ධර්ම නිධාන

Archive for අගෝස්තු 2012

කරුණාකර
නිරූපනය නොමිළේ බාගත කිරීම හා දර්ශණය කිරීමට මෙතන ඔබන්න, වඩා විශාලව කියවන්න. සියළු දෙනාට බෙදා හරින්න.

thumb 4

උපාසක වසලයන් වන දේශපාලන සමාජය තුල, රට දැය සමය බෞද්ධ පසුබිමේ රැක ගැනීමට නම් භික්ෂු දේශපාලනය පිරිසිඳුව කරන හෙළ උරුමය පමණක් ප්‍රමාණවත් නොවේ, තව දහසක් බෞද්ධ සංවිධාන අපට උවමනා කරයි. බොදු බල සේනා වැනි දේශපාලන නොවන සංවිධානද අපි හිස මුදුනින් පිළිගෙන බල ගැන්වීමෙන් පමණක් මිසදිටු ගොහොරුවේ ගිලෙමින් යන ලක් පොළොව බේරා ගැන්මට සිංහල බෞද්ධයාට හැකි වනු ඇත.

බොදු බල සේනා

Buddhist Cultural Center
Sambuddhathva Jayanthi Mandira
No 32 & 34, Sambuddhathwa Jayanthi Mawatha, Colombo -05, Sri Lanka.
Tel: 0112 734 256/ 2 728 468 / 2 726 234/ Fax: 2 736 737
Email: bcc456@sltnet.lk, info@buddhistcc.com
site: www.buddhistcc.net
Open all days (including Poya  and Public Holidays) 8.30 A.M. to 9.00 P.M.


බොදු බල සේනා සමුළුවෙන් රජයට යෝජනාවලියක්‌

පසුගියදා පැවැති බොදු බල සේනා මහ සමුළුවේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පහත දැක්‌වේ.

මෙම යෝජනාවලියෙන් 1959 නොවැම්බර් මස ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙස බොදුබල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටී. එම යෝජනාවලිය මෙසේය.

1. ශීS්‍ර ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්‌ථාවේ මෙතෙක්‌ නිර්වචනය කර නොමැති ‘බුද්ධ ශාසනය’ යන්න හා බුද්ධ ශාසනයට ‘ප්‍රමුඛස්‌ථානය දී සුරක්‍ෂිත කොට පෝෂණය කිරීම’ යන්න නිර්වචනය කොට 1959 නොවැම්බර් මස ලංකාණ්‌ඩුව විසින් ප්‍රකාශයට පත් කරන ලද බුද්ධ ශාසන කොමිෂන් වාර්තාවේ ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නීති රෙගුලාසි සම්පාදනය කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නෙමු.

2. තථාගත බුද්ධ වචනයට හා බෞද්ධ සංස්‌කෘතියට මෙන්ම පෞරාණික උරුමයන්ට හානි කරනු ලබන සියලු ප්‍රකාශන හා නිර්මාණ තහනම් කිරීම සඳහා අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුමත කර ඇති බෞද්ධ ප්‍රකාශන නියාමනය කිරීමේ පනත වහා සම්මත කරන ලෙස යෝජනා කරන්නෙමු.

3. දහම් අධ්‍යාපනයෙන් පොහොසත් ශිෂ්ට සම්පන්න, විනයවත්, දරු පරපුරක්‌ බිහි කිරීම උදෙසා,

(ස) ඉරිදා දිනයන්හි ප.ව. 2.00 දක්‌වාත්, පොහොය දිනයන්හි දීත් පෞද්ගලික පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කරන ලෙසත්,

(සස) තෙවරක්‌ කැබිනට්‌ පත්‍රිකා මගින් අනුමැතිය ලැබී ඇති ධර්මාචාර්ය සමතුන්ට රජයේ පාසල්හි ගුරු පත්වීම් නොපමාව ලබා දෙන ලෙසත්, දහම් පාසල් අවසාන විභාගය සමතුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී වරප්‍රසාද ලකුණක්‌ ලබාදෙන ලෙසත්,

(සසස) සියලුම පාසල්වල සිංහල භාෂාව, බුද්ධ ධර්මය හා ඉතිහාසය යන විෂයන් ඉගැන්වීම සඳහා භික්‌ෂූන් වහන්සේලා පත් කිරීමටත්,

(සඩ) ජාත්‍යන්තර පාසල්වල සිංහල භාෂාව, බුද්ධ ධර්මය හා ශ්‍රී ලංකාවේ ඉතිහාසය ඉගැන්වීම අනිවාර්ය කිරීමටත්, කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නෙමු.

4. ශ්‍රී ලංකාවේ සිංහල ජනගහන ප්‍රතිශතය පහත හෙළීම සඳහා ‘පුංචි පවුල රත්තරන්’ යන පවුල් සැලසුම් කිරීමේ සංකල්පයට මුවා වී දැය නසන සියලු බලවේගවලින් ජනතාව ආරක්‍ෂා කර ගැනීම සඳහා,

රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකරනු ලබන සියලුම ආකාරයේ වන්ද්‍යාකරණ ව්‍යාපෘතීන් වහා නවතා දැමීමත්, ඒ සඳහා වෛද්‍යවරුන්ට හා රෝහල්වලට ගෙවනු ලබන සියලුම ගෙවීම් නවතා දැමීමටත්, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක රාජ්‍ය හා රාජ්‍ය නොවන සියලු ආයතන මසක්‌ ඇතුළත වසා දැමිය යුතු බවටත්,

ශ්‍රී ලංකාවේ පවුල් සංස්‌ථාව අර්බුද රාශියකට ලක්‌කරන ශ්‍රී ලාංකික කාන්තාවන් විදේශීය ගෘහ සේවය නමින් වූ වහල් සේවය සඳහා යෑවීම තහනම් කොට ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, රජයට යෝජනා කරන්නෙමු.

5. ශ්‍රී ලංකාවේ ශිෂ්ටාචාරය හා සංස්‌කෘතිය ගොඩනැගූ ඓතිහාසික ජාතිය සිංහල බෞද්ධ වන අතර ඔවුන්ගේ සියලු අයිතිවාසිකම් හා අනන්‍යතාවන් රෝම ලන්දේසි ඉංගී්‍රසි නීතිය යටතේ ගැටලු සහගත තත්ත්වයකට පත්ව ඇති හෙයින් උපත්, විවාහ, ඉඩම් ඇතුළු සිවිල් කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සියලු දෙනාටම පොදු හා සාධාරණ වූ රටට ගැලපෙන ඒකීය නීති පද්ධතියක්‌ ස්‌ථාපිත කිරීමට කටයුතු කරන ලෙස රජයට යෝජනා කරන්නෙමු.

ශ්‍රී ලංකාව බෙදා වෙන් කළ නොහැකි, ඒකීය දේශයක්‌ වන අතර එය ජනවාර්ගික, භාෂාමය හෝ ආගමික පදනමක්‌ මත බෙදා වෙන් කළ නොහැක්‌කේය යන පදනම මත ජනවාර්ගික, භාෂා හෝ ආගමික පදනමක්‌ පදනම් කරගෙන දේශපාලන ඉල්ලීම් කිරීම තහනම් කිරීමට කටයුතු කිරීමටත් රජයට යෝජනා කරන්නෙමු.

http://www.divaina.com/2012/08/06/news16.html

තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ට ලබා දුන් ප්‍රචාර අපිට කියා පෑවේ එය සම්පූර්ණ රජයේ වියදමින් කල එකක් බවයි. නමුත් තිත්ත ඇත්ත එය නොවේ. අති පූජණීය කිරම විමලජෝති හිමිපාණන්ට බැංකුවලින් කෝටි ගණනින් ණය බර ඉපදවූ එම සත්ක්‍රියාව ට අඩු තරමින් භූමිය පවා රජයෙන් සපයා අත්තේ හුදෙක් 30 අවුරුදු බද්දකට බව අපි වගකීමෙන් යුතුව පවසා සිටින්නේ අති මහත් ධර්ම සංවේගයෙනි. මුළුමණින් බුදුන්ට අනේක වර පූජා වූ මේ පින්බිම තුල සම්බුදු පියාණන්ට තෙමගුල දා පිදුනේ ණයට ගොඩනගා බද්දට යටත් වූ මන්දිරයක් වීම අපට දරාගත නොහැකි සංවේගයකි.

ලොව පුරා බොදුනුවනී බුදු පියානන්ගේ එම මන්දිරය නිදහස් කර දීමට ඔබට එක් විය හැකිද? එසේ නම් අති පූජණීය කිරම විමලජෝති හිමිපාණන් ට සහය වන්න.

 

අති පූජණීය කිරම විමලජෝති හිමිපාණන්

Buddhist Cultural Center
Sambuddhathva Jayanthi Mandira
No 32 & 34, Sambuddhathwa Jayanthi Mawatha, Colombo -05, Sri Lanka.
Tel: 0112 734 256/ 2 728 468 / 2 726 234/ Fax: 2 736 737
Email: bcc456@sltnet.lk, info@buddhistcc.com
site: www.buddhistcc.net
Open all days (including Poya  and Public Holidays) 8.30 A.M. to 9.00 P.M.


සසුන වනසන මිත්‍යා බලවේග

පසුගිය ජුලි 26 වැනි බ්‍රහස්‌පතින්දා “දිවයින” පුවත්පතෙහි 08 පිටුවෙහි ඉතා වැදගත් ලිපියක්‌ පළවිය. එහි සිරස්‌තලය වූයේ “සිරිවර්ධනලා ගස්‌ බැඳීමෙන් පමණක්‌ බෞද්ධ විරෝධී ක්‍රියාන්විතය නිෂ්ක්‍රීය කළ හැකිද? යන්නයි. ලිපිය කියවීමටත් පෙර නෙත් යොමු වූයේ ලිපිය කෙලවරටය. ඊට හේතුව එහි රචකයා කවුරුන්දැයි හඳුනා ගැනීමයි. නම ලියෑවී තිබුණේ චමිල ලියනගේ නමිනි. නම කියවුනු සැනින් සතුටක්‌ මෙන්ම කනගාටුවක්‌ද ඇති විණි. සතුටට හේතුව බෞද්ධ සමාජය තුළ අභීතව අදහස්‌ පළ කරන තරුණයකු (මා සිතන පරිදි ඔහු තරුණයෙකි) සිටීම ගැනය. එහෙත් දුකට හේතු වූයේ අදාළ ලිපිය කෙලවර භික්‍ෂුන් වහන්සේ නමකගේ නමක්‌ නොලියවීමයි. මන්දයත් මෙකී නිර්භය අදහස්‌ සමාජය බලාපොරොත්තුවන්නේ බොහෝ විට භික්‍ෂුවකගෙන් වනු නිසාය.

කෙසේ හෝ දැන් සියල්ල සිදුවී හමාරය. චමිල සාකච්ඡාවට ලක්‌කරන ප්‍රස්‌තුතය වත්මන් සමාජයේ මාධ්‍ය ක්‍ෂේත්‍රය තුළ හොඳම කටගැස්‌මය. අනිකුත් බොහෝ මාධ්‍ය වලට තලුමර මරා සපා කෑ හැකි අදාළ ප්‍රශ්නය චමිල දකින්නේ නවමු ආකාරයකින්ය. පසුගියදා වඳුරඹදී ඇතිවූ සිදුවීම මුල් ප්‍රශ්නය සේ පෙනුනද චමිල ඒ හා බැඳුණු මාධ්‍ය තුළින් පවා නොදුටු කරුණු රැසක්‌ විවරණය කරයි. වත්මන් ලාංකීය ආගමික පරිසරය කෙරෙහි සමස්‌ත ගිහි සමාජය මෙසේ පූර්ණ අවධානයකින් පසුවේ නම් කෙතරම් අගනේද? එහෙත් අවාසනාවට ගිහි නොව පැවිදි සමාජය පවා සමස්‌තයක්‌ ලෙස එසේ අවධානයකින් පසු නොවන කල ගිහි සමාජය ගැන කතා කවරේද? (වාසනාවට චමිල වැන්නවුන් ද අපි අතර සිටී)

ඔහුගේ අදාළ ලිපියෙහි සමස්‌ත සාරාංශය තුළ ඇත්තේ බුදු දහමට හානි කරන්නේ වඳුරඹ සිරිවර්ධනලා පමණක්‌ නොව එවන් “සිරිවර්ධනලා (ගිහි පැවිදි) රැසක්‌ අප අතර සිටින බවයි. ඒ අනුව එක්‌ සිරිවර්ධනයකු පමණක්‌ ගස්‌ බැඳීමෙන් සමස්‌ත ගැටලුවට නිසි විසඳුමක්‌ නොවන බවමය.

චමිලගේ අදහසට අපද දැතම ඔසවමි. එහෙත් වඳුරඹ සිරිවර්ධනට එරෙහිව බොදු බලසේනා නම් සංවිධානය ගෙන ගිය සටන මොහොතකට හෝ අපි හෑල්ලු නොකරමු. මන්දයත් අද චමිලලා පවා මෙවන් ලිපියක්‌ ලියන්නට පෙළඹවූයේ ඔවුන් ගත් පියවරෙහි ඵලයක්‌ ලෙසිනි. එපමණකුදු නොව උත්තරීතර මල්වතු මහනාහිමියන්ට ජනපතිතුමා වෙත (අනෙක්‌ මහනාහිමිවරුන් තවමත් එවැනි ඉල්ලීමක්‌ කළ බවක්‌ වාර්තාවී නොමැත) ලිපියක්‌ යවන්නට සිත් පහළ වන්නේද එහි ඵලයක්‌ ලෙසිනි. තවත් එවන් විරෝධී ක්‍රියාවල නිරතවන තවත් ගිහි පැවිදි සිරිවර්ධනලා සිය ඔලුව පමණක්‌ හෝ සඟවා ගැනීමට කුරුබිල සොයන්නේද ඔවුන්ගේ උත්සාහයේ ඵලයක්‌ ලෙසිනි.

එහෙත් චමිල ගොඩනඟන තර්කය ඉතා සාධාරණය. බුදුසමය හා ශාසනය වැනසීම සඳහා ක්‍රියාත්මක දෘශ්‍යමාන සහ අදෘශ්‍යමාන සිරිවර්ධනලා රැසකි. ඔවුන්ගෙන් ඇතැමෙක්‌ සසුන තුළද ඇතමෙකු සසුනෙන් පිටද සැරිසරති. වඩාත් භයානක සසුන තුළ සැරිසරන වැඩකාරයන්ය.

2005 වසරෙන් එපිට අප රටේ ක්‍රියාත්මක බෞද්ධ විරෝධී බලවේග අපට ඉතා පහසුවෙන් හඳුනාගත හැකිව තිබුණා. මන්දයත් ඔවුන් බොහෝ විට ක්‍රියාත්මක වූයේ අන්‍යාගමිකම සහිත බෞද්ධ විරෝධී බලවේග ලෙසිනි. එහෙත් 2005 න් පසු තත්ත්වය ඉතා භයංකර වෙනසකට ලක්‌ව තිබුණා. බෞද්ධ නාම ගෝත්‍ර වාසගම් පමණක්‌ නොව බෞද්ධ දර්ශනයද උපයෝගී කර ගනිමින් ඉතා සියුම් ලෙස බලවේග ක්‍රියාත්මක වන්නට වීමයි. ඔවුහු විටෙක සුපැහැදිලි බෞද්ධ ගිහියෝ වූහ. විටෙක සුපැහැදිලි පැවිද්දොa වූහ. මේ දෙපිරිසම වඩාත් භයානක චරිතම වූහ. ජන වහරෙන් කියන්නේ නම් බුදු දහමේ ඉහඳ පණුවෝ වූහ. දහම හා සසුන තුළ රැඳෙන බව පෙන්වමින් ඒ දෙකම වසන්නට පටන් ගත්හ. ඔවුන් පෙනී සිටියේ අමුතු නම් වලින් නොව බෞද්ධයන් හා ඉතා හුරු පුරුදු ලෝකෝත්තර වචනය වරදවා තේරුම් නොගනු මැනවි) වචන වලිනි. විටෙක සෝවාන් වූහ. විටෙක අනාගාමී වූහ. විටෙක මෛත්‍රි බුදුන් වූහ. බුදුන් උපන් දේශය වෙනස්‌ කළහ. විටෙක පටිච්ච සමුප්පාදය ත්‍රිලක්‍ෂණය (චමිලගේ ලිපියෙහි සිවුර වෙනස්‌ කළ හැටි දැක්‌වූවා සේ) වැනි ලොවුතුරු වදන් සඳහා නව අර්ථ කථන ගෙනහැර දැක්‌වූහ.

සමස්‌තය කෙතරම් දැයි ගතහොත් බෞද්ධයා අන්දමන්ද වූහ. බෞද්ධයා පමණක්‌ නොව මෙරට උගත් ධර්මධර භික්‍ෂූන් පවා නිරුත්තර වූහ. මුල් බුදුසමය උගත් ඇතැම් විදුදරුවන් අපට වැරදුනාවත්දොaයි විපිළිසර වූහ. එසේ වත්දී ඉහත කී උන් පාලුගෙයි වළං බින්දහ. කෙසේ හෝ මෙකී සියලු ආගමික ව්‍යාකූල තත්ත්වය මැද අප 2600 සම්බුද්ධත්ව ජයන්තිය උත්සව ශ්‍රීයෙන් සැමරුවෙමු. ඒ දවසකින් දෙකකින් නොව වසරක්‌ පුරාමය. උපදේශක සභා පත්කෙරිණි. කමිටුද, අනු කමිටුද, අනු අනු කමිටුද, ශාඛා ප්‍රශාඛාද බිහිවිනි. රාජ්‍ය භාණ්‌ඩාගාරයෙන් මුදල්ද පොම්ප කෙරිණි. පන්සලක්‌ පාසා චක්‍රලේඛ නිකුත් කෙරිණි. ඒවායේ වගන්ති බොහෝය.

ඔය අතරතුර උත්තරීතර කමිටුව වටිනා යෝජනාවක්‌ ගෙන ආවේය. ඒ ඉරිදා උදේවරුව හා පොහෝය දින ටියුෂන් නතර කරමු. දරුවන්ට දහම් පාසලට පන්සලට යන්නට ඉඩ හරිමු යනුවෙනි. යෝජනාවට අප දන්නා තරමින් කැබිනට්‌ටුව දක්‌වාම ගියේය. දැන් සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය සමරා අවසන්ය. එහෙත් ඉරිදා ටියුෂන්, පොහෝදා ටියුෂන් එසේම ඇත. දහම් පාසල්හි ඉහළ ශේ්‍රණිවල දරුවන්නම් නැත.

උත්තරීතර කමිටුව සුවසේ සැනසෙති. වගකිවයුතු රාජ්‍යතාන්ත්‍රිකයෝ සුවසේ හිඳිති. ඒ අතරතුර ජනාධිපතිපතිතුමන් අස්‌ගිරි විහාරයේ 700 සැමරුමේදී මහ සඟරුවනින් බැගෑපත් ආයාචනයක්‌ද කරයි. “හාමුදුරුවනේ අපේ දරු පැටවු ටික හදාලා දෙන්න, හාමුදුරුවන්ට වැඩේ අමාරු නැත. ප්‍රශ්නය ඇත්තේ හදන්න දරුපැටවුන් පන්සලට ගෙන්න ගන්නේ කෙසේද යන්නයි. ඉරිදා වරුවවත් හෝ ටියුෂන් නතර කර හාමුදුරුවනේ දැන්වත් මේ ළමයින් ටික හදල දෙන්න යෑයි එතුමන් කීවානම් කෙතරම් අගනේද?

2500 බුද්ධ ජයන්තිය අවසානයේ අප උරුම කර ගත් වටිනා දායාද දෙකක්‌ ඇත. එනම් ත්‍රිපිටකය නැවත මුද්‍රණය හා වෙසක්‌ පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක්‌ කර ගැනීමයි. එහෙත් 2600 සම්බුද්ධත්ව ජයන්ති සැමරූ අපට තව අවුරුදු 10 කින් ඊළඟ පරපුරට පෙන්නන්න යමක්‌ ඉතිරිව තිබේද? ඇත්නම් ඇත්තේ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය පමණි. (කිරම විමලජෝති හිමියන් ස්‌වශක්‌තියෙන් පිහිටවූ)

සම්බුද්ධත්ව ජයන්තිය සැමරූ මොහොතක මෙරට ශාසන සෝධනයක්‌ ඇති කර දුර්මතධාරීන් දුරුකරන්නට ලැබුණු මහඟු අවස්‌ථාවකි. එහෙත් දුර්මත සමාජ පද්ධතිය කරා වැඩියෙන්ම සම්ප්‍රේෂණය වූයේ මේ කාලවකවානුවේදීය.

සම්බුද්ධත්aව ජයන්තිය සමරා මොහොතකින් එවන් සිදුවීම් අහඹුවක්‌ ලෙස සැලකිය නොහැකිය. තවද ඒවා පතුරවන සබ්බග්ගීන්ගේ අතීත තොරතුරු හාරා බලන කල ඔවුන් මූලබීජය ඉතා සැක සහිතය. ලාංකීය ථෙරවාදී බුදුසමය හා අපේ ශාසනය සුපිරිසිදු කර ගන්න තිබූ කදිම අවස්‌ථාවක්‌ ශාසන භාරධාරීන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් පැහැර හැරියා යෑයි යන්න මතු පරපුරෙන් නැගෙන අනාගත චෝදනාවෙන් නම් අපට කිසිදිනෙක ගැලවිය නොහැකි වනු ඇත.

වඳුරඹ සිරිවර්ධන යනු එක්‌ හුදු පුද්ගල චරිතයක්‌ පමණක්‌ නොවේ. ඔහු වටා අප සමාජ පද්ධතියෙහි අප නොසිතන බොහෝ ක්‍ෂෙත්‍රවල අඩුපාඩු විහිදවූ බලවේග අදෘශ්‍යමානව ඇත. මීට කදිම නිදසුනක්‌ පවසමි. මතුගම ප්‍රදේශයේ වෙසෙන අති ඉන්ද්‍රිය බල ලාභියයි කියා ගන්නා කෙනෙකු පිළියන්දල ප්‍රදේශයේ කරන්නට ගිය ආගමික මිත්‍යා මෙහෙයක්‌ අපද මැදිහත්ව වැළැක්‌වූ කල්හී ඊට එරෙහිව බලපෑම් කරන්නට කතා කළ අයවලුන් අතර නම් දැරූ විනිසුරුවරුවෝද නීතිඥයෝද, නියෝජ්‍ය පොලිස්‌පතිවරයෝද වූහ. (සාක්‍ෂි ඇත) එසේනම් සිරිවර්ධන යනු හුදකලා එක්‌ චරිතයක්‌ වන්නේ කෙසේද?

සියල්ල එසේය. චමිල මහමෙවුනාව ගැන පැවසුවාසේම මතු දිනක අපට ත්‍රිපිටකයට මහා වංශයටද ආයුබෝවන් කියන්නට සිදුවනු ඇත. මන්ද දැන් ජනප්‍රිය වදන බුදුන් උපන් දේශය ගැනය. මෙතෙක්‌ අදහස වූ දඹදිව ජම්බුද්වීපය හෙවත් ඉන්දියාව නොව ලංකාවය. මහමෙව්නාව ගැන අසන ප්‍රශ්නයේදී ව්‍යාකූල වන දරුවන්ගෙන් මතු යම් දිනෙක බුදුන් උපන් දේශය කොහේදැයි අසුවහොත් කරකවා අත්හැරියාසේ දැනෙනු ඇත.

අපේ ත්‍රිපිටකය හා ඉතිහාසය (මහාවංශය) මතු යම් දිනෙක උපදින පරපුරෙහි කාලකණ්‌නි සැකයකට බඳුන් වුවහොත් අභිමානවත් ලෙස ලෝකයට කියා පාන්නට ඉතිරිවන්නේ කුමක්‌ද? මෙකී මිසදිටුවන් අර අදින්නේ මේ සැකය ඇති කරවන්නට නොවේද? සියල්ල එසේ වෙද්දී බහුතර සංඝ සමාජය විසින්ද අවධානයට ගතයුතු වැදගත් කරුණක්‌ වේ. එනම් අප අතරම ඇති අනවරත තරගයෙන් අප ඈත්වී භික්‍ෂුව සතුව ඇති සසුන් බර වගකීම වහා වටහා ගත යුතු කාලය එළඹ ඇත. අද අපේ බොහෝ පන්සල් අතර ඇත්තේ තරගයකි. ලක්‌දිව උසම පිළිමය, මහතම පිළිමය, දිගම පිළිමය, උසම චෛත්‍යය, උසම ගණ්‌ඨාව, උසම වාහල්කඩ ආදී වශයෙන් ලොකුම දේ කරන්නට ගොස්‌ අහිංසක බොදුවන් තව තවත් පෙලන්නට පටන්ගෙන ඇත. ඒ මදිවාට පෙරහැරද තරගයකි. පෙරහැරක අගනාකම මනින්නේ අලි ඇතුන් ගණනිනි. අලියකුගේ වටිනාකම හැටපන්දහසකි. බිල වැටෙන්නේ අමාරුවෙන් යමක්‌ උපයාගත් අපේම අහිංසක බෞද්ධයකුගේ පොකැට්‌ටුවටය. අද බොහෝ බොදුවන්ට පන්සල් දකින විට දුවන්නට සිත් දී හමාරය. එපමණක්‌ නොව දහම් පාසල් අතරද තරගයකි. හොඳම දහම් පාසල, ජනප්‍රිය දහම් පාසල, දක්‍ෂතම දහම් පාසල, තෑගි දෙන දහම් පාසල ආදී විවිධ කරුණු ඔස්‌සේ දහම් පාසල් වෙන්වී හමාරය. ප්‍රතිඵල භයානකය. මන්ද දහම් පාසල් හෙවනේ රැඳෙන්න අපේම බොදු දරුවන් කුඩා කල සිටම ඊර්ෂ්‍යාව තරහව වෛරය හදවතට ළංකරගෙන හමාරය.

චමිලගේ ලිපිය තුළින් පැහැදිලි කරන ලද කරුණු සහ අපගේ මෙම ලිපිය තුළින් ගෙන හැර දැක්‌වූ මෙකී කරුණු කෙරෙහි වගකිව යුතු කාගේ කාගේත් කාරුණික අවධානය යොමු වුවහොත් එය අනාගත ශාසනාභිවෘද්ධියට හේතු වනු නොඅනුමානය.

ශාස්‌ත්‍රවේදී, පූජණීය ගොම්බද්දල දමිත හිමි

http://www.divaina.com/2012/08/04/feature02.html

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

මෙම දහම් ලිපිය ලිවීමට අපට සිත්වූයේ නාලක නම් උපාසක මහතෙක් විසින් ප්‍රතිචාර ඔස්සේ කරන විමසීමක් නිසාය. ධර්ම නියාමය සම්බන්ධ අපගේ ලිපියට ඒ මහතාගේ පැනයට අපි පිළිතුරු සැපයූ නමුත් ඒ මහතා තව දුරටත් පහත පැණය යොමු කර සිටී. ඒ මහතාගේ උනන්දුව තව බොහෝ දෙනෙකුට සෙත සැලසිය හැකි බැවින් පිළිතුර වෙනම ලිපියක පළ කිරීමට තීරණය කලෙමු.

පැණය:

පැහැදිලි කිරීමට පින්, නමුත් ඉර පැයීම – බැසීම, මුහුදු සුලන් – ගොඩ සුලන් සෘතු නියාමය යටතට පත් කලත් ගුරුත්වාකර්ෂණය වැනි දේවල් එයට යටත් කරන්නේ කෙසේද ? සෘතු කාලය හා අවකාශය සම්බන්දිත වෙනස් කම් වන අතර එසේ නොවන දේවලුත් එය තුලට ඇතුලත් කිරීම නිවැරදිද?

අපගේ පිළිතුර: 

ගුරුත්වාකර්ෂණය යනු හුදෙක් ස්වභාවිකව පවතින වස්තූන් (ස්කන්ධ ) දෙකක් අතර ක්‍රියාත්මක වන ලෙස විද්‍යාවෙන් හඳුනාගත් බලයක් පමණි. මෙහි එක් ස්කන්ධයක් මහ පොළොව වන අතර අනික් ස්කන්ධය මිනිසෙක් හෝ ඇපල් ගෙඩියක් ලෙස දැක්විය හැක.

ගුරුත්වාකර්ෂණයට ඍතුවේ ඇති සම්බන්ධය තේරුම් ගැනීමට නම් අපි එම ඕනෑම ස්කන්ධයක පරමාර්ථ ස්වභාවයටම එබී බැලිය යුතුය. ඕනෑම අචේතනික වස්තුවක කුඩාම ඒකකය විද්‍යාවට අනුව නම් ඉතා දළ මට්ටමක පවතින පරමාණුය, අති ගාම්භීර සම්බුද්ධ ඉගැන්වීම අනුව බැලූ කල එම පරමාණුවේ න්‍යෂ්ඨිය නම් කොටස පවා රූප කලාප දහස් ගනනක සංයුතියක් සේ තේරුම් ගත හැක. එවන් එක් රූප කලාපයක් සැලකූ විට කිසි අයුරකින් වෙන්කල නොහැකි සංඝටක 8කින් සෑදී ඇති අතර ඒවාට ශුද්ධාෂ්ඨකය යන කෙටි නම භාවිත වේ. එහි සංයුතිය පවා පැහැදිළිව දේශනා කර ඇති අතර එම කොටස් 8 මෙසේය

1. පඨවි
2. ආපෝ
3. තේජෝ
4. වායෝ
5. වර්ණ ( සියළුම රූප වලින් ඇසට ගෝචර වන එකම රූප වර්ගය )
6. ගන්ධ
7. රස
8. ඕජා (මෙයට ආහාර රූපය කියාද කියයි )

ඉහත දැක්වෙන්නේ 28 රූපය යටතේ ඉගැන්වෙන රූප 8කි, මෙහි සඳහන් නොකරන තවත් රූප 20 ක් සචේතනික වස්තු සැලකූ විට පැහැදිළි කල හැක.

උදාහරණයක් ලෙස දොඩම් ගෙඩියක් ගත් විට එහි තද ගතිය පථවි සංඝටකය නිසා උපදී, එහි ඇති දියර ගතිය, ආපෝ සංඝඨකය නිසාත්, දොඩම් ගොඩක් එකට ගොඩ ගැසූ විට ප්‍රකට වන උණුසුම ( මෙය බොහෝවිට ප්‍රකට නොවන නමුත් අනිවාර්ය සංඝඨකයකි ) එහි තේජෝ සංඝඨකය නිසාත්, පුෂ්ටිමත් පිම්බුන ස්වභාවය වායෝ සංඝඨකය නිසාත් බව පහසුවෙන් තේරුම් ගත හැක. ඉන්පසු දොඩම් වර්ණය “වර්ණ” සංඝඨකය නිසාත්, දොඩම් සුවඳ “ගන්ධ” සංඝඨකය නිසාත්, දෙඩම් රසය “රස” සංඝඨකය නිසාත්, දොඩම් ආහාරයට ගත් විට අප ශරීරයට අවශෝෂණය වන ගුණය “ඕජා” ( ආහාර ) සංඝඨකය නිසාත් බව සරලව තේරුම් කල හැකිය.

දොඩම් පමණක් නොව කළු ගලක් සැලකූ විටද මේ කොටස් අට ඊටම ආවේනික ආකාරයකින් එහි පවතී. බොහෝ දෙනෙක්ට එය තේරුම් ගත නොහැක්කේ සියළු සංඝඨක දොඩම් ගෙඩියක් මෙන් තම ඉන්ද්‍රියන්ට ප්‍රකට නොවීම නිසාය. තමන්ගේ ඉන්ද්‍රියන්ගේ හැකියාවෙන් පමණක් ළොවම තේරුම් ගැනීමට උත්සාහ කිරීමේ අවාසනාව මෙයයි.

සචේතනික දේ හෙවත් පණ ඇති ජීවීන් සැලකූ විට ශරීරයේ ඇති රූප කලාප ඉපදෙමින් පැවැත්ම පිණිස ප්‍රත්‍ය 4ක් අවශ්‍ය වේ. ඒවා කර්ම, චිත්ත, ඍතු, ආහාර ලෙස හඳුනාගත හැක. එනමුත් අචේතනික දේ වන, සිතක් චෛතිසිකයක් සම්බන්ධ නොවන ගස් ගල් සැලකූ විට ඒවායේ රූප කලාප ඉපදෙමින් පැවැත්මට අවැසි වන්නේ එකම එක දෙයකි, එය නම් “ඍතු” වයි. අඩංගු රූප කලාප වලට ඍතුජ රූප කලාප යැයි කියන අතර ඉහත සංඝටක 8 පමණක් එහි අන්තර්ගත වේ.

දැන් අපි ගුරුත්වාකර්ෂණය දෙස නැවත හැරී බලමු. අචේතනික වස්තු දෙකක් මොහොතකට සලකමු. හුදෙක් පොළොව නම් “ඍතුජ” රූප කලාප ගොඩට තවත් “ඍතුජ” රූප කලාප සමූහයක් දක්වන ආකර්ෂණ බලය මේ රූප කලාප කිසිවක් ගැන හසරක් වත් නොදන්නා විද්‍යාවට  ගුරුත්වාකර්ණය බවට පත්වී ඇත. පොලොවට ඇද ගන්නා ඇපල් ගෙඩියක් , ගලක් වෙනුවට අපි සතෙක් , මිනිසෙක් සලකමු, සචේතනික මේ අයගේ ඝන ශරීර වල ප්‍රත්‍ය 4න්ම හට ගන්නා රූප කලාප විවිධ සංයූතීන් ලෙස ඇති නමුත්, 99.9% ක්ම රූප කලාප ඍතුජ රූප කලාප බව අති ශ්‍රේෂ්ඨ අභිධර්මාචාර්ය උතුමෙක් වන රේරුකානේ මාහිමි පැහැදිලිව සිය පොත් වහන්සේ තුල ( අභිධර්මයේ මූලික කරුණු, පිට 156 )  විස්තර කර ඇත. සත්වයෙක් ගේ 100% ක්ම ශරීර රූප කලාප ඍතුජ රූප කලාප බවට පත්වීම සිද්ධ වන මොහොත එම සත්වයා ප්‍රාණය නිරුද්ධ කරන මොහොතයි.

ඉහත විස්තර සියල්ලෙන්ම අපි පැහැදිලි කිරීමට උත්සාහ ගත්තේ ඔබට සම්බන්ධයක් සොයාගැනීමට අපහසු ඍතුවට ගුරුත්වාකර්ෂණයේ ඇති සම්බන්ධය පැහැදිළි කිරීමටයි. ඍතුව නොමැතිව සචේතනික හෝ අචේතනික ස්කන්ධයක් හට ගත නොහැක. ස්කන්ධ දෙකක් නොමැතිව ගුරුත්වයක් හට ගත නොහැකිය. මේ නිසා ගුරුත්වාකර්ෂණය පමණක් නොව, අනෙක් නියාම ධර්ම 4ට ඇතුලත් නොවන ඔබ සඳහන් කල/නොකල සියළු දේ අයත් වන්නේ ඍතු නියාමයටම බව මෙයින් පැහැදිළි වන්නේය. ලොව තත්වාකාරයෙක් තේරුම් ගැනීමට අවැසි නම් ඔබ අපි කවුරුත්, අතිශය ප්‍රාථමික විද්‍යාව පසෙක තබා අභිධර්මය උගත යුතු වන්නේය.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,890 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ