ධර්ම නිධාන

Archive for the ‘බොදුනුවන් ගොදුරු කරගන්නා මිථ්‍යා ධර්ම’ Category

පිරිසිඳු බුදු දහම කාලාන්තරයක් තිස්සේ බොදුනුවන්ගෙන් ඈත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මිථ්‍යා ධර්ම අන්ධ බොදුනුවන් මහා පරිමාණයෙන් ගොදුරු කරගන්නා බව පෙනෙයි. පුවත් පත් පිටු පුරා කෝවිල් කපුවන්, නැකැත් කරුවන්, වාලම්පුරී වෙළෙන්දන්, වාස්තු විද්‍යා කරුවන්, වශී, හදි හූණියම් කරුවන්, ෆෙං ෂුයි ප්ලාස්ටික් අපද්‍රව්‍ය කරුවන් ආදී වංචනිකයන් හතු පිපෙන්නා සේ බිහිවෙමින් යයි. මේ අන් කිසිවෙක් නොවේ තම ජීවනෝපාය කර ගැනීමට කිසිදු සාස්ත්‍රයක් කර ගැනීමට නොහැකිව අතරමං වූවන්ගේ ගැලවීමේ උපායයි. නූගතුන් රවටමින් කිසිදු අර්ථයක් ප්‍රතිපලයක් නැති බහුබූත කරමින් වංචනිකව මුදල් ගැරීමේ මාර්ගයයි. නිවනින් ඈතින් ඈතට යමින් අපායටම යොමු කරගත් ඔවුන්ගේ මිච්ඡා ආජීවයයි.

 

උදාහරනයක් ලෙස වාස්තු විද්‍යාව ගනිමු. ගෙයක් තැනීමට යාමේදී තනන්නා ගේ ඉහ මොළ රත්වන රීති ගොඩනැගිල්ලට යෙදීමට මේ උපදෙස් කරුවන් පසුබට නොවේ. සාදා නිමවූ ගොඩ නැගීමක් ඒ අනුව කඩා දැමීමට තරම් අන්ධ භක්තිකයා බියට පත්වේ. මන්ද වාස්තු විද්‍යා නීති කැඩීම මරණය පවා ගෙන දීමට සමත් යැයි පැවසීමට තරම් මේ බොරු කාරයන් පසුබට නොවීමයි. මරණය ගැන බුද්ධ දේශණය ඉතා පැහැදිළිය. පුද්ගලයෙක් මියයන හේතු ඇත්තේ 4ක් පමණි. ඒවා අතර කිසිදු වාස්තු විද්‍යා හේතුවක් ඇත්තේ නැත. තිබේ නම් සර්වඥ වූ බුදු පියාණන්ට නොපෙනීමට කිසිදු හේතුවක් නැත.

මෙය සිතා බලා තේරුම් නොකරගන්නා නිවාස හිමිකරු සුභ ඵල සොයමින් තම ආථිකය අසුභ කරගන්නේ සුලු වියදමකින් පිරිසිඳුව කරගත හැකිව තිබූ ගොඩනැගීම අනේක විධ වැල්වටාරම් කරමින් දෙගුණ තෙගුණ වියදම් වීත් අවසන් කරගත නොහැකිව ලත වීමයි. විවෘත මනසින් බැලූ විට නිවාස තනන්නාගේ ඉහලම අසුභ ලකුණ වාස්තු විද්‍යා කරුවායි. මෙසේ උපදෙස් දෙන අයගේ උපදෙස් පිළිගැනීමට පෙර ඔවුන් වෙසෙන නිවාස වලටම එම නීති යොදා බලන අයෙක්ට කැඩූ වාස්තු විද්‍යා නීති කප්පරක් සොයා ගත හැකි වනු ඇත.

 

මේ ආකාරයටම දෙවියන්ගේ පිහිට කියමින් මල පෙරේතයන්ගේ පහත් පිහිට කෝවිල් පසුපස යන්නාට ලැබේ. පරිත්‍රාන බලයෙන් අනන්ත ආරක්ෂාවක් අමනුෂ්‍යයන්ගේන් නොමිළයේ ලබා ගැනීමට හැකි බව නොදත් බොදුනුවා ප්‍රේත ආවේශවීම් වලට පවා නිකරුනේ ලක්වීම සිදුවේ. බාලයා මුදල් ගෙවා කරදර ලං ගන්නේ එලෙසය. නැකැත් කරුවා සුභ වේලාවන් කියමින් යමෙක්ට ඉතාම පහසු වූ සුභ වේලාව වෙනුවට අතිශය දුෂ්කර අසුභ වේලාවන් සාදා දී මුදල් ගරයි. මිථ්‍යාවෙන් අන්ධව එම වේලාව සුභ යැයි පිළිගන්නා තැනැත්තා මනෝ දුෂ්චරිතයක් තුලින් සිත කිළිටිකරගෙන සිටින බැවින් සාදා දුන් වෙලාව බුදු දහමට අනුව නම් අසුභ වෙලාවම බව දත යුතුය.

 

කිසිදු නැකත් කරුවෙකුට මුදල් නොපුදන පිරිසිඳු බෞද්ධයා පන්සිල් සමාදන් වී, කාය වාග්, වචී දුෂ්චරිත අත්හැර සිය සුභ මොහොත තමා තුලින්ම පහසුවෙන් උපදවාගෙන සියළු යහ ප්‍රාර්ථනා එහි බලයෙන්ම ඉටු කරගනී. වාළම්පුරී කෝළම්කරුවෝ, අනේක විධ රත්න වර්ග වලින් අපල දුරු කරන්නෝ, ෆෙං ෂුයි ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් මුදල් වාසනා සොයන්නෝ, බාහිර වස්තු වලින් ලෝක පාලක නියාම ධර්ම වෙනස් කිරීමට උත්සාහ කරන්නෝය. තමාගේ කර්ම ඵල දෙනවිට ලෝකව්‍යවහාර වචනය අපල සේ සැලකිය හැක. මිලට ගත් වස්තුවක්, කොහේවත් ඇති සෙනසුරෙක්, තරුවක් පුද්ගලයන් තනි තනිව රැස්කල කර්ම අහෝසි කිරීමට සමත්නම් බුදුවරුන්ට පවා වෙනස් කල කොහැකි බුද්ධ දේශිත කර්ම නියාම ධර්මය බොරු විය යුතුය.

 

වශී හදි හූණියම් ගුප්ත විද්‍යා සේ ගැනෙන නමුත් අද දින වන විට මේවා කිසිවක් හරියට කරගැනීමට සමත් ජගතුන් නැත. ඔවුන් ගුරුමුෂ්ඨි හා සාස්ත්‍ර සමඟ අතුරුදන් වී බොහෝ කල්ය. කණින් කොනින් මේවා ගැන අසා ඇති බොරු කාරයන් මහා පරිමාණ මුදල් ගැරීම් සඳහා උපාසක චන්ඩාල පිළිකුල් කිළිටන් ගොදුරු කරගැනීම පමණක් ජයටම සිදුවේ. මෙවන් ගුරුකම් කරන කපුවන් පවා තමාගේ පුද්ගලික වශී හදි හූණියම් පාපී අවශ්‍යතාවන් වෙනුවෙන් තවත් එවන්ම බොරුකාරයන්ට මුදල් ගෙවා රහසේ සේවය ලබා ගැනීම කෙළවරක් නොමැතිව සිදු වන්නේ මේ නිසාය.

 

පිරිසිඳු බොදුනුවා කිසිවිටෙකත් රත්නත්‍රයෙන්, පරිත්‍රාන බලයෙන් පිට පිහිට ආරක්ෂාවක් නොසොයයි. එසේ සොයන්නා සමාන කල හැක්කේ හිරුගේ ආලෝකය අඳුර නැසීමට ප්‍රයෝජනයට ගැනීම ප්‍රතික්ෂේප කර කණා මැදිරියන් බෝතල් කර ආලෝකය ලැබීමට සිතන අනුවණයන්ටය. මෙවන් මිථ්‍යාවන් බුදුන් දුටු අයුරු අපි කලින් නිපාත ඔස්සේ පෙන්වා දුන්නෙමු. බුද්ධ නීති ඔස්සේත් ඒවා දහම තුල තහවුරු කර ඇත්තේ මෙසේයි.

 

පරම පූජණීය රේරුකානේ චන්ද විමල මාහිමි සම්පාදිත බුද්ධ නීති සංග්‍රහය පොත් වහන්සේ තුල අඩංගු 

බුද්ධ නීති

බුද්ධ නීති සංග්‍රහය එකොළොස්වන මුද්‍රණය -2012

සතරවන  ශතකය

11. නැකැත් බලමින් කල යුත්ත පසු කරන්නාවූ මෝඩයා හට අර්ථය ඉක්ම යන්නේය. බලාපොරොත්තු වන අර්ථය සිදු වේ නම් එයම නැකතය. අහසේ තරු කුමක් කෙරේද? (පිටුව 105).

 

චතු සත්‍ය අවබෝධය අරමුණු කරමින් බෝධි  (සෝවාන් හෝ සෙදගැමි හෝ අනාගාමී හෝ අරහත් හෝ පසේ බුදු හෝ බුදු ) ප්‍රාර්ථනා පුරණ බෞද්ධ ඔබ කිසිවිටෙකත් මෙවන් වංචාවල ගොදුරක් නොවේවා! 


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,891 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ