ධර්ම නිධාන

Archive for the ‘කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය’ Category

 අලුත්ගම සිදුවීමේ සත්‍ය කතාව රටට හෙළිකරනවා වෙනුවට

සිංහල බෞද්ධයන්ගේ හඬට මුඛවාඩම් දැමීම හා මාධ්‍ය ආයතනවලට වාරණ නිකුත් කිරීම පිළිකුලෙන් හෙළා දකිනවා
– බෞද්ධ සංවිධාන 23 ක්‌ ඒකාබද්ධව නිවේදනයක්‌ නිකුත් කරමින් කියයි

අලුත්ගම ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව ඉකුත් 22 වැනිදා සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලයට සහභාගි වූ බෞද්ධ සංවිධාන 23 ක්‌ ඒකාබද්ධ නිවේදනයක්‌ නිකුත් කර ඇත.

මෙය නම්කර ඇත්තේ මාධ්‍ය වාරණයට ලක්‌වූ අලුත්ගම බෞද්ධයන්ගේ කථාව ලෙසය. එය සම්පූර්ණයෙන් මෙසේය.

පසුගිය පොසොන් පොහොය දිනයේ දී (2014-06-12) පතිරාජගොඩ, කුරුඳුවත්ත ශ්‍රී විජයරාමයේ අයගම සමිත ස්‌වාමීන් වහන්සේ ධර්ම දේශනාවක්‌ සඳහා පතිරාජගොඩ ශ්‍රී විවේකාරාමයට වෑන් රථයකින් ගමන් කරමින් සිටියදී මුස්‌ලිම් පිරිසක්‌ පාර අවහිර කිරීමත්, උන්වහන්සේට පහරදීමත් හේතුකොටගෙන ඇතිවුණ සිදුවීම් දාමය පිළිබඳ විවිධ මත විචාර විග්‍රහ දේශීය හා විදේශීය විද්යුත් මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රකාශයට පත්කර ඇත. එමගින් අයගම සමිත ස්‌වාමීන්වහන්සේට සිදුවූ අසාධාරණයත්, ගැටුම්කාරී තත්ත්වයෙන් පසු මෙම ප්‍රදේශයේ බෞද්ධ ජනතාවට සිදුවූ අසාධාරණයත්, අප තුළ බලවත් කනගාටුවක්‌ හා කනස්‌සල්ලක්‌ ඇති කරයි. මෙම සිදුවීම් දාමයේ සත්‍ය කතාව ඇත්ත නැත්ත මාධ්‍ය මගින් වසා දමමින් බෞද්ධ ජනතාවගේ හඬ සැළසුම් සහගතව වාරණයකට ලක්‌කරන ලදී. එබැවින් ඒ පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය රජයට පළකර සිටින අතර මේ රටේ බෞද්ධ භික්‌ෂූන් වහන්සේලාටත් බෞද්ධ ජනතාවටත් දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ගෙන ගිය බොරු ප්‍රචාර හරහා සිදුවූ අපකිර්තියට හා අගෞරවයට බෞද්ධ විරෝධී මාධ්‍ය වාරණයකට කටයුතු කළ බලධාරීන් මෙහි වගකීම භාරගත යුතුය. බොහෝමයක්‌ දේශීය, විදේශීය, මාධ්‍ය හරහා ගෙනගිය මෙම සිදුවීම මුල්කරගෙන ප්‍රචාරවලින් සිදුවූයේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ ජනයා ඉස්‌ලාම් කිතුනු, හින්දු කිසිදු ආගමක්‌ නොඉවසන අශීලාචාර ගෝත්‍රවාදී අන්තවාදී සමාජයක්‌ ලෙස පෙන්වාදීමටය. අලුත්ගම සිදුවීමේ සත්‍ය කතාව රටට හෙළිකර නීතිය ක්‍රියාත්මක කරනවා වෙනුවට සිංහල බෞද්ධයන්ගේ හඬට මුඛවාඩම් දැමීම හා මාධ්‍ය ආයතනවලට වාරණ නියෝග නිකුත් කිරීම සම්බන්ධව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඒකපාර්ශ්වික ක්‍රියාකලාපය දැඩි පිළිකුලෙන් යුතුව අප හෙළා දකින අතර සිංහල බෞද්ධ සමාජයට කළ අසාධාරණය පිළිබඳව අපගේ බලවත් කනස්‌සල්ල සහ විරෝධය මෙයින් පළකර සිටින අතර අලුත්ගම සිදුවීමේ සත්‍ය කතාව පහත සැකවින් දක්‌වමු.

පොසොන් පොහොය දින පතිරාජගොඩ කුරුඳුවත්ත ශ්‍රී විජයාරාමයේ අයගම සමිත ස්‌වාමීන් වහන්සේ ධර්ම දේශනාවක්‌ සඳහා වැඩමකරමින් සිටියදී මුස්‌ලිම් පිරිසක්‌ පාර හරස්‌ කරගෙන සිටීම නිසා ඔවුන්ට ඉවත්වන ලෙස දැනුම්දීම හේතුකොටගෙන ගැටුමක්‌ ඇතිවිය.

එහිදී එම මුස්‌ලිම් තරුණයන් අයගම සමිත ස්‌වාමීන්වහන්සේට පහර දුන් අතර, මේ පිළිබඳව අලුත්ගම පොලිසියට පැමිණිලි කරන ලදී. පැමිණිල්ල විභාග කර සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගන්නවා වෙනුවට පොලිසිය හිතාමතාව සිද්ධියට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම ප්‍රමාද කරමින් බොහෝ වේලාවක්‌ රස්‌තියාදුකරන ක්‍රියාපිළිවෙතක්‌ අනුගමනය කළේය. මෙම පහරදීමට සම්බන්ධ අය පොලිසියට ගෙනැවිත් සමාව ඉල්ලා සිටින්නේ නම් මෙය සමථයකට පත්කර ගැනීමට අයගම සමිත ස්‌වාමීන් වහන්සේ එකඟතාවය ද පළ කළහ. පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වූ නිසා පහරකෑමට ලක්‌වූ අයගම සමිත හිමි රෝහල්ගතවිය. අලුත්ගම පොලිස්‌ ස්‌ථානය ඉදිරිපිටට

රැස්‌වූ බෞද්ධ ජනතාව තුළ නොසන්සුන්තාවක්‌ ඇතිවිය. මෙම සිදුවීමෙන් පසු ප්‍රදේශය පුරා බෞද්ධ ජනතාව අතර නොසන්සුන්තාවක්‌ හා ආතතියක්‌ ඇතිවිය. ඒ වගේම කටකතාද පැතිරී ගියේය.

මෙම තත්ත්වය හේතුකොටගෙන අලුත්ගම බේරුවල ශාසනාරක්‌ෂක බලමණ්‌ඩලය හා භික්‌ෂූන් වහන්සේලා එකතුව මෙයට විරෝධය පළකිරීම සඳහා අයගම සමිත ස්‌වාමීන් වහන්සේ නැවත පිළිගෙන විහාරස්‌ථානයට වැඩමකිරීම සඳහා 2014.06.15 වන ඉරු දින බොදු හමුවක්‌ අලුත්ගම නරගයේ පැවැත්වීමට කටයුතු කෙරිණි. එම බොදු හමුව බොදු බල සේනා හෝ සිහළ රාවය විසින් සංවිධානය කරන ලද්දක්‌ නොවේ. ජාතික මට්‌ටමේ බෞද්ධ සංවිධානවලට ද මෙම අවස්‌ථාවට ආරාධනා කරන ලදී. එම බොදු හමුවට පොලිස්‌ අවසරය ලැබුණු අතර සිද්ධිය වූ පතිරාජගොඩ දර්ගා නගරය වෙනුවට අලුත්ගම නගරය තුළ මෙම බොදු හමුව පැවැත්වූයේ ගැටුමක්‌ ඇතිවීම වැළැක්‌වීමේ ෙච්තනාව නිසාමය.

මෙවැනි සිද්ධියකින් පසු පැවැත්වෙන බොදු හමුවක ආවේගශීලී හැඟීම්බර කතා පැවැත්වුවද කිසිවිටෙකත් මුස්‌ලිම් ජාතිකයන්ට පහරදීමට මෙම රැස්‌වීම තුළ පෙලඹවීමක්‌ ඇති කළේ නැත. මෙම රැස්‌වීම පුරා සිංහල බෞද්ධයන්ට සිදුවී ඇති අසාධාරණයන් හා දුක්‌ගැනවිලි විවිධ ස්‌වරයෙන් ඉදිරිපත්විය. පොලිසිය දේශපාලනඥයන් ඇතැම් අන්තවාදී මුස්‌ලිම් අයගේ ක්‍රියකලාපයන් එහිදී විවේචනයට ලක්‌විය. බොදු හමුව නිමා වීමෙන් පසු සාමකාමීව පිරිස විසුරුවා හැරීමට සංවිධායක භික්‌ෂූන්වහන්සේලා කටයුතු කළ අතර ඒ ආකාරයට කටයුතු කිරීම සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රණගල මහතා වේදිකාවට නැග භික්‌ෂූන් වහන්සේලාට ස්‌තුති කළේය. ඉන්පසු භික්‌ෂූන් වහන්සේලා කිහිප නමක්‌ සමඟ අයගම සමිත හිමියන් උන්වහන්සේගේ විහාරස්‌ථානයට වැඩම කරවීමට පාගමනින් ඉදිරියට ගිය අවස්‌ථාවේදී දර්ගා නගරයේ මුස්‌ලිම් පල්ලිය අසලදී පල්ලිය තුළින් සංවිධානාත්මක පොලුවලින් සහ ගල් මුගුරුවලින් පහරදෙන්නට වූ අතර එහිදී මාගල්කන්දේ සුධම්ම හිමියන් ඇතුළු භික්‌ෂූන් වහන්සේලා කිහිප නමක්‌ පල්ලිය දෙසින් එල්ලවූ ප්‍රහාරයෙන් පහර කෑමට ලක්‌වූ අතර සුධම්ම හිමියන්ට එල්ල වූ පහරකින් බිම ඇදවැටුණු ඒ හිමියන් සිහිසුන්වීමෙන් පසු රෝහල්ගත කෙරිණි. පල්ලිය දෙසින් එල්ලවූ ප්‍රහාර මැඬපැවැත්වීමට පොලිසිය අසමත්වීමත්, බොදු හමුවට සහභාගි වී විසිර යමින් සිටි පිරිස මෙම ආරංචියත් සමඟ නැවත එකතුවී පහරදෙන පිරිස්‌වලට පෙරළා පහර දෙන්නට පටන්ගත් අතර එතැන් සිට සිදුවූ ප්‍රචණ්‌ඩකාරී සහ ගැටුම්කාරී තත්ත්වය සියලු දෙනා දන්නා කාරණයකි.

මෙම ගැටුම්වලින් පතිරාජගොඩ ගම්මානයේ සිංහල බෞද්ධ ජනතාවට සිදුවී ඇති අලාභහානි මෙන්ම වැලිපැන්න නගරයේ බුදුමැදුරටත් එහි සිංහල ව්‍යාපාරික ස්‌ථානවලටත්, බේරුවල ප්‍රදේශයේ සිංහල ව්‍යාපාරික ස්‌ථානවලටත් සිදුවී ඇති හානිය සුපුරුදු පරිදි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නියෝග මගින් මාධ්‍ය වාරණයකට ලක්‌ කෙරිණි. බෞද්ධ ජනතාවගේ විරෝධතා උද්ඝෝෂණ තහනම් කෙරිණි. එහෙත් මුස්‌ලිම් දේශපාලනඥයන් බෞද්ධ විරෝධී ප්‍රකාශ කරමින් හර්තාල් හා උද්ඝෝෂණ කැඳවීමට මුස්‌ලිම් අන්තවාදීන්ට රිසිසේ ඉඩ ලබාදෙන ලදී. දේශීය සහ විදේශීය වශයෙන් බොරු ප්‍රචාර ගෙන යැමට ද ඉඩ ලබාදෙන ලදී. එම සිද්ධීන්වලට සම්බන්ධව අත්අඩංගුවට ගැනීම්වලදී අපක්‍ෂපාතීව කටයුතු කරනවා වෙනුවට පක්‍ෂග්‍රාහීව කටයුතු කළ බව අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාදාමය තුළින් මේ වනවිටත් මොනවට පැහැදිලි වෙමින් ඇත. පෙට්‍රල් බෝම්බ, අවිආයුධ සමඟÊඅත්අඩංගුවට ගත් මුස්‌ලිම් පුද්ගලයන් දින දෙකක්‌ තුළ ඇප ලබා නිදහස ලබද්දී මෙම සිද්ධීන් හා සම්බන්ධ යෑයි කියමින් අත්අඩංගුවට ගන්නා නිරායුධ සිංහල තරුණයන් සති ගණන් බන්ධනාගාරගතකර ඇත. නීතිය පක්‍ෂග්‍රාහීව සිදුවන බව ප්‍රදේශවල දැන් සිදුවෙමින් තිබෙන සිදුවීම්වලින් පැහැදිලි වන අතර එය ප්‍රදේශයේ බෞද්ධ ජනතාව තුළ නොසන්සුන්තාවක්‌ ඇතිකිරීමට හේතුවී ඇත.

මෙමගින් අපි බලාපොරොත්තු වන්නේ මාධ්‍ය මගින් වාරණයට ලක්‌වූ අලුත්ගම කතාවේ ඇත්ත නැත්ත ඔබ හමුවේ තබමින් බෞද්ධ ජනතාවගේ සිත්තැවුල පිළිබඳව අවධාරණය කරමින් ඊට සාධාරණයක්‌ ඉටුකරන ලෙස ඉල්ලා සිටීමට මිස ජාතිවාදයක්‌ හෝ ආගම්වාදයක්‌ අවුස්‌සන්නට නොවන බව කරුණා මෛත්‍රිය පෙරදැරිව දන්වා සිටීමට කැමැත්තෙමි.

මෙම ඒකාබද්ධ නිවේදනය නිකුත් කළ බෞද්ධ සංවිධානවල නාමලේඛනය මෙසේය.

සමස්‌ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, රාජ්‍ය සේවා බෞද්ධ සංගමය, ජයග්‍රහණය සංවිධානය, ධර්ම විජය පදනම, බොදුබල සේනා, සිංහලවීරවිදහන, බෞද්ධ බල කේන්ද්‍රය, දේශප්‍රේමී විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය, හෙළ දැය වඩන්නෝ, හෙළ යුගය ජාතික සංවිධානය, ඓතිහාසික පුදබිම රැකගැනීමේ ජාතික ව්‍යාපාරය, බෞද්ධ සහයෝගිතා කේන්ද්‍රය, ශාන්ති පදනම, ශ්‍රී ලංකා මහාබෝධි සංගමය, කොළඹ තරුණ බෞද්ධ සංගමය, කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය, බෞද්ධ සංවිධාන ඒකාබද්ධ කමිටුව, ජාතික සංඝ සම්මේලනය, සිංහල රාවය ජාතික සංවිධානය, ජාතික විද්වත් සභාව, හෙළ බොදු සවිය, ස්‌වර්ණ හංස පදනම, රාවණා සවිය ජාතික සංවිධානය, හෙළ විජය ජාතික ව්‍යාපාරය.

http://www.divaina.com/2014/06/28/news16.html

 

මෙන්න දැනගතයුතු ඇත්ත කථාව

අලුත්ගම ගින්නේ බොරු කතා සහ ඇත්ත කතා

අලුත්ගම කතාව දැන් පරණය. එසේ වුවත් ඒ කතාවෙන් ඉගෙන ගත යුතු අලුත් පාඩමක්‌ තිබේ. 1915 වසරේදී සිදුවූ මරක්‌කල කෝලාහලයේ අනූනම වැනි සංවත්සරය සැමරීමට දොa යළිත් එවැනි අභාග්‍යවන්ත තත්ත්වයක්‌ මතුවී පැමිණ තිබේ.

ගාලු පාරේ ගමන් කරන සාමාන්‍ය ජනතාව තුළ තිබෙන මතයක්‌ නම්, අලුත්ගම හා බලපිටිය යන ස්‌ථානවලදී ඉතාමත් ප්‍රවේශමෙන් පාරේ යා යුතු බවය. බලපිටියේ සිටින පිරිසගේ චණ්‌ඩි භාවයත් අලුත්ගම සිටින මුස්‌ලිම් පිරිස්‌වල මුරණ්‌ඩු භාවයත් ඒ සඳහා වන හේතු බව පැවසේ.

අලුත්ගම පමණක්‌ නොව ලංකාවේ මුස්‌ලිම් ජනයා බහුල ලෙස පැතිරී සිටින ප්‍රදේශවල අමුතුම ආකාරයේ ස්‌වභාවයක්‌ පවතී. නැගෙනහිර පළාතේ සමහර ගම්, නගර පුංචි අරාබියක්‌ සේය. බෝඩ් ලෑලිවල පවා ඇත්තේ අරාබි අකුරුය. වවා ඇත්තේ රට ඉඳි ගස්‌ය. එම ප්‍රදේශවල සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන රටේ නීති රීති නැත. ගාලු පාරේ මුස්‌ලිම් පිරිස්‌ ඒකරාශි වී සිටින කළුතර, කටුකුරුන්ද වෙට්‌ටුම කඩය, අලුත්ගම, දර්ගා නගරය, ගාල්ලේ කිත්තංගේ ආදී ප්‍රදේශවල ශ්‍රී ලංකාවේ නොවන අමුතුම පරිසරයක්‌ පවතී. මෙම ප්‍රදේශවල මුස්‌ලිම් තරුණයන් හෙල්මට්‌ නොමැතිව බයිසිකල් පැදීම සුලබ ලක්‍ෂණයකි. ඒවාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. බේරුවල, අලුත්ගම ප්‍රදේශවල ගාලුපාර හා ඒ අවට පාරවල්වල උණ ඇඟට ගත් මුස්‌ලිම් තරුණයන් සිටින්නේ පාර මැදය. පිට ප්‍රදේශයක කෙනකු වාහනයක යනවිට හෝන් ගසනවා නම්, ඒ ගැන උරණ වූ සෙයියාවෙන් බලා, හයිරංකාරකම් පෙන්වූ වාර අනන්තය. මේ ප්‍රදේශයේ සමහර මුස්‌ලිම් පිරිස්‌ සිටින්නේ, තමන්ගේ ස්‌වාධීන රාජ්‍යයක ජීවත් වී සිටින්නා සේය. ප්‍රදේශයේ සිංහල ජනවර්ගයාට නීතිරීති තිබෙනා අතරේම මෙවැනි බලයක්‌ මුස්‌ලිම් ජනතාව විඳිමින් සිටින්නේ, දේශපාලන හයිය ද ඇතිවය. දැන් කාලයක සිට මෙම ප්‍රදේශවල මුස්‌ලිම් අන්තවාදී අදහස්‌ අලුත් වී, සංවිධානය වෙමින් තිබේ. එතෙරින් එන මුදල්, පොත්පත්, දේශකවරු එම ගින්නට පිදුරු දමමින් තිබේ.

කාලාන්තරයක්‌ පුරාවටම ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව ලෝකය පුරාම මුස්‌ලිම් අන්තවාදයට එරෙහිව හඬක්‌ අවදි වෙමින් තිබුණි. ඒ අතරේ ම බෞද්ධ ලෝකයට එරෙහිවද මුස්‌ලිම් අන්තවාදය බිහිසුණු ලෙස ක්‍රියාත්මක වෙමින් තිබිණි. ඉස්‌ලාමය රාජ්‍ය ආගම වූ රටක, විදේශීය බෞද්ධයකුට පවා බුදු පිළිමයක්‌, බුදුරජාණන් වහන්සේගේ පිංතූරයක්‌ තබාගෙන සිටින්නේ හොරෙන් ගත් යමක්‌ සඟවාගෙන සිටිනා ආකාරයෙනි. බාමියන් බුදුපිළිමවලට ෂෙල් වෙඩි ප්‍රහාරදී වැනසුවේ ලෝකයාගේම විරෝධතා මැද්දේ, ලෝකයාම බලා සිටියදීය. තායිලන්තයේ, බුරුමයේ, මාලදිවයිනේ, බෞද්ධයන්ට ඉස්‌ලාමිකයන්ගෙන් සිදුවන මරණීය කරදර තවමත් ඉවරයක්‌ නැත. මේ අතරේ දීඝවාපී පුද බිම ඩෝසර් කිරීම ආදී මේ රටේ ද බෞද්ධයන්ට මුස්‌ලිම් අන්තවාදයෙන් අටෝරාශියක්‌ ව්‍යාධි පැමිණියේය.

පසුගිය පොසොන් පොහෝදා ඇතිවූ සිද්ධිය සමග කල් පිරෙන්නේ මේ සියල්ල සමග කරුණු ගොනු වී ගිය තැන්පතුවකටය.

පොසොන් පොහෝදින ධර්මදේශනාවක්‌ සඳහා වැඩම කොට සිටි අළුත්ගම කරුඳුවත්ත විජයාරාම විහාරවාසී, අයගම සමිත හිමියන්ට ප්‍රහාරයක්‌ එල්ලවන්නේ අළුත්ගම දර්ගා නගරයේදීය. හිමියන් වාහනයකින් ගමන් කරමින් සිටියදී පාර ඉඩ නොදී හරස්‌ කරගෙන මුස්‌ලිම් තරුණයන් පිරිසක්‌ සිටියේය. කිහිපවරක්‌ම වාහනයේ නලාව නාද කර පාරෙන් ඉවත්වීමට සංඥ ලබාදුන්නත් පාරෙන් ඉවත්වීම වෙනුවට වාහනයේ රියෑදුරුට රැවුම් ගෙරවුම් මුලින් කරන ලද අතර ප්‍රති උත්තර දීමේ “වරදට” පහර කන්නට සිදුවුණේ, රියෑදුරාට පමණක්‌ නොවේ. වාහනයේ සිටි සමිත ස්‌වාමින් වහන්සේද රෝහල් ගත වෙන මට්‌ටමේ පහර කෑමකට ලක්‌විය. මේ සිද්ධිය විසින් ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය තව තවත් නොසන්සුන් කරන්නට සමත් වුණේ තොග ගණනින් ගොතන්නට පටන් ගත් කට කතාය.

ගැටුමේ ආරම්භය ගැන පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙසේය.

“පසුගිය දොළොස්‌වැනිදා පොසොන් පොහොය දිනයේ කුරුඳුවත්ත විහාරස්‌ථානයේ වැඩ වසන අයගම සමිත ස්‌වාමින් වහන්සේ ධර්ම දේශනාවක්‌ සඳහා වෑන් රථයකින් ගමන් කරමින් සිටින අවස්‌ථාවකදී මුස්‌ලිම් තරුණයන් තිදෙනකු එම වෑන් රථයේ රියෑදුරු සමග බහින්බස්‌වීමක්‌ ඇතිවෙලා. එම අවස්‌ථාවේදී රියෑදුරුට පහරදීමක්‌ සිද්ධ වෙලා තියෙනවා. ලැබී තිබෙන සාක්‍ෂි අනුව එම අවස්‌ථාවේදී ස්‌වාමින් වහන්සේටත් පහරදීමක්‌ සිද්ධවෙලා තියෙනවා. මෙම සිදුවීම පොලිස්‌ ස්‌ථානයට වාර්තා වීමත් සමඟ පහරදීමට සම්බන්ධ පුද්ගලයන් තිsදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මේ පහරදීම නිසා තුවාල ලැබූ සමිත ස්‌වාමින් වහන්සේ රෝහල්ගතව ප්‍රතිකාර ලැබුවා. ඉන් පසුව 15 වැනිදා සමිත ස්‌වාමින් වහන්සේ රෝහලින් ප්‍රතිකාර අවසන් වී පිටව එන අවස්‌ථාවේදී උන්වහන්සේ පිළිගැනීම සඳහා අළුත්ගම නගරය තුළ උත්සවයක්‌ සංවිධානය කර තිබුණා. මේ උත්සවය අවසානයේදී උන්වහන්සේ නැවත උන්වහන්සේගේ විහාරස්‌ථානය කරා වැඩමවන අවස්‌ථාවේදී දර්ගා නගරයේ මුස්‌ලිම් පල්ලිය අසලදී එම පල්ලිය දෙසින් ප්‍රථමයෙන් ලීයකින් ප්‍රහාරයක්‌ එල්ල කරලා තියෙනවා. ඒ ප්‍රහාරය සමඟම දෙපක්‍ෂය අතර ගැටුමක්‌ ඇති වුණා.”

අළුත්ගම – බේරුවල – දර්ගා නගරයේ පැවැති ගැටුම්කාරී තත්ත්වය සිය ඡන්ද ව්‍යාපාරවල ඡන්ද වැඩි කර ගැනීමේ උත්සාහයක යෙදෙන අමන දේශපාලනඥයන් පිරිසක්‌ පිළිබඳවද ඒ අතර දකින්නට ලැබිණි.

කළුතර දිසා ලේකම් කාර්යාලයේදී ඉකුත් 16 වැනිදා මැති ඇමැතිවරු ජනමාධ්‍යයට කරුණු පැහැදිලි කරමින් ප්‍රකාශයක්‌ නිකුත් කිරීමට දඟලන දැඟලිලි කමක්‌ දිසාපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී සමහර දේශපාලනඥයන් මෙම ගැටුමට වගකිව යුතු බව එක්‌සත් ජනතා නිදහස්‌ සංධාන හවුල්කාර පක්‍ෂවල ක්‍රියාකාරී සාමාජිකයන් ඉදිරිපත් කළ කරුණුවලදී පැහැදිලි විය.

පොසොන් පොහෝ දින (12 දා) ධර්මදේශනාවකට යමින් සිsටියදී පහරදීමකට ලක්‌වූ දර්ගානගරය කුරුඳුවත්ත ශ්‍රී විජයරාම විහාරාධිපති අයගම සමිත හිමියන්ට පහර දුන් තරුණයන් තිදෙනා නිසා මුළු රට පමණක්‌ නොව ලෝකයම හෙල්ලුම් කෑ මෙම ගැටුම දුරදිග ගියේ කාගේ නොසැලකිල්ල නිසාද යන්න ගැඹුරින් සිතා බැලිය යුතුය.

හාමුදුරුවන්ට පහරදීලා යන ආරංචිය බේරුවල අළුත්ගම ප්‍රදේශය පුරා ලැව්ගින්නක්‌ සේ පැතිර යද්දී මහජනතාව එකා දෙන්නා පොලිසිය කරා ඇදී එන්නට විය.

පොලිසිය වහා ක්‍රියාත්මක වී සැකකරුවන් තිදෙනාව අත්අඩංගුවට ගෙන පොලිස්‌ කූඩුවේ රඳවා තබා සිටි අතර සිද්ධිය සැලවූ වහාම ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම, වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු පොලිසියට පැමිණ සිටියහ.

ගත වූයේ ස්‌වල්ප මොහොතකි. ගාලුපාර වැසී ගියේය.

පොලිසිය වෙත ගල්මුල් ප්‍රහාර එල්ල වන්නට විය. පොලිසියේ ආරක්‍ෂිත වැට ද පොලිසියේ නාම පුවරුව ද ගල් ගසා විනාශකරන්නට කලබලකාරීන් සමත් විය. උසස්‌ පොලිස්‌ නිලධාරීන් ද මෙහිදී හොඳ හැටි ගුටි පාරවල්වලට ලක්‌ වන්නට විය.

මැති ඇමැතිවරුන්ගේ වාහනවලටද ගල් ප්‍රහාර එල්ල වන්නට විය. මැති ඇමැතිවරු ද හෙමින් සැරේ ලිස්‌සා ගිය අතර මහජනතාව නීතිය අතට ගෙන පොලිසියට සිය විරෝධය පළ කළ අතර මධ්‍යම රාත්‍රිය වන විට ප්‍රදේශය සාමකාමී තත්ත්aවයකට පත්විය.

මේ අතර පහර දුන් තරුණයන් තිදෙනා රක්‍ෂිත බන්ධනාගාරගත කළ අතර ඔවුන් හඳුනා ගන්නා පෙරෙට්‌ටුවකට 25 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.

පහර කෑමෙන් තුවාල ලැබූ අයගම සමිත හිමියෝ කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට 15 වැනිදා සවස රෝහලින් පිටත්වීමට සූදානම්ව සිටියදී උන්වහන්සේට දුරකථන ඇමතුමක්‌ දුන්නෙමු.

මහත්තයෝ මං පන්සලට වඩිනවා. මට පහර දුන් අයට මෛත්‍රි කරනවා. අළුත්ගම බොදු සමුළුවක්‌ තියෙනවා. වෙලාවක්‌ ඇත්නම් එම උත්සවයට සහභාගි වෙනවා” යෑයි පැවසූහ.

මෙම බොදු සමුළුව ගැන බුද්ධි අංශ විශේෂ අවධානය යොමු කර තිබූ අතර පෙළපාලි යනවාද උද්ඝෝෂණ කරනවා ද යන්න සොයා බලන්නට වූ අතර මුස්‌ලිම් පිරිස්‌ බොදු බල සේනාව පවත්නා රැස්‌වීමට ප්‍රතිචාර දක්‌වන්නේ කෙසේද යන්න කල්පනා කරමින් සූදානම් වන්නට විය.

රැස්‌වීම අවසන් වී භික්‍ෂුන් වහන්සේලා දර්ගා නගරය මැදින් අයගම සමිත හිමියන් පන්සලට වැඩම කරවද්දී දර්ගා නගර පල්ලිය අසලදී හිමිවරු වැඩම කළ පෙරහැරට ගල් ප්‍රහාර එල්ල වන්නට විය.

මෙහි විද්යුත් මාධ්‍ය කටයුතුවල යෙදුන සිරස මාධ්‍යවේදී ජයපාල පුංචිහේවා ගමන් කළ ත්‍රීවීල් රථයට ද ගල් ප්‍රහාර එල්ල වූ අතර ඔහු ආපසු හැරී නිවස කරා පිටත් වූ අතර බේරුවල අළුත්ගම හා ධර්ගා නගරවල නිවාස, වෙළෙඳසල් විනාශ කරන්නට සමහර පිරිස්‌ පියවර ගෙන තිබිණි.

කටකතා ශීඝ්‍රයෙන් පැතිරෙන්නට විය. ස්‌වාමින්වහන්සේලා, තරුණයන් ඝාතනය කර ඇතැයිද දසදෙස අසත්‍ය ප්‍රකාශයන් පැතිර යන්නට වූ අතර සත්‍ය තොරතුරු අනාවරණය කරගන්නට නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබිණි.

රාත්‍රියේම විශේෂ කාර්ය බළකාය හා පොලිසිය ප්‍රදේශයේ සාමය ආරක්‍ෂා කිරීමට පියවර ගත් අතර මෙම ගැටුමින් මුස්‌ලිම් පුද්ගලයන් දෙදෙනකු මරුමුවට පත් වූ අතර භික්‍ෂූන් වහන්සේ නමක්‌ සුළුÊතුවාල ලැබූහ.

ඉකුත් 16 වැනිදා කළුතර දිසාලේකම් කාර්යාලයේදී අළුත්ගම ගැටුම පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවක්‌ පැවැත්වෙන බව ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යාංශය හා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මාධ්‍යවේදීන්ට දැනුම් දී තිබිණි.

අගමැති දි. මු. ජයරත්න හා ඇමැතිවරුන් වන බැසිල් රාජපක්‍ෂ, මෛත්‍රිපාල සිsරිසේන, ඩලස්‌ අලහප්පෙරුම ඒ. එච්. එම්. µවුසි, කුමාර වෙල්ගම, එස්‌. බී. දිසානායක, රෝහිත අබේගුණවර්ධන යන ඇමැතිවරු ද පොලිස්‌පති, නීතිය පිළිබඳ අමාත්‍යාංශ ලේකම් නන්ද මල්ලවආරච්චි ඇතුළු රාජ්‍ය නිලධාරීන් ද මහනායක හිමිවරු හා මුස්‌ලිම් මව්ලවිතුමන්ලාද පැමිණ සිටියහ.

මෙහිදී සාමකාමී පරිසරයක්‌ ප්‍රදේශය තුළ ඇති කිරීමට සියලුම පාර්ශ්වයන් එකඟ වූ අතර කොළඹ සිට පැමිණි සමහර ඇමැතිවරුන් විනාඩි කීපයක්‌ රැස්‌වීමේ ගත කර පිටව යන අයුරු දක්‌නට ලැබිණි.

මෙදින පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා කළුතර පොලිස්‌ අධිකාරි කාර්යාලයේදී මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වා මෙම ගැටුමින් කිසියම් ස්‌වාමින් වහන්සේ නමක්‌ අපවත් වී නැතැයි ප්‍රකාශ කරමින් ගැටුම පිළිබඳ තොරතුරු සංඛ්‍යා ලේඛන සහිතව ඔප්පු කළේය.

කෙසේ වෙතත් කළුතර දිසා ලේකම් කාර්යාලයේදී මුස්‌ලිම් හා සිංහල ආගමික නායකයන් දෙපිරිස එකඟතාවකට පැමිණියත් එදින රාත්‍රියේද ප්‍රදේශවල ගැටුම්කාරී තත්ත්වයක්‌ උද්ගත වී තිබිණි.

මේ ගැටුම උපයෝගී කර ගෙන දේශපාලනඥයන් ද මනාපය වෙනුවෙන් එකිනෙකාට දොaෂාරෝපණය කරගන්නා අයුරු දක්‌නට ලැබිණි.

කළුතර බේරුවල හා අළුත්ගම පොලිස්‌ වසම්වල වසර කීපයකට වරක්‌ මෙවැනි ගැටුම් ඇති වන්නේය.

මෙම ජාතිවාදී ගිනිදැල් සහමුලින්ම නිවා දැමිය යුතු කාලය එළැඹ ඇත. මෙම ප්‍රශ්නය ඉතාමත් කෙටි කාලයකින් විසඳිය යුතුය. අප අනාගත පරපුරට මේ ගැටුම් ඇතිවීමට ඉඩ නොදී නිරාකරණය කළ යුතුය.

බේරුවලදී ඉකුත් 15 වැනිදා පැවැති බොදුබල සේනා රැස්‌වීමේ වීඩියෝවද 12 වැනිදා අලුත්ගම පොලිසිය අසලදී ඇති වූ ගැටුමේ දර්ශන ද රහස්‌ පොලිස්‌ නිලධාරීන් හා කොළඹ අපරාධ කොට්‌ඨාසයේ නිලධාරීන් දැන් නිරීක්‍ෂණය කරමින් සිටින බව වාර්තා වේ. දැනටමත් අපි 41 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පුපුරණ ද්‍රව්‍යය ද තොග ගණනින් සොයාගෙන තිබේ. ඉදිරි දින කීපය තුළදී සෑහෙන පිරිසක්‌ අත්අඩංගුවට ගැනීමට මේ අනුව නියමිතය.

මනෝඡ් අබයදීර,
විජයසිරි විද්‍යාසේකර

http://www.divaina.com/2014/06/22/feature10.html

 

කෑ පතේ පහරණ මුස්ලිම් ක්‍රිස්තියානි හා ද්‍රවිඩ කුමන්ත්‍රණ පරදමින් ද්‍රෝහී සිංහල දේශපාලකයන්ගෙනුත් රට දැය සමය රැකගෙන ආර්‍ය සිංහල බෞද්ධයන් සේ ඔවුන් එක හඬින් ප්‍රතික්ෂෙප කිරීමටත්, බුද්ධ නීති අනුව ජාතියේ ආරක්ෂාව සොයා ගැනීමටත්, ජාති ආගම් මාමක සංවිධාන 23 වටා එක්සත් වීමටත් පරයන් නිසා මූලික මිනිස් අයිතීන් පවා අහිමිකරගනිමින් සිටින සිංහල බොදු ජනතාව ගොඩ ගැනීමටත් සියල්ලෝ සිතට ගනිත්වා! සිව්වනක් පිරිසගේ ප්‍රතිපත්ති පූජා අනුහසින් පන්දහසට දස දහසක් කල් මේ පින්බිමේ පිරිසිඳු බුදු සසුන පිහිටාවා!


lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,890 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ