Posts Tagged ‘කුමන්ත්‍රණ’
ඝෝර අපායෙන් බේරෙන්න, අවාසනාවන්ත කිරිබත්ගොඩ හිමියෝ හා සෙසු කඳ පණුවෝ හඳුනාගන්න.
Posted නොවැම්බර් 10, 2011
on:Click here to Read Full screen or Download this Sinhala article in PDF format
(The E-Book Link available in this post does not work, download PDF from above link and follow the E-book link in it)
(හඳුනා නොගත් හේතුවක් නිසා මෙම ලිපියේ E-book යොමුව අක්‍රීයයි, කරුණාකර ඉහත PDF ගොනුවේ ඇතුලත් E-book යොමුවෙන් පොත ලබා ගන්න. සියල්ලන්ට බෙදා හරින්න.)
බුදු දහමට එරෙහි හිමිවරුන් සහමුලින් ප්‍රතික්ෂේප කිරීම බුදුන් දෙසූ බණයි. එය කිරීමට බෞද්ධයා පැකිලේ නම් අනාගතයට සසුනක් ඉතිරි නොවනු ඇත. තවද එම පසුබෑම නම් බුදු වදනට එරෙහි වීමයි. නිවන් පතන ඔබ බුදු වදනට එරෙහි වීමට කැමතිද?
වසර 2600ක් බුදු සමය සැදැහැවත් බෞද්ධයාගේ ආරක්ෂාවේ පැවතුනද, වර්තමානයේ අති සියුම් උපක්‍රම යොදමින්, සිංහල බෞද්ධයාගේම මුදල් හරහා සාශන විනාශය සිදුකරන චීවර ධාරීන්ද, ගිහි කෝලමුන්ද දිනෙන් දින බලවත් වේ. ඒවා ඉතා හොඳින් හෙළි කරමින් ලියූ මේ පොතේ, කිරිබත්ගොඩ හිමියෝ විසින් නොමඟ යැවූ අවාසනාවන්ත අසරණයන් නොදත් එතුමාගේ “විශිෂ්ඨත්වය” සවිස්තරව හෙළි වී තිබේ.
පොත ලිවීමෙන් ජාතිය ආගම දෙකම බේරා ගැනීමට උත්සාහ ගත් අති පූජනීය බෙංගමුවේ නාලක හිමිපානන්ට අපගේ උත්තමාංග නමස්කාරය. බුදු සමය සියළු කඳ පණුවන්ගෙන් බේරා ගැනීමට තව තවත් ශක්තිය බලය ලැබේවා!. මේ පින් බලෙන්ම ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් සුවසේ චතු සත්‍ය අවබෝධ කරත්වා!
සැදැහැවත් සියල්ලෝ, තම තමාගෙන් තමා ඵල ලබනබුදු සමයට විය යුතු සේවය ඉටු කරත්වා! හැකි සියල්ලෝම පොත මිළදී ගෙන සියල්ලන්ටම බෙදාධර්ම දානය කර ගනිත්වා! ශාසනය කඳ පණුවන්ගෙන් රැක ගැනීමට උපරිමයෙන් උර දෙත්වා!
පහත යොමුවෙන් සම්පූර්ණ පොත බාගත කරගත හැක
බුදු සසුන වනසන කඳ පණුවෝ E-Book
Click here to Read Full screen or Download this Sinhala article in PDF format
දුඹුරු පැහැ සිවුරක් පැළඳි පමණින් වත්, බුද්ධ පුත්‍රයෙක් සේ මවා පෑ පමණින් වත් කිසිවෙකුටත් බුදු දහමේ පරම ගාම්භීරත්වය වන ත්‍රිපිටකයේ අංශුමාත්රයකුදු ප්‍රතික්ෂේප කිරීමට බලපත්‍රයක් අමා මෑණී බුදු පියාණන් වහන්සේ විසින් සිය පුත්‍රයන් වහන්සේලාට දී නොමැත. බුද්ධ දේශනය නම් එවන් කුමණ්ත්‍රණකාරී භික්ෂූන් වහන්සේලා බුද්ධ ශ්‍රාවකයන් විසින් ධර්මානුකූලව ප්‍රතික්ෂේප කරමින් සසරේ සිය ආරක්ෂාව සලසාගත යුතු බවයි. පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන් (හෙවත් සෝවාන් වීම පිණිස අපවත් වී අළුතින් ඉපදුන සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ) , තවත් කෝලම්කාර භික්ෂූන් වහන්සේලා මේ කියනලද ප්‍රතික්ෂේප කලයුතු වර්ගයේ අති භයංකාර භික්ෂූන් වහන්සේ නමවල් වන ආකාරය හා විවිධ විද්‍යුත් මාධ්‍ය අප බුදුදහමට කරන විනාශ, කුමණ්ත්‍රන පූජ්‍ය හෑගොඩ විපස්සී හිමිපාණන් කරන විග්රහයන් බෞද්ධ අපි සැවොම නරඹා වහාම දැනුවත් විය යුතුම කාලයකි මේ.
වගකිවයුතු, මහානායක ආදී විවිධ තානාන්තර ලැබූ භික්ෂූන් වහන්සේලා කිසිවෙකුවත් කිරීමට නිර්භය නොවන, අදහාගැනීමටත් නොහැකි මහා ධර්ම සංහාර පර්යේෂණ තුලින් සොයා අපිට හෙළි කරන, මෑත කාලයේ සෝම හිමිපාණන් කෙනෙක් මෙන් වූ මේ උතුමානන් වහන්සේට අපට හැකි සියළු උපකාරයන් කරමු. රත්මලාන ධර්ම පර්යේෂණාල වාසී පූජ්‍ය හෑගොඩ විපස්සී හිමිපාණන් සියළු පහසු විහරණයන් සලසා රැක ගනිමු.
ධර්මය විකෘති කිරීම 01 – පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ නිර්ලජ්ජී ධර්ම සංහාර
ධර්මය විකෘති කිරීම් 02 – තමාම අනුබුදු යැයි කියාගන්නා, තමන් රහත් යැයි සිතා ගත් පූජ්‍ය කිරිබත්ගොඩ ඤානානන්ද ස්වාමීන් වහන්සේගේ මිහිදු මහ රහතන් වහන්සේ සංහාරය. නිවන්පුරයේ සිට අද දිනත් පෙම් පත් ලියන නිවන් නොලැබූ අරුම පුදුම රහතන් වහන්සේලා.
ධර්මය විකෘති කිරීම් 03 – පූජ්‍ය පිටිදූවේ සිරිධම්ම හිමිපාණන්, තවත් කෝලම්කාර භික්ෂූන් වහන්සේලා, විවිධ විද්‍යුත් මාධ්‍ය අප බුදුදහමට කරන විනාශ, කුමන්ත්‍රණ
http://youtu.be/IivjAMxdUHM
නවතම ප්‍රතිචාර