Posts Tagged ‘නමස්කාරය’
- In: නමස්කාරය | පින්කම්
- 5 Comments
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
කලින් ලිපියේදී ප්‍රාර්ථනා වාක්‍ය අපි ඔබට ඉදිරිපත් කලෙමු. තුන්වන පියවර ඉදිරිපත් කිරීමට පෙර, ප්‍රාර්ථනා වාක්‍ය හි සඳහන් සියල්ල අපි තෙරුම් ගැනීමට උත්සාහ කරමු. එහිදී අපි, කුසල බලයෙන් මග හැර ගැනීමට ප්‍රර්ථනා කරන්නා වූ අනාගත සසරේ අති බියකරු කාරණා පහත පරිදි වේ.
1. ත්‍රිවිධ සත්ත්ව විනාශය: සත්ත්ව විනාශය සිදුවන ආකාර තුනක් ධර්මයේ සඳහන් වේ
i. අවි ආයුධ වලින් – මිනිස් ප්‍රජාවගේ ද්වේෂය පුපුරා හැලෙන තත්වයට උත්සන්න වීමෙන් මෙම විනාශය සිදුවේ. මිය යන මොහොතේ ඇතිවන ද්වේෂ කෙළෙස් මූල චිත්තය මිය යන බොහෝමයකට නැවත දුගති උප්පත්තිම ලබා දේ
ii. දුර්භික්ෂ වලින් – ආහාර පාන දුර්ලභ වීමෙන් සත්වයෝ බඩගින්නෙන්ම විශාල ලෙස මියයයි. මිය යන මොහොතේ කෑම කෙරෙහි ලෝබ සිතින් මියයාම නිසා බොහෝ දෙනෙක්ට නැවත ප්‍රේත උප්පතිම ලැබේ
iii. රෝග වලින් – විවිධ ලෙඩ රෝග , වසංගත පැතිරීමෙන් සත්ත්ව විනාශය සිදුවේ. මිය යන මොහොතේ සමහරෙක් “වෙන කිසි සතෙක් මෙසේ දුක් නොවිදීවා” යනුවෙන් පතමින් කරුණා විහරණයෙන් මිය ගොස් සුගති ගාමී වේ.
2. නරකාදී සතර අපා උප්පත්තීන්: එක් ලෝක ධාතුවකට අයත් භූමි තල 31 ඇත. මෙයින් භූමි තල 4ක් දුක් අධික බැවින් සතර අපා හෙවත් දුගති ලෝක ලෙස හැඳින්වේ. එවා පහත පරිදි වේ.
i. ප්‍රේත අපාය – මුලු ආත්ම භාවයම බඩගින්නේ සිටිය යුතු බැවින් මෙසේ හැඳින්වේ
ii. අසුර අපාය – මුලු විපාක කාලයම එකිනෙකා නැවත නැවත කපා කොටා ගනිමින් වැනසෙන ලොවකි
iii. තිරිසන් අපාය – අප කාටත් දැක ගැනීමට ඇති තිරිසන් ගත ජීවීන් මෙම අපායේ විපාක ගෙවන්නවුන් වේ.
iv. නරකාදිය (නිරය) – අති බියකරුම දුගතියයි. අට මහා නරකය නමින් තට්ටු අටකට ප්‍රධාන නරකාදීන්ද, එම සෑම ප්‍රධාන නරකයක්ම වටා පරිවාර ඔසුපත් නරක 16 බැගින්ද සිටින සේ, මුලු සංඛ්‍යාව 136 ක් වූ සියලුම නරකයන් මෙයට අයත් වේ.
ඉහත 31 භූමි තලයම ඔබට මෙතැනින් වර්ණ නිරූපණයක් ලෙස දැක ගත හැක.
3. පංච විධ අන්තරාව: අපගේ කලින් ලිපිය බලන්න.
4. අෂ්ට දුෂ්ඨක්ෂණය:
i. නරකාදිය (නිරය) – ඉහත අංක 2 බලන්න
ii. තිරිසන් අපාය – ඉහත අංක 2 බලන්න
iii. ප්‍රේත අපාය – ඉහත අංක 2 බලන්න
iv. අසඤ්ඤසත්තය /අරූප තලය : අසඤ්ඤසත්තය 31 භූමි තල නිරූපණයේ 22 වන තලයයි. කය මිස හිත නැති රූප ශරීරය පමණක් විපාක කාලය අවසන් වනතෙක් මෙහි පහළ වී පවතී. නිර්වාණය අරමුණු කිරීමට සිතක් නැති බැවින් මෙහිදී නිවන් දැකිය හැකි නොවේ. අරූප තලය යනු එම නිරූපණයේම 28 සිට 31 දක්වා භූමි තලයි. මේවායේ රූප ශරීරයක් නොපවතී. ඇත්තේ සිත පමණි. මාර්ග ඵලයක් නොලැබූවෙක් මෙම තලයක ලෞකික ධ්‍යාන වල උපකාරයෙන් ප්රතිසන්ධි ගතහොත්, මනු ලොව වරින් වර බුදුන් දහසක් පහල වුවත් දැන ගැනීමට ක්‍රමයක් නැත. මහා කල්ප 20 දහසේ සිට 84 දහස් කල් සසරේ සිර වීමට සිදුවනු ඇත.
v. ප්‍රත්‍යන්ත දේශ: ත්‍රිවිධ රත්නය නොමැති දේශ මේ නමින් හැඳින්වේ. කොතරම් ලෞකික සම්පත් ඇතුව ඉපදුනත් නිවන් යන වචන මාත්‍රයවත් අසන්නට නැති මහා අවාසනාවන්තයෝ වෙති.
vi. අහේතුක/ද්වීහේතුක උප්පත්ති: මේවා මොනවාදැයි, පංච විධ අන්තරාව හි විපාක අන්තරාය යටතේ විස්තර කර ඇත. ඉහත අංක 3 ඔස්සේ සොයා ගන්න
vii.මිථ්‍යාදෘෂ්ටිය: පංච විධ අන්තරාව හි ක්ලේශාන්තරාය යටතේ විස්තර කර ඇත. ඉහත අංක 3 ඔස්සේ සොයා ගන්න
viii. අබුද්ධෝත්පාද කාල: බුදු වරුන් ලොව සෑම කල්හීම පහළ නොවේ. පහළ වීම ඉතාම දුර්ලබ මංගල කරුණකි. බුදු වරුන් පහළ නොවන ශුන්‍ය කල්ප වලදී නිවන් යන වචන මාත්‍රයවත් අසන්නට නොලැබේ.
ඉහත තේරුම සහිත ප්‍රාර්ථනා වාක්‍ය කීමෙන් පසු, අප කෙරෙහි අනන්ත කරුණාවෙන් 28 බුදුවරුන්ගෙන් අඩුම මනුලොව ආයු පිළිගනිමින් ලොව පහළ වී සූ විසි අසංඛ්‍ය නව කෝටි හැට ලක්ෂයක් දෙනා සිය ජීවිත කාලයේදී පමණක් සසරෙන් මුදවා අනන්ත ලෙස ප්‍රනීත නිර්වාන ධාතුව ලඟා කර දුන්, ලොව්තුරා බුදු පියාණන් වහන්සේ ගේ ගුණ සිහිකරමින් නමස්කාරය තුන් වාරයක් කියන්න.
ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!
දෙවනුවද තුන්වනුවද, මාගේ නමස්කාරය වේවා!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස!!
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස!!!
ලොව්තුරා බුදු පියාණන් වහන්සේ කෙරේ ඔබගේ ශ්‍රද්ධාව දියුණු කර ගැනීම පිණිස පහත ධර්ම පත්‍රිකා නොවරදවා කියවන්න.
28 බුදු රජාණන් වහන්සේලා ගැන දැන ගන්න. අප ගෞතම බුදු පියාණන් ගේ ආයු කාලය හා සසඳන්න මෙතැනින්
අප ගෞතම බුදු පියාණන් වහන්සේ බුදු වූ ආකාරය දැන ගන්න මෙතැනින්
තුන් ලෝකයටම හිත සුව පිණිස අප ගෞතම බුදු පියාණන් වහන්සේ 45 වසරක් වූ බුද්ධ ජීවිතයේදී දිනකට සැතපීම සඳහා වෙන් කලේ පැය 1 කුත් විනාඩි 20ක් (අළුයම 3:20 සිට 4:40 දක්වා) පමණි. විස්තර දැනගන්න මෙතැනින්.
නවතම ප්‍රතිචාර