

10.Sabbe Purisa.MP3

11.Sabbe Ariya.MP3

12.Sabbe Anariya.MP3

13.Sabbe Deva.MP3

 14.Sabbe Manussa.MP3

 15.Sabbe Amanussa.MP3

 16.Sabbe Vinipathika.MP3

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අද ලෝකයේ බහුතරයක් දෙනා ශරීරයට සැප දීම දිවියේ අරුත සේ ගත් අයගේ තත්වයේ සිටින්නෝය. එබැවින් ඔවුන්ගේ මනස තේරුම් ගැනීම කාටත් ප්‍රයෝජනවත් වනු ඇත. මනස යනු අති සංකීර්ණ ධර්මතාවයකි. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ නමක් හැරුණු විට අන් කිසිවෙකුට එය සම්පූර්ණයෙන් විස්තර කර පැහැදිලි කල නොහැක. අති ඝාම්භීර අභිධර්මය  මෙවන් අයගේ සිත් ඉතා පැහැදිලිව විස්තර කර ඇත. පරම පූජනීය රේරුකානේ චන්දවිමල මාහිමි පානන් නොවන්නට අපිට සරල සිංහලෙන් මෙය තේරුම් ගැනීමට හෝ ඉදිරිපත් කිරීමට නොහැකි වන බව අපගේ අවංක අදහසයි.

අපි ඉදිරිපත් කරන්නේ එම උතුමාගේ රසවත් ධර්ම ග්‍රන්ථයන් වන “අභිධර්ම මාර්ගය” හා “අභිධර්මයේ මූලික කරුණු” පොත් වහන්සේලා තුල අඬංගු කරුණු ඇසුරෙන් ඉතා සැකෙවින් සකස්කල විස්තරයකි. වැඩි විස්තර ඔබට එම පොත් වහන්සේලා ඇසුරු කිරීමෙන් ලද හැකිය.

පරමාර්ථ ධර්ම වශයෙන් එකක් ලෙස සැලකුවද, අපගේ සිත අකාර 89 කට බෙදූ විට පමණක් එය තේරුම් ගත හැකි තත්වයකට පත්වේ.

අපගේ සිත හා ඇමිණෙන චෛතසික පරමාර්ථ ධර්ම 52 ක් ඇත. එයින් ඒකාන්ත අකුසල චෛතිසිකයක් වන විචිකිච්ඡාව යනු බුද්ධාදී අට තැනක් පිළිබඳ සැකය ලෙසද හැන්දින්විය හැක. ඒවා 8 මෙසේයි

1. බුදුන් වහන්සේ පිළිබඳ සැක
2. ශ්‍රී සද්ධර්මය පිළිබඳ සැක
3. ආර්ය සංඝ රත්නය පිළිබඳ සැක
4. ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රී ශික්ෂාව පිළිබඳ සැක
5. පෙර භවයන් ගැන පිළිබඳ සැක
6. පසු භවයන් ගැන පිළිබඳ සැක
7. පෙර පසු භවයන් දෙකම පිළිබඳ සැක
8. දොලොස් පද පටිච්ඡ සමුප්පාදය පිළිබඳ සැක

මුලින්ම සඳහන් කල සිතේ බෙදීම් 89 අතරින් එකම එක සිතක් සමඟ පමණක් ඉහත විචිකිච්ඡා චෛතිසිකය ඇමිණේ. එබැවින් එය සෑම අතින්ම  තේරුම් ගැනීමට පහසුම චෛතිසිකය ලෙස සඳහන් කල හැක. සම්ප්‍රයෝග වශයෙන් එකම සිතකට පමණක් ඇමිණෙන එකම චෛතිසිකයද එයයි.  ඊලඟට අඩුම සිත් ගණනකට ඇමිණෙන්නේ දෝස හෙවත් ද්වේශ චෛතිසිකයයි එය අපි කලින් ලිපියක සවිස්තරව පෙන්වා දුන් සිත් 2ක් පමණි. එබැවින් ද්වේශ මූල අකුසල් වලක්වා ගැනීම ඔබ සිතන තරම් අපහසු දෙයක් නොවේ, සිත් 2ක් ඉපදීම වළක්වාගැනීමෙන්, අවම කිරීමෙන් ඔබට එක් අකුසල මූලයක් වන ද්වේශය සම්පූර්ණයෙන් පාලනය කල හැක. එය ධර්මයේ හැසිරෙන්නාට මහත්ම සහනයට කාරණයකි.

නැවත අපගේ ප්‍රධාන මාතෘකාවට පැමිණෙමු. විචිකිච්ඡා චෛතිසිකය ඇමිණෙන්නේ මෝහ අකුසල් මූලයට සම්බන්ධ සිත් දෙකෙන් එකකටය. බලන්න

මෝහ මූල සිත් දෙක

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

වාසනාවකට මෝහමූල සිත් දුබල බැවින් එවායින් ලෝභමූල දෝසමූල සිත්වලින් මෙන් සතර අපා උප්පත්ති ආදී බරපතල විපාක ඇති නොවේ. එනමුත් විචිකිච්ඡාව ඇමුණුන සිත ඇති තැනැත්තාගේ සිත නැමෙන්නේ පස්කම් සැපයට පමණි. කුශලයට සිත නොනැමේ. එම සිත සහිතව කුශල් කලද එය බලවත් කුශලයක් නොවීම මෙම පුද්ගලයන්ට සසරේදී වන මහත්ම පාඩුවයි. ඔබට මෙම ආකාරයේ පුද්ගලයන් මුණ ගැසී ඇතුවාට සැක නැත. සමහරවිට ඔබම එම ඝනයේ පුද්ගලයෙක් විය හැක. එසේනම් ඉහත කරුණු 8 සම්බන්ධව ඔබගේ හෝ එම පුද්ගලයන්ගේ ආකල්ප මොනවාදැයි හොඳින් සිහි කර බලන්න. ධර්මයේ ඇති නිරවද්‍ය බව ඔබට අත්දැකීමෙන්ම, ඇස් පනාපිට දැක ගැනීමට හැකි වනවාට කිසිදු සැකයක් නැත.

මෙහි සඳහන් සිත් හා චෛතිසික පිළිබඳ තවත් විචිත්‍ර විස්තර ඉහත පොත් වහන්සේලා තුලින් ඔබට සොයා ගත හැක.

මෙසේ සැප සෙවීම තුළින් එම පුද්ගලයන් උපදවා ගැනීමට තැත් කරන සිත් වර්ග පහ අපි කවුත් දන්නා රූප දැකීම, ශබ්ද ඇසීම, ගන්ධ දැනීම, රස විඳීම, ස්පර්ශ විඳීම ආදියට අදාල සිත් පහ වන

1. චක්ෂු විඥාන  සිත
2. ස්‍රෝත විඥාන  සිත
3. ඝ්‍රාණ විඥාන  සිත
4. ජිව්හා විඥාන  සිත
5. කාය විඥාන  සිත

යන පහ වේ. මේවා කිසිවෙකුත් කුසල් අකුසල් ඵල ගෙන දීමට අසමත් විපාක සිත් ලෙස හැඳින්වෙන අතර  චෛතිසික ඇමිණීම පැත්තෙන් සැලකූ විට, අඩුම චෛතිසික ගණනක් හෙවත් 7 ක් පමණක් සම්බන්ධ වන මේවා බොහෝම බාල වර්ගයේ සිත් පහක් පමණි. මදක් සිතා බලන්න ලෝකයා ඕනෑම වියදමක් කර පංච කාම අරමුණු සපයාගැනීම තුලින් උපදවා ගැනීමට පෙළඹෙන සිත් කීපයේ යථාර්තය මෙයයි. අතිශයින් කණගාටුදායකයි නේද? මේවා ඉපදීම සම්බන්ධයෙන් අපට තෝරා ගැනීමක්ද නොමැත, මන්ද රූපයක් ගැටුන සැනින් චක්ෂු විඥානය යනාදී වශයෙන් ඉහත සියළු සිත් ඒ ඒ අදාල අරමුණ හමුවේඉබේම ඉපදෙන බැවිනි.මීට අමතරව කෙලින්ම අපගේ මනෝ ද්වාරයේ ගැටෙන අරමුණු වෙනුවෙන් මනෝ විඥානය පහල වීමද සිදුවේ. එවිට සියළු විඥාන ධාතු සංඛ්‍යාව 6 ක් වේ

අවාසනාවන්ත ලෙස පංච කාම සම්පත්තියෙන් වල්මත් වූවන් නොවීමට නම් අපි මෙම සිත් තේරුම් ගැනීමට, එවායේ යථා ස්වරූපය විනිවිද දැකීමට සමත් විය යුතුය. මේ සඳහා අපිට උපකාරී වන ඉතාම රසවත් භාවනා වාක්‍ය 6 ක් පූජනීය තෙලිකඩ ධම්මිස්සර හිමිපානන්, උන්වහන්සේට අවේනික ගායනා ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇත. මතකයට ඉතා පහසු වීම මෙම ගායනා ස්වරූපයේ ඇති වාසියයි.

විඥාන ධාතු භාවනා

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

1. චක්ෂු විඥාන භාවනාව.mp3

2. ස්‍රෝත විඥාන  භාවනාව.mp3

3. ඝ්‍රාණ විඥාන  භාවනාව.mp3

4. ජිව්හා විඥාන  භාවනාව.mp3

5. කාය විඥාන  භාවනාව.mp3

මනෝ විඥාන භාවනාව.mp3

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මාහිමි පානන් ගේ අතිශය වටිනා පොත් වහන්සේ කෙනෙක් වන, “විදර්ශනා භාවනා ක්‍රමය” නම් පොතේ ආරම්භක විදර්ශනා භාවනාවක් ලෙස සපයා ඇත්තේද මෙම භාවනා සමූහයමය. සවන්දෙමින් පුරුදු වෙන අතරම බෞද්ධයන් වශයෙන් මේවා පුරුදු පුහුණු වීම කෙතරම් වටින්නේදැයි තේරුම් ගැනීමට නම් ඔබ එම පොත් වහන්සේ බැලිය යුතුමය.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,893 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ