ධර්ම නිධාන

Archive for the ‘පූජණීය මීරිගම ගෝතම හිමියෝ’ Category


බොදු බැතිමතුන් නොදැනුවත්ව ගිලන් වූ  මහ ස`ගරුවන  සුවපත් කළ ගිලන්හල මේ ගිලන් මධ්‍යස්‌ථානයකි. නැතහොත් ලෙඩුනට සාත්තු සප්පායම් කරන තැනකි. එහෙත් ගැටලුව නම් ගිලන් හලද ගිලන්වී තිබීමයි.
මෙවන් ගිලන්හලක්‌ ගිලන්වීමට ඉඩදී මේ බෞද්ධ රාජ්‍යයේ වැසියකු ලෙසින් බලා සිටීමට නොහැකි බැවිණි මා එහි ගොස්‌ මේ තොරතුරු ඔබට කියන්නට යෙදුනේ.
මේ වන්දනීය, පූජනීය මහා සංඝරත්නය වෙනුවෙන් ඉදිවූ ගිලන් මධ්‍යස්‌ථානයකි. ගල්කිස්‌සේ පිහිටා ඇති ධර්මේන්ද්‍රdරාමය හෙවත් ‘වළේ පන්සලේ’ පිහිටි මේ භික්‍ෂු ගිලන් මධ්‍යස්‌ථානය උපදින්නේ විහාරාධිපති මීරිගම ගෝතම හිමියන් දුටු අතිශයින් ෙ€දනීය දසුනකිනි.
සෑම සිව්දෙනෙකුගෙන්ම තිදෙනෙකු බෞද්ධයන් වන මෙහෙව් රටක එවැනි සිද්ධි සිදුවනවා යෑයි පැවසීම උඩ බලාගෙන කෙළ ගසාගැනීමක්‌ නමුත් යථාර්ථය එය නම් එය සඟවා කුමට?
දිනක මීරිගම ගෝතම හිමියෝ කොළඹ මහ රෝහලේ භික්‍ෂු වාට්‌ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියහ. උන්වහන්සේට යාබද ඇඳක සිටි භික්‍ෂූන් වහන්සේ නමක්‌ අසලට පැමිණ රෝහල් සේවකයකු ගෝරනාඩුවක්‌ කරයි. එකී ගෝරනාඩුවෙන් අන්ත අසරණ වන භික්‍ෂුව තමන් සන්තකයේ තිබූ කලමනා ස්‌වල්පය බෑගයක දමාගෙන රෝහලෙන් බැහැරවීමට සැරසෙයි.
‘ඔබවහන්සේ දැන් කොහෙටද වඩින්නේ?’ එතැනට ළංවූ ගෝතම හිමියෝ විචාළහ.
‘මම වඩිනවා කළුබෝවිල ඉස්‌පිරිතාලෙට’
එම ස්‌වාමීන්වහන්සේගේ පිළිතුර ගෝතම හිමියන් කම්පාවට පත් කළේය.
සිදුව ඇතතේ කුමක්‌ද?
ජාතික රෝහලේ නේවාසිකව සිටි ඒ භික්‍ෂූන් වහන්සේගේ ‘ටිකට්‌ කපා’ තිබුණ ද උන්වහන්සේ රෝහලෙන් බැහැරව නොගොස්‌ තවදුරටත් එහි රැඳී සිට තිබුණි. රෝහල් සේවකයාගේ දෝෂදර්ශනයට හේතුව වූයේ එයයි.
උන්වහන්සේ බැහැරට නොගොස්‌ එහිම රැඳී සිට තිබුණේ රැකවරණය පිණිස වෙනත් තැනක්‌ නොවූ බැවිනි. උන්වහන්සේට යන්නට ඉතිරිව තිබුණේද තවත් රෝහලක්‌ම පමණි. අසරණව යන මේ ගමනේ කෙළවර කොතැනද?
‘මහත්තයො, අපි ප්‍රසිද්ධියේ කථා නොකළට මේක තමයි ඇත්ත. විහාර දේවාලගම් පනතට අනුව විහාරාධිපති හාමුදුරුවන්ගේ පළවැනි ගෝලයට තමයි ස්‌ථානය අයිති වෙන්නේ. අනිත් හාමුදුරුවරුන්ට ඒa ස්‌ථානයේ තැනක්‌ නැති වුණොත් සමහරවිට වෙන ස්‌ථානයකුත් නෑ. ආපහු ගිහි ගෙදරට ගිහින් ඉන්න තැනකුත් නෑ. තනියම ජීවිතයට මුහුණදෙන්න ඇඟේ හයිය හත්තියකුත් නෑ. ඒ වගේ කෙනෙක්‌ට බේත් හේත් ටික අරගෙන වැටිලා ඉන්න තැනක්‌ හදන්න ඕනෑ කියලා මට හිතුණා’
‘ඒ විතරයක්‌ නෙමෙයි මහත්තයා. සමහරක්‌ හාමුදුරුවරු දුර බැහැර ඉඳලා කාලෙකට වතාවක්‌ බෙහෙත් ගන්න කොළඹට එනවා. සති 2කට වතාවක්‌ මහරගම පිළිකා රෝහලට ඇවිත් කරන්ට්‌ එක අල්ලගන්න අවශ්‍ය හාමුදුරුවරු ඉන්නවා. නමුත් උන්වහන්සේලාට කොළඹ ආවහම වැඩ ඉඳලා විවේක පාඩුවෙන් බෙහෙත් ටික අරගෙන යන්න හරිහමන් තැනක්‌ නැහැ’
මේ ත්‍රිවිධ රත්නයෙන් එක්‌ රත්නයක්‌ වන මහා සංඝරත්නයේ එක්‌තරා කුලකයක්‌ අත්විඳින කටුක යථාර්ථයයි. මේවා හෙළිවීම ශාසනය හෑල්ලුවට ලක්‌කිරීමක්‌ නොවේ. මෙයින් හෑල්ලුවට ලක්‌වන්නේ සියල්ලට ප්‍රථම තෙරුවන් වන්දනා කරන බෞද්ධ යෑයි ලේබලය ගසාගත් සමාජයයි. බුද්ධ ශාසන අමාත්‍යංශයක්‌ද පිහිටි රාජ්‍යයයි.
මීරිගම ගෝතම හිමියෝ මේ අඳුරට ශාප කරමින් සිටිනු වෙනුවට පහනක්‌ දැල්වූහ. ඒ අනුව මින් වසර 3කට එපිට ගල්කිස්‌ස ධර්මේන්ද්‍රdරාමයේ භික්‍ෂු ගිලන් මධ්‍යස්‌ථානයක්‌ උන්වහන්සේ ඉදිකරති. එය ‘ජිනරතන ගිලන් භික්‍ෂු සුවසේවා පදනම’ යන නමින් පවත්වාගෙන යති.
එය දෙමහල් ගොඩනැඟිල්ලකි. ඔස්‌ටේ්‍රලියාවෙන් පරිත්‍යාග ලෙස ලැබුණු ඇඳන් 10කි. සාත්තු සේවකයෙක්‌ද විය.
මේ සියල්ල උන්වහන්සේ විසින් කරනුයේ ඇඟේ හයියෙන් නොවේ. සිතේ හයියෙනි. 1960දී උපසම්පදාව ලබාගත් උන්වහන්සේ මේ මහා ශාසනික සද්කාරය කරද්දී වයස අවුරුදු 70ක්‌ විය.
බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය පිණිස ‘බුදුන් වදාළ උපමා’ ‘භව සරණ’ ‘මොක්‌පුර නොදුටු දෙව්දත් ‘ ආදී ග්‍රන්ථ කරවූ ඒ වියත් උතුමන් සිය ඉදිරි ජීවිත කාලයම කැපකිරීමට අදිටන් කරගනිමින් ඉදිකළ මේ ගිලන්හල විටින් විට පැමිණ ගිය සහ නේවාසිකව සිටි භික්‍ෂූන්වහන්සේලා සිය ගණනකට මහා රැකවරණයක්‌ විය.
කාලය හෙමෙන් ඇදුණි. වියදම් දිනෙන් දින ඉහළ ගියේය. වතුර බිල්, විදුලි බිල්, භික්‍ෂූන්වහන්සේලා රෝහල් සායනවලට යොමුකිරීම ත්‍රිවිල් ගාස්‌තු…. එකී මෙකී නොකී වියදම් රැසක්‌ ඉදිරියේ මෙය නඩත්තුවීම පිණිස ගෝතම හිමියන් සතුවූ සබ්බ සකලමනාව කෙමෙන් දියවී ගියේය.
සේවකයකුට පඩි නඩි ගෙවාගැනීමට නොහැකිවූ තැන ගෝතම හිමියෝ උන්වහන්සේගේ ගෝලනම වූ සපුගොල්ලේ ප්‍රඥාරතන හිමියන් සමග එක්‌ව සියලු කටයුතු සිදු කළහ. විටෙක නේවාසික භික්‍ෂූන්ට ඉන්සියුලින් ආදී එන්නත් ලබාදුන්නේද ගෝතම හිමියන් විසින්මය.
වාරු අඩු ගත නිසා අත සැළුණේ වුවද, නොසැළුණ සිත වෙලාගත් අප්‍රමාණ කරුණාවකින් වාරුගෙන උන්වහන්සේ සහෝදර ගිලන් භික්‍ෂුවට එන්නත ශරීරගත කළහ.
සොච්චමක්‌ වූ සිය විශ්‍රාම වැටුප මෙහි නඩත්තුව සඳහා ගෝතම හිමියන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවුණි. අවසානයේ එහි එක්‌ තැනක උන්වහන්සේ සිය ඇසට ප්‍රතිකාර පිණිස බෙහෙත් කුප්පිය ගැනීමට තිබූ මුදල ද මේ ගිලන් මධ්‍යස්‌ථානය වෙනුවෙන්ම වැය කළහ.
‘අන්තිමේදී මහත්තයෝ මගේ අතේ තිබුණේ ඇහැට බෙහෙත් ගන්න තිබුණු සල්ලි ටික විතරයි. මම ඇහැට බෙහෙත් ගන්න එක පැත්තකට දාලා ඒ සල්ලිත් මෙතැනට යෙදෙව්වා. ඒ වුණත් මහත්තයො ඉන් එහාට කරගන්න දෙයක්‌ මට තිබුණෙම නැහැ’
ඒ වන විට ගිලන් මධ්‍යස්‌ථානයේ නේවාසිකව සිටියේ දියවැඩියාව උග්‍රවූ එක්‌ භික්‍ෂුවක්‌ පමණි. කරකියාගන්නට දෙයක්‌ තිබුණේම නැති තැන මහා කම්පාවකින් යුක්‌තව වුව ඒ හාමුදුරු වහන්සේට මෙයට වඩා පිහිටක්‌ ඇති තැනක්‌ සොයා යන්න යෑයි පැවසීමට ගෝතම හිමියන්ට සිදුවිය.
එතැනින් භික්‍ෂු ගිලන් මධ්‍යස්‌ථානයක මෙහෙවර අවසන් විය.
නමුත් භික්‍ෂූන්වහන්සේලාට මහා රැකවරණයක්‌ සෙවනක්‌ වූ මේ ගිලන් පියස සදාකාලිකවම එකතැන්ව මියෑදෙන තැනට පත්කිරීමට මීරිගම ගෝතම හිමියෝ සූදානම් නැත.
‘මට මහත්තයෝ දැන් වයස අවුරුදු 73යි. ඒත් මේ ස්‌ථානය නඩත්තු කරන්න පුළුවන් කමක්‌ තියෙනවා නම් මට පුළුවන් මේක නැවතත් පවත්වාගෙන යන්න. මට බැරි දවසක්‌ ආවත් බොහොම කරුණාවන්ත මගේ ගෝලනම මේක පවත්වාගෙන යාවී. මෙතැනට දානෙ ගේන්න දායක මහත්වරු ඉන්නවා. ඒ අයම සමරහවිටක බෙහෙත් හේත් අවශ්‍ය ඒවත් අරන්දෙනවා. මේ ළඟම තියෙන බෞද්ධ බාලිකා විදුහලෙත් උසස්‌ බාලිකා විදුහලෙත් දරුවෝ ඇවිත් උපස්‌ථාන කටයුතුත් කරනවා. ඇත්තටම මහත්තයෝ විශ්‍රාම ගත්තු හෙද නිලධාරි මහත්තයෙකුයි, තව සේවකයෙකුයි තියාගෙන ඒ අයගේ පඩිනඩි ටික ගෙවන්නයි. ත්‍රීවිල් වලටයි ඔය අත්‍යවශ්‍ය බෙහෙත් ටික ගන්න ප්‍රමාණවත් මුදලක්‌ හැම මාසයකම පවත්වාගෙන යන්න පුළුවන් විදිහක්‌ සැකසෙන විදිහට අරමුදලක්‌ පිහිටුවාගන්න පුළුවන් නම් භික්‍ෂූන් වහන්සේලාට මෙතැන ලොකු පිහිටක්‌ වෙයි’
ගෝතම හිමියන් පවසන ඒ පිහිට ඔබත්, මමත් හැර අන්කව්රුන්ද?
සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්‌ථානයෙහි අගය වදාළ සේක. ගිලානෝපස්‌ථානය ප්‍රායෝගිකව සිදුකළ සේක. ඒ මහා කාරුණිකයන් වහන්සේගේ පුතුන් ගිලන්වූ කල….
හිතන්න.
කළ යුත්ත කරන්න. ධර්මේන්ද්‍රdරාමයේ ගෝතම හිමියන්ගේ දුරකථන අංකය(- 0112712852
බැංකු ගිණුම් විස්‌තර:- ගිණුම් අංකය (019200190002681 මහජන බැංකුව – දෙහිවල ශාඛාව
ගිණුමේ නම:- ජිනරතන ගිලන් භික්‍ෂු සුවසේවා පදනම
ඉන්ද්‍රජිත් සුබසිංහ

 

http://www.divaina.com/2013/10/27/feature03.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,890 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ