Archive for අගෝස්තු 2011
මුළා නොවන්න, පින හා කුසළය යනු එකක්මය. එපමණක් නොව තවත් වටිනා ධර්ම කරුණුත් අසා දැනගන්න.
Posted අගෝස්තු 21, 2011
on:මෙහිදී පිළිතුරු ලද ධර්ම ප්‍රශ්ණ සියල්ල පහත දැක්වේ
1. පින හා කුසළය යනු දෙකක්ද? එකක්ද?
2. ධර්ම පූජාවට මුදල් කැපද?
3. දානයේ අග්‍ර කොටසට සුදුස්සෝ කවුද?
4. නියම චීවරයක ලක්ෂණ මොනවාද?
5. විදර්ශනා භාවනාව යනු කුමක්ද?
6.මරණින් මතු ගන්ධබ්බ ස්වරූපයක් ඇතිද?
අසා දැනගන්න
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
අද අප අතර බහුලවම වෙසෙන්නේ දවස පුරා කුසල් කරමින් (අප්‍රමාදව) පින් රැස් කරගන්නා උදවිය නොවේ. මුළු ලොවම හිස මත තබාගෙන ගිනිගත් මනසින් යුතුව අකුසලයෙන්ම (ප්‍රමාදව) දවස ගෙවා දමන බහුතරයකි. මෙසේ ගත සිත වෙහෙස කර ගන්නා අය රාත්‍රියේ මැදියම පසු වී හෝ නින්දකට යාමට කිසිසේත් අමතක නොකරයි. මෙහි ප්‍රධානම අරමුණ දවසේ සියළු වෙහෙස සමනය කර ගැනීමයි. නමුත් එම කුඩා නින්ද පවා ඔබට බියකරු සිහින වලින් ගහන වුවහොත්, කිසිසේත් එම බලාපොරොත්තු වූ සහනය නම් ලබා ගත නොහැකි වේ.
දවස පුරා මනසේ ක්‍රියාකාරීත්වය රාත්‍රියේ සිහින කෙරෙහි බලපෑම අමුතු දෙයක් නොවේ. එබැවින් නින්ද අතිශයින් වුවමනා පුද්ගලයාටම එය නොලැබී යාමේ අවධානම ඉතා ඉහල බව තේරුම් ගත හැක.
සිහින පෙනෙන හේතු 4ක් ධර්මයේ සඳහන් වන අතර, අපට බහුලවම පෙනෙන සිහින අනුභූතපුබ්බ (පෙර පුරුදු කථා, සල්ලාප, ක්‍රියා) හේතුවෙන් හටගන්නා මෙවන් සිහින වේ. චිත්ත වීථි හා සිහින අතර සම්බන්ධය අභිධර්මානුකූලව පැහැදිළි කරන ගමන් ධර්මයේ ඇති සිහින සම්බන්ධ බොහෝ රසවත් කරුණු ඔබට පහත ධර්ම පත්‍රිකාවෙන් සොයා ගත හැක.
විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න
ඒකාන්තයෙන් අසත්‍ය වෙන, බහුලවම අපට පෙනෙන මෙම සිහින හුදෙක් අපගේ සුව නින්දට බාදා කිරීම මිසක අපට කරන කිසිම යහපතක් නම් නැත. මෙවන් සිහින නිසා නිකරුනේ හෙම්බත් වූවෙක්, කිසිම සිහිනයක් නොදැක නිදා ගැනීමට ඇත්නම් යයි ප්‍රාර්ථනා කිරීම අමුතු දෙයක්ද නොවේ. අද දවසේ මනෝ වෛද්‍යවරයෙක් හට වුවද එවන් උවමනාවකට නොවරදින බාහිර,අභ්‍යන්තර බටහිර ප්‍රතිකාරයක් ඇතැයි අප කිසිසේත් විශ්වාස නොකරමු.
නමුත් අමා මෑණී ලොව්තුරා බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වීමේ පිනෙන්, කිසිදු සැකයකින් තොරව, ඔබට අවැසි නම් එම සිහින නොදැක නිදා ගැනීමේ භාග්‍ය උදා කර ගැනීමේ මග, දහම තුලින්ම සොයාගැනීමේ වාසනාව අපි සමඟ ඇත. බෞද්ධයන් වශයෙන් අපි මුළු මහත් ලෝකයාටම වඩා කොතරම් වාසනාවන්තදැයි මෙයින්ම තේරුම් ගත හැක.
අති පූජනීය තෙලිකඩ ධම්මිස්සර ස්වාමීන් වහන්සේ විසින් සුමිහිරිව ගායනා ස්වරූපයෙන් පහත සපයා ඇති මහා මෛත්‍රී භාවනාව ඔබ ඔබටම අවංකව, තේරුම සලකමින්, තේරුම අධිෂ්ඨාන කරමින් නින්දට පෙර අඩු තරමින් එක්වරක් හොඳ සිහියෙන් සවන්දී හෝ තමාම සිතින් හෝ මුවින් කියා නින්දට යන්නේ නම් ඔබ කිසිදු සිහිනයක් නොදකිනවා පමණක් නොව. ඔබට සිතා ගැනීමටවත් නොහැකි 11 ක් වූ අතිශය අනර්ඝ, මෙම යොමුවේ සපයා ඇති ධර්ම පත්‍රිකාවේ සඳහන් සියළු ආනිසංස ලැබීමට සුදුස්සෙක් වනවා ඇත. මෙසේ අත්දැකීමෙන්ම පමණක් තේරුම්ගත යුතු, මහා බල සම්පන්න, මහා මෛත්‍රී භාවනාව අදම අරඹන්න . 11 ක් වූ ආනිසංස හරහා සැපත ලඟා කර ගන්න. අත්දුටුවයි, සත්තයි.
02.Myhan Majjhatthika Satta.MP3
08.Sabbe Atthabhava-pariyapanna.MP3
නවතම ප්‍රතිචාර