ධර්ම නිධාන

1 පියවර – බෞද්ධයෙක් දවස පටන් ගත යුත්තේ කෙසේද?

Posted on: ජනවාරි 14, 2011

Click here to Read(Full screen)/Download this Sinhala article in PDF format

තමා ලබා ගත් අති දුර්ලභ වූ මනුෂ්‍ය භවයෙන් උපරිම ඵල නෙලීමට වාසනාව ඇත්තා ලෙස බෞද්ධයා සඳහන් කල හැක. එනම් නැවත ඉපදීම වැලැක්වීම තුලින් පමණක් ලඟා කර ගත හැකි,   අසංඛත වූ (හේතු ප්‍රත්‍යයන්ගෙන් හට නොගත් ), කිසිදින ගෙවී අවසන් නොවන, අනන්ත ලෙස ප්‍රණීත වූ නිර්වාණයට පිවිසෙන දොරටුව බෞද්ධයාට පමණක් අදාල දෙයක් නිසයි.

දිනයක් සුබ දිනයක් වීමට නම් අනිවාර්යයෙන්ම එම දිනය පින්කමකින් ඇරඹිය යුතුයි. බාහිර ලෝකයේ කිසිදු වස්තුවකට අපගේ දිනය සුබ කල හැකි යයි විශ්වාස කිරීම බෞද්ධයෙක්ට කිසි සේත් තරම් නොවන, ලැජ්ජා විය යුතු මිථ්‍යාදෘෂ්ඨියකි.

නිවනේ අගය වටහා ගත් බෞද්ධයා නම් එම දිනය සුභ කර ගැනීමේ පින්කම නිවන් පතාම කර ගනී. කෙටි දුර පමණක් දකින, ගෙවෙන සැපයට කැමති අයෙක් සිටී නම් එම පින්කම අදාල සැපය ලබා දෙන්නේ හේතු ඵල වාදයට අනුකූලවයි. එබැවින් කුමණ අරමුණකින් කලත් කුසලය තමාට සිටිනවාට වඩා සැපක් මිස කිසිදු පාඩුවක් නොකරයි.

අපි දැන් අපගේ උතුම්ම ලාභය, එනම් නිවන් වෙනුවෙන් කිරීමට සුදුසුම පින්කම කුමක්දැයි බලමු. නිවන් පතන්නා විසින් මුලින්ම දැනගත යුතු වන්නේ නිවන් මග අහුරන යම් තාක් බාධක ඇත්නම් එවායි. එම බාධක වලට පිළියම් නොකර කොතරම් වෙහෙස වූවත් නිවන් නම් ලබා ගත නොහැකි නිසයි.

මෙම නිවන් වළකන ධර්ම 5 ක් ධර්මයේ සඳහන් වේ. පංච විධ අන්තරාව ලෙස හදුන්වන එයින් සමහරක් පිළියම් කළ හැකි ඒවා වේ. තවත් සමහරක් පිළියම් කළ නොහැකි ඒවා වන අතර මෙම දෙවන ඝනයේ ඒවාට හසු වූයේ නම් ඔබට මේ භවයේදී කිසි විට මාර්ග ඵලයක් ලැබිය හැකි නොවේ. එනම් නිවන් දැකිය හැකි නොවේ. මෙම අන්තරා වලින් ඕනෑම අයෙක් පහසුවෙන්ම හසුවන, නමුත් අපගේ වාසනාවට පිළියම් කළ හැකි ඝනයේ එක් අන්තරාවක් නම් උපවාද අන්තරාවයි. මෙය ආර්යෝපවාද කර්මය ලෙසද හැදින්වේ. බුදු වරයෙකුට හෝ පසේ බුදු වරයෙකුට හෝ ආර්ය වූ (එනම් සෝවාන් සිට ඉහළ මාර්ග ඵල ඕනෑම එකකට පත්) ස්වාමීන් වහන්සේ උතුමෙකුට හෝ ගිහි උතුමෙකුට ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීමයි. මෙහිදී මතක තබා ගත යුත්තේ තමාට සෝවාන් හෝ ඉහල ඵලයක් ඇතැයි කියන්නා හෝ පැහැදිලිව අඟවන්නා කිසිවිට කිසිම මාර්ග ඵලයක් ඇත්තෙක් වීමට ධර්මයට අනුව කිසිම ඉඩක් නැති වීමයි (එය ඔබටම අනෙක් අන්තරා හරහා වැටහේවි ). එවන් පුද්ගලයෙක්ට ද්වේෂ සහගත සිතින් ගර්හා කිරීම තුලින් මෙම අන්තරාව සිදු නොවන්නේ ඔවුන් ඇත්තටම ආර්ය නොවන නිසායි. නමුත් ද්වේෂ සහගත ගර්හාව පරුෂ වචන අකුසල කර්ම පථය පමණක් සිදු කරයි.

මෙය අපිට කියන්නට සිදු වී ඇත්තේ අද දින විෂම සමාජයේ පවට බිය නැතිවීම නිසා එවන් ගිහි පැවිදි දෙපක්ෂයම සිටින නිසාත්, ධර්මය ඔවුන්ගෙන් බේරා ගැනීමට උනන්දු වන්නෝ මේ හේතුව නිසා නිකරුනේ බිය විය හැකි නිසාත්, ධර්මය වනසන්නෝ එයම ආයුධයක් කර ගත හැකි නිසාත්ය. මෙම කුමන පුද්ගලයෙක්  සම්බන්ධව හෝ මෙත් සිතින් විවේචනය,  ධර්මය නොදත් අන් අය ඔවුන්ගෙන් බේරා ගැනීමටත්, ධර්මයේ චිර ස්ථිතියත් වෙනුවෙන් කළ හැකි නම් එය ඒකාන්තයෙන්ම කුසලයක් වන්නේ එහිදී බල පැවැත්වෙන කුසළ චේතයනාවම කර්මය වන නිසයි (චේතනා හං භික්ඛවේ කම්මං වදාමි – බුදු පියාණන් වහන්සේ ). මෙත් සිත ද්වේෂයට විරුද්ධව පරුෂ වචනයටද ඉඩ අහුරන බැවින්, කිසිම අකුසල් කර්ම පථයක්ද සිදු නොවේ. පිරිසිඳු තථාගත සද්ධර්මයට අද දින අත්‍යවශ්‍ය ශ්‍රාවක ආරක්ෂාවද ලැබේ. සුවාසු දහසක් (84000) ධර්ම ස්කන්ධයද යම් යම් අයගේ අවශ්‍යතාවන්ට 18000 ක් දක්වා ක්ෂණිකව අඩු නොවී පවතීවි.
බුද්ධ දේශිත දුක නිපාතයේ පහත දේශනය ඇතුලත් වේ.

 දුක නිපාතය

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

ඒ අනුව ත්‍රිපිටකයේ වැදගත්ම කොටස් (අභිධර්මය, විනය ආදී )  ප්‍රතික්ෂේප කරමින්, එතුලින් ශ්‍රාවකයන්ට නොදැනෙන සේ බුදුන්ට ආකෝෂ කරමින් (මෙය ආර්යෝපවාද කර්මය වේ) යම් භික්ෂුවක් හෝ භික්ෂු සමූහයක් ක්‍රියා කරයි නම් ඔවුන් කිසිවිටෙකත් මාර්ග ඵල නොලබන්නෝ වෙති. බෞද්ධයෝ මෙවන් අය ගැන බොහෝ අවධානයෙන් සිටිය යුතු වන්නේ ඔවුන්ගේ අනුශාසනා තමන්ටත් අනර්ථයක්ම කිරීමට විශාල අනතුරක් ඇති හෙයිනි.

දැන් අපි නැවතත් අප දැන හෝ නොදැන අපගෙන් සිදුවූ උපවාද අන්තරාවක් ඇත්නම් එයට කළ යුතු පිළියම කුමක් දැයි බලමු. එම පිළියමෙන්ම අපි දිනය පටන් ගත්තේ නම්, එය අපගේ දිනය සුභ දිනයක් බවට ඉබේම පත් කරන්නේ අපි මාර්ග ඵල වලකන එක් අන්තරාවකට ධර්මානුකූල, පිරිසිඳු පිළියමක් යෙදීම නිසයි. එම දිනය අනන්ත වූ අපගේ අනාගත සංසාරය යටත් පිරිසෙන් භව 7 ක් දක්වා කපා හරින තත්වය වන සෝවාන් මාර්ග ඵලය තෙක් ලඟා වීමට වෙන කිසිම දිනකට වඩා එක් පඩියක් හෝ ඉහලින් සිටින නිසාය.

පහත සුමිහිරි සජ්ඣායනාව ඔබට කිසිවිට අමුතු දෙයක් නොවේ. ගරු පූජනීය තෙලිකඩ ධම්මිස්සර ස්වාමිපාණන් වහන්සේ ගේ සිත් බඳින තාලයට සිංහලතේරුමත් සමග ඇති මෙය, ආයාසයෙන් තොරව ඔබට සිහි තිබේවි!

Rathnathraya Sama kara Ganeema by Ve. Thelikada Dhammissara Nahimi.mp3

නොවරදවා සෑම දිනකම ආරම්භයේදී සිතින් කියවා දවස සුභ කර ගන්න.

අනිකුත් අන්තරා පිළිබඳ විස්තර ඉදිරියේදී.

රත්නත්‍රයේ අසම සම බලයෙන් ඔබ රැකේවා!

 

2 පියවර>>

11 Responses to "1 පියවර – බෞද්ධයෙක් දවස පටන් ගත යුත්තේ කෙසේද?"

[…] ලෙස හදුන්වන එයින් උපවාද අන්තරාව අපගේ කලින් ලිපියේ විස්තර කලෙමු. සියලු දෙනාගේ දැන ගැනීම […]

[…] ලෙස හදුන්වන එයින් උපවාද අන්තරාව අපගේ කලින් ලිපියේ විස්තර කලෙමු. සියලු දෙනාගේ දැන ගැනීම […]

උපවාද අන්තරාවට මේ අයුරින් පිළියම් කිරීම ගැන ත්‍රිපිටකයේ කොයි තැන් වලින් වැඩිදුරටත් හොයගන්න පුලුවන්ද?

පින්වත, අපගේ ලිපියේ ඔබ අසා ඇති, “උපවාද අන්තරාව” ට අදාල සම්පූර්ණ ඡේදය උපුටා ගන්නා ලද්දේ, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මාහිම් සම්පාදිත අතිශය රසවත් “විදර්ශනා භාවනා ක්‍රමය” නම් පොත් වහන්සේගේ (18 වන මුද්‍රණය ) පිටු අංක 32 සිට 34 දක්වා ඇති මාර්ගාධිගමයට අන්තරායික ධර්ම විස්තරයෙනි. ඔබ සොයන කරුණු එහි ඇති දැයි බලන්න.

ඔබට තෙරුවන් සරණයි!

මේකයි, සමහර අය අතර මෙහෙම වැටහීමක් තියෙනවා තමන් අතින් එදිනෙදා සිද්ද වෙන වැරදිවලට රත්නත්‍රයෙන් සමාව ඉල්ලුවාම දෙනවයි කියලා,
සඳහන් කරපු පොතේ තියෙන විදිහට ආර්යෝපවාද කර්මයක් ක්ෂමා කරගන්න ආර්ය පුද්ගලයාගෙන්, ඔහු හෝ ඇය සිටින දිශාවට, සොහොනට වැඳලා හරි සිහිපත් කරලා හරි කමා කරගන්න පුලුවන්,
බුදුරජාණන් වහන්සේ ජීවත්ව හිටි කාලයේ වුණ මේ වගේ සිද්දි ගැන උදාහරණ කීපයක් හෝ දැනගත්තොත් අවබෝධ කරගැනීම ලේසියි,

හොයාත්ත විදිහට මේ පිටු ටික,


මේ පිටු අතරින් නම් ත්‍රිපිටකයට යොමු කරල තියෙන බවක් දැක්කේ නෑ,
ක්ෂමා කරවා ගැනීම පැහැදිලි කරගන්න හොඳම ක්‍රමය ත්‍රිපිටකයේ උදාහරණ ඇසුරෙන් බව හිතුන නිසයි කලින් ප්‍රශ්නය ඇහුවේ..

[…] වීමට නම් දවස ඇරඹිය යුත්තේ කෙසේදැයි පියවර 1  සිට ලිපි මාලාවක් අපි ඉදිරිපත් කලෙමු. […]

මේ ධර්ම දානයේ පින් බලයෙන් ඔබ සැම ප්‍රාර්තනා කරන උත්තම ඵලයකින් අමා මහා නිවනින් සැනසීමට හකි වේවා!

මට ඔබේ අවසරය අවශ්යයි මෙහි තිබෙන සමහරක් ලිපි ලඟ තබා ගැනීමට පෞද්ගලික පරිභෝජනය සඳහා… සහ,
මෙහි තිබෙන සමහර පිරිත් බාගත කර ලඟ තබා ගැනීමට..
මා හට ඔබෙන් නාසා එය කල හැකියි නමුත් මම පන්සිල් එලෙසම ආරක්ශා කරන කෙනෙක් විදිහට ඔබෙන් නාසා එය කලහොත් වක්‍රාකාරව අදින්නාදානයට හසුවන බව හිතුන නිසයි ඇසුවේ…

සාධු! සාධු!! සාධු!!!…බුදු පියාණන්ගෙ දහමට බුද්ධිමය දේපල අයිතිවාසිකම් කීමට ශ්‍රාවක අපිට හැකියාවක් හෝ සුදුසුකමක් නැත. ශාසන ප්‍රතිපත්ති පිරීමට මෙහි ඇති සියළු දේ සුදුසු ඕනෑම ආකාරයකින් භාවිත කිරීමට සියලු බුද්ධ ශ්‍රාවකයින්ට ශුද්ධ වූ අයිතියක් ඇත. එය හුදෙක් අමා මෑණී බුදු පියාණන් සරණ යෑමේ කුසල් විපාක බලය සේ සලකන්න. මෙම අඩවියේ අරමුණත් දහම හැකි තරම් පැතිරීමයි. ඔබගේම කුසල් ශක්තිය දියුණු කර ගැනීමත් සලකා හැකි තරම් බෙදා හරින්න උපරිම ප්‍රයෝජන ගන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 651,817 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ