ධර්ම නිධාන

Posts Tagged ‘උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

 

ඉහල ජාතික සේවයක් කරමින් සිටින http://www.lankacnews.com/ අඩවිය පලකල අගනා ලිපියක් අප වෙත ලැබී තිබේ. එම අඩවියේ සොයාබැලීමේ පහසුකම සපයා නැති බැවින් අපට යොමුව (URL) සොයා ගැනීමේ අපහසුතාවක් ඇතිවිය. කෙසේ නමුත් සියල්ලන් එක්වී කරන සාසන විනාශය ගැන බුදු වදන ඉතා පැහැදිළිව එහි විස්තර කර තිබේ. (එහි සඳහන් කොසොළ් රජු දුටු අපගේ ඉරණම අප අඩවියේ සම්පූර්ණයෙන්  නිරූපණය කර ඇත. ) මෙ එම ලිපියේ පිටපතකි.ශක්ති පමණින් බෙදා හරින්න.

වඩ වඩා විශාල වීම සඳහා පණිවුඩය මත නැවත නැවත Click කරන්න

බුදු පියාණන්ගේ අනාගතය දැකීමේ ඥාණය මොන තරම් අසිරිමත්ද? උන් වහන්සේගේ සර්වඥ බවට තවත් සාධක කුමටද? ධර්ම සංවේගය ඇති අපි හදවතින් හඬා වට්ටවන්නට එය සමත් වී නැතිද? මේ වන විටත් අඩු වැඩි වශයෙන් ප්‍රතිවේධ හා ප්‍රතිපත්ති අන්තර්ධානය සිදු වෙමින් පවතී. හොඳින් විමසා බලන්න. පය්ර්‍ප්ති අනතර්ධානය යටතේ මුලින්ම අභිධර්මය අන්තර්ධාන වන බව බුද්ධ වචනයයි. මෙය එළිපිටම සිදු කරන්නේ කවුද? අන් කිසිවෙකුත් නොව චීවරයක් පවා දරණා පූජ්‍ය කිරිබත්ගොඩ හිමිපාණන් නොවේද? සැදැහැවත් බෞද්ධයා තව දුරටත් මේ සත්‍ය වන, අප හඬවන  බුදු වදන් හමුවේ නිහඬ වෙනවාද? නැතිනම් එම හිමිනම හා කල්ලිය මෙත් සිතින් යුතුව සහමුලින් ප්‍රතික්ෂේප කරනවාද? වහාම සිතා බලා ක්‍රියාත්මක විය යුතුයි නේද?

නොවරදින බුදු වදනට අනුව, යහපත් චේතනාවෙන් ධර්මසංවේගයෙන් යුතුව කරන මේ ප්‍රතික්ෂේපය එකාන්තයෙන්ම මහා ආනිසංස දෙන කුසල් බව අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ. බුදුන් වැඩ සිටි කලම ඇතිවූ සංඝ කෝලාහලයක් විසඳීමට බුදු පියාණෝ දුන් අවවාද දිගින් දිගටම එම අසමගි වූ සංඝයා වහන්සේ දෙපිරිස නොපිළිගත් බැවින් උන් වහන්සේ පාරිලෙයිය වනයට තනිවම වැඩම කළහ. එම කාලය තුල පාරිලෙයිය ඇත් රජා පමණක් උන් වහන්සේට අතවැසි වූහ. මෙයින් කලකිරීමට පත් දායකයෝ සංඝයා වහන්සේ සහමුලින් ප්‍රතික්ෂේප කලහ. එය ඉවසා ගැනීමට නොහැකි වූ කල පමණක් සංඝයා වහන්සේ නැවත බුදුන් කල එළඹ සමාව ගෙන සමගියේ පිහිටියහ. බලන්න බුද්ධ ශ්‍රාවකයා සංඝ සාමග්‍රිය වෙනුවෙන් සිය දායකත්වය එදා ලබා දුන් ආකාරය. අතුරුදන් වන සසුන වෙනුවෙන් එම උපකාරය බුදු සසුනට කිරීමට සැදැහැවත් ඔබ අකමැතිද? පැකිලෙනවාද?

පූජනීය හිමිනමක් විසින් ඉරිදා පුවත්පතක පලකල ලිපියකි මේ. එම ලිපියේද ඉහත කල්ලිය ගැන පැහැදිලි ඉඟි ඇතුලත් වේ.

වඩ වඩා විශාල වීම සඳහා පණිවුඩය මත නැවත නැවත Click කරන්න

අද දවසේ සිදුවන රත්නත්‍ර සංහාර ගැන  නිවැරදි අවබෝධයක් සියල්ලෝ මේ පුවත් තුලින් ලබා ගනිත්වා. සසුන 5000 ට 10,000 ක් කල පවතිනසේ අපිට කල හැකි සියල්ල වෙනුවෙන් කැපවීමට සිතට ගනිත්වා!

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අභිධර්මයේ සඳහන් කල්ප විභාගයට අනුව අප මේ ජීවත් වන්නේ, අනන්තයක් 31 භූමි තල වලින් අප අයත් 31 භූමි තලය සෑදී පවතින කාලය තුලයි. එහි නම සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය වේ. මහා කල්පයක් මෙවන් අසංඛ්‍ය කල්ප 4 කින් යුතු වේ. එම එක් අසංඛ්‍ය කල්පයක් අන්තඃ කල්ප 20ක් දිගු වේ. ඒ අනුව මහා කල්පයක දිග අන්තඃ කල්ප  80 (4X20) කි. සංව්ර්‍ත අසංඛ්‍ය කල්පය තුල අපි මේ ගෙවමින් සිටින්නේ 16 වෙනි අන්තඃ කල්පයයි. සස්ත්‍ර අන්තඃ කල්පය යනුවෙන්ද මෙය නම් කෙරේ. දෙව්ලොව මෙන් කිසි කලෙකත් පරමායුෂ දිග නියතයක් නොවන මිනිස්ලොව ජීවීන් සිය පරමායුෂ දස වර්ෂයට පිරිහෙන තෙක් මේ අන්තඃ කල්පය පවතී.

දල වශයෙන් අපිට මේ ආයුෂ පිරිහීමේ වේගය සොයා ගත හැක. මීට වසර 2600 කට පෙර බුදුන් දවස මිනිස් ලොව පරමායුෂ වසර 100 ක් විය. සිතේ අකුසල් වැඩීම හරහා මේ වනවිට සිය පරමායුෂ වසර 75-74 ක් පමණ දක්වා අඩු කරගැනීමට මිනිසුන් සමත්ව තිබේ.  ඒ අනුව වසර 100 ට එක් අවුරුද්ද බැගින් පරමායුෂ අඩු කර ගන්නා තරමට මිනිසුන් සිත දූෂණය කර ගන්නා බව පෙනේ. මෙම වේගය නියතව පැවතුනහොත්, මිනිස්ලොවෙ පරමායුෂ දස වර්ෂය වීමට සිත දූෂණය කර ගැනීම තුලින් මිනිසා තව අඩුකරගත යුත්තේ වසර 64 පමණි, එයට ගතවන කාලය වසර 64×100 = 6400 කි.  (මේ අනුව ලෝක හෝ සත්ව විනාශය  බටහිරයන් කියන සේ 2012 හෝ ලඟ අනාගතයක දී නොවන බව දත යුතුය).

ඉන් පසු සත්ව විනාශයේ එක් ලකුණක් ලෙස විපත්තිකර “මහා මේඝයක්” ලොවට පතිත වීමට පටන්ගනී. එයට හසුවන හසුවන සියළු සත්වයින් ගේ ඒ වන විටත් දූෂිත සිත තව දුරටත් විකල් වී, දකින දකින පුද්ගලයා කපා කොටා මරා දැමීමට තරම් වියරු වැටී මහා සත්ව විනාශය සිදු වීමට පටන් ගනී.   “මහා මේඝය” ට හසු නොවී සැඟවී දිවි ගලවාගන්නා මිනිස් ලොව  වාසනාවන්ත කීපදෙනෙක් හැර සියල්ලෝ මින් විනාශයට පත්වේ. මේ සත්ව විනාශය සිදුවන එක ආකාරයක් පමණි. අකුසල් මූල තුන වන ලෝභ, ද්වේෂ, මෝහ අතරින් ද්වේෂය ඔස්සේ සිත දූෂණය කරගත් විට සත්ව විනාශය මේ ආකාරයට අවි ආයුධ වලින් සිදු වේ. ලෝභය වැඩුවේ නම් ආහාර හිඟ වී දුර්භික්ෂ වලින් සත්ව විනාශයත්, මෝහය වැඩුවේ නම් ලෙඩ රෝග වසංගත වලින් සත්ව විනාශයත් සිදුවන බව බුද්ධ දේශනාවයි.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

මේ විස්තර සියල්ල අප සොයා ගත්තේ අභිධර්මධර අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ විචිත්‍ර හා ඝාම්භීර දේශනා වලට පින් සිදු වන්නටය. අභිධර්මය නොදරනතාක් භික්ෂූන් වහන්සේ නමකට විචිත්‍ර ධර්ම කථිකයෙක් විය නොහැකි බව ඇස් පනාපිට පෙනෙන සත්‍යයයි. මේ විස්තර ඔබ හා බෙදා ගත්තේ තවත් කාලීන ව්‍යසනයක් ගැන ඔබ දැනුවත් කිරීමටය.

භික්ෂූන් වහන්සේ තුන් වර්ගයක් මහා සංඝ රත්නයට ඇතුලත් වේ.

1. සම්මුති – හුදෙක් සිවුර පැළදි, ශීලය ගැන වෙහෙස වීමට අවකාශ හෝ ශක්තිය නැති පූජනීය ස්වාමීන් වහන්සේලා
2. සේක – සෝවාන්, සකෘදගාමී, අනාගාමී ආර්‍ය උතුමන් වහන්සේලා
3. අසේක – මහ රහත් උත්තමයන් වහන්සේලා

ඉහත සියළුම භික්ෂූන් වහන්සේලා බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර භාවයට, තමන්ට ශක්ති පමණින් එළබුණු උතුමන් බව ගිහි අප කවුරුත් ප්‍රවේශමෙන් තේරුම් ගත යුතු කාරණයයි. මේ තුන් වර්ගයේ භික්ෂූන්ම සංඝ රත්නයට දිය හැකි උතුම්ම දානාදියට ඉහලින්ම සුදුස්සෝ වෙති.

එනමුත් පුතුන් ලෙස සසුනට ඇතුල් වී ඉන්පසු සිය පියාණන්ට ආඛ්‍යානය (දෝෂාරෝපනය ) කරන භික්ෂූන් වහන්සේ ගැන තත්වය කුමක්ද? මහා කාරුණික, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අමා මෑණී වූ බුදු පියාණන් වහන්සේ එම භික්ෂූන් වහන්සේට පවා සැදැහැවත් ශ්‍රාවකයන් විසින් පරිභව නොකල යුතු බව දේශනා කොට තිබේ. මේ බුද්ධ වචනය අපි ගරු කරන්නෙමු. ලක් බුදු සසුනේ මහත්ම අවාසනාවට පූජනීය කිරිබත්ගොඩ හිමි පාණන් මේ වර්ගයටඇතුලත් වන බව සැකයෙන් තොරවම ඔප්පු කර තිබේ. තමන් වහන්සේ විසින් කරන ලද ධර්ම සංහාර කිසිවකුත් වෙනුවෙන් උන්වහන්සේ මේ දක්වා රත්නත්‍රයෙන් සමාව ගත් බවක් අපි නම් නොදනිමු.

ඒ වෙනුවට සිදුව ඇත්තේ, අභිධර්මය අබුද්ධ දේශිතයැයි කියමින්, ශ්‍රේෂ්ඨ මහරහතන්වහන්සේලාගේ චරිත ඝාතනය කරමින්, තමන් අනුබුදු යැයි අතවැසියන් ලවා කියවාගනිමින්, නිඝංඨ අසපු සසුනට හඳුන්වා දීමෙන් , දෙව්දත් තෙරටත් වඩා දරුණු අන්දමින් තමාට පමණක් වහල් භික්ෂු කල්ලියක් බිහිකරගනිමින් , එම පිරිසෙන් මත්වෙමින්, තමන් ආර්‍ය බව ඉඟි කරමින්, බණ අසන්නන් අඬවමින්, පිරිසිඳු රන් මෙන් නිර්මළ බුදු දහම, ලෝකඩ නොව, මලකන ලෝහයක් බවටම පහත් කිරීමට හැකි සියළු වෙර යොදා ක්‍රියාත්මක වීමයි.

මේ සියල්ලට අමතරව පූජනීය කිරිබත්ගොඩ හිමිපාණන් ශාසන විනාශයටත් පදනම බෞද්ධ මුදල්ම යොදා සකසමින් සිටීම බෞද්ධයාගේ මහාම අවාසනාවයි. තමාගේ බෞද්ධ කල්ලිවාදයේ “අසපු” නම උන්වහන්සේගේ සිතට එන්නට ඇත්තේ හාස්කමකින් වන්නට ඇතැයි අපි කීවෙමු. මේ අපි දක්වන්නේ දෙවන හාස්කමයි. අපගේ පූර්විකාවේ සඳහන්  “මහාමේඝ”ය,  පූජනීය කිරිබත්ගොඩ හිමිඋන්වහන්සේගේ විසින් පතනය කිරීමට පටන්ගෙන තිබේ. ස්වභාවිකව විපත්තිකර මහා මේඝයට වසර 6400 කට කලින් එවන්ම විනාශයක් ශාසනයට කරන උන් වහන්සේගේ මේ සංකල්පනාව සිය බියකරු කර්මය හා නැවතත් ඉතා හොඳින් ගැලපෙන හැටි බලන්න.

සිය අන්ධ අතවැසියන් යොදමින්, දහමින් අහුලාගත් වචන අරුතක් නොමැති ලෙස හෝ යොදමින්, තමන් වහන්සේම පිළිපදින දෙව්දත් වතට පරිභව කරමින්. සිය ශාසන විනාශයේ “මහාමේඝ”ය ශ්‍රාවක අනුකම්පාව දිනා ගැනීම පිණිසද යොදා ගන්නා බව පෙනේ.

අනේ කිරිබත්ගොඩ අපෙ හාමුදුරුවනේ, අති උතුම් රත්නත්‍රයේ නාමයෙන් අපි ඉල්ලා සිටින්නේ තම වැරැද්ද පිළිගෙන, සසුන විනාශ කිරීමට ඔබවහන්සේ යොදන උපක්‍රම සියල්ල නවතා රත්නත්‍රයෙන් සමාව ගෙන නැවත ආයත සංවරයේ පිහිටා පිරිසිඳුව මහණදම් පුරන ලෙසයි. එතෙක් ධර්මචාරී අපි නම් අපගේ ශාස්තෲ අමා මෑණී බුදු පියාණන් දෙසූ ලෙසම ඔබ වහන්සේට හා අනුගාමික භික්ෂූන්ට දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් අපේ නොසතුට දක්වන්නෙමු. පරිභව නම් නොකරන්නෙමු!

අඩුම තරමින් ඔබ වහන්සේ, ධර්ම රත්නය සංහාරය නොකර සම්මුති භික්ෂූන් වහන්සේ බවට හෝ තම තත්වය උසස් කර ගන්නේනම් අපි නොපැකිලව ඔබ වහන්සේට සියළු ගරු බුහුමන් ලබා දෙන්නෙමු.  එතෙක් අපි ඔබ වහන්සේගේ “මහාමේඝ”යට හසු නොවන සේ පිළිපදින්නෙමු. අසරණ බෞද්ධ ශ්‍රාවකයාටද එයින් ගැලවී පණ බේරාගන්නා ලෙස ශාසනාලයෙන් අවවාද කරන්නෙමු!

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

මදක් නැවතී සිතා බලන්න. ධර්මයේ රසවත්ම හා නොගැඹුරුම කොටස් අඩංඟු සූත්‍ර පිටකය යම් පූජ්‍ය හිමි නමක් උගෙන, ඉන් පසු සරලව,  එය ඔබට දෙසුවොත් ඔබ කෙතරම් එයට ඇලුම් කරාවිද? එය ධර්මයේ චිර පැවැත්මට මහඟු සේවයක්ම වේ. ඉන්පසු එම පූජ්‍ය හිමි නමම, විශාල ශ්‍රාවක සංඛ්‍යාවක් ගොඩ නගා ගත් පසු, මොනයම් හෝ හේතුවක් නිසා, ධර්මයේ තේරුම් ගැනීමට ලෙහෙසි නොවන, තේරුම් නොගෙන දේශනා කිරීමටද නොහැකි අති ගාම්භීර කොටස වන අභිධර්මය, සම්බුද්ධ දේශනයක් නොවේ යැයි කියමින් ප්‍රතික්ෂේප කලහොත් එවිට තත්වය කුමක්ද?

ධර්මය විමසා පිළිගත යුතු යයි බුදුන් දෙසූ ආකාරය පසෙක ලා, අන්ධ භක්තික ශ්‍රාවකයෝ එය හිස් මුදුනින් පිළිගනු ඇත. අභිධර්මය උගෙන විමසා බලනු වෙනුවට එය සහමුලින් ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් කාරණා ඉදිරිපත් කරමින් උන් වහන්සේ වෙනුවෙන් පෙනී සිටිනු ඇත.

සුවාසූ දහසක් ධර්ම ස්කන්ධයේ හරි අඩකට සම වන, බුදු පියාණන් වහන්සේ විසින්ම තවත් බුදුවරුන් හතලිස් දෙදහසකට සමාන යැයි උපමා කරන ලද, අති ගාම්භීර වූ, බුදු දහමේ සැබෑ හරය ප්‍රතික්ෂේපය තුලින් වැනසීමට  මුදල්ද පූජා කරනු ඇත. තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව ප්‍රතික්ෂේප කල යුතු පූජ්‍ය හිමි නමක් වෙනුවෙන් හතලිස් දෙදහසක් වූ බුදුවරුන් අපවත් කිරීමට තමාගේ තුන් දොරම යොදනු ඇත. ඉන්පසු මෙම ආනන්තරීය පාප කර්ම කල  සැදැහැවත් උදවිය “අහෝ මහා කුසලයක් කර ගත්තෙමු” යනුවෙන් සතුටු වෙනු ඇත.

ඉහත දැක්වෙන්නේ හුදු ප්‍රබන්ධයක්ද? කිසි සේත් නැත. එය අද එලෙසින්ම සිදුවෙමින් පවතී. අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කල පළමු වැන්නා තමා නොවේ යයි ප්‍රසිද්ධ පුවත්පත් වලට ප්‍රකාශ නිකුත් කරමින් අතිශය ජනප්‍රිය දේශක පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ මහමෙව්නා අසපු, නොයෙක් ධර්ම ප්‍රකාශන, ධර්ම දේශනා සියල්ල හරහා බෞද්ධ ශ්‍රාවක සියල්ලගේ ඇස් , සිය සූත්‍ර පිටක දැනුම හා නොයෙක් ක්‍රම උපායන් යොදා වසා ලමින්, දන්නා ධර්මය අධික මිල ගනන් වලට වෙන්දේසි කරමින්, ආධාර රැස් කරමින් මෙම සුනාමි රැල්ලේ නොපෙනෙන බලවේගය ගොඩ නගමින් යයි. එම සුනාමිය, බෞද්ධයාගේ මුදලින්ම සසුන ඇතුලතින් වැනසීම සඳහා කල දීරිඝ කාලීන අන්‍යාගම් සැලැස්මක් යයි පසුව හෙළි වුවද අපි පුදුම නොවන්නේ, ලක් බිම, ලොවට පිරිසිඳු බුදු දහම බෙද බෙදා දීමට ඇති  එකම රට බැවිනි. මුළු ඉතිහාසය පුරාම එය වනසා දැමීමට මාන බලන්නෝ කුමන ක්‍රමයකින් හෝ සිය අදහස් මුදුන් පමුණුවා ගැනීමට පසුබට නොවන බැවිනි.

අපගේ පෞරාණික පිළිගැනීම ගමයි, පන්සලයි, වැවයි දාගැබයි යන්නයි. එය කිසි සේත් ගමයි, අසපුවයි, වැවයි දාගැබයි විය නොහැක්කේ අසපු යන වචනය බෞද්ධ ඉතිහාසයේ කොතැනකවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වැඩ උන් තැන් යයි සඳහන් නොවීම නිසයි. කෙසේ නමුන්, නිඝන්ටයන්, තීර්ථකයන් ආදී නොයෙක් මිසදිටුවන් නම් අසපු අශ්‍රිතව සිටි බව ධර්මයේ නොයෙක් තැන සඳන් වේ. තමාගේ අති බියකරු කර්ම වලට සුදුසු නමක්  පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේට සිය ස්ථාන වලට යෙදීමට සිත් වීම සමහර විට හාස්කමකින් වූවාදැයි අපි නොදනිමු.

අවාසනාවන්ත ලෙස මෙම මහමෙව්නා ධර්මය තුල බොහෝ විට ඇත්තේ සම්ප්‍රප්ප්‍රලාප සාගරයක් මැද පිරිසිඳු නමුත් ඉතා ස්වල්ප වූ තථාගත ධර්මයකි. අභිධර්මය ප්‍රතිෂේපිත බැවින් එහි ගැඹුරද, විචිත්‍රත්වයද  ඉතාම අල්පය. හරියටම ගොම කළයක් මතට දැමූ කිරි බිඳක් මෙනි. අසන්නා එම සම්ප්‍රප්ප්‍රලාප සාගරයේ ගිලුන විට කියූ ස්වල්ප නොගැඹුරු ධර්මය මහ මෙරක් මෙන් හැඟීමට පුළුවන. වසර ගණනක් එම ධර්මය ශ්‍රවණය කල සැදැහැවත් මහමෙව්නා ශ්‍රාවකයෙක් වුවත්, තමා කිසි දෙයක් දන්නවාදැයි සැකය අවසානයේ ඔවුනටම ඇති වන්නේ මේ හේතුව නිසාය.

යමෙක්ට ඇඬීමට නම් අනිවාර්යයෙන් ඉපදිය යුතු ද්වේෂ මූල නමින් අකුසල් සිත් වර්ගයක් ඇත. මේ යටතේ සිත් දෙකක් සඳහන් වන අතර ඒවා පොදුවේ, දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සිත් යැයි අභිධර්මයේ සඳහන් වේ. එම සිත් දෙකෙන් එකක් අසංස්කාරික (තමාම) ලෙසද, අනික සසංස්කාරිකද(පෙළඹීමේන්) ලෙස බෙදා ඇත්තේ පිළිවෙලින් තමා තුලින්ම හෝ පිටස්තරයෙකුගේ පෙළඹීමේන් යන ආකාර දෙකින් එකකින් පමණක් මේවා උපදින බැවිනි. මේවා උපදින ප්‍රධාන කර්ම පථ 7 සමඟ ඇති නිරූපණය බලන්න.

ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග

විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න

මෙය කියවන ඔබ ජීවිතයේ අනේක වාරයක් විවිධ හේතූන් මත හඬා ඇතුවාට කිසිම සැකයක් නැත. එබැවින් ඔබගේ එම අත්දැකීමම අභිධර්මයේ උගැන්වීම් වල ඇති නිරවද්‍ය බව ඝාම්භීර බව අවබෝධය පිණිස යොදා ගත හැක. බර වචන සියල්ල ඉවත් කර, හැකිතරම් සරලව අපි ඔබට ඉහත සිත් වලට චෛතසික කීපයක් පමණක් ඇමිනෙන හැටි පවසන්නෙමු.

චෛතිසික සියල්ල 52 කි. එයින් විරිය යනු එකකි. මෙම විරිය පවා ඉහත ඕනෑම අකුසල සිතක ඇමිණී ඇත. නමුත් එය මෙහි සඳහන් නොවන කුසල සිතක තරම් ප්‍රභලව නොවේ.

“කෙලෙස් සහිත සත්වයා හට අකුශලය මිහිරිය, ඔහුගේ සිත අකුශල පක්ෂයේ පවත්නා කල්හී සැඩ පහරට අනුව ගඟේ පහලට පහළට යාත්‍රා කරන ඔරුවක් මෙන් අකුශල පක්ෂයේපහසුවෙන්ම ඉදිරියට යන්නේය. අමාරුව නම් එහි ඉදිරියට යැවීම නොව නැවැත්වීමය. එබැවින් අකුශල ක්‍රියා සිදු කිරීමට බලවත් විරියක් උවමනා නැත” [උපුටා ගැනීම, පි‍ටුව 77, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි]

ඉහත සිත් දෙකෙන් තමාම උපදවාගන්නා අසංස්කාරික සිතේ එය තරමක් වැඩිපුර බලයකින්ද, පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ “තෙත් මැටි පිඩක් සේ දුබලව” [උපුටා ගැනීම, පි‍ටුව 97, අභිධර්මයේ මූලික කරුණු (දොලොස් වන මුද්‍රණය)- රේරුකානේ චන්දවිමල මහනාහිමි ] ද ඇමිණී ඇත

ථිනය හා මිද්ධය තවත් චෛතසික දෙකකි, විරියට විරුද්ධ ස්වභාව වන සිතේ හා චෛතසික යන්ගේ අලස බව මෙයින් සිදු කෙරේ. ථිනමිද්ධය ලෙස තනි වචනයෙන්ද හැඳින්වේ. පෙළඹීමෙන් උපදින සසංස්කාරික සිතේ පමණක් ඇමිණෙන මෙම චෛතසික දෙක, ඇමිණිය යුතුම කියා නියමයක්ද නැත. පෙළඹීම නිසා හඬන්නා ට අඩුවෙන් හෝ නොමැතිවද, නොහඬන්නාට වැඩියෙන්ද, පෙළඹීම අතර නිදන්නාට උපරිමයෙන්ද මේවා ඇති බව තේරුම් ගත හැක.

ඉහත විස්තරය ඔබගේම අත්දැකීම සමඟ ගලපා බලන්න. සර්වඤ්ඤ වූ බුදු පියාණන්ටම හැර අන් කවරෙක්ට නම් එවන් සියුම් වූ අති සංකීර්ණ දහමක් දෙසිය හැකිද?

වර්ණ නිරූපන ආධාරයෙන් අභිධර්මය වැඩිදුරටත් ඉගෙනීමට කැමැත්තො මෙම ලිපියෙන් පටන්ගෙන බලත්වා.

අකුසල් සිත් ඉපදීමේ විපාක කෙදිනක හෝ සතර අපායේදී ගෙවීමට සූදානම් වී මේවා උපදවා ගත යුතුය. එය පැහැදිලිවම ද්වේශ නම් කෙලෙස් මූලය නිසයි.  ධර්ම දේශනයක් සවන් දීම කුසල් රැස් කිරීමක් මිස කිසිසේත් අකුසල් රැස් කිරීමක් නොවේ. එනමුත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා වලදී අසන්නට ලැබෙන, ධර්ම දේශනයකට කිසිසේත් නුසුදුසු හැඟීම්බර කථා ඉහත සිත් පරම්පරා බැගින් අසන්නන්ට උපදවා ලයි. සසංස්කාරිකව(පෙළඹීමේන්) ඇති වන බැවින් එම සිත හරියටම “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත සසංස්කාරික සිත” වේ. අසන්නන් මහ හඬින් හඬමින් අකුසල් රැස් කර ගනියි. පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේගේ ධර්ම දේශන හැරුනු විට වෙන කිසිම දහම් දෙසුමක අපි එම අවාසනාවන්ත තත්වය නුදුටුවෙමු.

මෙම මහමෙව්නා ව්‍යසන ගැන පූජනීය හෑගොඩ විපස්සී හිමියන් සිය වටිනා කාලය යොදා සොයා ගත් කරුණු ස්වල්පයක් පමණක් පහත ලිපියේ අඩංඟු වේ. මෙම ශාසන කර්තව්‍ය වෙනුවෙන්, එම උතුමාණන්ට අපගේ නමස්කාරය

අද ලක්දිව බහුතරයක් උගත් ත්‍රිපිටකධාරී අති පූජනීය භික්ෂු පරපුර මේ ව්‍යසනයේදී නිහඬ වීමද අපට තේරුම් ගත හැක. උන් වහන්සේලා හඬ නැගුවේ නම් එය සංඝ බේදයක් සේ බහුතරයක් දෙනා අර්ථ දක්වනු ඇත. එය සසුනට යහපතකට වඩා අයහපතක් කරනු ඇත. ධර්ම සංවේගය ඇති අපිට කිසි සේත්, මෙම බියකරු සුනාමිය එනු දකිමින් නිහඬ විය නොහැක. පිරිසිඳු බුදු දහම අගයන එකා දෙන්නා හෝ ගලවාගෙන තව එක් දිනක් හෝ වැඩිපුර ධර්මය රැක දීමට අපි ක්‍රියා කරන්නෙමු. ඔබටත් මෙම මහමෙව්නා ව්‍යසන පිළිබඳ ලිපි ඇති නම්, ථේරවාදයේ , බුදු සසුනේ අනාගතය වෙනුවෙන් dharmachareepirisa@gmail.com හරහා ඒවා පළ කර ගන්න. මෙම ලිපිය සියල්ලන්ට බෙදා හරින්න, පූජනීය හෑගොඩ විපස්සී හිමියන්ට කල හැකි උපකාර ඇත්නම් කර, එම උතුමා දිරි ගන්වන්න. වර්ථමාන තර්ජන වලින් එම පැවිදි උතුමා ආරක්ෂා කර ගන්න. තම තමාගේ විමුක්තිය සඳහා බුදුන් දෙසූ ලෙස (* මෙම ලිපියේ පසු වදන බලන්න) ධර්මානුකූලව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා මහමෙව්නා අසපු මෛත්‍රී සහගත සිතින් ප්‍රතික්ෂේප කරන්න. එහි සියළු ප්‍රකාශන කියවීමෙන් වලකින්න. එම වෙබ් අඩවි වලට නොපිවිසෙන්න. කිලිටි සඟවා ගත් දහමක් අසනවාට වඩා එය නො අසා සිටීම ඔබව මොළ සේදීමෙන් වළකා ලනු ඇත. පිරිසිඳු දහමින් ප්‍රයෝජන ලැබුමට ඔබට වඩා හොඳ අවස්ථාවක් ඉතිරි කර දෙනු ඇත. දැනට සිදු වූ සාශන විනාශයන් ගැන ඔබට වෛර සිත් උපදීනම්, පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස අරමුණු කොට මෙත් වඩන්න. ත්‍රීපිටකධාරී ඝාම්භීර සංඝ පීතෲන් වහන්සේලා පෙන්වා දෙන නිවැරදි ධර්ම මාර්ගයේ පමණක්, අසන්නාවූ දෙසුමෙන් දෙසුම නුවන වඩා ගනිමින් නිවැරදිව ප්‍රතිපත්ති පුරමින් සුවසේ නිවන් කරා පිය මනින්න.

~~~~~~~පසු වදන~~~~~~~

උපාසකයන් විසින් වර්ජනය කළ යුතු  (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි  බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී   එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක.

එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත, 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි.

ඉහත වර්ජනය කිරීමට සුදුසු යැයි හඳුනා ගැනීමේ කාරණා වලින් පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පහත කාරණා කීපයම යටතේ සුදුසු කම් දක්වයි

1. ගිහියන්ට මුළු සසරටම බලපාන සේ අලාභ කිරීමට හා අනර්ථ කිරීමට උත්සාහ කිරීම. පහත දැක්වෙන්නේඉන් කීපයක් පමණි :
හරියට නොදැන කමටහන් දීමෙන් ඒවා පිළිපැදීමෙන් සිහි විකල් වූ පැවිදි, ගිහි තරුණ ජීවිත ගණන සුලු පටු නොවේ. තම දරුවාට ඉගෙනීම අවසන් කර පැවිද්ද ගැන සිතන ලෙස අවවාද කරන දෙමව් පියන්, මාරයාගේ දූතයන් සේ උගන්වන්නේද පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ පමණි. හින්දි නිලියන් වැනි කාන්තාවන්ද, කාන්තාවන්ට නුසුදුසු යැයි බුද්ධ දේශිත භාවනා ඉරියව්ද පිට කවරවල යොදන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පමණි. මහාචාර්‍ය අති පූජනීය රේරුකානේ චන්දවිමල පැවිදි උතුමාණන්ගේ වටිනා දහම් පොත් බැලීමට තහනම් යැයි ලේබල් යොදා තැන්පත් කර ඇත්තේ මෙම අසපු වල පමණි. මම යන වචනය ඉතාම අධික ලෙස යොදා ගනිමින්, දේශනය පුරා මමත්වය වර්ධනය කරමින් අසන්නන් හඬමින් අකුසල් රැස් කරන ධර්ම දේශනා පවත්වන්නේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේම පමණි.

2. ලොව්තුරා බුදු පියාණන් වහන්සේට දෝෂාරෝපණය කිරීම : අංගුත්තර නිකායේ දුක නිපාතයට අනුව, පූජ්‍ය  කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ බුද්ධ දේශිත අභිධර්මය එසේ නොවේ යයි කීම, බුදුන් වහන්සේට කල දෝෂාරෝපණයක් සේ දත යුතුය.

අංගුත්තර නිකායේ දුක නිපාතය

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

අනුගාමිකයන්ට අමතරව එයින් තමාට කර ගන්නා හානිය ප්‍රමාණ කිරීමට නොහැකි තරම විශාල වේ. නොලැබූ ධ්‍යාන ලැබී යන්නෙ නෑ, නොලැබූ විපස්සනා ලැබෙන්නෙ නෑ, නොලැබූ මාර්ග ඵල ලැබෙන්නෙ නෑ. මේ බුදු සසුනේදී පිහිටක් නෑ, මතු සසරේ බුදුවරු දහසක් පහල වුනත් ඒ ඇත්තන්ට පිහිටක් නෑ, මේ මිථ්‍යා ධර්මයක් බිහි කිරීම නිසා, මිථ්‍යා ධර්මයක් ලොවට බෙදා දීම නිසා.

~~~~~~~සැ. යු.~~~~~~~
පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වන්සේ හා අනුගාමික පිරිස හා මහමෙව්නාවේ සම්පූර්ණ ක්‍රියාකාරීත්වයත් පිළිබඳ අපට වෛරයක් නැත. අපි ඔබගෙන්ද ලිපිය අවසානයේ ඉල්ලා ඇති පරිදි උත්සාහ කරන්නේ දිනෙන් දින දළු ලා වැඩෙන මෙම ව්‍යසන සම්බන්ධව උපේක්ෂා සහගත වීමටයි. කෙසේ නමුත් ඔබට මෙම ලිපියේ සිරස්තලය කියවූ මොහොතේ පටන් සිතේ වෛරය බුර බුරා නගී නම් එය ව්‍යාපාද කර්ම පථයයි. උපදින සිත ඉහත හැඬීමේදී උපන් ,සිතට වඩා බලවත් වූ “දෝමනස්ස සහගත පටිඝ සම්ප්‍රයුක්ත අසංස්කාරික සිත” නම් අකුසල් සිතයි.  නිරූපනයේ රතු වලාවක් යොදා ඇත්තේ ඒ නිසයි. ඔබට මෙම ලිපියේ කරුණු ගැන විරෝධතා ඇත්නම් කරුණාකර මෙහි ඇති ඕනෑම කරුණක් අසත්‍ය යයි සාධක සහිතව දක්වන්න. හුදෙක් හැඟීම් වලට වහල් වී දක්වන ප්‍රතිචාර ධර්මානුකූල වීමේ සම්භාවිතාව නොගිනිය හැකි තරම් කුඩා බව සිහි තබා ගන්න. සැක ඇති ධර්ම කරුණු සියල්ල විමසා බලා, වඩා ගත් නුවන සමඟ යොමු කරන ඔබගේ විරෝධතාවයන්(ඇත්නම්) ලිපියට ප්‍රතිචාර ලෙස දැක්වීමේ පහසුකම අප සපයා ඇත්තෙමු.

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

කලින් ලිපියේදී ලොව්තුරා බුදු පියාණන් වහන්සේ කෙරේ ඔබගේ ශ්‍රද්ධාව දියුණු කර ගැනීම පිණිස  නමස්කාරය ඉදිරිපත් කලෙමු. අන්‍යාගම් හා බුද්ධාගම අතර ඇති අහසට පොළොව මෙන් වෙනස් කම් වලින් ප්‍රධානම වෙනස් කමක් නම් යමෙක් හුදෙක් බෞද්ධ දෙමව්පියන්ට දාව උපන් පමණින්ම බෞද්ධයෙක් නොවීමයි. එබැවින් මෙම පියවර අතිශයින්ම වැදගත් පියවරක් ලෙස පිළිගත යුතුය. සෑම දිනයකම ආරම්භයේදී යමෙක්ට තමා බෞද්ධයෙක්ද නැතිද යන බව සහතික විය හැක්කේ මෙම පියවර අනුගමනය කරනවාද නැද්ද යන්න මතයි.

අසම සම බලයෙන් යුතු රත්නත්‍රය සත්වයන්ට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම රත්නත්‍රය උතුම් පිහිටක් යැයි පිළි නොගනිති, රත්නත්‍රය සරණ නොයති, බුද්ධ රත්නයේ ශ්‍රාවකයෝ නොවෙති, ධර්මයට අනුව නොපිළිපදිති, සංඝ රත්නයේ ශ්‍රාවකයෝ නොවෙති. මෙසේ වීමට හේතු වන්නේ ඔවුන්ගේ සිත් මිථ්‍යාදෘෂ්ටි පටලයෙන් වැසී යාම නිසයි. එවිට ඔවුන්ගේ අවාසනාව ඉස්මතු වේ, රත්නත්‍රය සුළු කොට තකයි. නා නා ප්‍රකාර මිථ්‍යාදෘෂ්ටීන් හිස් මුදුනින් පිළිගනී. සත්‍ය ලෙස කිසිම උපකාරයක් ප්‍රධානය කිරීමට නොහැකි මනකල්පිත  (එනම් සර්ව බලධාරී ඕනෑම දෙවියෙක්) හෝ විසිය හැකි දෙවි වරුන් (ශක්‍ර දෙවි, මහා බ්‍රහ්ම ආදී සුගති ලෝක වාසීන්) ගේ පිහිට සොයයි. දෝරේ ගලන තණ්හාවෙන් අන්ධ වී සරුව පිත්තල ප්ලස්ටික් කැබලි, සත්ව, වාමන රූප, (Feng Shui) හා ඒවා විකුණන වංචනිකයන්ගේ ගොදුරු බවට පත්වේ. නා නා ප්‍රකාර විෂ්ව ශක්ති දේවාල, වංචනිකයන්, කාමුකයන්, සාස්තර, ගුරුකම්, මලයාලි ගුරුකම්, බලි තොවිල්, යාග හෝම, වශී, විශ්වාස කරයි. කිසිම තේරුමක් නැති සායි බාබා වැන්නවුන් අදහයි. මෙකල තමා බුදු වූවේ යැයි කියන කෝළම් කාරයන් පිළිගන්නා තත්වයට වැටේ.

සමාජය වේගයෙන් පරිහානියට යාමේ හේතුවෙන්, භික්ෂු සමාජය තුලද පූජාවන්ට ගෞරවයන්ට  නුසුදුසු භික්ෂූන් වහන්සේලා බිහිවෙමින් පවතී. මේ යටතේ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු  (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි  බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී   එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක.

එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත, 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි.

ඒ අනුව සර්වාගම් වංචාවෙන් ධර්මය, සම්බුද්ධ සාශනය නැසීමට උත්සාහ කරන, එතුලින් ගිහියන්ට මුළු සසර පුරාම අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට මුළු සසර පුරාම අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ උත්තරීතර ස්ථානය ලාබ ප්‍රයෝජන තකා මිසදිටුවන්ට විකුණා දමන යම් භික්ෂුවක් හෝ භික්ෂු සමූහයක් සිටීද ඔවුන්වද ඉහත ආකාරයෙන් වර්ජනය කළ යුතු  (අප්‍රසාදය දැක්විය යුතු ) වන්නේය.

අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද සපයා ඇති  ධර්ම දේශනාව හි අඩංගු කරුණු කීපයක් පහත දැක්වේ

අංගුත්තර නිකායේ, චතුස්ස නිපාතයේ යමෙක් චිත්ත ප්‍රසාදය ඇති කරගත යුතු අග්‍ර වස්තු හතරක් බුදු පියාණන් විසින් දේශනා කොට වදාලා.

1. ලොව වසන තාක් සියලු සත්ව ප්‍රජාවගෙන් සම්මා සම්බුදුන් වහන්සේ අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.

2. ලොව යම්තාක් ධර්ම ඇතොත් ඉන් විරාග නිරෝධ සංඛ්‍යාත නිර්වානයම  අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.

3. ලොව යම්තාක් සමූහ සංඝ ඇතොත්, ඉන් තථාගත ශ්‍රාවක ආර්ය සංඝයාම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.

4. ලොව යම්තාක් ප්‍රතිපදා ඇතොත් ඉන් තථාගතයන් වහන්සේ දේශනා කල ආර්ය අෂ්ටාංගික මාර්ගයම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.

සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න..

Aggasmin Dhanan Dadatan.mp3

ඉහත සඳන් වූ ලෙස යමෙක් රත්නත්‍රය උතුම් පිහිටක් යැයි පිළි ගනියි ද, රත්නත්‍රය සරණ යයි ද, බුද්ධ රත්නයේ ශ්‍රාවක වෙයි ද, ධර්මයට අනුව පිළි පදියි ද, සංඝ රත්නයේ ශ්‍රාවක වෙයි ද ඒ තැනැත්තාට පමණක් උපාසක යන නම යෙදේ. බෞද්ධයා යනුද ඔහුට නමකි. මේ අනුව අද දින වෙසෙන අපි බහුතරයක් බෞද්ධයන් දැයි අපි අපිම විමසා බැලිය යුත්තක් නොවේද?

සරණ ගමනයේ විවිධ ප්‍රභේද ගණනාවක් ඉහත පොතේම පිටු අංක 28 සිට 30 දක්වා ඉතා සරලව විස්තර කර ඇත. උනන්දු වන්නෝ කියවා බලත්වා!

දැන් අපි නිවැරදිව, ඉහත කාරණා සියල්ල සම්පූර්ණ වන සේ තිසරණය යා හැකි ක්‍රමයක් ඇත්දැයි බලමු. අපි දකින ආකාරයට නම්, මුලින් සිංහල තේරුම එක් එක් සරණ ගමනය වෙනුවෙන් කියා ඉහත වැදගත් කරුණු සියල්ල තමාට මව් බසින් සපථ කර ගත යුතුයි. ඉන් පසු සුපුරුදු පාලි වාක්‍ය කියා  සම්පූර්ණ කිරීම කල හැක. පහත සිංහල තේරුම් හොඳින් මතකයට ගන්න. බලාගෙන කියා හෝ මතක සිටින තෙක් පුරුදු වීමෙන් ඉතා උසස් ශ්‍රද්ධාවක් ගොඩ නැගේ.

බුදුන් වහන්සේ

විශාල වීම සඳහා Click කරන්න

1. බුදුන් සරණ යෑම ( සිංහල )

දත යුතු සියළු ධර්මයන් අවබෝධ කලාවූද, අනුනටද එය අවබෝධ කරවන්නා වූද, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ,
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි!
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ඒ බැව් පිළිගන්නා සේක්වා!

දෙවනුවද තුන්වනුවද,  උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි !  ශ්‍රාවකයෙක් වෙමි!, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ඒ බැව් පිළිගන්නා සේක්වා!

ධර්ම රත්නය

විශාල වීම සඳහා Click කරන්න

2. දහම්  සරණ යෑම ( සිංහල )

ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින්, අවබෝධ කොට වදාලා වූද, සපරියාප්තික (පිළිපැදිය යුතු ) වූද, නවලෝකෝත්තර ( නව ආකාරයකින් නිවන් සළසා දෙන්නා ) වූද, ශ්‍රී සද්ධර්ම රත්නය,
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ ශ්‍රී සද්ධර්ම රත්නය ට අනුව හැසිරෙන්නෙක් වෙමි!

දෙවනුවද තුන්වනුවද,  උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි !  ශ්‍රී සද්ධර්ම රත්නය ට අනුව හැසිරෙන්නෙක් වෙමි!

සංඝ රත්නය

විශාල වීම සඳහා Click කරන්න

2. සඟුන් සරණ යෑම ( සිංහල )

ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර භාවයට පැමිණියා වූද, අෂ්ටාර්ය පුද්ගල වූද, මහා සංඝ රත්නය
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ මහා සංඝ රත්නයේ,  ශ්‍රාවකයෙක් වෙමි!
මහා සංඝ රත්නය ඒ බැව් පිළිගන්නා සේක්වා!

දෙවනුවද තුන්වනුවද,  උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි !  ශ්‍රාවකයෙක් වෙමි!, මහා සංඝ රත්නය ඒ බැව් පිළිගන්නා සේක්වා!

පහත පරිදි  ඔබට සුපුරුදු පාලි වාක්‍ය කියා තිසරණය  සම්පූර්ණ කරන්න

බුද්ධං සරණං ගච්ඡාමී
ධම්මං සරණං ගච්ඡාමී
සංඝං සරණං ගච්ඡාමී

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමී
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමී
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමී

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමී
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමී
තතියම්පි සංඝං සරණං ගච්ඡාමී

<< 3 පියවර

 5 පියවර>>


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,893 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ