Archive for the ‘පූජා ස්ථාන වලට යාබදව පොදු වැසිකිසි තැනීම’ Category
පොල්ගහවෙල ප්‍රා. සභාවේ නව වැසිකිළිවලින්
බෞද්ධ මධ්‍යස්‌ථානයට අහිතකර බලපෑම්
ජනපතිදුන්ගෙන් පිහිට පතයි
පොල්ගහවෙල
ජය ශ්‍රීමහා බෝධියේ ශාඛාවක් රෝපණය කර ඇති පොල්ගහවෙල නගරයේ පිහිටි බෞද්ධ මධ්‍යස්‌ථානයට යාබද ඉඩමේ පිහිටි පොල්ගහවෙල ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ලේ අලුතින් ඉදිවන වැසිකිළි පද්ධතිය නිසා මෙම විහාරස්‌ථානයට පැමිණෙන බෞද්ධ බැතිමතුන්ට බෝධිපූජා ඇතුළු පින්කම් කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වෙමින් පවතී. මේ පිළිබඳව ‘දිවයින’ට අදහස් දැක්‌වූ පූජ්‍ය පදවියේ අනෝපමා මෑණියෝ (පොල්ගහවෙල ශ්‍රී බෞද්ධ මධ්‍යස්‌ථාන ආරාමාධිපතිනි)
මෙම බෞද්ධ සිද්ධස්‌ථානය යාබද ඉඩමේ ඉදිකෙරෙන පොල්ගහවෙල ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ලේ නව වැසිකිළි පද්ධතිය විහාරස්‌ථානයට අඩි තුනක පමණ කෙටි දුරකින් ඉදිකිරීම නිසා බැතිමතුන්ට සිදුවන අපහසුතාව පිළිබඳ පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දැනුවත් කළත් එයින් කිසිදු පලක් නැති බව පෙනී යනවා. වරෙක සභාපතිවරයා මට පිළිතුරු ලබා දුන්නේ “මිස්” කියා කතාකරමින් බවද සඳහන් කළ යුතුයි. ඉන් අනතුරුව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවී මේ පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ඔහු මෙම වැසිකිළි පද්ධතිය ඉවත් කිරීමට නියෝග ලබා දුන්නත් එය ද සිදුනොවීම බලවත් කනගාටුවක්.
ඉතා පැරණි බෞද්ධ සිද්ධස්‌ථානයක් වන මෙම ස්‌ථානයේ රෝපණය කර ඇති බෝධිය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියේ ශාඛාවක් නිසා එයින් පිහිට ලබාගැනීම සඳහා පැමිණෙන බැතිමතුන් බෝධිය අබියස බෝධි පූජා තැබීම හා අනෙකුත් වන්දනා කටයුතු සිදුකිරීමට ඇති ඉඩකඩ මේ වැසිකිළි පද්ධතියෙන් පැමිණෙන දුර්ගන්ධය නිසා මෙම ස්‌ථානයේ රැඳී සිටීම දැඩි අපහසුවක්.
මෙම හේතුවෙන් තම බෞද්ධ කටයුතු සිදුකර ගැනීමට පැමිණෙන බැතිමතුන් ඉදිරියේදී නොපැමිණීමට ඇති ඉඩකඩ නිසා පොල්ගහවෙල නගර මධ්‍යයේ ඇති පැරණි බෞද්ධ සිද්ධස්‌ථානය වැසී යැමේ තර්ජනයකට ලක් වී තිබෙනවා. මම මෙම සිද්ධිය පිළිබඳ ජනාධිපතිතුමාට ද µeක්‌ස් පණිවිඩයක් මගින් දැනුම්දී තිබෙන බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුයි.
ගුරුදෙනියේ පඤ්Æකිත්ති ස්‌වාමින්වහන්සේ (විහාරාධිපති ශී ගනේගොඩ පුෂ්පාරාම රජමහා විහාරය) – පොල්ගහවෙල අප විහාරස්‌ථානයේ ශාඛාවක් වශයෙන් ස්‌ථාපිත කර ඇති ඉහත සඳහන් සිද්ධස්‌ථානයට හා එයට පැමිණෙන පින්වත් බෞද්ධ බැතිමතුන් අපහසුවට පත් වන අන්දමෙන් ඉදිකෙරෙන පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ වැසිකිළි පද්ධතිය පිළිබඳ අතිශයින් කනගාටුවට පත්වෙනවා. මෙවැනි අකටයුතුකම් නිසා බෞද්ධ ජනතාව දැඩි කලකිරීමට පත්වීම වැළැක්‌විය නොහැකි කරුණක් නිසා වගකිවයුතු බලධාරීන් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන බෞද්ධ පින්වතුන් අපහසුවට පත්වීමට ඉඩ ඇති වැසිකිළි පද්ධතිය ඉවත් කිරීමට සුදුසුයි.
එච්. පී. සුසිලාවතී මහත්මිය (දායක සභික) – බදාදා හා සෙනසුරාදා දිනවල විශාල බැතිමතුන් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙන බෝධි පූජා කටයුතුවලට මේ වැසිකිළි පද්ධතිය ඉදිවීම බාධාවක්. ඒ වගේම පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවට පැමිණෙන විශාල ජනතාවක් මෙම වැසිකිළි පද්ධතිය දිනපතා භාවිතා කිරීමේදී යාබද ඉඩමේ පිහිටි බෞද්ධ සිද්ධස්‌ථානයේ බෝධියට අහිතකර බලපෑම් වගේම මේ ස්‌ථානයේ සිටින මෑණියන් වහන්සේ ඇතුළු ඇයගේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් සිදුවිය හැකියි.
නවතම ප්‍රතිචාර