Archive for the ‘තිලංග සුමතිපාල’ Category
- In: ආර්. ජී. සමරනායක | ජනක තෙන්නකෝන් බණ්‌ඩාර | තිලංග සුමතිපාල | තිළිණ බණ්‌ඩාර තෙන්නකෝන් | දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ | දුමින්ද දිසානායක | ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් | පින්කම් | මර්වින් සිල්වා | රාජිත සේනාරත්න | සාලින්ද දිසානායක | සාසන ආලයෙන් යුතුව ද්‍රෝහී දේශපාලකයන් ප්‍රතික්ෂේප කිරීම
- 1 Comment
මේ දහම් දිවයිනේ අද වැඩ සිටින මහා නායක හිමිවරුන්ගේ ක්‍රියාකලාපය ඉතාම නිද්‍රාශීලී හා කණගාටුදායක බව රහසක් නොවේ. එය තවත් තහවුරු කල පුවතක් සේ අප වැරදියට දුටුවේ දූෂිත ඇමතියෙක් හා ඔහුගේ සගයින් මැවූ පහත පුවතයි.
භික්‍ෂුන් වහන්සේ නමක් මට විරුද්ධව කළ ප්‍රකාශයට මා ගන්නා ක්‍රියා මාර්ගය මහානායක ස්‌වාමීන් වහන්සේ අනුමත කළා
– ඇමැති රාජිත සේනාරත්න
සිරිල් විමලසුරේන්ද්‍ර
භික්‍ෂුන් වහන්සේ නමක් මට විරුද්ධව කළ ප්‍රකාශ ගැන මහානායක ස්‌වාමීන් වහන්සේට පැහැදිලි කර ඒ ගැන ගන්නා ක්‍රියා මාර්ගයද පැහැදිලි කළ විට මගේ ක්‍රියා මාර්ගය මහා නායක ස්‌වාමීන් වහන්සේ අනුමත කළා යෑයි ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අස්‌ගිරි මහා විහාරයේ දී පෙරේදා (13 වැනිදා) මාධ්‍යයට පැවසීය.
භික්‍ෂුන් වහන්සේලාගේ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් තමන් වහන්සේ දැඩි ලෙස ක්‍රියා කරන බව මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ පැවසූ බවද ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.
ඇමැති රාජිත සේනාරත්න මහතා මාධ්‍යයට එසේ පැහැදිලි කළේ අස්‌ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැක කරුණු සාකච්ඡා කිරීමකින් පසුවය.
ඇමැතිවරයා සමග පැවති සාකච්ඡාව මාධ්‍යයට විවෘත නොවීය.
තමන් මුහුණපා සිටින තත්ත්වය පිළිබඳ සෙසු මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේද දැනුවත් කරන ලෙස අස්‌ගිරි නාහිමියන් උපදෙස් දුන් බවද ඇමැතිවරයා මෙහිදී පැවසීය.
ඇමැති රාජිත සේනාරත්න මහතා මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැදකිමින් සිටි අවස්‌ථාවට සහභාගි වුණු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතාද මාධ්‍යයට අදහස් දැක්‌වීය.
භික්‍ෂුන් වහන්සේ නමක් අපහාස සිදුකර තිබෙන්නේ රාජිත සේනාරත්න ඇමැතිවරයාට පමණක් නොව සියලු ඇමැතිවරුන් වෙතටයි. බුද්ධ පුත්‍රයන් ලෙස වැදගත් ලෙස කතාබස් කළ යුතුයි. අරුන් මුන්, තෝ බොල කියා කතා කිරීම සුදුසු නැහැ. එහෙම කතා කරන්නේ හැබිචෝල්කාරයෝ.
ජනක බණ්‌ඩාර තෙන්නකෝන්, සාලින්ද දිසානායක, දුමින්ද දිසානායක යන ඇමැතිවරුද, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාද, තිළිණ බණ්‌ඩාර තෙන්නකෝන්, ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් (පළාත් සභා අමාත්‍ය) සහ ආර්. ජී. සමරනායක යන පළාත් සභා මන්ත්‍රීවරුද මෙම අවස්‌ථාවට සහභාගි වූහ. තම උපන්දිනය නිමිතිකොට මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට පැමිණි අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සහ මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාද මොහොතකට පෙර පිටවී ගියහ.
ඇමැති පිරිස පෙරේදා (13 වැනිදා) සවස මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ බැහැ දැකීමට ද ගියහ.
http://www.divaina.com/2014/08/15/news15.html
අඩු තරමින් බෞද්ධයෙක් හෝ නොවන, මේ නින්දිත ජාවාරම් කාර ඇමතියා එකල කොටි ත්‍රස්ථයන් වෙනුවෙන් පෙනීසිටි, උන්ට උදව්කල පාපතරයෙකි. අද දින සසුනේ පරම හතුරන් වන මුස්ලිමුන් ගේ කුමණ්ත්‍රණ වෙනුවෙන් ඇප කැප වී ඇති අයුරු ඔහුගේ අතීතය හා හොඳින් ගැලපේ.
මුස්ලිම් ත්‍රස්ථ සංවිධාන කප්පරක් ඇති මෙරටේ තවත් එක් නායක චරිතයක් වන ජාතික ෂූරා සභාව හා එක්ව මේ ඇමතියා කරන කුමණ්ත්‍රණ පිළිකුල් සහගතය. කෙසේ වුවද මේ ඇමතියා හා ඔහු පිටුපස වැටුනු සුනඛ ඇමති රැල නිවැරදිව හඳුනා ගැනීමට අවධියෙන් සිටින ජනතාවට හැකි වී තිබේ. අප පෙන්වා දෙන්නේ එම සුනඛ ගති ඇති දුර්දාන්තයන් විසින් කල තවත් අහස පොළොව නුහුලන පාප කර්මයක් පුවත් තුලින්ම හෙළි වූ අයුරුයි. මේ අසත්පුරුෂයන් රැල ඉහත අමූලික බොරු ප්‍රවෘත්තිය නිකුත් කර ඇත්තේ රටක් රවටා තම පිළිකුල් සහගත ක්‍රියාමාර්ග රටට ඉදිරිපත් කිරීමට බව පහත පුවත කරන හෙළිදරව්ව ඔවුන් පවට ඇති බිය හා පවට ඇති ලැජ්ජාවේ තරම කුමක්දැයි මොනවට කියා පායි. මෙවන් අධාර්මිකයන් ඇමතියන් වූ රටකට තිස්තුන් කෝටියක් දෙවියන්ගේම පිහිට පමණි.
මහනාහිමිවරුන් බැහැ දැකීමට යන බොහෝ
දේශපාලකයින් එළියට ඇවිත් කියන්නේ බොරු
මැදගම ධම්මානන්ද හිමි
සිරිමන්ත රත්නසේකර
මහනායක හිමිවරුන් බැහැ දැකීමට යන බොහෝ දේශපාලනඥයින් උන්වහන්සේ අනුශාසනා කළේ යෑයි කියමින් උන්වහන්සේලා නොකියූ අදහස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන බවට “අස්‌ගිරි මහා විහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික, ධර්මපාල පරපුර සංවිධානයේ සභාපති මණ්‌ඩල සභික ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ ඊයේ (18 වැනිදා) චෝදනා කළහ.
කිසිදා සම්බුද්ධ ශාසනය වෙනුවෙන් කතා නොකළ එම පරාජිත දේශපාලනඥයන් සිය දේශපාලන මතය ප්‍රචාරය කිරීම වෙනුවෙන් අතිපූජනීය මහානායක හිමිවරු භාවිතා කිරීම ඉතාමත් අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.
පූජනීය මහානායක හිමිපාණන් වහන්සේලාගේ අනුශාසනාවක එක වචනයක් අල්ලාගෙන “උන්වහන්සේ අපේ කරුණු පැහැදිලි කිරීම් පිළිගත්තා අනුමත කළා”, යෑයි ඔවුන් පවසන බවත් එහෙත් සත්‍ය එය නොවන බවත් ධම්මානන්ද හිමියෝ කීහ.
භික්‍ෂූන් වහන්සේලා පාලනය කිරීමට භික්‍ෂූන් වහන්සේලාට හැකි බවත් ඊට දේශපාලකයින් අවශ්‍ය නොවන බවත් සඳහන් කළ උන්වහන්සේ බැංකු ගිණුම්, ඡන්දදායකයින් යන වෙනත් අරමුණු වෙනුවෙන් රට ආගම, ජාතිය උගසට නොතැබිය යුතු බවත් සඳහන් කළේය.
උන්වහන්සේ ඊයේ (18 වැනිදා) එම අදහස් පළ කළේ කොළඹ සව්සිරිපායේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්‌වමිනි.
http://www.divaina.com/2014/08/19/news22.html
නවතම ප්‍රතිචාර