ධර්ම නිධාන

Posts Tagged ‘අංගුත්තර නිකාය චතුස්ස නිපාතය

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

කලින් ලිපියේදී ලොව්තුරා බුදු පියාණන් වහන්සේ කෙරේ ඔබගේ ශ්‍රද්ධාව දියුණු කර ගැනීම පිණිස  නමස්කාරය ඉදිරිපත් කලෙමු. අන්‍යාගම් හා බුද්ධාගම අතර ඇති අහසට පොළොව මෙන් වෙනස් කම් වලින් ප්‍රධානම වෙනස් කමක් නම් යමෙක් හුදෙක් බෞද්ධ දෙමව්පියන්ට දාව උපන් පමණින්ම බෞද්ධයෙක් නොවීමයි. එබැවින් මෙම පියවර අතිශයින්ම වැදගත් පියවරක් ලෙස පිළිගත යුතුය. සෑම දිනයකම ආරම්භයේදී යමෙක්ට තමා බෞද්ධයෙක්ද නැතිද යන බව සහතික විය හැක්කේ මෙම පියවර අනුගමනය කරනවාද නැද්ද යන්න මතයි.

අසම සම බලයෙන් යුතු රත්නත්‍රය සත්වයන්ට මහත් පිහිටක් වතුදු, සියල්ලෝ ම රත්නත්‍රය උතුම් පිහිටක් යැයි පිළි නොගනිති, රත්නත්‍රය සරණ නොයති, බුද්ධ රත්නයේ ශ්‍රාවකයෝ නොවෙති, ධර්මයට අනුව නොපිළිපදිති, සංඝ රත්නයේ ශ්‍රාවකයෝ නොවෙති. මෙසේ වීමට හේතු වන්නේ ඔවුන්ගේ සිත් මිථ්‍යාදෘෂ්ටි පටලයෙන් වැසී යාම නිසයි. එවිට ඔවුන්ගේ අවාසනාව ඉස්මතු වේ, රත්නත්‍රය සුළු කොට තකයි. නා නා ප්‍රකාර මිථ්‍යාදෘෂ්ටීන් හිස් මුදුනින් පිළිගනී. සත්‍ය ලෙස කිසිම උපකාරයක් ප්‍රධානය කිරීමට නොහැකි මනකල්පිත  (එනම් සර්ව බලධාරී ඕනෑම දෙවියෙක්) හෝ විසිය හැකි දෙවි වරුන් (ශක්‍ර දෙවි, මහා බ්‍රහ්ම ආදී සුගති ලෝක වාසීන්) ගේ පිහිට සොයයි. දෝරේ ගලන තණ්හාවෙන් අන්ධ වී සරුව පිත්තල ප්ලස්ටික් කැබලි, සත්ව, වාමන රූප, (Feng Shui) හා ඒවා විකුණන වංචනිකයන්ගේ ගොදුරු බවට පත්වේ. නා නා ප්‍රකාර විෂ්ව ශක්ති දේවාල, වංචනිකයන්, කාමුකයන්, සාස්තර, ගුරුකම්, මලයාලි ගුරුකම්, බලි තොවිල්, යාග හෝම, වශී, විශ්වාස කරයි. කිසිම තේරුමක් නැති සායි බාබා වැන්නවුන් අදහයි. මෙකල තමා බුදු වූවේ යැයි කියන කෝළම් කාරයන් පිළිගන්නා තත්වයට වැටේ.

සමාජය වේගයෙන් පරිහානියට යාමේ හේතුවෙන්, භික්ෂු සමාජය තුලද පූජාවන්ට ගෞරවයන්ට  නුසුදුසු භික්ෂූන් වහන්සේලා බිහිවෙමින් පවතී. මේ යටතේ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු  (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි  බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී   එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක.

එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත, 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි.

ඒ අනුව සර්වාගම් වංචාවෙන් ධර්මය, සම්බුද්ධ සාශනය නැසීමට උත්සාහ කරන, එතුලින් ගිහියන්ට මුළු සසර පුරාම අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට මුළු සසර පුරාම අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ උත්තරීතර ස්ථානය ලාබ ප්‍රයෝජන තකා මිසදිටුවන්ට විකුණා දමන යම් භික්ෂුවක් හෝ භික්ෂු සමූහයක් සිටීද ඔවුන්වද ඉහත ආකාරයෙන් වර්ජනය කළ යුතු  (අප්‍රසාදය දැක්විය යුතු ) වන්නේය.

අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමි පාණන්ගේ ඝාම්භීර වූද, රසවත් වූද සපයා ඇති  ධර්ම දේශනාව හි අඩංගු කරුණු කීපයක් පහත දැක්වේ

අංගුත්තර නිකායේ, චතුස්ස නිපාතයේ යමෙක් චිත්ත ප්‍රසාදය ඇති කරගත යුතු අග්‍ර වස්තු හතරක් බුදු පියාණන් විසින් දේශනා කොට වදාලා.

1. ලොව වසන තාක් සියලු සත්ව ප්‍රජාවගෙන් සම්මා සම්බුදුන් වහන්සේ අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.

2. ලොව යම්තාක් ධර්ම ඇතොත් ඉන් විරාග නිරෝධ සංඛ්‍යාත නිර්වානයම  අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.

3. ලොව යම්තාක් සමූහ සංඝ ඇතොත්, ඉන් තථාගත ශ්‍රාවක ආර්ය සංඝයාම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.

4. ලොව යම්තාක් ප්‍රතිපදා ඇතොත් ඉන් තථාගතයන් වහන්සේ දේශනා කල ආර්ය අෂ්ටාංගික මාර්ගයම අග්‍රයි, ජේෂ්ඨයි, ශ්‍රේෂ්ඨයි උත්තමයි.

සම්පූර්ණ ධර්ම දේශනය බාගත කර සවන් දෙන්න..

Aggasmin Dhanan Dadatan.mp3

ඉහත සඳන් වූ ලෙස යමෙක් රත්නත්‍රය උතුම් පිහිටක් යැයි පිළි ගනියි ද, රත්නත්‍රය සරණ යයි ද, බුද්ධ රත්නයේ ශ්‍රාවක වෙයි ද, ධර්මයට අනුව පිළි පදියි ද, සංඝ රත්නයේ ශ්‍රාවක වෙයි ද ඒ තැනැත්තාට පමණක් උපාසක යන නම යෙදේ. බෞද්ධයා යනුද ඔහුට නමකි. මේ අනුව අද දින වෙසෙන අපි බහුතරයක් බෞද්ධයන් දැයි අපි අපිම විමසා බැලිය යුත්තක් නොවේද?

සරණ ගමනයේ විවිධ ප්‍රභේද ගණනාවක් ඉහත පොතේම පිටු අංක 28 සිට 30 දක්වා ඉතා සරලව විස්තර කර ඇත. උනන්දු වන්නෝ කියවා බලත්වා!

දැන් අපි නිවැරදිව, ඉහත කාරණා සියල්ල සම්පූර්ණ වන සේ තිසරණය යා හැකි ක්‍රමයක් ඇත්දැයි බලමු. අපි දකින ආකාරයට නම්, මුලින් සිංහල තේරුම එක් එක් සරණ ගමනය වෙනුවෙන් කියා ඉහත වැදගත් කරුණු සියල්ල තමාට මව් බසින් සපථ කර ගත යුතුයි. ඉන් පසු සුපුරුදු පාලි වාක්‍ය කියා  සම්පූර්ණ කිරීම කල හැක. පහත සිංහල තේරුම් හොඳින් මතකයට ගන්න. බලාගෙන කියා හෝ මතක සිටින තෙක් පුරුදු වීමෙන් ඉතා උසස් ශ්‍රද්ධාවක් ගොඩ නැගේ.

බුදුන් වහන්සේ

විශාල වීම සඳහා Click කරන්න

1. බුදුන් සරණ යෑම ( සිංහල )

දත යුතු සියළු ධර්මයන් අවබෝධ කලාවූද, අනුනටද එය අවබෝධ කරවන්නා වූද, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ,
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙමි!
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ඒ බැව් පිළිගන්නා සේක්වා!

දෙවනුවද තුන්වනුවද,  උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි !  ශ්‍රාවකයෙක් වෙමි!, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ඒ බැව් පිළිගන්නා සේක්වා!

ධර්ම රත්නය

විශාල වීම සඳහා Click කරන්න

2. දහම්  සරණ යෑම ( සිංහල )

ලොව්තුරා බුදු පියාණන් වහන්සේ විසින්, අවබෝධ කොට වදාලා වූද, සපරියාප්තික (පිළිපැදිය යුතු ) වූද, නවලෝකෝත්තර ( නව ආකාරයකින් නිවන් සළසා දෙන්නා ) වූද, ශ්‍රී සද්ධර්ම රත්නය,
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ ශ්‍රී සද්ධර්ම රත්නය ට අනුව හැසිරෙන්නෙක් වෙමි!

දෙවනුවද තුන්වනුවද,  උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි !  ශ්‍රී සද්ධර්ම රත්නය ට අනුව හැසිරෙන්නෙක් වෙමි!

සංඝ රත්නය

විශාල වීම සඳහා Click කරන්න

2. සඟුන් සරණ යෑම ( සිංහල )

ලොව්තුරා බුදු පියාණන් වහන්සේගේ පුත්‍ර භාවයට පැමිණියා වූද, අෂ්ටාර්ය පුද්ගල වූද, මහා සංඝ රත්නය
* මා හට නිවන් අවබෝධය පිණිස ද,
* අනන්ත අනාගත සසර දුකින් මිදීම පිණිසද,
උතුම් පිහිටක් කොට සරණ යමි!,
උතුම් පිහිටකැයි පිළිගනිමි !
මම ඒ මහා සංඝ රත්නයේ,  ශ්‍රාවකයෙක් වෙමි!
මහා සංඝ රත්නය ඒ බැව් පිළිගන්නා සේක්වා!

දෙවනුවද තුන්වනුවද,  උතුම් පිහිටක් කොට සරණ යමි!, උතුම් පිහිටකැයි පිළිගනිමි !  ශ්‍රාවකයෙක් වෙමි!, මහා සංඝ රත්නය ඒ බැව් පිළිගන්නා සේක්වා!

පහත පරිදි  ඔබට සුපුරුදු පාලි වාක්‍ය කියා තිසරණය  සම්පූර්ණ කරන්න

බුද්ධං සරණං ගච්ඡාමී
ධම්මං සරණං ගච්ඡාමී
සංඝං සරණං ගච්ඡාමී

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමී
දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමී
දුතියම්පි සංඝං සරණං ගච්ඡාමී

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමී
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමී
තතියම්පි සංඝං සරණං ගච්ඡාමී

<< 3 පියවර

 5 පියවර>>


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,890 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ