ධර්ම නිධාන

Archive for the ‘වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය’ Category

අප රටේ සිංහල ජනගහන අර්බුදයේ බරපතල කම වගකිවයුතු සියළු පාර්ශවයන් විසින් නොසලකා හරින්නේ හරියටම විය යුත්තක් සිදු වෙමින් පවත්නා ගානටය. 2013 වසරේදී අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ දිවයින පුවතක් මගින් මෙහි අති භයංකාර භාවය පෙන්වා දෙන ලදි. පහත දැක්වෙන්නේ එම ලිපියයි. ඉතා දීර්ඝ නොවෙන එය මුලුමනින් කියවා බලන්න

 


බරපතළ ප්‍රශ්නයකට මුහුණ පා තියෙන
සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක්‌ වෙලා

පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි

මාතර – චන්ද්‍රදාස කොඩිතුවක්‌කු

බරපතළ ප්‍රශ්නයකට සිංහල ජාතිය මුහුණ පා තිබෙන යුගයක්‌ තවත් වසර තිහක්‌ හතළිහක්‌ යන කොට ඔබට එය තේරෙයි. සිංහල ජාතිය මේ රටේ වඳවෙන ජාතියක්‌ බවට පත්වෙලා තිබෙනවා යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේ පරිවෙනාධිපති පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස නාහිමි මාතරදී පැවැසූහ.

මාතර සමාධි ප්‍රජා සංවර්ධන පදනමේ දහතුන් වැනි ශිෂ්‍ය කණ්‌ඩායමේ සිසුන් දහසක්‌ වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි. මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගේ ආරාධනාවෙන් උන්වහන්සේ මෙම උත්සවයට සහභාගී වූහ.

උන්වහන්සේ මෙසේද කීහ.

මේ කතාව කිව්වට සමහරු කියයි මම ජාතිවාදී කතාවක්‌ කරනවා කියලා. එහෙම නැහැ. මම කියන ගාන හදලා බලන්න සිංහල මිනිස්‌සු තව කොපමණ කාලයක්‌ද මේ රටේ ජීවත් වෙන්නේ කියලා.

මෙම වතාවේ ජන සංගණනය එක්‌ක ගත්තාම අපට දැක ගන්නට ලැබුණා සිංහල මිනිස්‌සු එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ මේ රටේ ඉන්නවා කියලා. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයෙන් සියයට හැටක්‌ ඒ කියන්නේ ලක්‍ෂ 80 ක්‌ ඉන්නේ වයස අවුරුදු 40 පැනපු අය. කාන්තාවෝ ගත්තොත් දරුවන් නහදන සහ නොහැදෙන අය ලෝක ධර්මතාවය මත තව වසර 40 ක්‌ ඇතුළත ලක්‍ෂ 80 ක්‌ මියයා යුතුයි. ඉතුරුවන්නේ ලක්‍ෂ පනහයි. මෙම ලක්‍ෂ පනහ අතරේ සිටින අවුරුදු 39 කෙනෙක්‌ට තවත් වසර 40 කින් අවුරුදු හැත්තෑනවයක්‌ වෙනවා. මෙම ලක්‍ෂ පනහෙන් භාගයක්‌ ඉන්නේ පිරිමි කියලා හිතුවොත් කාන්තාවන් ඉන්නේ ලක්‍ෂ 25 යි. ඒ ලක්‍ෂ විසිපහෙනුත් ලක්‍ෂ පහක්‌ විතර මේ වන විට වඳ සැත්කම් කරගෙන. රටේ නීතිය මත වයස අවුරුදු 26 ක්‌ ඉහළ විවාහක කාන්තාවන්ට එල්. ආර්. ටී. සැත්කම කරන්න පුලුවන්. ඒ කියන්නේ ලක්‍ෂ විස්‌සයි කාන්තාවන් ඉන්නේ.

කාන්තාවන් ලක්‍ෂ විස්‌සෙනුත් ලක්‍ෂ දහයක්‌ ඉන්නේ අවුරුදු 20 ට අඩු අය ඒ කියන්නේ විස්‌සට වැඩි අය ඉන්නේ ලක්‍ෂ දහයයි. එක්‌කෝටි තිස්‌ ලක්‍ෂයක්‌ සිංහල මිනිසුන්ගෙන් ලක්‍ෂ දහයයි දරුවන් හදන්න පුලුවන් මට්‌ටමේ සිටින කාන්තාවන් ඉන්නේ. ඔය ලක්‍ෂ දහයෙන් කී දෙනෙකුටද දරුවෝ ලැබෙන්නේ. දරුවන් හදා ගන්න දවසට කාන්තාවන් කීදෙනෙක්‌ චැනල් කරනවද? ඒත් දරුවන් නැහැ. එතකොට දරු ඵලදාව තිබෙන අය ඉන්නේ ලක්‍ෂ 8 යි. ඒ විදියට ගත්තම වසර හතළිහක්‌ තුළ ලක්‍ෂ අසූවක්‌ මැරෙන්න ඉන්නවා. එතකොට එක කාන්තාවක්‌ දරුවන් දහයක්‌ බිහිකළොත් පමණයි යන්තම් සිංහල ජාතිය දැන් සිටින ගාන පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නේ.

ලක්‍ෂ අටක්‌ දරුවන් හදන්න පුලුවන් කියන යථාර්ථයක්‌ එක්‌ක හෙට දවසේ ලක්‍ෂ අසූවක්‌ මැරෙනකොට ලක්‍ෂ පනහක්‌ නාකිවෙලා ඉන්න කොට එක්‌කෙනා දරුමල්ලන් පස්‌දෙනා ගානේ හැදුවත් ලක්‍ෂ හතළිහයි හදන්න පුලුවන් වන්නේ. ඒ කියන්නේ මියගිය ලක්‍ෂ අසූවෙනුත් භාගයයි උපදින්නේ. මේ නිසා සිංහල ජාතියට ඉදිරියේදී විශාල ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙනවා. මෙය වහාම තේරුම්ගත යුතුයි.

src: http://www.divaina.com/2013/05/30/news28.html

1977 න් පසු මුස්ලිම් ලේ නෑකම් සහිතව ජනපති වූ ජේ. ආර්. ජයවර්ධන නම් පාලකයා මේ හෙළ බොදු රටේ චීවරයට ඇති පිළිගැනීම වහා නැසිය යුතුය යන ආකල්පයෙන් ක්‍රියා කල අයෙකි. අදටත් පවතින විනය වර්ධන නම් පවිටු ගිහි පැවිදි එකමුතුව ඔහුගේ සංකල්පයකි. ආරම්භයේදී ගිහියන් විසින් පූජණීය භික්ෂූන් වහන්සේගේ ශීලයේ අඩු පාඩු සොයමින් ගැරහීමත් ඒවා ප්‍රසිද්ධ කිරීමත් යහමින් සිදුවිය. උපසපන් භික්ෂූන් වහන්සේට කෝටියක් සංවර ශීලය රැක ගැනීමට නොහැකි වූයේ නම් විපාක එන්නේ එතුමන්ටය. පංච ශීලයවත් නොරකින, සසුනට ඇතුලත් නොවූ ගිහියන්ට පැවිදි උතුමන් ශීලය සඳහා විවේචනය කිරීම කොතරම් සුදුසුද යන්න පැහැදිලි කරගත යුතු කාරණයකි.

සසුනේ අවසානය වසර පන්දහසකින් සිදුවන බව ප්‍රකටය. එවක් වනවිට භික්ෂූන් වහන්සේ කෙසේද යත් ගිහියන්ගෙන් වෙන්කොට හැඳිනීමට පළදින්නේ අතේ කහ නූලක් පමණි. දරු පවුල් රකින රැකියා කරන නමුත් සම්මුති මහා සංඝරත්නයට එතුමන් ඇතුලත් බව ඔබ දැන සිටියාද? බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශණයට අනුව, එම කසාකණ්ඨක භික්ෂූන් වහන්සේ නමකට සැදැහැ සිතින් දෙන දානයත්, බුදුන් දවස අගසව් සැරියුත් මහ රහතන් වහන්සේට දෙන දානයත් එකම ඵල එකම ආනිසංශ වේ. භික්ෂූන් වහන්සේ සසුන අවසන් වනතෙක්ම උපාසක උපාසිකාවන්ට පින්කෙත වන්නේ මේ අයුරිනි. වෙන කිසිම දානයකින් එවන් ආනිසංස නොලැබෙන බව නොකිව මනාය.

සසුන විනය රැකීම අතින් පිරිහීම බුදුන් විසින් පවා දුටු සත්‍යයකි. බුදු දහම හා සසුන වැනසීමට කුමන්ත්‍රණ කරන්නවුන්ට එය ආවුධයක් කර ගැනීමට බොදුනුවන් කිසිසේත් ඉඩ නොදිය යුතුය. කෙසේ නමුත් විනය රකින්නන් සේ රඟ පාමින් බුද්ධ ධම්ම සංඝ යන රත්නත්‍රයට වින කරන අසපු ගාමී කල්ලි (රටපුරා මහමෙව්නා හා බෙල්ලන්තොට හන්දියේ සමන්තභද්‍ර) බිහිවන විට ඒවාට එරෙහිවීමට නම් සිව්වනක් පිරිස නොපැකිලව ඉදිරිපත් විය යුතු බව අපි නොයෙක් වර පෙන්වා දුන්නෙමු.

මීට අමතරව හෙළයාගේ ජාති මාමක්ත්වයට හේතු සොය බැලූ එම පාලකයා ,වීර හෙළ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨ නරපතියන් හේතුව බව දැක, ඉතිහාසය මුළුමනින්ම වලලා දැමීම පිණිස පාසැල් විෂය ධාරාවෙන් එය ඉවත් කරන ලදි. වීර දුටු ගැමුණු රජු ගේ ශ්‍රේෂ්ඨත්වය විශේෂයෙන් සඟවා දමන ලදි.

ඡේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථික යුගය තුල රටේ සිටි වඩාත්ම ජනප්‍රිය බෞද්ධ භික්‍ෂුව පමණක්‌ නොව වඩාත්ම ජනප්‍රිය චරිතය වූයේද අති පූජණීය පානදුරේ අරියධම්ම ස්වාමීන් වහන්සේය. උන්වහන්සේ පිළිබඳවත් උන්වහන්සේගේ බෝධි පූජා පිංකම් පිළිබඳවත් ප්‍රවෘත්ති කිසි විටෙකත් පුවත්පත්වල පළ නොකරන ලදී. ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනියෙන් ප්‍රචාරය නොකරන ලදී. කියවන්න එම ශ්‍රේෂ්ඨ චරිතයේ වීරකම් හා අභිරහස් අපවත් වීම .

http://www.divaina.com/2016/05/22/feature01.html
“නහී වේරේන වේරානි” ආදි වශයෙන් තම දිළිසීම උදෙසා බෞද්ධ ඉගන්වීම් ලොවටම කියාපාමින් ඡේ. ආර්. ජයවර්ධන නම් මුස්ලිම් එකාධිපතියා බුදු දහමට කළගුණ සැලකූවේ ඒ අයුරිනි.

එම පාලකයා හෙළයට කල හානි එය පමණක් නොවේ. කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් මේ රටේ ජන පදනම විකෘති කිරීමට අඩිතාලම දැම්මේද ඔහුමය. මැදපෙරදිග රටවල් ලොවම ඉස්ලාම් කිරීමේ සිහිනයෙන් මත්ව පවුල් සැලසුම් සිය ආගමිකයන්ට තහනම් කිරීමත් අනෙක් ආගම් හා ජාතීන්ට තම වියදමින් නොමිළේ කරදීමත් එකල ආරම්භ කල ජාත්‍යන්තර කුමන්ත්‍රණයකි. තම මැදපෙරදිග නෑසියන්ගේ එම කුමණ්ත්‍රණයේ මෙරට හවුල්කරු වූයේ ජේ. ආර්. ජයවර්ධන නම් පාලකයායි. “පුංචි පවුල රත්තරං!” යන්න ඔහුගේ හෙළය නැසීමේ ව්‍යාපාරයයි. අද වනවිට අප එහි ගොදුරක් වී හමාර බව ඉහත අති පූජණීය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ගේ ලිපියෙන් මොනවට පැහැදිළි නොවන්නේද?

480047_565622313455356_1487559135_n

කල මෝඩකම් මොනවා වුවත්, ලිඳේ වැටුනු මිනිහා ළිං කටින්ම ගොඩ විය යුතුය. වර්ථමානයේ විවාහ දිවියට පත්වන සිංහල යුවලවල් අතර දරු උපත් ඉතා විරල බවට පත්වී ඇත. ඒ අතරම ආර්ථික අපහසුකම් ඇති පවුල් අතර සමහර අවස්ථාවල දරුවන් 7 පවා දැකීමටද ඇත. මෙසේ ජාතියට සිංහල බොදු දරුවන් පුදන පවුල් ජාතියක් වශයෙන් එක්ව අප රැකිය යුතුය. ඔවුනට උපරිමයෙන් අත දී දිරිමත් කල යුතුය. දරුවන් රහිත යුවලවල් මෙය තමාගේ විශේෂ වගකීමක් කරගත යුතු වන්නේ තමාට කල නොහැකි වූ ජාතික සේවය එම පවුල් විසින් ඉටු කරන බැවිනි. හෙළ ජාතිය වඳ වූ දාට කිසිවෙකුගේ ජීවිතය සුන්දර නොවනු ඇත. කර්කෂ ඉස්ලාම් නීති මනුෂ්‍යත්වය සහමුලින් අකාමකා මිහිමත අපාය මනුලොව බිහි කරනු ඇත. එම ගෝත්‍රිකවාදයේ වර්ථමාන නිදසුන් ISIS ම්ලේච්ඡත්වය තුලින් අප දකිනවා නොවේද? බොදු දහමේ කරුණාවෙන්ම රැකෙමින් එය අගය කරනවා වෙනුවට අපගේ පූජණීය උතුමන් මරාගෙන මැරීමට උවමනාව ඇත්තේ ඉස්ලාම් ආගමිකයන්ට පමණි. එම ගෝත්‍රිකයන් මහියන්ංගනයේදී බෞද්ධ කොඩි පිළිස්සුවේ ගෙරි මස් නොකෑම පිළිබඳ බණට එරෙහිවය. මාධ්‍ය වාරණ තුලින් ජනතාවෙන් වසන්කල එම අපරාධ මේ ලිපියෙන් හෙළිවන අයුරු බලන්න. ඉස්ලාම් වටපිටාවේ අපි කෙසේ නම් විසිය යුතු වෙයිද?

http://www.divaina.com/2016/07/08/news26.html

එමනිසා සැදැහැවත් බෞද්ධ ඔබගේ නොමසුරු මාසික ආධාරය මෙම ජාතික කර්තව්‍ය සාර්ථක කර ගැනීමට හැකි පමණින් දායක කරන්න. රු 10, 20 වේවා 500, 1000 වේවා පස්වී දිරි දරු අඩවියේ සඳහන් ගිණුමට බැර කිරීමෙන් උපරිම ආත්ම තෘප්තියක් ලැබෙන සාසන මාමක ව්‍යාපාරයක හවුල් කරුවකු වන්න. වඳ වීම ආරම්භ වී ඇති අපගේ සිංහල ජාතිය වෙනුවෙන් ඔබගේ යුතුකම් කොටස ඉටු කරන්න. ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න, දැනටම ප්‍රතිලාභ ලබන පවුල් බලා සිත් පහදවා ගන්න.

facebook අඩවිය

1003671_493928130690013_1351357862_n

http://pasawi.com/index.html
https://www.facebook.com/PASAWI/

බෝම්බ පහරවල් මැද යළි ඉදිවුන
මඩකලපුව මංගලාරාමය

හමා එන සිහිල් මඳ සුළඟට මඩකලපුව බෝ සමිඳුන්ගේ බෝපත් සෙමින් සැලෙන්නට වුහ. දායකයන් නැති පංසලේ දායකයන්ගේ අඩුව පුරවමින් වන්දනාවේ පැමිණි බැතිමතුන් පිරිසක්‌ බෝ සමිඳුන් වැඳ පුදා ගනිමින් සිටින ලදී. පරිසරයේ නිහඬ බව බිඳිමින් සාධූ නාදය දසත පැතිරෙන්නට වුහ.

මහා දුක්‌ ගැහැට සමුදායක්‌ විඳගනිමින් එදා කොටින්ගේ පොරෝ පහරට සහ බෝම්බ පහරට නතුව විනාශ වු බෝ සමිඳුන් මෙදා මහා අභිමානයෙන් නැගී සිටින්නට වුහ. බෝම්බ පහරවල් නිසා මහා විනාශයක්‌ සිදුවූ බුද්ධ මන්දිරයද දුටුවන්ගේ නෙත් සිත් පහන් කරමින් නැවතත් නිමවී ඇත්තේ තව දුරටත් මඩකලපුවේ බෞද්ධ උරුමය සනිටුහන් කරළමිනි.

එදා සිත්පිත් නැති තිරිසන් කොටි ත්‍රස්‌තයෝ නැගෙනහිර මඩකලපුව පළාතේ වෙහෙර විහාර ඇතුළු ආගමික සිද්ධස්‌ථාන බෝම්බ ගසමින් ගිනි තියමින් විනාශ කරද්දී මඩකලපුව නගර මධ්‍යයේ පිහිටා තිබුණු එකම බෞද්ධ සිද්ධස්‌ථානය වන මංගලාරාමයේ බෝ සමිඳුන්ද කපා කොටා දැමුහ. බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ ආවාස ගෙය ඇතුළු මුළු විහාරස්‌ථානයම බෝම්බ ගසා විනාශ කර ගිනි තැබුහ. 1921 සිට දඹගස්‌ආරේ සුමේධාලංකාර හිමියන් ඇතුළු මහා ස`ගරුවන මෙම විහරස්‌ථානය ආරම්භ කරමින් ඇති කළ ශාසනික මෙහෙවර උන්වහන්සේගෙන් පසුවත් මෙම පින් බිමේ සිටි මහා ස`ගරුවන නොපිරිහෙලා ඉටු කරද්දී මේ ආකාරයෙන් මෙම පුදබිම කොටි විසින් මුළුමනින්ම විනාශ කර දමන්නට වුහ.

මඩකලපුවෙහි එදා තිස්‌ දහසකට අධික සිංහල ජනයා දමිළ, මුස්‌ලිම් ජනයා සමගින් සාමකාමි අයුරින් වාසය කළහ. මරණයට, ම`ගුලට සහභාගි වෙමින් එදා ජාති බේදයෙන් තොරව සහජීවනයෙන් ඔවුන් කටයුතු කරන්නට විය. නමුත් කොටි ඒ සියල්ල වෙනස්‌ කරන්නට විය.

එදා වෙනදා මෙන් මඩකලපුව රාත්‍රී අන්ධකාරයෙන් වැසී යන්නට වුහ. ගොදුරු සොයා පියමන් කරන ව්‍යාඝයෝ රැළක්‌ මෙන් අඳුර මැදින් මඩකලපුව නගරයට බට ත්‍රස්‌තයෝ සාහසික ප්‍රහාරයක්‌ මඩකලපුව නගරයෙන් අරඹන්නාහ. තැන් තැන්හි බෝම්බ පහරට වෙඩි උණ්‌ඩයට සහ කොටින්ගේ මුව හත් කඩු පහරට ලක්‌ව කෙසෙල් කඳන් මෙන් සිංහලයෝ ඇද වැටෙන්නට වුවෝය. නගරයෙන් ඇරඹි ප්‍රහාරය අළුයම වන විට ජයන්තිපුර, විජයපුර ආදී ගම්මාන දක්‌වා පැතිර ගොස්‌ මරණ භයින් ත්‍රස්‌තවූ සිංහලයන් සොය සොයා ඝාතනය කරන්නට වුහ. පසුදාට රැය පහන් වෙද්දී පෙති පෙති කැපී ගිය උණ්‌ඩයෙන් සිදුරුව ගිය සහ බෝම්බ පහරට නතුව මිය ගිය සියයකට අධික සිංහල පිරිසකගෙන් ගලා ගිය රුධිර ගං`ගාවෙන් මුළු මඩකලපුවම තෙත්වී රත් පැහැයට හැරී තිබුණි. අවසානයේ සියලු සිංහලයන් තමන් සන්තකයේ තිබු සබ්බ සකල මනාව අත් හැර දමා පණ බේරා මඩකලපුව අතහැර යන්නට වුහ. සිසුන් 2000 කට අධික පිරිසක්‌ අකුරු කළ මඩකලපුව සිංහල විද්‍යාලය එනිසා වැසී යන්නට විය.

මේ ආකාරයෙන් අතීතයේ රජ දවස සිට පැවැති මඩකලපුව සිහළ උරුමය ගිලිහී යන්නට වුහ. හතර වටින් නැගෙන බෝම්බ වෙඩි හඬ මැද මරණය පෙනි පෙනී රට වෙනුවෙන් අභීතව සටන් වදින රණවිරුවන් හට චිත්ත ශක්‌තිය ලබා ගන්නට මඩකලපුවේ මලක්‌ පුදන්නට බුදුන් වඳින්නට තැනක්‌ නොමැති වන්නට වුහ. එම නිසා රණවිරුවෝ තැන් තැන්හි කඳවුරු වල කුඩා බුදු පිළිම වහන්සේලා තැන්පත් කරමින් කුඩා බුදු මැදුරු සාදා වැඳුම් පිදුම් කරන්නට විය.

රණවිරුවන්ට ශක්‌තියක්‌ වීම සඳහා කොටින්ගේ බෝම්බ පහරින් විනාශව ගිය මඩකලපුව මංගලාරාමයට 94 වසරේ පැමිණෙන අම්පිටියේ සුමනරතන හිමියන් එතැන් පටන් මංගලාරාමය නැවත ගොඩනගන්නට උත්සාහ කරන්නට වුවේය. දන් වේලක්‌ දෙන්නට එකදු සිංහල බෞද්ධයෙක්‌ නැත. විහාරස්‌ථානය ගොඩනගන්නට දායක සභාවක්‌ නැත. නමුත් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ රණවිරුවන්ගේ සහයෙන් නැවත ටිකෙන් ටික පංසල ගොඩ නංවන්නට වුහ. කන් බිහිරි කරවන වෙඩි හඬ මැද සැප විඳිනවා වෙනුවට දුකම විඳිමින් යළි මංගලාරාමය ගොඩනගන්නට ඇප කැප වෙන්නට වූවේය. වෙනත් කලබල නැති ප්‍රදේශයකට ගොස්‌ සැපසේ හිඳින්නට කොතෙකුත් අවස්‌ථාවක්‌ තිබුණද රණවිරුවන්ට ශක්‌තියක්‌ වීම සඳහා මඩකලපුව මංගලාරාමයේ වැඩවාසය කරන්නට විය.

යුද්ධයේ ගිනි දැල් මැද ඇතැම් රණවිරුවෝ උන්වහන්සේගේ දෑත මතම රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්නට වූයේ කොටි ත්‍රස්‌තවාදීන්ගේ ගොදුරක්‌ බවට පත් වෙමිනි. ඉන් නොනැවතුන කොටි ත්‍රස්‌තවාදීන්ගේ දැඩි තර්ජනයට ලක්‌වූ උන් වහන්සේ ඇතැම් අවස්‌ථාවල ත්‍රස්‌තවාදීන් විසින් පැහැර ගෙන යන්නට වූහ. දින ගණනාවක්‌ කොටින්ගේ අත් අඩංගුවේ පත් වන්නට වුහ. ඒත් සුමනරතන හිමි මඩකලපුව අත් නොහරින ලදී.

යුද්ධය නිමාවුන පසු මඩකලපුවට අයත් කෙවිලියාමඩුව, සිප්පිමඩුව කොස්‌ගොල්ල වැනි ගම්මානවල යළිත් ජනයා පදිංචි වන්නට වූහ. ඒත් එම ජනතාවට ගෙවන්න සිදුවූයේ කරුමයකි. කිසිම බළධාරියෙක්‌ එම ජනතාව ගැන සොයා බලන්නට නොවුණි. එම නිසා සමෘද්ධි සහනාධාරය, ඡන්ද දැමීමේ අයිතිය, ග්‍රාමසේවා වාර්තාවක්‌, ආදායම් සහතිකයක්‌ වත් ඔවුනට ලබා ගන්නට නොහැකි වුණි. ඒ සඳහා ඇතැම් විට උද්ඝෝෂණයන් පවා කරන්නට ඔවුනට සිදුවිය. ඒ සියල්ල වෙනුවෙන් පෙනී සිටියේ සුමනරතන හිමියන්ය. හෙළ බිම සංවිධානය ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර මත කෙවිලියාමඩුව වැනි ගම්මාන වල අහිංසක වැසියන්ට නිවාස තනාදී ජීවිතය ගොඩ නගන්නට සුමනරතන හිමියන් කටයුතු කරන්නට වූවේය.

යුද්ධය නිමාවී ඊළාම් සිහිනය සැබෑ කරගන්නට වෙර දරන ද්‍රවිඩ සන්ධානයේ හිතවාදීන් ඇතුළු පිරිස්‌වල උද්ඝෝෂණවල ප්‍රතිපලයක්‌ ලෙස අධිකරණය මඩකලපුව පොලිස්‌ බල ප්‍රදේශයේ බුදු පිළිම තබන්නට තහනම් කළාපයක්‌ කරන්නට විය. තැන් තැන්හි තිබුණ බුදු පිළිම වහන්සේලාගේ සිරස්‌ කුඩුව යන්නට වූහ. ගැටලුව පොලිසිවලට යද්දී ඇ`ග බේරා ගැනීම සඳහා ඒවා අධිකරණය වෙතට පොලිසිය විසින් යොමු කරන ලදී. මේ සියල්ලට එරෙහි වීමේ ප්‍රතිපලයක්‌ ලෙස අවසානයේදී සුමනරතන හිමියන්ට මඩකලපුව දිස්‌ත්‍රික්‌කය පුරා අධිකරණවල නඩු 44 ක්‌ වැටෙන්නට විය. ඒ සියල්ලටම හේතුව සිංහලකම හා බුදුදහම වෙනුවෙන් පෙනී සිටින්නට සහ අහිංසක සිංහල ජනයා රැකගන්නට ගොසිනි. අහිංසකයින්ගේ බඩගින්නට අහරක්‌ දෙන්නට ගිය නිසාවෙනි. එම නිසා අන්තවාදී දෙමළ සහ මුස්‌ලිම් පිරිස්‌ගේ සහ ඒවාට ගැතිව කටයුතු කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ කෙනහිලි කම්වලට උන්වහන්සේ නිරන්තරයෙන් ලක්‌වන ලදී.

1921 සෑදු බුද්ධ මන්දිරය ත්‍රස්‌තවාදී ප්‍රහාර මත විනාශවී යැම නිසා නිසි ප්‍රතිසංස්‌කරණයක්‌ කිරීම පසුගිය ජනවාරි මස අරඹන්නට විය. රුපියල් එක්‌ කෝටි විසි ලක්‌ෂයක වියදමක්‌ දරා දෙස්‌ විදෙස්‌ සිටින ලාංකීය බෞද්ධ ජනයාගේ ආධාර උපකාරයෙන් එය මේ වන විට නිමා වෙමින් පවතී. මඩකලපුව නගරයේ සිංහල පදිංචිකරුවන් නැත. එම නිසා පංසලට දායකයින්ද නැත. දායකයින් නැති පංසලක රටපුරා පැමිණෙන බොදු බැතිමතුන්ගේ වන්දනා මානයට ලක්‌ වන මඩකලපුව එකම බොදු පුදබිම මංගලාරාම විහරස්‌ථානයයි.

මේ මඩකලපුව සිංහල බොදු උරුමය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින අම්පිටියේ සුමනරතන හිමියන්ගේ අදහසයි.

එදා මඩකලපුව මරණයේ දේශයක්‌ වෙලා තිබුණේ. මෙහෙට අයෙක්‌ එනවා තබා එන්න හිතන්නත් බය යුගයක්‌ තිබුණේ. හිටපු ජනාධිපතිතුමාට පින් සිදු වන්නට මේ රටට නිදහස ලැබුනා. එහෙම උනේ නැත්නම් මොනවා වෙයිද කියලා හිතා ගන්නත් බැහැ. ප්‍රභාකරන් නොමැති වුවත් අදටද ද්‍රවිඩ සන්ධානය ඇතුළු කොටි හිතවාදීන් ඊළාම් සිහිනය ජය ගන්න කටයුතු කරමින් සිටිනවා. අපට පෙනෙන විදිහට මේ පෙඩරල් හරහා ඊළාම් රාජ්‍ය හරහා යන වැඩපිළිවෙලකුයි සකස්‌ වෙමින් තිබෙන්නේ. එක රටක්‌ ලෙස මේ රටේ සිංහල, දමිළ, මුස්‌ලිම් ජනයා සමගියෙන් ජීවත් වුනා. අනාගතයේදීත් මේ තත්වය මෙසේ පැවතිය යුතුයි. ඊළාම් රාජ්‍යයකටත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනවාටත් අප විරුද්ධයි. අපි තමයි දෙමළ. මුස්‌ලිම් ජනයා සමග මෙහි වාසය කරන්නේ. සමගිය ඇතිවිය යුත්තේ කෙසේදැයි කියා අපට වැටහීමක්‌ තිබෙනවා. අවබෝධයක්‌ තිබෙනවා. නමුත් කිසිම බළධාරියෙක්‌ වගකිවයුත්තෙක්‌ ප්‍රායෝගික ලෙස ජාතික සමගිය සඳහා කළ යුත්තේ කුමක්‌දැයි ඒ පිළිබඳව අපෙන් එක වචනයක්‌ හෝ විමසා නැහැ.

මා වත්මන් නැගෙනහිර තත්වය පිළිsබඳව මාදුළුවාවේ සෝභිත හිමියන් ගෙන් හෝ ඒ වෙනුවෙන් කථා කරන ඕනෑම අයෙකුගෙන් කුමන හෝ මාධ්‍යකින් ඒ වෙනුවෙන් සංවාදයකට එන්නයි ඇරයුම් කරනවා. අපියි දන්නේ නැගෙනහිර තත්ත්වය පිළිබඳව, අද මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ වෙසෙන සිංහලයෙකුට මහා මැතිවරණයකට, පළාත් සභාවකට, එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවකට ඉදිරිපන් වන සිංහල අපේක්‌ෂකයෙකුට ඡන්දය දාන්න විදිහක්‌ නැහැ. ඒ සිංහල අපේක්‌ෂකයෙකු ඉදිරිපත් නොවීම නිසා. මේ ආකාරයෙන් මම දුක්‌ ගැහැට බොහොමයක්‌ විඳලා තමයි මඩකලපුව විහාරස්‌ථානය රැක ගත්තේ. මේ ආකාරයෙන් විනාශ කළ බුද්ධ මන්දිරය නැවත ප්‍රතිසංස්‌කරණය කරන්න මම පුදුමාකාර වෙහෙසක්‌ දැරුවා. ඒ සඳහා උදව් උපකාර කළ සියලු දෙනාටම ස්‌තුතිය පුද කරනවා.

අද මංගලාරාමයට එන්න ලැබෙන්නේ යුද්ධය අවසන් කරලා නිදහස ලැබුණ නිසා. අසීමානයෙන් සැම දෙනාටම ජීවත් වෙන්න ලැබුණා නිදහස රැකගෙන අනාගතයේ දිගු කාලයක්‌ ඒ අභිමානය තියාගන්න, රැක ගන්න බුද්ධිමත්ව සහ වගකීමෙන් අප සැම දෙනා ක්‍රියා කළ යුතුයි. එසේ නොවුනහොත් එහි ප්‍රතිවිපාකය අප සැම දෙනාටම විඳින්නට සිදුවෙනවා. කෙසේ නමුත් අපේ රණ විරුවෝ ඇස්‌ ඉස්‌ මස්‌ ලේ පුජා කර ලබා ගත් නිදහස පෙඩරල් රාජ්‍යයකට පාවා දුන්නොත් අප එදා මෙන් අදත් රට වෙනුවෙන් ඊට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. යෑයිද සුමනරතන හිමියෝ පවසා සිටියහ.

මඩකලපුව ඇතුළු නැගෙනහිර සිද්ධස්‌ථානයන් රැසක්‌ වියරු කොටින් විනාශ කර ඇත. මඩකලපුවේ සිංහල ජනයා පන්නා දමා මංගලාරාමයත් මුළුමනින්ම වියරුකොටින් විනාශ කරන්නට වූහ. මෙලෙසින් නැවතත් සුමනරතන හිමියන් විසින් ගොඩ නැගුවේ ඒ අපේ උරුමයයි. එය එසේ නොවුනි නම් අදටද අභිමානයෙන් විරාජමාන වන මඩකලපුව දාගැබ් වහන්සේ ඇතුඵ මංගලාරාම පුද බිම බිමට සමතලා වී අහස උසට වෙනත් ගොඩනැඟිලිවලින් පිරී ගොස්‌ මංගලාරාමය තිබූ තැනක්‌ද සොයා ගත නොහැකි වනු ඇත.

සුසන්ත අමරබන්දු

http://www.divaina.com/2015/08/16/feature06.html

රට එක්සේසත් කල මේ පින්බිමේ උදාරම නරපතියා වන දුටුගැමුණු මහ රජාණන් වහන්සේගේ ගේ අති සාර්ථක රාජ්‍ය පාලනයේ රහස වූයේ එතුමාගේ පුරෝහිත මණ්ඩලය සිසාරා වැඩහුන් අසේක වූ මහරහත් උතුමන්ය. ඡන්ද-ද්වේෂ-භය-මෝහ යන සතර අගතියෙන්ම පරතෙරට පත් මෙතෙක් දේශපාලනයේ යෙදුනු රට උලා කෑ සියළු  ගිහි/පැවිදි පවිටුන් මෙන් නොව, අතට පත් නිවන පසෙක තබා කුළුදුලේ දේශපාලනයට  වඩින ජාතික කැක්කුම ඇති  බොදු ජන පෙරමුණ සම්මුති භික්ෂුවද දේශපාලන වශයෙන් අනාථ අසරණ බොදු අප හට මහා භාග්‍යයකි. රට දැය සමය රැකීමේ නාග රාජ සංකේතයෙන් අරාජික රටේ බොදු අප වෙනුවෙන් ඉදිරිපත් වන මේ උතුමන් සියල්ල ඉහළම ඡන්දයෙන් තෝරා ගනිමු. ඒ වෙනුවෙන් කැපවී සියල්ලන් දැනුවත් කරමු. ඉහලම පුටුවල වැජඹෙන නින්දිත දේශපාලුවන් නිවැරදි කර රට සුළු ජාතික අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට අපේ යුතුකම අඩු නැතිවම ඉටු කරමු.

 

bjp

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ද මෙවර මහ මැතිවරණයට බොදු ජන පෙරමුණෙන් තරග වදින අතර උන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ 16 නමක් එම පෙරමුණෙන් පළමුවරට ඡන්ද සටනට පැමිණ සිටිති.

බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවෙන් හිමිවරුන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර කොළඹ කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන්ද කළුතර කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ ගම්පහ කණ්ඩායම් නායක ලෙස ඩිලන්ත විතානගේ මහතා නාමයෝජනා ලබාදී ඇත.

එම භික්ෂුන් වහන්සේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කළ බැඳිවැව දියසේන හිමියෝද වෙති.

ජාත්‍යන්තර ඔත්තු සේවා රටම ගිලගෙන ඒත්! ආණ්‌ඩුව සහ බුද්ධි අංශ නිහඬයි
රට දැඩි අනාරක්‍ෂිත තත්ත්වයක මේ විපත දැක භික්‍ෂූන්ට නිහඬව ඉන්න බැහැ
– බෙංගමුවේ නාලක හිමියෝ

රනිල් ධර්මසේන

ජාත්‍යන්තර ඔත්තු සේවා සියල්ල මෙරටට පැමිණ ක්‍රියාකාරී වෙමින් සිටින නමුත් ආණ්‌ඩුව හා බුද්ධි අංශ ඒ ගැන නිහඬ බව ජාතික භික්‍ෂු සම්මේලනයේ උපදේශක පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ පැවැසූහ.

මේ වන විට රට දැඩි අනාරක්‍ෂිත තත්ත්වයකට පත්ව ඇතැයිද ඉන් රට මුදා ගැනීමට මහා සංඝරත්නය පෙරමුණ ගත යුතු යෑයිද ඊයේ (7 දා) නාරාහේන්පිට අභයාරාම විහාරස්‌ථානයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී උන්වහන්සේ පැවැසූහ.

මේ රට ත්‍රස්‌තවාදයෙන් මුදා ගත්තේ රණවිරුවන් ජීවිත දහස්‌ ගණනින් පූජා කර යෑයිද ඒ මාතෘ භූමිය අද දැඩි අනතුරකට මුහුණපා ඇති බව පෙනී යන බවද කීය.

ජාතික ආරක්‍ෂාවට අද තර්ජන එල්ලවී ඇතැයිද සාම්පූර්හි නාවික කඳවුර ඉවත් කර ඇතැයිද උතුරු පළාත් හමුදා කඳවුරු රැසක්‌ම ඉවත්කර හමුදාව බංකර්වලට සීමා කර ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

උතුරු නැගෙනහිර ආරක්‍ෂක අංශ සතු ඉඩම් හදිසියේම බෙදා දීමට පටන්ගෙන ඇතැයි කී උන්වහන්සේ ජාතික සමගිය රැකෙන වැඩපිළිවෙලකින් එය කළ යුතුව තිබූ බවද කීය. එහෙත් එක පාර්ශ්වයක්‌ සතුටු කිරීමට ගිහින් සිංහල ජාතියට අසාධාරණ ක්‍රියාවන් සිදු කරමින් සිටින බවද කීහ. එදා රනිල් වික්‍රමසිංහ පාලනයේදී එල්ටීටීඊය සිටියදීත් හැම තැනම තිබූ මාර්ග බාධක ඉවත්කර හමුදාව බැරැක්‌කවලට සීමා කළ බවද නැවත වරක්‌ අද ක්‍රියාත්මක වන්නේද ඔහුගේ තීන්දු තීරණ බවද පැවැසීය.

රටේ ආර්ථිකයත් එන්න එන්නම දුර්වල තැනකට වැටෙමින් පවතින බවත් පරිසර ක්‍ෂේත්‍රවලද කඩා වැටීමක්‌ පවතින බවත් පැවැසූහ.

19 වන සංශෝධනය ඉදිරිපත් කර එක්‌ පුද්ගලයකු වටා බලය ලබා ගැනීමේ පුද්ගලික අරමුණ ඉෂ්ට කර ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරමින් සිටින බවද කීහ. මේ සංශෝධන ක්‍රියාත්මක කළහොත් ආරක්‍ෂාවත් රටේ විනීත භාවයත් දැඩි අනතුරකට පත්වෙන බවද පැවැසූහ.

මේ සෑම පරිහානියක්‌ නිසාම රට විපතට පත්වන බව ජාතික භික්‍ෂු සම්මේලනයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ එහිදී පැවැසූහ. භික්‍ෂූන් වහන්සේලාට මේ විනාශය දැක දැක නිහඬව බලා සිටිය නොහැකි යෑයිද උන්වහන්සේ කීහ.

අද රටේ පාලනය ජාත්‍යන්තර බලවේගවලට නතුවී ඇතැයිද ඔවුන්ට අවශ්‍ය පරිදි රටේ පාලනය සිදුවන බවත් කීය. කොටි ඩයස්‌පෝරාවේ සිටින චාල්ස්‌ ඥනකෝන්ගේ සොහොයුරා මේ වන විට මෙරට පැමිණ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වෙමින් සිටින බවත් රට දැන් කිසිවකුගේ පාලනයට නැති තැනක්‌ බවට පත්වී ඇති බවද කීහ.

මහා සංඝරත්නය ඉදිරියේදී මේ පිළිබඳව දැඩි අවධානය යොමුකර එක්‌ අරමුණකට පැමිණ ක්‍රියා කළ යුතු යෑයිද කීහ.

ජාතික භික්‍ෂු සම්මේලනයේ ජාතික සංවිධායක කළුපහන පියරතන ලේකම් එගොඩ උයනේ ඥණවිමල මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර යන හිමිවරුන් ඇතුළු භික්‍ෂූන් වහන්සේ තිස්‌නමක්‌ පමණ මෙම අවස්‌ථාවට සහභාගි වූහ.

http://www.divaina.com/2015/04/08/news28.html

කූරගලට ගැසූ පොලිස්‌ තුරුම්පුව

කූරගල ලෙන් කුටියේ තැන්පත් කිරීම සඳහා
වැඩමවමූ බුදු පිළිම වහන්සේ

බළන්ගොඩ තන්ජන්තැන්න ගමේ පිහිටා තිබෙන ඓතිහාසික ගල්ලෙන් ආරාම සංකීර්ණයක්‌ වන කූරගල බෞද්ධයන් අතර ජනප්‍රියව තිබෙන්නේ බුදුන් වහන්සේගේ ලංකාගමනයත් සමග බැඳි සිදුවීම් නිසාය. බෞද්ධයන්ගේ විශ්වාසය වන්නේ බුදුන් වහන්සේ කූරගලට වැඩම කළ බවයි. කූරගල හිටුවන්ගල පර්වතයේ පැවති අවතල හැඩයේ සිරිපතුල් ලාංඡන කීපයක්‌ ගැන කූරගල ගමේ වැඩිහිටියන් අතර තිබෙන ප්‍රවාද මෙයට සාක්‌ෂි වශයෙන් දැක්‌විය හැකිය. එබැවින් කූරගල පුදබිම බෞද්ධයන්ට ඉතා වැදගත්ය. පුරාවිද්‍යාවට වසර එකසිය විසිපහක ඉතිහාසයක්‌ තිබෙන්නේ නම් කූරගල බෞද්ධ උරුමයට වසර දහස්‌ ගණනාවක ඉතිහාසයක්‌ හිමිය. එහෙව් කොට 1971 දී මේ පුදබිම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව භාරයට රෑගෙන ඇත. එහි වරදක්‌ නැත. වර්තමාන නීතියට අනුව රජයේ ඓතිහාසික දේපළ ආරක්‌ෂා කිරීමටත් සංරක්‌ෂණය කිරීමටත් තිබෙන ආයතනය වන්නේ මේ දෙපාර්තමේන්තුව බැවිනි.

එහෙත් 1930 පමණ සිට මෙම ලෙන් සංකීර්ණයට වැද එහි තිබෙන බුදු පිළිම හා සිරිපතුල් කඩා ලෙන් චිත්‍ර මත අරාබි අකුරු කුරුටු ගෑ මරක්‌කලයන් එයට අයිතිවාසිකම් පවසා එහි ඉදිකිරීම් කරද්දී පුරාවිද්‍යාවේ ඇත්තෝ නිහඬවම සිටියහ. කූරගල ගල මුදුනේ පිහිටි ඓතිහාසික මාරï සෑයේ ගඩොල් එකින් එක ගලවා කන්දෙන් පහළට හෙළීම මේ මරක්‌කලයන් විනෝදාංශයක්‌ කර ගත්තේ අද ඊයේ සිට නොවේ. ඔවුන්ගේ සෑම වන්දනා වාරයකදීම එලෙස සිදුවනවිට පුරා විද්‍යා නිලධාරීන් කළේ චෛත්‍ය වටා කටුකම්බි ගැසීමය. මරක්‌කලයන්ගේ තාඩන පීඩන නිසා ගරා වැටුණු මාරï සෑය යළි පිළිසකර කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුව කීප විටක්‌ම උත්සාහ දරන ලදී. එහිදී මෙහි අරක්‌ ගෙන සිටි අබුසාලි ඇතුළු මරක්‌කලයන් එයට විරුද්ධ විය. මෙහි තිබෙන ලෙන් ලිපි පිටපත් කර ගැනීම සඳහා කිරිඇල්ලේ ඥානවිමල නාහිමියන් ඇතුළු පිරිසක්‌ එහි ගිය විට උන්වහන්සේලාට විරුද්ධව බළන්ගොඩ පොලීසියට පැමිණිලි කළ බව ද සඳහන්ය. නමුත් කූරගල වෙනුවෙන් කැප වුණු සිංහල බෞද්ධයන් නිසා දිනෙන් දිනම එහි අයිතිය නැවතත් හෙළි පෙහෙලි වූ බව කිව යුතුය. නමුත් හිටපු පුරා විද්‍යා කොමසාරිස්‌වරයකු වූ රාජා ද සිල්වා 1972 සැප්තැම්බර් 13 දින යෑවූ ලිපියක්‌ මගින් කූරගලට අයිතිවාසිකම් කියන මරක්‌කලයන් එහි තව දුරටත් ස්‌ථාවර වූ බව පැහැදිලිය.

පසුගිය අප්‍රියෙල් 04 දින පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියන් ඇතුළු සිංහල රාවය කූරගල පැමිණියේ බුදු පිළිම වහන්සේ නමක්‌ද හිස මත තබා ගෙනය. වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ බෞද්ධයන්ගේ සදා වන්දනයට පාත්‍ර වූ කූරගල ලෙන් කුටිය මත මහත් ගෞරවයෙන් එය තැන්පත් කිරීම ඔවුන්ගේ අරමුණ විය. එහෙත් බළන්ගොඩට පිවිසෙන බදුල්ල මාර්ගයේ පැල්මඩුල්ලේ සිටම මහ පොලිස්‌ පිරිසක්‌ යොදවා සිංහල රාවයට අවහිර ඇති කළහ. තන්ජන්තැන්න ගමට ප්‍රවිෂ්ට වීමේදී පොලිසිය විසින් එල්ල කරන ලද ජල ප්‍රහාර සහ කඳුළු ගෑස්‌ නිසා පැමිණි භික්‌ෂූන් වහන්සේලාට ද උපාසක ඇත්තන්ටද තුවාළ සිදු විය. මෙහි පසුබිම කුමක්‌ද. කාලයක්‌ තිස්‌සේම මෙම ස්‌ථානයේ අනවසර ඉදිකිරීම් වළක්‌වාගන්නට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නොහැකි විය. මෙහි රැඳී සිටි පිරිසට එසේ කරන්නට ඉඩ දී එහි කොන්ත්‍රාත්a ගත් පුරාවිද්‍යා මුරකරුවෙකුද සිටි බව කවුරුත් දනිති. බෞද්ධ සංවිධාන විසින් දිගින් දිගටම මේ අවනඩුව ලිපි මගින් පුරාවිද්‍යාවට මෙන්ම අදාළ ඇමැතිවරුන් ද දැනුවත් කළ ද කිසිවක්‌ සිදු නොවුණි. පසුව පූජ්‍ය කොළොන්නේ ශාන්ත විජය හිමියන්ගේ මැදිහත් වීමෙන් පුරාවිද්‍යා දෙපාර්ත-මේන්තුවට විරුද්ධව මානව හිමිකම් නඩුවක්‌ පැවරීමට කටයුතු සිදු විය. එහි ප්‍රතිඵලය වූයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කූරගල ලැග සිටි මරක්‌කල වෙළෙන්දන්ට විරුද්ධව මහෙස්‌aත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමයි. එහි තීන්දුව ප්‍රකාරව ඉවත් කළ යුතු අනවසර ඉදිකිරීම් 19 ක්‌ හඳුනාගන්නා ලදී. එAවා කඩිනමින් ඉවත්කිරීම සිදු කළ යුතු වුවද සෘජු තීරණ නොගැනීම හේතුවෙන් දිනෙන් දිනම කල් පසු විය. පසුව හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතාගේ මැදිහත් වීම නිසා එහි සිවිල් ආරක්‌ෂක බල ඇණියක්‌ද නිසි පරිදි ස්‌ථාපිත වූ අතර අනවසර ඉදි කිරීම් ක්‍රමානුකූලව ඉවත් කෙරුණි. නමුත් දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ මනාපය පරිදි පැරණි පිළිම ගෙය පිහිටා තිබූ කොටසේ අටවා තිබූ පල්ලිය ඉවත් කිරීම සිදු නොවුණි. දිගින් දිගටම එA පිළිබඳව ඉල්ලීම් ලැබුණද එAවා මගහරිමින් කටයුතු කිරීම නිසා කෝපයට පත් බෞද්ධයන් කීප වතාවක්‌ම කූරගලට පැමිණ බලපෑම් කළද බලධාරීන් නොඇසූ කන්ව සිටියහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාටද කීප වතාවක්‌ම ලිපි යොමු කළ නමුත් කිසිවක්‌ සිදු නොවුණි.

මෙම ප්‍රදේශය බාර කල්තොට පොලිසිය නිරතුරුවම මෙම පල්ලිය ආරක්‌ෂා කිරීමට උත්සාහ කළ ආයතනයකි. බෞද්ධයන් ගේ පින්කම් සංවිධානය කර තිබූ සෑම අවස්‌ථාවකදීම කුළු පොලු රැගත් පොලිස්‌ හමුදාවන් සූදානම් කොට තැබීම ඔවුන්ගේ සිරිත විය. ගරු ගංගොඩවිල සෝම හිමියන්ගේ අනුස්‌මරණ පින්කම පැවති අවස්‌ථාවේදී පොලිස්‌ බල ඇණියක්‌ යොදා ගල්ලෙන් සංකීර්ණයට යැම පවා වළක්‌වන ලදී. එහිදී ඔවුන් අනුගමනය කරනු ලැබූයේ උසාවි වාරණයයි. කූරගල දිවාගුහා බෞද්ධ සිද්ධස්‌ථානාධිපති පූජ්‍ය වටද්දර ඥානිස්‌සර හිමියන්ගෙන් ප්‍රකාශයක්‌ ලැබ ගෙන පුරාවිද්‍යා නිලධාරීන් ගේද ප්‍රකාශයක්‌ ලබා ගත් බව පෙන්වා මහෙස්‌ත්‍රාත් අධිකරණය මගින් වාරණය ගැනීම සිදු විය. නමුත් මෙහි සිටින පුරාවිද්‍යා නිලධාරිනිය එවැනි කිසිම ප්‍රකාශයක්‌ පොලිසියට ලබා දී නැති බව තහවුරු විය.

මෙවර පොලිසියේ තුරුම්පුව වෙනස්‌ විය. සිංහල රාවය සංවිධානය විසින් සමාජ ජාල වෙබ් අඩවි මගින් දිගින් දිගටම කූරගල ගමන ගැන පුවත් පළකර තිබීම හේතු කොට ගෙන පොලිසිය විසින් අප්‍රියෙල් 02 දින පූජ්‍ය අක්‌මීමන දයාරතන හිමියන්ට එරෙහිව වාරණයක්‌ ලබා ගන්නා ලදී. එයට අමතරව ගත් පියවර මෙසේය. තන්ජන්තැන්න එක්‌සත් ජාතික පක්‌ෂයේ ක්‍රියාකාරිකයෙකු හා බළන්ගොඩ මුස්‌ලිම් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මගින් ඔවුහු ජනතාව සංවිධානය කොට පැමිණෙන්නන්ට ගල් ගැසීමට සලස්‌වා ඇත. මොලමුරේ ප්‍රදේශයේ ගෙවල්ගානේ ගොස්‌ ජනතාව සංවිධානය කළේa පොලිසිය බව ප්‍රදේශවාසීන් පවසයි. මේ තුරුම්පුව මගින් බලාපොරොත්තු වන්නට ඇත්තේ තන්ජන්තැන්න ගම්වාසීන් මේ පැමිණීමට විරුද්ධ බව කියා පෑමයි. එහෙත් තන්ජන්තැන්න සිංහල බෞද්ධයන් හමු වූ කල්හි ඔවුහු අපට ප්‍රකාශ කර සිටියේ වෙනත් කතාවකි. පොලිසිය විසින් කරන ලද නින්දිත ක්‍රියාව ඔවුන් දැඩි ලෙස හෙළා දුටුවහ.

කූරගල වර්තමාන භාරය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතු වෙයි. එම භාරය අනුව එහි ආරක්‌ෂාව ද සංරක්‌ෂණය ද ඉටු කිරීමට ඔවුන් බැඳී සිටී. එහෙත් එය ඉටු වී නැත. ඒ වෙනුවට දෙපාර්තමේන්තුවට සිදුව ඇත්තේ වාර්ෂිකව මරක්‌කලයන් වෙනුවෙන් අවසර පත් නිකුත් කරලීමටයි. 1990 දී අක්‌කර විසිහයක භූමිභාගයක්‌ මේ මරක්‌කලයන් වෙනුවෙන් ආර්. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා ලබා දී ඇත. එයිනුත් හිටුවන්ගල පතන නම් කොටසේ ද ඉපැරණි ගල් ආයුධ හමු වන බව මහාචාර්ය රාඡ් සෝමදේව මහතා ප්‍රකාශ කර තිබේ. මරක්‌කලයන් මේ විකල්ප ඉඩම්ද රැගෙන කල්මුනේ ප්‍රදේශයෙන් මරක්‌කලයන් රෑගෙනවුත් පදිංචි කොට අනවසර ඉදිකිරීම්ද පවත්වාගෙන යති. එහෙව් අවස්‌ථාවක බෞද්ධ සංවිධාන උත්සාහ කොට තිබෙන්නේ සිය නැතිවී ගිය අයිතිය යළි තහවුරු කරලනු වස්‌ පුරාවිද්‍යාව විසින් නොකරන වැඩකටයුත්තකට අත ගැසීමයි. එය වැරැද්දක්‌ වන්නේ ඇයිදැයි අපි විමසමු.

නමුත් වර්තමාන යහපාලන ආණ්‌ඩුව සහ එහි නිලධාරීන් විසින් උත්සාහ දරන්නේ සිංහල මුස්‌ලිම් ගැටුමක්‌ ඇතැයි හුවා දක්‌වමින් සිංහල බෞද්ධයන් දඩයම් කිරීමට උත්සාහ දැරීමයි. ඓතිහාසික මුහුදු මහා විහාරයේ පුරාවිද්‍යාව සතු අක්‌කර හැත්තෑ දෙකක භූමි භාගය මරක්‌කලයන් විසින් ආක්‍රමණය කර පන්සල අක්‌කර තුනකට සීමා කර ඇත. නීත්‍යනුකූලව එම ඉඩම් යළි පවරා ගැනීමට හැකියාව තිබියදී පුරාවිද්‍යාව කිසිවක්‌ නොකරයි. දෙවනගල පුරා විද්‍යා රක්‌ෂිතය මැන වෙන් කිරීමට මුස්‌ලිම් පිරිස්‌ බාධා කරද්දී ද පුරාවිද්‍යාව නිඬය. එහෙත් අනුරාධපුරයේ මෙන්ම හොරොව්පතානේ ගල්ලෙන්වල සිටින භික්‌ෂූන් වහන්සේලාට නඩු පැවරීමට පුරාවිද්‍යාව පසුබට නොවේ. මෙයට හේතුව ඉංග්‍රීසීන් විසින් නිර්මාණය කළ පුරාවිද්‍යා නීතිය යටතේ සිංහල බෞද්ධයන්ගේ අයිතිය පිළිබඳව ප්‍රතිපාදන නොමැති වීමයි. එසේ නම් එම නීතිය සංශෝධනය කිරීම අප ඉදිරියේදී තිබෙන අභියෝගයක්‌ නොවේද.

මතුගම සෙනෙවිරුවන්

http://www.divaina.com/2015/04/19/feature09.html

නිවට රජයක් සමඟ ප්‍රපාතයට ඇදෙන රටක බුදු දහමේ විනාශය පුවත් හරහා හෙළි වූයේ මෙසේයි.

බෞද්ධයන්ගෙන් මුස්‌ලිම් ජනතාවට බලපෑමක්‌
වී ඇත්නම් ඒ ගැන සොයන්න කොමිසමක්‌ පත්කරන්න

සිරිමන්ත රත්නසේකර

මුස්‌ලිම් ජනතාවට පසුගිය දෙවසර තුළ බොදු බල සේනා සංවිධානයෙන් බෞද්ධ ජනතාවගෙන් යම් බලපෑමක්‌ සිදුව ඇත්නම් ඒ ගැන සොයා බැලීම සඳහා කොමිසමක්‌ පත් කරන මෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (10 වැනිදා) රජයෙන් ඉල්ලා සිටියහ.

එවැනි කොමිසමකට දිය හැකි සම්පූර්ණ සහයෝගය ලබාදීමට සිය සංවිධානය කටයුතු කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.

එසේ නොකර බෞද්ධයන්ගෙන් මුස්‌ලිම් ජනතාවට ප්‍රශ්න වුණා යෑයි සඳහන් කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කළ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ සිය සංවිධානය සෑම විටම එරෙහි වූයේ සම්ප්‍රදායක මුස්‌ලිම්වරුන්ට නොව අන්තවාදයට බවත් සඳහන් කළහ.

http://www.divaina.com/2015/02/11/news41.html

 

අසාද් සාලි බෞද්ධයන් ප්‍රකෝප කරනවා
බෞද්ධ කොඩි අත දැරීම ජාතිවාදී වන්නේ කෙසේද?

– ඥනසාර හිමියෝ අසාද් සාලිගෙන් ප්‍රශ්න කරති

සිරිමන්ත රත්නසේකර

බෞද්ධ කොඩි අත දැරීම ජාතිවාදී කටයුත්තක්‌ වන්නේ කෙසේදැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතාගෙන් ප්‍රශ්න කළහ.

මේ බෞද්ධ රාජ්‍යයේ බෞද්ධ කොඩි අත දැරීමට කිසිවකුගෙන් අවසර ගත යුතු නැති බවත් කී උන්වහන්සේ තමන් කුමන රටක සිටීදැයි සිහි එළවා ගන්නා මෙන් ඒ මහතාට කියා සිටියහ.

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (19 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඥනසාර හිමියෝ මෙසේ පැවැසූහ.

අසාද් සාලි මේ රට, පරිසරය, මිනිස්‌සුන්ගේ හැඟීම් කුමක්‌ද හඳුනාගෙන නැහැ. හඳුනාගත්තත් අමතක කර දමා තිබෙනවා.

ඔහු සිංහල ජාතිය, බෞද්ධයා, බෞද්ධ තරුණයන් ප්‍රකෝප කරමින් සිටිනවා. ඔහු මෙසේ කළේ එක වරක්‌ දෙවරක්‌ නොමෙයි. ඔහු අවස්‌ථා ගණනකදීම මෙසේ කටයුතු කර තිබෙනවා. අපට අන්තවාදීන් යෑයි කියමින් අන්තවාදය දැඩි ලෙස වපුරවමින් සිටිනවා.

නුගේගොඩ රැස්‌වීම සංවිධානය කළ නායකකාරකාදීන්ට එය සාර්ථකව පැවැත්වීම පිළිබඳව අප පුණ්‍යානුමෝදනා කරනවා. එය මහ ජන ගඟක්‌. එම රැලිය ඓතිහාසික රැලියක්‌. එය අවඥවට ලක්‌ කරන්න අසාද් සාලි කටයුතු කළා. ඔහු සිංහලයන් කවුරුන් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. ඔහු නිසා තමයි සිංහලයන් නැගිටින්නේ.

මුස්‌ලිම් නායකයන් වන µවුසි, කබීර් හෂීම්, ඉමිටියාස්‌ බාකිර් මාකර් සහ මුස්‌ලිම් නායකයන් කෙතරම් හොඳට සිංහලයාට බෞද්ධයාට ගරු කරනවාද. ඔවුන් අප රට සෙවණේ හැදෙමින් අපූරුවට කටයුතු කළා. නමුත් මෙම සාලි වැනි අන්තවාදීන් ජාතීන් අතර සමගිය විනාශ කරනවා.

අසාද් සාලිට දැන් ඇඳුමක්‌ ඇඳගෙන පාරේ යන්න බැහැ. දැන් ඔහු දේශපාලනයෙන් ඉවත් විය යුතුයි. අප කියන්නේ අප සටනට නොකැඳවන ලෙසයි. තමන් අභියෝගයෙන් පරාජය වී ඇති බව මතක තබා ගත යුතුයි. ඔහුට දැන් අභියෝගයෙන් ගැලවී යන්න බැහැ. බෞද්ධ කොඩි රැගෙන මිනිසුන් නුගේගොඩ රැලියට ආවේ නැහැ. එය ජාතිවාදී රැස්‌වීමක්‌ නොවෙයි. බෞද්ධ කොඩි ගෙන ආවත් එම කොඩි රැගෙන ඒමට කිසි බාධාවක්‌ නැහැ. බෞද්ධ කොඩි තිබීම ජාතිවාදී වන්නේ කෙසේද යන්න අප විමසා සිටිනවා.

අන්තවාදීන් හිතනවනම් නව රජය සෙවණේ අන්තවාදය වැපිරිය හැකියි කියා එය හඳේ තමයි. අප අපගේ අරමුණු කිසිදා පසුපසට ගෙන නැහැ. අප එදා මෙන්ම අදත් එසේම හෙටත් රට ජාතිය, ආගම වෙනුවෙන් සටන් කරනවා.

අප යහපාලන ආණ්‌ඩුවේ නායකයන්ට කියන්නේ සිංහලයන්ගේ හඬට කන්දෙන ලෙසයි. හේතුව නොනසා ඵලය නසන්න නොහැකියි. ඉදිරි මහා විනාශයක පෙරනිමිති රට තුළ පහළ වෙලා. අප පෙන්වා දෙන්නේ එයයි. අප ඉදිරිපත් කරන කරුණු ගැන ආණ්‌ඩුව බුද්ධිමත්ව හා විඥනිකව නොසිතන බව පැහැදිලියි.

අන්තවාදීන්ගේ මෙම නැගීම තුළ රටට ලොකු අනතුරක්‌ තිබෙනවා. යහ පාලනයේ මැති ඇමැතිවරුන්ට අප කියන්නේ අප කටයුතු කරන්නේ එළිපිට බවයි. අප පල්ලිවල කරනවා වගේ රහසිගත වැඩ කරන්නේ නැහැ. මේ යන විදිහට ගියහොත් රට ලේ විලක්‌ වීම නොවැළැක්‌විය හැකියි. අන්තවාදී කල්ලි කණ්‌ඩායම් රට තුළ දලුලා වැඩෙනවා. පෙර රජය තුළදී එය යම් දුරකට පාලනය කළත් වත්මන් රජය රට අනතුරක හෙළා තිබෙනවා.

ආණ්‌ඩු දිනාවි, පරදීවි නමුත් ජාතික ආරක්‍ෂාව අනතුරට හෙළිය යුතු නැහැ. පෙර රජය යටතේ උතුරු නැගෙනහිර සිංහල ජාතික මුල් පදිංචිකරුවන් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලයක්‌ පැවතියා. එය දැන් අවසන්ව තිබෙනවා. එම කටයුතු කළ නිලධාරීන් කොළඹට කැඳවා තිබෙනවා. එම නිලධාරීන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම ආණ්‌ඩුවේ වගකීමක්‌. ජාතියේ කොඳු නාරටිය නොකඩන ලෙස ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටිනවා.

බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ මහතාද මෙහිදී අදහස්‌ දැක්‌වීය.

මෙම අවස්‌ථාවට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝද එක්‌වූහ.

http://www.divaina.com/2015/02/20/news26.html

 

මුස්‌ලිම් ආගමට නිග්‍රහ කළැයි
ගලගොඩඅත්තේ හිමිගෙන් පොලිසිය ප්‍රකාශයක්‌ ගනී

චතුර පමුණුව

මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ සිදුකළ පැමිණිල්ලක්‌ පදනම් කරගෙන බුද්ධ ශාසන අමාත්‍යාංශයට අනුබද්ධ ආගමික පොලිසිය මගින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් ප්‍රකාශයක්‌ සටහන් කරගෙන ඇත.

පෙබරවාරි 19 වැනිදා බොදුබල සේනා සංවිධානය පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී මුස්‌ලිම් ආගමට නිග්‍රහ වී ඇති බව කියමින් මුස්‌ලිම් ජාතිකයන් හයදෙනකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි. ඊයේ සවස පොලිසිය මගින් සිදුකළ දැනුම්දීමකට අනුව ඥනසාර හිමියෝ ආගමික පොලිසිය වෙත ගොස්‌ සිය ප්‍රකාශය ලබා දී ඇත.

http://www.divaina.com/2015/04/01/news30.html

අලුත් ආණ්‌ඩුවේ යහපාලනයට මුවාවී අන්තවාදීන් හිස ඔසවනවා
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

අලුත් ආණ්‌ඩුවේ යහ පාලනයට මුවා වී අන්තවාදී කල්ලි කණ්‌ඩායම් පෙරටත් වඩා පෝෂණය වී වර්ධනය වී ඇතැයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ පැවසූහ.

ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය උත්තේජන ද පෙරට වඩා ලැබෙමින් තිබෙන බවත් උන්වහන්සේ චෝදනා කළහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (10 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවැසූහ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය ශාසනයට කළ හැකි උපරිම අවමානය නිග්‍රහය පසුගියදා සිදු කළා.

ව්‍යවස්‌ථාව කියන්නේ කුමක්‌ද යන්න අර්ථ නිරූපණය කරනවා සේම බුද්ධාගම කියන්නේ කුමක්‌ද යන්න නිර්වචන කරන්න කියා අප රජයෙන් ඉල්ලා සිටිනවා. බොදු බල සේනා සංවිධානය කියන්නේ මාගේ හෝ නන්ද හිමියන්ගේ සංවිධානයක්‌ නොවෙයි. එය සිවුවනක්‌ පිරිසකගේ සංවිධානයක්‌.

වත්මන් රජය මාසයක්‌ ඇතුළත පුරා විද්‍යා ආඥ පනත නිසිලෙස ක්‍රියාත්මක නොකළොත් අප ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නවා. ඉවසුවා දැන් හොඳටම ඇති. පසුගිය ආණ්‌ඩුත් මේ දේවල් මඟ හැරියා මේ ආණ්‌ඩුවත් එලෙසම කරන්න දෙන්න බැහැ.

අපි ආපසු අපගේ කටයුතු කූරගලින් ළඟදීම ආරම්භ කරනවා මේවා ජාතිය සතු සම්පත්. ඒවා රැක ගන්න අප වහා කටයුතු කළ යුතුයි. අප කූරගල ගඩොලින් ගඩොල ගලවනවා යහ පාලන ආණ්‌ඩුව අපට බම්බු ගහයි. කූරගල බෞද්ධ අයිතියක්‌a එය රැක ගැනීමේදී අපට අන්තවාදීන් කීවට කමක්‌ නැහැ.

මුළු ලෝකයම මුස්‌ලිම් අන්තවාදයට එරෙහිව යුද වදින විට ඊට එරෙහිව යම් යම් ක්‍රියාමාර්ග ගනිද්දී අපගේ නායකයන් ඇස්‌ කන් පියාගෙන සිටිනවා.

ඉදිරියේදී දේශපාලනික වශයෙන් කුමක්‌ කරන්නේද යන්න අප තීරණය කර නැහැ. අප අපගේ ජාතික කාර්යයන් ඉදිරියට එලෙසම කරගෙන යනවා. අද රට විශාල ප්‍රශ්න රැසකට මුහුණදී තිබෙනවා. එදා අප කිවූ දේ අද සැබෑවෙමින් තිබෙනවා. යහපාලන සංදර්ශනය තුළ සැබෑ සත්‍යය එළියට පැමිණ නැහැ. උතුරු නැගෙනහිර නුදුරේදීම නැවත එක්‌වීමේ අවදානම තිබෙනවා. එම වැඩපිළිවෙළ ලස්‌සනට ක්‍රියාත්මක වෙනවා.

මෙහිදී අදහස්‌ දැක්‌වූ බොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතා මෙසේ පැවසීය.

මුස්‌ලිම් කොංග්‍රසයේ නායක රවුµa හකීම් මහතා අල් ඛයිඩා සංවිධානයට සෘජුවම හා වක්‍රව සහාය ලබා දෙනවා. චම්පික රණවක මහතා අල් ඛයිඩා සංවිධානය ගැන පොතක්‌ රචනා කළ විට හකීම් මහතා ඒ ගැන ජිනීවාවලට පැමිණිලි කරනවා. ඔහුගේ මෙම ක්‍රියාවලිය ගැන වහා විමර්ශනය කළ යුතුයි.

ඒ වාගේම ශූර කවුන්සිලය, හලාල් පිළිබඳව, මුස්‌ලිම් කලාප ගැන රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ ක්‍රියා කලාපය විමර්ශන කළ යුතුයි. මුස්‌ලිම් කාන්තාවන් මුහුණ වසාගෙන සිටීම තහනම් කළ යුතුයි.

මෙම අවස්‌ථාවට බොදු බල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමියෝද එක්‌වූහ.

http://www.divaina.com/2015/02/11/news40.html

සිංහල බෞද්ධ හෙවණක
මේ රටේ හැම ජාතියකම රැකවරණය සහතිකයි

මෙරට දේශපාලනය තුළ බොදු බල සේනාවේ ක්‍රියාකාරිත්වයේa යම් බලපෑමක්‌ තිබෙන බව නොරහසකි. එහෙත් ඉකුත් සමයේ ඔවුන් වෙතින් එතරම් සක්‍රීය බවක්‌ නොපෙනුණි. ඒ අතර මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වීම සම්බන්ධයෙන්ද බොදු බල සේනාව දෙසට ඇඟිලි දිගු නොවනවා නොවේ. මේ සියල්ල විමසීම පිණිස අප බොදු බල සේනාවේ ‘හඬ’ හෙවත් එහි ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමි මුණගැසුණෙමු.

ප්‍රශ්නයඃ-ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය වීමට බොදු බල සේනාව වගකිව යුතුයි කියලා ඇතැම් පාර්ශ්වයන් චෝදනා කරනවා…?

පිළිතුරඃ-පරාජයකදී එකිනෙකා දෙසට ඇඟිලි දිග වීම සාමාන්‍ය ස්‌වභාවයක්‌. අපිට එල්ල කරන චෝදනාව තමයි මුස්‌ලිම් ජන්ද ටික අනික්‌ පැත්තට ගියේ අපි නිසා කියන එක. පැහැදිලිව කියන්න ඕනේ අපි එරෙහි වුණේ මුස්‌ලිම් අන්තවාදයට මිසක්‌ සමස්‌ත මුස්‌ලිම්වරුන්ට නොවන වග. එතකොට තව මට අහන්න තියෙන්නේ, මෛත්‍රීපාල සිරිසේන මහත්තය අනිත් පැත්තට ගියේ අපි නිසාද? චම්පික රණවක මහත්තයලා අනිත් පැත්තට ගියෙත් අපි නිසාද? උතුරේ ජන්ද ටික නොදුන්නෙත් අපි නිසාද? ඒත් අපට ගණන් හදලා පෙන්වන්න පුලුවන් වෙනදා නොතිබුණු තරම් බෞද්ධ ජන්ද සංඛ්‍යාවක්‌ මහින්ද රාජපක්‍ෂ මහත්තයාට ශුද්ධ ලෙස ලබාගැනීමට හැකිවුණාය කියන එක. ඇත්තටම මේ පරාජයට වගකියන්න ඕනේ, වැඩක්‌ නොකරපු ආසන සංවිධායකවරු. මොකද පිටින් වගේම පක්‍ෂ අභ්‍යන්තරයෙත් කුමන්ත්‍රණයක්‌ තිබුණා කියන එක පැහැදිලියි. ආසන සංවිධායකවරු හිටියේ මඩේ හිටවපු ඉනි වගේ. ජන්දයෙන් පසුව අද වෙන දෙයින් එය ප්‍රත්‍යක්‍ෂ වෙනවා. නමුත් අපි ඇත්තටම කල්පනා කරන්නේ රටක්‌ හැටියට. ජාතියක්‌ හැටියට. මේ සිංහල නායකයෝ කල්ලි වශයෙන්, පක්‍ෂ වශයෙන් බෙදී වෙන්ව සිටීම නිසා රටක්‌ වශයෙන්, ජාතියක්‌ වශයෙන් විනාශයට පත්වන්නේ අපමයි. අපේ ඒ බෙදී යැමෙන් උපරිම ප්‍රයෝජනයක්‌ ගන්න සුළු ජාතීන්ට හැකියාව ලැබිලා තිබෙනවා. ඇත්තටම අවසානයේ කවුද දිනුවේ. අපි සිංහල දේශපාලනඥයන්ගෙන් මේ වෙලාඟෙ කාරුණිකව ඉල්ලා සිටින්නේ කඳවුරු වශයෙන් බෙදී ඉන්නේ නැතිව එක්‌කාසු වෙන්න කියන එක. මොකද වෙන් වෙන් වශයෙන් කඳවුරු බැඳගෙන සිංහල දේශපාලනඥයන් මේ කරගන්නා වූ අපරාධයට අනාගතයේ දවසක කාට කාටත් වන්දි ගෙවන්න වෙයි.

ප්‍රශ්නය-ඃ- සමාජ වෙබ් අඩවිවල පළවුණා මේ පරාජයෙන් පසුව, ඔබවහන්සේලාගේ සංවිධානය, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දැඩි දෝෂදර්ශනයට ලක්‌වුණා කියලා…

පිළිතුරඃ- අවසාන මොහොතේ දේශපාලන වටපිටාව හැසිරෙන අකාරය දැකලා, අපි අපේ හෘද සාක්‍ෂියට අනුව තීරණයක්‌ ගත්තා මේ රට අද භුක්‌තිවිඳින යුද්ධයෙන් තොර නිදහස දිනා දීපු නායකයා වශයෙන් අපි එතුමාට කොන්දේසි විරහිතව අපේ සහයෝගය දිය යුතුයි කියලා. මැතිවරණයට පෙර එතුමා අපව මුණගැසුණෙත් නැහැ. මැතිවරණයෙන් පසුව මුණගැසුණෙත් නැහැ. යමෙකුට, යම් සංවිධානයකට පහර දෙන්න ඕනේ නම් අන්තර්ජාලය තුළ කැමැති කැමැති දේ ගොතලා දානවා. කිසිදු වගකීමක්‌ නැති, කිසිම පදනමක්‌ නැති හිතලුවලින් දැන් මේ සයිබර් අවකාශය පිරිලා. ඇත්තටම ඒවා බලන මිනිස්‌සු නිකං ඔළුව විකාර කරගන්න එක විතරයි කරගන්නේ.

ප්‍රශ්නයඃ- තවත් වසර 2ක්‌ කල් තිබියදී ජනපතිවරණය කැඳවීම ගැන ඔබ වහන්සේ මොකද හිතන්නේ.

පිළිතුරඃ- ‘බහු බුද්ධීං මරණං භවේ’ කියලා කියනවා. ඒ කියන්නේ බහු බුද්ධිය මරණයට හේතුවක්‌ කියලා. මහින්ද මහත්තයා වටේ හිටිය තුච්ජ ජ්‍යෙdතිර්වේදීන් ඇතුළු නා නා ප්‍රකාර උපදේශකයන්ගේ බහු බුද්ධිය තමයි මේ තීන්දු තීරණ සහ විනාශයන්ට හේතු වුණේ.

ප්‍රශ්නයඃ- ජාතික හෙළ උරුමයේ භූමිකාව ගැන ඔබවහන්සේගේ අදහස?

පිළිතුරඃ-හෙළ උරුමයට තිබුණු ගෞරවයේ වෙනසක්‌ නැහැ. ඔවුන් 2005 දී රාජපක්‍ෂ මහතාව බලයට ගෙනාවා. 2009 දීත් ඒ අය තමන්ගේ යුතුකම කළා. ඒත් මෙවර මැතිවරණයේදී ඔවුන්ගේ හඬට කන්නොදීමත් රාජපක්‍ෂ මහතාගේ පරාජයට හේතුවක්‌ හැටියට මම දකිනවා

ප්‍රශ්නයඃ- හදවතින්ම උත්තරයක්‌ අවශ්‍යයි. ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කරන්නට ඉදිරිපත් වීම, ඔවුන් පිහිටා සිටි ස්‌ථාවරයත් සමග සැසඳුවහම මූණ එක්‌ක තරහට නහය කපාගැනීමක්‌ නොවෙයිද?

පිළිතුරඃ- ඒකට කාලය විසින් උත්තරයක්‌ දෙයි.

ප්‍රශ්නයඃ- ‘ආගම් වාදී, ජාතීවාදී’ කියන ලේබලය තවදුරටත් ඔබ සංවිධානය මත අලවනවා. නමුත් ඔබ වහන්සේ එය භාරගන්න ලැහැස්‌ති නැහැ. එසේ නම් සියල්ලට පෙර ‘බොදු බල සේනාව’ කියන සංවිධානයේ සැබෑ ස්‌වරූපය, අරමුණ සමාජයට පැහැදිලිව කියා සිටියොත් හොඳයි නේද?

පිළිතුරඃ- අපි ජාතිය ගැන කතා කිරීම තමයි මේ ජාතිවාදය කියන්නේ. අපි උපන් රට, අපේ උතුම් ආගම වෙනුවෙන් කතා කිරීම ජාතිවාදය කියනවා නම් ඒක වැරදියි. අපට බණින මංගලලාවත්, අපව විවේචනය කරන ජනතා විමුක්‌ති පෙරමුණේ සහෝදරයොවත් සිංහලයන් වශයෙන් අපට සිදුවන අසාධාරණය, බෞද්ධයන්ට එරෙහිව සිදුවන සංස්‌කෘතික ආක්‍රමණය ගැන කතාකරන්නේ නැහැ. නමුත් අපි කතා කළහම වැරදියි. මේක ජාතියේ පුදුම අවාසනාවක්‌. පහුගිය රාජපක්‍ෂ ජනාධිපති ආණ්‌ඩු කාලෙවත් අපට අපේ සැබෑ මතය කියන්න කිසිම විද්යුත් මාධ්‍යයක ප්‍රමාණවත් අවස්‌ථාව දුන්නේ නැහැ. දුන්නා නම් ඒ මුද්‍රිත මාධ්‍ය විතරයි. ඇත්තටම අපිට මාධ්‍ය හරහා අපේ සැබෑ ක්‍රියාකාරිත්වය, අරමුණ ඉදිරිපත් කරන්න අවස්‌ථාව දුන්නා නම් රටට මෙයට වඩා විශාල සෙතක්‌ වෙන්න තිබුණා. අපිට අර කියපු ලේබලය ගහලා පැත්තකින් තැබුවා මිසක්‌ මේ කියන දේ වටිනාකම ලෝකයට තේරුම් ගන්න සැබෑ අවස්‌ථාවක්‌ දුන්නේ නැහැ. අපි කියන්නේ සිංහල බෞද්ධ සෙවණක මේ රට තිබෙන්න ඕනෑය කියන කාරණයයි. සිංහල බෞද්ධයා අන්‍යයන් තලාපෙලන ජාතියක්‌ නෙවෙයි. සිංහල බෞද්ධ සෙවණක මේ රටේ අන් සියලු ජාතීන්, ආගම් සුරක්‍ෂිතයි.

රැකවරණය සහිතයි. මෙයයි අපට කියන්නට අවශ්‍ය. මෙයයි අපේ අරමුණ. අද මෙයින් බැහැරවූ ලෝකයේ අනිත් රටවලට වෙලා තිබෙන දේ සමග සන්සන්දනාත්මකව හිතුවොත් ඔබට පෙනෙයි, සිංහල බෞද්ධ සෙවණක අන්‍ය ජාති ආගම්වලට තිබෙන සැනසිල්ල කොපමණද කියලා. අවාසනාවකට අපි මේ මුස්‌ලිම් මිනිස්‌සුන්ව මරන් කන්න ආපු සංවිධානයක්‌ විදිහට පෙන්නලා අපට පහර ගහනවා. මේ යහපාලනයක්‌ ගේන්න කියලා ආපු ආණ්‌ඩුවත් දැන් අපටමයි ගහන්නේ. මේ රටේ සැබෑ සැනසිල්ල, රැකවරණය ගැන අපි මේ කියන අදහස මොකද්ද කියල තේරුම්ගත්තොත් එතැන තමයි යහපාලනය තිබෙන්නෙත්.

ප්‍රශ්නයඃ- නව පාලනය යටතේ දූෂණ, අක්‍රමිකතා විමර්ශනය කරන්න යනවා. ඔබ වහන්සේලාගේ සංවිධානයත් පහුගිය කාලයේ ඉකුත් රජයේ සමහරක්‌ ඇමැතිවරුන්ට දූෂණ චෝදනා එල්ල කළා. දැන් ඔවුන් මේ රජයේත් බලවන්තයින්. ඔන්න දැන් ඒ µයිල් ඉදිරිපත් කරන්නත්, මේ රජයේ විමර්ශනයේ සාධාරණ බව විමසන්නත් ඔබට අවස්‌ථාවක්‌ ඇවිත්.

පිළිතුරඃ- මේ දූෂණ විමර්ශනවලට කියන්නේ මහත්තයෝ හොරු සමග හෙළුවෙන් කියලා. අමුඩයක්‌ විතරක්‌ ඇඳගෙන ඉන්න එකා අනිත් කෙනාගෙ නිරුවත ගැන කතාකරනවා. නිරුවතින් ඉන්න කෙනා අනිත් එකා අමුඩයක්‌ විතරක්‌ ඇඳන් ඉන්න එක ගැන කථාකරනවා. අවසානයේ වැඩි හරියක්‌ සිංහලයම ලෝකය ඉස්‌සරහ රෙදි ගලවාගන්නවා. අපි කියන්නේ වංචා දූෂණ ගැන විතරක්‌ නෙමෙයි, පුළුවන්නම් මේ රටේ සිංහල බෞද්ධයාට එරෙහි කුමන්ත්‍රණ, අනෙකුත් සංස්‌කෘතික විනාශයන්, සිංහල බෞද්ධයාව අපහසුතාවට පත්කරපු සැබෑ අන්තවාදී හැසිරීම් ගැන සොයන්නත් ස්‌වාධීන කොමිසම් පත්කරන්න කියලා.අළුත්ගම බේරුවල සිදුවූ සිදුවීම් ගැන හොයන්න වහාම කොමිසමක්‌ දාන්න කියලා අපි ඉල්ලනවා.

ප්‍රශ්නයඃ- ඉකුත් ජනාධිපතිවරණයේ ජන්දය ප්‍රකාශ වූ ආකාරය ගැන බැලීමේදී පැහැදිලිවම පේනවා රටේ සුළු ජාතීන් විසින් ජාතියක්‌ ලෙස එකතුව තම ජන්දය තීරණය කළාය කියන කරුණ. ඇයි ඔබවහන්සේලාට බැරි අන්‍ය ජාති, ආගම්වලින් මේ ජාතියට එන අතුරු ආන්තරා පස්‌සේ පන්නන්නට පෙර, ජාතියක්‌ වශයෙන් එක මතයක සිට තීරණ ගන්නා තැනකට මෙය මෙහෙයවන්න.

පිළිතුරඃ- අපි ඉතා වගකීමකින් කියනවා, මේ බොදු බල සේනා සංවිධානය පිහිටු වූවේ මහින්ද රජපක්‍ෂ මහතා විසින්වත් ඒ මහතාගේ පවුලේ අය හෝ ඒ ආණ්‌ඩුව විසින්වත් නෙමෙයි. අපේ සිංහලයෝ අරමුණක්‌ නැතිව කඩාවැටෙන හැටි, නන්නත්තාර වන හැටි, නිර්වින්දනය වී සිටින හැටි අප දුටුවා. සංවිධාන රාශියක්‌ විසින් බෞද්ධයාව සංස්‌කෘතික වශයෙන් ඝාතනය කරන හැටි අප දැක්‌කා. ඒ අනුව නව බොදු පුනරුද ව්‍යාපාරයක්‌ ලෙසයි, අප මෙය ආරම්භ කළේ. මේ බෙදිලා වෙන්වෙලා ආර්ථික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් කඩාවැටිලා රෝගී බවට පත්වූ සිංහල සමාජය නිරෝගී කරන්නයි අපි කටයුතු කරන්නේ. මේ ශ්‍රේෂ්ඨ ඓතිහාසික ජාතිය ඔවුන්ට හිමිවිය යුතු නිසි තැනට ගෙනයන අපගේ ප්‍රයත්නයේදී අපි සෑහෙන්න නින්දා, අපහාස වින්දා. නමුත් අපි නවතින්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ප්‍රතිඵලය පාඩමක්‌ ලෙසට ගෙන ඉදිරියේදී මේ රටේ සිංහලයෝ පක්‍ෂ,පාට අමතක කර එකතු විය යුතුයි. මඩිහේ මහානායක හාමුදුරුවන්ගේ කාලයෙත් සිංහලයිනි, එකතු වෙයල්ලා, මේ රට ආරක්‍ෂා කරගනිල්ලා කිව්වත්, පක්‍ෂ නායකයෝ මෙය වගකට ගත්තේ නැහැ. යුද්ධයෙන් පස්‌සේ මේ පෙළගැසීම ඇතිවුණා. නමුත් බලය උදෙසා කුලල්කා ගැනීම නිසා නැවතත් දැන් එය දියාරු වෙලා. අද දෙමළ බෙදුම්වාදය ප්‍රභාකරන් හිටියට වඩා ඉතාම සූක්‍ෂ්ම විදිහට ඉදිරියට ඇවිත් තිබෙනවා. ඔවුන් ඉතාම නිරුපද්‍රිතව ඉඳිමින් එකදු උණ්‌ඩයක්‌ හෝ වැය කරන්නේ නැතිව සිංහල අපි ලවාම ඔවුන්ව පරාජය කළ නායකත්වයත් පරාජයට පත්කරලා තිබෙනවා. මෙය අපි සංවිධානය වෙලා අමුතුවෙන් කිව යුතු කාරණයක්‌ නොවෙයි. සිංහලයා දැන්වත් තේරුම්ගත යුතු තත්ත්වයක්‌.

ප්‍රශ්නයඃ- හිටපු ජනාධිපතිවරයාට සිය ධුරය අහිමි වීමෙන් පසුව මේ රටේ මිනිස්‌සු වැලනොකැඩී තංගල්ලට ගියා එතුමාව බැහැදැකලා සිය කෙළෙහිගුණය දක්‌වන්න. ඔබවහන්සේ කියනවා තවමත් ජන්දයෙන් පසුව ජනාධිපතිවරයාව මුණ නොගැසුණු වග.

පිළිතුරඃ-නෑ. ඇත්තටම අපි ගියේ නැහැ. එතුමා ජනාධිපතිවරයා වශයෙන් ඉන්දැද්දීත් අපි මුණගැහිලා තිබෙන්නේ අවස්‌ථා දෙකකදී විතරයි. ඒ අරලියගහ මන්දිරයේ සාකච්ජා සඳහා කැඳවපු අවස්‌ථාවලදී.

එතුමාට කෘතවේදීත්වය පළකරන්න ගියත් නොගියත්, රට ජාතිය ආරක්‍ෂා කර දුන් නායකයා වශයෙන්, අද වන විට මේ දෙමළ මුස්‌ලිම් මිනිසාට පවා නිදහසේ ජීවත්වීමට, මෙලෙස ජන්දය පාවිච්චි කරන්නට අවස්‌ථාව සලසාදීපු නායකයා වශයෙන් ඒ කෙළෙහිගුණය අපගේ හිතේ හැමදාම ඒ විදිහටම තිබෙනවා. නමුත් සිංහලයෙක්‌ හැටියටත්, හාමුදුරුකෙනෙකු හැටියටත් ලොකු කම්පාවක්‌ තිබෙනවා ඇයි මිනිස්‌සු මේ කෙළෙහිගුණය අමතක කළේ කියලා. අපි දන්නවා දැන් මිනිස්‌සු මේ කරගත්තු දේ ගැන බොහොම කම්පා වෙනවා කියලා. අනිත් පැත්තට ජන්දය දුන් අය පවා ඇවිත් අපි ඉදිරියේ පාපොච්චාරණය කරනවා වගේ කියනවා තමන් අතින් වුණු වැරැද්ද ගැන. නමුත් දැන් ඉතින් ඒ දේ වෙලා ඉවර නිසා ඉස්‌සරහට මොකද කරන්නේ කියන එක ගැන තමයි අපි හිතන්න ඕනේ. එතැනදි අපි විතරක්‌ නෙමෙයි මුළු සිංහල ජාතියම නැවතත්a මහින්ද රාජපක්‍ෂ මහතාව මුණගැසේවි.

ප්‍රශ්නයඃ- නියමිත මහ මැතිවරණයේදී බොදු බල සේනාව කොහොමද ක්‍රිsයාත්මක වෙන්න හිතන් ඉන්නේ?

පිළිතුරඃ- ඒ ගැන තවම හිතලා නැහැ.

ප්‍රශ්නයඃ- ඇත්තටම මේ ජනපතිවරණයේදීත් බොදුබල සේනාව ඒ හැටි ක්‍රියාත්මක වුණ බවක්‌ අප දුටුවේ නැහැ. බොදු බල සේනාවේ ක්‍රියාකාරිත්වය මෙතැනින් අහවරයිද?

පිළිතුරඃ- කොහෙත්ම නැහැ. ජනපතිවරණය ප්‍රකාශයට පත්කළාට පස්‌සේ අපි මාධ්‍ය හමුවක්‌ කැඳවලා කිව්වා, ඉතිහාසය අප ඉදිරියේ තබා ඇත්තේ තීරණාත්මක පරීක්‍ෂණයක්‌ කියලා. එහෙමයි අපි මේ ජන්දයේදී අපේ ක්‍රියාකාරිත්වය ආරම්භ කළේ. ඒ කියන්නේ 1815 සිංහලයන් විසින්ම සිංහල සෙනවියන් විසින්ම උඩරට රජතුමා ඇතුළු රාජ්‍යය ඉංග්‍රීසීන්ට පාවාදීමෙන් හරියටම වසර 200කට පසුවයි මෙදා මෙය සිදුවන්නේ. සිය යුද නායකයාව මරාදැමීමේ වෛරය දෙමළ ඩයස්‌පෝරාව මෙදා ඉතාම සූක්‍ෂ්මව පිරිමහගත්තා. මේ කුමන්ත්‍රණය ආරම්භ වුණේ මේ මාසයක දෙකක ඉඳලා නෙමෙයි. එදා 2009 දී යුද්ධය අවසන් වෙලා 2010 ජනාධිපතිවරණයේදි මහින්ද මහත්තයව තමාගේම යුද සෙනවියත් එක්‌ක හැප්පුවා. ඒත් එදා එය හරියටම සැලසුම් කරගන්න බැරිවුණා. නමුත් 2010 සිට අඛණ්‌ඩව සැලසුම් කරලා ඔවුන් අවශ්‍ය දේ කරගත්තා.අපි ජනපතිවරණයේදී සැබෑ පණිවුඩය, අනතුරු හැඟවීම දෙන්න ක්‍රියාත්මක වුණා. ඒත් ජාතියේ කරුමය අපට ඉදිරියෙන් ක්‍රියාත්මක වුණා. 1815 දී පෞද්ගලික අමනාපකම් නිසා රඡ්ජුරුවන්ගෙන් ගන්න ගියපු පළිය අවසානයේ රටම යටත් විජිතයක්‌ බවට පත්කළා. එදා රජු ගැන ඉංග්‍රීසීන්ට වැරදි කියපු රදළයොත් ඉංග්‍රීසි පාලනය යටතේ විනාශ වුණා කියන එක මහින්ද රාජපක්‍ෂ පාලනය පාවාදීපු උදවිය දැනගත යුතුයි.

මහත්තයට මම කතාකරන මේ වෙලාවෙ මට තොරතුරු ලැබෙනවා, ලබන 25ට පෙර උතුරේ හමුදා කඳවුරු 15ක්‌ ඉවත් කරගන්න කියලා දෙමළ දේශපාලනඥයො බලපෑම් කරන වග. බෝගස්‌වැව සිංහල පවුල් ඉවත්කරන්න බලපෑම් කරන බව. මුහුදු මහා විහාරය වටා තාප්පයක්‌ බැඳලා එය කොටු කරන්න යන වග. ඇතැම් අන්තවාදී කොටස්‌ අපට කතාකරලා කුණුහරුපෙන් බණිනවා. මහින්ද රාජපක්‍ෂ මහත්තයා පැරදුණහම ඇතැම් මුස්‌ලිම් කොටස්‌ හුරේ දාන්නේ ඇයි කියලා අපට හොඳටම පැහැදිළියි. අපි හොඳටම දන්නවා මේ රටේ මුස්‌ලිම් අන්තවාදයක්‌ තියෙනවා. ආක්‍රමණයක්‌ තිබෙනවා. හැබැයි ඒ අය හිතනවා නම් ඒ අය දිනුවා කියලා අපට කියන්න තියෙන්නේ කවුරු බලයට පත්වුණත් අපේ සටන අප ඉදිරියට ගෙන යනවා කියන එක විතරයි.

සාකච්ජාව :-ඉන්ද්‍රජිත් සුබසිංහ කැමරාවඃ- සමන් අබේසිරිවර්ධන

 

http://www.divaina.com/2015/01/18/feature01.html

මෛත්‍රිපාල විධායක ජනපතිධුරය දින සියයෙන් අහෝසි කර රනිල්ට දෙන්නේ රිටිගලකන්දට නැග බවුන් වැඩීමටද
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

“මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය දින සියයෙන් අහෝසිකර රනිල් වික්‍රමසිංහ මහතාට බලය දෙන්නේ රිටිගල කන්දට නැග බවුන් වැඩීමට” දැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඒ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල මහතාව ඉදිරියට දමා තිරය පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් උත්සාහ ගන්නේ රටට යහපතක්‌ කිරීමට නොව ඔවුන්ගේ වෛරී සිතුවිලි සාක්‍ෂාත් කර ගැනීමට පමණක්‌ බවත් උන්වහන්සේ සඳහන් කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (27 වැනිදා) එම අදහස්‌ පළ කළේ ජනාධිපතිවරණයේදී සිය සංවිධානයේ සහාය කාටද යන්න හෙළි කිරීම වෙනුවෙන් කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාම හා ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන ව්‍යාපාරවලට බොදු බල සේනාවේ කැමැත්ත නැහැ. අපේ රට පැහැදිලිව දියුණු කළ හැකි සිංහලේ බෞද්ධ රාජ්‍ය නිර්මාණය කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි සැබෑ ජාතික නායකත්වයක්‌ අප සතුව තිබෙනවා.

වසර 200 කට පෙර 1815 දී සිදු වූ කුමන්ත්‍රණවලදී සිදු වූවක්‌ මෙන් මෙම ජාතික නායකත්වය තිඹිරිගෙයිදීම විනාශ කිරීමට ඉඩ දීමට අප සූදානම් නැහැ. වසර 2 ක්‌ තුළ අප විසින් නිර්මාණය කළ නව ජාතික පුනරුද ව්‍යාපාරය විනාශ කිරීමට සතුරාට ඉඩ දීමට අප ඉක්‌මන් නොවිය යුතුයි.

බොදු බල සේනාව බහුතර ජනතාවගේ අපේක්‍ෂාවක්‌ වෙමින් පවතින මොහොතක සිදුවන මෙම මැතිවරණය නිසා නිර්මාණය වී ඇති “බොරු වළේ” වැටී විනාශ වීමට ඇති ඉඩකඩ පිළිබඳව තේරුම් ගැනීමට බොදුබල සේනා පැහැදිලිව පරිණත වී ඇති බව කිවයුතුයි. සිංහලේ බෞද්ධ රාජ්‍යය බිහි කිරීම උදෙසා වු පදනම ආරක්‍ෂා කිරීම අපගේ පරම යුතුකම හා වගකීමයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද හේතුවෙන් රටේ ඓතිහාසික ජාතියට තිබිය යුතු එහෙත් අහිමි කරනු ලැබූ එහෙත් සුළු ජනවර්ග විසින් වරප්‍රසාදයක්‌ කරගෙන භූක්‌ති විඳින “රජුන් තැනීමේ” බලය රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට හිමි වෙමින් පවතින මොහොතක, බෙදී වෙන් වී ඇති සිංහල බෞද්ධයන් එක්‌සත් විමේ විභවය නිර්මාණය වී ඇති මොහොතක අප සියලු දෙනා කටයුතු කළ යුතු වන්නේ ඉතාමත් තාර්කිකව විචාරශීලීව, බුද්ධිමත්වයි.

2009 දී කුරිරු ත්‍රස්‌තවාදය අවසන් වුවද එහි දේශපාලන පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ පරාජය කිරීමට රජය අපොහොසත් වූවා පමණක්‌ නොව බලය උදෙසා, රට ජාතිය හා ආගම පාවා දිය හැකි, උකස්‌ කළ හැකි අපගේම ලෙස පෙනෙන විජාතික බලවේග සමග එක්‌ව එය ශක්‌තිමත් කිරීමට ගනු ලැබූ උත්සාහයන් හඳුනා නොගැනීමට තරම් අප්‍රවේසම් දුර්වල වී ඒ නිසා සිංහල බෞද්ධ රාජ්‍ය නැවත දිනාගැනීම වෙනුවෙන් වූ අරගලයට අප නායකත්වය දෙමින් සිටිනවා.

2015 ජනාධිපතිවරණය පිළිබඳව බොදු බල සේනාව සිය සංවිධායකයන් හා ප්‍රධාන දායකයන් සමග ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ගැඹුරු ලෙස සාකච්ඡා කළා. අපගේ “ජාතික බුද්ධි සභාවේ” විමසුමටද ලක්‌ කළා. අනතුරුව බොදු බල සේනාවේ දේශපාලන මණ්‌ඩලයේ නිර්දේශ මත එහි “විධායක කමිටුව” මෙම තීන්දුවට එළඹීමට කටයුතු කළා.

2015 ජනාධිපතිවරණය යනු සිංහලයාගේ, බෞද්ධයාගේ පමණක්‌ නොව සමස්‌ත රට වැසියාගේම පැවැත්මට බලපෑම් ඇති කළ හැකි විශේෂයෙන් සැමට සෙත සැලසිය හැකි සිංහල බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීමේ පදනම විනාශ කිරීම කෙරෙහි තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ හැකි සංධිස්‌ථානයක්‌ ලෙස සැලකිය යුතුය. අපගේ උතුම් අරමුණ ජයග්‍රහණය කිරීම උදෙසා පදනමක්‌ වී ඇති සාමකාමී පරිසරය විනාශ කොට “ජාතිභේදවාදී ත්‍රස්‌තවාදය” හා “ආගමික ත්‍රස්‌තවාදය” හිස එසවීමට ඉඩ දෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි වේදිකාවක්‌ ලෙස මෙම ජනාධිපතිවරණය දකින බැවින් මෙම ක්‍රමන්ත්‍රණය හෙළිදරව් කිරීමටත්, එම කුමන්ත්‍රණය පරාජය කිරීමටත් එම අරමුණු උදෙසා බොදු බල සේනා සතු සමාජ ප්‍රාග්ධනය ඇතුළු සියලු විභවයන් මුදා හැරීමටත්, ඒ තුළින් සැමට සෙත සැලසිය හැකි සිංහලේ බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීම උදෙසා වූ අරගලය ශක්‌තිමත් කිරීමට උදාවන සෑම තත්ත්පරයක්‌ම යොදා ගත යුතුයි. ඒ සඳහා යෝග්‍ය සියලු බලවේග ඒකරාශී කිරීමටත් කටයුතු කළ යුතුයි. මෙම ජාතික බුද්ධි මෙහෙවර උදෙසා රටේ ඇති සියලු භික්‍ෂුන් වහන්සේලා හා සියලු බෞද්ධ විහාරස්‌ථාන කේන්ද්‍ර කොටගත් සිංහල බෞද්ධ රාජ්‍යය දිනවීමේ සටන තුළින් 2015 ජනවාරි මස 8 වැනි දින පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණයේදී මෙම විජාතික කුමන්ත්‍රණය පැරදවීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී වූ ජන අරගලයක්‌ කරමින් මේ රටේ රජුන් තැනීමේ නායකත්වය භික්‍ෂුන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට උරුම කර දීමට බොදු බල සේනා පෙරමුණ ගත යුතුය යන්න අපගේ තීන්දුවයි.

මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි පිරිසක්‌ එක්‌වූහ.

 

http://www.divaina.com/2014/11/28/news19.html

මඩකලපුව දිස්‌ත්‍රික්‌කය වූ කලී මීට දශක 03 කට ඉහතදී සිංහලයන් තිස්‌ හතළිස්‌ දාහකින් පිරී ගිය පුරවරයකි. විවිධ ව්‍යාපාරවල නියෑළෙමින් ඔවුන් දෙමළ සහ මුස්‌ලිම් ජනයා සමගින් සහජීවනයෙන් කල් ගත කරන ලදී. නමුත් සැකය වෛරය අවුලවමින් ඇතිවූ යුද්ධය නිසා පසුගිය කාල සිමාව තුළ මරණයේ දේශයක්‌ව පැවතිණි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් කෙවිලියාමඩුව ගම්මානයේ යුද්ධයට පෙර ගම්වාසින් ජීවත්වූවේ දහසක්‌ වූ බාධක මැදය. නමුත් අවට ගම්වල ජනයා ලේ පිපාසිත මිනිමරු කොටි රකුසාට ගොදුරු වෙද්දී මෙම කෙවිලියාමඩුව අහිංසක ගම්වැස්‌සෝද තම පණ නළ බේරා ගැනීම සඳහා තම ඉඩ කඩම් අතහැර යන්නට පු`ඵ පු`ඵවන් තැන්වලට පලා යන්නට වූහ. නමුත් 2004 වසරේ සාම ගිවිසුම් කාල සීමාවේදී මෙම ගම්වැස්‌සෝ තමන්ගේ පරණ පුරුදු ඉඩ කඩම් සොයා පැමිණියේ තමන් හට පුංචි අතු පැලක හෝ නිදහසේ ජීවත්වන්නට උවමනාව නිසාය.

එදා පටන් මේ දක්‌වාම දහසක්‌ බාධක හමුවේ මෙම ජනයා අනන්ත අප්‍රමාණ දුක්‌ ගැහැට විඳිමින් මෙම කෙවිලියාමඩුව ගම්මානයේ ජීවත්වන්නට වූවේ මහා යස ඉසුරෙන් පිරි දිවි පෙවතක්‌ නොව මහා කටුක දුක්‌ත දිවි පෙවතකි. 2008 සිට මේ දක්‌වාම රජයෙන් ලැබෙන සමෘද්ධි කූපන්පත පවා අහිමිව අඩුම තරමේ පදිංචිය සනාථ කිරීමේ ලිපියක්‌වත් ගැනීමට නොහැකිව මෙම ජනයා ගෙවන ජීවිතයේ වේදනාවේ හඬ බලධාරීන්ගේ බිහිරිවී ගිය කන් අඩිවලට නො ඇසුණේ ඔවුන් තව තවත් අන්ත අසරණ කරලමිනි.

ඡන්දය දමන්නටවත් ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනීමට නොහැකිව මෙම ජනයා පිට සක්‌වළ ජීවීන් මෙන් කිසිම වරප්‍රසාදායක්‌ නොමැතිව මෙම ගම්මානයේම වාසය කරන්නට වූහ

මේ කෙවිලියාමඩුව ගම්මානයේ පදිංචි ධම්ම්කා කුමාරිගේ සංවේදී කථාවයි.

මම කෙවිලියාමඩුවට ඇවිල්aලා අවුරුදු 08 ක්‌ වෙනවා. මම යුද්ධයටත් කලින් පදිංචි වෙලා හිටියා. අපේ අම්මලා 1973 ඉඳලා තමා කෙවිලියාමඩුවේ පදිංචි වෙලා හිටියේ. මම ඉපදුණේ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ. නමුත් මට තවම හැඳුනුම්පතක්‌ නැහැ. තවම අපිට ඡන්ද නාම ලේඛනයේ නම ලියාපදිංචි කරගන්න බැරි වුණා. නම දාලා අයදුම්පතක්‌ පුරවලා දුන්නත් අපිව අනවසර පදිංචිකරුවෝ කියලා ලියාපදිංචි කළේ නැහැ. මට ළමයි තුන් දෙනෙක්‌ සිටිනවා. මහත්තයාටත් ස්‌ථිර රැකියාවක්‌ නැහැ. බොහෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක හින්දා මම මොකක්‌හරි රැකියාවක්‌ කරන්න කියලා ග්‍රාමසේවා සහතිකයක්‌ ගන්න ගියා. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය අපිට ග්‍රාමසේවක සහතිකය දුන්නේ නැහැ. මම 2012 වසරේ උප්පැන්නයත් සමග හැදුනුම්පත් හදනන් අදාළ ලිපි ලේඛණ ගාර දුන්නා. තවමත් මට හැදුනුම්පත ලැබුණේ නැහැ. මම පස්‌සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට කථා කළා. එතකොට එහෙන් කීවා එහෙම හැඳුනුම්පතක්‌ සකස්‌ කරන්න එවල නැහැ කියලා. මම පස්‌සේ පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්තුමියට මේ ගැන කීවාම ඈ දිගින් දිගටම බැන වැදුනා. ඔයාල අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නේ අපි ඔයාලට කිසිම දෙයක්‌ දෙන්නේ නැහැ. දිගින් දිගටම මේවා ඉල්ලන්න ආවොත් මම රාජකාරියට බාධා කළා කියලා පොලිසියට කියලා කූඩුවට දානවා. මම කිසිම කෙනකුට ලියුමක්‌ දෙන්නේ නැහැ.මම කිසිම කෙනෙක්‌ කියන දේ කරන්නෙත් නැහැ. මම නූගත් ඔයාලට වැඩ කරන්නෙත් නැහැ කියලා අපට බැන වැදුනා. අපි ඊට පස්‌සේ කොක්‌අඩිචෝලේ පොලිසියට ගිහින් මේ පිළිබඳව පැමිණිල්ලක්‌ දැම්මා. අපිට මෙහෙම කරන්නේ මඩකලපුවේ සිංහලයෙක්‌ වෙලා ඉපදුණ කරුමයටද යනුවෙන් ධම්මිකා කුමාරි ඉරිදා දිවයිනට අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

මේ පද්මිණි පියදර්ශනිගේ කථාවයි.

මගේ මහත්තයා කරන්නේ කුලීවැඩ. මගේ දුව 2011 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්. නමුත් අපේ ආදායම සහතික කරලා දෙන්නේ නැති නිසා තවමත් ශිෂ්‍යාධාර ලබා ගන්න බැරි වුණා. මම දිගින් දිගටම පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්තුමිය මුණ ගැසෙන්නට ගියා. නමුත් වැඩක්‌ වුණේ නැහැ. මගේ පුතා පොලිසියට යැමට සම්මුඛ පරීක්‌ෂණ 04 කට ගියා. 5 වන සම්මුඛ පරීක්‌ෂණයට යන්න ග්‍රාම සේවක සහතිකයක්‌ අවශ්‍ය වුණා. මම පසුගිය 26 වැනිදා එම වැඩ දෙකම කරගන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. එතකොට ප්‍රාදේශීය ලේකම්තුමිය කීවා මම ඔයාලට කිසිම වැඩක්‌ කරලා දෙන්නේ නැහැ.ඔයාලා ගිහින් මඩකලපුව හාමුදුරුවන්ට කියලා මේ වැඩ කරගන්න කියලා. ඊට පස්‌සේ මම ගියා මඩකලපුව මහ දිසාපතිතුමිය මුණගැසන්න. එතුමිය ලියුමක සටහනක්‌ දාල දුන්නා මේක ගිහින් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරියට දෙන්න කියලා. නමුත් ඒක ගිහින් දුන්නමත් එම වැඩය කරලා දුන්නේ නැහැ. ඒක අරන් පැත්තකට විසි කරලා දැම්මා. මම මේක කරලා දෙන්නේ නැහැ. මම කවුරු කීවත් මෙම වැඩය කරලා දෙන්නේ නැහැ කියලා බැන වැදුනා. පස්‌සේ නැවතත් 04 වැනිදා මඩකලපුවේ පංසලේ ඉඳන් දිසාපති කාර්යාලයට විරෝධතා පා ගමනක්‌ ඇවිල්ලා දිසාපතිතුමියත් සමග සාකාච්ඡා කළාට පස්‌සේයි මගේ දුවට ශිෂ්‍යාධාර ගන්න ආදායම් සහතික කර ගන්න පු`ඵවන් වුණේ. අවුරුදු දෙකක්‌ මම මෙම ආදායම් වාර්තාව ගන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්‌ කථා කරා. නමුත් ඒ එක අවස්‌ථාවකවත් ප්‍රාදේශීය ලේකම්තුමිය අපට අදාළ සහතික කිරීම් කරලා දුන්නේ නැහැ. අපි දුප්පත් ජනතාව. අපි රජයෙන් ඉර හඳ ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ අපිට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය දේවල් කරලා දෙන්න කියලයි යනුවෙන් පත්මිණී ප්‍රියදර්ශනි වසර ගණනාවක්‌ තිස්‌සේ තමන් අත්විඳ දුක්‌ ගැහැට පිළිබඳව අදහස්‌ දක්‌වන්නට වූවාය.

මේ අයුරින් වසර 06 ක කාලයක්‌ තිස්‌සේ මෙම කෙවිලියාමඩුව ජනතාව විඳින්නෙ අනන්ත අප්‍රමාණ දුක්‌ කරදරයකි. පවුල් 106 ක්‌ පමණ මෙම ස්‌ථානයේ පදිංචිව සිටින්නේ තමනට යන්න එන්නට අන් පිළිසරණක්‌ නැති නිසාමය. බොන්නට ජල බිඳක්‌ සොයා සැතපුම් ගණන් නියං සමයේදී යා යුතුව ඇත. රෑ පුරා එම ප්‍රදේශයේ නිරන්තරයෙන් සරනා වන අලි සේනාවෙන් ගෙනෙනා කරදරය නිමක්‌ නැත. ගමේ පාසල් නැති කම නිසා පාසලකට යැමට කිලෝ මීටර්10 කට ආසන්න දුරක පිහිටි මංගල ගම විද්‍යාලයට යා යුතුව ඇත. එදා වේල යාන්තමින් සරි කරගැනීමට වෙහෙසෙන මේ ජනයාට තම දරුවන්ද දිනපතාම වාගේ පාසලට යෑවීමට වත්කමක්‌ නොමැතිව ළතවෙමින්a සිටින්නේ ස්‌ථිර ආදායම් මාර්ගයක්‌ මෙම ගම්වාසීන්ට නොමැති නිසාවෙනි. නමුත් තවමත් ඉඩමට බලපත්‍රයක්‌ ලබා ගැනීමට නොහැකිවන්නට හේතුව මෙම ජනයා සිංහල රටේ සිංහල වී ඉපදීම දැයි පට්‌ටිපොළ ප්‍රදේශීය ලේකම්වරිය ඇතු`ඵ අදාළ බලධාරීන්ගෙන් ඇසීමට සිදුව තිබේ.

මහත්තයෝ අපි උපන් බිමේ කල්ලතෝනියෝ වෙලා. ඉඩමට බලපත්‍රයක්‌ දෙන්නේ නැහැ. ග්‍රාමසේවක සහතිකයක්‌ උප්පැන්න සහතිකයක්‌ මරණ සහතිකයක්‌ ලබා ගන්න බැරි වෙලා තියෙනවා. අපිට ඡන්දයක්‌ දාන්න බැරිවෙලා තියෙනවා. දුප්පත් අපිට සමෘද්ධිය ලබා ගැනීමට තිබෙන අයිතියත් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය අපෙන් උදුරාගෙන තිබෙනවා. ජනතාවගේ බදු මුදලින් යෑපෙන මෙම නිsලධාරීන් අපි අන්ත අසරණ කරලා අපිව තලා පෙළා දානවා. අපිට මේ වන තෙක්‌ රජයෙන් ලැබෙන කිසිම දෙයක්‌ ලැබිලා නැහැ. මඩකලපුව හාමුදුරුවෝ තමයි දෙවියෙක්‌ වාගේ අපි ගැන නිතරම සොයා බලා කටයුතු කරන්නේ. අපේ ළමයින්ට පොතක්‌ පැනක්‌ දීලා පාසල් යවන්න. බඩගින්නේ ඉන්න වෙලාවට කුස පුරවා ගන්නට හාල් මිටක්‌ ලබා දෙන්නේ උන්වහන්සේ මැදිහත්වීමෙන් හැබැයි අපේ ගම ආසන්නයේ කොහොඹගස්‌තලාව ගම්මානයේ දෙමළ ජනතාව පදිsංචිකරලා සිටිනවා.

එම ජනතාවට කිසිම ගැටලුවක්‌ නැහැ. රජයෙන් නිවාස සාදන්න රුපියල් ලක්‌ෂ 05 ක නිවාස ආධාරත් දීලා තියෙනවා. ඒ අයට රජයෙන් ලැබෙනා සියලුදේ ලැබෙනවා. නමුත් අපට තමයි ඒ කිසිවක්‌ ලැබෙන්නේ නැත්තේ. ඇයි අපි සිංහලයෝ නිසාද අපිට මේ තරම් කෙනහිලි කම් කරන්නේ. දෙමළ ජනතාවට වැඩ කරලා දෙනවාට අපේ කිසිම අකැමැත්තක්‌ නැහැ. නමුත් තිබෙන ගැටලුව වන්නේ අපි අන්ත අසරණ කිරීමයි යනුවෙන් කෙවිලියාමඩුව පදිංචි ඩබ්. එම් ජයතිලක පවසන්නට විය.

වෙලෙස කෙවිලියාමඩුව ගම්මානයේ ජනතාවට දිගින් දිගටම සිදුවන අසාධාරණකම්වලට එරෙහිව එම ගම්මානවල ජනතාව හාරසීයකට අධික පිරිසක්‌ සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති පුලියද්දේ සුධම්ම හිමි සහ මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව මංගලාරාම විහරස්‌ථානයේ සිට මඩකලපුව දිසාපති කාර්යාලය තෙක්‌ විරෝධතා පාගමනක්‌ පසුගිය 04 වනදා පවත්වන ලදී. ඔවුන් මඩකලපුව කච්ෙච්රි භුමියට ගොස්‌ විරෝධතාවයේ නියළෙද්දී මඩකලපුව සහකාර පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර සහ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක ගුණසේකර යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව මහ දිසාපතිනිය වන පී. එස්‌. එම්. චාල්ස්‌ මහත්මිය අදාළ භික්‌ෂූන් වහන්සේලා සහ ගම්වාසීන් කිහිප දෙනකු සමගින් මෙම ගැටලුව පිළිබඳව සාකාච්ඡාවක්‌ සිදු කරන ලදී. එම අවස්‌ථාවේදී පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් එස්‌. විල්වරත්නම් මහත්මිය ද ගෙන්වා අදාළ කරුණු විමසීමක්‌ සිදු කරන ලදී. එහිදී දිගින් දිගටම කෙවිලියාමඩුව සිංහල ගම්මානයේ ජනතාවට සිදුවන අසාධාරණකම් සහ මූලික අයිතිවාසිකම් අහිමිවීම් ආදිය පිළිබඳව සිංහල රාවය සංවිධානයේ භික්‌ෂූන් වහන්සේලා සහ අම්පිටියේ සුමනරතන හිමියන් දිගින් දිගටම අදහස්‌ දක්‌වන ලදී. එම අවස්‌ථාවේදී මහ දිසාපතිවරිය අදාළ ප්‍රාදේශීය ලේකම්වරියගේ ඇතැම් ක්‍රියා කලාපයන් සඳහා සිය එකඟතාව පළ නොකළ අතර එම අවස්‌ථාවේදීම අදාළ සහතික පත් ලබා ගැනීමට නොහැකිවුණ අයහට අදාළ සහතික පත් ලබා දීමට කටයුතු කරන ලදී. ඉදිරියේදී ජනාධිපතිතුමා සමග සාකාච්ඡා කර මෙම ගැටලුව විසඳන තෙක්‌ රාජකාරි කටයුතු සඳහා පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නොගොස්‌ මහා දිසාපති කාර්යාලය වෙත පැමිණ සිය අවශ්‍යතාවන් ඉටු කරගන්නා ලෙසත් ඒ සඳහා ලිත පොරොන්දුවක්‌ ද අම්පිටියේ සුමනරතන හිමියන් වෙත භාර දෙන ලදී.

කෙවිලියාමඩුව ගම්මානයේ ජනතාවගේ අසාධාරණකම්වලට නිරන්තරයෙන් නැගී සිටින එම ජනතාවගේ එකම ගැලවුම්කරුවා වෙමින් කටයුතු කරන මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙසේ අදහස්‌ දක්‌වන ලදී.

කෙවිලියාමඩුව ගම්මානයේ අහිංසක සිංහල ජනතාවට කලක සිටම දැඩි අසාධාරණයක්‌ සිදුවෙමින් තිබෙනවා. එදා කපනවාට කොටනවාට බයේ සියලු ඉඩකඩම් අතහැර ගිය ජනතාවගේ සියලුදේ අපි ඉල්ලා සිටින්නේ නැහැ. නමුත් අපි ඉල්ලා සිටින්නේ කෙවිලියාමඩුව, සිප්පිමඩුව, සින්නවත්ත, පු`ඵකුණාව, කොස්‌ගොල්ල, එරාවුර් ආදී ප්‍රදේශවල ජීවත්වන අතළොස්‌සක්‌ වූ සිංහල ජනතාවට අවම වශයෙන් මරණ සහතිකයවත් ලබා ගැනීමේ අයිතිය තහවුරු කරලා දෙන ලෙසටයි. මම මේ ජනතාව වෙනුවෙන් කථා කරන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම එම කාර්යාලයේ බඩු මුට්‌ටු එයාලා පොළොවේ ගහලා මම ඒ දේ කළා කියලා මට විරුද්ධව අධිකරණයේ නඩුවක්‌ පවා දමලා තිබෙනවා. නමුත් මහ දිසාපතිතුමිය හමුවේදී පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරියට තමන් අහිංසක ජනතාවට එරෙහිව කළ වැරදි පිළිගැනීමට සිදුවූවා.

මඩකලපුවේ සිංහලයකු වීම කරුමයක්‌ බවට පත්ව ඇති මෙම උපන් බිමේ අසරණයන්ට දැන්වත් සාධාරණයක්‌ ලැබෙනු ඇතැයිද එම ජනතාව බලාපොරොත්තු සහගතව බලා සිටිති.

සුසන්ත අමර බන්දු

http://www.divaina.com/2014/03/16/nimna01.html

කෙවිලියාමඩුව – පුලිකුනාව
“දැනට සිටින ඉඩම් වලින්ද ඉවත්වන ලේසට ප්රා්දේශීය ලේකම් විසින් නියෝග කර ඇත.එසේ නොවුන හොත් නිවාස පිටින් ඩෝසර් කරන බවට තර්ජනය කර ඇත.එම ප්‍රරදේශය දෙමල නිජභූමියක් යැයි එතුමිය පවසන අතර දෙමල නිජභූමියේ අනවසර පදිංචි කරුවන් නිසා මොවුනට මෙසේ සලකන බව……..” 

 ·

Sinhala Buddhists In Japan _ ජපානයේ සිංහල බෞද්ධයෝ's photo.
අපේ සාමාජිකයන් පිරිසක් ගියා මඩකළපුවේ කෙවිලියාමඩුව, පුලිකුනාව ගමට….
ඒ ගමේ මිනිස්සුන්ගේ කඨෝර කර්කශ ජීවිත දැක්කාම නෙතට කදුලක් ඉනුවා….මේ අපේම සහොදරයන් නේද කියලා……ඔබටත් නිවන් මගේ දොරටු ඇරගන්න එක්වන්න අපිත් එක්ක මේ මිනිස්සුන්ට උදව් කරන්න…..මේ සදහා ඔබට මංගලාරමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි සමග සම්බන්ද විය හැක.පළාත : නැගෙනහිර පළාත
දිස්ත්රි:ක්කය : මඩකලපුව
ග්රාතමසේවක වසම : කච්චිකුඩි 135c
ග්රාතමසේවක නිලධාරි : සුවීන්ද්රාක
ප්රාතදේශීය ලේකම් කොට්ඨාශය : මඩකලපුව
ප්රාතදේශීය ලේකම් : සිවප්රි්යා විල්වරත්නම්
මූලික අපහසුතා
1. දරිද්රිතාවය
2. විරැකියාව
3. පානීය ජල ප්ර ශ්නය
4. විදුලි බලය
5. වන අලින්ගෙන් සිදුවන හිරිහැර
6. දෙමල මිනිස්සුන් මෙමෙ ප්රහදේශයට හරක් පට්ටි මුදාහැරීමෙන් මතුවන ගැටලුව
7. ග්රා ම සේවකගේ නොසලකිල්ල සහ ප්රාපදේශීය ලේකම් තුමියගේ තාඩන පීඩනපුලිකුනාව ගම පිහිටා තිබෙන්නේ A 27 (අම්පාර – මහනුවර ප්රනධාන මාර්ගය ) මාර්ගයේ කිලෝමීටර 30 කණුව සහ කිලෝමීටර 33 කණුව අතරය. කිලෝමීටර 3ක් අතර පාර දෙපසට වන්නට මෙම ගම පිහිටා ඇත.මෙම ගමේ පදිංචිකරුවන් සියල්ලෝම සිංහල ජාතිකයන් වන අතර ඒ නිසාම ග්රාදම සේවකගෙන් සහ ප්රාිදේශීය ලේකම්ගෙන් විවිධ කෙණෙහිලිකම් සිදුවේ. ප්රාවදේශීය ලේකම් තුමිය හිටපු ටී.එන්.ඒ ප්රේබල සාමාජිකාවකි.මෙහි ගම්වැසියන්ගේ මූලිකම ගැටලුව ලෙස පානිය ජල හිගය සහ විදුලි බලය නොමැතිකම සැලකිය හැකිය. අවට ගම් සියල්ලටම විදුලිය සහ ජලය ලබා දී ඇත. ගම්වැසියන් බොහෝ දෙනෙක් රැකියා වියුක්තිකයෝය.එම නිසා දරිද්රලතාවයේ පතුලටම වැටී සිටියි. බොහෝවිට ආහාර පවා ලබාදෙනුයේ පන්සලේ ස්වාමීන්වහන්සේ විසිනි. පන්සලේ හාමුදුරුවන්ටද බොහෝවිට දානය නොලැබෙයි.හාමුදුරුවන්ට ලැබෙන දේ බොහෝ විට ගැමියන්ට ලබා දීමට තරම් පුලිකුනාව පන්සලේ ස්වාමීන් වහන්සේ පරිත්යාගශීලී වේ ඇත.

වන අලින්ගෙන්ද නිරන්තර හිරිහැර සිදුවන අතර දෙමල මිනිසුන්ගේ හරක් පට්ටි ගෙනැවිත් දැමීම නිසා කිසිදු වගාවක් කිරීමටද නොහැකි තත්වයක් ඇති වී තිබේ.අප යන විටද පුලිකුණාව පන්සලට යාබදව අලුතින් වතුර පිරෙමින් පවතින වැවේ විශාල හරක් පට්ටියක් සිටින අයුරු අපට දැකගැනීමට හැකි විය.

දැනට මෙහි පැල්පත් නිවාස රාශියක් ඇත.බොහෝවිට ඇත්තේ ඉටිරෙදි වලින් හා ටකරන් වලින් වට කරන ලද නිවාස වේ. නිවාස කීපයක් දැනටමත් මඩකලපුව මංගලාධිපති ස්වාමීන්වහන්සේගේ උපකාර ඇතිව සාදා දී ඇත.

මානව හිමිකම් උල්ලංගනය කිරීම් ප්රතසිද්ධියේ සිදුවෙයි. ගම්වැසියන්ගේ අවශ්යතා වලට ග්රාඇමසේවක සහතිකයක් ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් ඇත.එමෙන්ම ප්රවජාතන්ත්රමවාදී රටක වැසියන්ට හිමිවන සර්වජන ඡන්ද බලයවත් මෙහි ගම් වැසියන්ට නොමැත. වසර 5කට පෙර ඉල්ලුම් පත් යොමුකල හැදුනුම් පත් සදහා ද තවමත් හැදුනුම් පත් ලැබී නොමැත.ග්රා.මසේවක ඉල්ලුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කල බව පවසන අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එවැනි ඉල්ලුම්පත් නොලබූ බව පවසයි.

 

දැනට සිටින ඉඩම් වලින්ද ඉවත්වන ලේසට ප්රා්දේශීය ලේකම් විසින් නියෝග කර ඇත.එසේ නොවුන හොත් නිවාස පිටින් ඩෝසර් කරන බවට තර්ජනය කර ඇත. එම ප්දේශය දෙමල නිජභූමියක් යැයි එතුමිය පවසන අතර දෙමල නිජභූමියේ අනවසර පදිංචි කරුවන් නිසා මොවුනට මෙසේ සලකන බව අපට සැලවුනි. මෙයින් පෙනී යන්නේ අලුයට ගිනි මෙන් පවතින ඊලම් අරගලයේ තවත් පැතිකඩකි.රැකියා විරහිත ප්රගශ්නයට පිලියමක් ලෙස ස්වාමීන් වහන්සේගෙන් අහින්සක යෝජනාවක් අප වෙත ඉදිරිපත් වූ අතර එය ඉටු කර දෙන්නේ නම් මහත් වූ ප්රෙයෝජනයක් ගම්වැසියන්ට බව පැවසූ සේක…මෙම ගම පිහිටා තිබෙන්නේ අම්පාර – කොලඹ / නුවර ප්රයධාන මාර්ගයේ බැවින් දිනපතා විශාල වාහන සංඛ්යාමවක් ධාවනය වන අතර ඒ ප්අදේශය ආසන්නයේ කිසිදු වෙලදසලක් නොමැති නිසා සාමාන්ය මට්ටමේ දිවා රාත්රීල තේ කඩයක් ආරම්භ කිරීමට අවශ්ය මූලික ප්රා ග්ධනය ලබාදීමට හැකිනම් මහත් අගයකොට සලකන බව පැවසූහ. එමෙන්ම දැනට විහාරස්ථානයේ ප්රරබල අඩුපාඩුවක්ව පවතින සංඝාවාසයක් නොමැතිකම පිලිබදවද උන් වහන්සේ අප සමග පැවසූ සේක.

Tel        04 249 723 10

 

Skype       sb.japan

 


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,892 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ