ධර්ම නිධාන

Archive for ජූනි 2011

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

ලොව හා  අනන්ත විශ්වය

විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න

මෙය බෞද්ධ ආගමිකව සොයා බැලීමට පෙර විද්‍යාව ලෙස අපි හඳුන්වන දෙය තුලින් යම් විග්‍රහයක් කර බලමු.

පරමාණුක වාදය සොයා ගැනීම්ට පදනම් වූයේ ලෝකය නිර්මාණය වී ඇති කුඩාම දෙය කුමක්ද යන මිනිසාගේ ස්වභාවික කුතුහලයයි. ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ භෞතික වාදියො පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන හරහා නොයෙකුත් මතවාද ගොඩ නගා ගත්හ. මෙසේ විද්‍යාව හරහා සොයා ගත් සියල්ල හුදෙක් වාදයන්ම ලෙස පමණක් පිළිගැනීමට හේතුව කිසිවෙකුටත් එවා එසේම පමණයි යන්න ප්‍රත්‍යක්ෂ ලෙස කීමට ඇති නොහැකියාවයි. උදාහරණයක් ලෙස, පරමාණුක වාදය, අදටත් වාදයක්ම මිස පරමාණුක සත්‍ය ලෙස පිළිනොගනී. එය හෙට කරනා විප්ලවීය විද්‍යාත්මක සොයා ගැනීමකින් සම්පූර්ණයෙන්ම කණපිට හැරවීයාමට පවා ඉඩ කඩ ඇති එක්තරා පිළිගැනීමක් පමණි.

අද ලෝකය භෞතික වාදීන්ගෙන් ගහන තැනක් නිසා, අපි මොහොතකට ඔවුන්ගේ ඇසින් ලොව දෙස බලමු. පරමාණුක වාදයට අනුව යමක් ගොඩ නැගී ඇති කුඩාම ඒකකය පරමාණුව ලෙස පිළිගැනේ. එහි න්‍යෂ්ඨියේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන ඇති අතර, වලාවන් ලෙස පවතින කක්ෂ වල ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතී. පරමාණු විවිධ රටා වලට එක්වීමෙන් අණු උපදී, අණු වලින් නොයෙකුත් සංයෝග ගොඩ නැගේ. නොයෙකුත් සංයෝග මිශ්‍ර වෙමින් භෞතික වස්තු ගොඩ නැගේ. මේ අනුව ඕනෑම පණ නැති ද්‍රව්‍යයක් සැලකූ විට එය පරමාණු සමූහයකින් ගොඩ නැගී ඇති බව පැහැදිළි වේ.

ඕනෑම පණ ඇති සත්වයෙක්ගේ ශරීරය සලකා බැලූවද එම සත්වයාගේ ගොඩ නැගීම කැල්සියම්, ප්‍රෝටීන් ආදී රසායනික සංයෝග රාශියක එකතුවක් බව පැහැදිළිය. එනම් එම සංයෝග නොයෙකුත් අණු බවත්, කුඩාම ඒකක ලෙස පරමාණු දක්වා යා හැකි බවත් තේරුම් ගත හැක. මේ අනුව ව්ද්‍යාව හිස මුදුනේ තබා පුදන්නාටත් එකඟ විය හැකි සත්‍ය වන්නේ, මේ ලෝකයේ පණ ඇති, පණ නැති සියළු භෞතික දේවල් හුදෙක් පරමාණු සමූහයක් පමණයි යන්නයි. එවිට ලොව පමණක් නොව මුළු විශ්වයම ඉතාම සරල ඒකකයක් මත ගොඩ නැගුනු මායාවක් බව මොනවට පැහැදිළි වේ. මුළු විශ්වයේම සංකීර්ණත්වය, පරමාණුවේ ඇති යම් සංකීර්ණත්වයක්ද?… එයම පමණි.

විද්‍යාව කොතරම් දියුණු වුවත්, කොතරම් බාහිර උපකරණ උපකාරයට ගත්තත්. අපට පෙනීම ලබා දෙන ඇස මගින් කරන නිරීක්ෂණ මත පමණක් ඊනියා විද්‍යාත්මක නිගමන වලට එළඹේ. සත්ව වර්ගයාටම පොදු යම් දුර්වලතාවක් ඇසේ ඇත්නම් එය කෙලින්ම නිගමන වලට බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. විද්‍යාව කෙතරම් දියුණු වුවත්, හිත යන දෙය මෙසේ ඇසට හසුවීමෙන් වළකින එක් ධර්මතාවක් පමණි. අඳුරේ අතගාන අන්ධයෙක් මෙන්, උඩු හිත,යටි හිත ආදී අතිශය බොළඳ, කිසි සේත් අපගේ අත්දැකීම් හා එකඟ නොවන විකාර මතවාද හැරුනු කොට හිත ගැන කිසිම පිළිගත හැකි විග්‍රහයක් කිරීමට අදටත් විද්‍යාව අපොහොසත් වීමට හේතුවත් මෙයම පමණි.

මිනිස් අපට උපතින් හිමි වන්නේ ඉහත පැහැදිළි කල ආකාර ඉතා පටු සීමාවන්ගෙන් යුත් මෙම රූප දකින ඇස් 2 පමණක් නොවේ.  කලාතුරකින් අයෙක් හැරුණ විට නියම බලය කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකි. දෘෂ්ඨි පරාසයේ නිම් හිම් නැති තම තමා විසින් කඩ තුරා ඉවත් කර ගැනීමෙන් පමණක් ප්‍රයෝජනයට ගත හැකි අති බල සම්පන්න තවත් ඇසක් සහිතවයි. එම ඇසට මන+ඇස හෙවත් මනස යන කෙටි නම භාවිත කරයි. ලොවේ මෙතෙක් විසූ කිසිදු විද්‍යාඥයෙක් මෙම රූප දකින ඇස් 2 හි පරාසය ඉක්මවන සේ එම ඇස භාවිත කල බවට කිසිම සාධකයක් නැත. භෞතික සොයා ගැනීම්ම පමණක් මිස කිසිදු අධ්‍යාත්මික සොයා ගැනීමක් විද්‍යාඥයන්ට කරගත නොහැකි වී ඇත්තේ මේ නිසාය. මරණය නම් කිසිවෙකුටත් වැළකිය නොහැකි සේ මුහුණදිය යුතු ලෙඩට බෙහෙත කුමක්දැයි කිසිවෙකුටත් සොයා ගත නොහැක්කේ මේ නිසාය. කොහොම නමුත් විද්‍යාව නම් හරිම දියුණු බව කාගෙ කාගෙත් පිළි ගැනීමයි.

හිත දැක ගැනීමට යමෙක්ට අවැසි නම් එයට ඇති ඇසත් හිතම පමණි. එය තමාට තේරුම් ගැනීමට පමණක් නොව අන් අයෙක්ටත් කිසිදු අඩු පාඩුවක්, නොගැලපීමක් නොමැතිව පැහැදිළි කර දීමට අවැසි නම් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණ වත් සමතිස් පෙරුම් පුරමින් මනස තියුණු කල යුතුය. කොටින් කියන්නේ නම් සම්මා සම්බුද්ධත්වයට පත් විය යුතුය. පිරිසිඳු ගෞතම බුදු සසුනේ පහස ලබන බෞද්ධ අපි, එම ලොව්තුරා බුදු පියාණන්ගේ ශ්‍රාවකයන් වීමේ ආනුභාවය නිසා, එතරම් කලක් භවයෙන් භවය දුක් විඳිමින් එම අති බලගතු ඇස අවදි කරගැනීමට වෙහෙස විය යුතු නොවේ. මහා කාරුණිකයාණන් වහන්සේ විසින් කිසිදු අඩු පාඩුවක් නැතිව, ලොවේ මෙතෙක් පහල වූ කිසිදු විද්‍යාඥයෙක්ට යන්තමින් හෝ හෙළි කර ගත නොහැකි වූ එම සිත පිළිබඳ සියළු රහසුත්, පරමාණුක වාදය මෙන් අවිනිශ්චිත නොවී, පරම සත්‍ය ලෙස මේ මුළු භෞතික විශ්වයත් කිසිදු අඩු පාඩුවක් නොමැතිව සිය අනන්ත ඥාණ බල මහිමයන්ගේන් ප්‍රත්‍යක්ෂ ලෙස දැක දැන වදාරා තිබේ.

එබැවින් අන්ධයා ඇතා අත පත ගා කුමක්දැයි සිතාගත් සේ මේ භෞතික ලෝකය වත්, සිත වත් කුමක්දැයි තවත් අපි වැනිම අන්ධයන්ගෙන් අසා මුළා නොවිය යුතුය. අති ඝාම්භීර වූ අභිධර්මය ඔස්සේ මේ සියල්ල බුදු පියාණන් දෙසූ ලෙසම අවබෝධ කර ගැනීමට උත්සාහ කල යුතුය.

ඉතා සරලව පටන් ගන්නේ නම්. මේ ලොවෙහි පමණක් නොව අනන්ත විශ්වයේම පරමාර්ථ ධර්ම හෙවත් සත්‍ය ලෙසම පවතින දේවල් ඇත්තෙ තුනක් පමණි. එය මෙම පළමු වර්ග කිරීම යටතේ නම් කිසිසේත් සංකීර්ණ නොවේ.
1. නාම (සිත හා එයට අදාල සියළු දේ)
2. රූප (පණ ඇති පණ නැති සියළු භෞතික දේ)
3. නිර්වාණය

විද්‍යාවෙන් කිසිදු හසරක් නැති ඉහත පළමුවැන්න ක්‍රමයෙන් ඇතුලට සොයා ගිය විට චිත්ත, චෛතසික ලෙස තවත් විස්තරාත්මක බෙදීම් 2ක් ලැබේ එවිට සියල්ල 4 කි
1. චිත්ත (සිත 1)
2. චෛතසික (  සිත හා ඇමිණෙන විවිධ චෛතසික 52 කි ))
3. රූප (පණ ඇති පණ නැති සියළු භෞතික දේ)
4. නිබ්බාන (1)

විද්‍යාවේදී එකම පරමාණුවකට ලඝු කරන ලද රූප ලෙස මෙහි ඇති අංක 3. සත්‍ය ලෙසම එකිනෙකට ඉතා පැහැදිළිව වෙන්කොට දැක්විය හැකි වෙනස් රූප 28 කි.එය අපි කවුරුත් අසා ඇති භූත රූප 4 වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ  හා අමතරව උපදා රූප ලෙස හැන්දින්වෙන තවත් රූප 24 කි. එවිට වර්ග කිරීම් 4 එහි සියළු අනු කොටස් සමඟ පහත දැක්වේ.
1. චිත්ත (සිත 1)
2. චෛතසික (  සිත හා ඇමිණෙන විවිධ චෛතසික 52 කි  = දෙපනස් චෛතසික )
3. රූප (පැහැදිළිව වෙන්කොට දැක්විය හැකි වෙනස් රූප 28 කි = විසිඅට රූපය.)
4. නිබ්බාන (1)

දැන් ඉහත සියළු සංඛ්‍යා එකතු කර බලන්න (1+52+28+1 = 82). ලොවේ පරමාර්ථ ධර්ම ලෙස සත්‍ය ලෙසම ඇති දේවල් සංඛ්‍යාව 82 ක් බව ඔබට පෙනී යනු ඇත. හොඳින් සිහි තබා ගන්න, මුළු විද්‍යාවම පදනම් වී ඇති අපි මේ රූප දකින ඇස් දෙකට ඝෝචර වන්නේ මෙම මුළු පරමාර්ථ ධර්ම 82 න්ම එකම එක රූපයක් පමණි. එයට විසිඅට රූපය යටතේ ඇති වර්ණ රූපය කියා කියනු ලැබේ. බලන්න අපි රූප දකින ඇසේ දුර්වලතාවය හා නවීන විද්‍යාවේ පදනමේ සිමා මායිම. එය එසේ වුවද, අප ඔබට පෙන්වා දුන් ඔබ තුලමත් අඩුපාඩුවක් නොමැතිව ඇති අති බලසම්පන්න අමතර ඇස හෙවත් මනස ට මෙම ධර්ම 82 දෙකම අඩු නැතිව අරමුණු වන බව ඔබ දන්නවාද?. එය එසේම බව නොවරදින, සර්වඥ වූ බුදු වදනයි.

අති ඝාම්භීර අභිධර්මයේ පළමු පාඩම මෙයයි. නැවත නැවත සිහි කරමින්, මෙම පරමාර්ථ ධර්ම 82 කිනම් වර්ග කිරීම යටතේ ඇතිදැයි ලෙහෙසියෙන් සිහි කරගැනීමට හැකි වනසේ පුහුණු වන්න. එය අප දක්වා ඇති පිළිවෙලටම ඔබගේ මනස හෙවත් අපි පෙන්වාදුන් බල සම්පන්න ඇසින් බලමින් ක්‍රමයෙන් වර්ධනය වූ අයුරු මෙනෙහි කරන්නේ නම් ඔබට මේ සියල්ල මතක තබා ගැනීමට කිසිදු අපහසුවක් නොමැති වනු ඇත.

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අද ලෝකයේ බහුතරයක් දෙනා ශරීරයට සැප දීම දිවියේ අරුත සේ ගත් අයගේ තත්වයේ සිටින්නෝය. එබැවින් ඔවුන්ගේ මනස තේරුම් ගැනීම කාටත් ප්‍රයෝජනවත් වනු ඇත. මනස යනු අති සංකීර්ණ ධර්මතාවයකි. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ නමක් හැරුණු විට අන් කිසිවෙකුට එය සම්පූර්ණයෙන් විස්තර කර පැහැදිලි කල නොහැක. අති ඝාම්භීර අභිධර්මය  මෙවන් අයගේ සිත් ඉතා පැහැදිලිව විස්තර කර ඇත. පරම පූජනීය රේරුකානේ චන්දවිමල මාහිමි පානන් නොවන්නට අපිට සරල සිංහලෙන් මෙය තේරුම් ගැනීමට හෝ ඉදිරිපත් කිරීමට නොහැකි වන බව අපගේ අවංක අදහසයි.

අපි ඉදිරිපත් කරන්නේ එම උතුමාගේ රසවත් ධර්ම ග්‍රන්ථයන් වන “අභිධර්ම මාර්ගය” හා “අභිධර්මයේ මූලික කරුණු” පොත් වහන්සේලා තුල අඬංගු කරුණු ඇසුරෙන් ඉතා සැකෙවින් සකස්කල විස්තරයකි. වැඩි විස්තර ඔබට එම පොත් වහන්සේලා ඇසුරු කිරීමෙන් ලද හැකිය.

පරමාර්ථ ධර්ම වශයෙන් එකක් ලෙස සැලකුවද, අපගේ සිත අකාර 89 කට බෙදූ විට පමණක් එය තේරුම් ගත හැකි තත්වයකට පත්වේ.

අපගේ සිත හා ඇමිණෙන චෛතසික පරමාර්ථ ධර්ම 52 ක් ඇත. එයින් ඒකාන්ත අකුසල චෛතිසිකයක් වන විචිකිච්ඡාව යනු බුද්ධාදී අට තැනක් පිළිබඳ සැකය ලෙසද හැන්දින්විය හැක. ඒවා 8 මෙසේයි

1. බුදුන් වහන්සේ පිළිබඳ සැක
2. ශ්‍රී සද්ධර්මය පිළිබඳ සැක
3. ආර්ය සංඝ රත්නය පිළිබඳ සැක
4. ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රී ශික්ෂාව පිළිබඳ සැක
5. පෙර භවයන් ගැන පිළිබඳ සැක
6. පසු භවයන් ගැන පිළිබඳ සැක
7. පෙර පසු භවයන් දෙකම පිළිබඳ සැක
8. දොලොස් පද පටිච්ඡ සමුප්පාදය පිළිබඳ සැක

මුලින්ම සඳහන් කල සිතේ බෙදීම් 89 අතරින් එකම එක සිතක් සමඟ පමණක් ඉහත විචිකිච්ඡා චෛතිසිකය ඇමිණේ. එබැවින් එය සෑම අතින්ම  තේරුම් ගැනීමට පහසුම චෛතිසිකය ලෙස සඳහන් කල හැක. සම්ප්‍රයෝග වශයෙන් එකම සිතකට පමණක් ඇමිණෙන එකම චෛතිසිකයද එයයි.  ඊලඟට අඩුම සිත් ගණනකට ඇමිණෙන්නේ දෝස හෙවත් ද්වේශ චෛතිසිකයයි එය අපි කලින් ලිපියක සවිස්තරව පෙන්වා දුන් සිත් 2ක් පමණි. එබැවින් ද්වේශ මූල අකුසල් වලක්වා ගැනීම ඔබ සිතන තරම් අපහසු දෙයක් නොවේ, සිත් 2ක් ඉපදීම වළක්වාගැනීමෙන්, අවම කිරීමෙන් ඔබට එක් අකුසල මූලයක් වන ද්වේශය සම්පූර්ණයෙන් පාලනය කල හැක. එය ධර්මයේ හැසිරෙන්නාට මහත්ම සහනයට කාරණයකි.

නැවත අපගේ ප්‍රධාන මාතෘකාවට පැමිණෙමු. විචිකිච්ඡා චෛතිසිකය ඇමිණෙන්නේ මෝහ අකුසල් මූලයට සම්බන්ධ සිත් දෙකෙන් එකකටය. බලන්න

මෝහ මූල සිත් දෙක

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

වාසනාවකට මෝහමූල සිත් දුබල බැවින් එවායින් ලෝභමූල දෝසමූල සිත්වලින් මෙන් සතර අපා උප්පත්ති ආදී බරපතල විපාක ඇති නොවේ. එනමුත් විචිකිච්ඡාව ඇමුණුන සිත ඇති තැනැත්තාගේ සිත නැමෙන්නේ පස්කම් සැපයට පමණි. කුශලයට සිත නොනැමේ. එම සිත සහිතව කුශල් කලද එය බලවත් කුශලයක් නොවීම මෙම පුද්ගලයන්ට සසරේදී වන මහත්ම පාඩුවයි. ඔබට මෙම ආකාරයේ පුද්ගලයන් මුණ ගැසී ඇතුවාට සැක නැත. සමහරවිට ඔබම එම ඝනයේ පුද්ගලයෙක් විය හැක. එසේනම් ඉහත කරුණු 8 සම්බන්ධව ඔබගේ හෝ එම පුද්ගලයන්ගේ ආකල්ප මොනවාදැයි හොඳින් සිහි කර බලන්න. ධර්මයේ ඇති නිරවද්‍ය බව ඔබට අත්දැකීමෙන්ම, ඇස් පනාපිට දැක ගැනීමට හැකි වනවාට කිසිදු සැකයක් නැත.

මෙහි සඳහන් සිත් හා චෛතිසික පිළිබඳ තවත් විචිත්‍ර විස්තර ඉහත පොත් වහන්සේලා තුලින් ඔබට සොයා ගත හැක.

මෙසේ සැප සෙවීම තුළින් එම පුද්ගලයන් උපදවා ගැනීමට තැත් කරන සිත් වර්ග පහ අපි කවුත් දන්නා රූප දැකීම, ශබ්ද ඇසීම, ගන්ධ දැනීම, රස විඳීම, ස්පර්ශ විඳීම ආදියට අදාල සිත් පහ වන

1. චක්ෂු විඥාන  සිත
2. ස්‍රෝත විඥාන  සිත
3. ඝ්‍රාණ විඥාන  සිත
4. ජිව්හා විඥාන  සිත
5. කාය විඥාන  සිත

යන පහ වේ. මේවා කිසිවෙකුත් කුසල් අකුසල් ඵල ගෙන දීමට අසමත් විපාක සිත් ලෙස හැඳින්වෙන අතර  චෛතිසික ඇමිණීම පැත්තෙන් සැලකූ විට, අඩුම චෛතිසික ගණනක් හෙවත් 7 ක් පමණක් සම්බන්ධ වන මේවා බොහෝම බාල වර්ගයේ සිත් පහක් පමණි. මදක් සිතා බලන්න ලෝකයා ඕනෑම වියදමක් කර පංච කාම අරමුණු සපයාගැනීම තුලින් උපදවා ගැනීමට පෙළඹෙන සිත් කීපයේ යථාර්තය මෙයයි. අතිශයින් කණගාටුදායකයි නේද? මේවා ඉපදීම සම්බන්ධයෙන් අපට තෝරා ගැනීමක්ද නොමැත, මන්ද රූපයක් ගැටුන සැනින් චක්ෂු විඥානය යනාදී වශයෙන් ඉහත සියළු සිත් ඒ ඒ අදාල අරමුණ හමුවේඉබේම ඉපදෙන බැවිනි.මීට අමතරව කෙලින්ම අපගේ මනෝ ද්වාරයේ ගැටෙන අරමුණු වෙනුවෙන් මනෝ විඥානය පහල වීමද සිදුවේ. එවිට සියළු විඥාන ධාතු සංඛ්‍යාව 6 ක් වේ

අවාසනාවන්ත ලෙස පංච කාම සම්පත්තියෙන් වල්මත් වූවන් නොවීමට නම් අපි මෙම සිත් තේරුම් ගැනීමට, එවායේ යථා ස්වරූපය විනිවිද දැකීමට සමත් විය යුතුය. මේ සඳහා අපිට උපකාරී වන ඉතාම රසවත් භාවනා වාක්‍ය 6 ක් පූජනීය තෙලිකඩ ධම්මිස්සර හිමිපානන්, උන්වහන්සේට අවේනික ගායනා ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇත. මතකයට ඉතා පහසු වීම මෙම ගායනා ස්වරූපයේ ඇති වාසියයි.

විඥාන ධාතු භාවනා

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

1. චක්ෂු විඥාන භාවනාව.mp3

2. ස්‍රෝත විඥාන  භාවනාව.mp3

3. ඝ්‍රාණ විඥාන  භාවනාව.mp3

4. ජිව්හා විඥාන  භාවනාව.mp3

5. කාය විඥාන  භාවනාව.mp3

මනෝ විඥාන භාවනාව.mp3

පරම පූජනීය රේරුකානේ චන්දවිමල මාහිමි පානන් ගේ අතිශය වටිනා පොත් වහන්සේ කෙනෙක් වන, “විදර්ශනා භාවනා ක්‍රමය” නම් පොතේ ආරම්භක විදර්ශනා භාවනාවක් ලෙස සපයා ඇත්තේද මෙම භාවනා සමූහයමය. සවන්දෙමින් පුරුදු වෙන අතරම බෞද්ධයන් වශයෙන් මේවා පුරුදු පුහුණු වීම කෙතරම් වටින්නේදැයි තේරුම් ගැනීමට නම් ඔබ එම පොත් වහන්සේ බැලිය යුතුමය.

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

ආහාර

ලෝකයේ ජීවත් වන අති බහුතරයක් සත්වයෝම ආහාරය සිය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක 1 ට යොදා ගෙන සිටින බව රහසක් නොවේ. තමා ජීවත් වන්නේ කෑමටම යයි විශ්වාස කිරීමට තරම් ආහාරය සමහරුන්ට මුලාවක් වීමද අද බහුලව දැකිය හැකි අවාසනාවන්ත තත්වයකි. අපි එදිනෙදා ගන්නා ඝන ආහාර අපි සපා අනුභව කරන්නෙමු, දියර ආහාර අපි පානය කරන්නෙමු, අයිස් ක්‍රීම් වැනි මෙළෙක් ආහාර වර්ග දිව ගා පරිභෝග කරන්නෙමු. මේ කුමන ආකාරයෙන් පවතින ආහාරයකට වුවද තිලෝගුරු ශ්‍රී සම්බුදු පියාණන් යොදා ඇත්තේ එක් වර්ගීකරණයක් පමණි. එය නම් “කබලිංකාරාහාර” යන්නයි.

යමක් ඉපදවීමට හෝ උපන් දෙයක් පවත්වාගැනීමට උපකාර වන දෙය ලෙස අර්ථකථනය කර ඇති ආහාර ලෙස ධර්මයේ සඳහන් සියල්ල 4 ක් වන අතර, කබලිංකාරාහාරය යනු එයින් එකක් පමණි. ලිපිය සම්පූර්ණ කිරීම පිණිස ආහාර වර්ග 4 හා එයින් උපදවන දෙය සරළව අපි පෙළ ගස්සන්නෙමු.

ආහාරවර්ගය -> උපදවන දෙය

1. කබලිංකාරාහාර -> අපගේ භෞතික ශරීරයේ, හෙවත් රූප කයේ, ඕජාට්ඨමක රූප කලාප උපදවයි, කබලිංකාරාහාර අපගේ උපන් සිරුර පවත්වාගැනීමට උපකාරී වේ.

2. ස්පර්ශාහාර -> පංචේන්ද්‍රියේ හා මනසේ (සළායතනයන්හි) අරමුණු නොගැටුනේ නම් අපට සැප, හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් කිසිදු වේදනාවක් නූපදී. ස්පර්ශාහාර උපදවන දෙය වේදනාවයි

3. මනෝසංචේතනාහාරය -> අපගේ මීලඟ භවයේ ප්‍රතිසන්ධිය අප කරන කුසල් අකුසල් මතම රඳා පවතී. අප කරන්නේ කුසල්ද අකුසල්ද යන්න 100% තීරණය වන්නේ කරන ක්‍රියාවට සම්බන්ධ සිතේ අනිවාර්ය ලෙස ඇමිණී ඇති චේතනාවෙනි. මනෝසංචේතනාහාරය උපදවන දෙය (කාම, රූප, අරූප භවයේ) ප්‍රතිසන්ධියයි.

4. විඤ්ඤාණාහාරය -> පටිච්ඡසමුප්පාදයට අනුව, ප්‍රතිසන්ධි විඤ්ඤාණය නාම-රූප උපදවන බව අපි දනිමු. විඤ්ඤාණාහාරය උපදවන දෙය නාම-රූපයි

අප අනුභව කරන ආහාර සම්බන්ධව පමණක් සිතා බලන්න, එය තෘෂ්ණාව නිදාන කොට නැතිද?, එය තෘෂ්ණාව හේතු කොට නැතිද? එය තෘෂ්ණාව ජාති කොට නැතිද? එය තෘෂ්ණාව ප්‍රභව කොට නැතිද? එහි විවාදයක් නොමැත. අනෙක් ආහාර තුන සම්බන්ධවද එය එසේම බව බුද්ධ වචනයයි.

කෙළෙස් සහිත සත්වයෝ සියල්ල , කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි ආහාරය වන කබලිංකාරාහාරයෙහි රස තෘෂ්ණාවෙන් ඇලුණාහුද, බැඳුණාහුද වන්නෝය. රස තෘෂ්ණාවෙන්ම ආහාර සොයන්නෝද, රැස් කරන්නෝද, රකින්නෝද, අනුභව කරන්නෝද වන්නෝය. ඒ හේතුවෙන් මස් ආදිය පිණිස ප්‍රාණඝාතාදී නොයෙක් පව්කම් වන්නෝය.

ගොදුරු කරගන්නා මෙන්ම ගොදුරු වන්නාද සසරේම සිරවූ අප වැනිම සත්වයෝයි. එබැවින් ආහාරයේ රස තෘෂ්ණාව, මෙම ආත්ම භාවයේදීම වන මහත් භයටද, දුකටද, ලෙඩ රෝගාදී බොහෝ අනර්ථයන්ටද හේතු වෙයි. අනන්ත වූ අනාගත සසර දුකටද එයම හේතු වෙයි. කොටින් කියන්නේනම් ආහාරයේ රස තෘෂ්ණාවේ ඇලුනෝ සසර දුකේ ගැලුනෝ වෙති.එහෙයින් සසර දුකින් මිදෙනු කැමතියන් විසින් ආහාරයේ රස තෘෂ්ණාව දුරු කළ යුතුයි.

ආහාරයේ පිළිකුල් සංඥාව තුලින් මෙම රස තෘෂ්ණාව දුරු කිරීමට භාවනා වශයෙන් උපදවා දියුණු කල හැකි ඥාන සම්ප්‍රයුක්ත විධි 10 ක් විශුද්ධි මාර්ගයේ ඇතුලත් කොට තිබේ. නමුත් අපි ඉදිරිපත් කරන්නේ ඊට වඩා බොහෝ සරල, ගිහි පැවිදි ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් මතක තබාගෙන ඇලීමකින් තොරව, ඕනෑම ආහාරයක් පරිභෝග කිරීමට භාවිතා කල හැකි ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ලෙස ධර්මචාරී කවුරුත් දන්නා දෙයයි.

ඔබ ආහාර ගන්නා කාලය පුරාවට, නුවනින් තේරුම සළකමින් මෙම වාක්‍ය සිතින් කීමෙන් ඔබට ආහාරය කොතරම් රසවත් වුවත්, කොතරම් ප්‍රණීත වුවත් ඒ හේතුවෙන් අපාගාමී අකුසල් සිත් වන ලෝභ මූල සිත් ඉපදීමේ ඉඩ කඩ සහමුලින් අවුරාදැමීමට හැකිවේ. ඔබ මෙම වාක්‍ය නුවනින් මෙනෙහි කරන තාක්, ඔබ කරන්නේ භාවනාමය කුසළ කර්මයකි. එවන් කුසල කර්ම අතරවාරයේ අකුසල් සිත් ඉපදීමේ අවස්ථා නොලැබී යෑම ඊට හේතුවයි.

“මා මේ ආහාරය ගන්නේ මල්ලවයන් මෙන් සටන් කිරීමට නොව, ගැමි දරුවන් මෙන් සෙල්ලම් කිරීමට නොව, ශරීරය වර්ණවත් කර ගැනීමට නොව, ශරීරයේ අඩු තැන් පුරවා ගැනීමට නොව. ජීවිතයත් ශරීරයත් පවත්වා ගැනීමටයි, ශාසන ප්‍රතිපත්ති පිරීමටයි. මාගේ මේ ප්‍රතිපත්ති පිරීමට උපකාරී වන මේ ආහාරය පිළියෙල කිරීමට දායක වූ සියළු දෙනා, ආයුෂයෙන් වැඩේවා, වර්ණයෙන් වැඩේවා, සැපයෙන් වැඩේවා, බලයෙන් වැඩේවා, ප්‍රඥාවෙන් වැඩේවා , කෙලවර ආත්ම භාවයේදී, පරම ශාන්ත නිර්වාණය සුවසේ අවබෝධ කර ගනිත්වා!.

 මේ ආහාරයත් ශරීරයත් යන දෙකම නිරන්තරයෙන් සිඳි සිඳී, බිඳී, බිඳී යන බැවින් අනිත්‍යයි, බිඳෙමින්, ඉපදෙමින් නිරතුරු අප පෙළන බැවින් දුකයි. කිසිවෙකුගේ කැමැත්තට නොපවත්නා බැවින් අනාත්මයි. පිළිකුල් බැවින් අශුභයි.අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ, අශුභ වූ මේ ආහාරයත් ශරීරයත් ඒකාන්තයෙන්, දුක්ඛ සත්‍ය නම් වන්නේය.

 ඒ ආහාරයත් ශරීරයත් නම් දුක්ඛ සත්‍යය උපදවන්නා වූ පූර්ව භව තෘෂ්ණාව, ඒකාන්තයෙන් දුක්ඛ සමුදය සත්‍ය වන්නේය

 ආහාරයෙනුත් ශරීරයෙනුත් තොරවූ, ශාන්ත නිර්වාණ ධාතුව, දුක්ඛ නිරෝධ සත්‍ය නම් වන්නේය

 ඒ නිරෝධ සත්‍යය සුවසේ අවබෝධ වීම පිණිස, පිළිපැදිය යුතු වූ, ආර්ය අෂ්ථාංගික මාර්ගය, මාර්ග සත්‍ය නම් වන්නේය.

 මාගේ මේ ආහාර ප්‍රත්‍යවේක්ෂා කුසළ කර්මය බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලා විසින් නිවී සැනසී පැමිණ වදාලා වූ අජරාමර ශාන්ත නිර්වාණ ධාතුව සුවසේ අවබෝධ කර ගැනීමට හේතු වේවා!, වාසනා වේවා!!,

 සාදූ!, සාදූ!!, සාදූ!!! “

භික්ෂූන් වහන්සේලා විසින් තමාට සැදැහැවතුන්ගෙන් පූජා ලෙස ලැබෙන සිව් පසයම ප්‍රත්‍යවේක්ෂා කල යුතු වේ. එය ප්‍රත්‍යවේක්ෂාවේ උච්ඡතම භාවිතයයි. නිවන් පතන සැදැහැවතුන් කවුරුත් උන් වහන්සේලාගේ උසස් බව තේරුම් ගැනීමට පහත ධර්ම පත්‍රිකාව කියවා බලත්වා!

සිව් පස ප්‍රත්‍යවේක්ෂාව

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 671 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
ධර්මචාරී පිරිස දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
kalum දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Dinuka Jayasinghe Ar… දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ… පිළිබඳ
Ramalie මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
Amila Chathuranga (@… මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය… පිළිබඳ
nawadakmakapelahara සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… බුදු සසුනේ පිහිටක් අවැසි නම්,… පිළිබඳ
ජයන්ත චන්ද්‍රසිරි කල… සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ… පිළිබඳ
ධර්මචාරී පිරිස බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
Samantha බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා… පිළිබඳ
බොදුනුවාගේ මුදුන්මල්… දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින… පිළිබඳ
Niranjan Karunathila… අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 448,907 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: