ධර්ම නිධාන

ඇත්තටම ලොව හා අනන්ත විශ්වය, අපිට මේ පෙනෙන තරම්ම සංකීර්ණද?

Posted on: ජූනි 30, 2011

Click here to Read Full screen or Download this Sinhala article in PDF format

ලොව හා  අනන්ත විශ්වය

විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න

මෙය බෞද්ධ ආගමිකව සොයා බැලීමට පෙර විද්‍යාව ලෙස අපි හඳුන්වන දෙය තුලින් යම් විග්‍රහයක් කර බලමු.

පරමාණුක වාදය සොයා ගැනීම්ට පදනම් වූයේ ලෝකය නිර්මාණය වී ඇති කුඩාම දෙය කුමක්ද යන මිනිසාගේ ස්වභාවික කුතුහලයයි. ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ භෞතික වාදියො පරීක්ෂණ, නිරීක්ෂණ හා නිගමන හරහා නොයෙකුත් මතවාද ගොඩ නගා ගත්හ. මෙසේ විද්‍යාව හරහා සොයා ගත් සියල්ල හුදෙක් වාදයන්ම ලෙස පමණක් පිළිගැනීමට හේතුව කිසිවෙකුටත් එවා එසේම පමණයි යන්න ප්‍රත්‍යක්ෂ ලෙස කීමට ඇති නොහැකියාවයි. උදාහරණයක් ලෙස, පරමාණුක වාදය, අදටත් වාදයක්ම මිස පරමාණුක සත්‍ය ලෙස පිළිනොගනී. එය හෙට කරනා විප්ලවීය විද්‍යාත්මක සොයා ගැනීමකින් සම්පූර්ණයෙන්ම කණපිට හැරවීයාමට පවා ඉඩ කඩ ඇති එක්තරා පිළිගැනීමක් පමණි.

අද ලෝකය භෞතික වාදීන්ගෙන් ගහන තැනක් නිසා, අපි මොහොතකට ඔවුන්ගේ ඇසින් ලොව දෙස බලමු. පරමාණුක වාදයට අනුව යමක් ගොඩ නැගී ඇති කුඩාම ඒකකය පරමාණුව ලෙස පිළිගැනේ. එහි න්‍යෂ්ඨියේ නියුට්‍රෝන හා ප්‍රෝටෝන ඇති අතර, වලාවන් ලෙස පවතින කක්ෂ වල ඉලෙක්ට්‍රෝන චලනය වෙමින් පවතී. පරමාණු විවිධ රටා වලට එක්වීමෙන් අණු උපදී, අණු වලින් නොයෙකුත් සංයෝග ගොඩ නැගේ. නොයෙකුත් සංයෝග මිශ්‍ර වෙමින් භෞතික වස්තු ගොඩ නැගේ. මේ අනුව ඕනෑම පණ නැති ද්‍රව්‍යයක් සැලකූ විට එය පරමාණු සමූහයකින් ගොඩ නැගී ඇති බව පැහැදිළි වේ.

ඕනෑම පණ ඇති සත්වයෙක්ගේ ශරීරය සලකා බැලූවද එම සත්වයාගේ ගොඩ නැගීම කැල්සියම්, ප්‍රෝටීන් ආදී රසායනික සංයෝග රාශියක එකතුවක් බව පැහැදිළිය. එනම් එම සංයෝග නොයෙකුත් අණු බවත්, කුඩාම ඒකක ලෙස පරමාණු දක්වා යා හැකි බවත් තේරුම් ගත හැක. මේ අනුව ව්ද්‍යාව හිස මුදුනේ තබා පුදන්නාටත් එකඟ විය හැකි සත්‍ය වන්නේ, මේ ලෝකයේ පණ ඇති, පණ නැති සියළු භෞතික දේවල් හුදෙක් පරමාණු සමූහයක් පමණයි යන්නයි. එවිට ලොව පමණක් නොව මුළු විශ්වයම ඉතාම සරල ඒකකයක් මත ගොඩ නැගුනු මායාවක් බව මොනවට පැහැදිළි වේ. මුළු විශ්වයේම සංකීර්ණත්වය, පරමාණුවේ ඇති යම් සංකීර්ණත්වයක්ද?… එයම පමණි.

විද්‍යාව කොතරම් දියුණු වුවත්, කොතරම් බාහිර උපකරණ උපකාරයට ගත්තත්. අපට පෙනීම ලබා දෙන ඇස මගින් කරන නිරීක්ෂණ මත පමණක් ඊනියා විද්‍යාත්මක නිගමන වලට එළඹේ. සත්ව වර්ගයාටම පොදු යම් දුර්වලතාවක් ඇසේ ඇත්නම් එය කෙලින්ම නිගමන වලට බලපාන බව අමුතුවෙන් කිව යුතු නොවේ. විද්‍යාව කෙතරම් දියුණු වුවත්, හිත යන දෙය මෙසේ ඇසට හසුවීමෙන් වළකින එක් ධර්මතාවක් පමණි. අඳුරේ අතගාන අන්ධයෙක් මෙන්, උඩු හිත,යටි හිත ආදී අතිශය බොළඳ, කිසි සේත් අපගේ අත්දැකීම් හා එකඟ නොවන විකාර මතවාද හැරුනු කොට හිත ගැන කිසිම පිළිගත හැකි විග්‍රහයක් කිරීමට අදටත් විද්‍යාව අපොහොසත් වීමට හේතුවත් මෙයම පමණි.

මිනිස් අපට උපතින් හිමි වන්නේ ඉහත පැහැදිළි කල ආකාර ඉතා පටු සීමාවන්ගෙන් යුත් මෙම රූප දකින ඇස් 2 පමණක් නොවේ.  කලාතුරකින් අයෙක් හැරුණ විට නියම බලය කුමක්දැයි සිතා ගැනීමටවත් නොහැකි. දෘෂ්ඨි පරාසයේ නිම් හිම් නැති තම තමා විසින් කඩ තුරා ඉවත් කර ගැනීමෙන් පමණක් ප්‍රයෝජනයට ගත හැකි අති බල සම්පන්න තවත් ඇසක් සහිතවයි. එම ඇසට මන+ඇස හෙවත් මනස යන කෙටි නම භාවිත කරයි. ලොවේ මෙතෙක් විසූ කිසිදු විද්‍යාඥයෙක් මෙම රූප දකින ඇස් 2 හි පරාසය ඉක්මවන සේ එම ඇස භාවිත කල බවට කිසිම සාධකයක් නැත. භෞතික සොයා ගැනීම්ම පමණක් මිස කිසිදු අධ්‍යාත්මික සොයා ගැනීමක් විද්‍යාඥයන්ට කරගත නොහැකි වී ඇත්තේ මේ නිසාය. මරණය නම් කිසිවෙකුටත් වැළකිය නොහැකි සේ මුහුණදිය යුතු ලෙඩට බෙහෙත කුමක්දැයි කිසිවෙකුටත් සොයා ගත නොහැක්කේ මේ නිසාය. කොහොම නමුත් විද්‍යාව නම් හරිම දියුණු බව කාගෙ කාගෙත් පිළි ගැනීමයි.

හිත දැක ගැනීමට යමෙක්ට අවැසි නම් එයට ඇති ඇසත් හිතම පමණි. එය තමාට තේරුම් ගැනීමට පමණක් නොව අන් අයෙක්ටත් කිසිදු අඩු පාඩුවක්, නොගැලපීමක් නොමැතිව පැහැදිළි කර දීමට අවැසි නම් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පමණ වත් සමතිස් පෙරුම් පුරමින් මනස තියුණු කල යුතුය. කොටින් කියන්නේ නම් සම්මා සම්බුද්ධත්වයට පත් විය යුතුය. පිරිසිඳු ගෞතම බුදු සසුනේ පහස ලබන බෞද්ධ අපි, එම ලොව්තුරා බුදු පියාණන්ගේ ශ්‍රාවකයන් වීමේ ආනුභාවය නිසා, එතරම් කලක් භවයෙන් භවය දුක් විඳිමින් එම අති බලගතු ඇස අවදි කරගැනීමට වෙහෙස විය යුතු නොවේ. මහා කාරුණිකයාණන් වහන්සේ විසින් කිසිදු අඩු පාඩුවක් නැතිව, ලොවේ මෙතෙක් පහල වූ කිසිදු විද්‍යාඥයෙක්ට යන්තමින් හෝ හෙළි කර ගත නොහැකි වූ එම සිත පිළිබඳ සියළු රහසුත්, පරමාණුක වාදය මෙන් අවිනිශ්චිත නොවී, පරම සත්‍ය ලෙස මේ මුළු භෞතික විශ්වයත් කිසිදු අඩු පාඩුවක් නොමැතිව සිය අනන්ත ඥාණ බල මහිමයන්ගේන් ප්‍රත්‍යක්ෂ ලෙස දැක දැන වදාරා තිබේ.

එබැවින් අන්ධයා ඇතා අත පත ගා කුමක්දැයි සිතාගත් සේ මේ භෞතික ලෝකය වත්, සිත වත් කුමක්දැයි තවත් අපි වැනිම අන්ධයන්ගෙන් අසා මුළා නොවිය යුතුය. අති ඝාම්භීර වූ අභිධර්මය ඔස්සේ මේ සියල්ල බුදු පියාණන් දෙසූ ලෙසම අවබෝධ කර ගැනීමට උත්සාහ කල යුතුය.

ඉතා සරලව පටන් ගන්නේ නම්. මේ ලොවෙහි පමණක් නොව අනන්ත විශ්වයේම පරමාර්ථ ධර්ම හෙවත් සත්‍ය ලෙසම පවතින දේවල් ඇත්තෙ තුනක් පමණි. එය මෙම පළමු වර්ග කිරීම යටතේ නම් කිසිසේත් සංකීර්ණ නොවේ.
1. නාම (සිත හා එයට අදාල සියළු දේ)
2. රූප (පණ ඇති පණ නැති සියළු භෞතික දේ)
3. නිර්වාණය

විද්‍යාවෙන් කිසිදු හසරක් නැති ඉහත පළමුවැන්න ක්‍රමයෙන් ඇතුලට සොයා ගිය විට චිත්ත, චෛතසික ලෙස තවත් විස්තරාත්මක බෙදීම් 2ක් ලැබේ එවිට සියල්ල 4 කි
1. චිත්ත (සිත 1)
2. චෛතසික (  සිත හා ඇමිණෙන විවිධ චෛතසික 52 කි ))
3. රූප (පණ ඇති පණ නැති සියළු භෞතික දේ)
4. නිබ්බාන (1)

විද්‍යාවේදී එකම පරමාණුවකට ලඝු කරන ලද රූප ලෙස මෙහි ඇති අංක 3. සත්‍ය ලෙසම එකිනෙකට ඉතා පැහැදිළිව වෙන්කොට දැක්විය හැකි වෙනස් රූප 28 කි.එය අපි කවුරුත් අසා ඇති භූත රූප 4 වන පඨවි, ආපෝ, තේජෝ, වායෝ  හා අමතරව උපදා රූප ලෙස හැන්දින්වෙන තවත් රූප 24 කි. එවිට වර්ග කිරීම් 4 එහි සියළු අනු කොටස් සමඟ පහත දැක්වේ.
1. චිත්ත (සිත 1)
2. චෛතසික (  සිත හා ඇමිණෙන විවිධ චෛතසික 52 කි  = දෙපනස් චෛතසික )
3. රූප (පැහැදිළිව වෙන්කොට දැක්විය හැකි වෙනස් රූප 28 කි = විසිඅට රූපය.)
4. නිබ්බාන (1)

දැන් ඉහත සියළු සංඛ්‍යා එකතු කර බලන්න (1+52+28+1 = 82). ලොවේ පරමාර්ථ ධර්ම ලෙස සත්‍ය ලෙසම ඇති දේවල් සංඛ්‍යාව 82 ක් බව ඔබට පෙනී යනු ඇත. හොඳින් සිහි තබා ගන්න, මුළු විද්‍යාවම පදනම් වී ඇති අපි මේ රූප දකින ඇස් දෙකට ඝෝචර වන්නේ මෙම මුළු පරමාර්ථ ධර්ම 82 න්ම එකම එක රූපයක් පමණි. එයට විසිඅට රූපය යටතේ ඇති වර්ණ රූපය කියා කියනු ලැබේ. බලන්න අපි රූප දකින ඇසේ දුර්වලතාවය හා නවීන විද්‍යාවේ පදනමේ සිමා මායිම. එය එසේ වුවද, අප ඔබට පෙන්වා දුන් ඔබ තුලමත් අඩුපාඩුවක් නොමැතිව ඇති අති බලසම්පන්න අමතර ඇස හෙවත් මනස ට මෙම ධර්ම 82 දෙකම අඩු නැතිව අරමුණු වන බව ඔබ දන්නවාද?. එය එසේම බව නොවරදින, සර්වඥ වූ බුදු වදනයි.

අති ඝාම්භීර අභිධර්මයේ පළමු පාඩම මෙයයි. නැවත නැවත සිහි කරමින්, මෙම පරමාර්ථ ධර්ම 82 කිනම් වර්ග කිරීම යටතේ ඇතිදැයි ලෙහෙසියෙන් සිහි කරගැනීමට හැකි වනසේ පුහුණු වන්න. එය අප දක්වා ඇති පිළිවෙලටම ඔබගේ මනස හෙවත් අපි පෙන්වාදුන් බල සම්පන්න ඇසින් බලමින් ක්‍රමයෙන් වර්ධනය වූ අයුරු මෙනෙහි කරන්නේ නම් ඔබට මේ සියල්ල මතක තබා ගැනීමට කිසිදු අපහසුවක් නොමැති වනු ඇත.

Advertisements

7 Responses to "ඇත්තටම ලොව හා අනන්ත විශ්වය, අපිට මේ පෙනෙන තරම්ම සංකීර්ණද?"

මා විද්‍යාව අදහන්නෙක් වුනත්, බුදු දහමේ සත්‍යතාවය හොඳින් දන්නා පුද්ගලයෙක්. මා මෙහි කියන දේවලට 100% ක්ම එකඟයි…
ඇත්තෙන්ම හොඳ ලිපියක්.

“අනමතග්ගෝයංභීක්ඛවේ සංසාරෝ පුබ්බාකෝටි න පඤ්ඤායති ”
මහණෙනි, මාගේ බුදු නෙතටත් පේන්නෑ මේ සත්වයා සංසාරෙ වැටුනේ කවදද කියලා. එසේ නම් අප කොච්චර මෙම සංසාරයේදි ඉපිද ඉපිද මැරි මැරී ගමන් කරන්න ඇත්ද? කොච්චර නම් සතර අපාය මහගෙදර කරගෙන ඉන්න ඇත්ද?

මහණෙනි ඔබ මේ සංසාරයේ බිවු මවු කිරි මේ සප්ත මහා සාගරයේ ජාල ප්‍රමාණයට වඩා වැඩියි ! එම නිසා මේ පිළිබද තවත් නොවිමසන්න, සන්සාරයහි අපි ලෝකවල ඉපදී ඉපදී මරෙන්නෙමු, අප ජීවිත කාලයෙන් 75% ඉදුරන් පිනවීම කරන්නෙමු, මෙයින් මිදීමට යම් සමතෙක්ට හැකි වේද, ඔහු සංසාරයෙන් එතෙරට යයි. නැවත නොඉපදෙනු ඇත !

මහා වීර්යයක් දරා මේ සියලු ලෝක ජය ගෙන… එතෙරට පැමිණීමේ ඇති වෙච්ච ඉමහත් ජයග්‍රාහී සතුට නිසා…

“කාමේසු විනෙය්‍ය ගේධං, නහි ජාතු ගබ්බසෙය්‍යං පුනරේතී ති!”
එකොලොස් කාම භූමි නැසුවෙමි! නැවත කිසිම ගර්භයක උප්පත්ති වශයෙන් නොපැමිනෙමි!!!

සිහ නාද කලා ලු නේ අපේ බුදුන්………..

සාධු !! සාධු !! සාධු !!

මෙවන් ලිපියක් කියවිමට ලබා දිම ගැන පින්

මට කියල දෙන්න පුලුවන්ද…. සමථයෙන් ලබනා ධ්‍යාන ශක්තියයි .. යෝගාභ්‍යාස වලින් ලබා ගත හැකි කුණ්ඩලීනී ශක්තියයි එකක්ද දෙකක්ද කියල

ධ්‍යාන 5 හා ඒවායින් කල හැකි ප්‍රාතිහාර්ය පිළිබඳ දළ අදහසක් අපගේ ධර්ම පත්‍රිකාවක අඩංගු වේ. කුණඩළිනී ශක්තිය යනු හින්දු යෝගීන් විසින් විශ්වාස කරන යම් ශක්තියකි. එය හා ධ්‍යාන අතර සම්බන්ධයක් අපි අසා නැත්තෙමු. කෙසේ වුවත් තේරුම් ගත යුතු වටිනාම දේ නම් ධ්‍යාන හා මාර්ගඵල යනු දෙකක් බවයි. ධ්‍යාන නොලැබූ මාර්ගඵල ලාභීන් සිටිය හැක, මෙසේ අරහත් උතුමන් පවා සිටිය හැක. ධ්‍යාන ඒවා ලබාගත් ජීවිතයට හා උපරිම වශයෙන් ඊලඟ භවයට පමණක් පවතී. මාර්ග ඵල මුළු සසරටම ලබා ගතයුත්තේ එක්වර බැගිනි. වටිනාකම කිරා බලන්න. වටිනාම දේ පමණක් ගැන වෙහෙස වී සොයා බලන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 583 other followers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර භික්ෂුවකගේ සතරවිධ පරිභෝග මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි ව්‍යාපාද කර්ම පථය විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුඛ-දුක විඳීම අනුව ස්ථාන සතර සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
ධර්මචාරී පිරිස on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Ramalie on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
kalum on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Dinuka Jayasinghe Ar… on දිගටම වඳ වෙමුද? එකම විසඳුමට සහ…
Ramalie on මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය…
Amila Chathuranga (@… on මේ අර්ථයෙන් බැලූ කල, වැළිකෙළිය…
nawadakmakapelahara on සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා…
ජයන්ත චන්ද්‍රසිරි කල… on බුදු සසුනේ පිහිටක් අවැසි නම්,…
ජයන්ත චන්ද්‍රසිරි කල… on සකස්කොට දන්දීමේ පිනෙන් උපන්, ජ…
ධර්මචාරී පිරිස on බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා…
Samantha on බොදුනුවාගේ මුදුන්මල්කඩ වන දළදා…
බොදුනුවාගේ මුදුන්මල්… on දුර්දාන්ත ඉස්ලාම් යක්ෂයා විසින…
Niranjan Karunathila… on අනේ අපෙ හාමුදුරුවනේ මේ ටික ලෝක…

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අස්‌ගිරි මහ නාහිමි පූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා බොදුබල සේනා පූජණීය හිමිවරු මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල රට දැය සමය කෙරේ හැඟීමක් නැති හිමිවරු වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 276,495 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ

%d bloggers like this: