ධර්ම නිධාන

Archive for ජූලි 2015

රට එක්සේසත් කල මේ පින්බිමේ උදාරම නරපතියා වන දුටුගැමුණු මහ රජාණන් වහන්සේගේ ගේ අති සාර්ථක රාජ්‍ය පාලනයේ රහස වූයේ එතුමාගේ පුරෝහිත මණ්ඩලය සිසාරා වැඩහුන් අසේක වූ මහරහත් උතුමන්ය. ඡන්ද-ද්වේෂ-භය-මෝහ යන සතර අගතියෙන්ම පරතෙරට පත් මෙතෙක් දේශපාලනයේ යෙදුනු රට උලා කෑ සියළු  ගිහි/පැවිදි පවිටුන් මෙන් නොව, අතට පත් නිවන පසෙක තබා කුළුදුලේ දේශපාලනයට  වඩින ජාතික කැක්කුම ඇති  බොදු ජන පෙරමුණ සම්මුති භික්ෂුවද දේශපාලන වශයෙන් අනාථ අසරණ බොදු අප හට මහා භාග්‍යයකි. රට දැය සමය රැකීමේ නාග රාජ සංකේතයෙන් අරාජික රටේ බොදු අප වෙනුවෙන් ඉදිරිපත් වන මේ උතුමන් සියල්ල ඉහළම ඡන්දයෙන් තෝරා ගනිමු. ඒ වෙනුවෙන් කැපවී සියල්ලන් දැනුවත් කරමු. ඉහලම පුටුවල වැජඹෙන නින්දිත දේශපාලුවන් නිවැරදි කර රට සුළු ජාතික අන්තවාදීන්ගෙන් බේරා ගැනීමට අපේ යුතුකම අඩු නැතිවම ඉටු කරමු.

 

bjp

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ද මෙවර මහ මැතිවරණයට බොදු ජන පෙරමුණෙන් තරග වදින අතර උන්වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේ 16 නමක් එම පෙරමුණෙන් පළමුවරට ඡන්ද සටනට පැමිණ සිටිති.

බොදු ජන පෙරමුණේ කොළඹ ලැයිස්තුවෙන් හිමිවරුන් තිදෙනෙකු ඉදිරිපත්ව සිටින අතර කොළඹ කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය විතාරන්දෙණියේ නන්ද හිමියන්ද කළුතර කණ්ඩායම් නායක ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ ගම්පහ කණ්ඩායම් නායක ලෙස ඩිලන්ත විතානගේ මහතා නාමයෝජනා ලබාදී ඇත.

එම භික්ෂුන් වහන්සේ අතර පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ කටයුතු කළ බැඳිවැව දියසේන හිමියෝද වෙති.

තමාව වැනසූ දෙමළ ඉස්ලාම් ඡන්ද වලට කෙළ පෙරමින්, බොදු බල සේනාවට අභූත චෝදනා කරමින් සිංහල බෞද්ධ ඡන්ද සමඟ මහින්දත් ඔහුගේ කල්ලියත් පාපන්දු ගැසුවේ මෙලෙසයි

http://www.divaina.com/2015/04/29/news29.html

දේශපාලන පක්‍ෂයක්‌ බිහිකොට ඉදිරි මැතිවරණයකදී තරග කරනවා
සිංහල බෞද්ධකම දේශපාලන පාපන්දුවක්‌ කිරීමට මින් මතුවට ඉඩ තබන්නේ නැහැ
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

සිංහල බෞද්ධකම දේශපාලන පාපන්දුවක්‌ කිරීමට මින් මතුවට ඉඩ නොතබන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ අවධාරණය කරති.

ආධ්‍යාත්මික හා සෞඛ්‍යමය වශයෙන් පිරිහී ඇති සිංහල බෞද්ධකම අනිවාර්යයෙන්ම නිරෝගී කිරීමට තම සංවිධානය කටයුතු කරන බවත් ඒ හිමියෝ පැවැසූහ.

ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (28 වැනිදා) එම අදහස්‌ පළ කළේ කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

බොදුබල සේනා සංවිධානය තමාගේ ජනාධිපතිවරණ පරාජයට හේතුවක්‌ වූ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රංශ පුවත් සේවයට කළ ප්‍රකාශයක්‌ සම්බන්ධයෙන් එම සංවිධානයේ මතය පැහැදිලි කිරීම සඳහා එම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේද පැවැසූහ.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් නිදිවර්ජිතව අනේකවිධ කම්කටොළු විඳිමින් කළ අපරිමිත කැප කිරීමට මෙවැනි ආකාරයෙන් කෘත ගුණ සැලකීම ගැන අප ඒ මහතාට ස්‌තුතිවන්ත වෙනවා.

නමුත් අපට ඒ ගැන කියන්න තියෙන්නේ ඉල්ලන් කාගෙන පැරදිලත්, සියල්ල අනාගෙන නැවත නැවතත් වැරදි මාර්ගයේම යන එක ගැන අපට බොහෝම කනගාටුයි කියලයි. අපට අහන්න ඇත්තේ අවුරුදු දෙකකට කලින් විසුරුවා හැරලා ලක්‍ෂ 18 ක්‌ ඡන්ද අඩු කරගෙන ඉල්ලන්කෑවේ ඇයි කියලයි.

අපගේ රජ පෙළපතේ මහසෙන් කියලා උද්ධච්ඡ රජ කෙනෙක්‌ සිටියා. ඔහු ඇමැතිවරුන්ගේ උපදේශකයන්ගේ කිසිවක්‌ ඇහුම්කන් දුන්නේ නැහැ. නමුත් ඉන්දියාවෙන් පැමිණි සංඝමිත්‍ර නම් ඔත්තුකරුවෙක්‌ව ඔහු විශ්වාස කළා. අනතුරුව ඔහුගේ ළඟම සෙනවියා මහසෙන්ට එරෙහිව යුද ප්‍රකාශ කළ පසුයි ඔහු ඇත්ත තේරුම් ගත්තේ. මහින්ද මහත්තයා මහසෙන් රජු වගේ ඇත්ත තේරුම් ගත්තේ නැහැ. පසුගිය ජනාධිපතිවරණයෙන් සිදුවූයේ එයයි.

මොන අඩුපාඩු තිබුණත් යුද්ධය අවසන් කළ නායකයා නිසයි අප ඔහුට සහාය දුන්නේ. අපට සහය නොදී ජාමේ බේරාගෙන ඉන්න තිබුණා. එහෙම කළානම් අප කුමන්ත්‍රණ කළා කියා මෙහෙම නෙමෙයි කියන්නේ. අපේ පන්සල්වලට බෝම්බත් ගසාවි.

මහින්ද රාජපක්‍ෂ මහතා ගැන දැන්නම් අපට මෙලෝ හැඟීමක්‌ නැහැ. ඔහු කළ ප්‍රකාශයෙන් අප කම්පා වන්නේ නැහැ. පෙරට වඩා අප ශක්‌තිමත්ව කටයුතු කරනවා. අප අපගේ අරමුණින් කිසිසේත් බැහැර වන්නේ නැහැ. මා ඉතා වගකීමෙන් කියන්නේ බලාපොරොත්තු දල්වාගෙන අප දෙස බලාගෙන සිටි මිනිසුන්ට එයින් මිදෙන්න එපා කියලයි. සිංහල බෞද්ධ ශුද්ධ අයිතියක්‌ ඇති දේශපාලන පක්‍ෂයක්‌ අප බිහිකරනවා.

එහිදී දේශපාලන පක්‍ෂ නායකයකු වෙලා නුදුරේදීම අප ඉදිරියට පැමිණෙනවා. මීළඟ මහ මැතිවරණයට හෝ ඉදිරි මැතිවරණයේදී අප එම දේශපාලන පක්‍ෂයෙන් තරග කරනවා.

සුදු ඇන්දට, පන්සල් ගියාට ඒ අය මතවාදීව සිංහල බෞද්ධකම තුළ නැත්නම් ඔවුන්ගෙන් රටට ආගමට ඇති වැඩක්‌ නැහැ. දේශපාලනඥයන් සිතාගෙන ඉන්නේ සිංහල කමයි බෞද්ධකමයි පාපන්දුවක්‌ කියලා. එය ඉදිරියට දමා මැතිවරණ ජයග්‍රහණය කර අන්තිමට ඔවුන් එයට පයින් පහර දෙනවා. ඒ සියලු අයට අප කියන්නේ සිංහල බෞද්ධකම පාපන්දුවක්‌ කර නොගන්නා ලෙසයි.

මෙහිදී බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩිලන්ත විතාන මහතාද අදහස්‌ දැක්‌වීය. මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද හිමි ඇතුළු භික්‍ෂූන් වහන්සේලා පිරිසක්‌ එක්‌වූහ.

 

වහපාලනය මගින් රට සුළුජාතික අන්තවාදයට ඇදගෙන ගිය මෛත්‍රී ජනපතිත් ඔහුගේ නිවට කල්ලියත්. සිංහලයාට ජාතිය පිළිකුල් කිරීමට බල කරන ගමන්, දෙමළ ඊලමට, මුස්ලිම් කලාප වලට වරදාන දෙන එජාපයත්, හෙළ උරුමයත්, හැටදහසක් හෙළ තරුණ ජීවිත දේශපාලනය තුලින් රටට අහිමි කර, ජනගහන අර්බුදයක් මවා අද සියල්ල අමතකව දේශපාලනයේ යෙදෙන ජවිපෙත් යන මේ සියල්ල හෙළ බොදුනුවාගේ පරම සතුරන් පමණි. උන්ට දෙන ඡන්ද රට දැය සමය තුනටම කරන ලොකුම විනාශයයි. හෙළ බොදුනුවන්  වශයෙන් අපට විකල්ප බොහෝ  නැත. ඇත්තේ එකකි. බොදු බල සේනා විසින් ඇරඹූ බොදු ජන පෙරමුණ පමණි.

 

සිංහල ජාතියත් බෞද්ධ උරුමයත් රැකගන්න
බොදුජන පෙරමුණ මැතිවරණයට එනවා
ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර, කළුතර සමූහ – විජයසිරි විද්‍යාසේකර

සිංහල ජාතියේ සහ බෞද්ධාගමේ උරුමය ආරක්‍ෂාකර ගැනීම වෙනුවෙන් බොදුජන පෙරමුණ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන බව එම පෙරමුණේ කළුතර දිස්‌ත්‍රික්‌ කණ්‌ඩායම් නායක රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ඊයේ (13 වැනිදා) සඳහන් කළහ.

රට, දැය, සමය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් තම පෙරමුණ වටා එක්‌වන්නැයි සමස්‌ථ ජනතාවට ආරාධනා කරන බවත් ඒ හිමියෝ කියා සිටියහ.

වර්තමානයේදී රට පාලනය කරනුයේ ජාතික වශයෙන් දුර්වල පිරිසක්‌ බවත් රට ජාතික වශයෙන් හා දේශපාලන වශයෙන් දැඩි ලෙස අස්‌ථාවර වී ඇති බවට එහිදී චෝදනා කළහ.

මෙම තත්ත්වයෙන් රට මුදාගැනීමට බොදුජන පෙරමුණ කළුතර, කොළඹ ගම්පහ ඇතුළු මැතිවරණ දිස්‌ත්‍රික්‌ක දාහතකට තරග කරන බවත් ජනතාව තම පෙරමුණ සමග දැඩි ලෙස එක්‌වෙමින් සිටින බවත් පැවසූහ. කළුතර දිස්‌ත්‍රික්‌ ලේකම් කාර්යාලය වෙත ඊයේ (13 වැනිදා) බොදුජන පෙරමුණේ නාමයෝජනා භාරදීමෙන් පසු කළුතර බෝධිය ඉදිරිපිට පැවැත්වූ අධිෂ්ඨාන පූජාවෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඥනසාර හිමියෝ මෙම අදහස්‌ පළ කළහ.

 

ගිළිහෙන අයිතීන් රැක ගැනීමට බින්දුවේ සිට ඇරඹීමට මහ ජාතියට අද සිදුව ඇත්තේ කල්ලතෝනි පිරිස් පාලන බලය ගෙන බොදුනුවා පාගා පොඩි කරමින් සිටිනා බැවිනි. දෙමළ පක්ෂ සිය මන්ත්‍රී හිස් ගෙඩි යොදා ඊළමට පාර කපයි. ඉස්ලාම් අතවාදීන් සිය මන්ත්‍රී හිස්ගෙඩි යොදා ෂාරියා ලංකාවකට ගමන් කරයි. ජාතික හැඟීමක් නැති පෙන්දන් පෙරමුනේ තබාහන්නා බොදුනුවා පාපන්දුවක් මෙන් හතර අතට විසිවේ. දෙමළුන් සේම, මරක්කලයින් සේම අපිත් අපේ නායකයෙත් දැන්වත් තනාගනිමු. මහින්ද හා කල්ලිය එක හෙලා එපා කියමු. මෛත්‍රී හා නිවටයන් පිළිකුලෙන් බැහැර කරමු. බොදුනුවාගේ පරම හතුරන් වන එජාපය හා නව වහපාලන පිල්ලිය කෙළ පිඩක් මෙන් ඉවත් කරමු. පදනමක් ඉතිහාසයක් නැති බංකොලොත් ජවිපෙට පයින් ගසමු. හෙළ බොදු අපේ ඡන්ද බොදු ජන පෙරමුණටම පමණක් දෙමු!

 

රටේ අන්තයටම කොන් කර ඇති මේ පින්බිමේ ඉතිහාසය ගොඩ නැගූ හෙළ බොදු අපි අපේ රජෙක් අද පටන් තනමු!

ලක් ඉතිහාසයේ ප්‍රථම වරට භික්ෂු සංහතියටම මහා කළු පැල්ලමක් සසුනේ තවත් කඳ පණුවෙක් විසින් එක් කරන ලදි. ඒ පොළොව කම්පා වන තරමේ හද ගැස්මක් බොදුනුවෙකුට ඇතිකරවිය හැකි මේ පුවත නිසාය.

news-2007-12-images-newsbishop_and_priest

 

සිවුරු හැර අලුගෝසු වැඩේ කරන්න සමිත හිමි සූදානම්

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණය කොට ඝාතනය කරනු ලැබූ පාසල් සිසුවියගේ ඝාතකයන්ට අධිකරණය මගින් මරණ දඬුවම් ලබාදුනහොත් සිවුරු හැරලා අළුගෝසුවා කාර්ය කිරීමට තමන් සූදානම් බැව් දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ඊයේ (07 දා) දකුණු පළාත් සභා රැස්‌වීමේදී පැවසූහ.

පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්‌වෙමින් සමිත හිමියෝ මෙසේ ද පැවසූහ.

දරුවන් වෙනුවෙන් මා අළුගෝසුවාගේ කාර්ය භාරය කරලා හිත හදාගෙන සිවුරු හැරලා වනගත වෙලා භාවනා කරනවා. මා භික්‍ෂුවක්‌. කාටවත් වෛර කරන්නේ නැහැ. අපේ රටේ එල්ලුම්ගහ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එල්ලුම් ගහට අළුගෝසුවන් තෝරාගත්තත් ඔවුන් රාජකාරිය කරන්න කැමැති නැහැ. ඉවත්වෙලා යනවා. නමුත් යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණයට ලක්‌කොට ඝාතනය කරනු ලැබූ වින්ද්‍යා දැරියගේ ඝාතකයන්ට අධිකරණයෙන් මරණ දඬුවම නියම වුවහොත් දරුවන්ගේ නාමයෙන් මා අළුගෝසුවාගේ කාර්ය කරනවා.

අධිකරණයෙන් ඒ තීන්දුව ලැබුණහොත් සහතික වශයෙන්ම මා ඒ කාර්ය කරනවා. ඒ සඳහා මට අවසර ලබාදෙන්න. ඊට පස්‌සේ මගේ ජීවිතය නැති වුවත් කමක්‌ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයට ගිහිල්ලා එම දැරියගේ ඥතීන්ට ප්‍රකාශ කළා විශේෂ අධිකරණයක්‌ මගින් මේ නඩුව අහනවා කියලා. ඒ ගැන ජනාධිපතිතුමාට ප්‍රශංසා කරනවා යෑයි ද සමිත හිමියෝ පැවසූහ.

සභාපති කේ. ඒ. සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා රැස්‌වීම ගාල්ල කලේගානේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

http://www.divaina.com/2015/07/08/news22.html

කාටවත් වෛර නොකරන බව පවසන මෙහිමිනම අළුගෝසු වැඩය කිරීමට යෑම සහමුලින් පරස්පර තත්වයකි. කිසිදා ගැලපිය නොහැකි, ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් සමානයි කීම වැනි සහගහන මුසාවකි. ඒ කෙසේදැයි අප අභිධර්මානුකූලව විමසා බලමු.

බුදු සසුනේ සිව්වනක් පිරිසට නිවන් කරා යන ගමනේ නැතිවම බැරි කුසල චෛතිසිකයකි “සම්මා කම්මන්ත”. මෙය අප විසින් කලින් ලිපියකින් පැහැදිළි කල පරමාර්ථ ධර්ම 82න් විශාලම කොටස වන  දෙපණස් චෛතිසික නිරූපන තුල බොදු අපිට වැදගත්ම එකකි.

මිනිසෙක්ට කල හැකි  පව්කාර කම් දහයක් ඇත. සිතෙන් පව්කම් තුනක්, කයින් පව්කම් තුනක් හා වචනයෙන් පව්කම් හතරක් ලෙසිනි . මෙයින් කයින් කරන පව්කම් 3 : සතුන් මැරීම (අළුගෝසු කම ඇතුළුව )- සොරකම් කිරීම – පරදාර සේවනය යන තුනයි. එය වැලකීමේ බලය ඇති චෛතිසිකය “සම්මා කම්මන්ත” නම ඇති අතර, කිසිවිටෙක ඉහත පව්කම් කරන සිතක් හා නොබැඳෙ. කුසල් සිත් වුවද හැම එකේම නැති හෙයින්, උත්සාහයෙන් උපදවාගතයුතු හෙයින් “අසාධාරණ ශෝභන” ලෙසින් වර්ග කර ඇත.

ඉහත පව්කාරකම් 10න් කිසිවක් ඒ ඒ පව්කාරකම් කිරීමේ චේතනා බලයෙන් තොරව ඉටු නොවේ.

උපමාවකින් කියන්නේ නම් මොන තරම් බලසම්පන්න යන්ත්‍රයක් වුවද ඉන්ධන රහිතව ක්‍රියා නොකරනවා මෙනි. බැකෝ යන්ත්‍රයකට “ඉන්ධන” නොමැතිනම් “නියමුවෙක්” ඇතත්, කැලෑ වැනසීම නම් විනාශය කල නොහැක. එබැවින් “ඉන්ධන” ඈත් කර තැබීම විනාශය වැළකීමට උපකාරී වේ. මේ ආකාරයටම “සම්මා කම්මන්ත” තුලින් අපි පව්කාර කම් සමඟ මිශ්‍රවන “චේතනා” ඈත්කර තබා ගන්නේ නම් අපි විසින් පව්කම් (පව්+කර්ම) සිදු නොවේ. එබැවින් එම “චේතනා” බලයට “කර්මය” කියාද කියයි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කලේ ඇයිදැයි ඔබට දැන් වැටහෙනවා ඇත.
අප කලින් සඳහන් කල “සම්මා කම්මන්ත” දෙපනස් චෛතිසික වල එකක් වූවා සේම මෙම “චේතනා” යන්න තවත් චෛතිසිකයකි. එබැවින් මේ වනවිට අපි පනස් දෙකක් වන මුළු ප්‍රමාණයෙන් චෛතිසික දෙකක් ගැන සැකෙවින් අප අසා ඇත්තෙමු.

සිත රහිතව අපේ සිරුර දර කඩක් හා සමාන බව මූලික සත්‍යයකි. මියගිය විට මේ බව අපිට දැකිය හැක. සිතක් රහිතව කිසිදු ක්‍රියාවක් සිදුකල නොහැකි වන්නේ සෑම ක්‍රියාවක්ම සිත නම් නියමුවා විසින් කරවන බැවිනි.මෙසේ සිත විසින් අපේ සිරුර නියමුවෙක් මෙන් මෙහෙයවීමේදී, එම සිතේ සහයට ඒ හා ඉපදීමට ඉඩ ඇති සහයකයන් 52ක් ඇත. චෛතිසික කියා කීවේ මේවාටය. තේරුම් ගත යුත්තේ මේ 52කම කිසිදා කිසිම සිතකට එකවර සම්බන්ධ නොවන බවයි. එය පංච නියාම ධර්ම වලින් එකක් වන චිත්ත නියාමයේ මූලික කරුණකි.

බැකෝ උදාහරණය ගත් විට, එහි නියමු අසුනේ සිට ක්‍රියාකරවන්නා “සිත” යයි ගන්න. එහි පාලක පැනලයේ ඇති සංකීර්ණ පාලක යතුරු ලීවර සියල්ල මේ සහායකයින්ගෙන් කොටසක් යැයි සිතන්න. මොනයම් හෝ වැඩක් යන්ත්‍රයෙන් කිරීමට නම් “ඉන්ධන” සහිතව එය පණ ගන්වා තිබිය යුතුය. එය උපමාකල හැක්කේ සර්ව චිත්ත සාධාරණ චෛතිසික 7ටය. චිත්ත නියාමයෙන් සිදුවන මේවා 7න් තොර සිතක් ලොව ජීවත්වන කිසිවෙකුටත් නූපදී. අප විස්තර කිරීමට පෙරම එම සර්ව චිත්ත සාධාරණ චෛතිසික 7න් එකක් ඔබ දැන් ඉන්ධන උපමාව තුලින් හඳුනාගත්තා නොවේද?

ඔබ සැක කල ලෙසම “චේතනා” නම් ඉන්ධන ඉන් එකකි. තවත් තම තමාට නියමිත සහයන් නිරන්තරයෙන් සියළු සිත්වලට ලබාදෙමින් ඒකාන්තයෙන් උපදින චෛතිසික 6ක් ඇත. අතිශය රසවත්, ඔබේ මනස පුළුල් කරවන එම කාරණා පිළිබඳ විස්තර ඔබට , පරම පූජණීය රේනුකානේ චන්දවිමල මාහිමි සම්පාදිත අභිධර්ම මාර්ගය පොතේ 74 සිට 77 දක්වා පිටුවලින් කියවා තේරුම් ගත හැක. මෙහි නොයොදන්නේ මාතෘකාවෙන් පිට නොයාමටය.

චෛතිසික 52න් ඉහත 7 ඉවත් වූ විට 45ක් ඉතිරි වේ. එම 45 ද චිත්ත නියාමයට අනුව එකවර කිසිම සිතකට සම්බන්ධ විය නොහැක. චෛතිසික 52නිරූපන ඔබ බලන්නේ නම් ඉතා පැහැදිළිව ඒවා වර්ග කර ඇත්තේ විවිධ සිත් සමඟ එවා සම්බන්ධවීම/නොවීම අනුවය.

6-Depanas Chaithisika

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

 

ඒ අනුව ඉතිරි 45න් 25ක්ම ශෝභන රාශිය වන අතර, චිත්ත නියාමයට අනුව ඒවා කුසල් සිත් වෙනුවෙන්ම පමණක් වෙන්වී ඇත. අදෝස හෙවත් අවෛරය= මෛත්‍රිය ද මේ අතර ඇත.

සමිත නම් චීවරධාරියා කිසිවෙකුට වෛර නොකරනවා යයි කියන්නේ ඔහුට මේ අදෝස චෛතිසිකය ඇති බවය. එය කුසල් සිත් වලට පමණක් වෙන් වූ දෙයකි.

කෙසේ වුවත් 45-25 = 20ක් වූ ඉතිරි චෛතිසික විවිධ කාණ්ඩ වලට බෙදෙයි, ඉන් අකුශල රාශියට අයත් 14 ද කිසිවිට කුසල් සිත් හා නොබැඳේ. දෝස හෙවත් වෛරය ද මේ අතර ඇත.

සමිත නම් චීවරධාරියා මොන නිදහසට කාරණාවක් පෙන්වා හෝ අළුගෝසුවා වීමට නම්, ඔහු උපදවාගත යුතු සිතට ප්‍රාණඝාත චේතනාව තිබිය යුතුමය. ප්‍රාණඝාතය සම්පූර්ණ වීමට ඉටුවිය යුතු කාරණා පහ තුල මෙය මනාව පෙන්වා ඇත.

1. පණ ඇති සතකු වීම – විද්‍යා ඝාතනයේ සැකකරුවෝ
2. පණ ඇති සතකු බව දැන ගැනීම – ඔවුන් තවම සිර දඬුවම් ලබන බව
3. මරණු කැමති සිත – සමිතගේ අළුගෝසු චේතනාව
4. මරන්නට උපක්‍රම කිරීම – ජනාධිපති ලවා විශේෂ අධිකරණ තීන්දුව ගෙන සිවුරු හැර අළුගෝසුවා වීම
5. එම උපක්‍රමයෙන් මැරීම – තවම සිදුවී නොමැත

අළුගෝසු චේතනාව ඉපදෙන්නේ අකුසල සිතකම පමණි. විනෝදයට සතෙක් දඩයම් කලත්, අශ්වරේස් ආදිය අතරතුර අබාධ වන අශ්වයින් වෙඩි තබා මැරීමද, අකුසල ප්‍රීතිය නම් ප්‍රකීර්ණක චෛතිසිකයද එක්ව සත්වයාගේ ජීවිතය හා ද්වේෂයෙන්, වෛරයෙන් (දෝස චෛතිසිකයෙන් ) කාරණා සියල්ල සම්පූර්ණ වී අකුසල සිතකින්ම පමණක් සිදුවේ. කිසිවිට අදෝස චෛතිසිකයෙන්=මෛත්‍රියෙන් එය කලා යයි කියන්නේ නම්, බුදු වරයෙක්ට හෝ වෙනස් කල නොහැකි චිත්ත නියාමය තමන් වෙනස් කලා කීවා හා සමානය.
රාමසාන් නම් උපවාසය අවසන් කර තව දින කීපයකින් එලඹෙන ලක් පොලොව අසරණ එළු, කුකුල්, හරක් ආදී සතුන් මිලියන ගණනකගේ රතු ලේ ධාරාවන්ගෙන් තෙත් කරවන දීපව්‍යාප්ත හජ් සත්ව ඝාතනයට ඉස්ලාමිකයන් සතුන් මරන්නේද මේ බොරුව සමාජගත කරමින් බැවින් අපගේ මේ තේරුම් කිරීම කාගේත් ඇස් ඇරවීමට ඉතා ප්‍රයෝජනවත් බව අපි සිතමු.

168000_1426089790512_1780815581_799564_6951928_n1-437x500

හජ් සත්ව ඝාතන පින්කමක් සේ දක්වා හුවමාරු වූ මේ ලිපිය බලන්න

1378525_673112369396250_742066725_n
ඔබත් සාසන හිතකාමී නම් බද්දේගම සමිත වන්, දේශපාලන වාසි සොයමින් සසුන අතුලතින් වනසන කඳ පණුවන් දුටුවිට අසුනෙන් නැගී නොසිටින්න, වන්දනා නොකරන්න, කිසිදු පිරිකරක්, දනක් පිළිගන්වා ඔහුගේ පව් වලට සම්මාදම් නොවන්න. අතුරලියේ රතන, මාදුළුවාවේ සෝභිත ආදී ජාති/ආගම්/දේශ ද්‍රෝහී හිමිවරුන් සේම බද්දේගම සමිත පිළිකුලෙන් බැහැර කිරීමට කල හැකි සියල්ල කරන්න.

විවිධ දේශපාලකයන්ට දේශපාලනය කරන්න එපාය, තවත් අයට ඉඩ දෙන්නය කියමින් නුහුරටම දේශපාලන අනුශාසනා කරන මහ නායක හිමිවරුනි, තම සසුන තුල හිඳිමින් එය වනසන මෙවන් චීවරධාරීන් ගැන ඔබවහන්සේලා කිසිම ශබ්ධයක් නොනගන්නේ දහම කුමක්දැයි නොදන්නා නිසාද? නැතිනම් තමාගේ න්‍යායපත්‍රයට ඔවුන් වැඩ කරන නිසාද? තිස්තුන් කෝටියක් දෙවිවරුනී, ලක්බිම බුදු සසුනට ඔබගේ රැකවරණය පමණි.

 


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,890 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ