Posts Tagged ‘ධාතුමනසිකාර භාවනා විද්‍යුත් පොත’
ප්‍රඥා භාවනාවට සරලව උපදෙස් බුදු බව පතන උතුමෙක් වෙතින් – විද්‍යුත් පොතක් ලෙස
Posted අප්‍රේල් 1, 2011
on:Click here to Read Full screen or Download this Sinhala article in PDF format
ශරීරයේ සියලු ධාතු කොටස් වර්ණ නිරූපන යටතේ අප විසින් ඔබට ඉදිරිපත් කරන ලද්දේ බුදු පියාණන් වහන්සේ විසින් තමාගේ උසස්ම ප්‍රඥාවන්තයන්ට පිළිපැදීමට නියම කරන ලද, කායගතාසති භාවනාවට උපකාරක ද්වා චත්තාලීසාකාරය (42) ලෙසද හඳුන්වන ශරීරයේ ධාතු කොටස් 42, ඒවාට අදාල උපමා හා උපදින හේතු සියල්ලයි. ධර්මයේ පංචස්කන්ධයටම , ඉතා අරුත්බර උපමා, බුදු පියාණන් වහන්සේ විසින් වෙන වෙනම සපයා ඇත. එයින් අපගේ මෙම රූප කය අයත්වන රූප උපාදාන ස්කන්ධය උපමා කර ඇත්තේ පෙණ පිඩකටයි. එය ඔබට හොඳින් මතක තබාගැනීම පිණිස මෙම පොතේ පිට කවරය නිර්මාණය කර ඇත.
එම භාවනාව කිරීමේ ආනිසංස සපයා ඇති වි. පොතේ (E-Book) දැක්වෙන්නේ මෙලෙසයි.
විදර්ශනා භාවනාව නිවනට ඇති කෙටිම මගයි. සමථ භාවනාවෙන් පටන් ගත යුතුමයි කියා නියමයක් ද නැත. එය පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමි පැහැදිලි කරන්නේ මෙලෙසයි.
මෙම වි. පොත හා නිරූපන උපරිමයෙන් උපයෝගී කරගෙන, ඔබට මේ භවයේදීම මාර්ග ඵල ලඟා කර ගැනීමේ වාසනාව ඇතිදැයි අත්හදා බලන්න. මාර්ග ඵල ලාභියා වනාහී කිසිවිට මරණයට බිය වන්නෙක් නොවේ. මක් නිසාද? එම උතුමෝ කිසිවිට ඉදිරියේ දුගති උප්පත්ති නොලබන බැවිනි. මිය යන විට නියත ගති සහිතව මිය ගියා වන්නේ එවන් උතුමන් පමණි. සෝවාන් ඵලයේ පමණක් වටිනාකම අප විසින් කලින් ඉදිරිපත් කරන ලදි. එය අසා, කියවා බලා, මෙම දුර්ලභ මිනිස් භවය උපරිම ඵලදායීතාවයට පත් කර ගැනීමට අදම වෙහෙස වීමට පටන් ගන්න.
නවතම ප්‍රතිචාර