Posts Tagged ‘විචිකිච්ඡා චෛතිසිකය හා එහි සම්ප්‍රයෝග’
ශරීරයට සැප දීම දිවියේ අරුත සේ ගත් අයගේ මනස හඳුනාගනිමු! ඔවුන් මෙන් සසරේ පරාජිතයන් නොවෙමු!
Posted ජූනි 13, 2011
on:Click here to Read Full screen or Download this Sinhala article in PDF format
අද ලෝකයේ බහුතරයක් දෙනා ශරීරයට සැප දීම දිවියේ අරුත සේ ගත් අයගේ තත්වයේ සිටින්නෝය. එබැවින් ඔවුන්ගේ මනස තේරුම් ගැනීම කාටත් ප්‍රයෝජනවත් වනු ඇත. මනස යනු අති සංකීර්ණ ධර්මතාවයකි. ලොව්තුරා බුදු පියාණන් වහන්සේ නමක් හැරුණු විට අන් කිසිවෙකුට එය සම්පූර්ණයෙන් විස්තර කර පැහැදිලි කල නොහැක. අති ඝාම්භීර අභිධර්මය මෙවන් අයගේ සිත් ඉතා පැහැදිලිව විස්තර කර ඇත. පරම පූජනීය රේරුකානේ චන්දවිමල මාහිමි පානන් නොවන්නට අපිට සරල සිංහලෙන් මෙය තේරුම් ගැනීමට හෝ ඉදිරිපත් කිරීමට නොහැකි වන බව අපගේ අවංක අදහසයි.
අපි ඉදිරිපත් කරන්නේ එම උතුමාගේ රසවත් ධර්ම ග්රන්ථයන් වන “අභිධර්ම මාර්ගය” හා “අභිධර්මයේ මූලික කරුණු” පොත් වහන්සේලා තුල අඬංගු කරුණු ඇසුරෙන් ඉතා සැකෙවින් සකස්කල විස්තරයකි. වැඩි විස්තර ඔබට එම පොත් වහන්සේලා ඇසුරු කිරීමෙන් ලද හැකිය.
පරමාර්ථ ධර්ම වශයෙන් එකක් ලෙස සැලකුවද, අපගේ සිත අකාර 89 කට බෙදූ විට පමණක් එය තේරුම් ගත හැකි තත්වයකට පත්වේ.
අපගේ සිත හා ඇමිණෙන චෛතසික පරමාර්ථ ධර්ම 52 ක් ඇත. එයින් ඒකාන්ත අකුසල චෛතිසිකයක් වන විචිකිච්ඡාව යනු බුද්ධාදී අට තැනක් පිළිබඳ සැකය ලෙසද හැන්දින්විය හැක. ඒවා 8 මෙසේයි
1. බුදුන් වහන්සේ පිළිබඳ සැක
2. ශ්‍රී සද්ධර්මය පිළිබඳ සැක
3. ආර්ය සංඝ රත්නය පිළිබඳ සැක
4. ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රී ශික්ෂාව පිළිබඳ සැක
5. පෙර භවයන් ගැන පිළිබඳ සැක
6. පසු භවයන් ගැන පිළිබඳ සැක
7. පෙර පසු භවයන් දෙකම පිළිබඳ සැක
8. දොලොස් පද පටිච්ඡ සමුප්පාදය පිළිබඳ සැක
මුලින්ම සඳහන් කල සිතේ බෙදීම් 89 අතරින් එකම එක සිතක් සමඟ පමණක් ඉහත විචිකිච්ඡා චෛතිසිකය ඇමිණේ. එබැවින් එය සෑම අතින්ම තේරුම් ගැනීමට පහසුම චෛතිසිකය ලෙස සඳහන් කල හැක. සම්ප්‍රයෝග වශයෙන් එකම සිතකට පමණක් ඇමිණෙන එකම චෛතිසිකයද එයයි. ඊලඟට අඩුම සිත් ගණනකට ඇමිණෙන්නේ දෝස හෙවත් ද්වේශ චෛතිසිකයයි එය අපි කලින් ලිපියක සවිස්තරව පෙන්වා දුන් සිත් 2ක් පමණි. එබැවින් ද්වේශ මූල අකුසල් වලක්වා ගැනීම ඔබ සිතන තරම් අපහසු දෙයක් නොවේ, සිත් 2ක් ඉපදීම වළක්වාගැනීමෙන්, අවම කිරීමෙන් ඔබට එක් අකුසල මූලයක් වන ද්වේශය සම්පූර්ණයෙන් පාලනය කල හැක. එය ධර්මයේ හැසිරෙන්නාට මහත්ම සහනයට කාරණයකි.
නැවත අපගේ ප්‍රධාන මාතෘකාවට පැමිණෙමු. විචිකිච්ඡා චෛතිසිකය ඇමිණෙන්නේ මෝහ අකුසල් මූලයට සම්බන්ධ සිත් දෙකෙන් එකකටය. බලන්න
වාසනාවකට මෝහමූල සිත් දුබල බැවින් එවායින් ලෝභමූල දෝසමූල සිත්වලින් මෙන් සතර අපා උප්පත්ති ආදී බරපතල විපාක ඇති නොවේ. එනමුත් විචිකිච්ඡාව ඇමුණුන සිත ඇති තැනැත්තාගේ සිත නැමෙන්නේ පස්කම් සැපයට පමණි. කුශලයට සිත නොනැමේ. එම සිත සහිතව කුශල් කලද එය බලවත් කුශලයක් නොවීම මෙම පුද්ගලයන්ට සසරේදී වන මහත්ම පාඩුවයි. ඔබට මෙම ආකාරයේ පුද්ගලයන් මුණ ගැසී ඇතුවාට සැක නැත. සමහරවිට ඔබම එම ඝනයේ පුද්ගලයෙක් විය හැක. එසේනම් ඉහත කරුණු 8 සම්බන්ධව ඔබගේ හෝ එම පුද්ගලයන්ගේ ආකල්ප මොනවාදැයි හොඳින් සිහි කර බලන්න. ධර්මයේ ඇති නිරවද්‍ය බව ඔබට අත්දැකීමෙන්ම, ඇස් පනාපිට දැක ගැනීමට හැකි වනවාට කිසිදු සැකයක් නැත.
මෙහි සඳහන් සිත් හා චෛතිසික පිළිබඳ තවත් විචිත්‍ර විස්තර ඉහත පොත් වහන්සේලා තුලින් ඔබට සොයා ගත හැක.
මෙසේ සැප සෙවීම තුළින් එම පුද්ගලයන් උපදවා ගැනීමට තැත් කරන සිත් වර්ග පහ අපි කවුත් දන්නා රූප දැකීම, ශබ්ද ඇසීම, ගන්ධ දැනීම, රස විඳීම, ස්පර්ශ විඳීම ආදියට අදාල සිත් පහ වන
1. චක්ෂු විඥාන සිත
2. ස්‍රෝත විඥාන සිත
3. ඝ්‍රාණ විඥාන සිත
4. ජිව්හා විඥාන සිත
5. කාය විඥාන සිත
යන පහ වේ. මේවා කිසිවෙකුත් කුසල් අකුසල් ඵල ගෙන දීමට අසමත් විපාක සිත් ලෙස හැඳින්වෙන අතර චෛතිසික ඇමිණීම පැත්තෙන් සැලකූ විට, අඩුම චෛතිසික ගණනක් හෙවත් 7 ක් පමණක් සම්බන්ධ වන මේවා බොහෝම බාල වර්ගයේ සිත් පහක් පමණි. මදක් සිතා බලන්න ලෝකයා ඕනෑම වියදමක් කර පංච කාම අරමුණු සපයාගැනීම තුලින් උපදවා ගැනීමට පෙළඹෙන සිත් කීපයේ යථාර්තය මෙයයි. අතිශයින් කණගාටුදායකයි නේද? මේවා ඉපදීම සම්බන්ධයෙන් අපට තෝරා ගැනීමක්ද නොමැත, මන්ද රූපයක් ගැටුන සැනින් චක්ෂු විඥානය යනාදී වශයෙන් ඉහත සියළු සිත් ඒ ඒ අදාල අරමුණ හමුවේඉබේම ඉපදෙන බැවිනි.මීට අමතරව කෙලින්ම අපගේ මනෝ ද්වාරයේ ගැටෙන අරමුණු වෙනුවෙන් මනෝ විඥානය පහල වීමද සිදුවේ. එවිට සියළු විඥාන ධාතු සංඛ්‍යාව 6 ක් වේ
අවාසනාවන්ත ලෙස පංච කාම සම්පත්තියෙන් වල්මත් වූවන් නොවීමට නම් අපි මෙම සිත් තේරුම් ගැනීමට, එවායේ යථා ස්වරූපය විනිවිද දැකීමට සමත් විය යුතුය. මේ සඳහා අපිට උපකාරී වන ඉතාම රසවත් භාවනා වාක්‍ය 6 ක් පූජනීය තෙලිකඩ ධම්මිස්සර හිමිපානන්, උන්වහන්සේට අවේනික ගායනා ස්වරූපයෙන් ඉදිරිපත් කර ඇත. මතකයට ඉතා පහසු වීම මෙම ගායනා ස්වරූපයේ ඇති වාසියයි.
පරම පූජනීය රේරුකානේ චන්දවිමල මාහිමි පානන් ගේ අතිශය වටිනා පොත් වහන්සේ කෙනෙක් වන, “විදර්ශනා භාවනා ක්‍රමය” නම් පොතේ ආරම්භක විදර්ශනා භාවනාවක් ලෙස සපයා ඇත්තේද මෙම භාවනා සමූහයමය. සවන්දෙමින් පුරුදු වෙන අතරම බෞද්ධයන් වශයෙන් මේවා පුරුදු පුහුණු වීම කෙතරම් වටින්නේදැයි තේරුම් ගැනීමට නම් ඔබ එම පොත් වහන්සේ බැලිය යුතුමය.
නවතම ප්‍රතිචාර