ධර්ම නිධාන

Archive for the ‘ඔබ බැලිය යුතුම දහම් පොත්’ Category

වැළි සෙල්ලමේ යෙදී සිටින කුඩා දරුවන් සමූහයක් කිසිවෙකුට සිතා ගැනිමට අපහසු අවස්ථාවක් නොවේ. අප බොහෝ දෙනෙක් කුඩා කල වැළි සෙල්ලම් කර තිබීමට පිළිවන, නැතිනම් අඩු තරමින් එය කරන ආකාරය රූපවාහිනියෙන් දැක ඇතිවාට කිසිදු සැකයක් නැත.

IMG0782A

හිස් පොල්කටු රැසක් පිළිවෙළකට තබා ඒවා සියල්ලට වැළි පුරවා මේක බත්, මේක පරිප්පු, මේක මැල්ලුම්, මේක අල යනාදී වශයෙන් දරුවන් සියල්ල යම් සම්මුතියකට එළැඹේ. මදකට සිතා බලමු, තමාත් මේ අයුරින්ම සෙල්ලම් කලා නේද යන්න අමතක වූ තරමක් වැඩිහිටි දරුවෙක් මෙය දෙස බලා, මේ නම් මොන තරම් මෝඩ සෙල්ලමක්ද සිතමින් අනේ අපොයි ඔතන මොන බත් ද? මොන මාලු ද? ඔක්කොම වැලිනේ කියා විහිළු කලේ නම් තත්වය කුමක්ද?

ආශාවෙන් වැලි සෙල්ලම් කල දරුවන් ඉතාම කෝපයට පත්වනු ඇත. හැකිනම් සියල්ල එක් වී වැඩිහිටි දරුවාට පහර දීමට සූදානම් වනු ඇත, නැතිනම් කෑ ගසා වැඩිහිටි දරුවා එළවා දමනු ඇත. එසේත් නැතිනම් ඒ සඳහා මව්පියන්ගේ උදව් ඉල්ලා සිටිනු ඇත. කිසිවක් කරගත නොහැකි නම් හඬා වැටෙනු ඇත.

දැන් අපි මේ තත්වය අපිට ආදේශ කර බලමු. එවිට විද්‍යාඥ වරුන්, මහාචාර්‍ය වරුන් , ආචාර්‍ය වරුන්, දොස්තරවරුන් , ඉංජිනේරුවරුන් ආදී එකී මෙකී නොකී සියළු ගිහි සමාජයේ සියලුම දෙනා මේ කුඩා දරුවන්ගේ තත්වයේම සිටින්නන් මිස අන් කිසිවෙක් නොවෙන බව වැටහෙනු ඇත. අපගේ උපමාවේ සිටි වැඩිහිටි දරුවා ලොව ඇත්ත ඇති සැටියෙන් දකින ආර්‍ය මාර්ගයේ ගමන් කරන විදර්ශනා ඥාන ලාභී උතුමෙක් ට සමාන වෙන බවත් වැටහෙනු ඇත. අරුමයකි …ඒ කෙසේද?

මොනතරම් ලෞකික දැනුම් සම්භාර ලැබුවත් විදර්ශනා ඥාන රහිත අපි ලෝකයේ පරමාර්ථ හෙවත් සැබැවින්ම ඇති කිසිම දෙයක් ඇති හැටියෙන් නොදකින්නෝය. ඇස ගැටෙන සමහර චලනය වන වස්තු අපට සත්තුය, පුද්ගලයෝය, මමය, නුඹය, නෝනාය, මහත්තයාය, රාළහාමිය, අප්පුහාමිය. හරියටම පොල්කටු වලට පිරවූ එකම වැලි වලට බත්ය, පරිප්පුය, මැල්ලුම්ය, අලය කියා කිවාක් සේය.

නමුත් වැලි වැලි ලෙසම දැක්ක වැඩිහිටි දරුවා මෙන්, විදර්ශනා ඥාන ලාභී උතුමා එම විවිධ නම් ලත් වස්තු සියල්ලම දකින්නේ හුදෙක් නාම හා රූප පරම්පරා වල පැවැත්මක් ලෙස පමණි. එම උතුමාට සත්තුය, පුද්ගලයෝය, මමය, නුඹය, නෝනාය, මහත්තයාය, රාළහාමිය, අප්පුහාමිය යනු හුදෙක් නාම පද සමූහයක් පමණි. මෝහාන්ධකාරයෙන් වැසුනු මුලු ලොවක් මුලා කරන සම්මුතීන් පමණි.

විදර්ශනා ඥාන ලාභී වීමේන් තමාටම ප්‍රත්‍යක්ෂ වශයෙන් දැකිය හැකි, එසේ නොහැකිනම් කියවා තේරුම්ගත හැකි පරමාර්ථ ධර්ම 82ක් අපි කලින් පැහැදිළි කර ඇත්තෙමු. එයින් නිවන හැර අන් සියල්ල නාම -රූප ධර්ම වශයෙන් ලොව එහි වෙසෙන ජීවීන් හා අනන්ත විශ්වය ලෙස අපේ නෙත ගැටේ. පරම පූජණීය රේරුකානේ චන්දවිමල මාහිමි සම්පාදිත විදර්ශනා භාවනා ක්‍රමය නම් පොත් වහන්සේ තුල අන්තර්ගත නාම-රූප මිශ්‍රක භාවනා ක්‍රමය පිටු අංක 87 – 88 හී දැකිය හැක. එහි ඇතුලත් අනෙකුත් භාවනා වාක්‍ය පහත සඳහන් වේ, ඇත්ත ඇති සැටියෙන් දැකිමට කැමති, විදර්ශනා ඥාන ලාභී වී නිවන් දැකීමේ උවමනාවෙන් ආර්ය මාර්ගයේ ගමන් කරන බොදු ඔබත් නාම යනු සිත ලෙසත්, රූප යනු කය ලෙසත් සරලව යොදා මේවායේ තේරුම් සලකා බලන්න.

tyco_7766_houses_under_constr

  • බදාම, ගඩොල්, ලී, උළු එක්තරා ආකාරයකට සිටි කල්හී ගෙයය යන සම්මුතිය ඇති වන්නා සෙම නාම-රූප ඇති කල්හීසත්ව, පුද්ගල, ආත්ම, මමය, නුඹය, නෝනාය, මහත්තයාය, රාළහාමිය, අප්පුහාමිය ආදී නොයෙකුත් සම්මුතීන් පවත්නාහ.
  • නාමය පමණක් ඇතිවිට (අරූප තලයේ බ්‍රහ්මයන් මෙන්) චලනය කිරීමට ශරීරයක් නොමැති බැවින් ගමනාදී සකල ක්‍රියා නොකල හැකිය. රූපය හෙවත් සිරුර පමණක් ඇතිවිට (අසංඥසත්ත තලයේ බ්‍රහ්මයන් මෙන්) ක්‍රියා සිදු කිරීමේ චේතනා බලය ඇති කරන සිතක් නැති බැවින් ගමනාදී සකල ක්‍රියා නොකල හැකිය.

shutterstock_10136980

  • මිනිසුන් විසින් සාගරයේ නෞකාව මෙහෙයවන්නා සේම නාමය විසින් රූප කය මෙහෙයවන්නේය. නෞකාවේ ආධාරයෙන් මිනිසුන් සයුර තරණය කරන්නා සේම රූප කය ආධාරයෙන් නාමය පවත්නේය.

IMG0776A

  • රූපය නිසා නාමයත්, නාමය නිසා රූපයත් පවත්නෝය. එකිනෙකට හේත්තු කරන ලද්දා වූ දර මිටි දෙකකින් එකක් ඇද වැටුන කලිහී, අනික ඉබේම ඇද වැටෙන්නා සේම, නාම රූප දෙකින් එකක් වැටුණ කලිහී අනික ඉබේම වැටෙන්නේය.

Frayed rope about to break isolated over a white background

  • නාම රූප කිසිවකින් එකකටවත් ඉපදීමට හෝ පැවැත්මට ශක්තියන් නැත. ඒවා අන්‍ය ධර්මයන්ගේ බලයෙන්ම ඉපිද, අන්‍ය ධර්මයන්ගේ බලයෙන්ම පවත්නාහ. (හේතු ප්‍රත්‍යයන් යනු එම අන්‍ය ධර්මයෝය ). හේතු ප්‍රත්‍යයන් මත යැපෙන්නා වූ නාම රූපයෝ අති දුර්වලයෝය.

මෙම ලිපියේ ඇතුලත් පින්තූර සියල්ලට අදාල වාක්‍ය කටපාඩම් කර නිතර නිතර මෙනෙහි කරන්න. රාත්‍රී නින්දට පෙර එක් වරක් කර බලන්න. කිසිදු සිහිනයක් නොදුටු ජීවිතයේ ඔබගේ සුවදායකම පළමු නින්ද අත් දකිනු ඇත.  බොදු භාවනා වල ප්‍රතිලාභ අත් දැකීම තුලින් අගය කරන තවත් එක් බොදුනුවෙක් ඔබ තුලින් බිහි වනු ඇත. සොය සොය භාවනා කරන නිවන ප්‍රායෝගිකවම සොයන තවත් බොදු උතුමෙක් බවට ඔබත් පත් වනු ඇත.

පරම පූජණීය රේරුකානේ චන්ද විමල මාහිමි සම්පාදිත බුද්ධ නීති සංග්‍රහය පොත් වහන්සේ තුල අඩංගු මේ නීතිය සකල බෞද්ධ ස්වාමිපුරුෂයන්ගේ යහපත පිණිස පල කරන්නෙමු!

බුද්ධ නීති සංග්‍රහය නමවන මුද්‍රණය -2008

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

ජාතියේ අවාසනාවට මේ කරුණු අටම හෝ කීපයක් සම්පූර්ණ කර අවමන් ලබන බොදු ස්වාමිපුරුෂයන් විරල නොවන බව සමාජය දෙස බැලූ විට පෙනී යන ඛේදනීය තත්වයයි. බෞද්ධ වූ ඔබට මෙතැන්පටන්වත් පෞර්ෂය ගොඩ නගා ගැනීමට මෙය උපකාරී වනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,893 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ