ධර්ම නිධාන

සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා – බද්දේගම සමිත හිමි

Posted on: ජූලි 8, 2015

ලක් ඉතිහාසයේ ප්‍රථම වරට භික්ෂු සංහතියටම මහා කළු පැල්ලමක් සසුනේ තවත් කඳ පණුවෙක් විසින් එක් කරන ලදි. ඒ පොළොව කම්පා වන තරමේ හද ගැස්මක් බොදුනුවෙකුට ඇතිකරවිය හැකි මේ පුවත නිසාය.

news-2007-12-images-newsbishop_and_priest

 

සිවුරු හැර අලුගෝසු වැඩේ කරන්න සමිත හිමි සූදානම්

ගාල්ල – ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි

යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණය කොට ඝාතනය කරනු ලැබූ පාසල් සිසුවියගේ ඝාතකයන්ට අධිකරණය මගින් මරණ දඬුවම් ලබාදුනහොත් සිවුරු හැරලා අළුගෝසුවා කාර්ය කිරීමට තමන් සූදානම් බැව් දකුණු පළාත් සභාවේ සන්ධානයේ මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් ඊයේ (07 දා) දකුණු පළාත් සභා රැස්‌වීමේදී පැවසූහ.

පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්‌වෙමින් සමිත හිමියෝ මෙසේ ද පැවසූහ.

දරුවන් වෙනුවෙන් මා අළුගෝසුවාගේ කාර්ය භාරය කරලා හිත හදාගෙන සිවුරු හැරලා වනගත වෙලා භාවනා කරනවා. මා භික්‍ෂුවක්‌. කාටවත් වෛර කරන්නේ නැහැ. අපේ රටේ එල්ලුම්ගහ දැන් ක්‍රියාත්මක වන්නේ නැහැ. එල්ලුම් ගහට අළුගෝසුවන් තෝරාගත්තත් ඔවුන් රාජකාරිය කරන්න කැමැති නැහැ. ඉවත්වෙලා යනවා. නමුත් යාපනයේ කයිට්‌ස්‌ දූපත්වලදී සමූහ දූෂණයට ලක්‌කොට ඝාතනය කරනු ලැබූ වින්ද්‍යා දැරියගේ ඝාතකයන්ට අධිකරණයෙන් මරණ දඬුවම නියම වුවහොත් දරුවන්ගේ නාමයෙන් මා අළුගෝසුවාගේ කාර්ය කරනවා.

අධිකරණයෙන් ඒ තීන්දුව ලැබුණහොත් සහතික වශයෙන්ම මා ඒ කාර්ය කරනවා. ඒ සඳහා මට අවසර ලබාදෙන්න. ඊට පස්‌සේ මගේ ජීවිතය නැති වුවත් කමක්‌ නැහැ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යාපනයට ගිහිල්ලා එම දැරියගේ ඥතීන්ට ප්‍රකාශ කළා විශේෂ අධිකරණයක්‌ මගින් මේ නඩුව අහනවා කියලා. ඒ ගැන ජනාධිපතිතුමාට ප්‍රශංසා කරනවා යෑයි ද සමිත හිමියෝ පැවසූහ.

සභාපති කේ. ඒ. සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් දකුණු පළාත් සභා රැස්‌වීම ගාල්ල කලේගානේ පිහිටි පළාත් සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

http://www.divaina.com/2015/07/08/news22.html

කාටවත් වෛර නොකරන බව පවසන මෙහිමිනම අළුගෝසු වැඩය කිරීමට යෑම සහමුලින් පරස්පර තත්වයකි. කිසිදා ගැලපිය නොහැකි, ප්‍රතිවිරුද්ධ අන්ත දෙකක් සමානයි කීම වැනි සහගහන මුසාවකි. ඒ කෙසේදැයි අප අභිධර්මානුකූලව විමසා බලමු.

බුදු සසුනේ සිව්වනක් පිරිසට නිවන් කරා යන ගමනේ නැතිවම බැරි කුසල චෛතිසිකයකි “සම්මා කම්මන්ත”. මෙය අප විසින් කලින් ලිපියකින් පැහැදිළි කල පරමාර්ථ ධර්ම 82න් විශාලම කොටස වන  දෙපණස් චෛතිසික නිරූපන තුල බොදු අපිට වැදගත්ම එකකි.

මිනිසෙක්ට කල හැකි  පව්කාර කම් දහයක් ඇත. සිතෙන් පව්කම් තුනක්, කයින් පව්කම් තුනක් හා වචනයෙන් පව්කම් හතරක් ලෙසිනි . මෙයින් කයින් කරන පව්කම් 3 : සතුන් මැරීම (අළුගෝසු කම ඇතුළුව )- සොරකම් කිරීම – පරදාර සේවනය යන තුනයි. එය වැලකීමේ බලය ඇති චෛතිසිකය “සම්මා කම්මන්ත” නම ඇති අතර, කිසිවිටෙක ඉහත පව්කම් කරන සිතක් හා නොබැඳෙ. කුසල් සිත් වුවද හැම එකේම නැති හෙයින්, උත්සාහයෙන් උපදවාගතයුතු හෙයින් “අසාධාරණ ශෝභන” ලෙසින් වර්ග කර ඇත.

ඉහත පව්කාරකම් 10න් කිසිවක් ඒ ඒ පව්කාරකම් කිරීමේ චේතනා බලයෙන් තොරව ඉටු නොවේ.

උපමාවකින් කියන්නේ නම් මොන තරම් බලසම්පන්න යන්ත්‍රයක් වුවද ඉන්ධන රහිතව ක්‍රියා නොකරනවා මෙනි. බැකෝ යන්ත්‍රයකට “ඉන්ධන” නොමැතිනම් “නියමුවෙක්” ඇතත්, කැලෑ වැනසීම නම් විනාශය කල නොහැක. එබැවින් “ඉන්ධන” ඈත් කර තැබීම විනාශය වැළකීමට උපකාරී වේ. මේ ආකාරයටම “සම්මා කම්මන්ත” තුලින් අපි පව්කාර කම් සමඟ මිශ්‍රවන “චේතනා” ඈත්කර තබා ගන්නේ නම් අපි විසින් පව්කම් (පව්+කර්ම) සිදු නොවේ. එබැවින් එම “චේතනා” බලයට “කර්මය” කියාද කියයි. “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කලේ ඇයිදැයි ඔබට දැන් වැටහෙනවා ඇත.
අප කලින් සඳහන් කල “සම්මා කම්මන්ත” දෙපනස් චෛතිසික වල එකක් වූවා සේම මෙම “චේතනා” යන්න තවත් චෛතිසිකයකි. එබැවින් මේ වනවිට අපි පනස් දෙකක් වන මුළු ප්‍රමාණයෙන් චෛතිසික දෙකක් ගැන සැකෙවින් අප අසා ඇත්තෙමු.

සිත රහිතව අපේ සිරුර දර කඩක් හා සමාන බව මූලික සත්‍යයකි. මියගිය විට මේ බව අපිට දැකිය හැක. සිතක් රහිතව කිසිදු ක්‍රියාවක් සිදුකල නොහැකි වන්නේ සෑම ක්‍රියාවක්ම සිත නම් නියමුවා විසින් කරවන බැවිනි.මෙසේ සිත විසින් අපේ සිරුර නියමුවෙක් මෙන් මෙහෙයවීමේදී, එම සිතේ සහයට ඒ හා ඉපදීමට ඉඩ ඇති සහයකයන් 52ක් ඇත. චෛතිසික කියා කීවේ මේවාටය. තේරුම් ගත යුත්තේ මේ 52කම කිසිදා කිසිම සිතකට එකවර සම්බන්ධ නොවන බවයි. එය පංච නියාම ධර්ම වලින් එකක් වන චිත්ත නියාමයේ මූලික කරුණකි.

බැකෝ උදාහරණය ගත් විට, එහි නියමු අසුනේ සිට ක්‍රියාකරවන්නා “සිත” යයි ගන්න. එහි පාලක පැනලයේ ඇති සංකීර්ණ පාලක යතුරු ලීවර සියල්ල මේ සහායකයින්ගෙන් කොටසක් යැයි සිතන්න. මොනයම් හෝ වැඩක් යන්ත්‍රයෙන් කිරීමට නම් “ඉන්ධන” සහිතව එය පණ ගන්වා තිබිය යුතුය. එය උපමාකල හැක්කේ සර්ව චිත්ත සාධාරණ චෛතිසික 7ටය. චිත්ත නියාමයෙන් සිදුවන මේවා 7න් තොර සිතක් ලොව ජීවත්වන කිසිවෙකුටත් නූපදී. අප විස්තර කිරීමට පෙරම එම සර්ව චිත්ත සාධාරණ චෛතිසික 7න් එකක් ඔබ දැන් ඉන්ධන උපමාව තුලින් හඳුනාගත්තා නොවේද?

ඔබ සැක කල ලෙසම “චේතනා” නම් ඉන්ධන ඉන් එකකි. තවත් තම තමාට නියමිත සහයන් නිරන්තරයෙන් සියළු සිත්වලට ලබාදෙමින් ඒකාන්තයෙන් උපදින චෛතිසික 6ක් ඇත. අතිශය රසවත්, ඔබේ මනස පුළුල් කරවන එම කාරණා පිළිබඳ විස්තර ඔබට , පරම පූජණීය රේනුකානේ චන්දවිමල මාහිමි සම්පාදිත අභිධර්ම මාර්ගය පොතේ 74 සිට 77 දක්වා පිටුවලින් කියවා තේරුම් ගත හැක. මෙහි නොයොදන්නේ මාතෘකාවෙන් පිට නොයාමටය.

චෛතිසික 52න් ඉහත 7 ඉවත් වූ විට 45ක් ඉතිරි වේ. එම 45 ද චිත්ත නියාමයට අනුව එකවර කිසිම සිතකට සම්බන්ධ විය නොහැක. චෛතිසික 52නිරූපන ඔබ බලන්නේ නම් ඉතා පැහැදිළිව ඒවා වර්ග කර ඇත්තේ විවිධ සිත් සමඟ එවා සම්බන්ධවීම/නොවීම අනුවය.

6-Depanas Chaithisika

වඩ වඩා විශාල වීම සඳහා පත්‍රිකාව මත නැවත නැවත Click කරන්න

 

ඒ අනුව ඉතිරි 45න් 25ක්ම ශෝභන රාශිය වන අතර, චිත්ත නියාමයට අනුව ඒවා කුසල් සිත් වෙනුවෙන්ම පමණක් වෙන්වී ඇත. අදෝස හෙවත් අවෛරය= මෛත්‍රිය ද මේ අතර ඇත.

සමිත නම් චීවරධාරියා කිසිවෙකුට වෛර නොකරනවා යයි කියන්නේ ඔහුට මේ අදෝස චෛතිසිකය ඇති බවය. එය කුසල් සිත් වලට පමණක් වෙන් වූ දෙයකි.

කෙසේ වුවත් 45-25 = 20ක් වූ ඉතිරි චෛතිසික විවිධ කාණ්ඩ වලට බෙදෙයි, ඉන් අකුශල රාශියට අයත් 14 ද කිසිවිට කුසල් සිත් හා නොබැඳේ. දෝස හෙවත් වෛරය ද මේ අතර ඇත.

සමිත නම් චීවරධාරියා මොන නිදහසට කාරණාවක් පෙන්වා හෝ අළුගෝසුවා වීමට නම්, ඔහු උපදවාගත යුතු සිතට ප්‍රාණඝාත චේතනාව තිබිය යුතුමය. ප්‍රාණඝාතය සම්පූර්ණ වීමට ඉටුවිය යුතු කාරණා පහ තුල මෙය මනාව පෙන්වා ඇත.

1. පණ ඇති සතකු වීම – විද්‍යා ඝාතනයේ සැකකරුවෝ
2. පණ ඇති සතකු බව දැන ගැනීම – ඔවුන් තවම සිර දඬුවම් ලබන බව
3. මරණු කැමති සිත – සමිතගේ අළුගෝසු චේතනාව
4. මරන්නට උපක්‍රම කිරීම – ජනාධිපති ලවා විශේෂ අධිකරණ තීන්දුව ගෙන සිවුරු හැර අළුගෝසුවා වීම
5. එම උපක්‍රමයෙන් මැරීම – තවම සිදුවී නොමැත

අළුගෝසු චේතනාව ඉපදෙන්නේ අකුසල සිතකම පමණි. විනෝදයට සතෙක් දඩයම් කලත්, අශ්වරේස් ආදිය අතරතුර අබාධ වන අශ්වයින් වෙඩි තබා මැරීමද, අකුසල ප්‍රීතිය නම් ප්‍රකීර්ණක චෛතිසිකයද එක්ව සත්වයාගේ ජීවිතය හා ද්වේෂයෙන්, වෛරයෙන් (දෝස චෛතිසිකයෙන් ) කාරණා සියල්ල සම්පූර්ණ වී අකුසල සිතකින්ම පමණක් සිදුවේ. කිසිවිට අදෝස චෛතිසිකයෙන්=මෛත්‍රියෙන් එය කලා යයි කියන්නේ නම්, බුදු වරයෙක්ට හෝ වෙනස් කල නොහැකි චිත්ත නියාමය තමන් වෙනස් කලා කීවා හා සමානය.
රාමසාන් නම් උපවාසය අවසන් කර තව දින කීපයකින් එලඹෙන ලක් පොලොව අසරණ එළු, කුකුල්, හරක් ආදී සතුන් මිලියන ගණනකගේ රතු ලේ ධාරාවන්ගෙන් තෙත් කරවන දීපව්‍යාප්ත හජ් සත්ව ඝාතනයට ඉස්ලාමිකයන් සතුන් මරන්නේද මේ බොරුව සමාජගත කරමින් බැවින් අපගේ මේ තේරුම් කිරීම කාගේත් ඇස් ඇරවීමට ඉතා ප්‍රයෝජනවත් බව අපි සිතමු.

168000_1426089790512_1780815581_799564_6951928_n1-437x500

හජ් සත්ව ඝාතන පින්කමක් සේ දක්වා හුවමාරු වූ මේ ලිපිය බලන්න

1378525_673112369396250_742066725_n
ඔබත් සාසන හිතකාමී නම් බද්දේගම සමිත වන්, දේශපාලන වාසි සොයමින් සසුන අතුලතින් වනසන කඳ පණුවන් දුටුවිට අසුනෙන් නැගී නොසිටින්න, වන්දනා නොකරන්න, කිසිදු පිරිකරක්, දනක් පිළිගන්වා ඔහුගේ පව් වලට සම්මාදම් නොවන්න. අතුරලියේ රතන, මාදුළුවාවේ සෝභිත ආදී ජාති/ආගම්/දේශ ද්‍රෝහී හිමිවරුන් සේම බද්දේගම සමිත පිළිකුලෙන් බැහැර කිරීමට කල හැකි සියල්ල කරන්න.

විවිධ දේශපාලකයන්ට දේශපාලනය කරන්න එපාය, තවත් අයට ඉඩ දෙන්නය කියමින් නුහුරටම දේශපාලන අනුශාසනා කරන මහ නායක හිමිවරුනි, තම සසුන තුල හිඳිමින් එය වනසන මෙවන් චීවරධාරීන් ගැන ඔබවහන්සේලා කිසිම ශබ්ධයක් නොනගන්නේ දහම කුමක්දැයි නොදන්නා නිසාද? නැතිනම් තමාගේ න්‍යායපත්‍රයට ඔවුන් වැඩ කරන නිසාද? තිස්තුන් කෝටියක් දෙවිවරුනී, ලක්බිම බුදු සසුනට ඔබගේ රැකවරණය පමණි.

 

1 Response to "සිවුරක් තුල සැඟවුණ අළුගෝසුවා – බද්දේගම සමිත හිමි"

මේ කඩප්පුලිය මහන වුනාට උගෙ හැසිරීමෙ කිසි වෙනසක් වෙලා නෑනෙ. මට මතකයි මූ කැළනියෙ තිබ්බ රැස්වීමකට ආපු මැරයෙක්ට පුටුවකින් ගහල මැරුව. මුගෙ මූනත් අලුගෝසු පාට තමා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

lankeeya sithuwili

Install Sinhala Unicode to fully view this site

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

පරම පූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

අති පූජනීය නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේ

වඩ වඩා විශාල වීම සඳහා පින්තූරය මත නැවත නැවත Click කරන්න. උපරිම ලෙස විශාල වූ පසු බාගත (Download) කරන්න.

Join 693 other subscribers

පටුන

අනුක්‍රමණිකාව

28 බුදු වරුන් Personality Building අංගුත්තර නිකාය චතුස්ස නිපාතය අංගුත්තර නිකායේ ඒකක නිපාතය අංගුත්තර නිකායේ දුක නිපාතය අකප්පිය දස මාංශය අට මහා කුසල් අතීතයේ සුරාපානයෙන් නැසුනෝ අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර අන්තරාභව මිථ්‍යාව අභිධර්මය අභිධර්මය ඉගෙනීමේ හා නැතිවීමේ වෙනස අෂ්ට දුෂ්ඨක්ෂණය ආදීනව 6 ක් ඇති මද්‍ය පානය ආහාර ප්‍රත්‍යවේක්ෂා වාක්‍ය ආහාර වර්ග 4 උතුරු සළුව භාවිතාව උද්ඝටිතඥය-විපටිතඥය-නෙය්‍ය-පදපරම පුද්ගලයෝ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු භික්ෂූන් වහන්සේලා එකොළොස් මෙත්තානිසංස එදිනෙදා ජීවිතයේ උපරිම ධර්මයක් උකහා ගැනීමෙ පහසු ක්‍රම කුමන්ත්‍රණ කොසොල් රජු දුටු සිහින 16 කෝලම්කාර භික්ෂූන් වහන්සේලා ගිහි-පැවිදි ශීලය ජවන් සිත් 7 හි විපාක බලය ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය ත්‍රිවිධ සත්ත්ව විනාශය තිසරණය තෙමගුලේ සිංහ නාද ථේරවාද සම්ප්‍රදාය අනතුරේ දස අකුසල් කර්ම පථ දස වැදෑරුම් දුක්ඛයෝ ද්වේෂ මූල සිත් වල චෛතසික සම්ප්‍රයෝග දිවා රෑ පිං වැඩෙන පිංකම් දුක නිපාතය ධනය පිරිහෙන කරුණු 6 ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත නමස්කාරය නරකාදී සතර අපා නව අරහාදී බුදුගුණ නිර්වාන වර්ණනාව පංච බුද්ධ කෘත්‍ය ප්‍රාර්ථනා වාක්‍ය පාප මිත්‍ර ආශ්‍රයේ ආදීනව පුත්‍ර මාංශ උපමාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් පෞර්ෂ වර්ධනය බැලිය යුතුම පොත් වහන්සේලා බුද්ධ නීති බුදුන්ගේ බල ක්ෂේත්‍ර බුදු වීම බෝධි සත්වයන්ගේ අධිෂ්ඨාන බලයෙන් මෙම කප පුරා පවතින ප්‍රාතිහාර්ය සතර බෞද්ධයෙක් සංවේගය පහළ කර ගත යුතු ස්ථාන සතර මහමෙව්නා බෝධි ඥාන සභා ව්‍යවස්ථා මාලාව මහමෙව්නා සුනාමිය මහා සුපින ජාතක නිරූපනය මෛත්‍රී බුදු රජුන් යහපත් නොවන සතර දෙනා රතන සූත්‍ර දේශනාවෙ අනුහස් රත්නත්‍රය සමා කර ගැනීම ලස්සන වීමේ රහස ලොවට සුරාව පහල වූ හැටි වටිනා සදහම් වීඩියෝ ව්‍යාපාද කර්ම පථය සතර පොහොය සතර සංග්‍රහ වස්තු සත්පුරුෂයා හඳුනාගත හැකි ලක්ෂණ සදහම් උල්පත් YouTube නාලිකාව සප්ත ව්‍රත පද සැට නමක් සිවුරු හැර ගිය අග්ගික්ඛන්ධොපම දේශනාව සිව් පස ප්‍රත්‍යවේක්ෂාව සිව් බඹ විහරණ සුවාසූ දහසක් ධර්ම ස්කන්ධය හෙවත් බුදුවරු 84000

පසුගිය ධර්ම දාන

නවතම ප්‍රතිචාර

pasan බුදු ගුණ නවයේම සිංහල තේරුම්… පිළිබඳ
දයාරතන රත්නත්‍රයේ බලයෙන් දවසම මංගල්‍ය… පිළිබඳ
පිටපොල ගුගුණානන්ද හි… ආදීනව 6 ක් ඇති මද්‍ය පානයෙන් ස… පිළිබඳ
Dimuthu indrajith 28 බුදු රජාණන් වහන්සේලා… පිළිබඳ
ධර්මචාරී පිරිස සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
මුල්ගම්පොළ මෙත්තජි හ… සතර අපා සහ ඒවායේ වාසීන් පිළිබඳ
හැරල්ඩ් ගමගේ YouTube – බොරු මාර්ගඵල ල… පිළිබඳ
චාමනී මානවඩු රතන සූත්‍රය මෙතරම් බලසම්පන්න ව… පිළිබඳ
සසුනේ පැවැත්ම උදෙසා… YouTube – රහත් නම් නිතර… පිළිබඳ
Soma De Silva ගෞරවණීය බුද්ධ පුත්‍රයන් වහන්සේ… පිළිබඳ
Sandya Edirisinghe අති පූජණීය නාඋයන අරියධම්ම නාහි… පිළිබඳ
බුදු ගුණ නවයේම සිංහල… බුදුගුණ 9 සිංහලෙන් ඉතා සවිස්තර… පිළිබඳ
ප්‍රඥා භාවනාවට සරලව… සෝවාන් ඵලය – වටිනාකම… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ
ධර්මචාරී පිරිස සාසන අන්තර්ධානය සිදුවන ආකාර 5… පිළිබඳ

ජනප්‍රියම ලිපි

ප්‍රවර්ග වලාව

MP3 ධර්ම දේශනා (බෙදා හරින්න) අති පූජනීය නාඋයනේ අරියධම්ම හිමි පාණන් අසිරිමත් බුද්ධ චරිතය ඉස්ලාමිකයා හෙවත් අද බෞද්ධයාගේ පරම සතුරා කාලීන ලිපි ගාථා රත්නයෝ දැඩිසේ ප්‍රතික්ෂේප කලයුතු පිරිස් දූෂකයන් වහන්සේලා දි. මු. ජයරත්න දිවි හිමියෙන් ප්‍රතික්ෂේප කලයුතු පාපී අබෞද්ධයෝ ධර්ම පත්‍රිකා (බෙදා හරින්න) ධර්ම ප්‍රශ්ණ හා පිළිතුරු ධර්මසංවේගයෙන් යුතුව නුසුදුසු භික්ෂූන් ප්‍රතික්ෂේපය නම් නොකල ජාතික වීරවරයෝ නිරූපන නොකල යුතු පව්කම් පින්කම් පිරිත් සජ්ඣායනා පිරිසිඳු ධර්ම පොත් පූජණීය ගලගොඩඅත්තේ ඤණසාර හිමි පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද හිමි බොදුනුවා විසින් බලගැන්වියයුතු සංවිධාන බොදුබල සේනා පූජණීය හිමිවරු භාවනා සජ්ඣායනා මුස්ලිම් ලබ්ධිකයන් සියල්ල වන්දනීය අති උතුම් මහා සංඝ රත්නය විද්‍යුත් පොත් (E-Books) විරෝධය පෑයුතු බොදු විරෝධී පවිටු ක්‍රියා සසුන නැසීමේ සිංහල අබෞද්ධ කුමණ්ත්‍රණ සසුනේ වත්මන් ඉරණම

තවම ප්‍රයෝජන ලැබුවේ

  • 650,736 ක් පමණයි

දස දෙසින් සදහම් රසයට එක්වන්නෝ