ධර්ම නිධාන

Archive for අප්‍රේල් 2012

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

අපි මේ අඩවිය හරහා බොහෝ ධර්ම කාරණා බෙදා හරින්නෙමු. ඒවා සියල්ල කිරීමට පෙර මුලින්ම ඇසිය යුතුව තිබූ පැණයක් තිබුණි. කෙසේ හෝ එය අපට අතපසු විය. දැන් අපි එම අවස්ථාව ලබා ගන්නෙමු.

ඉහත පැණය කොතරම් අප භාවිතයට හුරු වී ඇති දැයි අපි තේරුමක් පවා නොදැන එය භාවිතා කරන ප්‍රමාණයෙන්ම සිතා ගත හැක. මෙම යෙදුම හෙළයෝ භාවිතා කරන්නේ දළ වශයෙන් පින්-පව් නොදන්නා කුඩා දරුවන් වෙනුවෙන් බව අපට අමුතුවෙන් පැහැදිළි කල යුතු නොවේ.  එසේ නම්  පින්-පව් හා මේ ඉලක්කම් දෙක අතර සම්බන්ධය ඔබ මොහොතකට හෝ සිතා බැලුවාද?

වයස 7ට අඩු ඕනෑම දරුවෙක් වෙනුවෙන් මෙය භාවිත කිරීම 100% නිවැරදි වේ. ධර්මාවබෝධයේ ආරම්භක කඩ ඉම සත් හැවිරිදි විය වන බැවිනි. අප ශ්‍රේෂ්ඨ සාසනයේ සත් හැවිරිදි රහතන් වහන්සේලා වැඩ සිටියේ ඒ නිසාවෙනි. එසේ නමුත් අද දවසේ මේ මූලික දැනුම හෝ නොගෙන නියම මිසදිටුවන් සේ වයසට ගොස් මියයන බෞද්ධයන් ගණන නිමක් නැති බව අපි පිළිගත යුතුය.

මිය යන ඕනෑම පුද්ගලයෙක් මේ භවයෙන් චුත වීමේ චුති සිත පහල වීමත් සමඟ, ඊලඟ චිත්තක්ෂණයේදී පහල වන්නේ ප්‍රතිසන්ධි සිතයි. මේවා අතර කිසිදු අවකාශයක් නැති අතර අන්තරාභවය, මනෝකාය ආදිය මිසදිටු මනස්ගාත බව අපි කලින් ලිපි ඔස්සේ පැහැදිළි කර ඇත්තෙමු. 31 ප්‍රතිසන්ධි තල වලින් එකක කර්මානුරූපව පහල වීම ප්‍රතිසන්ධි සිතෙන් ඉටු කරන ක්‍රියාවයි.

31 භූමිතලය යැයි අපි සවිස්තරව හඳුන්වන්නේ කෙටියෙන් තුන්ලොව, ත්‍රයිලෝකධාතුව යැයි හඳුන්වන එක සක්වලකි. එයට තුන්ලොව යැයි කියන්නේ එහි ආකාර තුනක ලෝක පැතිරී ඇති නිසාය

  1. කාමාවචර භූමිය (සිත කය දෙකම ඇති දුගති සුගති ප්‍රතිසන්ධි තල – සියල්ල 11 කි)
  2. රූපාවචර භූමිය (කයක් ඒකාන්තයෙන් ඇති (රූප ) බඹලොව  – සියල්ල 16 කි)
  3. අරූපාවචර භූමිය (සිත මිස කය නැති (අරූප) බඹලොව  – සියල්ල 4 කි)

ලොව පහල වන ඕනෑම බුදුන්වහන්සේ කෙනෙක් නායක වන්නේ එකකට නොව මේ තුනටමය. උන්වහන්සේට තිලෝගුරු යැයි අපි ගෞරවයෙන් අමතන්නේ මේ නිසායි.

දැන් අපගේ පැහැදිළි කිරීමට එමු. “හය – හතර නොතේරෙනවා” යන යෙදුමේ ඉහත තුන් ලෝකයෙන් පළමු වර්ගය වන මුළු කාමාවචර ප්‍රතිසන්ධි තල 11ම ආවරණය වන තේරුමක් ඇති බව ඔබ දැන සිටියාද?  විශේෂ ධර්මානුධර්ම ප්‍රතිපදාවක් නැතිව, එදිනෙදා කුසල් අකුසල් කරන සත්වයෝ අති බහුතරයක් සසර සැරිසරන්නේ මේ කාමාවචර ප්‍රතිසන්ධි තල 11 තුලයි. එක ජීවිතයක් නොව භවයෙන් භවය භාවනා කිරීමෙන් පවා බ්‍රහ්ම තල වල ප්‍රතිසන්ධි ගන්නෝ ඉතා විරල වීම ප්‍රායෝගික යථාර්තයයි. එය එතරම් අපහසු මනස සියුම් කිරීමක ප්‍රතිඵලයක් බැවිනි.

31 භූමි තලයේ කාමාවචර භූමි නිරූපණය දෙස පමණක් නැවත බලමු.

වඩ වඩා විශාල වීම සඳහා පින්තූර මත නැවත නැවත Click කරන්න

මෙයින් පළමු ප්‍රතිසන්ධි තල 4 එනම් දුගති 4 හෙවත් සතර අපා ඉහත ජන වහරේ එන හතර යන්නේ තේරුමයි. ඉන්පසු 5 වෙනුව ඇත්තේ පහළින්ම පිහිටි සුගතිය හෙවත් අපි මේ ප්‍රතිසන්ධි ගෙන සිටින මිනිස් ලොවයි. අපි මේ ලොවේ සිට භාවිතා කරන යෙදුමක් හෙයින් අපගේ ලොව එහි සඳහන් කල යුතු නොවේ. මිනිස්ලොවින් උඩට යොදුන් 42000 බැගින් ඉහලින් ඉහලට පිහිටා ඇත්තේ දෙව්ලොව 6 යි. ඉහත ජන වහරේ එන එන හය යන්නේ තේරුම මෙයයි. එවිට  “හය – හතර නොතේරෙනවා” යන්නෙහි සරල තේරුම පැහැදිළි වෙනවා නේද? ” සුගතිගාමී කුසල්  මොනවාද හා  අපාගාමී අකුසල් මොනවාද නොදන්නාකම” යන්න අති සරල ලෙස හෙළ ගැමි වහරට එකතුවී ඇති අපූරුව බලන්න. අපගේ හෙළ ගැමි ප්‍රඥාවට අපි මෙතෙක් නිසි ගෞරවය දී ඇතිදැයි බලන්න.

පෙර කල හෙළ ජන විඥානයේ,  අති ගැඹුරු අභිධර්ම අවබෝධයක් තිබූ බවට මීටත් වඩා සාක්ෂි අවැසිදැයි අපිම විමසා බැලිය යුතුය. මේ දහම් දිවයිනේ අද දින බෞද්ධ බහුතරයගේ හය හතර නොදන්නා කම ගැන අපි ඉතාම සංවේගයට පත්වන්නෙමු.

අධ්‍යාපන අමාත්‍යංශයේ බෞද්ධ පාසැල් විෂය නිර්දේශයෙන් අති උතුම් අභිධර්මය සහමුලින් කපා ඉවත්කර ඇත. එබැවින් මේ ලිපිය ලියන අපි පවා පාසැල් සමය තුල දුටු බුදු දහමේ විචිත්‍රත්වයක් නැත. හෙළ ජාතික විරුවන් ලෙස වහාම නම්කල යුතු සංඝ පීතෲන් වහන්සේලාගේ කරුණානුභාවයෙන් පමණක් අපටද ඒ දහම් රසය විඳ ගැනීමට අවකාශ ලැබුණි. උසස්පෙළ කලා අංශයෙන් සිංහල විෂය හදාරන්නාට, බුද්ධ දේශිත 550 ජාතක කථා සියල්ල හුදෙක් ජාතකකථා කරුවෙක් විසින් කල ප්‍රබන්ධ වේ. මෙය බුදු සමයට හා බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශණයට දුන් අති දරුණු පහරකි. 550 ජාතකකථාවේ අභිධර්මයට පටහැනි කිසිම දෙයක් නැත. සතුන් මිනිස් බසින් කථා කිරීමට ඇති එකම බාධාව ප්‍රඥාව පමණි. ස්වරාලය, දිව, තල්ල, ස්වරතන්තු යන මේවා සියල්ල අඩු නැතිව එම සතුනට තිබේ. ගිරවුන් කථා කරන්නේ මේවා භාවිත කර නොවේද? පෙරුම් පුරන බෝධි සත්වයන් තිරිසන් භවයේ ප්‍රතිසන්ධි ගත්තද ප්‍රඥාවේ කිසිදු අඩුවක් නැත. එබැවින් සතුන් මිනිස් බසින් කථා කිරීමේ කිසිදු අරුමයක් නැත. ජාතක කථා වල ඇති පෙළහර සියල්ල මෙවන් ඒවායි. ඊට අමතරව අති දුර්වල පදනමක පිහිටන නවීන විද්‍යා ඇසින් බුදු දහම දෙස බලා එය විද්‍යාවට අනුගත කිරීමට බුදුදහමේ නොයෙක් කොටස් තමාට රිසි රිසි අර්ථකථන දීමටද ඇතමුන් පෙළඹී දහම විනාශ කරයි.

මෙසේ එම අවාසනාවන්ත තත්වයට වගකිව යුත්තන් මෙතෙකැයි කීමට නොහැකි තරම් සිටියද, අපි ඔවුනට ද්වේෂ කරමින් සිට ඵලක් නොවේ. වහාම හැකි පමණින් අපි වරද නිවරද කර ගත යුතුය. පාසැලෙන් විචිත්‍ර බුදු දහම අපට නොදේ නම් එය අපි සොය සොයා ගොස් උගෙන සියල්ල දැනුවත් කල යුතුයි. මේ ලිපිය කියවීමෙන් ඔබත් හය – හතර තේරෙන බෞද්ධයෙක් වූයේ නම් එය අපිට සැනසීමකි. හැකි සියල්ල දැනුවත් කර නිවන් පතා කුසල් රැස් කිරීම ඔබගේ යුතුකමකි.

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

මුවවිටින් මුවවිට යාවන සේ 31 භූමි තල අනන්තයක් විශ්වයේ ඇති බව ධර්මයේ සඳහන් වේ. කල්පාන්ත වලදී විනාශ වන්නේ අදාල එක් සක්වලක ඇති භූමිතල පමණි. එම සක්වල අවීචිගත නිරිසතුන් වෙනත් සක්වලක අවීචියේ ප්‍රතිසන්ධි ගැනීම ඉබේ සිදුවේ. වෙනත් භූමිතල වලින් චුතවන ජීවීන්ට කර්මානුරූපව ප්‍රතිසන්ධිගැනීමට තවත් අනන්ත භූමිතල ඇති බැවින් නිවන් නොදකිනතාක් කිසිවෙකුගේ  සසර ගමන නොනවතින බව දත යුතුය. මෙය සසරේ ඇති තවත් එක් බියකරු බවක් පමණි. කල්පාන්ත ලංවන විට දෙව්ලොවින් මිනිස්ලොවට එන පණිවිඩ ඔස්සේ  සංවේගයට පත්වන බොහෝ මිනිසුන් ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදී සුගතිගාමී හෝ නිවන් දැකීම සිදුවන්නේ මෙම බියකරු බව ප්‍රකට වීම නිසාය.

අභ්‍යන්තර වේවා, බාහිර වේවා බුදුසමයට, සිංහල බෞද්ධ ජාතියට එරෙහි කුමන්ත්‍රණ නිවැරදිව දැක, දිවි හිමියෙන් අපි පිරිසිඳු බුදුදහම රට හා ජාතිය සමඟ රැක්කේ නම් පමණක් මේ අන්තිම අවස්ථාව බෞද්ධයන්ට හිමිවනු ඇත. නො එසේනම් , යෙදීමට නිවැරදි ධර්ම ප්‍රතිපදාවක් පවානොදැන අනාගත බෞද්ධයෝ (අපේ දරු මුණුපුරන්, අපේම අනාගත මිනිස් ප්‍රතිසන්ධි ) පවා අනේක අවාසනාවන්ත මිසදිටුවන්සේ හුදෙක් වැනසී යාම පමණක් සිදුවනු ඇත.

 

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 672 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
lihiniya සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
lihiniya සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
lihiniya සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
Shripal N. Fernando අපායත් දෙව්ලොවත් ඇත්තේ මේ… පිළිබඳ
චන්ද්‍රානි රුබේරු රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
Chandananda නවාකාර මහා සඟ ගුණ –… පිළිබඳ
P.Ekanayake වසර වලින් කිව නොහැකි තරම් දිග… පිළිබඳ
සුසන්ත රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
සුසන්ත රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
Kelum s udukumbura රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
N.a සමිපත් ශ්‍රී නිශ… රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
උපාලි සමරනායක ත්‍රිපිටකය සෝදා පාළු කරමින් ගල… පිළිබඳ
එම්.ඩී.වී.සමරෝන් මහමෙව්නාවේ යොවුන් බෝධිඥාන සභාව… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 466,869 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: