ධර්ම නිධාන

Archive for the ‘නොකල යුතු පව්කම්’ Category

මෛත්‍රිපාල විධායක ජනපතිධුරය දින සියයෙන් අහෝසි කර රනිල්ට දෙන්නේ රිටිගලකන්දට නැග බවුන් වැඩීමටද
– ගලගොඩඅත්තේ ඥනසාර හිමි

සිරිමන්ත රත්නසේකර

“මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය දින සියයෙන් අහෝසිකර රනිල් වික්‍රමසිංහ මහතාට බලය දෙන්නේ රිටිගල කන්දට නැග බවුන් වැඩීමට” දැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්‌ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඒ මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රිපාල මහතාව ඉදිරියට දමා තිරය පිටුපස සිටින කුමන්ත්‍රණකරුවන් උත්සාහ ගන්නේ රටට යහපතක්‌ කිරීමට නොව ඔවුන්ගේ වෛරී සිතුවිලි සාක්‍ෂාත් කර ගැනීමට පමණක්‌ බවත් උන්වහන්සේ සඳහන් කළේය.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ (27 වැනිදා) එම අදහස්‌ පළ කළේ ජනාධිපතිවරණයේදී සිය සංවිධානයේ සහාය කාටද යන්න හෙළි කිරීම වෙනුවෙන් කිරුළපන බෝධි බෞද්ධ මන්දිරයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පුජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ මෙසේ ද පැවසූහ.

2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇති ප්‍රධාන අපේක්‍ෂකයන් දෙදෙනාම හා ඔවුන් නියෝජනය කරනු ලබන දේශපාලන ව්‍යාපාරවලට බොදු බල සේනාවේ කැමැත්ත නැහැ. අපේ රට පැහැදිලිව දියුණු කළ හැකි සිංහලේ බෞද්ධ රාජ්‍ය නිර්මාණය කිරීමේ අරගලයට නායකත්වය දිය හැකි සැබෑ ජාතික නායකත්වයක්‌ අප සතුව තිබෙනවා.

වසර 200 කට පෙර 1815 දී සිදු වූ කුමන්ත්‍රණවලදී සිදු වූවක්‌ මෙන් මෙම ජාතික නායකත්වය තිඹිරිගෙයිදීම විනාශ කිරීමට ඉඩ දීමට අප සූදානම් නැහැ. වසර 2 ක්‌ තුළ අප විසින් නිර්මාණය කළ නව ජාතික පුනරුද ව්‍යාපාරය විනාශ කිරීමට සතුරාට ඉඩ දීමට අප ඉක්‌මන් නොවිය යුතුයි.

බොදු බල සේනාව බහුතර ජනතාවගේ අපේක්‍ෂාවක්‌ වෙමින් පවතින මොහොතක සිදුවන මෙම මැතිවරණය නිසා නිර්මාණය වී ඇති “බොරු වළේ” වැටී විනාශ වීමට ඇති ඉඩකඩ පිළිබඳව තේරුම් ගැනීමට බොදුබල සේනා පැහැදිලිව පරිණත වී ඇති බව කිවයුතුයි. සිංහලේ බෞද්ධ රාජ්‍යය බිහි කිරීම උදෙසා වු පදනම ආරක්‍ෂා කිරීම අපගේ පරම යුතුකම හා වගකීමයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද හේතුවෙන් රටේ ඓතිහාසික ජාතියට තිබිය යුතු එහෙත් අහිමි කරනු ලැබූ එහෙත් සුළු ජනවර්ග විසින් වරප්‍රසාදයක්‌ කරගෙන භූක්‌ති විඳින “රජුන් තැනීමේ” බලය රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට හිමි වෙමින් පවතින මොහොතක, බෙදී වෙන් වී ඇති සිංහල බෞද්ධයන් එක්‌සත් විමේ විභවය නිර්මාණය වී ඇති මොහොතක අප සියලු දෙනා කටයුතු කළ යුතු වන්නේ ඉතාමත් තාර්කිකව විචාරශීලීව, බුද්ධිමත්වයි.

2009 දී කුරිරු ත්‍රස්‌තවාදය අවසන් වුවද එහි දේශපාලන පෙරමුණ හා ජාත්‍යන්තර පෙරමුණ පරාජය කිරීමට රජය අපොහොසත් වූවා පමණක්‌ නොව බලය උදෙසා, රට ජාතිය හා ආගම පාවා දිය හැකි, උකස්‌ කළ හැකි අපගේම ලෙස පෙනෙන විජාතික බලවේග සමග එක්‌ව එය ශක්‌තිමත් කිරීමට ගනු ලැබූ උත්සාහයන් හඳුනා නොගැනීමට තරම් අප්‍රවේසම් දුර්වල වී ඒ නිසා සිංහල බෞද්ධ රාජ්‍ය නැවත දිනාගැනීම වෙනුවෙන් වූ අරගලයට අප නායකත්වය දෙමින් සිටිනවා.

2015 ජනාධිපතිවරණය පිළිබඳව බොදු බල සේනාව සිය සංවිධායකයන් හා ප්‍රධාන දායකයන් සමග ජාතික වශයෙනුත් ජාත්‍යන්තර වශයෙනුත් ගැඹුරු ලෙස සාකච්ඡා කළා. අපගේ “ජාතික බුද්ධි සභාවේ” විමසුමටද ලක්‌ කළා. අනතුරුව බොදු බල සේනාවේ දේශපාලන මණ්‌ඩලයේ නිර්දේශ මත එහි “විධායක කමිටුව” මෙම තීන්දුවට එළඹීමට කටයුතු කළා.

2015 ජනාධිපතිවරණය යනු සිංහලයාගේ, බෞද්ධයාගේ පමණක්‌ නොව සමස්‌ත රට වැසියාගේම පැවැත්මට බලපෑම් ඇති කළ හැකි විශේෂයෙන් සැමට සෙත සැලසිය හැකි සිංහල බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීමේ පදනම විනාශ කිරීම කෙරෙහි තීරණාත්මක බලපෑමක්‌ ඇති කළ හැකි සංධිස්‌ථානයක්‌ ලෙස සැලකිය යුතුය. අපගේ උතුම් අරමුණ ජයග්‍රහණය කිරීම උදෙසා පදනමක්‌ වී ඇති සාමකාමී පරිසරය විනාශ කොට “ජාතිභේදවාදී ත්‍රස්‌තවාදය” හා “ආගමික ත්‍රස්‌තවාදය” හිස එසවීමට ඉඩ දෙන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකි වේදිකාවක්‌ ලෙස මෙම ජනාධිපතිවරණය දකින බැවින් මෙම ක්‍රමන්ත්‍රණය හෙළිදරව් කිරීමටත්, එම කුමන්ත්‍රණය පරාජය කිරීමටත් එම අරමුණු උදෙසා බොදු බල සේනා සතු සමාජ ප්‍රාග්ධනය ඇතුළු සියලු විභවයන් මුදා හැරීමටත්, ඒ තුළින් සැමට සෙත සැලසිය හැකි සිංහලේ බෞද්ධ රාජ්‍යය ස්‌ථාපිත කිරීම උදෙසා වූ අරගලය ශක්‌තිමත් කිරීමට උදාවන සෑම තත්ත්පරයක්‌ම යොදා ගත යුතුයි. ඒ සඳහා යෝග්‍ය සියලු බලවේග ඒකරාශී කිරීමටත් කටයුතු කළ යුතුයි. මෙම ජාතික බුද්ධි මෙහෙවර උදෙසා රටේ ඇති සියලු භික්‍ෂුන් වහන්සේලා හා සියලු බෞද්ධ විහාරස්‌ථාන කේන්ද්‍ර කොටගත් සිංහල බෞද්ධ රාජ්‍යය දිනවීමේ සටන තුළින් 2015 ජනවාරි මස 8 වැනි දින පැවැත්වීමට යෝජිත ජනාධිපතිවරණයේදී මෙම විජාතික කුමන්ත්‍රණය පැරදවීම පිණිස ප්‍රජාතන්ත්‍රවාදී වූ ජන අරගලයක්‌ කරමින් මේ රටේ රජුන් තැනීමේ නායකත්වය භික්‍ෂුන්වහන්සේලාගේ ආශිර්වාදයෙන් රටේ ඓතිහාසික ජාතිය වූ සිංහල බෞද්ධයන්ට උරුම කර දීමට බොදු බල සේනා පෙරමුණ ගත යුතුය යන්න අපගේ තීන්දුවයි.

මෙම අවස්‌ථාවට බොදුබල සේනා සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙණියේ නන්ද, ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය ඩිලන්ත විතානගේ යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි පිරිසක්‌ එක්‌වූහ.

 

http://www.divaina.com/2014/11/28/news19.html


තෙවරක්‌ම බුදුන්ට පුදපු පින්බිමක්‌ නිසා
මෙහි හැම බිම් අඟලකම දළදා හාමුදුරුවන්ගේ
ආඥ චක්‍රය පවතිනවා

– බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

“……. මේ හැමෝම කොල්ලකන්නෙ බුද්ධ බෝග. මේක තෙවරක්‌ බුදුන්ට පුදපු මහා පින්බිමක්‌ දළදා හාමුදුරුවන්ගෙ ආඥ චක්‍රය මේ හැම බිම් අඟලකම පවතිනවා. ඒ බුද්ධ බෝග ආරක්‍ෂා කර ගැනීම අපි කාගේත් වගකීම. මේක කාටවත් කොල්ලකන්න දෙන්න බෑ. ඒ නිසා මේ හැමෝම අධිෂ්ඨාන කරගත යුතුයි එක බිම් අඟලක්‌වත් මගේ ජාතියෙන් පිට දෙන්නෙ නෑ කියලා.”

බොදු බල සේනා මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉල් පොහෝa දින වෙල්පල්ල රද්දලතා පුරාණ විහාරයේ පැවැති දහම් සාකච්ඡාවකදී ඒ බැව් පැවසීය.

මතු කළ ප්‍රශ්නයකට තවදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ –

“දළදා පෙරහැරේ කොතරම් නැටුම් ගැයුම් වැයුම් තිබුණත් අපේ කාගෙත් වැඩිම අවධානය යොමුවෙන්නෙ සධාතුක කරඬුව වැඩම වන හස්‌තිරාජයා වෙත ඒක බිඳින්න බැරි සංකේතයක්‌. සිංහල ජාතිය නමැති හස්‌තියා මත බුද්ධ ධර්මය නමැති කරඬුව තමයි ඒකෙන් පිළිබිඹු වෙන්නෙ. අන්න ඒකයි අපි මේ කියන්නේ කරඬුව වැඩමවීමට හස්‌තියා ඉන්න ඕන වගේ තමයි බුදුදහම සුරකින්න සිංහලයො ජාතියක්‌ වශයෙන් රැකෙන්න ඕන කියලා.

පවුකාර මිථ්‍යා දෘෂ්ටික බලවේග අද සිංහල ගම්බිම්වලට ඇවිත් මහා ගැටුම් නිර්මාණය කරමින් යනවා. ඒවායෙන් අපේ සතරපේරුවේ ප්‍රවේණිය රැකගන්න හාමුදුරුවො පෙරට ආ යුතුයි. දායකයන් ධර්මයට ලංකරවා ගන්න ඕන. මිනිසුන් නිරෝගී කිරීමේ වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. රෝගී සමාජවලට බණ කියලා වැඩක්‌ නෑ. පුළුවන් තරම් අභියෝග හඳුනා ගන්න අවශ්‍යයි. තාක්‍ෂණය දැනුම සැමවිටම උපයෝගී කරගත යුතු වෙනවා.

ලෝකෙ ඉන්න එකම ජාතිය වෙන්න ඕන අපි තමන්ගෙ ආගමික නායකයො විවේචනය කරන, වැඩක්‌ කරන අය විවේචනය මහා නරක පුරුද්දක්‌ මේ පින්වන්ත බිමේ සිංහල බෞද්ධකම නැතිකරන්න සංවිධාන 400 ක්‌ ක්‍රියාත්මක වෙනවා. අනතුරක්‌ දැකලා ජාතික මෙහෙවරේ යෙදෙනවා නම් හාමුදුරුනමක්‌ හෝ දායකයෙක්‌ කිසි දවසක ඒක විවේචනයට ලක්‌ කරන්න එපා. ජාතිය රැකගන්න උන්වහන්සේලාට ශක්‌තිය දෙන්න.

පොලිසිය අපිට හරිම ආදරෙයි. අපි බණකට හෝ යනවා කියලා ආරංචි වූ වහාම පුදුම විදිහට එන්නෙ. බුද්ධි අංශ මහත්වරුන් දුවගෙන එනවා ඒක ඉතාම හොඳයි. අපි අගය කළ යුතුයි. ඒත් කෝ සිකුරාදා මුස්‌ලිම් පල්ලිවල දේශන පටිගත කරගන්න යනවා.

අද ලෝකෙටම හිssසරදයක්‌ වෙච්ච අපි වසර 30 ක්‌ යුද්ධය කළා. දැන් අපි ඉන්නෙ සාමකාමී රටක, අපි මැරෙනකල් නැවත ලේ හැලීම් දකින්න කොහොමත් අකැමැතියි. 27000 යෞවනයෝ ජීවිත පූජා කරලා ඒ නිදහස අපට අරන් දුන්න බව පින් සිතින් සිහිකටයුත්තේ ඒකයි. අපට සැනසිල්ල උදා කරපු ඒ අයට අපි කරන ලොකුම ගෞරවය වෙන්නෙ මතු කිසි දිනෙක ලේ වැගිරීමකට තියන ඉඩකඩ අහුරන එකයි. ඒ වෙනුවෙන් අපි වැඩ කළ යුතුයි. ඒ ටිකවත් කියන්න අපිට මාධ්‍ය ඉඩ දෙන්නේ නෑ.

මෙම පිංකමට ඓතිහාසික මල්වතු විහාරයේ සාරානන්ද හිමි විහාරාධිපති බිබිලාදෙනියේ ධම්මප්‍රිය හිමි ඇතුළු ප්‍රාදේශීය මහා සංඝරත්නය ද උවැසි උවැසියන් සහ දහස ඉක්‌මවූ පිරිසක්‌ ද සහභාගි වූහ.

 

http://www.divaina.com/2014/11/18/provin02.html

 

බොරු චෝදනා කරමින් අපගේ ස්වාමීන් වහන්සේ දැඩි අපහසුතාවයට පත්කල වසලයාට එරෙහිව මේ වනවිටත් “සිංහල බෞද්ධ” ජනාධිපති තුමා හෝ පවිත්‍රා දුෂ්ඨ ඇමතිණිය ගත් පියවරක් නැත.

සසරම නසාගත් වසලයා

සසරම නසාගත් වසලයා

එම ස්වාමීන් වහන්සේ මුවින් පරුෂ වචන පිටවූයේ තම නිර්දෝෂී භාවය ලොවටම කෑගසා ඔප්පු කිරීමටය. අතට මුගුරක් ආවේ කල බොරු චෝදනාවේ බරපතල කම නිසාය. විදුලි වසලයාට පක්ෂ වූ , ඔහු වෙනුවෙන් සඟ රුවන රැවටීමට තැත් කල නපුංසක පොලීසිය සියල්ල බලා සිටියේ බෙලහීනයන් ලෙසය. අනේ අප හාමුදුරුවනේ, ඔබ වහන්සේ අතට ගත් මුගුර දෑත බදා වසලයාගේ හිසට පාත් කලත් ඔබ වහන්සේ අපට එකසේම උතුම්ය. මෙතෙක් කල් මඩකලපුව මංගලාරාමය රැකගත් වීරකම තවත් ඉහලට ඔසවාගැනීමකි.

 

එහෙත් සිතේ වේගය වචනයෙන් පමණක් පිටකර ඉවසීමට තරම් ඔබ වහන්සේ උතුම් විය. නිලධාරී වසලයාගේ නිහීනභාවය ලොවට පෙන්වීමට ඔබ වහන්සේ සමත්විය. අත්‍යවශ්‍ය විටක 86 බුද්ධ නීතිය භාවිත කිරීමට තරම් ඔබ වහන්සේ වීරයෙක් විය. සිංහල බෞද්ධයා මඩකලපුවේ නැවතත් අනාථ කර දැමීමට පවිටු කුමණ්ත්‍රණයක් කල නිඝන්ඨයෝ පතුරුවා හරින වීඩියෝ වල අපගේ උතුම්ම මහ සඟ රුවන වන ඔබ ඒ කුමණ්ත්‍රණයක් වූ පසුබිම යටතේ  කුමක් කලත්, කුමක් කීවත්  නැවත නැවත ඔබ වහන්සේගේ නිර්දෝශී බවම සහතික කරන බව අපගේ මතයයි. බොරු චෝදනා කල සැනින් මින් ඉදිරියට මෙවන් ද්‍රෝහී නිලධාරී වසලයන් පන්සල් භූමිය තුලදීම හිස දෙපලු කර අපාගත කිරීමට දායක පිරිස එකමුතු වේවා! අපේ වීර හිමිනම වෙනුවෙන් කල යුත්ත කිරීමට ගිහියෝ ඉදිරිපත් වේවා!

 

මඩකලපුවේ විහාරයට, නව බුදු මැදුරට එරෙහි විදුලි බල මණ්ඩල කුමණ්ත්‍රයණයට හැකි සෑම ආකාරයෙන් විරෝධය පල කරත්වා, පවිටු කාන්තා දේශපාලනය ලක් බිමින් අතුගා දැමීමට කාන්තා දේශපාලනය සහමුලින් ප්‍රතික්ෂේප කරත්වා!

 

විදුලිබල මණ්‌ඩලයේ නිලධාරීන්
අසභ්‍ය වචනයෙන් බැණ තර්ජනය කළා
– මඩකලපුව මංගලාරාමාධිපති හිමියෝ කියති

සුසන්ත අමරබන්දු – අම්පාර විශේෂ

මඩකලපුවේ තිබෙන එකම බෞද්ධ විහාරස්‌ථානය වන මඩකලපුව මංගලාරාම විහාරස්‌ථානයේ බුදු මැදුරේ මීට ඉහත දින දෙකකදී නිසි පරිදි විදුලි බිල් ගෙවා තිබියදී විදුලිය විසන්ධි කළ විදුලිබල මණ්‌ඩලයේ කොළඹින් පැමිණි නිලධාරීන් පිරිසක්‌ යෑයි කියා ගන්නා පිරිසක්‌ 23 වැනිදා දහවල් මංගලාරාම විහාරස්‌ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන්ට ඉතා අසභ්‍ය ලෙස බැණ වදිමින් මුළු විහාරස්‌ථානයේම විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළ බව උන්වහන්සේ “දිවයින” ට පවසා සිටිති.

විහාරස්‌ථානයේ බුද්ධ මන්දිරයට, ආවාස ගේ ඇතුළු ස්‌ථාන සඳහා විදුලි මීටර් 04 ක්‌ සවිකර තිබෙනවා බොහෝ කලකින් පසු බුද්ධ මන්දිරයේ සිතුවම් නැවත අඳිමින් ප්‍රතිසංස්‌කරණ කටයුතු කරන නිසා එම ස්‌ථානයේ විදුලි රැහන් පද්ධතිය ප්‍රතිසංස්‌කරණ කටයුතු සඳහා ගලවා තිබෙන බැවින් එම සිතුවම් අඳින ශිල්පීන් ඇතුළු පිරිස තාවකාලික ලෙස වයර් ඇද අවශ්‍ය මොහොතට විදුලිය ලබා ගන්නවා. 17 වැනිදා විදුලිබල මණ්‌ඩලයේ කොළඹින් පැමිණි පිරිසක්‌ යෑයි කියා ගන්නා පිරිසක්‌ විදුලිය හොරෙන් ගන්නවා යෑයි පවසමින් බුද්ධ මන්දිරයේ විදුලිය විසන්ධි කර එහි තිබු වයර් සියල්ලම රැගෙන ගොස්‌ තිබුණා. නැවතත් 20 වැනි දිනද එම පිරිස පැමිණ එම ආකාරයෙන්ම බුද්ධ මන්දිරයේ තිබුණ විදුලි

රැහැන් රැගෙන ගොස්‌ තිබුණා. මා අවස්‌ථා දෙකේදීම විහාරස්‌ථානයේ සිටියේ නැහැ යෑයිද මංගලාරාම විහාරස්‌ථානයේ විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ පැවසූහ.

සුමනරතන හිමියෝ මෙසේද කීහ.

විදුලි බිල් සියල්ල නිසි පරිදි ගෙවා තිබියදී පන්සලේ විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළ විට මා එයට ඉඩ දුන්නේ නැහැ. මාහට අසභ්‍ය වචනයෙන් බැණ වැදී සිදුකළ චෝදනාව නැවතත් ඉල්ලා අස්‌කර ගන්නා ලෙස පැවසූ විට එම නිලධාරියා එම පැවසූ දේ ඉවත් කර ගන්නා බව පවසමින් සමාව ගත්තා. මේ සිද්ධිය ගැන සොයා බලන ලෙස ජනාධිපතිතුමාගෙන් හා විදුලිබල ඇමැතිනියගෙන් ඉල්ලා සිටිනවා.

 

http://www.divaina.com/2014/10/25/news05.html


පොල්ගහවෙල ප්‍රා. සභාවේ නව වැසිකිළිවලින්
බෞද්ධ මධ්‍යස්‌ථානයට අහිතකර බලපෑම්
ජනපතිදුන්ගෙන් පිහිට පතයි

පොල්ගහවෙල

ජය ශ්‍රීමහා බෝධියේ ශාඛාවක්‌ රෝපණය කර ඇති පොල්ගහවෙල නගරයේ පිහිටි බෞද්ධ මධ්‍යස්‌ථානයට යාබද ඉඩමේ පිහිටි පොල්ගහවෙල ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ලේ අලුතින් ඉදිවන වැසිකිළි පද්ධතිය නිසා මෙම විහාරස්‌ථානයට පැමිණෙන බෞද්ධ බැතිමතුන්ට බෝධිපූජා ඇතුළු පින්කම් කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උද්ගත වෙමින් පවතී. මේ පිළිබඳව ‘දිවයින’ට අදහස්‌ දැක්‌වූ පූජ්‍ය පදවියේ අනෝපමා මෑණියෝ (පොල්ගහවෙල ශ්‍රී බෞද්ධ මධ්‍යස්‌ථාන ආරාමාධිපතිනි)

මෙම බෞද්ධ සිද්ධස්‌ථානය යාබද ඉඩමේ ඉදිකෙරෙන පොල්ගහවෙල ප්‍රාදේශීය සභා ගොඩනැඟිල්ලේ නව වැසිකිළි පද්ධතිය විහාරස්‌ථානයට අඩි තුනක පමණ කෙටි දුරකින් ඉදිකිරීම නිසා බැතිමතුන්ට සිදුවන අපහසුතාව පිළිබඳ පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා දැනුවත් කළත් එයින් කිසිදු පලක්‌ නැති බව පෙනී යනවා. වරෙක සභාපතිවරයා මට පිළිතුරු ලබා දුන්නේ “මිස්‌” කියා කතාකරමින් බවද සඳහන් කළ යුතුයි. ඉන් අනතුරුව වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවී මේ පිළිබඳ දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක්‌ හැටියට ඔහු මෙම වැසිකිළි පද්ධතිය ඉවත් කිරීමට නියෝග ලබා දුන්නත් එය ද සිදුනොවීම බලවත් කනගාටුවක්‌.

ඉතා පැරණි බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ වන මෙම ස්‌ථානයේ රෝපණය කර ඇති බෝධිය අනුරාධපුර ජයශ්‍රී මහා බෝධියේ ශාඛාවක්‌ නිසා එයින් පිහිට ලබාගැනීම සඳහා පැමිණෙන බැතිමතුන් බෝධිය අබියස බෝධි පූජා තැබීම හා අනෙකුත් වන්දනා කටයුතු සිදුකිරීමට ඇති ඉඩකඩ මේ වැසිකිළි පද්ධතියෙන් පැමිණෙන දුර්ගන්ධය නිසා මෙම ස්‌ථානයේ රැඳී සිටීම දැඩි අපහසුවක්‌.

මෙම හේතුවෙන් තම බෞද්ධ කටයුතු සිදුකර ගැනීමට පැමිණෙන බැතිමතුන් ඉදිරියේදී නොපැමිණීමට ඇති ඉඩකඩ නිසා පොල්ගහවෙල නගර මධ්‍යයේ ඇති පැරණි බෞද්ධ සිද්ධස්‌ථානය වැසී යැමේ තර්ජනයකට ලක්‌ වී තිබෙනවා. මම මෙම සිද්ධිය පිළිබඳ ජනාධිපතිතුමාට ද µeක්‌ස්‌ පණිවිඩයක්‌ මගින් දැනුම්දී තිබෙන බව අවසන් වශයෙන් සඳහන් කළ යුතුයි.

ගුරුදෙනියේ පඤ්Æකිත්ති ස්‌වාමින්වහන්සේ (විහාරාධිපති ශී ගනේගොඩ පුෂ්පාරාම රජමහා විහාරය) – පොල්ගහවෙල අප විහාරස්‌ථානයේ ශාඛාවක්‌ වශයෙන් ස්‌ථාපිත කර ඇති ඉහත සඳහන් සිද්ධස්‌ථානයට හා එයට පැමිණෙන පින්වත් බෞද්ධ බැතිමතුන් අපහසුවට පත් වන අන්දමෙන් ඉදිකෙරෙන පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ වැසිකිළි පද්ධතිය පිළිබඳ අතිශයින් කනගාටුවට පත්වෙනවා. මෙවැනි අකටයුතුකම් නිසා බෞද්ධ ජනතාව දැඩි කලකිරීමට පත්වීම වැළැක්‌විය නොහැකි කරුණක්‌ නිසා වගකිවයුතු බලධාරීන් කඩිනම් ක්‍රියාමාර්ග ගෙන බෞද්ධ පින්වතුන් අපහසුවට පත්වීමට ඉඩ ඇති වැසිකිළි පද්ධතිය ඉවත් කිරීමට සුදුසුයි.

එච්. පී. සුසිලාවතී මහත්මිය (දායක සභික) – බදාදා හා සෙනසුරාදා දිනවල විශාල බැතිමතුන් සංඛ්‍යාවකගේ සහභාගිත්වයෙන් සිදුකෙරෙන බෝධි පූජා කටයුතුවලට මේ වැසිකිළි පද්ධතිය ඉදිවීම බාධාවක්‌. ඒ වගේම පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවට පැමිණෙන විශාල ජනතාවක්‌ මෙම වැසිකිළි පද්ධතිය දිනපතා භාවිතා කිරීමේදී යාබද ඉඩමේ පිහිටි බෞද්ධ සිද්ධස්‌ථානයේ බෝධියට අහිතකර බලපෑම් වගේම මේ ස්‌ථානයේ සිටින මෑණියන් වහන්සේ ඇතුළු ඇයගේ සෞඛ්‍යයට ද අහිතකර බලපෑම් සිදුවිය හැකියි.

 

සතුරාට පවා මෛත්‍රිය දැක්වීමට බුදු දහමේ දෙසා ඇත. එය තමා අනතුරේ හෙලාගෙන තම දහම නසාගෙන සිදු කිරීම ඉතාම මෝඩ ක්‍රියාවක් බවත් බුදු දහමේ පැහැදිලිව දෙසා ඇති බව බුද්ධ නීති විමසා බලන්නෙකුට පැහැදිළිව පෙනී යන දෙයකි. බලන්න 82 වන බුද්ධ නීතිය

බුදු දහමේ හම් හරයක් වේද එහි සහමුලින් විරුද්ධ අර්ථය තවත් ආගමක් ලෙස වසර 1400කට පෙර එළි දැක්කේය. කවරෙක් අතින්ද? ලිවීමට තබා කියවීමට හැකියාව නැති බල පිපාසයෙන් හා තණ්හාවෙන් මත් වූ තක්කඩි පුද්ගලයෙකු අතිනි. මුලින් ප්‍රදේශ ආක්‍රමණය හරහා ස්ත්‍රී හා වස්තු කොල්ලයේ යෙදුනු එම සල්ලාල මොහොමබ් නබි නම් මහළු නායකයා තම නායක්තවය මුළු ලොවේම පැතිරවීමේ සිහිනයේ සිටි අයෙක් විය. කතෝලික බයිබලය කොපි කරවා සුළු වෙනස්කම් වලින් පටන්ගත් ඔහුගේ “දහම” බල/ස්ත්‍රී/වස්තු කාමය (ලෝභ ), පිට ආගමිකයාට මරණය (ද්වේෂය ) හා සර්වබලධාරී දෙවියා (මෝහය ) මත පදනම් වන්නේ ත්‍රස්ථයෙක් සොයාගත් ම්ලේච්ඡ “දහමක්” බව හොඳ හැටි තහවුරු කරමිනි. ලොව සියළු ත්‍රස්ථයන්ට මුස්ලිම් අන්තවාදීන් කීම මිත්‍යාවකි, දවැන්ත රැවටීමකි. ඔවුන් සියල්ලගේම ලාංඡනයට අල්-කුරාණයේ රූපයක් හෝ එහි කියමනක් අඩංගු නැතිද? ඔවුන් හුදෙක් කුරාණය අන්තිම අකුරට පිළිපදින නියම මුස්ලිමුන් පමණි. ඉස්ලාමයේ නියම ස්වරූපය ඔවුන් විසින් නිරුවත් කරන බැවින් එම පාපක්‍රියා සියල්ලට ආශිර්වාද කරන අනෙක් මුස්ලිමුන් ඔවුන්ව අන්තවාදීන් සේ අර්ථදක්වා සිය පාප ධර්මය ආරක්ෂාකර ගැනීම සිදු කරයි. ලොවම එයට රැවටී සිටීම පුදුම සහගතය. ලොවෙ ත්‍රස්ථයන් විසින් කල එකදු බෙලි ගැසීමක්, ත්‍රස්ථ ප්‍රහාරයක් කිසිදු මුස්ලිමෙක් හෙළා දකිනවා ඔබ අසා ඇතිද? ඒවා සාධාරණීකරණය කිරීමේ ගල් පැලෙන බොරු මුස්ලිමුන් මොන තරම් කියනවාදැයි එවන් ප්‍රවෘත්ති වලට ඇති ඉස්ලාම් ප්‍රතිචාර අනුව නොපෙනේද?

සතුරාට මෛත්‍රිය වෙනුවට අහිංසකයා පවා සතුරෙක් ලෙස අරුත් ගන්වා ඔහුගේ ලේ කෲර ආකාරයන්ගෙන් දැක රස විඳීම මේ දහමේ අනන්ත වූ ආගමික ප්‍රකාශ තුල නොඅඩුව දක්නට ලැබීම ඉහත පසුබිම යටතේ පුදුම විය යුත්තක්ද නොවේ. එම දහමට අනුව සිය දහමෙන් පිට සියළු ආගමිකයන් පරම සතුරන්ය. එම ආගමිකයා තමාට එරෙහිව කිසිදු හිංසාවක් කල යුතු නොවේ. කොටින්ම තමාට සෙවන දුන් ජාතියක් පවා හුදු සතුරන් බවට ඔවුන් විසින් තේරුම් ගැනීම මේ අනුව ඉතා පහසුවෙන් සිදුවේ. එම විශ්වාසයෙන් පිට කිසිම දෙයක් ඔවුනට වැදගත් නොවන්නේ විචාර බුද්ධිය ඔවුනට අකැප (හරාම්) දෙයක් වන බැවිනි. ඇස් පනාපිට පෙනෙන සත්‍යට පවා මොවුන් අන්ධ වන්නේ මේ නිසාය. ශුද්ධ වූ කුරාණය ඔවුන්ගේ ඇදහීම අඩංගු ග්‍රන්ථයයි. ඔවුන් කිසි කලෙක ප්‍රතික්ෂේප නොකල එහි පිට ආගමිකයන්ට සැලකිය යුතු අයුරු පෙන්වන ඡේද කීපයක් පහත දැක්වේ.අංක සමඟ ඉදිරිපත් කර ඇති මේවා ඒ ඒ පසුබිම් යටතේ තේරුම් ගත යුතුයි යනුවෙන් ආරක්ෂා කර ගැනීම හැරෙන්නට ඉස්ලාමිකයාට වෙන විකල්ප නැති නමුත් අල්ලාගේ මිත්‍යාව හොඳින් දන්නා මේවා බොදුනුවන් වන අපත් ආවරණය කරන බව නොපිළිගන්නේ තමා තමාව රවටාගන්නා මුග්ධයෙක් විසින් පමණක් බව තේරුම් ගත යුතුය.

කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.http://www.quran.com/8/12
කුරානය 9.5. තහනම් මාසය (උපවාස මාසය) පසුවුනු විට, අ‍දේවවාදීන් දුටු තැන මරන්න. සියලු උපක්‍රම යොදා ඔවුන් කොටු කරන්න, ඔවුන් ගැවෙ‍සෙන තැන්වල සැංඟි සිටින්න, ඔවුන් සිරභාරයට ගන්න. http://quran.com/9/5
කුරානය: 3:151. අප විස්වාශ නොකරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමු. අල්ලා ‍දෙවියන් තහනම් කළාවු දේ, එනම්, ඔවුන් අල්ලා ‍දෙවියන් සමඟ තවත් දේ සම කළාහුය. ඔවුන් ගේ වාසස්ථානය ගින්න වන්නේය. පව්කාරයින්ට නරකාදිය අයිතිය.http://quran.com/3/151
කුරානය: 8.60. අල්ලා ‍දෙවියන්ගේ සතුරන් ත්‍රස්ත කිරීමට, ඔබට හැකි පමණින් ‍සේනා හා අශ්වන් ද ‍දේශ සීමාවේ සූදානම් කරන්න.http://quran.com/8/60
ජිහාඩ් (අවිස්වාශ කරන්නවුන් සොයා මරා දැමිය යුතුය).
කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න. http://quran.com/2/191
කුරානය: 2.193. තවදුරටත් කළහකිරීම් හා ආධිපත්‍යයන් නොවන ‍තෙක් ඔවුන් හා සටන් කරන්න. http://quran.com/2/193
කුරානය: 2.216. සටන් කිරීම ඔබට නියම කර ඇත. නමුත් ඔබට හොඳවූ දේට ඔබ අකැමැති වන්නට පුළුවන. http://quran.com/2/216
කුරානය: 3.28. විස්වාශවන්තයින් (මුස්ලිම්වරු) උදව්කරුවන් ‍ලෙස හෝ මිතුරන් ‍ලෙස හෝ මුස්ලිම්වරුන් හැර අවිස්වාශ වන්තයින් තෝරා නොගන්න. කිසි‍වෙකු එ‍ලෙස කරයි නම්, ඔහුට අල්ලා ‍දෙවියන්ගේ උදව් නොලැ‍බෙනු ඇත. http://quran.com/3/28
කුරානය: 4.84. අල්ලා ‍දෙවියන්ගේ ආගම ‍වෙනු‍වෙන් සටන් කරන්න. ඔබ වගකිය යුතු වන්නේ ඔබට පමණි. මුස්ලිම්වරු සටනට අවදි කරන්න. අවිස්වාශවන්තයන්ගේ ‍ආවේගය අල්ලා ‍දෙවියන් පාලනය කරනු ඇත. අල්ලා ‍දෙවියන් ශක්ති‍යෙන් මෙන්ම දඩුවම් දී‍මේදිත් බලගතු වන්නේය. http://quran.com/4/84
කුරානය: 4.141. මුස්ලිම්වරු පරදවා ජය ලැබීමට, අවිස්වාශවන්තයින්ට අල්ලා ‍දෙවියන් අවස්ථාව නො‍දෙන්නේය.http://quran.com/4/141
කුරානය: 5.33. අල්ලා ‍දෙවියන්ට හා මුහම්මද්ට විරුද්ධව සටන් කරන්නවුන්ට හා භූමියේ කලහකාරින්ට දිය යුතු දඩුවම් වන්නේ: මරණය, කුරුසයේ ගැසීම හෝ අත් හා පාද විරුද්ධ පැතිවලින් කපා දැමීම හෝ පිටුවහල් කිරීම ‍වේ. ‍මේ ඔවුන් ලෝකයේදී ලබන නින්දාව වේ. එලොවේදී ඔවුන්ට දරුණු දඩුවම් හිමිය. http://quran.com/5/33
කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන්ගේ හදවත් මා ත්‍රස්ත කරමි. ඔබ ඔවුන් ගේ බෙලි හා ඇඟිලි තුඩු සියල්ල කපා දමන්න.http://quran.com/8/12
කුරානය: 8.15 හා 16. විස්වාශ කරන්නවුනි! සටනේදී අවිස්වාශ කරන්නන් හමුවූ විට, ආපසු හැරී නො එන්න. එය සටන් උපායක් හෝ තම සේනාව ‍වෙත පසුබැස ඒමක් නොවන අවස්ථාවක, කිසි‍වෙකු එසේ ආපසු හැරී ඒ නම්, ඔහු අල්ලා ‍දෙවියන් ගේ කෝපයට ගොදුරු වන්නේය. ඔහු සත්‍යවශ‍යෙන්ම නරකාදිය සරණ යයි. ඔහුගේ වාසය අපායයි. http://quran.com/8/15 http://quran.com/8/16
කුරානය: 8.17. ඔවුන් මරන ලද්දේ ඔබ නොව, අල්ලා ‍දෙවියන් විසිනි. ඔබ දූවිලි සතුරාගේ ඇස් වලට විසි කළා නොව, අල්ලා ‍දෙවියන් එය කළහ. අල්ලා ‍දෙවියන් ගේ උදව්වීම තුලින් ඔහු විස්වාශවන්තයින් පරික්ෂාවට ලක් කරන්නේය. http://quran.com/8/17
කුරානය: 8.60. ඔවුන්ට විරුද්ධව ඔබගේ උපරිම ශක්තිය යොදා, අල්ලා දෙවියන්ගේ සතුරන් හා ඔබගේ සතුරන්ගේ හදවත් ත්‍රස්ත කිරීම සඳහාද, එ‍මෙන්ම ඔබ නොදන්නා, නමුත් අල්ලා ‍දෙවියන් දන්නා තවත් අය ත්‍රස්ත කිරීමටද, හැකි පමණ ආවුද රැස් කරන්න.http://quran.com/8/60
කුරානය: 8.65. ඕ මුහම්මද්!විස්වාශකරුවන් සටනට අවදිකරන්න. ඔබ අතර නොසැ‍ලෙන හා ඉවසී‍මෙන් යුක්ත 20 ‍දෙනකු සිටී නම් ඔවුන් 200 ‍දෙනකු පරාද කරනු ඇත. සිය‍දෙ‍නෙකු සිටී නම් ඔවුන් 1000ක අවිස්වාශවන්තයින් පරාද කරනු ඇත. http://quran.com/8/65
කුරානාය: 9.14. ඔවුන් හා සටන් කරන්න, ඔබගේ අතින් අල්ලා දෙවියන් ඔවුන්ට දඩුවම් කරනු ඇත, නින්දාවෙන් ඔවුන් පුරවනු ඇත, ඔබට උදව්කරනු (එවුන් පරදා ජය ලැබීමට) ඇත, මුස්ලාම්වරුන්ගේ හදවත් සුවපත් කරනු ඇත. http://quran.com/9/14
කුරානය: 9.23. ඕ මුස්ලිම්වරුනි! ඔබගේ පියවරු හා සහෝදරයින් අල්ලා දෙවියන් අවිස්වාශ කිරීමෙහි එල්බ ගත්තෝ නම්, ඔවුන් ආරක්ෂකියින් ලෙස නො ගනිවු. http://quran.com/9/23
කුරානය: 9.29. අල්ලා දෙවියන් හා අවසාන දිනය විස්වාශ නොකරන්නවුන් සමඟ සටන් කරනු, ඔවුන් අල්ලා දෙවියන් හා මුහම්මද් විසින් තහනම් කළ දේ පිළිනොගන්නෝවෙත්, එමෙන්ම සත්‍ය වූ ආගම පිළිගන්නෝ නොවෙත්. ඔවුන් පුස්තකයන් අදහන්නන් වුවත් (ක්‍රිස්තියානි සහ යුදෙව්), යටයත් භාවයට පත්වන තුරු හා ඉතා කැමැත්තෙන් ජිzසා බද්ද ගෙවන තුරු සටන් කරනු. http://quran.com/9/29
(ජිzසා : මුස්ලිම් රටවල වාසය කරන මුස්ලිම් නොවන අය අනිවාර්‍යයෙන් ගෙවිය යුතු බද්ද)
කුරානය: 9.39. ඔබ (ජිහාද්) සටනට නොයන්නෙහි නම්, අල්ලා දෙවියන් ඔබට ඉතා තදබල දඩුවම් දෙනු ඇත. ඔබගේ ස්ථානයට අනෙක් අය පත් කරනු ඇත. http://quran.com/9/39
කුරානය: 9.73. ඕ මුහම්මද් ! අවිස්වාශ කරන්නවුන් හා බොරුකාරයින් සමඟ ඉතා තදින් සටන් කරනු. එවුන් ඉදිරියේ නොසැලෙනු. ඔවුන් ගේ අවසානය අපායයි – සත්‍යවශයෙන්ම එය නරකාදියේ පිහිටකි. http://quran.com/9/73
කුරානය: 9.111. අල්ලා දෙවියන්ගේ ආගම උදෙසා (ජිහාද්) සටන් කොට, අවිස්වාශවන්තයින් මරා තමන්ද මැරුම් කෑ අයගේ ජීවිතය හා දේපල අල්ලා දෙවියන් මිලදි ගත්තේය. අල්ලා දෙවියන් පොරොන්දුවූ ප්‍රකාර ඔවුන්ට ස්වර්ගය හිමිය. http://quran.com/9/111
කුරානය: 9.123. ඕ මුස්ලිම්වරුනි ! ඔබ වටේ සිටින අවිස්වාශකරන්නවුන් හා සටන් කරනු, ඔබගේ නොසැලෙන බව ඔවුන්ට දක්වන්න: අල්ලා දෙවියන් විස්වාශ කරන්නවුන් හා අල්ලා දෙවියන්ට බිය වන්නවුන් සමඟ සිටියි. http://quran.com/9/123
කුරානය: 22.9. තමාගේ පිටුපස හරවා යමින් අනෙක් අයද අල්ලා දෙවියන්ගේ මාර්ගයෙන් ඉවතට හරවමින් යන අයලුවන්ට: මේ ජීවිතයේදී නින්දාවන්ගෙන්ද, අවසාන දිනයේදී ගින්නෙන්ද අප ඔහුව දඩුවම් කරන්නෙමු. http://quran.com/22/9
කුරානය: 47.4. ඔබ ජිහාද් සටනේදී, අවිස්වාශවන්තයින්ගේ බෙලි කපන්න. ඔවුන් මරා හෝ තුවාල කර හෝ අවසානයේ සිරකරුවන් බවට පත් කරන්න. පසුව වන්දියක් ගෙන නිදහස් කිරීම හෝ වහලුන් ලෙස විකිනීම හෝ කරන්න. http://quran.com/47/4

 

ලොව පුරා බොදු ශිෂ්ඨාචාර මේ වනවිට අනුකම්පා විරහිත ඉස්ලාම් අසිපතින් පෙති ගැසී ගොස් ඇත්තේ මන්ද? ඉස්ලාමයේ සහමුළින් ප්‍රතිවිරුද්ධ අදහස් ඇති එකම දහම බුදු දහම බැවිනි. එය කෛරාටික ඉස්ලාමිකයා ඉතා හොඳින් දනී. ඉස්ලාමයට ආවේනික නිවට කෛරාටික උපක්‍රම තුලින් අති දීර්ඝ කාලයක් තුල කරන කුමණ්ත්‍රණ තුලින් බොදු ශිෂ්ඨාචාර වැනසීම ඔවුන් කරන්නේ යුද්ධ හරහා එය කිරීමට ඔවුන්ට ඇති බිය ඉතා ඉහල බැවිනි. සිරිලක තුල සිංහල බොදු පවුල වඳ කිරීමට මැද පෙරදිගින් ඉහලම මුදල් දායකත්වය තුල මෙරට පවුල් සැලසුම් සංගමය නම් නරුම ආයතනය හරහා මහ දවල් සිදු කරමින් සිටින්නේ මේ නිසාය. රටේ ගම්බද පාසැල්, දරුවන් නොමැති කමින් තොග ගණනින් වැසී යන්නේ මේ නිසාය. මුස්ලිම් ආහාර ජිහාඩය හරහා බොදු ජනතාව මදසරු කර තිබෙන්නේ මේ නිසාය. මත් කුඩු ජිහාඩය තුලින් තරුණයන් වනසා දමන්නේ මේ නිසාය. ලියන්නේ නම් ලැයිස්තුව කෙලවරක් නැත.
මේ සියල්ලට අලුතින්ම එක්වූ ඉස්ලාම් කපටිකම මහ සඟ රුවන ඉලක්ක කර ගත් සාංඝික දාන ජිහාඩයයි. අපගේ උතුම්ම රත්නයක් වන මහ සඟ රුවන දැවැන්ත අනතුරක වැටෙමින් සිටින බව ඉතා පැහැදිළිය. විචාර බුද්ධිය නොමැති මන්ද මානසික මාධ්‍යවේදියෙකු එය ධනාත්මක දෙයක් සේ පලකර තිබුණේ මේ ආකාරයෙනි. රට පුරා අරාබි විද්‍යාල බිහි කර ඇත්තේ ඉහත බිහිසුණු ආගමික ඡේද අරාබි බසින්ම ඉස්ලාම් ලමා මනසට ඇතුල් කිරීමටයි. එවිට බිහිවන්නේ මොළ සෝදනයට ලක්වූ පොළොං පැටියෙක් මෙන් විෂකුරු අන්තවාදී දරුවෙකි. කුඩා ස්වාමීන් වහන්සේගෙ අතින් මේ අල්ලාගෙන සිටින්නේ එවන් විෂකුරු අනතුරකි.

කන්තලේ වාසනාවේ මල් පිපිලා

කන්තලේ පේරාරු ජනපදයේ අල් නජා අරාබි විද්‍යාලයේ විදුහල්පති, ගුරුමණ්‌ඩලය හා ප්‍රදේශවාසීන් එක්‌ව 10 දා එම විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී වචනයෙන් කියා නිමකළ නොහැකි යුගයේ අවශ්‍යතාවට අනුගතවෙමින් මහා සංඝරත්නය හතළිස්‌ නමක්‌ උදෙසා මහා සාංඝික දානයක්‌ දී අටපිරිකරද පූජා කරමින් ශ්‍රේෂ්ඨ වූ සියලු ජාතීන්ගේ ඇස්‌ ඇරවන්නාවූද මහත් සත් ක්‍රියාවක්‌ සිදු කළහ.

මෙම විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්‌ඩලය හොරොව්පතාන ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අවස්‌ථාවක එම ප්‍රදේශයේ පිරිවෙන්හි අධිපතීන් වහන්සේලාට හා කුඩා සාමණේර හිමිවරුන්ටද, ඔවුන් සේරුවාවිල රජමහා විහාරස්‌ථානයට වඩින අවස්‌ථාවක අපෙන් දන් පිළිගැන්වීමකට වඩින ලෙස කරන ලද ආරාධනාවක්‌ අනුව මෙම දානමය කටයුත්ත සිදුවී ඇත.

කන්තලේ – ඩබ්. ඇම්. වික්‍රමසිංහ
http://www.divaina.com/2014/09/11/provin02.html

ඉස්ලාමිකයන් පරිබෝග කරන්නේ අල්ලාට පූජා කර කිළිටි වූ හලාල් ආහාර පමණි. ඔවුන් මහ සඟ රුවනට පුදන්නේද මේ ඉඳුල්ය. එය කෙතරම් පාපකර්මයක් දැයි දන්නා භික්ෂූන් වහන්සේ ඒවා ප්‍රතික්ශේප කිරිම කල යුතුමය. ඉහත සියළු අනතුරු සලකාබලා, සසුනට ආදරයක් ඇතිනම් ඉස්ලාමිකයන්ගේ සියළු දානවාර කාරුණිකව ප්‍රතික්ෂේප කිරීමට අති ගරු මහා සංඝරත්නය ප්‍රවේශම් වේවා! ඉස්ලාම් කුමණ්ත්‍රණ ගැන ජනතාව, මාධ්‍ය හා සියළුදෙනා දැනුවත් වේවා!

mahamevnaa kalliya

පිවිසෙන්න මේ video යොමුවට, බලන්න කරන ධර්ම සංහාරයේ තරම

https://www.facebook.com/photo.php?v=10201076300896233

මෙම ප්‍රබන්ධ ධර්ම දේශණය දෙසන පිරිස් දූෂකයන් වහන්සේ දහම ඇතුලතින් කිළිටි කිරීමේ පුරෝගාමීන් වන කුප්‍රකට මහමෙව්නා කල්ලියේ අළුදෙනියේ සුබෝධි නම් අයෙක් බව ප්‍රතිචාර වලින් හෙළිවේ. ධර්ම දේශණය ආරම්භයේදීම මහමෙව්නා ධර්ම සංහාර ගැන පොඩි ඉඟියක් දීමට එම වහන්සේට සිදුවී තිබීම යහපතකි.

බළලා මල්ලෙන් එලියට පැන්නේ : “ඉතින් ඒ ස්වාමීන් වහන්සේ පවසන ධර්ම කාරණා පිළිබඳ යම් යම් මතබේද තිබුණත්…”යන ප්‍රකාශයෙනි. ඉන්පසු කිසිම පිළිකුලක් නොමැතිව කිසිසේත් සත්‍ය විය නොහැකි ප්‍රබන්ධය දෙසීමට පටන් ගන්නේ වසර තිස් දහසක් අතීතය දැකීමට තරම් තමාට හමුවූවා වූ අර මන:කල්පිත භික්ෂුවට හැකියාව ඇති බව කියා පාමිනි. ආර්‍ය මාර්ගයෙහි ගමන් ගන්නා උතුමන් කිසිසේත් තමා ලබන ලෞකික ධ්‍යාන දකින දකින අයට කියමින් ප්‍රමාද වන්නේ නැත. සම සතලිස් කර්මස්ථාන නියම අයුරින් පිළිපදින්නාට ලෞකික ධ්‍යාන වලට වෙහෙසීමට පෙර එය මග හරිමින් චතු සත්‍ය අවබෝධය පිණිස කල යුතු බොහෝ දේ තිබේ. ඒවා යන්තමින් හෝ ලඟා වූවෙක් නොදෙසන මුසාවාද මේ මන:කල්පිත ධ්‍යාන ලාභී භික්ෂුව විසින් දෙසීම හාස්‍යජනකය.

වසර තිස් දහසක් අතීතයෙන් මේ භික්ෂුව ඉතා සවිස්තරව පෙන්වා දෙන්නේ වසර 2550 “ගණනකට” පෙර සත් හැවිරිදි වියේ දරුවෙක් දකිනා ලද සිද්ධියකි. ඔතරම් විස්තර කියන එතුමාට වසර ගැන නිෂ්චිත විය නොහැක්කේ මන්ද? හුදු ප්‍රබන්ධයක් නිසාම පමණි. අතීතය දැකීමට නම් මේ මොහොතින් පටන්ගෙන චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට සිය නාම පරම්පරාව පසුපසට බලමින් යා යුතුය. මේ භවයේ ප්‍රතිසන්ධි සිත ආ විට පෙර භවයේ චුති සිතට පිවිසෙමින් භවයෙන් භවය පසු පසට ගමන් කල යුතුය.එසේ යන කල වසර ගැන අවිනිෂ්චිත භාවයක් නොපැමිණේ. මේ මනෝ භික්ෂුව එය නොදත් බැවින් 2550 “ගණනක්” වී ඇත. සිය ප්‍රලාපයට පසුබිම සකසාගැනීම එහි එකම අරමුණ බව මෙයින් තහවුරු වේ.

එම ස්වාමීන් වහන්සේ බොදු ඉතිහාසයේ වැනසීමට කුරුමානම් අල්ලන යුගයේ කිසිම යුද්ධයක් සිරිලක තිබුනේ නැත. නාග ගෝත්‍රිකයන් සිටි බවට සඳහනක් නැත. කියන වර්ගයේ ජනගහන, ඉඩකඩ ප්‍රශ්නයක් තිබුනේද නැත. අප ලොව්තුරු බුදු පියාණන්ගේ ප්‍රථම ලංකාගමනය වූ මොහොතේ මුළු සිරිලකම අරක්ගෙන සිටියේ යක්ෂයන් පමණි. යක්ෂ ගෝත්‍රිකයන් නොවේ.

කෙසේ නමුත් දිවයිනේ මධ්‍ය භාගයේ මහවැ‍ලි ගං ඉවුරෙයි තුන් යොදුනක් දිග හා තුන් යෙදුනක් පළල ඇති “මහානාග” වන නම් උයනෙහි සමිති භූමියෙහි පැවැ‍ත්වෙන මහානිසාචර සමාගමයෙක් විය. යක්ෂයන් ගෝත්‍රිකයන් වීමටත් උයනේ නම යොදා නාග ගෝත්‍රියන් මැවීමටත් මේ පිරිස් දූෂකයන් වහන්සේ නිර්ලජ්ජී වී ඇති තරම කෙතරම් ඛේදජනකද?

නැනපහන් බ්ලොග් අඩවිය බොහෝ දුරට විස්තර සහිතව පෙන්වා ඇති පරිදි සැබෑ පුවත ඔබට බලාගත හැක.

එයද කියවා මේ ප්‍රලාප දේශණයේ ඇති අනෙක් නිර්ලජ්ජී බොරු විචාර නුවනින් සැලකීමට සත් හැවිරිදි දරුවෙකුට වුව අපහසු නොවන බව අපගේ අදහසයි.

මෙහි යුධ භූමිය ගැන ප්‍රලාපය ඉතාම විහිළු සහගතය. උන් වහන්සේට අනුව සිරිලක සිටියේ යක්ෂ හා නාග ගෝත්‍රිකයන්ය නමුත් ඔවුන් අතර යුද්ධය නැරඹීමට තුන්වන පාර්ශවයක්ද නොපෙනෙන තරම් උස මහා කන්දක් උඩ බලා සිටින බව කියවේ. ඔවුන්ට යක්ෂ හෝ නාග කියන්නේ නැත. ඔවුන් “සාමාන්‍ය ජනතාවය”. දෙසන තරම් උස හෙළක් පහල සිදුවන යුද්ධයක් තබා අඩු තරමින් විසාල වස්තුවක් වත් පැහැදිළිව දැකීමට මේ “සාමාන්‍ය ජනතාවට” හැකි වූයේ කෙසේද? එවන් නරඹුම් ස්ථානයක් තොරා ගත්තේ බොරු ධ්‍යානලාභී උන්මත්තක වහන්සේ විසිනි. කිසිවිට ප්‍රායෝගික ජනතාවක් එවන් බොරු වැඩ නොකරයි. මහා හෙළක් උනබම්බු අට්ටාල වලින් ආවරණය කිරීම කොතරම් ප්‍රායෝගිකද? උණ බම්බු සෝපාන මහා විශාල ප්‍රවාහන පද්ධති , හුදු යුද්ධයක් වෙනුවෙන්ම කොතරම් ප්‍රායෝගිකද? යුද්ධය පසෙක තබා කොපමණ කාලයක් කොතරම් ජනතාවක් මෙය කල යුතුද? එය කලේ යක්ෂ ගෝත්‍රිකයෝද?, නාග ගෝත්‍රිකයෝද? “සාමාන්‍ය ජනතාවද”? එවා කිසිවක් නොදෙසයි.

යක්ෂ ගෝත්‍රික වේවා, නාග ගෝත්‍රික වේවා තුවාල කරුවන් වෙනසක් නැතිව බලා ගැනීමට මේ කන්ද උඩ “සාමාන්‍ය ජනතාව” සැදී පැහැදී සිටින්නේ කුමණ හේතුවක් නිසාදැයි දෙසන්නේ නැත. තුවාල කරුවන් ඉහලට ගැනීමේ මහන්සිය දරන්නේ කවුරුන්දැයි දෙසන්නේ නැත.

සාමාන්‍ය ජනතාව අතර යක්ෂ ගෝත්‍රික දරුවා හා මව බලා සිටිනබව දෙසයි. කන්ද උඩ නාග ගෝත්‍රික මව්වරු හා දරුවෝ ගැන කිසිවක් නොදෙසයි. එසේත් නැතිනම් ඉතා සහයෝගයෙන් ක්‍රීඩා උත්සවයක් නරඹීමට මෙන් යුද්ධය නැරඹීමට එක් වී ඇති බව මේ වහන්සේ ඉඟි කරයි.ඒ අය “සාමාන්‍ය ජනතාව” බව මෙයින් තේරුම් යයි. අනික් විහිළුව නම් යුද්ධය ඇරඹීමට මොහොතකට පෙර දරුවාගේ අයියල දෙන්නා සෙන්පතියන් වීත් ඉතා දුර බැහැරක සේනාව අහුලා ගැනීමට ගොස් සිටීමය. යුද්ධ අවසන් වූ පසු මල කඳන් ඇහිඳීමට සේනාව සොයන්නේදැයි පැහැදිළි නැත. ප්‍රලාපයේ සීමා මායිම් නැති තරම්ය. යුද්දෙට නැති කඩුව මෙන් මේ සෙන්පතියන් 2 සේනාවට ඉතාම අවශ්‍ය මොහොතේ මිහින්තලේ ගොස් සිටි බව මොනතරම් විහිළුවක්ද?

එතනින් එහාට ඇති ප්‍රලාප සඳහන් කිරීම පවා පිළිකුල් සහගතය.

තවද සමන්තකූට පර්වත වාසී මහාසුමන දිව්‍යරාජයා සුමන ගොකැස් නම් රජෙක් බවට මේ දූෂකයන් වහන්සේ පත්කර තිබේ. මේ කියන සුමන ගොකැස් නායක වූයේ යක්ෂයන්ටද? නාගයන්ටද? දෙගොල්ලොටමද? සටන පටන්ගැනීමට පෙර නොසිටි රජෙක් එක්වරම බුදුන් වහන්සේ වැඩි පසු පහල වූයේ කෙසේද? තමාගේ ප්‍රදේශයේ තමා නොදැන කොහෙවත් ඉන්නා ගෝත්‍රිකයන් සටන් කරන විට රජෙක් බලා සිටීද? රජාගේ සේනාව කොහේද? කිසිවක් නොදෙසයි.

සත්‍ය අමු අමුවේ වැනසූ මහමෙව්නා සුනාමියේ බියකරු බව තේරුම් ගන්න. මහමෙව්නාව සහමුලින් ප්‍රතික්ෂේප කරන්න.


බුදුන් වැඩි රටට අමුතු අසපු කුමකට…

දිගාමඩුල්ල එක්‌ කලෙක කසාවතින් බැබළුණේය. ඉතිහාසයේ එන ඒ සමෘද්ධිමත් අවධියේ දිගාමඩුල්ල එකම වන සෙනසුනක්‌ වූයේය. ඒ පින්සාර අතීතයේ සජීවී සලකුණු තවමත් දිගාමඩුල්ලේ ශේෂ වී තිබේ. අතීත මහ රහතුන් වැඩවාසය කළ සෙනසුන් පිළිබඳ සලකුණු මේ බිමෙහි වූ සෑම වන අරණකම සැඟවී ඇත. මේ ඝෝර සමාජ වටපිටාවෙන් මිදී ජීවිතයේ සැබෑ අරුත් සොයන නික්‌ලේශී භික්‌ෂූහු තවමත් මේ වන අරණ අසපු කොටගෙන භාවනානුයෝගීව ජීවත් වෙති.
දිගාමඩුලු අභිමානයේ මිණි කැට බ`දූවූ ඉපැරණි රජගල තපෝවනය, බුද්ධංගල වන සෙනසුන, ක`දූ පියසින් වටවූ පියංගල වන අරණ සහ අදටද වග වලසුන්ගෙන් ගහන වන සතුනගේ නිජබිමක්‌ ව පවතින කුඩුම්බිගල පුද බිම මේ සුශීල අතීතය පිළිබඳ අපට කතා කරයි. එවන් මනරම් පුදබිමෙන් හෙබි දිගාමඩුලු දනව්වේ අලුතින් අසපුවක්‌ තනන්නට යැමෙන් දිගාමඩුලු ස`ගරුවන දැඩිසේ කැළඹී සිටිති. මේ දිග හැරෙන්නේ එම කතාවස්‌තුවය.
අම්පාර නගරය ආසන්නයේ පිහිටා ඇති සුන්දර අම්පාර වැව සමීපයේ කරංගාව ගම්මානයේ කරංගාව යාය නම් ස්‌ථානයේ වෙල් යායක්‌ සහ ක්‍රීඩා පිටියක්‌ ලෙස භාවිත කළ බිමක්‌ වූයේය. එම ස්‌ථානයේ භාවනා අසපුවක්‌ ඉදිකිරීමට යන බවට ආරංචි පැතිර ගියේය. මේ ගැන දැනගැනීමත් සමග දිගාමඩුල්ලේ මහ ස`ගරුවන දිගින් දිගටම මේ අතාර්කික ප්‍රවේශය ගැන සිය අප්‍රසාදය පළ කරන්නට වූහ. එම විරෝධය වඩාත්ම බලවත් වූයේ මෙම ස්‌ථානය මීට පෙර ක්‍රීඩා පිටියක්‌ සහ දරු පවුල් කිහිපයක්‌ ජීවත් වූ කෙත් යායක්‌ වීම නිසාය. ඒ සමගම මේ නව සම්ප්‍රදායන් සමග වසර ගණනාවක්‌ පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ ථෙරවාදී බුදු දහමට සිදු වෙතැයි පැවසෙන හානිය නිසාය.
ජනපතිතුමන් විසින් පසුගිය මස 20 වැනිදා රඹකැන්ඔය ජලාශය විවෘත කිරීමට පැමිණෙන දිනයේ කථානායක චමල් රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ස්‌ථානයේ අසපුවක්‌ සඳහා මුල්ගල තබන බවට තොරතුරු පැතිර යන්නට විය. එම නිසා එම අවස්‌ථාවේ අසපුවකට කිසිසේත්ම නුසුදුසු ස්‌ථානයක මෙලස අසපුවක්‌ සෑදීමට මුල්ගල තැබුවහොත් එයට විරෝධය පාන බව දිගාමඩුලු මහ ස`ගරුවන පවසන්නට වූහ. කෙසේ නමුත් මෙදින මෙම ස්‌ථානයට දැඩි ආරක්‌ෂක රැකවල් දමා තිබුණු අතර කථානායකවරයා එම ස්‌ථානයට නොපැමිණියේය. ඒ වෙනුවට ඔහුගේ පුතෙකු පැමිණ මුල් ගල තබන ලදි.
මේ ආකාරයෙන් යෝජිත අසපුවට එරෙහිව ඒ සඳහා මුල්ගල තැබූ දිනට පසු දින මෙම ස්‌ථානයට වැඩම කළ ප්‍රදේශයේ මහ ස`ගරුවන සාමකාමී විරෝධතාවක නියෑළෙන ලදි. “සම්බුදු දහම කෙළෙසනු එපා”, “අමුතු බණ අම්පාරට අවශ්‍ය නැහැ”, “වෛතුල්ලා දේශන අපට එපා” වැනි විවිධ විරෝධතා වැකි ලියූ පුවරු රැගෙන අම්පාරේ විහාරස්‌ථාන රැසක භික්‌ෂූහු මෙම ඉදිකිරීමට අපේක්‌ෂිත අසපුවට එරෙහිව විරෝධතාවයේ නියෑලුනහ.
මේ පිළිබඳව මුලින්ම අප සමඟ කතා කළේ අම්පාර ශාසනාරක්‌ෂක බල මණ්‌ඩලයේ ලේඛකාධිකාරී ගෞරව ශාස්‌ත්‍රවේදී දෙමටඇල්ලේ දයාසර හිමියෝය. උන්වහන්සේ මේ පසුබිම පිළිබඳව මෙසේ සිය අදහස්‌ දැක්‌වූහ.
“අම්පාර නගරය අවට බෞද්ධ විහාරස්‌ථාන අටක්‌ තියෙනවා. මෙම අසපුව සාදන උහන මාර්ගය ආසන්නයේ පමණක්‌ බෞද්ධ මධ්‍යස්‌ථාන තුනක්‌ තියෙනවා. එහෙම තියෙද්දී ගොවීන් කුඹුරු කළ ඉඩමක, කරංගාව ගම්මානයේ ජනතාව ක්‍ර්‍රSඩා පිටියක්‌ ලෙස යොදාගත් ඉඩමක මේ ආකාරයෙන් අසපුවක්‌ ගහන්නෙ ඇයි?. එහෙම අසපු ගහන්න අවශ්‍ය නම් කොච්චර තැන් තියෙනවාද අසුපු හදන්න. දිනෙන් දින විනාශ වන ඉපැරණි ස්‌ථාන කොපමණ නම් තිබෙනවාද? අසපු නිර්මාණය කරගන්න. වනගත පුදබිම් ගල් ලෙන් ඇතුළු අසපුවලට ඉතා යෝග්‍ය ස්‌ථාන මේ දිගාමඩුලු මිටියාවතේ ඕනෑ තරම් තියෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙ මග පෙන්වීම යටතෙම එම ස්‌ථාන වැඩිදියුණු කරලා අසපුවක්‌ හදාගන්න පුළුවන්. එහෙම තියෙද්දි මොන හේතුවකට මෙම නගරය අස්‌සේ මේ ආකාරයෙන් අසපු හදනවද කියලා මට නම් වැටහෙන්නෙ නෑ”
මෙම ස්‌ථානයේ සමරු ඵලකය ඉදිකර තිබෙන්නේ කථානායක චමල් රාජපක්‌ෂ මහතාගේ නමින්. එතුමාගේ පුතෙකු වන ශමින්ද රාජපක්‌ෂ තමයි, මෙතන මුල්ගල තිබ්බේ. එම මුල්ගල තියෙන අවස්‌ථාවේ අපි සාමකාමීව අදහස්‌ දක්‌වන්න එම ස්‌ථානයට වැඩම කරද්දි එම පිරිස්‌ ඔවුන් පැමිණි වාහනවල නැඟී පලාගියා. දැන් අසපුව හදන මෙම ස්‌ථානයට පැය 24 පුරාම පොලිස්‌ ආරක්‌ෂාව දමලා තිබෙනවා.
ධර්මයට හානි කරමින් ඇතිවන මේ අසපු සංස්‌කෘතිය නිවැරදි සද්ධර්මය අනතුරේ හෙළනවා. ලංකාවේ අනෙක්‌ ප්‍රදේශවලට සාපේක්‌ෂව අම්පාරෙ අපරාධ අඩුවෙන්න හේතුවක්‌ තමයි, මෙම ප්‍රදේශයේ තිබෙන ආගමික ප්‍රබෝධය. අම්පාර ප්‍රදේශය වේගයෙන් සංවර්ධනය කළ යුතු කාලයක මොනවද මේ වෙන්නේ… අක්‍රමවත් දැයට කිරුළ වැඩසටහනින් පසු විවිධ මුහුණුවරින් අම්පාර නගරය ආසන්නයේ ඉඩම් අල්ලා ගැනීමේ කූට ව්‍යාපාරයක්‌ පවතිනවා. ජනතාවගේ අවශ්‍යතාවන් අනුව ප්‍රයෝජනයට ගැනීමට තිබෙන ඉඩම්වල අසපු හදලා මේ ආකාරයෙන් ඒ අසපු හරහා සිදු වන ශාසන විරෝධී වැඩ සටහන් වලින් බුදු දහම රැක ගන්නා ලෙස අපි ජනාධිපති තුමාගෙන් ඉල්ලා සිටිනවා”යි දෙමටඇල්ලේ දයාසර හිමියෝ පැවසූහ.
මේ ආකාරයෙන් මෙම ස්‌ථානයේ ඉදිවන්නට නියමිත අසපුවට එරෙහිව මේ වන විට ජනතාවගේ විරෝධතාවන්ද එල්ල වෙමින් පවතී. මේ කරංගාව පදිංචි ජී. ජයසිංහගේ අදහසය.
“1990 වසරේදී කල්මුණේ ප්‍රදේශයේදි කොටි කපලා මගේ අතක ඇ`ගිලි නැහැ. මට දරුවෝ 05 දෙනෙක්‌ ඉන්නවා. මෙම ඉඩම්වල මගේ පියා තමයි, මුලින්ම වගා කළේ. පස්‌සේ මම 1973 ඉ`දන් මෙතන කුඹුරු වගා කළා. ගිය කන්නේ සී. ඕ. මහත්තයා ඇවිල්ලා වැට ගලවලා විසි කරලා වගා කරන්න එපා කීවා. මේ පාර මෙතන අසපු ගහන්න හදනවා. මෙතන කලින් කොටසක්‌ වගා කරන්න එපා කියලා කීවා. ඊට පස්‌සේ මම එහාට වෙන්න මට පෙන්නපු කොටසේ වගා කළා. දැන් ඒකත් ආපහුq අසපු ගහන්න අල්ලාගෙන. අසපු ගහන්න වෙන ඉඩම් අම්පාරෙ නැද්ද?. අපේ කුඹුරු ඉඩම් අල්ලගෙන අපි අසරණ කරලා ගහන අසපුවේ තේරුම මොකක්‌ද?. එම නිසා අපේ ඉඩම්වල අපිට පෙර පරිදි වගා කරන්න ඉඩ දෙන්න කියලා අපි ඉතා ගෞරවයෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා” ජී. ජයසිංහ අදහස්‌ දක්‌වමින් පවසා සිටියේය.
මේ ආකාරයෙන් නැඟෙන විරෝධයේ හඬ අවදි කළ අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති, උතුර නැගෙනහිර පිරිවෙන් අධ්‍යක්‌ෂ, විද්‍යානන්ද පිරිවෙනේ අධ්‍යක්‌ෂ කිරිඳිවැල සෝමරතන හිමියෝ අප සමග මෙසේ වදාළහ.
“දිගාමඩුල්ලේ භික්‌ෂුන් වහන්සේලා වසර 30 කට අධික කාලයක්‌ පුරා පැවති කුරිරු යුද සමයේ ජීවිත පරිත්‍යාගයෙන් නොයෙකුත් ආකාරයේ තාඩන පිඩනයන්ට ලක්‌වෙමින් තමයි බුදු සසුන රැක ගනිමින් ජනතාවට සේවය කළේ. ඒ කාලෙ කවුරුවත් අසපු ගහන්න අම්පාරට ආවේ නැහැ. දැන් තමයි කාට කාටත් අසපු ගහන්න අම්පාර මතක්‌ වෙලා තියෙන්නේ. මේ අය ධර්මය විනාශ කරමින්, ජනතාව මෝහනය කරමින්, මනස අවුල් කරමින් බෞද්ධ විරෝධී වැඩක්‌ කරන්නේ. ඔය වගේ අසපු අම්පාරට අවශ්‍ය නැහැ. මේ තුළින සංඝ භේදයක්‌ ඇතිවෙනවා. මේ අසපු වලින් ජනතාවට ඇතිවන සේවය මොකක්‌ද?. තරුණ ළමයි නොමඟ යවලා සුදු අන්දවලා, අධ්‍යාපන කටයුතු අවුල් කරලා, පිස්‌සෝ ටිකක්‌ බවට පත් කරලා තියෙනවා. නගරෙ පාසල් 08 ක්‌ තියෙනවා. නගරයට තවත් අසපු අවශ්‍ය නැහැ. නගරෙ පිට්‌ටනියක භාවනා අසපු ගහලා මේ අය කොහොමද භාවනා කරන්නේ.
“මේ අය අලුත් සංස්‌කෘතියක්‌ ඇති කරන්න තමයි හදන්නේ.
ආගම් විරෝධී, ශාසන විරෝධී කල්ලි තමයි ඇති කරන්නේ. දහම් පාසල් නැති, බෝධි පූජා නැති, මළ ගෙවල් වලට යන්නේ නැති, ජනතාවගේ ආගමික අවශ්‍යතාවන් ඉටු කරන්නේ නැති ක්‍රමයක්‌ ඇති කරන්නයි හදන්නේ. එදා සිට මේ දක්‌වා පාලියෙන් කීව පිරිත සිංදු කියනවා වාගේ සිංහලෙන් කියන, අමුතු විදිහට පන්සිල් දෙන, අමුතුම වැඩසටහනක්‌ තමයි, මේ හරහා සිදුවන්නේ. අසපු ක්‍රමය හැදූ හිමියන්ගේa ශිෂ්‍ය හිමිවරුන් පවා ඉන් ඉවත්ව මේ වන විට අසපු හරහා සිදුවන හානිය ගැන පොත්පත් ලියා තිබෙනවා. එම නිසා මෙම අසපු ක්‍රමයට සහ අම්පාර නගරයේ අසපුවක්‌ සාදනවාට අපි එකහෙළාම විරුද්ධතාව ප්‍රකාශ කරනවා” යෑයි පූජ්‍ය කිරිඳිවැල සෝමරතන හිමියෝ කීහ.
ජයනාත් විඡේවීර පදිංචි අම්පාරේ ගැමුණුපුරය. මේ අසපු සෑදීමට එරෙහිව ජයන්තටත් කියන්නට යමක්‌ තිබේ. මේ ජයන්තගේ කතාවය.
“මම මෙම ඉඩමේ මීට වසර 30 කට අධික කාලයක්‌ තිස්‌සේ කුඹුරු වැඩ කළා. වසර 12 කට පෙර මගේ දුවලා දෙන්නෙක්‌ ගෙවල් හදලා මෙතන පදිංචි වෙලා හිටියා. රජයෙන් ඒ ගෙවල් කඩලා ඉවත් කළා. ඊට පස්‌සේ නැවතත් දුවලා දෙන්නා ගෙවල් දෙකක්‌ හැදුවා. එකක්‌ කැඩුවා. අනෙක්‌ ගේ කවුරුහරි පිච්චුවා. මට අවුරුදු 10 ක සිට වගා කරන්න දුන්නේ නැහැ. ඊට පස්‌සේ ඔතන ළමයි සෙල්ලම් කරන්න ක්‍ර්‍රSඩා පිට්‌ටනියක්‌ ලෙස අරගත්තා. ඔය අසපුව හදන ස්‌ථානයේ ඉඩමට මමත් තවත් හතර දෙනෙකුත් වගා කළ ඉඩම් අසුවෙලා තියෙනවා. මට වෙන කුඹුරු ඉඩම් නැහැ. නමුත් අපි වගා කරද්දි තමයි නිලධාරීන් ඇවිත් අපිට කරදර කරලා අයින් කරන්නේ. නමුත් අසපු ගහන්න ඉඩ දෙන්න පු`ඵවන්. අපිට වගා කරන්න දෙන්න බැහැ. එම නිසා අපි ඉල්ලා සිටින්නේ අසපු කැලේ කොහේ හරි ගහලා අපිට ජීවත් වෙන්න වගා කරන්න ඉඩම දෙන්න කියලයි”
අම්පාර ගල්මඩුව පුරාණ රජමහා විහරාධිපතීන් වහන්සේ ශාස්‌ත්‍රපති පූජ්‍ය හෑගොඩ විමලරතන හිමිපාණෝය. උන්වහන්සේ දමන සමථ මූල මණ්‌ඩලයේ සභාපති ධුරයද දරති. උන්වහන්සේ මේ අලුත්ම ආගමික ප්‍රවණතාව ගැන අපට මෙසේ පවසති.
මේ අසපු හදන්නෙ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටක ධර්මයත් පිළි නොගන්න අය. මෙම අසපු ක්‍රමය නිසා ළමුන් නොමඟයනවා. නෝනාට තමන්ගෙ මහත්තයව පේන්න බැරි කායික සහ මානසික අසහන ක්‍රමයක්‌ ඇති වෙනවා. ජපානය තායිලන්තය වැනි රටවල් දියුණුව තිබෙන්නේ බුදු දහමේ හරය අරගෙන. මෙම ස්‌ථානයේ අසපු ගහනවාට වඩා ගොවීන්ට වගා කරන්න දෙන්න බැරි ඇයි. මේ වන විටත් මෙම අසපු ක්‍රමයේ තිබෙන වැරදි දේ නිසා රට පුරා භික්‌ෂූන් වහන්සේලා ඇතු`ඵ ස`ගරුවනගේ විරෝධතාවන්ද ඇතිව තිබෙනවා. එහෙනම් ඇයි මේවට අප අනුබල දිය යුත්තෙ?.”
මේ අපට ඇහෙන කතාවය. රාජ්‍ය බලය සහිතව එන ආගමික ප්‍රවණතා අවසානයේ දී මහා ව්‍යසන නිර්මාණය කළේය. අපේ ඉතිහාසය පිරී ඇත්තේ එවැනි කතා වලිනි. අපට තියෙන යුද්ධ හොඳටම ප්‍රමාණවත්ය. තවත් ගැටුම් ඕනෑ නැත. එවැනි ගැටුමක්‌ රට කරවන මහත්වරුන්ට අවශ්‍ය බව අපට හිතෙන්නේත් නැත. සිහි බුද්ධියෙන් කටයුතු කළයුතු තවත් මොහොතක්‌ එළඹ ඇති බව පමණක්‌ අපට හැඟෙන්නේය.
සුසන්ත අමරබන්දු

බුද්ධප්‍රමුඛ මහාසංඝරත්නයට “හලාල්” පූජා කිරීම බෞද්ධයන්ට අකැපයි…

ලෝක ව්‍යාප්ත ඉස්ලාම්කරණ වැඩපිළිවෙල හමුවේ මේවනවිට ලංකාව තුළත් “හලාල් වසංගතය උඩුදුවා ඇති බවත්, මේ සඳහා බලධාරීන් මැදිහත්ව ඉක්මනින් පිළියමක් නොයෙදුවහොත් නොබෝ කලකින්ම හෙළදිව ධර්මද්වීපය වෙනුවට හලාල් දේශයක් බිහිකිරීමට සිදු වනු ඇති බවත් බොදු බල සේනා ජාලය පවසයි. “හලාල් ආහාර හා ද්‍රව්‍යය වර්ජනය කරම

ු” මැයෙන් 2012 නොවැම්බර් 19 වැනි දින තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පිහිටි බොදු බල සේනා ජාතික මූලස්ථානයේදි පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකදි බොදු බල සේනා ජාලය අවධාරණය කොට සිටියේ “ෂරීයා නීතියට අනුගත වෙමින් ඉස්ලාමයේ අල්ලාහ් දෙවියන් උදෙසා, ඒ දෙවියන්ගේ නාමයෙන් මුලින් කැපකැන ලද හලාල් ආහාර හා ද්‍රව්‍යය ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, ආර්ය මහා සංඝරත්නය උදෙසාත් යළිත් වරක් පූජා කිරීම මෙලොව වශයෙනුත්, පරලොව වශයෙනුත් බෞද්ධයනට මහත් අනර්ථකාරී බව”යි. මෙහිදී අදහස් දක්වමින් බොදු බල සේනා ජාලයේ මහලේකම්, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ මෙසේ පවසා සිටියහ.“ඉස්ලාම් ෂරියා නීතියට අනුව භාවිත කිරීමට හෝ සම්බන්ධ වීමට සුදුසු යැයි සලකන ඕනෑම භාණ්ඩයක් හෝ ක්‍රියාවක් “හලාල්” ලෙසින් සලකනු ලබනවා. ඒ අනුව හලාල් කියන්නේ මුස්ලිම් ඉස්ලාම් නීතිරිතිවලට අනුව සකස්කරන ආහාර හා ද්‍රව්‍යයි. මේ රටේ සියයට අනූවක්ම ජීවත්වන්නේ ඉස්ලාම් නොවන ජනතාවයි. ඒත් මේ වෙනකොටත් මේ රටේ සෑම නිෂ්පාදනයක් සඳහාම, සෑම අලෙවි භාණ්ඩයක් සඳහාම “හලාල්” සහතිකය – නිර්දේශය – ලාංඡනය අනිවාර්ය කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් වෙනවා. හලාල් පිළිබඳව මුස්ලිම්වරුන්ට ඇති අයිතිය අපිට ගැටලුවක් නෑ. මුස්ලිම්වරු ඉලක්ක කොට ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳපළට නිකුත් කරන හලාල් සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෑ. ඒත් කුමන්ත්‍රණකාරී ලෙස, සදාචාරාත්මක නොවන පරිද්දෙන් ඔවුන්ගේ දෙවියන් උදෙසා කැපකරපු හලාල් ඉස්ලාමය ගරු නොකරන මේ රටේ බහුතරය පිට පැටවීම වැරදියි. මුස්ලිම් ජනතාවට හලාල් නැතුව කන්න බැරි නම්, භාණ්ඩ පරිහරණය කරන්න බැරි නම් වෙළඳපොළෙන් මිලදී ගත්තාට පස්සේ දෙවියන් උදෙසා කැපකරගෙන කන්න බොන්න පරිහරණය කරගන්න පුළුවන්. ඒත් මෙතන ගැටලුව තියෙන්නේ වෙළඳට පළට නිකුත් කිරීමේ සිටම හලාල් නිර්දේශ කොට තිබීමයි. විශේෂයෙන් බෞද්ධ පාරිභෝග ජනතාව කවුරැවත් වෙනුවෙන් කැපකරපු “පිළුණු ආහාර හා ද්‍රව්‍යය” පරිභෝජනය කරන්නේ නෑ. බෞද්ධ ගොවියෝ තමන් ලබන අස්වැන්නෙන් පවා බුදුරජාණන් වහන්සේ උදෙසාත්, මහසඟරැවන උදෙසාත් පූජා කරන්නේ “අග්‍ර කොටස”යි. ඒ නිසා ශ්‍රී මහා බෝධීන් වහන්සේ උදෙසාත්, දන්තධාතූන් වහන්සේ උදෙසාත් භූමිය පූජා කරපු බෞද්ධ රටක් වශයෙන් හලාල් සංකල්පය කොහොමත්ම අපේ රටට ගැළපෙන්නේ නෑ.” වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ:“මුස්ලිම් ජනතාවගේ හලාල් බෞද්ධ – හින්දු – ක්‍රිස්තියානි ජනතාවගේ කරපිට මෙලෙස බලහත්කාරයෙන් පැටවීමෙන් අන්‍යාකාරයෙන් ඔවුන්වද ඉස්ලාම් නීතියට යටත් කරවීමක් සිද්ධ වෙනවා. මෙය අපේ රටට බලහත්කාරයෙන් මුස්ලිම් නීතිය කරමත පැටවීමක්. බුදුරජාණන් වහන්සේට, මහාසංඝරත්නයට පූජා කෙරෙන දානයට හලාල් දීම කියන්නේ අල්ලා දෙවියන්ට මුලින් පූජා කරපු, ඉස්ලාම් නීතියට යටත් වූ දානයක්. බුද්ධ පූජාවට හලාල් තිබ්බොත් එය පිළුණු ආහාරයක් – පූජා ද්‍රව්‍යයක් වශයෙන් සලකන්න සිද්ධ වෙනවා.ඒත් ගැටලුවක් තියෙනවා. මුස්ලිම් ජනතාව හලාල් භාවිත කරන්නේ තමන්ට නිදහසේ ආගම ඇදහීම සඳහා පමණක්ද? නිදහසේ ආගම අදහන්න ඕනෑ නම් මෙහෙම අනිත් ආගමිකයන්ගේ කරමතත් හලාල් පටවන්න තරම් රුදාවක් ඇතිවෙන්න විදිහක් නෑ. කොහොම වුණත් මේ ගැන ඇත්ත තත්ත්වය පහදලා දීලා සුවිශේෂී විවරණයක් සිදුකර තිබෙනවා ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචනා කරපු Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් කෘතියේදී… ඊට අනුව:

“මුස්ලිම් ජනගහණය 5% ඉක්මවන විට ඔවුන් තම ජනගහණයට සමානුපාතික ව රජයට හා අන්‍ය ප්‍රජාවට තම අයිතිවාසිකම් තහවුරැව වෙනුවෙන් අධිකතර බලපෑම් එල්ල කරනවා. හලාල් ආහාර තම රට තුළ ඇති වෙළඳසැල් සඳහා හඳුන්වාදීමට බලපෑම් කරනවා. එතුළින් මුස්ලිම් ආහාර සැකසීම සඳහා එම ආයතන තුළ රැකියා ලබාගත හැකි මට්ටමට ඔවුහු ක්‍රියාත්මක වෙනවා. මෙය බොහෝ විට මුදල් යෙදවීමෙන් වගේම තර්ජන, ගර්ජන එල්ල කිරීමෙන් ද සිදුවිය හැකි යි. මේ තත්ත්වයට පත්වුණාට පස්සේ ෂරීයා ඉස්ලාමීය නීතිය අනුව තමන් ව පාලනය කිරීම සඳහා පාලක රජයන් සමඟ සාමූහික ව එක් ව කටයුතු කරනවා. එතුළින් තම ආගමික නීති ශාලා ඉදි කිරීම සඳහා පාලක රජයෙන් ප්‍රතිපාදන වෙන් කරවා ගන්නවා. මේ විදිහට ක්‍රමානුකූලව හලාල් ඔස්සේ ලැබෙන ලාබය තුළින් සිය පල්ලි ඉදිකර ගැනීමටත්, අවසානයේදී ආගමික නීති ශාලා ඉදිකර ගැනීමටත් මුස්ලිම්වරු ක්‍රියාත්මක වෙනවා. මොවුන්ගේ අවසාන අරමුණ වෙන්නේ මුළු ලෝකය පුරාම ෂරීයා නීතිය ක්‍රියාත්මක කරවීමයි. හලාල් කියන්නේ ඒ දක්වා යන ගමන්නේ ඔවුනගේ පෝෂණය සපයන මූල්‍ය හා සමාජ බලවේගයයි.”

ලංකාවේ හලාල් ක්‍රියාදාමය ගෙන යන්නේ “සමස්ත ලංකා ජමියතුල් උලමා” නම් සංස්ථාපිත රාජ්‍ය නොවන සංවිධානයක්. හලාල් සම්බන්ධයෙන් මුලදී සැඟැවී ක්‍රියා කළ මොවුන් දැන් එළිපිටම ඉස්ලාම්කරණය වෙනුවෙන් නටන්න පටන් අරගෙන තිබෙනවා. විශේෂයෙන් හලාල් නිෂ්පාද සැකසීම සඳහා බෞද්ධ – ක්‍රිස්තියානි – හින්දු ව්‍යාපාරිකයන් විවිධ ක්‍රම ඔස්සේ පොළඹවමින් සිටිනවා. හලාල් සඳහා අවශ්‍යය නිර්දේශය – ලාංඡනය හා සහතිකය ලබා ගැනීම සඳහා මේ රාජ්‍ය නොවන සංවිධානයට රුපියල් එක්ලක්ෂ හැත්තෑපන්දහසක මුදලක් ගෙවීමට සිදුවන බව අපට දැනගන්න ලැබිලා තිබෙනවා. කවුරුහරි ව්‍යාපාරිකයෙක් තමන්ගේ නිෂ්පාදනයන් සඳහා හලාල් ලබාගන්නවා නම් ඒ ව්‍යාපාරිකයා තමන්ගේ නිෂ්පාදන කටයුතු සිදුකිරීම සඳහා යොදාගන්නා සියලුම අමුද්‍රව්‍යය ලබාගත යුත්තේත් හලාල් නිර්දේශය සහිත අමුද්‍රව්‍යය පමණයි. මේ රටටම අවශ්‍යය ජල පහසුකම් සැපැයෙන්නේ බුදුරදුන්ගේ සිරිපා සටහන පිහිටා තිබෙන සමනල කන්දෙන්. ඒත් දැන් වතුරත් හලාල් කරලා තියෙනවා. එතකොට සමනල කන්දත් හලාල්ද? සමන් දෙයියොත් හලාල්ද? මුස්ලිම් ජනතාව වගේ නෙමෙයි අපේ බෞද්ධයෝ පාරමිතාවක් වශයෙන් සිතා තමන්ගේ ශරීරයේ ලේ දන්දෙනවා. එතකොට මුස්ලිම් රෝගීන් ඒ ලේ තමන්ගේ ශරීරයට ඇතුළ් කරගන්නකොටත් ලේ හලාල් කරලා තියෙන්න ඕනෑද? මේ වෙනකොට සිංහල තරුණියන් සරණපාවා ගෙන එතුළින් මුස්ලිම්කරණය ව්‍යාප්ත කිරීම තමයි දැන් දියත්වන විශාලතම සැලසුම. ඒ කියන්නේ අද වෙද්දී මුසල්මානුවාට කුඹුර වෙලා තියෙන්නේ සිංහල තරුණියයි. එතකොට මෙච්චර කාලෙකට සිංහල තරුණියනුත් හලාල් කරලා සහේට ගත්තාදැයි අපි මේ රටේ මුස්ලිම් ජනතාවගෙන් විමසන්න ඕනෑ. එපමණක් නොවෙයි විකිණෙන සෑම හලාල් භාණ්ඩයකින්ම යම් ප්‍රතිශතයක් ඔවුන්ගේ උලමා සංවිධානයට ඇදී යනවා. මොවුන් විසින් මේ මුදල් යොදවන්නේ මේ රටේ ආගමික සහජීවනය බිඳලීම සඳහා තැනින් තැන පල්ලි ඉදිකිරීමටත්, එතුළින් සිය ඉස්ලාමය ව්‍යාප්ත කිරීමටත්. මේවාට විරුද්ධව අපේ හාමුදුරුවන් වහන්සේලා ඒකරාශි වෙද්දි ඔවුන් බොරුවට කෙඳිරි ගානවා; විදේශයන්ට පැමිණිලි කරලා ආධාර ලබනවා; ‘ලංකාවේ මුස්ලිම් ජනතාවට අසාධාරණයක් සිදුවෙනවා… ඔවුන්ට ආගමික නිදහසක් නෑ…’ කියලා. ඒ නිසා පාලකයෝ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා ඉතා ඉක්මනින් කඩිනම් පියවරක් අනුගමනය කරන්න ඕන.

ඒ වගේම අපි මේ රටේ සමස්ත මහා සංඝරත්නයෙන්ම ඉල්ලා සිටිනවා මේ සැබෑ තත්ත්වය තමන්වහන්සේලාගේ බණවාරයක් බණවාරයක් පාසා ප්‍රචාරය කරමින් අපේ සුපින්වත් දායකකාරකාදීන් දැනුවත් කරන ලෙසට. ඒ වගේම අපි අපේ සුපින්වත් දායකයින්ටත් විශේෂ පණිවිඩයක් ලබා දෙනවා. මින් ඉදිරියට ලොව්තුරා බුදුරජාණන් වහන්සේ උදෙසා අල්ලා දෙවියන් වෙනුවෙන් කැපකරපු හලාල් පූජා කරන්න එපා. හාමුදුරුවන් වහන්සේලාට හලාල්වලින් හදපු දන් පිළිගන්වන්න එපා. කඩේ මුදලාලිට කියන්න; බලකරන්න අපිට බුදුන්ට පුදන්න; දානයක් දෙන්න හලාල් නැති අපේ ආහාර ද්‍රව්‍යය ලබා දෙන්න කියලා. ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවත් මතක තියාගන්න ඕනි උදේ හවස බුදුන් වැන්දත් තමන්ගේ කඩේ හලාල් තියෙනවා නම් කිසිම විදිහකින් සම්‍යක් දෘෂ්ඨික දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය ඒ ව්‍යාපාරික ස්ථාන හා වෙළඳසැල්වලට නොලැබෙන බවට. හලාල් වර්ජනය කිරීම අපේ සුපින්වත් බෞද්ධ ප්‍රජාවට මෙලොව වශයෙනුත් වැඩදායකයි; පරලොව වශයෙනුත් වැඩදායකයි…” යනුවෙන් පවසා සිටියහ.


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,891 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ