ධර්ම නිධාන

Archive for නොවැම්බර් 2014

මෛත්‍රිපාල විධායක ජනපතිධුරය දින සියයෙන් අහෝසි කර රනිල්ට දෙන්නේ රිටිගලකන්දට නැග බවුන් වැඩීමටද
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

“මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය දින සියයෙන් අහෝසිකර රනිල් වික්‍රමසිංහ මහතාට බලය දෙන්නේ රිටිගල කන්දට නැග බවුන් වැඩීමට” දැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඒ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල මහතාව ඉදිරියට දමා තිරය පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් උත්සාහ ගන්නේ රටට යහපතක්‌ කිරීමට නොව ඔවුන්ගේ වෛරී සිතුවිලි සාක්‍ෂාත් කර ගැනීමට පමණක්‌ බවත් උන්වහන්සේ සඳහන් කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (27 වැනිදා) එම අදහස්‌ පළ කළේ ජනාධිපතිවරණයේදී සිය සංවිධානයේ සහාය කාටද යන්න හෙළි කිරීම වෙනුවෙන් කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාම හා ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන ව්‍යාපාරවලට බොදු බල සේනාවේ කැමැත්ත නැහැ. අපේ රට පැහැදිලිව දියුණු කළ හැකි සිංහලේ බෞද්ධ රාජ්‍ය නිර්මාණය කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි සැබෑ ජාතික නායකත්වයක්‌ අප සතුව තිබෙනවා.

වසර 200 කට පෙර 1815 දී සිදු වූ කුමන්ත්‍රණවලදී සිදු වූවක්‌ මෙන් මෙම ජාතික නායකත්වය තිඹිරිගෙයිදීම විනාශ කිරීමට ඉඩ දීමට අප සූදානම් නැහැ. වසර 2 ක්‌ තුළ අප විසින් නිර්මාණය කළ නව ජාතික පුනරුද ව්‍යාපාරය විනාශ කිරීමට සතුරාට ඉඩ දීමට අප ඉක්‌මන් නොවිය යුතුයි.

බොදු බල සේනාව බහුතර ජනතාවගේ අපේක්‍ෂාවක්‌ වෙමින් පවතින මොහොතක සිදුවන මෙම මැතිවරණය නිසා නිර්මාණය වී ඇති “බොරු වළේ” වැටී විනාශ වීමට ඇති ඉඩකඩ පිළිබඳව තේරුම් ගැනීමට බොදුබල සේනා පැහැදිලිව පරිණත වී ඇති බව කිවයුතුයි. සිංහලේ බෞද්ධ රාජ්‍යය බිහි කිරීම උදෙසා වු පදනම ආරක්‍ෂා කිරීම අපගේ පරම යුතුකම හා වගකීමයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද හේතුවෙන් රටේ ඓතිහාසික ජාතියට තිබිය යුතු එහෙත් අහිමි කරනු ලැබූ එහෙත් සුළු ජනවර්ග විසින් වරප්‍රසාදයක්‌ කරගෙන භූක්‌ති විඳින “රජුන් තැනීමේ” බලය රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට හිමි වෙමින් පවතින මොහොතක, බෙදී වෙන් වී ඇති සිංහල බෞද්ධයන් එක්‌සත් විමේ විභවය නිර්මාණය වී ඇති මොහොතක අප සියලු දෙනා කටයුතු කළ යුතු වන්නේ ඉතාමත් තාර්කිකව විචාරශීලීව, බුද්ධිමත්වයි.

2009 දී කුරිරු ත්‍රස්‌තවාදය අවසන් වුවද එහි දේශපාලන පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ පරාජය කිරීමට රජය අපොහොසත් වූවා පමණක්‌ නොව බලය උදෙසා, රට ජාතිය හා ආගම පාවා දිය හැකි, උකස්‌ කළ හැකි අපගේම ලෙස පෙනෙන විජාතික බලවේග සමග එක්‌ව එය ශක්‌තිමත් කිරීමට ගනු ලැබූ උත්සාහයන් හඳුනා නොගැනීමට තරම් අප්‍රවේසම් දුර්වල වී ඒ නිසා සිංහල බෞද්ධ රාජ්‍ය නැවත දිනාගැනීම වෙනුවෙන් වූ අරගලයට අප නායකත්වය දෙමින් සිටිනවා.

2015 ජනාධිපතිවරණය පිළිබඳව බොදු බල සේනාව සිය සංවිධායකයන් හා ප්‍රධාන දායකයන් සමග ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ගැඹුරු ලෙස සාකච්ඡා කළා. අපගේ “ජාතික බුද්ධි සභාවේ” විමසුමටද ලක්‌ කළා. අනතුරුව බොදු බල සේනාවේ දේශපාලන මණ්‌ඩලයේ නිර්දේශ මත එහි “විධායක කමිටුව” මෙම තීන්දුවට එළඹීමට කටයුතු කළා.

2015 ජනාධිපතිවරණය යනු සිංහලයාගේ, බෞද්ධයාගේ පමණක්‌ නොව සමස්‌ත රට වැසියාගේම පැවැත්මට බලපෑම් ඇති කළ හැකි විශේෂයෙන් සැමට සෙත සැලසිය හැකි සිංහල බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීමේ පදනම විනාශ කිරීම කෙරෙහි තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ හැකි සංධිස්‌ථානයක්‌ ලෙස සැලකිය යුතුය. අපගේ උතුම් අරමුණ ජයග්‍රහණය කිරීම උදෙසා පදනමක්‌ වී ඇති සාමකාමී පරිසරය විනාශ කොට “ජාතිභේදවාදී ත්‍රස්‌තවාදය” හා “ආගමික ත්‍රස්‌තවාදය” හිස එසවීමට ඉඩ දෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි වේදිකාවක්‌ ලෙස මෙම ජනාධිපතිවරණය දකින බැවින් මෙම ක්‍රමන්ත්‍රණය හෙළිදරව් කිරීමටත්, එම කුමන්ත්‍රණය පරාජය කිරීමටත් එම අරමුණු උදෙසා බොදු බල සේනා සතු සමාජ ප්‍රාග්ධනය ඇතුළු සියලු විභවයන් මුදා හැරීමටත්, ඒ තුළින් සැමට සෙත සැලසිය හැකි සිංහලේ බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීම උදෙසා වූ අරගලය ශක්‌තිමත් කිරීමට උදාවන සෑම තත්ත්පරයක්‌ම යොදා ගත යුතුයි. ඒ සඳහා යෝග්‍ය සියලු බලවේග ඒකරාශී කිරීමටත් කටයුතු කළ යුතුයි. මෙම ජාතික බුද්ධි මෙහෙවර උදෙසා රටේ ඇති සියලු භික්‍ෂුන් වහන්සේලා හා සියලු බෞද්ධ විහාරස්‌ථාන කේන්ද්‍ර කොටගත් සිංහල බෞද්ධ රාජ්‍යය දිනවීමේ සටන තුළින් 2015 ජනවාරි මස 8 වැනි දින පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණයේදී මෙම විජාතික කුමන්ත්‍රණය පැරදවීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී වූ ජන අරගලයක්‌ කරමින් මේ රටේ රජුන් තැනීමේ නායකත්වය භික්‍ෂුන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට උරුම කර දීමට බොදු බල සේනා පෙරමුණ ගත යුතුය යන්න අපගේ තීන්දුවයි.

මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි පිරිසක්‌ එක්‌වූහ.

 

http://www.divaina.com/2014/11/28/news19.html

මඩකලපුව දිස්‌ත්‍රික්‌කය වූ කලී මීට දශක 03 කට ඉහතදී සිංහලයන් තිස්‌ හතළිස්‌ දාහකින් පිරී ගිය පුරවරයකි. විවිධ ව්‍යාපාරවල නියෑළෙමින් ඔවුන් දෙමළ සහ මුස්‌ලිම් ජනයා සමගින් සහජීවනයෙන් කල් ගත කරන ලදී. නමුත් සැකය වෛරය අවුලවමින් ඇතිවූ යුද්ධය නිසා පසුගිය කාල සිමාව තුළ මරණයේ දේශයක්‌ව පැවතිණි.

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට අයත් කෙවිලියාමඩුව ගම්මානයේ යුද්ධයට පෙර ගම්වාසින් ජීවත්වූවේ දහසක්‌ වූ බාධක මැදය. නමුත් අවට ගම්වල ජනයා ලේ පිපාසිත මිනිමරු කොටි රකුසාට ගොදුරු වෙද්දී මෙම කෙවිලියාමඩුව අහිංසක ගම්වැස්‌සෝද තම පණ නළ බේරා ගැනීම සඳහා තම ඉඩ කඩම් අතහැර යන්නට පු`ඵ පු`ඵවන් තැන්වලට පලා යන්නට වූහ. නමුත් 2004 වසරේ සාම ගිවිසුම් කාල සීමාවේදී මෙම ගම්වැස්‌සෝ තමන්ගේ පරණ පුරුදු ඉඩ කඩම් සොයා පැමිණියේ තමන් හට පුංචි අතු පැලක හෝ නිදහසේ ජීවත්වන්නට උවමනාව නිසාය.

එදා පටන් මේ දක්‌වාම දහසක්‌ බාධක හමුවේ මෙම ජනයා අනන්ත අප්‍රමාණ දුක්‌ ගැහැට විඳිමින් මෙම කෙවිලියාමඩුව ගම්මානයේ ජීවත්වන්නට වූවේ මහා යස ඉසුරෙන් පිරි දිවි පෙවතක්‌ නොව මහා කටුක දුක්‌ත දිවි පෙවතකි. 2008 සිට මේ දක්‌වාම රජයෙන් ලැබෙන සමෘද්ධි කූපන්පත පවා අහිමිව අඩුම තරමේ පදිංචිය සනාථ කිරීමේ ලිපියක්‌වත් ගැනීමට නොහැකිව මෙම ජනයා ගෙවන ජීවිතයේ වේදනාවේ හඬ බලධාරීන්ගේ බිහිරිවී ගිය කන් අඩිවලට නො ඇසුණේ ඔවුන් තව තවත් අන්ත අසරණ කරලමිනි.

ඡන්දය දමන්නටවත් ඡන්ද නාම ලේඛනයට නම ඇතුළත් කර ගැනීමට නොහැකිව මෙම ජනයා පිට සක්‌වළ ජීවීන් මෙන් කිසිම වරප්‍රසාදායක්‌ නොමැතිව මෙම ගම්මානයේම වාසය කරන්නට වූහ

මේ කෙවිලියාමඩුව ගම්මානයේ පදිංචි ධම්ම්කා කුමාරිගේ සංවේදී කථාවයි.

මම කෙවිලියාමඩුවට ඇවිල්aලා අවුරුදු 08 ක්‌ වෙනවා. මම යුද්ධයටත් කලින් පදිංචි වෙලා හිටියා. අපේ අම්මලා 1973 ඉඳලා තමා කෙවිලියාමඩුවේ පදිංචි වෙලා හිටියේ. මම ඉපදුණේ මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ. නමුත් මට තවම හැඳුනුම්පතක්‌ නැහැ. තවම අපිට ඡන්ද නාම ලේඛනයේ නම ලියාපදිංචි කරගන්න බැරි වුණා. නම දාලා අයදුම්පතක්‌ පුරවලා දුන්නත් අපිව අනවසර පදිංචිකරුවෝ කියලා ලියාපදිංචි කළේ නැහැ. මට ළමයි තුන් දෙනෙක්‌ සිටිනවා. මහත්තයාටත් ස්‌ථිර රැකියාවක්‌ නැහැ. බොහෝම අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඒක හින්දා මම මොකක්‌හරි රැකියාවක්‌ කරන්න කියලා ග්‍රාමසේවා සහතිකයක්‌ ගන්න ගියා. පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය අපිට ග්‍රාමසේවක සහතිකය දුන්නේ නැහැ. මම 2012 වසරේ උප්පැන්නයත් සමග හැදුනුම්පත් හදනන් අදාළ ලිපි ලේඛණ ගාර දුන්නා. තවමත් මට හැදුනුම්පත ලැබුණේ නැහැ. මම පස්‌සේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාලයට කථා කළා. එතකොට එහෙන් කීවා එහෙම හැඳුනුම්පතක්‌ සකස්‌ කරන්න එවල නැහැ කියලා. මම පස්‌සේ පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්තුමියට මේ ගැන කීවාම ඈ දිගින් දිගටම බැන වැදුනා. ඔයාල අනවසරයෙන් පදිංචි වෙලා ඉන්නේ අපි ඔයාලට කිසිම දෙයක්‌ දෙන්නේ නැහැ. දිගින් දිගටම මේවා ඉල්ලන්න ආවොත් මම රාජකාරියට බාධා කළා කියලා පොලිසියට කියලා කූඩුවට දානවා. මම කිසිම කෙනකුට ලියුමක්‌ දෙන්නේ නැහැ.මම කිසිම කෙනෙක්‌ කියන දේ කරන්නෙත් නැහැ. මම නූගත් ඔයාලට වැඩ කරන්නෙත් නැහැ කියලා අපට බැන වැදුනා. අපි ඊට පස්‌සේ කොක්‌අඩිචෝලේ පොලිසියට ගිහින් මේ පිළිබඳව පැමිණිල්ලක්‌ දැම්මා. අපිට මෙහෙම කරන්නේ මඩකලපුවේ සිංහලයෙක්‌ වෙලා ඉපදුණ කරුමයටද යනුවෙන් ධම්මිකා කුමාරි ඉරිදා දිවයිනට අදහස්‌ දක්‌වමින් පවසා සිටින ලදී.

මේ පද්මිණි පියදර්ශනිගේ කථාවයි.

මගේ මහත්තයා කරන්නේ කුලීවැඩ. මගේ දුව 2011 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්. නමුත් අපේ ආදායම සහතික කරලා දෙන්නේ නැති නිසා තවමත් ශිෂ්‍යාධාර ලබා ගන්න බැරි වුණා. මම දිගින් දිගටම පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්තුමිය මුණ ගැසෙන්නට ගියා. නමුත් වැඩක්‌ වුණේ නැහැ. මගේ පුතා පොලිසියට යැමට සම්මුඛ පරීක්‌ෂණ 04 කට ගියා. 5 වන සම්මුඛ පරීක්‌ෂණයට යන්න ග්‍රාම සේවක සහතිකයක්‌ අවශ්‍ය වුණා. මම පසුගිය 26 වැනිදා එම වැඩ දෙකම කරගන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියා. එතකොට ප්‍රාදේශීය ලේකම්තුමිය කීවා මම ඔයාලට කිසිම වැඩක්‌ කරලා දෙන්නේ නැහැ.ඔයාලා ගිහින් මඩකලපුව හාමුදුරුවන්ට කියලා මේ වැඩ කරගන්න කියලා. ඊට පස්‌සේ මම ගියා මඩකලපුව මහ දිසාපතිතුමිය මුණගැසන්න. එතුමිය ලියුමක සටහනක්‌ දාල දුන්නා මේක ගිහින් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරියට දෙන්න කියලා. නමුත් ඒක ගිහින් දුන්නමත් එම වැඩය කරලා දුන්නේ නැහැ. ඒක අරන් පැත්තකට විසි කරලා දැම්මා. මම මේක කරලා දෙන්නේ නැහැ. මම කවුරු කීවත් මෙම වැඩය කරලා දෙන්නේ නැහැ කියලා බැන වැදුනා. පස්‌සේ නැවතත් 04 වැනිදා මඩකලපුවේ පංසලේ ඉඳන් දිසාපති කාර්යාලයට විරෝධතා පා ගමනක්‌ ඇවිල්ලා දිසාපතිතුමියත් සමග සාකාච්ඡා කළාට පස්‌සේයි මගේ දුවට ශිෂ්‍යාධාර ගන්න ආදායම් සහතික කර ගන්න පු`ඵවන් වුණේ. අවුරුදු දෙකක්‌ මම මෙම ආදායම් වාර්තාව ගන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස්‌ කථා කරා. නමුත් ඒ එක අවස්‌ථාවකවත් ප්‍රාදේශීය ලේකම්තුමිය අපට අදාළ සහතික කිරීම් කරලා දුන්නේ නැහැ. අපි දුප්පත් ජනතාව. අපි රජයෙන් ඉර හඳ ඉල්ලන්නේ නැහැ. අපි ඉල්ලා සිටින්නේ අපිට නිදහසේ ජීවත් වෙන්න අවශ්‍ය දේවල් කරලා දෙන්න කියලයි යනුවෙන් පත්මිණී ප්‍රියදර්ශනි වසර ගණනාවක්‌ තිස්‌සේ තමන් අත්විඳ දුක්‌ ගැහැට පිළිබඳව අදහස්‌ දක්‌වන්නට වූවාය.

මේ අයුරින් වසර 06 ක කාලයක්‌ තිස්‌සේ මෙම කෙවිලියාමඩුව ජනතාව විඳින්නෙ අනන්ත අප්‍රමාණ දුක්‌ කරදරයකි. පවුල් 106 ක්‌ පමණ මෙම ස්‌ථානයේ පදිංචිව සිටින්නේ තමනට යන්න එන්නට අන් පිළිසරණක්‌ නැති නිසාමය. බොන්නට ජල බිඳක්‌ සොයා සැතපුම් ගණන් නියං සමයේදී යා යුතුව ඇත. රෑ පුරා එම ප්‍රදේශයේ නිරන්තරයෙන් සරනා වන අලි සේනාවෙන් ගෙනෙනා කරදරය නිමක්‌ නැත. ගමේ පාසල් නැති කම නිසා පාසලකට යැමට කිලෝ මීටර්10 කට ආසන්න දුරක පිහිටි මංගල ගම විද්‍යාලයට යා යුතුව ඇත. එදා වේල යාන්තමින් සරි කරගැනීමට වෙහෙසෙන මේ ජනයාට තම දරුවන්ද දිනපතාම වාගේ පාසලට යෑවීමට වත්කමක්‌ නොමැතිව ළතවෙමින්a සිටින්නේ ස්‌ථිර ආදායම් මාර්ගයක්‌ මෙම ගම්වාසීන්ට නොමැති නිසාවෙනි. නමුත් තවමත් ඉඩමට බලපත්‍රයක්‌ ලබා ගැනීමට නොහැකිවන්නට හේතුව මෙම ජනයා සිංහල රටේ සිංහල වී ඉපදීම දැයි පට්‌ටිපොළ ප්‍රදේශීය ලේකම්වරිය ඇතු`ඵ අදාළ බලධාරීන්ගෙන් ඇසීමට සිදුව තිබේ.

මහත්තයෝ අපි උපන් බිමේ කල්ලතෝනියෝ වෙලා. ඉඩමට බලපත්‍රයක්‌ දෙන්නේ නැහැ. ග්‍රාමසේවක සහතිකයක්‌ උප්පැන්න සහතිකයක්‌ මරණ සහතිකයක්‌ ලබා ගන්න බැරි වෙලා තියෙනවා. අපිට ඡන්දයක්‌ දාන්න බැරිවෙලා තියෙනවා. දුප්පත් අපිට සමෘද්ධිය ලබා ගැනීමට තිබෙන අයිතියත් පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය අපෙන් උදුරාගෙන තිබෙනවා. ජනතාවගේ බදු මුදලින් යෑපෙන මෙම නිsලධාරීන් අපි අන්ත අසරණ කරලා අපිව තලා පෙළා දානවා. අපිට මේ වන තෙක්‌ රජයෙන් ලැබෙන කිසිම දෙයක්‌ ලැබිලා නැහැ. මඩකලපුව හාමුදුරුවෝ තමයි දෙවියෙක්‌ වාගේ අපි ගැන නිතරම සොයා බලා කටයුතු කරන්නේ. අපේ ළමයින්ට පොතක්‌ පැනක්‌ දීලා පාසල් යවන්න. බඩගින්නේ ඉන්න වෙලාවට කුස පුරවා ගන්නට හාල් මිටක්‌ ලබා දෙන්නේ උන්වහන්සේ මැදිහත්වීමෙන් හැබැයි අපේ ගම ආසන්නයේ කොහොඹගස්‌තලාව ගම්මානයේ දෙමළ ජනතාව පදිsංචිකරලා සිටිනවා.

එම ජනතාවට කිසිම ගැටලුවක්‌ නැහැ. රජයෙන් නිවාස සාදන්න රුපියල් ලක්‌ෂ 05 ක නිවාස ආධාරත් දීලා තියෙනවා. ඒ අයට රජයෙන් ලැබෙනා සියලුදේ ලැබෙනවා. නමුත් අපට තමයි ඒ කිසිවක්‌ ලැබෙන්නේ නැත්තේ. ඇයි අපි සිංහලයෝ නිසාද අපිට මේ තරම් කෙනහිලි කම් කරන්නේ. දෙමළ ජනතාවට වැඩ කරලා දෙනවාට අපේ කිසිම අකැමැත්තක්‌ නැහැ. නමුත් තිබෙන ගැටලුව වන්නේ අපි අන්ත අසරණ කිරීමයි යනුවෙන් කෙවිලියාමඩුව පදිංචි ඩබ්. එම් ජයතිලක පවසන්නට විය.

වෙලෙස කෙවිලියාමඩුව ගම්මානයේ ජනතාවට දිගින් දිගටම සිදුවන අසාධාරණකම්වලට එරෙහිව එම ගම්මානවල ජනතාව හාරසීයකට අධික පිරිසක්‌ සිංහල රාවය ජාතික සංවිධානයේ උප සභාපති පුලියද්දේ සුධම්ම හිමි සහ මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මඩකලපුව මංගලාරාම විහරස්‌ථානයේ සිට මඩකලපුව දිසාපති කාර්යාලය තෙක්‌ විරෝධතා පාගමනක්‌ පසුගිය 04 වනදා පවත්වන ලදී. ඔවුන් මඩකලපුව කච්ෙච්රි භුමියට ගොස්‌ විරෝධතාවයේ නියළෙද්දී මඩකලපුව සහකාර පොලිස්‌ අධිකාරි අනුරුද්ධ බණ්‌ඩාර සහ මූලස්‌ථාන පොලිස්‌ පරීක්‌ෂක ගුණසේකර යන නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් මඩකලපුව මහ දිසාපතිනිය වන පී. එස්‌. එම්. චාල්ස්‌ මහත්මිය අදාළ භික්‌ෂූන් වහන්සේලා සහ ගම්වාසීන් කිහිප දෙනකු සමගින් මෙම ගැටලුව පිළිබඳව සාකාච්ඡාවක්‌ සිදු කරන ලදී. එම අවස්‌ථාවේදී පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් එස්‌. විල්වරත්නම් මහත්මිය ද ගෙන්වා අදාළ කරුණු විමසීමක්‌ සිදු කරන ලදී. එහිදී දිගින් දිගටම කෙවිලියාමඩුව සිංහල ගම්මානයේ ජනතාවට සිදුවන අසාධාරණකම් සහ මූලික අයිතිවාසිකම් අහිමිවීම් ආදිය පිළිබඳව සිංහල රාවය සංවිධානයේ භික්‌ෂූන් වහන්සේලා සහ අම්පිටියේ සුමනරතන හිමියන් දිගින් දිගටම අදහස්‌ දක්‌වන ලදී. එම අවස්‌ථාවේදී මහ දිසාපතිවරිය අදාළ ප්‍රාදේශීය ලේකම්වරියගේ ඇතැම් ක්‍රියා කලාපයන් සඳහා සිය එකඟතාව පළ නොකළ අතර එම අවස්‌ථාවේදීම අදාළ සහතික පත් ලබා ගැනීමට නොහැකිවුණ අයහට අදාළ සහතික පත් ලබා දීමට කටයුතු කරන ලදී. ඉදිරියේදී ජනාධිපතිතුමා සමග සාකාච්ඡා කර මෙම ගැටලුව විසඳන තෙක්‌ රාජකාරි කටයුතු සඳහා පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත නොගොස්‌ මහා දිසාපති කාර්යාලය වෙත පැමිණ සිය අවශ්‍යතාවන් ඉටු කරගන්නා ලෙසත් ඒ සඳහා ලිත පොරොන්දුවක්‌ ද අම්පිටියේ සුමනරතන හිමියන් වෙත භාර දෙන ලදී.

කෙවිලියාමඩුව ගම්මානයේ ජනතාවගේ අසාධාරණකම්වලට නිරන්තරයෙන් නැගී සිටින එම ජනතාවගේ එකම ගැලවුම්කරුවා වෙමින් කටයුතු කරන මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් මෙසේ අදහස්‌ දක්‌වන ලදී.

කෙවිලියාමඩුව ගම්මානයේ අහිංසක සිංහල ජනතාවට කලක සිටම දැඩි අසාධාරණයක්‌ සිදුවෙමින් තිබෙනවා. එදා කපනවාට කොටනවාට බයේ සියලු ඉඩකඩම් අතහැර ගිය ජනතාවගේ සියලුදේ අපි ඉල්ලා සිටින්නේ නැහැ. නමුත් අපි ඉල්ලා සිටින්නේ කෙවිලියාමඩුව, සිප්පිමඩුව, සින්නවත්ත, පු`ඵකුණාව, කොස්‌ගොල්ල, එරාවුර් ආදී ප්‍රදේශවල ජීවත්වන අතළොස්‌සක්‌ වූ සිංහල ජනතාවට අවම වශයෙන් මරණ සහතිකයවත් ලබා ගැනීමේ අයිතිය තහවුරු කරලා දෙන ලෙසටයි. මම මේ ජනතාව වෙනුවෙන් කථා කරන්න පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාම එම කාර්යාලයේ බඩු මුට්‌ටු එයාලා පොළොවේ ගහලා මම ඒ දේ කළා කියලා මට විරුද්ධව අධිකරණයේ නඩුවක්‌ පවා දමලා තිබෙනවා. නමුත් මහ දිසාපතිතුමිය හමුවේදී පට්‌ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරියට තමන් අහිංසක ජනතාවට එරෙහිව කළ වැරදි පිළිගැනීමට සිදුවූවා.

මඩකලපුවේ සිංහලයකු වීම කරුමයක්‌ බවට පත්ව ඇති මෙම උපන් බිමේ අසරණයන්ට දැන්වත් සාධාරණයක්‌ ලැබෙනු ඇතැයිද එම ජනතාව බලාපොරොත්තු සහගතව බලා සිටිති.

සුසන්ත අමර බන්දු

http://www.divaina.com/2014/03/16/nimna01.html

කෙවිලියාමඩුව – පුලිකුනාව
“දැනට සිටින ඉඩම් වලින්ද ඉවත්වන ලේසට ප්රා්දේශීය ලේකම් විසින් නියෝග කර ඇත.එසේ නොවුන හොත් නිවාස පිටින් ඩෝසර් කරන බවට තර්ජනය කර ඇත.එම ප්‍රරදේශය දෙමල නිජභූමියක් යැයි එතුමිය පවසන අතර දෙමල නිජභූමියේ අනවසර පදිංචි කරුවන් නිසා මොවුනට මෙසේ සලකන බව……..” 

 ·

Sinhala Buddhists In Japan _ ජපානයේ සිංහල බෞද්ධයෝ's photo.
අපේ සාමාජිකයන් පිරිසක් ගියා මඩකළපුවේ කෙවිලියාමඩුව, පුලිකුනාව ගමට….
ඒ ගමේ මිනිස්සුන්ගේ කඨෝර කර්කශ ජීවිත දැක්කාම නෙතට කදුලක් ඉනුවා….මේ අපේම සහොදරයන් නේද කියලා……ඔබටත් නිවන් මගේ දොරටු ඇරගන්න එක්වන්න අපිත් එක්ක මේ මිනිස්සුන්ට උදව් කරන්න…..මේ සදහා ඔබට මංගලාරමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි සමග සම්බන්ද විය හැක.පළාත : නැගෙනහිර පළාත
දිස්ත්රි:ක්කය : මඩකලපුව
ග්රාතමසේවක වසම : කච්චිකුඩි 135c
ග්රාතමසේවක නිලධාරි : සුවීන්ද්රාක
ප්රාතදේශීය ලේකම් කොට්ඨාශය : මඩකලපුව
ප්රාතදේශීය ලේකම් : සිවප්රි්යා විල්වරත්නම්
මූලික අපහසුතා
1. දරිද්රිතාවය
2. විරැකියාව
3. පානීය ජල ප්ර ශ්නය
4. විදුලි බලය
5. වන අලින්ගෙන් සිදුවන හිරිහැර
6. දෙමල මිනිස්සුන් මෙමෙ ප්රහදේශයට හරක් පට්ටි මුදාහැරීමෙන් මතුවන ගැටලුව
7. ග්රා ම සේවකගේ නොසලකිල්ල සහ ප්රාපදේශීය ලේකම් තුමියගේ තාඩන පීඩනපුලිකුනාව ගම පිහිටා තිබෙන්නේ A 27 (අම්පාර – මහනුවර ප්රනධාන මාර්ගය ) මාර්ගයේ කිලෝමීටර 30 කණුව සහ කිලෝමීටර 33 කණුව අතරය. කිලෝමීටර 3ක් අතර පාර දෙපසට වන්නට මෙම ගම පිහිටා ඇත.මෙම ගමේ පදිංචිකරුවන් සියල්ලෝම සිංහල ජාතිකයන් වන අතර ඒ නිසාම ග්රාදම සේවකගෙන් සහ ප්රාිදේශීය ලේකම්ගෙන් විවිධ කෙණෙහිලිකම් සිදුවේ. ප්රාවදේශීය ලේකම් තුමිය හිටපු ටී.එන්.ඒ ප්රේබල සාමාජිකාවකි.මෙහි ගම්වැසියන්ගේ මූලිකම ගැටලුව ලෙස පානිය ජල හිගය සහ විදුලි බලය නොමැතිකම සැලකිය හැකිය. අවට ගම් සියල්ලටම විදුලිය සහ ජලය ලබා දී ඇත. ගම්වැසියන් බොහෝ දෙනෙක් රැකියා වියුක්තිකයෝය.එම නිසා දරිද්රලතාවයේ පතුලටම වැටී සිටියි. බොහෝවිට ආහාර පවා ලබාදෙනුයේ පන්සලේ ස්වාමීන්වහන්සේ විසිනි. පන්සලේ හාමුදුරුවන්ටද බොහෝවිට දානය නොලැබෙයි.හාමුදුරුවන්ට ලැබෙන දේ බොහෝ විට ගැමියන්ට ලබා දීමට තරම් පුලිකුනාව පන්සලේ ස්වාමීන් වහන්සේ පරිත්යාගශීලී වේ ඇත.

වන අලින්ගෙන්ද නිරන්තර හිරිහැර සිදුවන අතර දෙමල මිනිසුන්ගේ හරක් පට්ටි ගෙනැවිත් දැමීම නිසා කිසිදු වගාවක් කිරීමටද නොහැකි තත්වයක් ඇති වී තිබේ.අප යන විටද පුලිකුණාව පන්සලට යාබදව අලුතින් වතුර පිරෙමින් පවතින වැවේ විශාල හරක් පට්ටියක් සිටින අයුරු අපට දැකගැනීමට හැකි විය.

දැනට මෙහි පැල්පත් නිවාස රාශියක් ඇත.බොහෝවිට ඇත්තේ ඉටිරෙදි වලින් හා ටකරන් වලින් වට කරන ලද නිවාස වේ. නිවාස කීපයක් දැනටමත් මඩකලපුව මංගලාධිපති ස්වාමීන්වහන්සේගේ උපකාර ඇතිව සාදා දී ඇත.

මානව හිමිකම් උල්ලංගනය කිරීම් ප්රතසිද්ධියේ සිදුවෙයි. ගම්වැසියන්ගේ අවශ්යතා වලට ග්රාඇමසේවක සහතිකයක් ලබා ගැනීමට පවා නොහැකි තත්වයක් ඇත.එමෙන්ම ප්රවජාතන්ත්රමවාදී රටක වැසියන්ට හිමිවන සර්වජන ඡන්ද බලයවත් මෙහි ගම් වැසියන්ට නොමැත. වසර 5කට පෙර ඉල්ලුම් පත් යොමුකල හැදුනුම් පත් සදහා ද තවමත් හැදුනුම් පත් ලැබී නොමැත.ග්රා.මසේවක ඉල්ලුම්පත් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යොමු කල බව පවසන අතර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විමසූ විට එවැනි ඉල්ලුම්පත් නොලබූ බව පවසයි.

 

දැනට සිටින ඉඩම් වලින්ද ඉවත්වන ලේසට ප්රා්දේශීය ලේකම් විසින් නියෝග කර ඇත.එසේ නොවුන හොත් නිවාස පිටින් ඩෝසර් කරන බවට තර්ජනය කර ඇත. එම ප්දේශය දෙමල නිජභූමියක් යැයි එතුමිය පවසන අතර දෙමල නිජභූමියේ අනවසර පදිංචි කරුවන් නිසා මොවුනට මෙසේ සලකන බව අපට සැලවුනි. මෙයින් පෙනී යන්නේ අලුයට ගිනි මෙන් පවතින ඊලම් අරගලයේ තවත් පැතිකඩකි.රැකියා විරහිත ප්රගශ්නයට පිලියමක් ලෙස ස්වාමීන් වහන්සේගෙන් අහින්සක යෝජනාවක් අප වෙත ඉදිරිපත් වූ අතර එය ඉටු කර දෙන්නේ නම් මහත් වූ ප්රෙයෝජනයක් ගම්වැසියන්ට බව පැවසූ සේක…මෙම ගම පිහිටා තිබෙන්නේ අම්පාර – කොලඹ / නුවර ප්රයධාන මාර්ගයේ බැවින් දිනපතා විශාල වාහන සංඛ්යාමවක් ධාවනය වන අතර ඒ ප්අදේශය ආසන්නයේ කිසිදු වෙලදසලක් නොමැති නිසා සාමාන්ය මට්ටමේ දිවා රාත්රීල තේ කඩයක් ආරම්භ කිරීමට අවශ්ය මූලික ප්රා ග්ධනය ලබාදීමට හැකිනම් මහත් අගයකොට සලකන බව පැවසූහ. එමෙන්ම දැනට විහාරස්ථානයේ ප්රරබල අඩුපාඩුවක්ව පවතින සංඝාවාසයක් නොමැතිකම පිලිබදවද උන් වහන්සේ අප සමග පැවසූ සේක.

Tel        04 249 723 10

 

Skype       sb.japan

 

ජාතික හෙළ උරුමයේ පීළි පැනීම ආරම්භයේ සිටම අපි එය හුවා දැක්වූයේ එය බොදුනුවාගේ එකම පිහිට බව ක්‍රියාවෙන් එතෙක් පෙන්වමින් සිටි නිසාය. කෙසේ හෝ කල්ලතෝනි බෞද්ධ වීරෝධී දේශපාලන බලවේග වල ඔඩොක්කුවේ සුරතල් වෙමින් දෙමළ බෙදුම්වාදය පැරදවූ රජය ට අභියෝග කිරීමට තරම් ජාති සාසන ද්‍රෝහී වීමට තරම් හිරි ඔතප් එම පක්ෂයට නැති වූයේ පෞද්ගලික කෝන්තර මත බව පෙනී යයි. එවන් පටු අරමුණු මත ජාතියක් අසරණ කිරීමට තරම් මුග්ධ භාවයක් හෙළ උරුමය තුලින් කිසිවෙකුත් කිසිදිනකත් බලාපොරොත්තු නොවීය. කෙසේ හෝ නොවිය හැක්කම සිදුවී තිබේ. මෙතැන් පටන් හෙළ උරුමය බොදු සාසන විරෝධී කල්ලියක් ලෙස පමණක් බොදුනුවන් විසින් සිතට ගැනීම වඩා නිවැරදි තීරණයයි. එයට දුන් වැරදි පිළිගැනීම ගැන අප ඉතාම කණගාටු වන්නෙමු. අප අඩවියේ හෙළ උරුමය පිළිබඳ නිවැරදි කිරීම් අපි කරන්නෙමු.  එම පක්ෂයේ හිමි වරුන් රට දැය සමය කෙරේ හැඟීමක් නැති අය සේ පිළිගැනීමට අපට සිදුවී ඇත.

 

ඔබ රට දැය සමයට හිතැති බොදුනුවෙක් නම් හෙළ උරුමය පිළිකුලෙන් යුතුව බැහැර කරන්න. අපගේ වාසනාවට බොදු බල සේනාව අපට ඉතිරිව ඇත. රජයේ යම් තාක් දුර්වලතා සියල්ල එය හරහා නිවැරදි කර ගැනීමට අපට තවමත් අවස්ථාව ඇත. රට දැය සමය කෙරේ නියම හැඟීම එම පෙරමුණේ ඇති බව ලොවට රහසක් නොවේ. බොදුනුවාගේ එකමුතුව විවිධ පාට පක්ෂ වලට නොබෙදා බොදු බල සේනාවේ බොදු ආගමික හඬ ඔස්සේ මේ රටේ අපේ නියම අයිතිය සොයා යෑමට අදිටන් කර ගනිමු.

 


පාඨලී උදය ඇමතිවරු අස්‌වෙති
ඉදිරියේදී රජයේ නියෝග හෙළ උරුමයට අදාළ නොවේ

සිරිමන්ත රත්නසේකර

තාක්‌ෂණ පර්යේෂණ හා පරමාණු බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක සහ බස්‌නාහිර පළාත් පරිසර හා කෘෂිකර්ම ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරු ඊයේ (18 දා) සිය ඇමැති ධුරවලින් ඉල්ලා අස්‌වූහ.

ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ වන ජාතික හෙළ උරුමය ඇමැති තනතුරුවලින් සහ අනෙකුත් සියලුම තනතුරුවලින් අස්‌වීමට ගනු ලැබූ තීන්දුව ඔව්හු ඊයේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක්‌ කැඳවා ප්‍රකාශ කළහ.

ඒ අනුව පාඨලී චම්පික රණවක මහතා සිය අස්‌වීමේ ලිපිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙතද ප්‍ර්‍රභාත් උදය ගම්මන්පිල මහතා සිය අස්‌වීමේ ලිපිය බස්‌නාහිර පළාතේ ආණ්‌ඩුකාර අලෙවි මවුලානා මහතා වෙතද යොමු කර තිබේ.

ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව, නායකත්ව මණ්‌ඩලය, උත්තරීතර සභාව, ගිහි උපදේශක සභාව, මහජන නියෝජිතයන්, දිස්‌ත්‍රික්‌ හා ආසන සංවිධායකවරුන් ඒකාබද්ධව ගත් ඒකමතික තීරණයකට අනුව මෙම තීරණය ගත් බව එම පක්‍ෂයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික මහතා ඊයේ පැවැති මාධ්‍ය හමුවට එක්‌වෙමින් පැවසීය.

ඒ අනුව මින් ඉදිරියට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන රජයේ නියෝග සිය පක්‍ෂයට අදාළ නොවන බවත් පක්‍ෂය කටයුතු කරන්නේ පක්‍ෂයේ මතය අනුව පමණක්‌ බවත් හෙතෙම පැවසීය.

සන්ධානය තුළ දැරූ තනතුරුවලින් ඉවත්ව ගියද රටට හිතැති පොදු වැඩපිළිවෙළකදී ආණ්‌ඩුවට සහාය දීමට කටයුතු කරන බව පැවසූ පාඨලී චම්පික රණවක මහතා මෙම ඉවත්වීම සතුරු හමුදාවක්‌ ආණ්‌ඩුවට කරන අභියෝගයක්‌ නොව හිතමිතුරු පිරිසක්‌ විසින් කරන කාරුණික මඟපෙන්වීමක්‌ බවත් කියා සිටියේය.

බොල් පිළිම හා ගල් පිළිම අතර වෙනසක්‌ ඇති බව කී හෙතෙම දැන් පවතිනුයේ බොල් සහ ගල් පිළිම අතර සටනක්‌ බවත් කියා සිටියේය.

මෙම ඉවත්වීම තුළ ඉදිරියේදී සිය පක්‍ෂයට සහ පක්‍ෂ නායකයන්ට නොයෙක්‌ අපවාද අවලාද, චෝදනා, ගැරහුම්, තර්ජන, ගර්ජන එල්ලවිය හැකි බව සඳහන් කළ පාඨලී චම්පික රණවක මහතා එන ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම් බව අවධාරණය කළේය.

ජාතික හෙළ උරුමයේ යෝජනාවලට ආණ්‌ඩුවෙන් යහපත් ප්‍රතිචාර නොලැබීම මෙම ඉවත්වීමට හේතුව බවත් දියුණු දේශපාලනයක අවශ්‍යතාව රටට මේ මොහොතේ අවශ්‍යවී ඇති බවත් හෙතෙම කියා සිටියේය.

තනතුරු තාන්න මාන්නවලින් ඇති ඵලක්‌ නැතැයි කී හෙතෙම පක්‍ෂයට අවශ්‍ය ප්‍රතිපත්ති ජයග්‍රහණය කරවීම පමණක්‌ බවත් සඳහන් කළේය.

ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (18 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ පිහිටි ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.

ජාතික හෙළ උරුමයේ මතය ප්‍රකාශ කිරීම වෙනුවෙන් මෙම විශේෂ මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර ඊට එම පක්‍ෂයේ නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි ඇතුළු ප්‍රධාන පෙළේ ගිහි පැවිදි නායකයෝ එක්‌ව සිටියහ.

 

http://www.divaina.com/2014/11/19/news01.html

නැගෙනහිර පළාතේ බොහොමයක් වෙහෙර විහාරස්ථාන මේවන විට විනාශ මුඛයට ඇද වැටි තිබේ. නෙත්. එෆ්.එම් ජාතියේ නාලිකාව අතගැසූ මේ උදාර පින්කමට පින් කැමති ඔබගේ ආධාර යොමුකරන්න


තෙවරක්‌ම බුදුන්ට පුදපු පින්බිමක්‌ නිසා
මෙහි හැම බිම් අඟලකම දළදා හාමුදුරුවන්ගේ
ආඥ චක්‍රය පවතිනවා

– බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

“……. මේ හැමෝම කොල්ලකන්නෙ බුද්ධ බෝග. මේක තෙවරක්‌ බුදුන්ට පුදපු මහා පින්බිමක්‌ දළදා හාමුදුරුවන්ගෙ ආඥ චක්‍රය මේ හැම බිම් අඟලකම පවතිනවා. ඒ බුද්ධ බෝග ආරක්‍ෂා කර ගැනීම අපි කාගේත් වගකීම. මේක කාටවත් කොල්ලකන්න දෙන්න බෑ. ඒ නිසා මේ හැමෝම අධිෂ්ඨාන කරගත යුතුයි එක බිම් අඟලක්‌වත් මගේ ජාතියෙන් පිට දෙන්නෙ නෑ කියලා.”

බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉල් පොහෝa දින වෙල්පල්ල රද්දලතා පුරාණ විහාරයේ පැවැති දහම් සාකච්ඡාවකදී ඒ බැව් පැවසීය.

මතු කළ ප්‍රශ්නයකට තවදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ –

“දළදා පෙරහැරේ කොතරම් නැටුම් ගැයුම් වැයුම් තිබුණත් අපේ කාගෙත් වැඩිම අවධානය යොමුවෙන්නෙ සධාතුක කරඬුව වැඩම වන හස්‌තිරාජයා වෙත ඒක බිඳින්න බැරි සංකේතයක්‌. සිංහල ජාතිය නමැති හස්‌තියා මත බුද්ධ ධර්මය නමැති කරඬුව තමයි ඒකෙන් පිළිබිඹු වෙන්නෙ. අන්න ඒකයි අපි මේ කියන්නේ කරඬුව වැඩමවීමට හස්‌තියා ඉන්න ඕන වගේ තමයි බුදුදහම සුරකින්න සිංහලයො ජාතියක්‌ වශයෙන් රැකෙන්න ඕන කියලා.

පවුකාර මිථ්‍යා දෘෂ්ටික බලවේග අද සිංහල ගම්බිම්වලට ඇවිත් මහා ගැටුම් නිර්මාණය කරමින් යනවා. ඒවායෙන් අපේ සතරපේරුවේ ප්‍රවේණිය රැකගන්න හාමුදුරුවො පෙරට ආ යුතුයි. දායකයන් ධර්මයට ලංකරවා ගන්න ඕන. මිනිසුන් නිරෝගී කිරීමේ වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. රෝගී සමාජවලට බණ කියලා වැඩක්‌ නෑ. පුළුවන් තරම් අභියෝග හඳුනා ගන්න අවශ්‍යයි. තාක්‍ෂණය දැනුම සැමවිටම උපයෝගී කරගත යුතු වෙනවා.

ලෝකෙ ඉන්න එකම ජාතිය වෙන්න ඕන අපි තමන්ගෙ ආගමික නායකයො විවේචනය කරන, වැඩක්‌ කරන අය විවේචනය මහා නරක පුරුද්දක්‌ මේ පින්වන්ත බිමේ සිංහල බෞද්ධකම නැතිකරන්න සංවිධාන 400 ක්‌ ක්‍රියාත්මක වෙනවා. අනතුරක්‌ දැකලා ජාතික මෙහෙවරේ යෙදෙනවා නම් හාමුදුරුනමක්‌ හෝ දායකයෙක්‌ කිසි දවසක ඒක විවේචනයට ලක්‌ කරන්න එපා. ජාතිය රැකගන්න උන්වහන්සේලාට ශක්‌තිය දෙන්න.

පොලිසිය අපිට හරිම ආදරෙයි. අපි බණකට හෝ යනවා කියලා ආරංචි වූ වහාම පුදුම විදිහට එන්නෙ. බුද්ධි අංශ මහත්වරුන් දුවගෙන එනවා ඒක ඉතාම හොඳයි. අපි අගය කළ යුතුයි. ඒත් කෝ සිකුරාදා මුස්‌ලිම් පල්ලිවල දේශන පටිගත කරගන්න යනවා.

අද ලෝකෙටම හිssසරදයක්‌ වෙච්ච අපි වසර 30 ක්‌ යුද්ධය කළා. දැන් අපි ඉන්නෙ සාමකාමී රටක, අපි මැරෙනකල් නැවත ලේ හැලීම් දකින්න කොහොමත් අකැමැතියි. 27000 යෞවනයෝ ජීවිත පූජා කරලා ඒ නිදහස අපට අරන් දුන්න බව පින් සිතින් සිහිකටයුත්තේ ඒකයි. අපට සැනසිල්ල උදා කරපු ඒ අයට අපි කරන ලොකුම ගෞරවය වෙන්නෙ මතු කිසි දිනෙක ලේ වැගිරීමකට තියන ඉඩකඩ අහුරන එකයි. ඒ වෙනුවෙන් අපි වැඩ කළ යුතුයි. ඒ ටිකවත් කියන්න අපිට මාධ්‍ය ඉඩ දෙන්නේ නෑ.

මෙම පිංකමට ඓතිහාසික මල්වතු විහාරයේ සාරානන්ද හිමි විහාරාධිපති බිබිලාදෙනියේ ධම්මප්‍රිය හිමි ඇතුළු ප්‍රාදේශීය මහා සංඝරත්නය ද උවැසි උවැසියන් සහ දහස ඉක්‌මවූ පිරිසක්‌ ද සහභාගි වූහ.

 

http://www.divaina.com/2014/11/18/provin02.html

 


මුස්‌ලිම් අන්තවාදයට එරෙහිව රජය වහා නැගී සිටිය යුතුයි
ජාතික සංඝ සම්මේලනය

සිරිමන්ත රන්තසේකර

මුස්‌ලිම් ජනතාව සඳහා නැගෙනහිර වෙනම පරිපාලන ඒකකයක්‌ ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය කර ඇති ඉල්ලීම තුළින් පැහැදිලිවම ගම්‍ය වන්නේ ඔවුන් බෙදුම්වාදී මාවතේ ගමන් කරන බවත් එහෙයින් එල්.ටී.ටී.ඊ. ත්‍රස්‌තවාදයට නැගී සිටියා සේම මුස්‌ලිම් අන්තවාදයට එරෙහිව රජය වහා නැගී සිටිය යුතු බවත් ජාතික සංඝ සම්මේලනය ඊයේ (04 වැනිදා) අවධාරණය කර සිටියේය.

අදාල ඉල්ලීම් ජාතික ආරක්‍ෂාවට බලවත් තර්ජනයක්‌ බවත් මෙය ඔලුවිල් ප්‍රකාශය නැවත දිගහැරීමක්‌ බවත් එම සම්මේලනයේ මූල්‍ය ලේකම් හා මාධ්‍ය සම්බන්ධීකාරක පූජ්‍ය වත්තේහේනේ විජිත හිමියෝ සඳහන් කරති.

මෙරට වෙසෙන ජාතින් තම තමන්ට වෙන වෙනම පරිපාලන ඒකකයන් ලබාදෙන ලෙස ඉල්ලීම් කළහොත් රටක්‌ ඉතුරු නොවන බවත් කී උන්වහන්සේ මුස්‌ලිම් කොන්ග්‍රසය මේ සිදුකරනුයේ රට අර්බුදයකට තල්ලු කිරීමක්‌ බවත් පැවැසූහ.

මුස්‌ලිම් ජාතිකයන් මත්කුඩු හා මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ ප්‍රමුඛයන් වී ඇති බවට ආරක්‍ෂක අංශ අනාවරණය කරගෙන ඇති තත්ත්වයක්‌ තුළ ඔවුන්ට වෙනම පරිපාලන ඒකකයක්‌ ලැබුණහොත් තත්ත්වය කෙබඳු වේ දැයි ප්‍රශ්න කරති.

රජය මේ පිළිබඳව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවක්‌ කී පූජ්‍ය වත්තේහේනේ විජිත හිමියෝ ආණ්‌ඩුව ජාතික බලවේගවලින් ඈත් වනවිට අන්තවාදීන්ට නැඹුරුවීමේ ඉඩකඩ ඉහළ බවත් කියා සිටියහ.

උන්වහන්සේ ඊයේ (04 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

 

http://www.divaina.com/2014/11/05/news24.html


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,893 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ