Archive for the ‘වර්ගවාදී දෙමළ ජනතාව’ Category
- In: ග්‍රාමසේවක නිලධාරිනි සුවීන්ද්රාක | දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ | පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය එස්. විල්වරත්නම් | පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි | පූජ්‍ය පූලියෑද්දේ සුධම්ම හිමි | බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන | මඩකලපුව මහ දිසාපතිනිය වන පී. එස්. එම්. චාල්ස් | වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය | වර්ගවාදී දෙමළ ජනතාව | සිංහල රාවය ජාතික සංවිධානය | සිංහල රාවය පූජණීය හිමිවරු
- ප්‍රතිචාරයක් ලබාදෙන්න
මඩකලපුව දිස්‌ත්‍රික්‌කය වූ කලී මීට දශක 03 කට ඉහතදී සිංහලයන් තිස් හතළිස් දාහකින් පිරී ගිය පුරවරයකි. විවිධ ව්‍යාපාරවල නියෑළෙමින් ඔවුන් දෙමළ සහ මුස්‌ලිම් ජනයා සමගින් සහජීවනයෙන් කල් ගත කරන ලදී. නමුත් සැකය වෛරය අවුලවමින් ඇතිවූ යුද්ධය නිසා පසුගිය කාල සිමාව තුළ මරණයේ දේශයක්‌ව පැවතිණි.
මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් කෙවිලියාමඩුව ගම්මානයේ යුද්ධයට පෙර ගම්වාසින් ජීවත්වූවේ දහසක් වූ බාධක මැදය. නමුත් අවට ගම්වල ජනයා ලේ පිපාසිත මිනිමරු කොටි රකුසාට ගොදුරු වෙද්දී මෙම කෙවිලියාමඩුව අහිංසක ගම්වැස්‌සෝද තම පණ නළ බේරා ගැනීම සඳහා තම ඉඩ කඩම් අතහැර යන්නට පු`ඵ පු`ඵවන් තැන්වලට පලා යන්නට වූහ. නමුත් 2004 වසරේ සාම ගිවිසුම් කාල සීමාවේදී මෙම ගම්වැස්‌සෝ තමන්ගේ පරණ පුරුදු ඉඩ කඩම් සොයා පැමිණියේ තමන් හට පුංචි අතු පැලක හෝ නිදහසේ ජීවත්වන්නට උවමනාව නිසාය.
එදා පටන් මේ දක්‌වාම දහසක් බාධක හමුවේ මෙම ජනයා අනන්ත අප්‍රමාණ දුක් ගැහැට විඳිමින් මෙම කෙවිලියාමඩුව ගම්මානයේ ජීවත්වන්නට වූවේ මහා යස ඉසුරෙන් පිරි දිවි පෙවතක් නොව මහා කටුක දුක්‌ත දිවි පෙවතකි. 2008 සිට මේ දක්‌වාම රජයෙන් ලැබෙන සමෘද්ධි කූපන්පත පවා අහිමිව අඩුම තරමේ පදිංචිය සනාථ කිරීමේ ලිපියක්‌වත් ගැනීමට නොහැකිව මෙම ජනයා ගෙවන ජීවිතයේ වේදනාවේ හඬ බලධාරීන්ගේ බිහිරිවී ගිය කන් අඩිවලට නො ඇසුණේ ඔවුන් තව තවත් අන්ත අසරණ කරලමිනි.
ඡන්දය දමන්නටවත් ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනීමට නොහැකිව මෙම ජනයා පිට සක්‌වළ ජීවීන් මෙන් කිසිම වරප්‍රසාදායක් නොමැතිව මෙම ගම්මානයේම වාසය කරන්නට වූහ
මේ කෙවිලියාමඩුව ගම්මානයේ පදිංචි ධම්ම්කා කුමාරිගේ සංවේදී කථාවයි.
මම කෙවිලියාමඩුවට ඇවිල්aලා අවුරුදු 08 ක් වෙනවා. මම යුද්ධයටත් කලින් පදිංචි වෙලා හිටියා. අපේ අම්මලා 1973 ඉඳලා තමා කෙවිලියාමඩුවේ පදිංචි වෙලා හිටියේ. මම ඉපදුණේ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ. නමුත් මට තවම හැඳුනුම්පතක් නැහැ. තවම අපිට ඡන්ද නාම ලේඛනයේ නම ලියාපදිංචි කරගන්න බැරි වුණා. නම දාලා අයදුම්පතක් පුරවලා දුන්නත් අපිව අනවසර පදිංචිකරුවෝ කියලා ලියාපදිංචි කළේ නැහැ. මට ළමයි තුන් දෙනෙක් සිටිනවා. මහත්තයාටත් ස්‌ථිර රැකියාවක් නැහැ. බොහෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක හින්දා මම මොකක්‌හරි රැකියාවක් කරන්න කියලා ග්‍රාමසේවා සහතිකයක් ගන්න ගියා. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය අපිට ග්‍රාමසේවක සහතිකය දුන්නේ නැහැ. මම 2012 වසරේ උප්පැන්නයත් සමග හැදුනුම්පත් හදනන් අදාළ ලිපි ලේඛණ ගාර දුන්නා. තවමත් මට හැදුනුම්පත ලැබුණේ නැහැ. මම පස්‌සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට කථා කළා. එතකොට එහෙන් කීවා එහෙම හැඳුනුම්පතක් සකස් කරන්න එවල නැහැ කියලා. මම පස්‌සේ පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්තුමියට මේ ගැන කීවාම ඈ දිගින් දිගටම බැන වැදුනා. ඔයාල අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නේ අපි ඔයාලට කිසිම දෙයක් දෙන්නේ නැහැ. දිගින් දිගටම මේවා ඉල්ලන්න ආවොත් මම රාජකාරියට බාධා කළා කියලා පොලිසියට කියලා කූඩුවට දානවා. මම කිසිම කෙනකුට ලියුමක් දෙන්නේ නැහැ.මම කිසිම කෙනෙක් කියන දේ කරන්නෙත් නැහැ. මම නූගත් ඔයාලට වැඩ කරන්නෙත් නැහැ කියලා අපට බැන වැදුනා. අපි ඊට පස්‌සේ කොක්‌අඩිචෝලේ පොලිසියට ගිහින් මේ පිළිබඳව පැමිණිල්ලක් දැම්මා. අපිට මෙහෙම කරන්නේ මඩකලපුවේ සිංහලයෙක් වෙලා ඉපදුණ කරුමයටද යනුවෙන් ධම්මිකා කුමාරි ඉරිදා දිවයිනට අදහස් දක්‌වමින් පවසා සිටින ලදී.
මේ පද්මිණි පියදර්ශනිගේ කථාවයි.
මගේ මහත්තයා කරන්නේ කුලීවැඩ. මගේ දුව 2011 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්. නමුත් අපේ ආදායම සහතික කරලා දෙන්නේ නැති නිසා තවමත් ශිෂ්‍යාධාර ලබා ගන්න බැරි වුණා. මම දිගින් දිගටම පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්තුමිය මුණ ගැසෙන්නට ගියා. නමුත් වැඩක් වුණේ නැහැ. මගේ පුතා පොලිසියට යැමට සම්මුඛ පරීක්‌ෂණ 04 කට ගියා. 5 වන සම්මුඛ පරීක්‌ෂණයට යන්න ග්‍රාම සේවක සහතිකයක් අවශ්‍ය වුණා. මම පසුගිය 26 වැනිදා එම වැඩ දෙකම කරගන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. එතකොට ප්‍රාදේශීය ලේකම්තුමිය කීවා මම ඔයාලට කිසිම වැඩක් කරලා දෙන්නේ නැහැ.ඔයාලා ගිහින් මඩකලපුව හාමුදුරුවන්ට කියලා මේ වැඩ කරගන්න කියලා. ඊට පස්‌සේ මම ගියා මඩකලපුව මහ දිසාපතිතුමිය මුණගැසන්න. එතුමිය ලියුමක සටහනක් දාල දුන්නා මේක ගිහින් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරියට දෙන්න කියලා. නමුත් ඒක ගිහින් දුන්නමත් එම වැඩය කරලා දුන්නේ නැහැ. ඒක අරන් පැත්තකට විසි කරලා දැම්මා. මම මේක කරලා දෙන්නේ නැහැ. මම කවුරු කීවත් මෙම වැඩය කරලා දෙන්නේ නැහැ කියලා බැන වැදුනා. පස්‌සේ නැවතත් 04 වැනිදා මඩකලපුවේ පංසලේ ඉඳන් දිසාපති කාර්යාලයට විරෝධතා පා ගමනක් ඇවිල්ලා දිසාපතිතුමියත් සමග සාකාච්ඡා කළාට පස්‌සේයි මගේ දුවට ශිෂ්‍යාධාර ගන්න ආදායම් සහතික කර ගන්න පු`ඵවන් වුණේ. අවුරුදු දෙකක් මම මෙම ආදායම් වාර්තාව ගන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් කථා කරා. නමුත් ඒ එක අවස්‌ථාවකවත් ප්‍රාදේශීය ලේකම්තුමිය අපට අදාළ සහතික කිරීම් කරලා දුන්නේ නැහැ. අපි දුප්පත් ජනතාව. අපි රජයෙන් ඉර හඳ ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ අපිට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය දේවල් කරලා දෙන්න කියලයි යනුවෙන් පත්මිණී ප්‍රියදර්ශනි වසර ගණනාවක් තිස්‌සේ තමන් අත්විඳ දුක් ගැහැට පිළිබඳව අදහස් දක්‌වන්නට වූවාය.
මේ අයුරින් වසර 06 ක කාලයක් තිස්‌සේ මෙම කෙවිලියාමඩුව ජනතාව විඳින්නෙ අනන්ත අප්‍රමාණ දුක් කරදරයකි. පවුල් 106 ක් පමණ මෙම ස්‌ථානයේ පදිංචිව සිටින්නේ තමනට යන්න එන්නට අන් පිළිසරණක් නැති නිසාමය. බොන්නට ජල බිඳක් සොයා සැතපුම් ගණන් නියං සමයේදී යා යුතුව ඇත. රෑ පුරා එම ප්‍රදේශයේ නිරන්තරයෙන් සරනා වන අලි සේනාවෙන් ගෙනෙනා කරදරය නිමක් නැත. ගමේ පාසල් නැති කම නිසා පාසලකට යැමට කිලෝ මීටර්10 කට ආසන්න දුරක පිහිටි මංගල ගම විද්‍යාලයට යා යුතුව ඇත. එදා වේල යාන්තමින් සරි කරගැනීමට වෙහෙසෙන මේ ජනයාට තම දරුවන්ද දිනපතාම වාගේ පාසලට යෑවීමට වත්කමක් නොමැතිව ළතවෙමින්a සිටින්නේ ස්‌ථිර ආදායම් මාර්ගයක් මෙම ගම්වාසීන්ට නොමැති නිසාවෙනි. නමුත් තවමත් ඉඩමට බලපත්‍රයක් ලබා ගැනීමට නොහැකිවන්නට හේතුව මෙම ජනයා සිංහල රටේ සිංහල වී ඉපදීම දැයි පට්‌ටිපොළ ප්‍රදේශීය ලේකම්වරිය ඇතු`ඵ අදාළ බලධාරීන්ගෙන් ඇසීමට සිදුව තිබේ.
මහත්තයෝ අපි උපන් බිමේ කල්ලතෝනියෝ වෙලා. ඉඩමට බලපත්‍රයක් දෙන්නේ නැහැ. ග්‍රාමසේවක සහතිකයක් උප්පැන්න සහතිකයක් මරණ සහතිකයක් ලබා ගන්න බැරි වෙලා තියෙනවා. අපිට ඡන්දයක් දාන්න බැරිවෙලා තියෙනවා. දුප්පත් අපිට සමෘද්ධිය ලබා ගැනීමට තිබෙන අයිතියත් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය අපෙන් උදුරාගෙන තිබෙනවා. ජනතාවගේ බදු මුදලින් යෑපෙන මෙම නිsලධාරීන් අපි අන්ත අසරණ කරලා අපිව තලා පෙළා දානවා. අපිට මේ වන තෙක් රජයෙන් ලැබෙන කිසිම දෙයක් ලැබිලා නැහැ. මඩකලපුව හාමුදුරුවෝ තමයි දෙවියෙක් වාගේ අපි ගැන නිතරම සොයා බලා කටයුතු කරන්නේ. අපේ ළමයින්ට පොතක් පැනක් දීලා පාසල් යවන්න. බඩගින්නේ ඉන්න වෙලාවට කුස පුරවා ගන්නට හාල් මිටක් ලබා දෙන්නේ උන්වහන්සේ මැදිහත්වීමෙන් හැබැයි අපේ ගම ආසන්නයේ කොහොඹගස්‌තලාව ගම්මානයේ දෙමළ ජනතාව පදිsංචිකරලා සිටිනවා.
එම ජනතාවට කිසිම ගැටලුවක් නැහැ. රජයෙන් නිවාස සාදන්න රුපියල් ලක්‌ෂ 05 ක නිවාස ආධාරත් දීලා තියෙනවා. ඒ අයට රජයෙන් ලැබෙනා සියලුදේ ලැබෙනවා. නමුත් අපට තමයි ඒ කිසිවක් ලැබෙන්නේ නැත්තේ. ඇයි අපි සිංහලයෝ නිසාද අපිට මේ තරම් කෙනහිලි කම් කරන්නේ. දෙමළ ජනතාවට වැඩ කරලා දෙනවාට අපේ කිසිම අකැමැත්තක් නැහැ. නමුත් තිබෙන ගැටලුව වන්නේ අපි අන්ත අසරණ කිරීමයි යනුවෙන් කෙවිලියාමඩුව පදිංචි ඩබ්. එම් ජයතිලක පවසන්නට විය.
වෙලෙස කෙවිලියාමඩුව ගම්මානයේ ජනතාවට දිගින් දිගටම සිදුවන අසාධාරණකම්වලට එරෙහිව එම ගම්මානවල ජනතාව හාරසීයකට අධික පිරිසක් සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති පුලියද්දේ සුධම්ම හිමි සහ මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව මංගලාරාම විහරස්‌ථානයේ සිට මඩකලපුව දිසාපති කාර්යාලය තෙක් විරෝධතා පාගමනක් පසුගිය 04 වනදා පවත්වන ලදී. ඔවුන් මඩකලපුව කච්ෙච්රි භුමියට ගොස් විරෝධතාවයේ නියළෙද්දී මඩකලපුව සහකාර පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර සහ මූලස්‌ථාන පොලිස් පරීක්‌ෂක ගුණසේකර යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව මහ දිසාපතිනිය වන පී. එස්. එම්. චාල්ස් මහත්මිය අදාළ භික්‌ෂූන් වහන්සේලා සහ ගම්වාසීන් කිහිප දෙනකු සමගින් මෙම ගැටලුව පිළිබඳව සාකාච්ඡාවක් සිදු කරන ලදී. එම අවස්‌ථාවේදී පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් එස්. විල්වරත්නම් මහත්මිය ද ගෙන්වා අදාළ කරුණු විමසීමක් සිදු කරන ලදී. එහිදී දිගින් දිගටම කෙවිලියාමඩුව සිංහල ගම්මානයේ ජනතාවට සිදුවන අසාධාරණකම් සහ මූලික අයිතිවාසිකම් අහිමිවීම් ආදිය පිළිබඳව සිංහල රාවය සංවිධානයේ භික්‌ෂූන් වහන්සේලා සහ අම්පිටියේ සුමනරතන හිමියන් දිගින් දිගටම අදහස් දක්‌වන ලදී. එම අවස්‌ථාවේදී මහ දිසාපතිවරිය අදාළ ප්‍රාදේශීය ලේකම්වරියගේ ඇතැම් ක්‍රියා කලාපයන් සඳහා සිය එකඟතාව පළ නොකළ අතර එම අවස්‌ථාවේදීම අදාළ සහතික පත් ලබා ගැනීමට නොහැකිවුණ අයහට අදාළ සහතික පත් ලබා දීමට කටයුතු කරන ලදී. ඉදිරියේදී ජනාධිපතිතුමා සමග සාකාච්ඡා කර මෙම ගැටලුව විසඳන තෙක් රාජකාරි කටයුතු සඳහා පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නොගොස් මහා දිසාපති කාර්යාලය වෙත පැමිණ සිය අවශ්‍යතාවන් ඉටු කරගන්නා ලෙසත් ඒ සඳහා ලිත පොරොන්දුවක් ද අම්පිටියේ සුමනරතන හිමියන් වෙත භාර දෙන ලදී.
කෙවිලියාමඩුව ගම්මානයේ ජනතාවගේ අසාධාරණකම්වලට නිරන්තරයෙන් නැගී සිටින එම ජනතාවගේ එකම ගැලවුම්කරුවා වෙමින් කටයුතු කරන මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙසේ අදහස් දක්‌වන ලදී.
කෙවිලියාමඩුව ගම්මානයේ අහිංසක සිංහල ජනතාවට කලක සිටම දැඩි අසාධාරණයක් සිදුවෙමින් තිබෙනවා. එදා කපනවාට කොටනවාට බයේ සියලු ඉඩකඩම් අතහැර ගිය ජනතාවගේ සියලුදේ අපි ඉල්ලා සිටින්නේ නැහැ. නමුත් අපි ඉල්ලා සිටින්නේ කෙවිලියාමඩුව, සිප්පිමඩුව, සින්නවත්ත, පු`ඵකුණාව, කොස්‌ගොල්ල, එරාවුර් ආදී ප්‍රදේශවල ජීවත්වන අතළොස්‌සක් වූ සිංහල ජනතාවට අවම වශයෙන් මරණ සහතිකයවත් ලබා ගැනීමේ අයිතිය තහවුරු කරලා දෙන ලෙසටයි. මම මේ ජනතාව වෙනුවෙන් කථා කරන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම එම කාර්යාලයේ බඩු මුට්‌ටු එයාලා පොළොවේ ගහලා මම ඒ දේ කළා කියලා මට විරුද්ධව අධිකරණයේ නඩුවක් පවා දමලා තිබෙනවා. නමුත් මහ දිසාපතිතුමිය හමුවේදී පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරියට තමන් අහිංසක ජනතාවට එරෙහිව කළ වැරදි පිළිගැනීමට සිදුවූවා.
මඩකලපුවේ සිංහලයකු වීම කරුමයක් බවට පත්ව ඇති මෙම උපන් බිමේ අසරණයන්ට දැන්වත් සාධාරණයක් ලැබෙනු ඇතැයිද එම ජනතාව බලාපොරොත්තු සහගතව බලා සිටිති.
සුසන්ත අමර බන්දු
අලුයට ගිනි මෙන් පවතින ඊලම් අරගලයේ තවත් පැතිකඩක් – අපේ සහෝදර සිංහල ජනතාව වෙනුවෙන් කල හැක්කේ මොනවාද?
Posted නොවැම්බර් 21, 2014
on:- In: තාඩන පීඩන ලබන අසරණ බොදු උපාසක උපාසිකාවන්ගේ අඩුපාඩු සැපිරීම | දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ | පින්කම් | පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි | මඩකලපුව දෙමළ පරිපාලනයේ තිරිසන් වර්ගවාදය | වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය | වර්ගවාදී දෙමළ ජනතාව | විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා
- ප්‍රතිචාරයක් ලබාදෙන්න
ඒ ගමේ මිනිස්සුන්ගේ කඨෝර කර්කශ ජීවිත දැක්කාම නෙතට කදුලක් ඉනුවා….මේ අපේම සහොදරයන් නේද කියලා……ඔබටත් නිවන් මගේ දොරටු ඇරගන්න එක්වන්න අපිත් එක්ක මේ මිනිස්සුන්ට උදව් කරන්න…..මේ සදහා ඔබට මංගලාරමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි සමග සම්බන්ද විය හැක.පළාත : නැගෙනහිර පළාත
දිස්ත්රි:ක්කය : මඩකලපුව
ග්රාතමසේවක වසම : කච්චිකුඩි 135c
ග්රාතමසේවක නිලධාරි : සුවීන්ද්රාක
ප්රාතදේශීය ලේකම් කොට්ඨාශය : මඩකලපුව
ප්රාතදේශීය ලේකම් : සිවප්රි්යා විල්වරත්නම්
මූලික අපහසුතා
1. දරිද්රිතාවය
2. විරැකියාව
3. පානීය ජල ප්ර ශ්නය
4. විදුලි බලය
5. වන අලින්ගෙන් සිදුවන හිරිහැර
6. දෙමල මිනිස්සුන් මෙමෙ ප්රහදේශයට හරක් පට්ටි මුදාහැරීමෙන් මතුවන ගැටලුව
7. ග්රා ම සේවකගේ නොසලකිල්ල සහ ප්රාපදේශීය ලේකම් තුමියගේ තාඩන පීඩනපුලිකුනාව ගම පිහිටා තිබෙන්නේ A 27 (අම්පාර – මහනුවර ප්රනධාන මාර්ගය ) මාර්ගයේ කිලෝමීටර 30 කණුව සහ කිලෝමීටර 33 කණුව අතරය. කිලෝමීටර 3ක් අතර පාර දෙපසට වන්නට මෙම ගම පිහිටා ඇත.මෙම ගමේ පදිංචිකරුවන් සියල්ලෝම සිංහල ජාතිකයන් වන අතර ඒ නිසාම ග්රාදම සේවකගෙන් සහ ප්රාිදේශීය ලේකම්ගෙන් විවිධ කෙණෙහිලිකම් සිදුවේ. ප්රාවදේශීය ලේකම් තුමිය හිටපු ටී.එන්.ඒ ප්රේබල සාමාජිකාවකි.මෙහි ගම්වැසියන්ගේ මූලිකම ගැටලුව ලෙස පානිය ජල හිගය සහ විදුලි බලය නොමැතිකම සැලකිය හැකිය. අවට ගම් සියල්ලටම විදුලිය සහ ජලය ලබා දී ඇත. ගම්වැසියන් බොහෝ දෙනෙක් රැකියා වියුක්තිකයෝය.එම නිසා දරිද්රලතාවයේ පතුලටම වැටී සිටියි. බොහෝවිට ආහාර පවා ලබාදෙනුයේ පන්සලේ ස්වාමීන්වහන්සේ විසිනි. පන්සලේ හාමුදුරුවන්ටද බොහෝවිට දානය නොලැබෙයි.හාමුදුරුවන්ට ලැබෙන දේ බොහෝ විට ගැමියන්ට ලබා දීමට තරම් පුලිකුනාව පන්සලේ ස්වාමීන් වහන්සේ පරිත්යාගශීලී වේ ඇත.
වන අලින්ගෙන්ද නිරන්තර හිරිහැර සිදුවන අතර දෙමල මිනිසුන්ගේ හරක් පට්ටි ගෙනැවිත් දැමීම නිසා කිසිදු වගාවක් කිරීමටද නොහැකි තත්වයක් ඇති වී තිබේ.අප යන විටද පුලිකුණාව පන්සලට යාබදව අලුතින් වතුර පිරෙමින් පවතින වැවේ විශාල හරක් පට්ටියක් සිටින අයුරු අපට දැකගැනීමට හැකි විය.
දැනට මෙහි පැල්පත් නිවාස රාශියක් ඇත.බොහෝවිට ඇත්තේ ඉටිරෙදි වලින් හා ටකරන් වලින් වට කරන ලද නිවාස වේ. නිවාස කීපයක් දැනටමත් මඩකලපුව මංගලාධිපති ස්වාමීන්වහන්සේගේ උපකාර ඇතිව සාදා දී ඇත.
මානව හිමිකම් උල්ලංගනය කිරීම් ප්රතසිද්ධියේ සිදුවෙයි. ගම්වැසියන්ගේ අවශ්යතා වලට ග්රාඇමසේවක සහතිකයක් ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් ඇත.එමෙන්ම ප්රවජාතන්ත්රමවාදී රටක වැසියන්ට හිමිවන සර්වජන ඡන්ද බලයවත් මෙහි ගම් වැසියන්ට නොමැත. වසර 5කට පෙර ඉල්ලුම් පත් යොමුකල හැදුනුම් පත් සදහා ද තවමත් හැදුනුම් පත් ලැබී නොමැත.ග්රා.මසේවක ඉල්ලුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කල බව පවසන අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එවැනි ඉල්ලුම්පත් නොලබූ බව පවසයි.
දැනට සිටින ඉඩම් වලින්ද ඉවත්වන ලේසට ප්රා්දේශීය ලේකම් විසින් නියෝග කර ඇත.එසේ නොවුන හොත් නිවාස පිටින් ඩෝසර් කරන බවට තර්ජනය කර ඇත. එම ප්දේශය දෙමල නිජභූමියක් යැයි එතුමිය පවසන අතර දෙමල නිජභූමියේ අනවසර පදිංචි කරුවන් නිසා මොවුනට මෙසේ සලකන බව අපට සැලවුනි. මෙයින් පෙනී යන්නේ අලුයට ගිනි මෙන් පවතින ඊලම් අරගලයේ තවත් පැතිකඩකි.රැකියා විරහිත ප්රගශ්නයට පිලියමක් ලෙස ස්වාමීන් වහන්සේගෙන් අහින්සක යෝජනාවක් අප වෙත ඉදිරිපත් වූ අතර එය ඉටු කර දෙන්නේ නම් මහත් වූ ප්රෙයෝජනයක් ගම්වැසියන්ට බව පැවසූ සේක…මෙම ගම පිහිටා තිබෙන්නේ අම්පාර – කොලඹ / නුවර ප්රයධාන මාර්ගයේ බැවින් දිනපතා විශාල වාහන සංඛ්යාමවක් ධාවනය වන අතර ඒ ප්අදේශය ආසන්නයේ කිසිදු වෙලදසලක් නොමැති නිසා සාමාන්ය මට්ටමේ දිවා රාත්රීල තේ කඩයක් ආරම්භ කිරීමට අවශ්ය මූලික ප්රා ග්ධනය ලබාදීමට හැකිනම් මහත් අගයකොට සලකන බව පැවසූහ. එමෙන්ම දැනට විහාරස්ථානයේ ප්රරබල අඩුපාඩුවක්ව පවතින සංඝාවාසයක් නොමැතිකම පිලිබදවද උන් වහන්සේ අප සමග පැවසූ සේක.
Skype sb.japan
නවතම ප්‍රතිචාර